Tuesday, October 20, 2015

බොහිමියානු දර්ශනය සොයා යාම




මම ඉපදුනේ මන්ද? විශ්වයේ සිදුවූ තවත් අහඹුවක් නිසාද ? මම ජිවත් විය යුත්තේ ඇයි ? මගේ ජිවිතයේ පරමාර්ථය කුමක්ද? මගේ මුළු තරුණ කාලයම ගත උනේ  මේ ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමට.  මගේ තරුණ කාලය වල්මත් එකක් වෙන්න ඇති. මම සොයා ගියේ බොහිමියානු දර්ශනයක් වෙන්න පුළුවන් , එහෙත් සංස්කෘතික බැමි  සමාජ පීඩන මත මගේ ගමන සීමා වෙන්න ඇති. 

වුඩ්ස්ටොක් තරුණයන් වගේ අපිට ඒකායන අරමුණක්  සංවිධානයක්  තිබුනේ නැහැ. අපි ඔහේ පාවෙලා ගියා. අතරින් පතර සමාන සිතුම් පැතුම් තිබෙන අය හමුවුණා. ඒ වගේ අවස්ථාවල අදහස් හුවමාරු කරගත්තා. නමුත් සංවිධානාත්මක ස්වරුපයෙන් අපි එක්කාසු උනේ නැහැ. ඒ නිසා අපි අතර වේගවත් සනිවේදනයක් අදහස් වර්ධනයක් ඇති වීම පමා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. අපි හැකි පමණ අවස්ථා වලදී සකච්ඡා කළා. අපි කුඩා කණ්ඩායමක්   හදා ගත්තා. 

අපේ කණ්ඩායමේ හිටපු සමහරු කිව්වා අපි බිට්ල්ස්ලා පසු පස යා යුතුයි කියලා. ඔවුන්පෙන්වා දුන්නේ අපි ආගම කර ගත යුත්තේ බිට්ල්ස් සංගීතය බව. මෙහිදී ගැටලුවක් අවා අපි කොහොමද සංගීතයක් ආගමක් බවට පරිවර්තනය කර ගන්නේ කියලා. එහෙත් පිළිතුරක් තිබුණා.ඒක පෙන්නා දුන්නේ කානි. කානි කිව්වා භාව ගීතය අපි යොදා ගමු කියලා සංගීතය ලෙස. ඒ සඳහා ඔහු නිදසුනක්  දුන්නා.  ඔහු යෝජනා කලේ ජෝජ් හැරිසන් ගායනා කරන මයි  ස්වීට් ලෝර්ඩ් ගීතයයි. 

මේ ගීතයට කානි ආදී යන්න හේතු කීපයක් තිබුණා. එකක් තමයි ජෝජ් හැරිසන් මේ ගීතය මගින් වන්දනය කරන්නේ හින්දු දෙවියෙක් වන ක්‍රිෂ්ණාව. කානි උප්පතියෙන් ප්‍රොතෙස්තන්ත නමුත් ඉන්දියාවට ගිය ගමනකදී හින්දු ආගම වැළඳගෙන තිබුනා. ක්‍රිෂ්ණා සියළු සත්වයාගේ ජිවන සාරය වන අතීතය, වර්තමානය හා අනාගත කාලයන්හි පාලකයා. ක්‍රිෂ්ණා පෙනී හිටින්නේ බටනලාවක් ගත කුඩා ළමයෙක් ලෙසට. කානි ශරීර ප්‍රමාණයෙන් කුඩයි. බටනලාව වෙනුවට නිතරම තිබ්බේ ගිටාරය. නමුත් සංගීත ආකෘතියෙන් කතා කරන විට ඒ දෙක අතර දැඩි වෙනසක් නැහැ. කානි කිව්වා ක්‍රිෂ්ණා අප සැමගේ පරම මහෝත්තම කියලා.   

