Friday, October 30, 2015

කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක්ද​?

 
                                            

කෑගල්ලේ ජයතිලක යනු 1971 වසරේදී තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ජවිපේ සාමාජිකයෙකු විය.   ජයතිලක   71 කැරැල්ලේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම්  පුද්ගලයා මරා දමන ලදි. එකල මෙවැනි ලාබාල සිසුන් ව්‍යාපාරය විසින් හඳුන්වන ලද්දේ රතු ගැටවු වශයෙනි. මෙම රතු ගැටවු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඝාතන කළහ​. එවැනි රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය​. මෙම රතු ගැටවු ලංකාවේ මුල්ම ළමා සොල්දාදුවන් ලෙස නම් කල හැකිය​. 

කෑගල්ලේ ජයතිලක පබිලිස් ඝාතනය කිරීම  පිළිබඳව  71 කැරැල්ලේ කැරලිකරුවෙකු වූ  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස් ගේ  පණ ඇති දෙවිවරු අත් පිටපතේ සඳහන් වන්නේ මෙසේය​. 



ජනතාවගේ නිශ්ක‍්‍රිය කාලය අවසන් වෙමින් පැවතුණි. ඔවුන් ප‍්‍රතිවිප්ලවය දෙසට අකර්ෂණය වෙමින් සිටින අයුරු නන් දෙසින් විද්‍යාමාන විය. පිටාර ගලා යමින් පවතින ප‍්‍රතිවිප්ලවීය චණ්ඩ මාරුතයෙන් ආරක්ෂා වීමට, අපි දහසක් දේ කළෙමු.  ප‍්‍රතිවිප්ලවවාදීන් ලෙසින් සංවිධානය වෙමින් පැවති ජනතාවට, අනතුරු හැඟවීම බෙහෙවින් කාලෝචිත උපක‍්‍රමයකි. අනතුරු හැඟවීමට අප ප‍්‍රථමයෙන් තෝරා ගත්තේ, පරගම්මන ගමේ පැරණි පොලිස් ඔත්තුකරුවා වූ පබිලිස්ය. ඔහු තෝරා ගත යුතු යැයි යෝජනා කොට සිටියේ සෝමෙ අයියා විසිනි. 

සෝමෙ අයියා පක්ෂයට සම්බන්ධ වීමට පෙර නීති විරෝධි අරක්කු පෙරමින්, අලෙවි කරමින් ජීවත් වූවෙකි. ඔහු පබිලිස් සම`ග උරණ වී සිටියේ ඉතා දිගු කාලයක සිටය. පොලීසිය ඔහු ලූහු බැඳ ආවේ පබිලිස්ගේ ආධාරයෙනි.  සෝමෙ අයියා පබිලිස් ගේ නම යෝජනා කරන විට, එයට එරෙහි වීමට හැකි මනෝභාවයක් හෝ ශක්තියක් කිසිවෙකුට නොතිබිණි. ඔහු අප සේනාංකය මෙහෙයවූ එක් සටන්කාමී නායකයෙකි.  පබිලිස් මේ කාලය වන විට ( පූර්ව විප්ලවීය සමයේ ) නොවැදගත් පොලිස් ඔත්තුකරුවෙකු වී සිටියේ, සාම්ප‍්‍රදායික සමාජයේ ඔත්තු හැරුණු කොට, විප්ලවවාදී ව්‍යාපාරයකට සූක්ෂ්ම ලෙස ඇතුලූ වී ඔත්තු බැලීමට ඔහුට හැකියාවක් නොතිබූ බැවිනි. පොලීසියට තවදුරටත් සාම්ප‍්‍රදායික ඔත්තු ( කසිප්පු කරුවන් ඇල්ලීමට අදාල තොරතුරු වැනි දේ)අවශ්‍යව නොතිබීම හේතුවෙන්, පබිලිස් නොවැදගත් පුද්ගලයෙකු බවට පත් වී සිටි අතර ඒ හේතුව නිසාම, ඔහුට මෙතෙක් පැවති පොලිස් රැකවරණයද අහිමි වී තිබිණි.

ගරු විනිසුරුතුමනි, 

ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.

ගරු විනිසුරුතුමනි, 

පරපීඩක කාමුකත්වයෙන් ආවේශ වූ අපි ජයතිලකගේ විප්ලවීය කැපවීම අගය කළෙමු. තෝලන්ගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යත්වලාභි දහසය හැවිරිදි ශිෂ්‍යයා, අප අතර නමක් දිනා ගත්තේ එලෙසය. ඔහු අනුව යමින් විප්ලවයේ උපරිම හැකියාව ප‍්‍රදර්ශනය කිරීම සඳහා තවත් බොහෝ දෙනෙකු ස්වකීය පංති වෛරය නිදහසේ මුදා හැරියෝය.     (පණ ඇති දෙවිවරු  -විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්)



 2009 වසරේදී 71   කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්  මා හට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය​. එහිදී ඔහු මෙසේ පවසයි. 

"බෝගම්බර සිර ගෙදර සිට මාව අම්පාරේ දඩයම්තලාව ප්‍රදේශයේ අත්අඩංගුවට පත් අවුරුදු 18 අඩු කැරලිකරුවන් සඳහා පවත්වාගෙන ගිය සිර කඳවුරකට ගෙන ගියා. මෙහි පහසුකම් පවා හොඳයි. ක්‍රීඩා කිරීමට පවා ඉඩ පහසුකම් සපයා තිබුනා. මේ කඳවුරේ සිටියදි මම පළා යාම සඳහා උපක්‍රම අධ්‍යයන කළා. මගෙ සහායට ජයතිලක හා කරුණාදාස එකතු වීම වඩාත් පහසුවක් වූ බව කිව යුතුයි. ජයතිලක කැරැල්ල අවස්ථාවේ දී පබ්ලිස් නම් සිවිල් පුද්ගලයා ඝාතනය කිරීමට හවුල් නිසා ඔහුට මෙම කඳවුරින් පැන යාමට තිබුනෙ විශාල උවමනාවක්. එම නිසා එක් රාත්‍රියක අපි තිදෙනා සිරකඳවුරේ මරුවැල පොටක් ආසන්නට ගියහොත් වෙඩි තැබීමට බලය දී තිඛෙන කම්බි හරහා ගොස් කඳවුර අසල වන ලැහැබේ සැඟවී සිටියා.

මුලූ දහවල හා හවස් වරුවේ අපි සැඟවී සිටියේ ඒ කුඩා වන රොදේ. හවස අඳුර සමග අපි ගම හරහා ගමන් කළා. ගැමියන් අප ලූහුබැඳ ඒම නිසා කරුණාදාස අපේ කන්ඩායමෙන් මඟ හැරීම මට විශාල ගැටළුවක් උනේ කරුණාදාසට බාහිර සබඳතා ගනණාවක්ම තිබ්බ නිසයි.

අන්තිමට මම හා ජයතිලක අම්පාරේ සිට ධාවනය වූ ගෝනාගොල්ල බස් රථයට නැග්ගා. උහන නගරයේ පිහිටි මගේ නැන්දා කෙනෙකුගේ ගෙදරකට යාම තමයි මගේ අදහස වුයේ නැන්දාගෙන් මග වියදමට මුදල් ලබා ගත් මා ජයතිලක සමග මිණිපේ ඔහුගේ ඥාතියෙකුගේ ගෙදර ගියා. එහි දවසක් පමණ ගත කල අපි යළි මහනුවරට පැමිනියේ කරුණාදාසගේ ගෙදරට යාමටයි.

ගම්මානයේදි අපි දෙන්නාගෙන් දුරස් වූ කරුණාදාස වෙනත් පාරකින් පැන ගොස් තිබ්බා. ඔහුව හමුවූ පසු මම යළි දෙමව්පියන් බැලීිමට ගෙදර ගියා. මා දැකීමෙන් දෙමාපියන් සතුටු උනත් මොහොතකදි ඒ සතුට භීතියක් බවට පරිවර්තනය උනේ මා පසු පස පොලිසිය හා හමුදාව ලූහු බදින නිසා. එබැවින් මම වැඩි වෙලාවක් ගෙදර ගත කලේ නැහැ. සමාජයෙන් හා තමන් හදා වඩාගත් දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වීමට බල කෙරුණු මම තීරණය කළා කාගම අවසන් නොකරපු ඉලක්කය, ඒ විල්පත්තු ගමනට යළි යන්නට. මෙවර මම එහි යන්නේ නිරායුධ වෙස් වලාගත් කැරලිකරුවකු ලෙස.

මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් අපිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ පොල්ගහවෙල පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. මෙවර අපිව දැම්මේ මඩකලපු බන්ධනාගාරයට. ඒ බන්ධනාගාරයේ ෙජ්ලර්වරයෙක් හිටියා සාතන් වගේ ඔහු පරපීඩකයෙක් පහර දෙන විට සිරකරුවන් නඟන ලතෝනිය ඇසීමෙන් ඔහු විශාල වින්දනයක් ලැබුවා. අපිව මඩකලපුව බන්ධනාගාරේ රඳවා තිබුනෙ මාසයක් වගේ කාලයක්. මේ කාලය තුලදි මේ පරපීඩක නිලධාරියා අපට හිතේ හැටියට පහර දුන්නා. වරක් ඔහු අපේ ගුද මාර්ග වලට බැටන් පොළු එබුව නිසා දින ගණනක් නොකඩවා රුධිර වහනය උනා. අපි වැසිකිලි ගියේ වේදනාවෙන් මිරිකෙමින්"


මේ සිදුවීම් වලින් පසු  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්  හැමන්හිල් සිර කඳවුරට ගෙනයනු ලැබීය​. කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක් ද යන්න විස්තර කෙරෙන්නේ නැත​. 2009 වසරේදී කෑගල්ලේ ජයතිලක පිලිබඳ විමසූ විට ඔහු සිටින්නේ කොහේද යන්න  විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්  දැන සිටියේ නැත​. 

අධ්‍යාපනයද කඩාකප්පල් වූ කෑගල්ලේ ජයතිලක අද අවුරුදු 60 ක තලත්තෑනි පුද්ගලයෙකි. ඔහු කොහේ හෝ අප්‍රකටව ජීවත් වෙනවා විය හැක​.ඔහු ගැන කිසිම තොරතුරක් දැනගන්නට නැත​. නමුත්  දේශපාලන මතවාදයක් නිසා තමාගේ පියාටත් වඩා මහළු මිනිසෙකුට උදැල්ලකින් පහර දී මරා දැමීම පිළිබඳව ඔහු රහසින් පසුතැවිලි වෙනවා විය හැකිය​. 

23 comments:

  1. අනේ හුකේ................
    කොන්ඩයත් කිව්වේ මම තමයි අපරාදේ කලේ කියලා.
    වලහත් කිව්වලු මම තමයි හාවා කියලා.
    පොලීසිය කේබල් ඵකක් ඈදලා දෙක තුන වනනකොට ඔන ඵකෙක් කියනවා මම තමා කලේ කියලා.
    අපි නම් කියන්න කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඈසියයුතුයි කියලයි !

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උන්දැලා සීනී ගෙනැල්ලම නෑ....

      Delete
    2. පොලිසියේ හිටපු මගේ තාත්තගේ මල්ලිව 89 දි මරලා තිබුනේ කන් දෙක පිහියෙන් හාරලා දසවදදීලා.ඇනෝ කියන විදියට නම් මටත් දැන් හිතෙන්නේ බාප්පම කන්දෙක හාරගෙන වද දීගෙන මැරිලා වෙන්න ඇති.

      දෙපැත්තෙන්ම කලේ අහුවෙන අහුවෙන එකා වද දදි මරන එකයි....

      Delete
    3. මහත්මයා මේ පොලිසිය විසින් ගත් කට උත්තරයක් නොවේ. 71 කැරැල්ලේ කැරලිකරුවෙකු වූ විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස් ගේ හෙළිදරව් කිරීමකි

      Delete
  2. මෙය මා මුලින්ම දැනගත්තේ පතුල වෙබ් අඩවියෙනි. මා දැඩි කම්පනයට පත්වුනෙමි. කොතරම් කම්පනයට පත්වුනාද කිවහොත් ජේවීපී යැයි සිතන බුකියේ අයට මෙහි ලින්ක් එක යැව්වෙමි. බ්ලොග් වල කොමෙන්ට් ලෙස කොපි පේස්ට් කර මානව දයාව වගුරන බව කියන ජේවීපී තක්කඩින්ට බැලීමට සැලැස්වීමි.
    රෝහන විජේවීර නම් මෘගයා කටේ කිරි සුවද නොගිය සිසුන්ට මිනී මරන්නට ඉගැන්වීය. රෝහන විජේවීර හා ජවිපෙ යන වචන මට අප්පිරියාවකි. ඊට හේතුව මුන්ගෙ මෙවැනි බලුකම්ය.

    ඔය සිද්ධිය ට සම්බන්ධ ජේවීපී ම්ලේච්ඡයෝ පසුබසින විට උනට අණ දුන්නේ බෝල සමරෙ නම් ත්‍රස්තවාදියෙකි. මෙහිදී අලුගෝසුවන් ලෙස ක්‍රියා කළ මීරිගම සෝමේ පැට්‍රික් ප්‍රනාන්දු සහ තව සෝමේ කෙනෙකි. බෝල සමරෙ විසින් මරනයට නියම කළ ඔහුගේ ගමේ එකෙක් තමන් කමින් සිටි අඹගෙඩිය සමරෙ හදුනාගෙන ඔහුට හිතවත්කම නිසා දුන් බව ඔහුම දියතට කියා ඇත.

    පාසල් සිසුන් ගිරිඋල්ලේදී කළ මිනීමැරුමක් මෙසේය.මෙවැනිම දේවල් 89 දී සිදුවිය. බස් වර්ජනයේදී ජෙවීපී අණ කඩ කළ අයට මරනය හිමි විය. ඩිංගිරි බන්ඩා නම් රියදුරෙක් බස් රථය ධාවනය කළේය . ඔහු මැරීමට ජේවීපී තිරිසන්නු ආවේ ඔහු බස් රථය එළැවන විටය. අත් දෙක ඔසවා මිනීමරුවන්ට වැන්ද ඩිංගිරි බන්ඩා තමා නොමරන ලෙස කන්නලව් කළේය. එහෙත් ඔහුව මැරීය. ඔහුව මැරුවේ පාසල් සිසුන් දෙදෙනෙකි. උන්ට බෙහෙත් ඒ දිනවලම ලැබෙන්නට ඇත.

    කතාව එතනින් ඉවරනොවේ. එදා ජේවීපී කාරයෝ නම වැරදී ඩිංගිරි බන්ඩලා පස් දෙනෙක් මැරීමයි.

    ඉහත සදහන් ඩිංගිරි බන්ඩා මැරීමට ආවේ 9 පන්තියෙ සිසුන් දෙදෙනෙකි. ඔවුන්ගෙ වයස අවුරුදු 15,16 ක් විය හැක. ළමා සොල්දාදුවන් බදවා ගෙන ඔවුන් මිනීමැරීම් වලට හුරුකළ විජේවීර මිහිමත නොතබිය යුතු තරමේ පාහර තිරිසනෙකි.

    ජයතිලකලා ට විදින්නට සිදුවූ හිරිහර ගැන කියවීමේදී මටනම් කිසිම දුකක් ඇති නොවීය. අත්තෙන්ම ජයතිලකලා විදෙව්වා මදිය.
    71 දී ජේවීපී ලේ පිපාසිතයන්ට රජය මෘදු වුනා වැඩිය.89 ගැන අපට විවේචන තිබෙන්නේ ජේවීපී ලේබලය මත අහිංසකායන් මියයාම නිසාය. එසේ නැතිව ජේවීපී කාරයන් ගැන දුක්වෙනවානම් එයද පාපයක් බව සිතේ.

    ReplyDelete
    Replies
    1. භීෂන කාලෙ හමුදාවෙ සිටි කෙනෙක් සමග එදා හමුදාව හැසිරුන ආකාරය ගැන මම දිනක් වාදයක් කලෙමි.
      ගෙවල් වලට පැන පවුලේ අය ඉදිරියේ මිනීමැරූ හැටි කියා ඒ තිරිසන්නු මර්ධනය කළ යුත්තේ එලෙසින්ම බව කීවේය. ඇත්තෙන්ම හමුදා පවුල් මැරීමට ජේවීපී ම්ලේච්ඡයෝ තීරනය කල විට හමුදාවට යකා වැහීම පුදුමයක් නැත. ජේවීපී ලේ පිපාසිතයෝ උන්ගෙ ම්ලේච්ඡ තීරණය ක්‍රියාවේද යෙදවූහ. සෙබලා ගෙදර එන විටපොඩි උන් වයසක දෙමව්පියන් ඇතුළු සියල්ලන්වම කපා කොටා මරා ඇත. එවිට එම සෙබලාගේ මනෝ භාවය කෙබදුද . කළු බළල් බලකායට බැදෙන්නට ඔහු ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා නේද
      ජේවීපී එකෙන් මැරූ අයගෙ ලේ ඥාතීන් ගෙන් පමනක් එක්තරා විශේෂ ඒකකයක් නිර්මානය කළ බවත් එම කන්ඩායම බොහෝ ජවිපෙ නායකයන් අල්ලා සංග්‍රහ කළ බවත් මා අසා ඇත.

      Delete
    2. මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් අපිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ පොල්ගහවෙල පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. මෙවර අපිව දැම්මේ මඩකලපු බන්ධනාගාරයට. ඒ බන්ධනාගාරයේ ෙජ්ලර්වරයෙක් හිටියා සාතන් වගේ ඔහු පරපීඩකයෙක් පහර දෙන විට සිරකරුවන් නඟන ලතෝනිය ඇසීමෙන් ඔහු විශාල වින්දනයක් ලැබුවා. අපිව මඩකලපුව බන්ධනාගාරේ රඳවා තිබුනෙ මාසයක් වගේ කාලයක්. මේ කාලය තුලදි මේ පරපීඩක නිලධාරියා අපට හිතේ හැටියට පහර දුන්නා. වරක් ඔහු අපේ ගුද මාර්ග වලට බැටන් පොළු එබුව නිසා දින ගණනක් නොකඩවා රුධිර වහනය උනා. අපි වැසිකිලි ගියේ වේදනාවෙන් මිරිකෙමින්"//

      ජයතිලක හොඳ කෙනෙකුට අහුවෙලා .ජයතිලක වගෙ කෙනෙකුට මේ සංග්‍රහ නරකම නෑ. ජයතිලක අහුවෙන්න තිබ්බෙ 89 දි ආමි එකට. එහෙනම් තරු පහේ ඉස්තරම් කෑම ලැබෙන්න තිබුන.

      Delete

  3. ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. //

    නමුත් දේශපාලන මතවාදයක් නිසා තමාගේ පියාටත් වඩා මහළු මිනිසෙකුට උදැල්ලකින් පහර දී මරා දැමීම පිළිබඳව ඔහු රහසින් පසුතැවිලි වෙනවා විය හැකිය​. //

    මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. //

    කවදාවත් නෑ වෛද්‍ය තුමා. මුන් ඒක දකින්නෙ වීර ක්‍රියාවක් ලෙස . පැපොල කියන්නෙ ඇග දුර්වල වෙන ලෙඩක්නෙ. පැපොල ලෙඩෙකුට මහන්සි වෙන්න බෑ. ඉතින් ඒ වගෙ ලෙඩෙක් ලවා වලක් හාරවගෙන උදැල්ලකින් ගහල මරන එක අනික් ජේවීපී අය දකින්නෙ විප්ලවකාරී ජීව ගුණයක් ලෙස. ජයතිලක අද ඉන්නාවනම් මේ දේවල් ගැන සතුටුවෙනව ඇති.
    ජේවීපී මෘගයො විනාශ කරන්න ඕන කියල රන්ජන් විජේරත්න කිව්වෙ මේ ජයතිලකල ගැන හිතල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ යුතුයි

      Delete
  4. Replies
    1. මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ යුතුයි

      Delete
  5. පීරිස්ව දන්නවා. ජයතිලකව දන්නේ නැත. නමුත් මා අනුමාන කරනවා අද කොහේ හෝ ඇතැයි මම සිතන (මට ඔහුව අන්තිමට හමුවුනේ 1980 දී පමණ අවිස්සාවේල්ලේ දී) දැදිගම මෛත්‍රීරත්න හොයාගත්තොත් අහගන්න පුළුවන්. අද මෛත්‍රීරත්න වයස අවුරුදු 70 කට ආසන්න ඇති. ඔහු පුනරුත්ථාපනය වී එලියට ආව කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මට ඔහුව අන්තිමට හමුවුනේ 1980 දී පමණ අවිස්සාවේල්ලේ දී ?????? කවුද ? ජයතිලකද ?

      Delete
    2. නෑ නෑ මයිත්‍රීරත්න

      Delete
    3. නෑ නෑ මයිත්‍රීරත්න

      Delete
  6. පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වූ මත දුටුවෙමි. පුදුමය නම් කවුරුන් වැරදි කළත් මේ සංවිධානය කළේ වරදක් නොවේය යන සමහරුන් දරණ මතයයි. ඒ සංවිධානය මේ මට්ටමින් ඔබ්බට නොයන්නට මා දකින ප්‍රධානම හේතුවත් කවුරුන් වැරදි කළත් මේ සංවිධානය කරණ එවැනි දේ පවා නිවැරදිය යන සාමාජිකත්වයේ හා ආශිර්වාද කරන්නන් තුළ ඇති මතයයි. ඒ මතය දිගටම පවතීවායි පතනුයේ මේ සංවිධානයද තමනට බලයක් සහිත වූ කාලයක හැසිරුණු ම්ලේච්ඡ ස්වභාවය දැක ඇති බැවිනි. මැද සිටි අපිට දෙපාර්ශවයම භීතියක් වුණු අයුරු දුටු බැවිනි. සමහර විට මේ කියන ඊනියා නිර්ධන පාංතික බලවේගය බලය ලද සැනින් අපි අත්දකින ධනේෂ්වර ම්ලේච්ඡයින්ට වඩා ම්ලේච්ඡ විය හැක. එය යම් මට්ටමකින් ඔප්පු කොට ද ඇත. එබැවින් තමන් තුළ කිසිදු වරදක් නැතැයි වූ මේ හැඟීම සදා කල් දිනේවා!

    ReplyDelete
  7. වෛද්‍ය යසනාත් ඔබගේ හේතු දැක්වීම් වලට එකඟයි.

    ReplyDelete
  8. නංගියේ, මල්ලියේ...අයියේ, අක්කේ...මාමේ නැන්දේ...සීයේ ආච්චියේ...දැන් අපිට බයවෙන්න එපා...අපි දැන් සම්පූර්ණයෙන්ම 100%ක්ම වෙජිටේරියන් !

    ReplyDelete
  9. මිනී මැරීම පිලිකෙව් කල විප්ලව වාදීන් සංවිධානය තුල කොන්කර දැමීමට අමතරව පසු කාලීනව ජීවිත තර්ජන වලට ලක්වීමටද සිදුවූ බව දනිම්.
    ජයවේවා..!!

    ReplyDelete
  10. මට දැනෙන අප්‍රසන්න හැඟීම වචන වලට පෙරලිමට ොහැකිය...අපිට මෙයින් ගැලවීමට ඒ කියන්නෙ සමාජයෙ ආයෙ මෙ දෙ වෙන්නැතිවෙන ක්‍රමයක් තියනව කියල සතුටුවෙන්න පුලුවන්ද...පාරට බැස්සම ඇහෙන්න ගහපිය මරපිය ගිනිතියපි වගෙ දෙ නෙමෙයිද...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook