යූතනේසියාව හෙවත් අනායාස මරණය මතභේදකාරී මාතෘකාවකි. දැනට ලෝකයේ ඕලන්දය සහ බෙල්ජියම යන රටවලද එක්සත් ජනපදයේ ඔරෙගන් ප්‍රාන්තයේද යූතනේසියාව නීති ගත කොට තිබේ.
වෛද්‍යවරයෙකුට රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට විනා ජීවිත නැති කිරීමේ අයිතියක් නැත. සමහර විට රෝගීන් ගේ විඳවීම දකින විට රෝගියා මිය ගියේ නම් යෙහෙකි යන සිතුවිල්ල බොහෝ වෛද්‍යවරු තුල ඇතිවේ. එහෙත් ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගීම නීති විරෝධී වනවා පමණක් නොව වෛද්‍ය ආචාර ධර්ම වලටද පටහැනි වේ.
වෛද්‍යවරු විසින් රෝගීන් රහසේ ඝාතනය කරන ලද අවස්ථා ලෝකයේ නන් දෙසින් වාර්තා වී තිබේ. සමහරක් විට මේ ඝාතන රෝගියා කෙරෙහි අනුකම්පාවෙන් කරන ලද ඝාතන වෙයි.
ඩොක්ට ජැක් කවෝකියන් නොහොත් ඩොක්ට ඩෙත් රෝගීන් ගේ යූතනේසියා අයිතිවාසිකම පිලිබඳව සක්‍රිය වූ අයෙකි. ඔහු විසින් රෝගීන් 130 කට අධික ප්‍රමාණයකට මිය යාමට උපකාරී වී තිබේ. මේ නිසා ඔහුව නීතිය ඉදිරියටද ගෙන යන ලදි.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ හැරල්ඩ් ෂිප්මන් හෙරොයින් අධි මාත්‍රාවන් දී රෝහල් ගතවී සිටි මහළු රෝගීන් මරා දැමීමට පුරුදුව සිටියේය. පසුව ඔහු අත් අඩංගුවට පත් විය.
ලංකාවේ රෝහල් වල සේවය කරන විට දැඩි සත්කාර ඒකක වල සමහර විට සිතාමතා නොවූවද අනායාස මරණයන් සිදු වනු මම දුටුවෙමි. උදාහරණයක් ලෙස මම එක් සිද්ධියක් සඳහන් කරමි.
වරක් වාට්ටුවකින් ඩෙංගු රෝගය වැළඳුණු රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට එවන ලදි. දැඩි සත්කාර ඒකකයේ තිබුනේ ඇඳන් හතරකි. මේ ඇඳන් හතරේම රෝගීන් සිටියහ. නමුත් ඩෙංගු රෝගය වැළඳුණු රෝගියා ගේ තත්වය බරපතල නිසා මෝටර් රථ අණතුරක් නිසා බරපතල තුවාල ලැබී දැඩි සත්කාරයේ දින හතරක් පමණ සිටි රෝගියෙකු බට වලින් ඉවත් කොට සාමාන්‍ය ඇඳකට දමා ඔහු සිටි ඇඳ ඩෙංගු රෝගියාට දෙන ලදි. පසු දින මෝටර් රථ අණතුරක් නිසා බරපතල තුවාල ලැබ රෝගියා මිය ගියේය.
මේ රෝගියා මිය යාමට ඔහුව දැඩි සත්කාර ඇඳෙන් ඉවත් කිරීමත් හේතු කාරක වූයේද කියා මම සිතුවෙමි. එය එසේ නම් රෝගියාගේ ජීවිතය හා මරණය ගැන තීරණය කිරීමට දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයාට බලයක් තිබේ.
මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු
කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත
ලංකාවේ එක්තරා රෝහලක ළදරු ඒකකයක සේවය කල වෛද්‍යවරයෙකු කියූ කතාවක් මට තවමත් මතකය. ඔහු කී පරිදි දරුණු උපත් සංකූලතා තිබූ අළුත උපන් බිළිඳුන් දෙමාපියනට සහ සමාජයට බරක් නොවීම සඳහා ඔවුන්ට සපයන ඔක්සිජන් නවතා මේ බිළිඳුන් අනියම් ලෙසින් මරා දැමීම ඔහු විසින් කරන ලදි.
ඔහුගේ ප්‍රකාශය මා තුල බරපතල වෛද්‍ය ආචාර ධර්ම උභතෝකෝටිකයක් ඇති කලේය . මේ ප්‍රකාශය ඔහු කරන්නේ 1998 වැනි කාලයකය. මේ වෛද්‍යවරයා වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමක් මෙන්ම අකුසලයක්ද කර ගන්නා බව මගේ සිත හඞ නගා කීවේය. මේ වෛද්‍යවරයා දැන් පිටරටක සේවය කරයි. මා ඔහුට වසර බොහෝ ගනනකින් කතා කොට නැත.
මෙම කතාව බුදු දහම ගැන ගැඹුරින් දන්නා ඥාතියෙකුට කී විට ඔහු මට ධර්ම කථා වස්තුවක් කිව්වේය. මේ කතාවට යූතනේසියාවද ඇසුරු කර ගත හැකිය.
වරක් එක් මිනිසෙක් තමන් විසින් කරන ලද වරදක් නිසා උළ තබා තිබුනේය. මේ මිනිසා ඉතා සෙමෙන් සෙමෙන් මරණයට ලඟා වෙමින් වචනයෙන් කිව නොහැකි ඉතා දරුණු වධයක් විඳිමින් සිටියේය. මේ අවාසනාවන්ත මිනිසා ඉතා ඉක්මනින් මරණය ඉල්ලා ආයාචනා කලේය. ඒ අතර ඔහුගේ පෙර ආත්මයක සහෝදරයෙකු වූ දේවතාවෙක් පැමිණ මිය නොයව හැකි තාක් වේලාවක් ජීවිතය දරාගෙන සිටුව කියා ඔහුට කීවේය.
මේ අනේක වධයට ලක්වී තිබෙන තැනැත්තාට තව බොහෝ වේලාවක් යන තෙක් ජීවිතය අල්ලාගෙන සිටීමට කියන්නේ මන්ද ? කියා වටවී සිටි මිනිසුන් ඇසුවෝය. එවිට දේවතාවා කීවේ මෙයයි. මොහු මරණින් වහාම නිරයේ උපදින්නේය. නිරයේ මොහු විඳිය යුතු වේදනාව මේ උළ තියා සිටියදී විඳින වේදනාවට වඩා සිය දහස් ගුණයකි. එම නිසා ඔහු හැකි තාක් දුරට නොමැරී සිටිය යුතුය.
උතුරු ඇමරිකාවේ වෘද්ධ රෝගීන් ගේ ඇඳ ඉහපත් වල සමහර විට ඟාතීන් ගේ ඉල්ලීම පරිදි (DNR) Do not resuscitate කියා ලියා තිබේ.එවැනි රෝගීන් ගේ හෘධය නැවතුනු විට හෘධ සම්බාහනය කොට හෝ වෙනත් ක්‍රම මගින් හෘධය පණ ගැන්වීම තහනම් ය. එකී රෝගීන් රෝහල් කාර්‍යමණ්ඩල අභියසදී මිය යති.
සමහරක් විට මරණයට ලංවී ටර්මිනල් අවස්ථාවේ සිටින බවට නිර්ණය කරන ලද රෝගීන්ට සපයන දියරමය ආහාර නවත්වා දමති. මෙවැනි රෝගීන් සමහරක් විට මිය යන්නේ හාමත නිසාය. වරක් එක් කැනේඩියානු කාන්තාවක් පැවසුවේ රෝහලේදී ඇයගේ මිත්තනිය නිරාහාරව මරණයට පත් වූ බවයි. ඇය කී පරිදි ආහාර නොමැතිව දින ගනනාවක් සිටි මිත්තනියගේ දෑස් වල කඳුළු ඇය දුටුවාය. එහෙත් වෛද්‍ය උපදෙස් පරිදි සියළු ඖෂධ සහ දියරමය ආහාර නවතා දමා තිබුනි. මේ නිසා තම මිත්තනිය ඉතා වේදනාකාරී ලෙස සෙමෙන් සෙමෙන් මරණය කරා ගිය බව ඇය විශ්වාස කරන්නීය.
සමහර වෛද්‍යවරු යූතනේසියාව ගැන මත පළ කරති. සුව කල නොහැකි රෝග වලින් පෙලෙන ඉතා වද වේදනා විඳින රෝගීන්ට වේදනාවකින් තොරව මිය යාමේ නිදහස තිබිය යුතු බව ඔවුන් පෙන්වා දෙති. තමන්ට මිය යාමට අවසර දෙනු කියා සමහර රෝගීන් ආණ්ඩු හමුවේ නඩුද පවරා තිබේ.
යූතනේසියාව නීති ගත කල යුතුද ? එය රෝගීන් ගේ අයිතිවාසීකමක් ද ? මේ ප්‍රශ්න තවමත් විවාදයට ලක් වේ. යූතනේසියාව හෙවත් අනායාස මරණය නිසා ඕලන්දයේ දැඩිව රෝගී තත්වයට පත් වූ රෝගීන් ගේ රෝගී සත්කාරය අඩුවී තිබෙන බව වෛද්‍ය එල්ස් බෝර්ස්ට් පෙන්වා දෙන්නීය. ඕලන්දයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසද සේවය කල අැය යූතනේසියාව ඕලන්දයේ නීතිගත කිරීමට පුරෝගාමී වූවාය. මේ සම්බන්ධයෙන් ඇය දැන් පසුතැවෙන බව සඳහන් වේ.
යූතනේසියාව සබැඳිව වැදගත්ම ප්‍රකාශය කර තිබෙන්නේ මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්‍ය ඇන්ඩ්‍රි බෝර්ක් විසිනි. ඔහු කියන්නේ මරා දැමිය යුත්තේ රෝගය නිසා හට ගත් රෝගියාගේ දැරිය නොහැකි වේදනාව මිස රෝගියා නොවේ යන්නයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සියදිවි නසා ගැනීමත් ස්ව යූතනේසියාවක් ලෙස සැලකිය හැකි ද? ඒ වගේ ම ලංකාවේ වැඩිහිටි ජනයා අතර අධික සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් තිබෙන්නේ ඇයි ද යන්නත් සැලකිල්ලට ගත යුතුයි. සමාජ අනාරක්ෂාව මෙයට ප්‍රධාන හේතුවක් විය හැකියි. අසරණ මිනිසුන් ජීවත් කරවීමට අසමත් සමාජයක මරණය අයිතිවාසිකමක් ලෙස සැලකිය හැකියි.
ReplyDeleteසුව නොවන රෝගී තත්වයක් නිසා සියදිවි නසා ගැනීමත් එක්තරා ආකාරයක යූතනේසියාවක්. වෛද්‍ය ජැක් කවෝකියන් මේ වගේ අයට උපදෙස් දුන්නා. ලංකාවේ වැඩිහිටි ආරක්‍ෂණය අවමයි. වෙනත් රටවල සීනියර් සිටිසන්ලා කියා නම් කෙරෙන මහල්ලන් ලාංකා සමාජයේ චමින්දලා වෙලා. මේ ගැන සමාජ අවධානය අවශ්‍යයි
Deleteවයසට යන කොට තනි වෙන එක ගැන හිතෙන කොට මටත් හිතෙනවා ඔය කියන රටකට ගිහින් යුතේනිසියාවක් කරගන්න
ReplyDeletemmmmmmmmmmm
Deleteයුතනේසියාව ස්විට්සර්ලන්තයේත් නීතිගත කර තියනවා නේද. බ්‍රිතාන්‍යයේ සිට ඒ රටට ගොස් කැමැත්තෙන් මරණය ඉල්ලාගත් යුවලක් ගැන මා කියවා තියනවා. මගේ අදහස නම්, සුව කල නොහැකි රෝගයකින් කලක් පීඩා විඳ මිය යනවාට වඩා, මෙබඳු මරණයක් හොඳ බවයි.
ReplyDeleteමෙහි දෙපැත්තක් තියනවා
Deleteරුසියානු කතා පොත් වල කියවා තියනවා මරණාසන්න කෙනෙකුට පාදිලිවරයා සත්ප්‍රාසාද (?) දුන් පසු එ් තැනැත්තාට කිසිඳු කෑමක්/ බීමක් නොදී මිය යෑමට ඉඩ හැරුණු බව
ReplyDeleteඅන්තිම ආලේපය - (?) එයත් එක්තරා විදිහක යූතනේසියාවක්
Deleteසුව කල නොහැකි රෝගයකින් කලක් පීඩා විඳ මිය යනවාට වඩා, මෙබඳු මරණයක් හොඳ බවයි මගේ අදහස..ඒක මටත් පොදුයි
ReplyDeleteඑය විවාද සම්පන්නයි
Deleteපෞද්ගලිකව මා සම්බන්ධයෙන්නම් මේ අයිතිය තිබෙනවානම් මම කැමතියි. හැබැයි කිසියම් මානසික ව්‍යාකූලතාවයක් ඇති විටක "කැමැත්තෙන්" කරන මෙවැනි ඉල්ලීමක් නිරවුල් මනසක් ඇතිව හා නැවත සුව කිරීමේ කිසිදු හැකියාවක් නැති රෝගයකින් අධික වේදනා විඳිමින් සිටින විටකදී කරන ඉල්ලීමකින් වෙන් කර හඳුනා ගැනීමට වෛද්‍යවරයාට හැකි විය යුතුයි.
ReplyDeleteagree
Deleteඉකොන් වගේම පෞද්ගලිකව මමත් එහෙම වෙනවට කැමතියි වේදනා විඳිමින් ඉන්නේ නැතිව.//මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය.// මට දැඩි වේදනා ක් දැනුන මේක කියවල. මගේ පියා අසනීප වුනු වෙලේ වැරදි ඩයග්නොස් එකක් කලා හෙපටයිටිස් සී කියල. ඒවාට වැරදි බෙහත් කලා . ඔහුගේ අක්මාව දියවෙන්න පටන් අරන් සිරෝසිස් වලට ඇවිත්. එක දොස්තර කෙනෙක් රුධිර ප්ලාස්මා පාරවිලනය කල නිසා ඔහු ජිවත් වුනා හොඳින්. අපට මාසෙකට සැරයක් ගෙවන්න සිද්ධ වුනත් ඔහු හොඳින් හිටිය. නමුත් මේ දොස්තර හදිසියේම රට හැර ගියා ප්‍රශ්නයක් නිසා. ඔහු හොඳ කෙනෙක්. ඊට පස්සේ අපි ඔහුව ගෙනිච්ච රජයේ රෝහලේ වයිද්‍ය්වරු සහ හෙදියෝ සැලකුවේ ඔන්න ඔය විධිහට. බිල බීල ඇවිත් මෙතන - කියල බනිනවා කියල මව කිව්වා. ඔවුන් රුධිර ප්ලාස්ම පාරවිලනය නැවැත්වුවා . මව එපා කිව්ව්වහම ඇහුවේ නැහැ. පස්සේ අපි වෙනත් දොස්තර කෙනෙක් ගාවට චැනල් කර ළ අරන් ගියා . ඔහු තමා කිව්වේ මගේ පියාට තියෙන්නේ හිමක්රොමොටෝසිස් කියල. ඒ කියන්නේ අයන් ප්‍රමාණය වැඩියි. ඒවා ලිවර් එකේ ඉතුරු වෙලා පස්සේ සිරෝසිස් වලට හැරෙනවා. මගේ පියා කවදාවත් බීපු කෙනෙක් නෙමෙයි. දැන ගන්නකොට පරක්කු වැඩියි.
ReplyDeleteඅජිත් අපිට රෝගීන් විනිශ්චය කරන්න අයිතියක් නෑ . ඒ ශුද්ධ නියමය අපේ හෙල්ත් කෙයා සෙක්ටර් එක තාම තේරුම් අරගෙන නෑ
Delete//ඔහු කියන්නේ මරා දැමිය යුත්තේ රෝගය නිසා හට ගත් රෝගියාගේ දැරිය නොහැකි වේදනාව මිස රෝගියා නොවේ යන්නයි. //
ReplyDeleteවේදනාවත් ශාරීරික සහ මානසික කියල දෙයාකාරයකින් තියනවානෙ.ගෙදරට බත සපයපු කෙනා ගිලන් වෙලා යැපෙන්නෙක් සහ අධික වියදම්කාරී නඩත්තුවන්නෙක් (නිදහස් සෞඛ්‍ය සේවය යටතේ වුවත්.) වන්නට සිදු උනාම රෝගියාට දරාගන්න අපහසු ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාව.මොකද ඔහු පවුලේ සීමාවන් දන්නවා.මේ විදිහට බලනකොට ලංකාවට මේක තවත් විශේෂ අයිරින් බලපාන්නෙ.
කොහොම උනත් රෝගීන්ගේ වේදනාව අඩුකරන්න වේදනා නාශක නිකුත් කිරීමත් අපරාධයක් හැටියට දකින සෞඛ්‍ය අංශයක් තාම අපට ඉන්නෙ. කඹේ හරි ළිඳ හරි තමයි සුව කල නොහැකි ප්‍රමාද මරණ හිමි රෝගීන්ට ඉතිරි වෙන්නෙ.
ජයවේවා..!!
athha
Deleteබුද්ධ දේශනාවට අනුව කොයි විදිහකින් මරණයට පත්කළත් එතනදී ප්‍රාණඝාතයට සම්පූර්ණ වියයුතු කරුණු පහ සම්පූර්ණ වෙලා.. එතැනදී මරණය සිදුකරන්නාට ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවාමයි.. සැලසුම් සහගතව කරන නිසා ඒක මහා සාවද්‍ය අකුසලයක් මම දන්නා තරමින්..ඒවාට විපාක විඳින්න සිදුවෙනවාමයි..
ReplyDeleteඒ විදිහට බැලුවාම ලෙඩාගේ කර්මය නිසා එයා විඳවන අකුසල් විපාකයෙන් ලෙඩා මුදවන්න ගිහිං දොස්තර ප්‍රානඝාතයක් කරගැනීම ඉතාම ලොකු මෝඩ වැඩක්.. මොකද ලෙඩා විඳවන අකුසලය ඉවර නැත්තම් මේ ආත්මය මරලා දැම්මා කියල අකුසලය අහෝසි වෙන්නේ නැහැ.. ඒ අකුසලය ලෙඩා සමගම ඊළඟ ආත්මයට යනවා හෙවනැල්ල වගේ.
දොස්තර ප්‍රානඝාතයක් කරගැනීම ඉතාම ලොකු මෝඩ වැඩක්.////////////// agree
DeleteInteresting topic. I remember watching a WWII movie (sorry can't remember the name) where there was a doctor who had to place a blue or red card on wounded soldiers. Blue means the solider is treated. It was a moral dilemma for the doctor, but he has to do it.
ReplyDeleteEven the abortions come under this topic, I believe. Euthanasia is a highly sensitive discussion, and I guess you'll never know unless you, yourself are in the situation, for you or your loved ones.
"Who Lives, Who Dies, Who Decides", a book I came across (https://books.google.co.nz/books?id=fkacBQAAQBAJ&printsec=frontcover&dq=who+lives,+who+dies,+who+decides&hl=en&sa=X&ved=0ahUKEwidmf_6-5XSAhXFF5QKHb1uACcQ6AEIGjAA#v=onepage&q=who%20lives%2C%20who%20dies%2C%20who%20decides&f=false)
On another note, the infamous "Goni Billa" too fits the bill. :)
Thanks
Delete"මරා දැමිය යුත්තේ රෝගය නිසා හට ගත් රෝගියාගේ දැරිය නොහැකි වේදනාව මිස රෝගියා නොවේ"
ReplyDelete100% True...!
කවුරුන් වුවත්, ස්ව කැමැත්තෙන්ම මරණය ඉල්ලා සිටියත්, අප හැමෝම මරණයට බිය වනවා යන්න මාගේ අදහසයි. මනස කෙසේ ශක්තිමත් වුවත් අන්තිම මොහොතේදී හෝ ඔහු ජීවිතයට ආශා නොකරාවිද?
ReplyDelete