ක්‍රිෂ්ණාට නම් රාශියක් තියනවා. ඔහුට  තියන නම්  අතරින්  පඬුරංග, පරතසාරතී, වාසුදේව , ගොවින්ධ හෙවත් ගවයන් සොයා දෙන්නා , ගෝපාල හෙවත් ගවයන්ගේ ආරක්ෂකයා යන නම් ප්‍රධානයි. ක්‍රිෂ්ණා ජගන්නාථ හෙවත් විශ්වයේ අධිපතියා. කානි ක්‍රිෂ්ණා භක්ති ව්‍යාපාරයට ඇදී ගියා. කානි ඉපදුන්නේ අයර්ලන්තේ වෙක්ස්ෆොර්ඩ් වල. ලිවර්පූල්  වල බිට්ල්ස් ප්‍රත්‍යානයනය ඔහුට තදින්ම  දැනුනා. ඔහු මුලින්ම ගියේ හිපි ව්‍යාපාරයට. අනෙකුත් හිපි තරුණ තරුණියන් මෙන් ඔහුත් වැඩිහිටි පරම්පරාවට දෝෂාරෝපණය කළා මහා  යුද්ද දෙකක් මේ කොළ ග්‍රහ ලෝකයේ සිදු වීමට ඉඩ සැලසීම ගැන. ඔවුන් වැඩිහිටි පරම්පරාව විශ්වාස කලේ නැහැ. 

කානි ඉන්දියාවට වාර දෙකක් ගියා. එහිදී තමයි ඔහුට ක්‍රිෂ්ණා ගැන දැන ගන්නේ. ඔහු යලි වෙක්ස්ෆොර්ඩ්වලට එනකොට අධ්‍යාත්මික විපර්යාසයකට මුහුණ දීලා. කානි ක්‍රිෂ්ණා ගැන භාජන ගීත ගයනා කිරීම නිතරම කළා.  ඔහු ගිටාරය ගෙන ජෝජ් හැරිසන් කියන ස්වීට් ලෝර්ඩ් ගීතය වාදනය  කළා. ගීතය අවසන් වූ වහාම  මොලී සහ බියන්කා කානි ගේ දෙපා සිඹිනවා , ඔහු ශුද්ධත්වයට පත් වූ මිනිසෙකු ලෙසට. ඔවුන් කානි ව වන්දනා කළා මනුෂ්‍ය දෙවියකු ලෙසට. කානි තමයි ඔවුන්ගේ අධ්‍යාත්මික ගුරු.  
     
මොලී ආවේ මිඩ්ලන්ඩ් වලින් , බියන්කා  අප්‍රිකානු ඇමරිකානු  සම්භාවයකින් යුත් තරුණියක්.  ඔවුන් දෙදෙනා එකවගේ කානිට ආදර බුහුමන් කළා. දෙදෙනා අතර තරඟයක්,  මාත්සර්ය්‍යයක් තිබුනේ නැහැ. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ක්‍රිෂ්ණා වර්ණනාව ගැන සඳහන් වෙනවා. කානි ළඟ ගීත ගොවින්දයේ පිටපතක් තිබුනා.   ග්‍රීෂ්ම ඍතුවේ සඳ පැය ඇති දවස් වළ ඔහු බියන්කා සහ මොලී දෙපස තබාගෙන ගීත ගොවින්දයේ කාව්‍ය වර්ණනාවන් කියවනවා. එය අසා සිටීමට ඉතා මිහිරියි.    

ඔහු ඒ දෙදෙනා සමග ලිංගිකව හැසිරුනා කියලා මම දන්නවා. ඔහු ඒ දෙදෙනාව ශුද්ධත්වයට පත් කිරීමට ඔවුන්ගේ ගර්භාශයන්ට  ඔහුගේ රේතස ඇතුල් කළා. ඔවුන් දෙදෙනා තමයි ඉන් පසු ඔහුගේ අග්‍ර ශ්‍රාවිකාවන්,  ඔහුගේ අපෝස්තල්වරු ලෙස ක්‍රියා කලේ. ඔහු නිතරම ඔවුන් සමග යහනේ සිටියා,  තිදෙනාම නිරුවතින්.     

කානි තුලින් ඔවුන් දුටුවා දෙවන ආගමනය. ශුද්ධ වූ පරමාත්මය ඔවුන් සෙව්වේ කානි තුලින්. මෝක්ෂය ලැබීමට දිනපතා ඔවුන් කානි සමග එක උණා. ඔවුන් ආත්ම ගවේෂණය කලේ මනෝභ්‍රමික ඖෂධ මගින්. දුමාරය හෝ නහර ගත කරන සමාසය හරහා ඔවුන් ද්‍රව්‍යාත්මක ශරීරය අත් හැරලා දිව්‍යමය ශරීරය එක්ක නභෝගත අවකාශයේ සැරිසරනවා. එවිට ඉන්ද්‍රිය චාලක සංවේදනයන් ඌන වෙනවා. ශරිරය  පිලිබඳ සංවේදනය ඇත්තේම නැහැ. වේදනාවක් දැනෙන්නෙම නැහැ.  ශරීර පුළුන් රොදක් සේ සැහැල්ලුයි. ඔවුන් එකට කිව්වේ ආත්ම විශුද්ධිය කියලා. ඔවුන් කාලය සහ අවකාශය අතර පාවී යනවා. තිදෙනාම එකම අධ්‍යාත්මික අවකාශයක සැරිසරනවා බාහිර ලෝකයේ  අගාරික   ආශවයන් නොතකා. ඔවුන් තිදෙනා  ආශක්තව සිටිනවා තමන්ගේ ලෝකය තුල.        

කානි ගයනා කරපු ජෝජ් හැරිසන් ගේ ස්වීට් ලෝර්ඩ් ගීතය මට දැනුත් ඇහෙනවා. සවන් දෙන්න.  

My sweet Lord
Hm, my Lord
Hm, my Lord

I really want to know you
Really want to go with you
Really want to show you Lord
That it won't take long, my Lord (hallelujah)

My sweet Lord (hallelujah)
Hm, my Lord (hallelujah)
My sweet Lord (hallelujah)

I really want to see you
Really want to see you
Really want to see you, Lord
Really want to see you, Lord
But it takes so long, my Lord (hallelujah)

My sweet Lord (hallelujah)
Hm, my Lord (hallelujah)
My, my, my Lord (hallelujah)

I really want to know you (hallelujah)
Really want to go with you (hallelujah)
Really want to show you Lord (aaah)
That it won't take long, my Lord (hallelujah)

Hmm (hallelujah)
My sweet Lord (hallelujah)
My, my, Lord (hallelujah)

Hm, my Lord (hare krishna)
My, my, my Lord (hare krishna)
Oh hm, my sweet Lord (krishna, krishna)
Oh-uuh-uh (hare hare)

Now, I really want to see you (hare rama)
Really want to be with you (hare rama)
Really want to see you Lord (aaah)
But it takes so long, my Lord (hallelujah)

Hm, my Lord (hallelujah)
My, my, my Lord (hare krishna)
My sweet Lord (hare krishna)
My sweet Lord (krishna krishna)
My Lord (hare hare)
Hm, hm (Gurur Brahma)
Hm, hm (Gurur Vishnu)
Hm, hm (Gurur Devo)
Hm, hm (Maheshwara)
My sweet Lord (Gurur Sakshaat)
My sweet Lord (Parabrahma)
My, my, my Lord (Tasmayi Shree)
My, my, my, my Lord (Guruve Namah)
My sweet Lord (Hare Rama)

(hare krishna)
My sweet Lord (hare krishna)
My sweet Lord (krishna krishna)
My Lord (hare hare)




ඔහුගේ ගිටාරය දිගටම වාදනය වෙනවා . කානි ගේ දිග රැවුල , කාන්තිමත් දෙනෙත් , මොලී ගේ සහ බියංකා ගේ කිංකිනි නාදයන් මගේ මතකයට එනවා. 

ඔවුන් තිදෙනා ආත්ම විමුක්තිය සොයාගෙන පසුකාලයක නේපාලයට ගියා. නේපාලයේ බටහිරයන්ගේ මත්ද්‍රව්‍ය ක්ෂේම භූමියේදී කානි හෙරොයින් වලට ඇබ්බැහි උණා. හෙරොයින් ශිරා ගත කිරීමට   නහර සොයා ගැනීමට නොහැකිව මුහුණට සහ දිව යටට පවා ඔහු  හෙරොයින් එන්නත් විදගෙන තියනවා. එක දිනක් කානි හෝටල් කාමරයේ කිළුටු පොලව මත වැතිරී සිටියාලු. ඔහුගේ ආත්මය ජිව ශරීරය හැර ගොසින්. ඔහුගේ ඉදිමි ගිය මුහුණ නිසා මළකඳ හඳුනා ගැනීමට පවා නොහැකි වෙලා. බියන්කා ඇමරිකන් සංචාරකයෙකු  සමග හාද  වී ඔහු සමග ගියාලු. 

මොලී මට මුණ ගැසුනේ වසරගානකට පසු ඒ වෙනකොට ඇය මත්ද්‍රව්‍ය පුනරුත්තාපන රෝහල් වල  ඉඳලා අවසානයේ මිඩ්ලන්ඩ් වල මෙපල් වූඩ් මානසික රෝහලෙන් බාහිර ප්‍රතිකාර ගන්නවා. මට ඇයව එක පාරටම හඳුනාගන්නත් අමාරු උණා. මුහුණ ඇදිලා ගිහිල්ලා , අර  ලස්සන තඹ කොණ්ඩය ඉදිලා ගිහිල්ලා. ඇය මා දුටු විගසම ඇයගේ කරේ තිබ්බ යකඩ කුරුසය අතට ගත්තා. 

" යේසුස්  ව විශ්වාස කරනු ,   ඔහුගේ මාංශය  වළඳනු ,ඔහුගේ රුධිරය පානය කරනු. ඒ මගින් තමයි නුඹට ආත්ම විමුක්තිය ලැබෙන්නේ කියා පැවසුවා.  

මම කිසිවක් කිව්වේ නැහැ. නොයෙකුත් අංශ වලින් ආත්ම විමුක්තිය සොයාගෙන ගිහිල්ල අතරමං වූ ජිවිත. මම ඇයගෙන් සමුගෙන ගියා. පසු කාලයක  නන්දා මාලිනියගේ ක්‍රිෂ්ණා ගීතය ඇසෙන කොට මට මට කානි , මොලී සහ බියන්කා  සිහියට එනවා.    

යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි…
සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා 




("මානසික රෝගියාගේ පරිකල්පනය")

13 comments:

  1. නූතන සිංහල නාට්‍ය කලා සංස්කෘතියේ භානු නියම බොහිමියානු(Bohemian) චරිතයකි. ලෝකයේ බහෝ රටවල භානුලා වැනි බොහිමියානුවෝ නගරාශ්‍රිතව ජීවත් වෙති. වැඩි මුදලක් අතේ නැත. ඕනෑම තැනක ඕනෑම විදියකට සෙට් වෙලා ඉන්න ලෑස්තිය. ජීවත් වෙන්නේ එදිනෙදා සතුට වෙනුවෙන්ය. බීම, ගංජා, මිතුරන්, කලා රසය සහ සෙක්ස් ආදියට වඩා යමක් සොයා යන්න උත්සහ නොකරයි. බේද නැත. තැනකට එන්නට අදහසක් නැත. හැබැයි සියලූ දුප්පතුන් බොහිමියානුවෝ නොවෙති. බොහිමියානු යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ජිවත් වන විදියක් මිස පොහොසත් වෙනකං බලා සිටිනා දුප්පතෙක් නොවේ. එය පිට සිට බලනා විට එක්තරා ජීවන දර්ශණයකි. සියලූම බොහිමියානුවෝ එක වගේ නොවන අතර සෑම බොහිමියානුවෙක්ම හොඳ මිනිහෙක් යන්නද ඉන් නොකියවේ. ඒත් භානු හොඳ එකෙකි.

    ReplyDelete
    Replies
    1. ඒ ඇනෝවෙකු විසින් පළ කර ඇත්තේ ධනංජය කරුණාරත්න රාවයට ලියුූ ලිපියකින් කොටසකි.
      http://www.boondi.lk/article.php?ArtID=3513

      Delete
  2. ලොකු දැනුමක්............. වටිනවා

    ReplyDelete
  3. අපූරු සටහනක්. මෙහෙම යි කියල දැනගත්තෙ අදයි.

    ReplyDelete
  4. අපූරු සටහනක්. මෙහෙම යි කියල දැනගත්තෙ අදයි.

    ReplyDelete
  5. ඇත්තෙන්ම අපූරුයි. ගොඩක් රසවත්

    ReplyDelete
  6. නියමයි රුවන්. හොඳ ලිපියක්.

    ReplyDelete
  7. බොහිමියා යන්නෙහි අරුත විමසද්දී උ
    උසස් අරුත්ීමක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook