Sunday, October 18, 2015

විජය ඝාතන කල ලයනල් රණසිංහ




මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංගට  වෙඩි තබා  ඝාතන කල ලයනල් රණසිංහ පිළිබඳව තොරතුරු රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂක චන්ද්‍රා  ජයවර්ධන මහතාගෙන් මෙන් ඒ පිළිබඳව විමර්ෂණය කරන ලද නිලධාරීන් ගෙන් ලබා ගත හැකි විය​.  පෙනී යන පරිදි  ලයනල් රණසිංහ කුඩා කාලයේ පීතෘ වියෝග කාන්සාවට (Paternal Deprivation Syndrome)  බෙහෙවින් ලක්ව සිටි අතර පසු කාලීනව දරිද්‍රතාවය සමාජ පීඩනය වැනි කරුණු නිසා පහසුවෙන්ම රැඩිකල් දේශපාලනයේ විශෝධනය මගින් ඝාතකයෙකු බවට පත් කර ගැනීමට හැකි විය. පෙනී යන පරිදි ඝාතන කීපයක් කිරීමෙන් අණතුරුව ඔහු ආසක්ත ඝාතකයෙකු (Addictive Killer)  බවට රූපාන්තරණය වේ. අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් විය​. ඔහු මිය ගියේද නැතහොත් වෙනත් රටකට පැන ගියේද යන්න අද දක්වා නොවිසුඳුනු  අභිරහසකි. 


ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී 

 විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුප්පත් පවුලකින් පැමිණි දරුවෙකි. ඔහු ඉගෙන ගත්තේ අපොස උසස්‌ පෙළ දක්‌වා පමණි. 1978 දී ජවිපෙට එක්‌වන ඔහු සුප්‍රසිද්ධ පන්ති 5 කට සහභාගි වෙයි. 1981 වන විට ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකි. එම වසරේදී ඔහුගේ මව තම පුතාගේ දේශපාලන කටයුතු ගැන බියපත්ව කැකිරාවේ පදිංචිව සිටි ඇගේ සහෝදරියගේ නිවසට යවයි. ලයනල් එතැන් සිට අවුරුද්දක්‌ම සිය නැන්දාට සහ මාමාට අයත් හේනේ ගොවිතැන් කරයි. 1984 දී ආපසු හොරණට එන ලයනල් බ්‍රහස්‌පතින්දා සහ ඉරිදා පොළේ එළවළු විකුණයි. 1986 දක්‌වා ඔහු විටින් විට පුද්ගලික ආරක්‍ෂක සමාගමක සිකියුරිටි ගාඩ් කෙනෙකු සහ හොරණ පදික වේදිකාවේ රටකජු වෙළෙන්දකු ලෙස ජීවිකාව සපයා ගනී. 1986 දී හොරණ නගරයේදී තම පැරණි ජවිපෙ සහෝදරයකු වන බටගොඩ ගමගේ ජයවර්ධන හමුවූ පසු ලයනල්ගේ ජීවිතය යළි දේශපාලන කටයුතු වෙත ඇදී යයි. එම වසරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් බඹරකන්දට යවන ඔහු යුද පුහුණුව ලබන්නේය. 1987 දී සමනලකන්ද අවට කැලයේදී ඔහුට වැඩිදුර සටන් පුහුණුව ලැබෙයි. ඔහු පළමුවරට මරන්නේ පොලිස්‌ අධිකාරි ටෙරන්ස්‌ පෙරේරාය. ටෙරන්ස්‌ පෙරේරාට වෙඩි තබන ඔහු රනිල් මල්ලි නමැති ක්‍රියාකාරිකයකු සමග මෝටර් සයිකලයකින් පලා යයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය කරන්නේද ඔහු විසිනි. ( අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි -අනුර සොලමන්ස්‌) 


 විජය කුමාරතුංගට  වෙඩි තැබීම​

 වේලාව දහවල් දොළහට ආසන්න ය. විජය සිය පුතු විමුක්ති හා දියණිය යශෝධරා සමග නිවසින් පිටතට පැමිණෙමින් සිටියේ ය. නිවසේ ගේට්ටුව දක්වා පැමිණි විජය ගේට්ටුව ඉදිරිපිට ටැක්සි රියදුරු හේමපාල හා ආරක්ෂක නියාමක පතිරාජ සමග කතා බස් කළේය.  ඒ අතරතුර 27 ශ‍්‍රී 2727 ඩැට්සන් පිකප් වාහනය දයාරත්න විසින් නිවසේ පැති පිවිසුමේ සිට බොරළු පාර දිගේ ප‍්‍රධාන පාරට පැමිණ තිබුණේ ය. රත්ගම උපාලි ද එහිවිය. විජය ගේට්ටුවෙන් පිටත සිටගෙන වෙනත් අය සමග කතා කරමින් සිටිය දී පිකප් රථයේ සිටි උපාලි වාහනයෙන් බැස විජය දෙසට ආවේ ය. 

 ඒ සැණින් එතැනට පැමිණියේ හොන්ඩා ක්‍ ෘ ’ධධ වර්ගයේ මෝටර් සයිකලයකි. පොල්හේන්ගොඩ දෙසින් පැමිණි බයිසිකලයේ බඳ රතු පාටය. මඩවැස්ම නිකල් ආලේපිතය. සයිකලය නතරවීමටත් පෙර පසුපස අසුනේ වාඩිවී සිටි අය ස්වයංක‍්‍රීය ගිනිඅවියකින් විජය සිටි දෙසට වෙඩි තබන්නට විය. ඉන්පසුව බයිසිකලෙන් පිටතට බැසගත් ඔහු දිගටම වෙඩි තබමින් විජය දෙසට දිව ගියේ ය. වෙඩි පහරවල් විජයගේ පිටු පසට වැදුණු අතර ඔහු එතැනම මුණින් අතට වැටුණේය.  ඝාතකයා වැටුණු විජය අසලට ම පැමිණ විජයගේ හිසට ද වෙඩි තැබීය. විජය සමග සිටි රත්ගම උපාලි ද වෙඩි වැදී බිම වැටී සිටියේ ය.  දයාරත්න වාඩි වී සිටි ඩැට්සන් පිකප් රථයට ද ඝාතකයා වෙඩි තැබීය. ඒත් තුවාල නොලබා දිවි ගලවා ගන්නට දයාරත්නට හැකිවිය. වෙඩි තැබීමෙන් පසු ඝාතකයා පහළට නැමී ඒ මොහොතේ විජය ගෙන යමින් තිබූ ලියැවිලි පරීක්ෂා කළේය. ඉන් පසුව ඔහු ආපසු හැරී ප‍්‍රධාන පාර තෙක් දිව ගියේ ය. ඒ වන විට මෝටර් සයිකලය පැදවූ අය විජයගේ නිවෙස පසුකොට ගොස් හරවාගෙන නැවත ඝාතකයා රැුගෙන යාමට පැමිණ සිටියේ ය. ඒ මොහොතේ එතැනින් බස් රියක් ධාවනය විය. ඒ නිසා මාර්ගය අවහිර විය. ඝාතකයා රියදුරුට තර්ජනය කළේය. ඝාතකයා හොඳින් දැකගැනීමේ අවස්ථාව ඔවුන්ට හැකිවූයේ ඒ නිසාය.  යළි මෝටර් සයිකලයට නැගුණු ඝාතකයා හා අනෙකා පොල්හේන්ගොඩ දෙසට පලාගියේ අහසට ද වෙඩි තබමිනි.  

ඒ සැණින් විජයගේ රියදුරා වූ දයාරත්න වහා එතැන තිබූ ඩබල් කැබ්රිය තුළට ගියේය. දයාරත්නට අවශ්‍ය වූයේ ඝාතකයන් ලූහුබැඳ යාමය. ඒ සැණින් ඝාතකයා ඔහු දෙසට සිය ගිනි අවිය දිගුකළේය. දයාරත්න නිවෙස තුළට දිවගියේ ඒවන විටත් ආයුධයක් ගෙන ඒමට නිවෙස තුළට ගිය ලලිත් කැඳවා ගැනීමටය. දයාරත්න යළි රථය පණ ගැන්වීය. ලලිත් රිපීටර් තුවක්කුවක් රැුගෙන ඩබල් කැබ් රියේ පිටුපසට නැගුණේය.  ඝාතකයන් පොල්හේන්ගොඩ පාර ඔස්සේ කිරුලපන දෙසට මෝටර් සයිකලයෙන් පලා යන අයුරු ඔවුහු දුටුහ. ඔවුහු පොල්හේන්ගොඩ පාර සහ සීබල් ඇවනියු ඔස්සේ හයිලෙවල් පාර දක්වා ඝාතකයන් ලූහුබැන්ඳත් කිරුලපන සුසාන භූමිය අසලදී ඔවුන්ට ඝාතකයා රැුගත් මෝටර් සයිකලය මග හැරිණි. 

ඉන්පසුව කිරුලපන පොලිසියට ගිය ඔවුහු රිසව් එකේ සේවයේ යෙදී සිටි සැරයන් රාදෙ‍්‍රන්ට මේ බව දැනුම් දුන්හ.  ඒ අනුව කිරුලපන පොලිස් ස්ථානාධිපති ෂෙරිෆ්ඞීන් සිද්ධිය වූ තැනට මුලින් ම පැමිණි පොලිස් නිලධාරියා විය.  විජයගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ භාරවූයේ නාරහේන්පිට පොලිසියටය. ඒ වන විට එහි අපරාධ විමර්ශන භාර ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක නන්දන විෙ–රත්නය. ඔහු විජයගේ හොඳ මිතුරෙකි. වෙඩි තැබූ බව දැනගත් පොලිස් පරීක්ෂකවරයා සිය මෝටර් සයිකලයෙන් වහා පොල්හේන්ගොඩ විජයගේ නිවෙසට ආවේය. එතැන එකම ලේ විලකි. විජයගේ පාවහන්, පොත්පත් චිත‍්‍ර කිහිපයක් විසිරී තිබිණි. පොලිස් පරීක්ෂකවරයා එතැනට එන විටත් විජයව රෝහල කරා ගෙන ගොස් තිබුණේ ය. ටික මොහොතකින් තම මිතුරාට අත් වූ ඉරණම පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේය.  විජය රෝහලට ගෙන ගිය ද ඔහු ඊට පෙරම මිය ගොස් සිටියේ ය. හිස හා බෙල්ල පෙදෙසේ වෙඩි උණ්ඩ තුනක් සහ පපුව යටි බඩ පෙදෙසේ වෙඩි උණ්ඩ දෙකක් ද වැදී තිබුණි. උණ්ඩ සියල්ල සිරුර පසාරු කරගෙන ගොස්ය. විජයගේ හිස්කබල, මොළය, බෙල්ල, කොඳුඇට පුරුක්, පෙනහළු, ඉලඇට, වකුගඩු, අක්මාව සහ යටිබඩ ආදි ඉන්ද‍්‍රියයන් පාසාරු කරගෙන වෙඩි උණ්ඩ යාමෙන් ඒවාට බරපතල හානි සිදු වී තිබිණි.  

පරීක්ෂණ පැවැත්වීම සඳහා පොල්හේන්ගොඩට පැමිණි පොලිස් නිලධාරින් අතර රසපරීක්ෂකවරයා ද විය. විමර්ශකයන් විසින් ස්ථානයේ දී සොයාගන්නා ලද හිස් පතොරම් පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් පසු විජයට වෙඩි තබා ඇත්තේ ටී 56 ස්වයංක‍්‍රීය ප‍්‍රහාර රයිපලයකින් බව ඒත්තු ගැණිනි.  නාරහේන්පිට පොලිසියට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ද විජයගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කනකරත්නම්ය. දෙවැන්නා පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාය. ඔවුන්ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරිණි.  විමර්ශකයන්ගේ එකම අදිටන වූයේ ඇසින් දුටු සාක්කි එකතු කරගැනීමය. ඇසින් දුටු සාක්කි කිහිපයක් ම වූහ. ඉන් කෙනෙකු වූයේ විජයගේ රියදුරා වූ දයාරත්නය. අනෙකා ආරක්ෂක නිලධාරියා ය. වෙඩි තබන මොහොතේ විජයගේ ගේට්ටුව අසල සිටි තවත් දෙදෙනකු ද ඒ මොහොතේ එතැනින් ගමන්ගත් බසයේ සිටි දෙදෙනකුගෙන් ද සාක්කි සටහන් කරගනු ලැබිණ. 

 ඝාතකයා අවුරුදු තිහක් වයසැති අයෙක් ලෙසට සැකකරනු ලැබීය. අඩි පහක් උස කෙට්ටු, මාංශපේශී හොඳින් වැඩුණු තරුණ පිරිමි අයෙක් ය. කොණ්ඩය නිසිලෙස පීරා නොතිබූ අතර රැුළි සහිතය. උල් නහයක් හා සිහින් තොල් ඔහුට තිබිණි. සමස්තයක් වශයෙන් ඔහුට තිබුණේ බිහිසුණු පෙනුමකි. ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී සිටියේ ය.  ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා පැමිණි මෝටර් සයිකලය පැදවූ කෙනා මනාව වැඩුණු සිරුරකින් හෙබි අයෙකි. කළු පැහැතිය. මුහුණ පුරා රැුවුල වැවී තිබුණු බවට ද අනාවරණය විය. ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා කවුදැයි හඳුනා ගැනීමේ විමර්ශන ආරම්භ කෙරුණු අතර ර්‍ණවිජයට වෙඩි තැබූවේ ඇයි? විජය මරා දමන්නට තරම් ඔහු කළ වරද කිමෙක් ද… විජයට වෙඩි තැබුවේ කාගේ උවමනාවට ද… ඒ සියල්ල හමුවේ නිරුත්තර වූ පොලිස් විමර්ශකයන් විජය ඝාතනය කළ සැකකරු හඳුනාගැනීම සඳහා සාක්කි උපයෝගී කරගත්තේය.  සාක්කි විමර්ශනයේ යෙදුණු නිලධාරිහු පොලිස් ඉතිහාසයේ පළමුවතාවට ඝාතකයාගේ හැඩරුවට සමාන රුවක් සිතුවම් කළේ ඉන් පසුවය. ඒ වන විට අද මෙන් තාක්ෂණයේ එතරම් දියුණුවක් නොතිබූ බැවින් ඝාතකයාගේ රුව ඇඳීම රහසිගතව සිදුවූයේ එක්තරා පත්තර කන්තෝරුවක් තුළය.  

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක විෙ–රත්න මහතාට පුද්ගලයකු පිළිබඳ ඔත්තුවක් ලැබෙනුයේ ඒ අතරය. කූඹිකැලේ පදිංචි ධර්මසේන ජවිපෙ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී සරත් නැමති අයකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.  ඉන්පසුව පොලිසියට කොටුවන්නේ පොඩි මහත්තයා ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමග එකට පුහුණුව ලැබූවෙකි. ඝාතකයන්ට කඩ කාමරය ලැබෙන්නේ ඔහුගේ සැලැස්ම පරිදිය. ඔහුවිජේවීර සමගÛ සැමන්හිල් කෑම්ප් එකේ පුහුණුව ලැබීය.දිලියා යන්න ඔහුට සංවිධානයෙන් ලැබුණු නමය. පොලිසිය ඒ අනුව ගොස් අදාළ කඩ කාමර යේ තිබූ කියත හා මිටිය සොයා ගත්හ.  එකින් එක මෙසේ හෙළිවෙද්දී පොලිසියට පැමිණි කෙනෙක් ගෙන් ලයනල් පිළිබඳ තොරතුරක් ලැබුණේ ය. ඒ සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ සහාය පොලිසියට ලැබුණේ ය. ලැබුණු සාක්කි අනුව අඳින ලද රූපයට සමාන රූපයක් ඔවුන් සතු විය. හොරණ ප‍්‍රදේශයේ සිදු වූ කොල්ලකෑමට අත්අඩංගුවට පත් වූ ලයනල්ගේ රූපය රහස් ඔත්තු සේවය සතු විය. (කීර්ති මෙන්ඩිස්) 


 ලයනල් රණසිංහ අත් අඩංගුවට පත් වීම   

අල්ලාගත් තරුණයන්ට හා බුද්ධි තොරතුරු අනුව ඝතකයා ලයනල් නැමැත්තකු බව ඒත්තු ගැණින. ඒ වන විටත් ලයනල් මිනිස් ඝාතන රැුසක් සිදුකර තිබිණි. ඒ වන විට පරිගණකයෙන් සකසන ලද ඝාතකයාගේ රුව රැුගත් ලයනල්ගේ පිංතූර සියලූ විමර්ශක නිලධාරින් වෙත ලබාදී තිබුණි.  සන්නද්ධ ක‍්‍රියාකාරින් නිතර නිතර බොරැුල්ල වයි. එම්. බී. ඒ. ශාලාව අසලට එක්රොක් වන බවත් සැලසුම් කිරීම් කතා බස් කිරීම්, හමුවීම් එතැන දී සිදු කරන බවත් ඒ වන විට විමර්ශකයෝ දැන සිටියහ.  

නිලධාරින් කාගේත් උනන්දුව වූයේ හැකි ඉක්මනින් ලයනල් ව කොටුකර ගැනීමටය. සෑම නිලධාරියෙකු සතුවම ලයනල් ගේ ඡුායාරූප දෙකක් විය. එකක් පරිගණකයෙන් සකසන ලද රූපයයි. අනෙක කැමරාවකින් ගත් ලයනල් ගේ ඡුායාරූපයය.  මේ අතර ඒ වන විට දිගින් දිගට ම මිනිස් ඝාතන සිදුවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් දින දෙකකට වරක්වත් නිලධාරින් සඳහා විශේෂ සාකච්ඡුා හා උපදෙස් පන්ති පවත්වන ලදී. සොයාගත් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡුා පවත්වනු ලැබීය.  නාඳුනන තුවක්කුකරුවන් බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීම සඳහා ටී. පනස්හය රැුගෙන ගියේිහවා බෑග්’ ලෙස හැඳින්වූ රෙදි බෑගය තුළ දමාගෙනය. ඒ නිසා එවැනි බෑග් රැුගෙන යන්න වුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස නිලධාරින්ට උපදෙස් ලැබී තිබිණ.  

කාලය මෙසේ ගෙවී ගියේ සති මාස ගණන් පසුකරමින් ය. එහෙත් විමර්ශකයන් සිය මෙහෙයුම් නතර කර නොතිබුණි. කණ්ඩායම් තුනක් ඒ වන විටත් විජය ඝාතකයා ඇල්ලීමේ කටයුතුවල රහසිගතව නිරතව සිටියහ. ඉන් එක් කණ්ඩායමක් උප පොලිස් පරීක්ෂක විමලරත්න යටතේ ක‍්‍රියාත්මක විය. ඩයස් හා බැසිල් ඔහු යටතේ රාජකාරි කළේය. විජය ඝාතකයාගේ රුවද ඔවුන් සතුවිය. ඝාතකයා සොයා ඔවුහු මුළු නගරයම පීරන්නට වූහ.  ඒ 1989 මාර්තු මස 14 වැනිදාය. කොළඹ විශ්වවිද්‍යාලය අසලට එන එක්තරා පුද්ගලයකු ගැන ඔත්තුවක් ගන්නට ඩයස් රාළහාමිට නියමව තිබුණේ ය. ඒ ඔහු එතැනට එන්නේ ද නැද්ද දැන ගැනීමටය. ඩයස් එතැනට ගියේ බැසිල් රාළහාමි ද සමඟය. ඒ වන විට උදෑසන නවයට පමණ ඇත. ග්‍රෙගරි පාර දිගේ ඇවිද ගිය ඔවුන් බෞද්ධාලෝක මාවතට වැටී තුන්මුල්ල පැත්තට හැරුණි. ඉදිරියෙන් එක් පැත්තක බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවය. ඒ පැත්තෙන් ඇවිදගෙන ඉදිරියට පැමිණි ඔවුහු සමස්ත ලංකා බෞද්ධ සංගම් ගොඩනැගිල්ල පසුකරමින් සිටියහ. කෙනෙකු ඉදිරියට පැමිණෙමින් සිටියේ ය. ඩයස්ට කිසියම් සැකයක් ආවේය. මතකයේ රැුඳුණු රුවක් ඔහුගේ සිතට නැගුණේය.ිඔය එන්නේ ලයනල්’  ඩයස් සිය සගයා වූ බැසිල්ට කීවේ ය. ඒ වන විටත් සැකකරු ඔවුන් දෙදෙනා ළඟ නතර වී සිටියේ ය. 

ලයනල්් කොහේද යන්නේ ඩයස් විමසුවේය’. 

මම ලයනල් නෙමේ. ප‍්‍රනාන්දු  හෙතෙම සිය සාක්කුවේ තිබූ හැඳුනුම්පත ඔවුන්ට දිගු කළේය. ඇත්තය. හොරණගේ පියසිරි ප‍්‍රනාන්දු ලෙස හැඳුනුම්පතේ සටහන් වී තිබුණේය. ක‍්‍රියාත්මක වූ ඩයස් සැකකරුගේ පිටුපසින් අත දමා ඉනේ තිබූ පටියෙන් අල්ලා ගත්තේ ය.  ඒ වන විටත් බැසිල් ත‍්‍රිවිලරයක් නතරකොට තිබුණේය. ඩයස්ට අවශ්‍ය වූයේ සැකකරුව ක්‍. ෘ. ඊ මූලස්ථානයට ගෙන යාමට ය. ඒ වගක් නොපෙන්වා ඩයස් ත‍්‍රිවිලර් රියදුරාගෙන් ඇසුවේිබොරැුල්ලට යන්න කීයක් ගන්නවාද’ කියාය. ඒ තිදෙනාම ත‍්‍රිවිලරයට ගොඩවූහ.  

‘මෙතැනින් ළඟයි මෙහෙන් යමු’  ඩයස් ත‍්‍රිවිලර් රියදුරාට කීවේය. ඩයස්ට අවශ්‍යවූයේ සැකකරු කෙලින්ම කාර්යාලයට රැුගෙන යන්නටය. ටික මොහොතකින් ඔවුහු රැුගත් ත‍්‍රිරෝද රිය ග්‍රෙගරි පාර කාර්යාලය අසල නතර විය. සැකකරු රියෙන් බස්සාගත් ඩයස් ඔහුව අල්ලාගෙන කාර්යාලයට ඇතුළු වූයේිලයනල් ඇල්ලූවා’ යයි කියමින්ය. ඒ සමඟම ඔහු වටා සියලූම නිලධාරින් රැුස් වූයේ ලයනල් යනු කවුදැයි දැක බලාගන්නටය. සැකකරු රැුගෙන ඩයස් පොලිසියට ගියේ අධ්‍යක්ෂවරයාගේ කාමරයටය.  ‘සර්… ලයනල් … ඇල්ලූවා..’  අධ්‍යක්ෂවරයා ඉදිරි කාමරේ සිටි පොලිස් අධිකාරි ගාමිණි පෙරේරාට කතා කළේය. ඔහු ද එතැනට ආවේය. ඉන්පසුව සැකකරු පරීක්ෂා කළ ද ඔහු කීවේ තමා හොරණගේ පියසිරි ප‍්‍රනාන්දු බවය. 

 ‘මම යාළුවෙක් හම්බ වෙන්න වයි. එම්. බී. ඒ. එක ළඟට ආවා. මම ලයනල් නෙමේ. ඔයාලට වැරදිලා මම පියසිරි..’  ඒත් සැකකරුට වඩා නිලධාරිහු තීක්ෂණ වූහ. සැකකරුගෙන් දිගින් දිගටම කරන ලද ප‍්‍රශ්න කිරීමෙන් පසු තමා ලයනල් බව ඔහු පිළිගත්තේ ය. ලයනල් හෙවත් ලයනල් රණසිංහ හෙවත් මහින්ද හෙවත් ජයතිලක හෙවත් ගාමි” තමා බව ඔහු කීවේ ය. ඒ වන විට ඔහුගේ රුව රැුගත් ඡුායාරූප බැසිල් විසින් ඔහුට පෙන්වද්දී ඔහුට තවත් බොරු කීමට නොහැකි විය.  ර්‍ණඅපි මිනිහව වයි. එම්. බී. ඒ එක ළඟට අරගෙන යමු’ පොලිස් අධිකාරිවරයා කීය. ඒ අනුව විශේෂිත වාහනයක් සුදානම් කෙරිණ. ඉදිරියෙන් හා පිටුපසින් ගිය ආරක්ෂක රථ දෙකකින් මැද රථයේ ලයනල් විය. වයි. එම්. බී. ඒ. එක ළඟට ගියත් ඔහු හමුවන්නට පැමිණෙන බව කියූ තැනැත්තා එතැන නොවීය.  උඹ නේද විජයව මැරුවේ.  එතැන සිටි නිලධාරියකු වාහනයේ යන ගමන් ලයනල් ගෙන් ඇහුවේය.  ඔව්.. ලයනල් හිස සැලූවේය. (කීර්ති මෙන්ඩිස්)    



ලයනල් රණසිංහ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරය 

1989.03.13 වැනි දින පැය. 16.45ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01.සම්පූර්ණ නම: පහලමුල්ලගේ ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක.වයස: අවු. 27යිජාතිය/ආගම: සිංහල/බුද්ධාගමරැකියාව: රටකජු වෙළෙ¼දාමපදිංචිය: අංක 5/2, ජාතික නිවාසය, මුණගම, හොරණ.
මෙසේ කියා සිටියි. මා පදිංචිව සිටියේ ඉහත සඳහන් ලිපිනයේය. මාගේ පියා මියගොස්ය. මා 1976 ජාතික අධ්‍යයන පොදු සහතික පත්‍ර පෙළ විභාගයේ විෂයයන් 7ක් සම්මාන 4ක් සහිතව සමත්වීමි. ඊට පසු මා 1978 වර්ෂය දක්වා උසස් පෙළ පන්තියේ ඉගෙනීම ලැබුවෙමි. මා හැදෑරුවේ වාණිජ විෂයයන්ය. මෙම පාසලෙන් මා අස්වී හොරණ විශ්වවිද්‍යාල පීඨයේ 1981 දක්වා ඉගෙනීම කළේය. මා සමඟ හොරණ විශ්වවිද්‍යාල පීඨයේ ජයසිරි නමැති අයෙක් ඉගෙනීම ලැබුවේය. ඔහු මට වඩා වසරක් ඉහළ පන්තියේ සිටියේය. ඔහු යාලගල පදිංචි අයෙකි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. 1981 ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට ජයසිරි මා බඳවා ගත්තේය. මෙම කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් හොරණ ශීලරතන පාරේ නිවෙසක පිහිටා තිබුණේය. එහි ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක වශයෙන් සිටියේ චන්ද්‍රසිරි නමැති අයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. තවද මොහු අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ 1979දී කොළඹ නව නගරයේ පැවැති ශිෂ්‍ය සම්මේලනයේදී එහි සභාපති වශයෙන් පත්වූබව මම දනිමි. මා හොරණ විශ්වවිද්‍යාල පීඨයේ අධ්‍යාපනය ලබන අවධියේදී ජයසිරි නමැති අය මෙම කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණෙ පක්ෂයට මා සාමාජිකයෙක් වශයෙන් බඳවා ගත්තේය. එම කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාකරගෙන ගියේය.කිසිදු තහනමක් පක්ෂයට තිබුණේ නැත. 1978 වර්ෂයේදී මා මෙම කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ දේශපාලන පන්තිවලට සහභාගි වීමට ජයසිරි කැඳවාගෙන ගියේය.

1978 වර්ෂයේ මෙම කාර්යාලයේදී මට පළමුවෙන් ජනතා විමුක්ති පක්ෂයේ දේශනයක් පැවැත්වූයේ විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ චන්ද්‍රසිරි නමැති අයයි. ඔහු පළමුවෙන් මට දේශනය කළේ රටේ පැවැති තත්ත්වය ගැනයි. මා සමඟ එම අවස්ථාවේදී ජයසිරි, අබේසිංහ සහ තවත් ශිෂ්‍යයන් දෙදෙනෙක් සිටියේය. නමුත් ඔවුන්ගේ නම් මම නොදනිමි. ඔහු ඊට පසු වර්තමාන ආර්ථික අර්බුදය ගැන දේශනයක් පවත්වන ලදී. මා නම් නොදන්නා දෙදෙනා හොරණ පදිංචි අය බව මම දනිමි. එක් අයෙක් පොකුණුවිට පදිංචි අයෙකි. ඔහුගේ නිවස මට පෙන්විය හැකිය. චන්ද්‍රසිරි දේශනයේදී කීවා "වැඩි කොටසක් ධනය බෙදා තිබෙන්නේ අතළොස්සක් අතර බවත් ධනයේ අඩු කොටසක් පීඩිත පන්තිය යටතේ බෙදා තිබෙන බවත්. ආණ්ඩු මුදල් වියදම් කරන්නේ මිනිසාගේ ශ්‍රමයෙන් භාණ්ඩ නිපදවාගෙන එයින් ලාභ ලබා ගැනීම පිණිස පමණක් බව. මෙම දේශනය පැය 1 1/2ක් පමණ පැවැත්විය. චන්ද්‍රසිරි කීවා පසු දිනත් දේශනයට පැමිණෙන ලෙසට. 

මා පසුදින සවස 5.00ට පමණ ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයට ගියෙමි. ජයසිරි, අබේසිංහ සහ කලින් පැමිණ සිටි නාඳුනන දෙදෙනාද පැමිණ සිටියා. චන්ද්‍රසිරිද කාර්යාලයේ සිටියා. නමුත් මෙදින දේශපාලන අර්බුදයට වගකිව යුත්තේ කවුරුද යන මාතෘකාව යටතේ බණ්ඩාරගම ජයවර්ධන විසින් දේශනයක් පැවැත්වූවා. ඔහු කීවා එයට වගකිව යුත්තේ පැරැණි වමේ නායකයෝ සහ වර්තමාන ආණ්ඩුවේ පාලකයන් බව. මෙම දේශනයේදී ඔහු ලංකා කොමිනියුස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය සහ ඔවුන් ආණ්ඩු පවත්වාගෙන ගිය හැටි විස්තර කර දුන්නා. ඔහු කීවා එක් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක් වරක් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදී පැති මාරු කරන බව. එක් පක්ෂයක් අනෙක් පක්ෂයේ වැරැදි පෙන්වා දී, ජනතාවගේ ඡන්දය ඉල්ලාගෙන බලය ලබා ගන්නවා මිස මහජනතාවගේ යහපතට කිසිම වැඩක් නොකරන බව. තවද, ඔහු කීවා පැරැණි මාක්ස්වාදී පක්ෂ ධනපති පක්ෂවලට සහයෝගය දක්වා ඔවුන් බලයට පත් කරනවා මිස සමාජවාදී ආණ්ඩුවක් ඇති කිරීමට ඔවුන් ක්‍රියා නොකරන බව. 

මෙම කරුණු නිසා මෙම පක්ෂ සියල්ලම දේශපාලන අර්බුදයට වගකිව යුතු බව. ඔහු කීවා සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් යටතේ රටේ අර්බුද සියල්ලම විසඳිය හැකි බව. මෙම දේශනය පැය 2ක පමණ කාලයක් පැවැත්විය. එදිනම චන්ද්‍රසිරි විසින් ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය යටතේ දේශනයක් අපට පැවැත්විය. එම අවස්ථාවේදී චන්ද්‍රසිරි විසින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඇන් .ඇම්. පෙරේරා, පීටර් කේනමන් සහ පිලිප් ගුණවර්ධන යන දේශපාලනඥයන්ගේ දේශපාලන ජීවිතයන් සහ ඔවුන්ගේ අතීතය විස්තර කළේය. ඔවුන්ගේ මවුපියන්ගේ විස්තර, රැකියාවන් සහ අධ්‍යාපන ලැබූ ආකාරයද පහදා දුන්නේය. 

මෙම දේශනයේදී චන්ද්‍රසිරි කීවා එක් වාමාංශික නායකයකුගේ පියා රේන්දකාරයෙක් බව. එම වාමාංශිකයාගේ නම මට දැන් මතක නැත. තවත් වාමාංශික නායකයකුගේ පියා කරත්ත අයිතිකරුවෙක් බවද කීවා. මෙම වාමාංශික නායකයන් ඉගෙනගත් රටවල් සහ ඔවුන්ගේ අධ්‍යාපනයන්ද පහදා දුන්නා. ඔවුන් දේශපාලනයට පිවිසුණු ආකාරයද කියා දුන්නා. මේ අයුරින් වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය අපට කියා දුන්නා. මෙම දේශනය පැයක් පමණ පැවැත්වූවා. ඊට පසු මා නැවැත කාර්යාලයේ දේශනයට ගියේ දිනකට හෝ දෙකකට පමණ පසුවය. මා සමඟ සහභාගි වූ අනෙක් අයද මා ගිය අවස්ථාවලදී පැමිණ සිටියා. තුන්වැනි දේශනය සඳහා ගිය අවස්ථාවේදී චන්ද්‍රසිරි විසින් පක්ෂයේ ඉතිහාසය ගැන කියා දුන්නා. මෙය තුන්වැනි දේශනය නොව හතරවැනි දේශනය. ඔහු කීවා රෝහණ විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජිකයෙක් බව. රෝහණ විජේවීර ලංකාවේ ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය හැදෑරීම පිණිස රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ගිය බව. ඔහු නිවාඩුවක් පිණිස පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් මෙම ශිෂ්‍යත්වය අවලංගු කළ බව. එයට හේතුව ඔහු චීන පිල කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය විවේචනය කළ බව.


හේරත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර ඩිපෝවේ රියැදුරෙකි. ඔහු බසයේ හොරණට පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේදී මා සමඟ කතා කර තිබේ. ඔහු සමහර අවස්ථාවලදී මගෙන් රටකජු ගෙන කන්නේය. කරුණාරත්න සහ සුනිල් ඉඳහිට පැමිණ මා හමුවී කතා බහ කර යන්නේය. කරුණාරත්න පදිංචිව සිටින්නේ දෙදියවල කළුතරය. ඔහුගේ නිවෙස මා දනිමි. ඔහුගේ නිවෙස මා දැනගත්තේ ජයවර්ධන මට ඔහුව හඳුන්වා දුන් පසුවය. ඔහුගේ නිවෙසට මා පස් සැරයක් පමණ ගොස් තිබේ. ඔහු අවිවාහකය. ඔහු පදිංචිව සිටින්නේ මවුපියන් සමඟය. ඔහුගේ පියා මියගොස්ය. මව සමඟ ජීවත් වේ. මා ඔහුගේ මවගේ නම නොදනිමි. නමුත් ඇය සමඟ කතා කර ඇත. ඔහු හමුදාවේ සේවයෙන් පැන ආ අයෙකි. ඔහු පුහුණුවන කාලයේදීම පැන ආ බව මට මතකය. කරුණාරත්න විසින් මට මේ බව දැන්නුවේය. මා හේරත්, කරුණාරත්න සහ සුනිල් යන අයට රටබීම හලේ අයිතිකරු සහ තිලකසිරි ස්ටෝර්ස්හි අයිතිකරු රාත්‍රි කාලයේ ඔවුන්ගේ වාහනවලින් මුදල් රැගෙන යන ආරංචිය දැන්වූයෙමි.

මෙම මුදල් ගෙන යෑම සම්බන්ධ ආරංචිය ජයවර්ධනට ඔබ කියන අවස්ථාවේදී ගුණතිලක එම නිවෙසේ සිටියාද?

මම ජයවර්ධනට සෙරන්ඩිප් රටබීම හලේ සහ තිලකසිරි ස්ටෝර්ස්හි මුදල් රාත්‍රි කාලයේ ගෙන යන බව කියන අවස්ථාවේදී ගුණතිලක ජයවර්ධනගේ නිවෙසේ සිටියේ නැත.

ඔහු මෙම මුදල් රැගෙන යෑමේ ආරංචිය ගුණතිලකට දැන්නුවාද?

නැත.

ගුණතිලක ජයවර්ධනගේ නිවෙසේ සාකච්ඡාවලින් පසු මට හමුවූයේ නැත. හේරත් සේවය කළේ කළුතර දකුණේ ලංගම ඩිපෝවේ.
ඔබ, කළුතර දකුණ ලංගම ඩිපෝවට ගොස් හේරත් හමුවී තිබෙනවාද?

නැත.


සුනිල් පදිංචි ස්ථානය ඔබ දන්නවාද?

මා සුනිල් පදිංචි නිවෙස දන්නේ නැත. ඔහු නෙළුව, මතුගම පදිංචි අයෙකි. කරුණාරත්නට පක්ෂයෙන් දී තිබෙන නම නම් "බණ්ඩාරය". ජයවර්ධනට පක්ෂයෙන් දී තිබෙන නම නම් "ඩගී" ය. හේරත්ගේ නියම නම ටාසන් වීරසිංහය. ඔහුට පක්ෂයෙන් දී තිබෙන නම "තිස්ස" සහ "හේරත්"ය. සුනිල්ගේ සම්පූර්ණ නම අබේසිංහ ආරච්චිගේ සුනිල්ය. ඔහුට පක්ෂයෙන් දී තිබෙන නම "හේමන්ත"ය.

ටාසන් වීරසිංහ හෙවත් හේරත් මට අවසාන වශයෙන් මුණ ගැසුණේ පන්නිපිටිය ආරියදාසගේ නිවෙසේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබූ සිරකරුවන් මුදා ගැනීම පිණිස මා සහ තවත් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම පහරදුන් දිනට පසු දින උදයේය. සුනිල්ගේ සම්පූර්ණ නම සුනිල් අබේසිංහය. ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ ඇත. උස අඩි 5යි අඟල් 4යි. තලඑලළුයි. සමහර අවස්ථාවලදී උඩු රැවුල කපා ඇත. රවුම් මුහුණක් ඇත. කලිසම සහ ෂර්ට්එක අඳියි. පාවල පාවහන් පලඳයි. වැඩුණු ශරීරයක් ඇත. ඔහු වේගයෙන් කතා කරයි. ටාසන් වීරසිංහ නොහොත් හේරත්ගේ කටහඬ ගොරෝසුය. ජයවර්ධනගේ කටහඬ හේරත්ගේ කටහඬට සමානය. සුනිල් තේ දලු මිලට ගෙන ෆැක්ටරිවලට විකුණන බව ඔහු මට කියා තිබෙනවා. ඔහු අවිවාහකය. කරුණාරත්න නමැති අය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පැලවත්තේ රඳවා සිටි අවස්ථාවේදී පැන ගොස් ඇත. 

කරුණාරත්න, මා, සුනිල්, ටාසන් වීරසිංහ නොහොත් හේරත්, ජයවර්ධන මා දුන් ආරංචියක් අනුව හොරණ නගරයේ සෙරන්ඩිප් රටබීම හලේ අයිතිකරු විසින් මුදල් ගෙනයන විට මුදල් මංකොල්ලකෑමට 1987 අප්‍රේල් මස 12 වැනි දින නගරයේ රැඳී සිටි අවස්ථාවේදී අප සියලු දෙනාම හොරණ පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගන්නා ලදී. අප සියලු දෙනාගේම විස්තර හොරණ පොලිසියෙන් ලබා ගත්තේය. අපගේ ඡායාරූපයන් සහ විස්තරද හොරණ පොලිසියෙන් ලබා ගන්නා ලදී. 1987 අප්‍රේල් මස 8 වැනි දින සවස 4.00ට පමණ මා හොරණ නගරයේ රටකජු විකුණමින් සිටින අවස්ථාවේදී ජයවර්ධන මා හමුවී කීවා 09.04.87 වැනි දින දෙදියවල තෙල් මෝල ළඟට ඇවිත් එහි ඉදිරිපිට තිබෙන බස් නැවතුම්පළට සවස 5.00ට පමණ පැමිණ සිටින ලෙසට. කුමන කාරණයක් හේතුකොට ගෙන මට පැමිණෙන ලෙසද කීවේ නැත. මා 09.04.87 වැනි දින පුරුදු පරිදි පදික වේදිකාවේ රටකජු වෙළෙ¼දාම් කර දවල් 2.00ට පමණ රටකජු චන්දරේ අයියලාගේ නිවෙසේ තබා මා නිවෙසට ගොස් දවල් කෑම කා සවස 3.30ට හෝ 4.00ට පමණ ලංගම බස් රථයෙන් හොරණ සිට දෙදියවල බලා පිටත්විය.


අප ගිය පසු සුනිල් සහ හේරත්ද කරුණාරත්නගේ නිවෙසට සවස 6.00ට හෝ 6.30ට පමණ පැමිණියේය. කරුණාරත්න අපව ගරාජයට කැඳවාගෙන ගියා. එම ගරාජයේදී එකිනෙකා සොයා ගන්නා ලද මුදල් සම්බන්ධව විස්තර එහිදී සාකච්ඡා කළා. ජයවර්ධන අපගෙන් ඇසුවා මුදල් සොයා ගන්න කා ළඟ හරි තොරතුරු තිබෙනවාද කියා. එවිට මා කීවා තිලකසිරි ස්ටෝර්ස්හි අයිතිකරු මුදල් රැගෙන රෑට ඔහුගේ වාහනයෙන් යන බව. සෙරන්ඩිප් රටබීම හලේ අයිතිකරුද මුදල් රැගෙන රෑට කඩයෙන් ජීප් රථයකට ගොඩවී නිවෙසට යන බව දන්වා සිටියා. කරුණාරත්න කීවා ඔහුගේ නිවෙස ළඟ සිල්ලර කඩයක් තිබෙනවා. එහිද මුදල් තිබෙන බව. මේ ආරංචි තුන හැර වෙනත් ආරංචි කිසිවක් එම අවස්ථාවේදී ජයවර්ධනට කීවේ නැත. ජයවර්ධන මට කීවා සෙරන්ඩිප් රට බීම හලේ මුදල් මංකොල්ල කෑමට මුදල් ගෙනයෑම සම්බන්ධව පරීක්ෂා කර බලා දන්වන්න කියා. මා එවිට කීවා කඩවල් දෙකේම මුදල් එකතු වන්නේ 12 වැනිදා එනම් අවුරුද්දට ඉස්සෙල්ලා දවසේ බව. එදින රාත්‍රි අප සියලුදෙනාම කරුණාරත්නගේ නිවෙසේ ගරාජයේ බූරු ඇඳන්වල නිදා ගත්තා.


පසුදින උදේ මා දෙදියවලින් පෙ.ව. 5.15ට පමණ ලංගම බසයකින් පිටත්ව හොරණට පැමිණියා. හොරණ සිට දෙදියවලට සැතපුම් 7ක් පමණ ඇත. මා නිවෙසට පැමිණ මුහුණකට සෝදා පෙ.ව. 10.00ට පමණ රටකජු වෙළෙ¼දාමට ගියා. 10.04.87 වැනි දින සවස 5.00ට පමණ ජයවර්ධන පැමිණ පදික වේදිකාවේදී මා හමුවිය. ඔහු ඇසුවා තිලකසිරි මුදලාලිගේ වාහනයේ නොම්මරය දන්නවාද කියා. මා එවිට එම වාහනයේ නොම්මරය කීවෙමි. එය 50 ශ්‍රී වර්ගයේ වාහනයක්ය. අනෙක් අංකය දැන් මට මතක නැත. මෙම වාහනය නිතරම තිලකසිරි මුදලාලිගේ කඩය ඉදිරිපිට නවතා තිබෙනවා මම දැක තිබේ. එදින සවසද මෙම වාහනය නවතා තිබුණේය. එය අලුත් හයිඑස් වෑන් රියකි. ජයවර්ධන සෙරන්ඩිප් බීම හල සහ තිලකසිරි මුදලාලිගේ කඩය දනියි. ජයවර්ධන මට කීවා එදින රාත්‍රි 8.00ට පමණ හොරණ බෝගහ අසල තිබෙන රෑ කඩය ළඟදී හමුවන ලෙසට. එසේ කියා ඔහු යන්නට ගියා. මා එදින රාත්‍රි 8.00ට පමණ රෑ කඩය ළඟට පැමිණ සිටියා. එම අවස්ථාවේදී හේරත් සුදුපාට ටොයෝටා හයිඑස් වෑන් රථයක් පදවාගෙන විත් මා ළඟ නතර කළා. සුනිල්ද ඉදිරි ආසනයේ වාඩිවී සිටියා. රියැදුරුට පිටුපස ආසනයේ ජයවර්ධන සහ කරුණාරත්න වාඩිවී සිටියා. ජයවර්ධන මගෙන් යාළුවකුගෙන් අසන විදියට ඇසුවා "කොහෙද යන්නේ' කියා. මා වෑන් රිය ළඟට ගිය පසු ඔහු මට රථයට නඟින්නට කීවා. මෙම රෑ කඩය ළඟ මිනිසුන් 10 දෙනකු හෝ 15ක් පමණ සිටියා. මා පිටුපස ආසනයට ගොඩවී වාඩි විය. හේරත් රථය පදවාගෙන හොරණ පානදුර පාරේ පානදුර පැත්තට ගමන් කළේය. වෑන් රියේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී ජයවර්ධන මට කීවා තිලකසිරි ස්ටෝර්ස් එකේ ශාඛාවක් පානදුර නගරයේ තිබෙන බව. එය රාත්‍රි 8.30ට පමණ වසා කඩයේ සිටින අය මුදල් රැගෙන වාහනයකින් බණ්ඩාරගමට පැමිණෙන බව. එහෙයින් එම වාහනය අවහිරකොට මුදල් පැහැර ගතයුතු බව. අප පානදුරට රාත්‍රි 8.00ට පමණ වෑන් රථයෙන් පැමිණියා.

පානදුර දුම්රිය පාර පැත්තට තිබෙන බාර්එක ළඟ වාහනය හේරත් විසින් නතර කර අප සියලු දෙනාම බලා සිටියා. පසුව ජයවර්ධන මා කැඳවාගෙන පයින්ම මෙම තිලකසිරි ස්ටෝර්ස් එක ළඟට ගියා. අපගේ වෑන් රථය නතර කර තිබුණේ කඩයේ සිට මීටර් 100ක් පමණ දුරින්ය. තිලකසිරි ස්ටෝර්ස් කඩය තිබුණේ මාර්කට් එක ඇතුළේය. මෙම කඩයේ සිල්ලර බඩු සහ එළවළු තිබෙනවා මම දුටුවෙමි. එම අවස්ථාවේදී කඩයේ ලෑල්ලක් හෝ දෙකක් ඇර බඩු වෙළෙ¼දාම් කරමින් සිටියේය. ජයවර්ධන මට කීවා කඩය වැසූ විට වෑන් රථය ළඟට ඇවිත් දන්වන්න කියා. මා විනාඩි 10ක් පමණ සිටින විට කරුණාරත්න මා නැවත සිටිය ස්ථානයට පැමිණියා. ඔහු පැමිණි පසු මා වෑන් රථයට ගොස් ඉඳගෙන සිටියා. මෙසේ වෑන් රථයේ සිටි අය වරින් වර වෑන් රථයෙන් බැස කඩය වසන තෙක් නැවැතී සිටියා. විනාඩි 45කට පමණ පසු ජයවර්ධන පැමිණ කීවා කඩය වැසූ බව. අප සියලු දෙනාම වෑන් රථයට ගොඩවී බලා සිටියා. මා ජයවර්ධනගෙන් ඇසුවා මුදල් පැහැර ගන්නේ කුමන ස්ථානයකදීද කියා. ජයවර්ධන කීවා මුදල් රැගෙන යන විට පාර අයිනේ වෙලක් හමුවෙනවා එම ස්ථානයේදී වෑන් රථය අවහිර කළයුතු බව. මේ වනවිට මා දුටුවා තිලකසිරි ස්ටෝර්ස් එකේ ලොරියක් පානදුර මාර්කට් එක ළඟ සිට හොරණ පාරේ යනවා. ලොරියට පිටුපසින් තිලකසිරි ස්ටෝර්ස් එකට අයිති වෑන් රථයද ගමන් කළා. ලොරියේ තිලකසිරි ස්ටෝර්ස් කියා නම ගසා තිබුණා. වෑන් රථයේ නම ගසා තිබුණේ නැත. නමුත් ජයවර්ධන එම වෑන් රථය හඳුනා ගත්තා. අප මෙම වෑන් රථය පිටුපසින් අපගේ වෑන් රථයෙන් ගමන් කළා. ටික දුරක් යන විට තිලකසිරි ස්ටෝර්ස් එකේ වෑන් රථය පාර අයිනේ නිවෙසක් ළඟ නවතා තිබුණා. එම නිවෙස ළඟ වෑන් රථයේ සිටි අය සමඟ කීප දෙනෙක් කතා කරමින් සිටිනවා මම දුටුවා.
වෑන් රථයේ දෙදෙනෙක් හෝ තිදෙනෙක් පමණ සිටියා. අප සැතපුමක් පමණ ගොස් වෙලක් අසල අපගේ රථය නවතා රථයෙන් බැස මුත්‍රා කරන ආකාරයට රැඳී සිටියා. හේරත් සහ සුනිල් වාහනයේ සිටියා. ජයවර්ධන කීවා තිලකසිරි ස්ටෝර්ස් එකේ වෑන් රථය එනවිට අපගේ වෑන් රථයෙන් එය බ්ලොක් කරමු කියා. ඊට පසු රියැදුරු සහ එහි මගීන් බස්සවා සුනිල්ට එම වෑන් රථය රැගෙන යන්න කීවා. ජයවර්ධන වෑන් රථයේ තිබූ කළු කොඩ්ඩේ‍රා්යි බෑග් එකක් ගෙන එහි තිබුණ ගල්කටස් එක, පිස්තෝලයක් සහ කිණිසි තුනක් එළියට ගත්තේය. පිස්තෝලයේ පතරොම් තිබුණේ නැත. ජයවර්ධන කීවා එය මිනිසුන් බය කරන්නට පාවිච්චි කළ හැකි බව. ජයවර්ධන මට සුදු යකඩ කිණිස්සක් දුන්නා. ඔහු මට කීවා කිණිස්ස පෙන්වා වෑන් රථයෙන් මිනිසුන් බස්සවන ලෙසට. කරුණාරත්නටද කිණිස්සක් දුන්නා. සුනිල්ට පිස්තෝලය දුන්නා. ගල්කටස් එක ජයවර්ධන ගත්තා. අප වෑන් රථය පැමිණෙනතුරු බලා සිටියා. එය පැමිණියේ නැත. පැය බාගයකට පමණ පසු අප වෑන් රථයෙන් නැවැත තිලකසිරි ස්ටෝර්ස්හි වෑන් රථය නවතා තිබුණු දෙසට ගමන් කළා.
මා කලින් කීවා යුද හමුදාවේ රීඩ් මාවතේ ඇති ස්වේච්ඡා සේවාවට බැඳීම සඳහා මා සහ ජයලත් ඉල්ලුම්පත් දැමූ බව. හොරණ මාගේ නිවෙසේ සිටින විට එම ස්වේච්ඡා සේවාවට පුහුණුවීම පිණිස 1987 මැයි මස 06 වැනි දින රපෝර්තු කරන ලෙසට ලිපියක් ලැබුණා. නමුත් මා පුහුණුව සඳහා ගියේ නෑ. එයට හේතුව මම හොරණ පොලිස් අත්අඩංගුවෙහි පසුවූ හෙයින්. ජයලත්ටද පුහුණුවට පැමිණීමට දැන්වීමක් ලැබුණාද කියා මට කිව නොහැකියි. නමුත් ජයලත් පුහුණුවට ගියේ නෑ. මෙම දැන්වීම ලැබීමට පෙර ඔහු විවාහ වූ බව මම දන්නවා.

සුනිල් අබේසිංහ මා කැඳවාගෙනන වාද්දුවේ හමුදා කඳවුරට පැමිණියා. මා ඊට කලින් එම කඳවුර පැත්තට ගොස් නෑ. අප පිටවීමට පෙර ජගත් කීවා අපට වටාපිටාව තිබෙන පාරවල් බලාගන්න කියා. මා සහ සුනිල් එම හමුදා කඳවුරේ අසලට ගොස් වටේ තිබෙන පාර සහ පිටුපස තිබෙන රේල්පාර බලා ගත්තා. රබර්වත්තේ නිවෙසේ සිට හමුදා කඳවුරේ කෑම්ප් එකට සැතපුම් දෙකක් පමණ ඇත. අප දෙදෙනා පසුව නැවැත රබර්වත්තේ පිහිටි නිවෙසට ගියා. අප යන විට කලින් එහි සිටි තරුණයන් එහි රැඳී සිටියා. එදින රාත්‍රි කෑම ලැබුණේ එම නිවෙසේ සිටිය අයගෙන්. එදින රාත්‍රි 7.00ට හෝ 7.30ට පමණ හොඳට මහත ශරීරයක් තිබෙන, පැහැපත්, කලිසමක් ෂර්ට් එකක් සහ සෙරෙප්පු කුට්ටමක් පැලඳ සිටි පුද්ගලයෙක් අප සිටි නිවෙසට මෝටර් සයිකලයකින් පැමිණ මෝටර් බයිසිකලයෙන් බැස නිවෙස ඇතුළට පැමිණියා. ඔහු ලොකු සුදු කඩදාසියක හමුදා කඳවුර ඇඳ එහි විස්තර කියා දුන්නා. ඔහු සිකියුරිටි පොයින්ට් තිබෙන තැන්, ගාඩ්රූම් එක, ගාඩ් කමාන්ඩර් සිටින තැන, රේඩියෝ මැසේජ් දෙන තැන, එහි ප්‍රධාන නිලධාරියා සිටින තැන පෙන්නුවා. ඔහු තව කීවා ආයුධ තිබෙන්නේ සොල්දාදුවන් ළඟ බව. මෙම කඳවුරට පහර දෙන ආකාරයද ඔහු විසින් අපට කියා දුන්නා.


එක් එක් අයට කරන්නට තිබෙන වැඩ කොටස විස්තර වශයෙන් කියා දුන්නා. මෙම අය ශාන්ත බණ්ඩාර බව මා පසුව හේරත්ගෙන් දැන ගත්තා. ශාන්ත බණ්ඩාර මට කීවා, හමුදා කඳවුරේ උඩතට්ටුවට ගොස් ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කරන ස්ථානයේ සිටින නිලධාරියාගේ තුවක්කුව උදුරාගෙන, ඔහු බැඳතබා, එම ගුවන් විදුලි උපකරණ සියල්ලම රැගෙන පහළට එන ලෙසට. හැරීටද අණකළා මා සමඟ යන ලෙසට. ඔහු කීවා හමුදා කඳවුර ළඟට ගිය පසු ආයුධ දෙන බව. ජගත්, සුනිල් සහ තව කීප දෙනකුට උපදෙස් දුන්නා සෙන්ට්රි පොයින්ට් එකට ගිහින් එහි සිටින නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස. හමුදා කඳවුරට පහරදීම පිළිබඳ වගකීම සම්පූර්ණව භාරගන්නා ලද්දේ සිරිපාල. ඔහුට කීවා, මෙම කඳවුරට ඇතුළුවී අපේ කණ්ඩායමත් සමඟ එහි සිටින හමුදා නිලධාරීන් යටත් කොට ආයුධ සියල්ලම ලබා ගන්නා ලෙසට. ශාන්ත බණ්ඩාර දීර්ඝ දේශනයක් අප සියලු දෙනාටම කළා. ඔහු රටේ තිබෙන තත්ත්වය ගැනත්, ඉන්දු - ලංකා සාම ගිවිසුම ගැනත් අපට කීවා. ඔහුගේ කතාවේ විස්තර කීමට මට දැන් මතක නෑ. ශාන්ත බණ්ඩාර අපට කතා කොට ඔහුගේ මෝටර් සයිකලයේ නැඟී යන්න ගියා. ඊටපසු සිරිපාල සහ සුනිල් අප සියලු දෙනාම කැඳවාගෙන එම නිවෙසින් පිටව රාත්‍රි 9.30ට පමණ පැමිණ රබර් වත්තේ සැඟවී සිටියා. හමුදා කඳවුරට සැතපුමක් පමණ දුරින් අප සැඟවී සිටියා. සුනිල් කීවා, මෙම ස්ථානයේ සැඟවී සිටින ලෙස. සුනිල් ඉදිරියට ගියා.

විනාඩි 30කට පසු නාඳුනන කෙනෙක් අප සිටි තැනට පැමිණ අප කණ්ඩායමේ කෙනෙක් සමඟ කතා කළා. මාගේ මතකයේ හැටියට ඔහු කතා කළේ සිරිපාල සමඟය. කුමක් කතා කළාද කියා මා දන්නේ නෑ. ඊටපසු සුනිල් අබේසිංහ අප සිටින තැනට පැමිණ සියලු දෙනාටම පාරට යන ලෙසට දැන්නුවා. අප ඇවිදගෙන රබර් වත්තෙන් අතුරු පාරකට පැමිණියා. මෙම අතුරුපාර ළඟට පැමිණි පසු සුනිල් කීවා කට්ටිය අහු වෙලා තිබෙන්නේ, අප යමු කියා. මෙම අතුරුපාර දිගේ අප පයින් ඇවිදගෙන ටික දුරක් එන විට පාරේ වෑන් රථයක් නවතා තිබුණා. අප නිවෙසින් පිටවුණේ කණ්ඩායම් තුනක් වෙන් වෙන් වශයෙන්. සුනිල්, ජගත් සහ තවත් කීප දෙනෙක් පළමුවෙන් පිටව ගියා. හේරත්, කරුණාරත්න සහ තවත් කීප දෙනෙක් දෙවනුව පිටව ගියා. හැරීද හේරත් සමඟ පිටව ගියා. සුනිල්, සිරිපාල, මා, පොඩි සරත් සහ අනෙක් ඉතුරු තරුණයන් සමඟ අවසානයේදී පිටව ගියා. අප අතුරුපාරේ යන විට නවතා තිබුණු රථයේ රියැදුරු ආසනයේ හේරත් සිටියා. කරුණාරත්න ඉදිරි ආසනයේ වාඩිවී සිටියා. පාරේ කිසිම එළියක් තිබුණේ නෑ. අප සියලු දෙනාම මෙම වෑන් රථයට ගොඩවී බණ්ඩාරගමට පැමිණියා. මට දැනගන්නට ලැබුණා පළමුව ගිය කණ්ඩායම පොලිසියට අසුවී තිබෙන බව.


03.12.87 වැනි දින මා එස්.ඕ.එස්. ගම්මානයේ නිවෙසේ සුදු මල්ලී සමඟ සිටින විට සවස 7.30ට පමණ ජයන්ත සහ විනී මෝටර් සයිකලයකින් පැමිණියා. ඔවුන් නිවෙසට පැමිණ මට සහ සුදු මල්ලීට කීවා එදිරි සහ ආනන්ද අසුවී තිබෙන බවත්, එම නිසා ප්‍රවේශමෙන් සිටින ලෙසත්. ජයන්ත මට සහ සුදු මල්ලීට රු. 100 බැගින් දී ඔවුන් දෙදෙනා පිටව ගියා. සතියක් පමණ මා මෙම නිවෙසේ සිටියා. එම සතියේ එක් දිනක් අසෝක පැමිණ මට කීවා, පසුදින දෙහිවල සත්ත්ව උද්‍යානයේ අලි කොටුව ළඟට පැමිණ ඔහුව හමුවන ලෙසට. මා පසුදින අසෝක කී පරිදි එස්.ඕ.එස්. ගම්මානයේ නිවෙසින් පිටත්ව දෙහිවල සත්ත්ව උද්‍යානය ළඟට සවස 4.00ට පමණ ගොස් එහි අලි කොටුව ළඟ නැවතී සිටින අවස්ථාවේදී විනාඩි 15කට පමණ පසු අසෝක පැමිණ මා හමුවුණා.


ටික වේලාවකට පසු හේරත් සහ ජයන්ත ද පැමිණ අප දෙදෙනා හමුවුණා. ජයන්ත කීවා, හේරත් කොළඹට පැමිණ තිබෙනවා කියා. ඒ වන විට හේරත් සිටියේ කළුතරය. ඔහු කළුතර කොහේ සිටියාද කියා මා දන්නේ නෑ. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ සිටි බව දන්නවා. අසෝක කීවා, මට සහ හේරත්ට ඉන්නට නිවෙසක් අරන් තිබෙනවා කියා. එම නිවෙස තිබෙන්නේ දම්පේ පාරේ කියා කීවා. මා වැඩි විස්තර අසෝකගෙන් ඇසුවේ නෑ. අසෝක කීවා පසුදින නිවෙසට එක්ක යෑමට ඔහු එස්.ඕ.එස්. ගම්මානයේ නිවෙසට පැමිණෙන බවත්, නිවෙසේ පදිංචියට ගියාට පසු රැකියාවක් කරන බව නිවෙසේ අයිතිකරුවන්ට කියන ලෙසත්. ඔහු කීවා, අපට නැවතී සිටීමට නිවෙසෙන් කොටසක් පමණයි අරන් තිබෙන්නේ කියා. ඊට පසු මා සහ හේරත් සත්තු වත්තෙන් පිටවී එස්.ඕ.එස්. ගම්මානයේ නිවෙසට සවස 6.00ට පමණ පැමිණියා. ජයන්ත සහ අසෝක යන්න ගියා. අපි නිවෙසට එන විට සුදු මල්ලීද නිවෙසේ සිටියා. පසුදින සවස 3.00ට හෝ 4.00ට පමණ අසෝක එස්.ඕ.එස්. ගම්මානයේ නිවෙසට මෝටර් සයිකලයෙන් පැමිණියා. ඔහු කීවා දම්පේ පාරේ පිළියන්දල පිහිටි නිවෙසක කොටසක් කුලියට ලබාගෙන පදිංචියට යන ලෙසට. තවද, අනෙක් කොටසේ වයසක දෙදෙනෙක් සිටින බවත්, එම දෙදෙනා අපගෙන් ඇසුවහොත්, අප රැකියාවක් කරන බව කියන ලෙසට අසෝක අපට කීවා. එදින සවස 7.00ට පමණ අසෝක මා සහ හේරත් එස්.ඕ.එස් ගම්මානයෙන් පිටව මෝටර් සයිකලයෙන් දම්පේ පිහිටි නිවෙසට පැමිණියා. අපට නැවතීමට ලබාදුන් ගෙයට ඇතුළුවීමට වෙනම ‍ෙදාරක් තිබුණා. එම නිවෙසේ අපට පිළියෙල කර දුන්න පැත්තේ මේසයක් සහ පුටු දෙකක් තිබුණා. ඇඳන් කිසිවක් තිබුණේ නෑ. මාගේ ඇඳුම් බෑගය මා රැගෙන පැමිණියා. හේරත්ගේ ඇඳුම් බෑගයද ඔහු ළඟ තිබුණා. එම නිවෙසේ සිටි වයසක දෙදෙනා අප සිටි කාමරයට පැමිණ සිනාසී යන්න ගියා. එම වයසක පිරිමි අය රජයේ විශ්‍රාම ගිය කෙනෙක් බව මම දන්නවා. එසේ දැන ගත්තේ පසුව. ඔහු මට කියා තිබෙනවා පැන්සන් එක ගන්න තැපැල් කන්තෝරුවට යන බව. කුමන තැපැල් කන්තෝරුවකට යනවාද කියා මා දන්නේ නෑ. ඔහු වැඩ කළ ස්ථානය මට කී නමුත් දැන් එය මතක නෑ.

මට මෙම නිවෙස පෙන්විය හැකියි. අසෝක මට කීවා, එකවර මාස 6ක මාසයකට රු. 150 බැගින් කුලිය ගෙවා තිබෙන බව. මෙම වයසක දෙදෙනාට වයස අවුරුදු 25ක පමණ දුවක් සිටියා. ඇයද වැඩට යනවා. කොහේ වැඩ කරනවාද කියා මා දන්නේ නෑ. මෙම වයසක දෙදෙනාගේ නම් මා දන්නේ නෑ. ඔවුන්ද මෙම නිවෙසේ කුලියට සිටිය බව දන්නවා. අසෝක අප මෙම නිවෙසෙහි තබා පිටව ගියා.


දින තුනකට හෝ හතරකට පමණ පසු අසෝක නිවෙසට පැමිණ අපට කීවා දවල්ට යන්න දිහාවක් නැති නිසා පිළියන්දල 'දයාසන් ටේලර්ස්' සාප්පුවට යන ලෙස. අසෝක ගෙන ගොස් පිළියන්දල බෝඩ් එක ළඟ තිබෙන දයාසන් ටේලර් සාප්පුවේ අයිතිකරු සරත්ට මා සහ හේරත් හඳුන්වා දුන්නා. අපව හඳුන්වා දී ඔහු කීවා, අප පැමිණි විට එහි ඉන්න දෙන්න කියා. එයින් පසු මා සහ හේරත් උදේට නිවෙසින් පිටත්ව, දයාසන් ටේලර් සාප්පුවට ගොස් සවසට නිවෙසට ගියා.


එක් දිනක් මා සහ හේරත් සරත්ගේ ටේලර් සාප්පුවේ සිටින විට දවල් වරුවේ අසෝක පැමිණ සුවාරපොළ හන්දියට දවල් 2.00ට පමණ එන්න කීවා. ඔහු කී පරිදි අපි සුවාරපොළ හන්දියට දවල් 2.00ට පමණ ටේලර් සාප්පුවෙන් පිටව ගියා. සරත්ද අප පිටව යන විට ටේලර් සාප්පුවේ සිටියා. අප සුවාරපොළ හන්දියේ සිටින විට අසෝක හොණ්ඩා 125 වර්ගයේ කළුපාට මෝටර් සයිකලයකින් පැමිණියා. ඔහු පැමිණියේ තනිවම. ඔහු කීවා, අපට පයින් දම්පේ පාර දිගේ ඉදිරියට යන්න කියා. මා සහ හේරත් පාර දිගේ ඇවිදගෙන ගියා. අසෝක අප පිටුපසින් පැමිණ පාරේදී හමු වී අපට කීවා, "දිගටම සෙන්ට් මිචෙල් හෝටලය ළඟට යන්න" කියා. මා දම්පේ නැවතී සිටින නිවෙසට ටිකක් එහායින් සෙන්ට් මිචෙල් හෝටලයක් තිබෙන බව දැනෙගන සිටියා. අප දෙදෙනා පයින් සෙන්ට් මිචෙල් හෝටලයට දම්පේ පාර දිගේ යන විට හැරීද මඟදී හමුවුණා. හැරීද අප දෙදෙනා සමඟ හෝටලයට යෑමට පැමිණියා. අප තිදෙනා සෙන්ට් මිචෙල් එක ළඟට යන දූපතේ නවතා තිබුණ බෝට්ටුව ළඟට පැමිණියා. මෙතැන සිටින විට, අසෝක සහ රංජි මල්ලී මෝටර් සයිකල්වලින් පැමිණියා. ජයන්ත ද පැමිණියා. ඔහු පැමිණියේද මෝටර් සයිකලයෙන්. තවද අස්ගිරිය පැමිණියා. ඊට පසු අප සියලු දෙනාම මෝටර් බෝට්ටුවකට නැඟී දූපතෙන් එගොඩවී සෙන්ට් මිචෙල් හෝටලයට පැමිණියා.


එම හෝටලයේ මිදුලේ තැනින් තැන කූඩාරම් වාගේ සාදා තිබුණා. එයින් එකකට අප ගොස් වාඩිවී කතා කරමින් සිටියා. අප යන විට කුමාර සෙන්ට් මිචෙල් හෝටලයට පැමිණ සිටියා. ජයන්ත අප සමඟ සිටි කෙනකුට මුදල් දී කීවා, කොකා කෝලා බෝතල් කීපයක් රැගෙන එන්න කියා. අප කණ්ඩායමේ හත්අට දෙනෙක් සිටියා. සෑම දෙනාටම කොකා කෝලා බෝතලය බැගින් ගෙන ආවා. අප කොකා කෝලා බිබී සියලු දෙනාම සාකච්ඡා කළා. ජයන්ත අපට රටේ තත්ත්වය පිළිබඳ කතා කළා. ඔහු කීවා, මුදල් අවශ්‍යයි මුදල් ලබා ගැනීමට ආර්ථික වැඩක් කරන්න තිබෙනවා කියා. ඔහු කීවා අතුරුගිරියේ සිගරැට් වෑන් එකෙන් මුදල් ගෙනෙනවා, එය ලබා ගත යුතු බව. ඒ සම්බන්ධව විස්තර කීවා. අසෝකද මෙම සිගරැට් වෑන් එකෙන් මුදල් ගෙනයෑම පිළිබඳ විස්තර දැන සිටියා. අසෝක කීවා, වැඩිපුර මුදල් මෙම සිගරැට් වෑන් එකෙන් බැංකුවේ තැන්පත් කරන්න ගෙනෙන්නේ සඳුදා දින බව. එම නිසා මෙම සිගරැට් වෑන් එකෙන් මුදල් ලබා ගත යුත්තේ සඳුදා දිනයක බව කීවා. තවද අසෝක කීවා, මෙම සිගරැට් වෑන් එකේ මුදල් ගෙන යන විට එය ආරක්ෂාව සඳහා තවත් වෑන් එකක් පිටුපස එන බව. අසෝක කීවා එම මුදල් උදුරා ගත යුත්තේ ඊළඟ සඳුදා දින බව. මෙම විස්තර සියල්ලම කතා කර ගත් පසු අප බෝට්ටුවේ නැඟී නැවතත් පාරට පැමිණියා.


අශෝක කීවා, ඊළඟ සඳුදා දින පෙ.ව. 8.00ට පමණ හෝමාගම රේල් පාර පසුකර පැමිණ තුන්මං හන්දිය ළඟ නැවතී සිටින ලෙස. අසෝක කී පරිදි ඊළඟ සඳුදා දින පෙ.ව. 8.00ට පමණ මා සහ හේරත්, හෝමාගම රේල් පාර පසුකර තුන්මං හන්දිය ළඟට පැමිණියා. අප පැමිණියේ රථයෙන්. මෙම ස්ථානයේ විනාඩි 10ක් හෝ 15ක් පමණ නැවතී සිටින විට අසෝක මෝටර් සයිකලයෙන් පැමිණියා. මා මෙම ස්ථානයට පැමිණෙන විට හැරී, විජිත, රංජිමල්ලී පැමිණ සිටියා. අසෝක කීවා වෑන් එක එයි අප සියලු දෙනාටම වෑන් එකට නැඟී වල්ගමට එන්න කියා. එවිට වේලාව පෙ.ව. 8.30ට පමණ වුණා. බයිසිකලයේ ඉදිරි ලයිට් එක දමාගෙන පැදගෙන ආවා. බයිසිකලය පිටුපස, රතුපාට පටියක් බඳේ තිබෙන සුදුපාට හා හයිඑස් වෑන් එකක් එනවා මා දුටුවා. අප සියලු දෙනාම පාර දිගේ හෝමාගම පැත්තට ඇවිදගෙන ආවා. 

මා වීල්බැරෝ එක තල්ලු කර ගෙන පාරේ එක පැත්තක සිට ඉදිරියට ගියා. විජිත බයිසිකලය තල්ලු කරගෙන ඔහු සිටිය පැත්තෙන් ඉදිරියට ගියා. අසෝක අපව පසුකර ගෙන ගියා. වෑන් රථය එන විට විජිත පාරේ ඔහු සිටි පැත්තේ සිට බයිසිකලය තල්ලුකර ගෙන පාර මැදට ආවා. මා වීල්බැරෝ එක තල්ලු කරගෙන පාර මැදට ආවා. මා විල්බැරෝ එක තල්ලු කරගෙන විජිත ආ බයිසිකලය ළඟට ගොස් වීල්බැරෝ එක හැපුණු විදියට වීල්බැරෝ එක පෙරළුවා. වෑන් එක ඒ වන විට අප ළඟට පැමිණ නතර කළා. එවිට හේරත් දුව ඇවිත් වෑන් රථයේ රියැදුරු ආසනය ළඟට ගොස් කීවා රියැදුරුට "බැහැපන්" කියා. රියැදුරු එවිට වෑන් රථය ඉදිරියට පදවාගෙන ගියා. එවිට හැරී වෑන් රථයේ පිටුපස ටයරයට වෙඩි තිබ්බා. එවිට වෑන් රථය ඇදී ගොස් වෙල පැත්තේ නැවැතුණා. මා ළඟ තිබුණ පිස්තෝලය අරන් බලන විට වෑන් රථය ඇදී ගොස් වෙලපැත්තට නතර වී තිබුණා. වෑන් රථයේ සිටි රියැදුරු සහ තවත් දෙදෙනෙක් බැස පාර අයිනේ නැවතී සිටියා. හේරත් වෑන් රථයේ රියැදුරු ආසනයට ගොඩවී වෑන් රථය ස්ටාට් කරන්න හැදුවා.

නමුත් බැරිවුණා. විජිත වෑන් රථයට ගොඩවී වෑන් රථයේ තිබී පොඩි පෙට්ටියක් රැගෙන ආවා. එය හතර පැත්තෙන් ලණුවලින් බැඳ තිබුණා. එය පොඩි කාඩ් බෝඩ් පෙට්ටියක්. විජිත කීවා "හරි, යන්" කියා. විජිත එම පෙට්ටියත් රැගෙන අපගේ වෑන් රථයට ගොඩවුණා. හේරත් අප ආ වෑන් රථය රියැදුරු ආසනයට ගොඩවී අප සමඟ එතැනින් පිටව ආවා. අප සියලු දෙනාම වෑන් රථයට ගොඩවී හෝමාගම ඉස්පිරිතාලය පැත්තට ආවා. අප ගිය රථයේ රියැදුරු ද අප සමඟ රථයේ ආවා. වෑන් රථයේ දී මා සහ රංජිමල්ලි විජිත ගෙනා කාඩ් බෝඩ් පෙට්ටිය ලිහා බැලුවා. එම කාඩ් බෝඩ් පෙට්ටිය ඇතුළේ තිබුණේ ගඩොල්. අප පෙට්ටිය විසි කොට හෝමාගම ඉස්පිරිතාල හන්දියෙන් බැස, හේරත් වෑන් රථය පදවාගෙන ආ අයට වෑන් රථය දුන්නා. මා සහ හේරත් බසයකට ගොඩවී කොට්ටාවට පැමිණ, කොට්ටාවෙන් පිළියන්දලට පැමිණ පිළියන්දලින් අප නැවතී සිටිය නිවෙසට පැමිණියා.


 විජය කුමාරතුංගට  වෙඩි තැබීමට හේතුව ලයනල් රණසිංහ පවසයි 

 "පෙබරවාරි 16 වැනිදා උදේ මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ 'හේරත්' සමඟ කිරුළපනට පැමිණියෙමි. හේරත් මට හඳුන්වා දුන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායකයා ජයන්ත නමැති කෙනෙක්‌. විජය කුමාරණතුංගට වෙඩි තැබීමේ කටයුත්ත අපට පවරන ලද්දේ ඔහුය. එම පැවැරීම විජයට වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිළියන්දල හෝටලයකදී සිදු විය.  'විජයට වෙඩි තියන්නේ ඇයි...?" මම එවිට ජයන්තගෙන් ඇසුවෙමි.  

"හේතු කිහිපයක්‌ තියෙනවා.." ජයන්ත අපට පැහැදිලි කළේය. "ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ෙ-. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යැමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චිවෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත්වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. 

ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි. ඒ එක්‌කම දෙමළ බෙදුම්වාදී PLOT සංවිධානය සහ EPRLF සංවිධානය විජයගේ පිරිසකට සන්නද්ධ පුහුණුව දෙනවා. අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි දැන් අවසන් නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නෙ. විජය ඒකත් ගණන් අරගෙන නැහැ. ඒ නිසා විජය මරන්නම ඕනෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්‌...."  

පෙබරවාරි 16 වැනිදා හේරත් සහ මම කිරුළපනේදී හමු වූයෙමු. කිරුළපනේ මහජන පුස්‌තකාලය අසලට මා ගෙන ගිය ඔහු මා එහි නවත්වා නික්‌ම ගොස්‌ මඳ වේලාවකින් මෝටර් සයිකලයක්‌ පදවාගෙන ආයේය. එහි නැගුන අපි තවත් තැනකට ගිය විට අපට කළුපාට දිග බෑගයක්‌ ලැබිණ. එහි වූයේ ඔ 56 තුවක්‌කුවක්‌ සහ අත්බෝම්බයකි. විජයගේ පොල්හේන්ගොඩ නිවස කිට්‌ටුව පිහිටි අපේ හිතවතකු වූ 'තම්බි'ගේ නිවසට ගිය අපි බෑගය එහි තැබීමු. ඉන්පසු විජයගේ නිවස පේන තෙක්‌ මානයේ අපි ගැවසුණෙමු. 

දහවල් 12 වන විට විජය මෝටර් රථයකින් පොල්හේන්ගොඩ නිවසට පැමිණියේය. ඒ රථයේ වර්ගය මට මතක නැත. විජයගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිට සුදු පැහැති ඩබල් කැබ් රියක්‌ පාක්‌ කර තිබෙනවා මම දිටිමි. විජය තමන් පැමිණි කාරය එලවාගෙන ආ බව ඔහු රියේ දකුණුපස ඉදිරි දොර විවෘත කර පිටතට බැසීම නිසා මට වැටහිණ. ඔහු ගෙට ගියේය. "විජය තව ටිකකින් එළියට එනවා. එතකොට වැඩේ කරමුද?" හේරත් මගෙන් ඇසීය. එයට එකඟ වූ මම වහාම හේරත් සමඟ තම්බිගේ නිවසට මෝටර් සයිකලයෙන් ගොස්‌ තුවක්‌කුව සහ බෝම්බය තිබූ බෑගය රැගෙනවිත් විජයගේ ගෙදර ගේට්‌ටුව පෙනෙන මානයේ රැඳී සිටියෙමු. 

විනාඩි 5 කට පමණ පසු විජය නිවසින් පිටතට ආවේය. ගේට්‌ටුව අසල සිටි පුද්ගලයකු සමඟ ඔහු ස්‌වල්ප වේලාවක්‌ කතා කළේය. මේ පුද්ගලයා කලිසම් කමිස හැඳි කෙනෙකි. මෝටර් සයිකලයට නැගුන අපි විජයට මීටර් 20 ක පමණ පරතරයක්‌ ඇතිව මෝටර් සයිකලය නැවැත්තුවෙමු. එවිට බෑගය තිබුණේ සයිකලයේ පිටුපස අසුනෙහි සිටි මගේ උකුල මතය. මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු සිටියේ අපට පිටුපාය. වෙඩි කෑ විජය බිමවැටුණු අතර ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දුටුවෙමි. ඉන්පසු මම සයිකලයෙන් බැස විජය වැටී සිටි තැනට ගොස්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු පැළඳ සිටි විග් එක ගැලවී විසිවිය. 

මේ අතර විජය සමඟ කතා කරමින් සිටි පුද්ගලයා විජයගේ ගෙතුළට දුවන්නට විය. මම ඔහුටද වෙඩි තැබුවෙමි. අනතුරුව ඩබල් කැබ් එකේ පිටුපස අසුනෙහි සිටි පුද්ගලයකුටද වෙඩි තැබුවෙමි. විජය ළඟ බිම වැටී තිබූ ලිපි ගොනුව ගත් මම එය උඩින් පල්ලෙන් බලා බිම දමා තුවක්‌කුව රැගෙන එය බෑගය තුළට රුවා මෝටර් සයිකලයේ පිටුපස ආසනයට නැග ගත්තෙමි. ඒ වන විට සයිකලය පණගන්වා ගත් හේරත් කිරුළපන හයිලෙවල් පාර පැත්තට මුහුණලාගෙන සිටියේය. අපි පොල්හේන්ගොඩ පාර දිගේ විදුලි වේගයෙන් ගියෙමු.  ''අප කෙළින්ම ගියේ පිළියන්දල දාම්පේටය. මා ඇඳ සිටි අත් දිග සුදු පැහැති ටී ෂර්ට්‌ එකේ ලේ පැල්ලම් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කුලියට ගත් නිවසක්‌ දාම්පේ තිබිණි. එදින රැය අපි එහි ගත කළෙමු. ලේ තැවරුණු මගේ ටීෂර්ට්‌ එක පුළුස්‌සා දමන ලෙස අපේ ව්‍යාපාරයේ සහෝදරයෙක්‌ මට උපදෙස්‌ දුන්නේය.''

14 comments:

  1. විජය ගෙදර ඉන්නව කියල ඔත්තුව දුන්නෙ චන්ද්‍රිකා ලු,

    විජය මරාදාන්න සති දෙකකට කලින් චන්ද්‍රිකා විජයට තර්ජනය කරල තියනවා මම උබව ඉවරය්ක් කරනව කියල.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හිතන්න අමාරුයි

      Delete
  2. අර පොලිස් නිලධාරියා චන්ද්‍රා ජයවර්ධන නෙවෙයි නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ. මා ඔහු පෞද්ගලිකවම හඳුනනවා.

    විජයගේ මරණය අභිරහස් වැලකින් සමන්විතයි.

    ReplyDelete
    Replies
    1. එතකොට විචාරක තුමනි ඔබතුමා ජවිපයට සම්බන්ධ හෝ නැති කීදෙනෙක් 88/89 කාලවලදී මරාදමන්නට හෝ අතුරුදහන් කරන්නට හෝ අනුබල දුන්නා නේ ද උතුරේ යුද්දය කෙසේ වෙතත් ඔබගේ උසස්වීම් වලට ඒවායෙන් ලැබුණු සහය කොපමණද

      Delete
    2. නැහැ ඔහු චන්ද්‍රා ජයවර්ධන ප්‍ර්‍රේමදාස යුගයේ හිටි කෙනෙක්

      Delete
  3. අද වගෙමයි එදත් සේයා මැරුවේ කොටදෙනියාවේ කොණ්ඩයාද ? විජය මැරුවේ ලයනල් රණසිංහද ? ජවිපෙද ? නැත්නම් වෙනත් අදිසි හස්තයක්ද ? කොහොමද හරියටම විශ්වාස කරන්නෙ.

    ReplyDelete
  4. 27 ශ‍්‍රී 2727 නියම අංකය...

    AnonymousOctober 18, 2015 at 1:39 PM ට එකඟයි...

    "ඉල් මහේ බිලි ගත් විප්ලවවාදියෙකුගේ අවසන් හෝරාව" කියලා "ඉරිදා ලංකාදීප" පත්තරේ "දියත" කියන අතිරේකයේ "ප්‍රසන්න සංජීව තෙන්නකෝන්" කියන කෙනා දාපු ලිපි පෙලේ තිබුණා රෝහණ විජේවීර කියන කෙනා අත් අඩංගුවට අරන් මරලා දාපු එක ගැන එක ගැන කතාවක්...
    එයා අත් අඩංගුවට පත් වෙලා අරන් එන කොට හමුදාවේ කෙනෙක් අහනවා (ලු )
    "විජය කුමාරතුංග මැරුවේ කවුද???"
    කියලා...
    විජේවීර කියන කෙනා ගේ උත්තරය වෙලා තිබිලා තියෙන්නේ
    "ඒක මෙතන ඉන්න මහත්වරු මට වඩා හොඳට දන්නවා නේ"
    වගේ එකක්...
    ඒ ගැන ඔයා ගේ අදහස මොකක් ද?

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ ෆ්ලැට් න්‍යායෙන් උත්තර දෙනවා කියලා

      Delete
  5. මේක කියවගෙන ගියේ එක හුස්මට. ඒ කාලෙ අපි ලංකාවෙ නොහිටිය නිසා වැඩි විස්තර දන්නෙ නෑ. පුදුම අභිරහස් ලෙස නෙ මේ වැඩ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉදිරි කාලෙත් පුදුම අභිරහස් වැඩ වෙයි

      Delete
  6. මම හිතුවේ 88-89 කාලයේ සිදුවූ දේවල් ගැන වැඩි පරීක්ෂණයක් නොකරම මිනිසුන් මරා දැමුවා කියා. මට පුදුමයි මේ තරම් සවිස්තර වාර්තා තිබීම ගැන. අත්අඩංගුවට පත්වීමෙන් පසුව ලයනල් රණසිංහට මොකද උනේ?

    ඔබගේ ලිපි මගින් ලැබෙන දැනුම වෙන කොහෙන්වත් ලබාගැනීමට හැකි යයි මම සිතන්නේ නැහැ. බොහෝ තුති ඔබේ කාර්යයට!

    ReplyDelete
  7. අත්අඩංගුවට පත්වීමෙන් පසුව ලයනල් රණසිංහ මරා දැමුවා කියනවා , ඔහුගේ සහෝදරයා හිතන්නේ ලයනල් පිටරටක ජීවත් වෙනවා කියලා

    ReplyDelete
  8. There could be other parties who needed Vijaya dead.But clearly the DJV(JVP) considered Vijaya as potential threat.On the one hand his popularity as an & coming radical.Ideologically there were may differences between Vijaya & the JVp too such as the attitude towards Indo-Lanka pact.JVP considered people who were supportive of Indo-Lanka pact were traitors and Vijaya was the first one to express his support.At the same time, at that time the Eksath Samajawadi Peramuna(CP-LSSP-and Vijayas Mahajana Pakshaya) was maintaining links with EPRLF & PLOT.DR.Wickramabahu later admitted that they too were preparing to face the JVP's death threat which means arms and training.The sent representatives with messages to Vijaya's funeral and one such message (either of the PLOT or the EPRLFT) which was in Tamil was Read in Sinhala By Upul Shantha Sannasgala. I can say a lot about this but to make the story short it is very clear that it was JVP who ordered his killing.After his assasination the DJV has released two leaflets justifying his killing and claming the responsibility.I saw it myself which I got from a JVP activitist.(-titled-VIJAYA KUMARATHUNGA YAWWE EI) Later I had to burn it out of fear.Had it been with me I could have posted it even.If I remember correct Vijaya was killed on a week end I'm not sure but next week a (graffiti) poem was written on the wall of the washroom in Aquinas Borella by DJV justfying Vijaya's killing while Vijaya was being mourned...It went like this....
    Tayaraya thula dawena soyaranne numbata.
    Natha Pawada Malabera horane dukata.
    Deshaya Yakuta dee wanasi giya yakuta.
    Kumatada walapenne nathiwada molakatta.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook