ඒකාකාරී ජීවිතය මම දැක්කා අප්‍රිකාවේදී. අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට් අර්ධ නාගරික ජීවිතය. මිනිසුන් යනවා රන් හාරන්න ගඟ නිම්න වලට හිමිදිරි උදයේ. උදළු තල සිය ගනනක් පොලව මත වදිනවා, පස් හාරනවා, හාරපු පස් කුඩා වලට දානවා, ගං තෙරට ගෙනෙහින් වේවැල් පස් කුඩ වතුරින් මිශ්‍ර කරන ගමන් පස් කැට සෝදා යවනවා. මෙහෙම දිගින් දිගටම කරලා අන්තිමට පස් හේදිලා ගියාම කුඩයේ පතුලේ ඇහැට පෙනෙන නොපෙනෙන රන් කැට සොච්මක් තියනවා. ඒ වෙන කොට හිරු බැස ගිහිල්ල අඳුර උදාවේගෙන එනවා. හැමෝටම රන් කැට ලැබිල නැහැ, බොහෝ දෙනෙක් අපහු නවාතැන්පොළට යන්නේ හිස් අතින්. රන් ලැබුණු වාසනාවන්තයෝ ඉක්මනට ඇඟපත හෝදගෙන , ඇඳුමක් ඇඳගෙන ගරාවැටුණු පොඩි ටවුමට යනවා.
ටවුමේ ලෑලි කඩයක් තියනවා මේ මිනිසුන් ගෙන රන් කෑලි කුණු කොල්ලයට. මුළු දවසක ශ්‍රමයට ගෙවනවා. Cedi පහක් , දහයක් විතර. මුදල් නෝට්ටු අතේ ගුලිකරගන්නා මේ මිනිස්සු යනවා ළඟ තියන බාර් එකට. එකත් කිළුටු ගුහාවක්. කැඩීගිය වේවැල් පුටු අබලන් මේස තියන ගෝෂාකාරී තැනක්. ලාබ රම් , පාම් වයින් , උක්ගස් වලින් පෙරන Akpeteshie පානය. මේ වගේ ලාභ බිමක් ඇනවුම් කරනවා. කුඩාවට කපල තම්බපු එළුමස් එක්ක බෝංචි පිගනකුත් ලැබෙනවා. ඒක කන ගමන් මධ්‍යසරයත් ගන්නවා. බාර් එකේ පරණ කැසට් රේඩියෝවකින් අයිජිබේ එඩේම් ගේ වේග රිද්ම ගීයක් ඇහෙනවා. මිනිසුන්ගේ කතා බහ , ගෝසාව, බාර් එකේ වැඩ කරන කිළුටු ගවුම් ඇඳගත් නාවර පෙරාගෙන සිටින වෙටර්වරියන් දෙදෙනා පිගන් අතින් ගෙන අමුත්තන්ට සංග්‍රහ කරනවා.
බාර් එකේ කවුන්ටරේ සිටින මදි වියේ මිනිසා සුරුට්ටුවක් උරණ ගමන් රම් කෝප්ප වලට වත් කරනවා. ඔහුගේ ශක්තිමත් කාලවර්ණ අත් , සුදු පැහැති දත් , විශාල රතු පැහැ තොල් ,අමිත්රශීලි දෙනෙත් සුරුට්ටු දුමාරය අතරින් දැක ගන්න පුළුවන්. බාගෙට මත් වූ අමුත්තන් දැන් උස හඬින් වාද කර ගන්නවා. තම තමන්ගේ පම්පෝරි කියවනවා. රන් හාරන මිනිසුන් තමන්ගේ වසනා චක්‍රය ගැන කථා කරනවා. මේ වෙලාවේ බාර් එකට එනවා මුනේ පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාගෙන කළු පාට කලාව යුග්ම පේන්න කොටට ඇඳපු කෙල්ලන් රංචුවක්. මේ කෙල්ලෝ ඉස්කෝලේ යන වයසේ කියන්න පුළුවන්. සමහරුන්ගේ පියයුරුවත් හරියට මෝරලා නැහැ. නමුත් ඔවුන් සියලුදෙනා ගණිකාවන්. රන් හාරන මිනිසුන්ගෙන් යැපෙන , ඇඟ විකුණලා මල්ලිලාට නංගිලාට කෑම වේල හොයල දෙන්න , දවසපුර බීගෙන ඉන්න පියා මුදල් නොදී පහර දී එළවා දමපු අම්ම ගෙදර නඩත්තුවට මුදල් හොයන්නේ කොහොමද කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට දුව බාර් ඒක පැත්තේ ගිහිල්ලා මුදලක් හොයාගෙන ඇවිල්ල අම්මට දෙනවා.
කෙල්ලෝ ටික බාර් එකට ගොඩ වෙනකොට මිනිසුන්ගේ ගෝෂාව අඩු වෙලා ඔක්කොම එකපාරටම කෙල්ලෝ දිහා බලනවා. ටික වෙලාවකින් කෙල්ලන් වේග සංගීත රිද්මයට නටන්න පටන් ගන්නවා. ඔවුන් නටන්නේ අප්‍රිකානු රිද්මයට. උකුල, ලැම සොළවලා මිනිසුන්ගේ සිත් කුපිත වෙන ආකාරයට. ආහාරයෙන් , මදුවිතෙන් සප්පායම් වෙලා හිටපු මිනිසුන් දැන් කෙල්ලන්ගේ නැටුමට එකතු වෙනවා. මොහොතකින් කිලිටි පතුරු ගිය සිමෙන්ති පොලව කම්පනය කරමින් ගැහැණු මිනිස්සු ඒක පොදියේ නටනවා. රම් , පාම් වයින්, බියර් ගලාගෙන යනවා. රාත්‍රිය තවමත් තරුණයි.
නැටුම , රිද්මය, ශරීර සෙලවීම්, මදුවිත, මධ්‍යම රාත්‍රිය තෙක් ඇදී යනවා. මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම අමුත්හන් ටිකින් ටික බාර් එකෙන් යනවා. සමහරු යන්නේ වැනි වැනි උස් හඬින් කාට හෝ බනිමින්. මුදල් අතේ ඇත්තෝ රැය ගත කරන්න මුදලක් ගෙවා මේ ලාබාල ගණිකාවක් අරගෙන ලී වලින් හදල තියන කාමර පේලියෙන් එකකට යනවා. මේ කාමරත් අයිති බාර් එකේ කවුන්ටරේ ඉන්න මැදි වියේ ශක්තිමත් මිනිසාට. ඔහුගේ නම ආරු. ඔහු අකාන් ගෝත්‍රිකයෙක්. ආරුගේ මුහුණේ පැරණි කැපුම් තුවාල දැකගන්න පුළුවන්. ඔහු යකඩයක් වගේ ශක්තිමත්.
රන් හාරන මිනිසුන් ඔහුගේ අතට නෝට්ටු කොළ මිටමොලාවලා ගණිකාවකුත් එක්ක එක්ක ලෑලි කාමරයකට යනවා. කාමරයේ ඇඳන් තනා ඇත්තේ බුබින්ගා ලීයෙන්. මෙට්ට කහ ගැහිලා . සමහර කාමර වල විතරයි මදුරු දැලක් හෝ තියෙන්නේ. මිනිසුන්ට දැන් ඒ පහසුකම් ඕන නැහැ. ගණිකාව සමග ලෑලි කාමරයට වැදෙන ඔවුන් ඉක්මනට දොර පාළුව වසා ගෙන සහකරියත් සමග කිලිටි ඇඳේ වැතිරෙනවා. රති ක්‍රීඩාව පැය ගණනක් පුරා යනවා. දරදඬු මිනිසුන්ගේ ප්‍රචණ්ඩ ලිංගික ඉරියව් නිසා ඇතිවන වේදනාවට සමහර කෙල්ලන් කෑ මොර දෙනවා, සමහරු දොරවල ඇරගෙන හෙළුවෙන්ම පැනල දුවනවා. ඒ දුවනකොට පර පිඩක මිනිස්සු කෙල්ලන් පස්සෙන් දුවලා ගිහින් ඔවුන්ට පහර දී යලි කාමරයට ඇදගෙන එනවා. සමහරුන්ව කකුල් කෙටියෙන් බිම දිගේ ඇදගෙන එන හැටි බලන්න ගුජුප්සාජනකයි. පහර දීම නිසා තොල් පැලුණු , බිම වැටීම නිසා හිස ගල් මුල් වල ඇනුණු , නිරුවත් පිට බොරළු පොලවේ ඇදගෙන එම නිසා පිට හම ගිය කෙල්ලන් වේදනාවෙන් සාප කරනවා. මිනිසුන් කුණුහරප දෙසාබාන ගමන් යලි තම ගොදුර ඩැහැගෙන එන්නේ මුහුණේ වියරු හිනාවකින්. යලි කාමරයට තල්ලු කරන කෙල්ලන් දැන් නිහඬවම අවනත වෙනවා. තම ගැනුම්කරුවා සමග සටන් කරන්න ඇයට ශක්තියක් නැහැ. ඇය මළ මිනියක් ලෙස වැතිර සිටින අතර මිනිසා තමාට කැමති කැමති ඉරියව් වලින් තෘප්තිය ලබනවා. අවසානයේදී ඔහුත් මහන්සියට පත් වෙලා. ඇයගේ ශරීරය මත කපා හෙළුව ගසක් වගේ නිදාගන්නවා. තරුණියට නින්ද යන්නේ නැහැ . ඇයගේ මුළු ශරීරයම වණයක් සේ රිදුම් දෙනවා. පහරකෑම් නිසා තැලී ගිය තොල්පොට, දත් පහර වැදී තුවාල වූ පියයුරු, සමහරුන්ගේ ගුද මාර්ගයෙන් ලේ පවා වහනය වෙනවා. ඔවුන් හුස්ම ගන්නේ පවා වේදනාවෙන්.
කුකුළා හඬලන හිමිදිරියේ මිනිසුන් කලබලයෙන් නැගිටිනවා. ඉක්මනට කලිසන් කෙටි ඇඳගෙන ලෑස්තිවෙනවා යලි රන් හැරීමට යාමට. සහකාරියට කරුණාවෙන් යමක් පවා නොකියා ඔවුන් ලෑලි කාමර වලින් යන්නේ. සමහර විට සාක්කුවේ තිබු මුදලක් නැතිවෙලා කියල යලි ගැහැණියට පහර දෙන මිනිසුනුත් ඉන්නවා. මුහුණවත් නොසෝදා ඔවුන් යන්නේ ගංගා නිම්නය වෙත දවසේ වාසනාව උරගා බලන්න. මිනිසුන් පිටවුනු ගමන් කෙල්ලන් තමන් සන්තකයේ තියන ඇඳුම කුඩුම ඇඳගෙන ගෙවල් බලා යනවා. ඔවුන්ගේ අතේ එදා වෙලා හොයාගන්න මුදලක් තියනවා. සමහරු ඇවිදින්නේ අමාරුවෙන්. ශරීර වේදනාව නිසා ඔවුන් කරන්නේ ට්වාසා කොළ තම්බලා බී මුළු දහවලම නිදාගන්න එක. මේ අතර මිනිසුන් පොලව සමග හැපෙනවා රන් හොයන්න. හවස් වෙනකොට යලි කුඩා රන් කෑලි ස්වල්පයක් සොයාගෙන. ඒවා අරගෙන යලි එනවා ලෑලි කඩයට. රන් කෑලි විකුණා ලැබෙන මුදලින් නැවත යනවා බාර් එකට. දවල් වරුව පුරා ගිමන් හැරි කෙල්ලන් යලි ඇඳ පැළඳගෙන තොල් වල ලිප්ස්ටික් උලාගෙන ලෑස්තිවෙනවා ගැනුම්කරයෙක් සොයාගන්නට බාර් එකට යාමට. යලිත් සිදුවන්නේ පෙරදා රාත්‍රියේ සිදුවූ දේමයි. මේක චක්‍රයක් වගේ. මිනිසුන්ගේ ජිවිත ගලා යන්නේ ඒකාකාරව. ඉඳහිට ඒකාකාරී රටාව බිඳවැටෙනවා , එක්කෝ වනයේදි සර්පයෙක් කලා, මැලේරියාව හැදිලා මිනිසුන් මිය යනවා. එහෙමත් නැත්නම් ඒඩ්ස් හැදිලා. ඒඩ්ස් හැදිලා කියල දැනගන්නේ රෝගය උඩු දුවලා අන්තිම සොහොන් ලක්ෂණ ආවම. ඒවගේ වෙනසක් උනේ නැතිනම් එකම ආකාරයට මේ මිනිසුන්ගේ ජිවිත ගලාගෙන යන්නේ. ඔවුන්ගේ ආධ්‍යාත්මය අවදි වෙලා නැහැ.
(මානසික රෝගියාගේ පරිකල්පනය)
පිටෙකෙොටුෙවේ්‍ෙවෙේ නාට්ටාමිලා වෙගෙේ
ReplyDeleteනාට්ටාමිලත් එදා දවසේ ජීවත් වන අය නේද ?
Deleteඔය වගේ විවේක කාලය ගැන ලස්සනට කියල තබුන එකක් තමා සුනිල් මාධවගේ හඩනු මැන නිදහස..
ReplyDeleteඒක ලක්බිම පත්‍රයේ නේද පළ වුනේ?
Deleteඒක නං මතක නෑ.. ස්ටීව් බිකෝගේ ජීවිත කතාව “හඩනු මැන නිදහස“ කියල රතු කවරයක් තියෙන ලස්සන පොතක්.. පරිවර්තනය කාරේ සුනිල් අයියා තමා..
Deleteමේ දේ හරිම සමීපයි වෛද්‍යතුමනි. කාලයක් අප්‍රිකාවෙ ජීවත් උන නිසාම. ඔබ එය ලියා තියෙන හැටි හරිම අපූරුයි. මේ අත් දැකීම මේ හා සමානව අප්‍රිකානු රටවල බහුලයි. ඒ අයගෙ ජීවිතවල ලොකු බලාපොරොත්තු නෑ. එදිනෙදා ජීවිතය ගෙනියන්න කරන අරගල මැද්දෙ ඔවුන් ජීවත් වෙන්නෙ මේ ආකාරයට සමාන වූ ජීවන රටවක්. අප ආශ්‍රය කල බොහෝ දෙනෙක් මේ වන විට ඒඩ්ස් මාරයා විසින් ගිල ගෙන. ඒ ගැන තියෙන්නෙ හරිම කනගාටුවක්. ඔවුන් පවසන විදිහට ඒ දෙවියන්ගේ කැමැත්ත. මේ අදුරු ජීවිත එළිය කරන්න ම'පියාණන් හා මෑණියන් ගත්ත වෙහෙස අපමණයි. අපිත් පුළුවන් ලෙස ඔවුන් ට උදව් කලේ බොහොම සතුටින්. ඒ කාලය අප ජීවිත වලට ගෙනාව සතුටත් සොම්නසත් හැමදා අප මතකයේ රැදිල තියෙන්නෙ සදා අමරණීයව.
ReplyDeleteChandi අප්‍රිකාව ආශ්‍රිත නවකතා වල අමුතු අපූර්වයක් තියනවා ඔබ ලියන කතාවත් මා ආශාවෙන් කියවනවා
Deleteකියන්න වචන මතක් උනේ නැහැ. මුල් හරිය කියවද්දි මතක් උනා, ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ pale rider සහ high plain's drifter
ReplyDeletepale rider නම් බලලා තියනවා , ඒකේ කුළු ගෙඩි පහර වෘෂණ වලට ගහන අන්දම දැක්කම ඇඟ හිරිවැටී යනවා
Deleteඅනෙ අම්මොඃ... මකත් කරන්න එපා.
Deleteවණයක් මෙන් රිදුම්දෙන, සෙක්කුවක් මෙන් ගැලවීමක් නැති, ඒකාකාරී ජීවිතය....
ReplyDeleteඇත්ත රවී
Deleteමේ කතාව මානසික රෝගියාගේ පරිකල්පනයක් වුනේ කොහොමද? මේක රුවන් Ivory Coast වලදි දැකපු දෙයක් නෙවෙයිද?
ReplyDeleteමේක Dude මානසික රෝගියාගේ පරිකල්පනය පොතේ එන අතුරු කතාවක්
Deleteචරිත වශයෙන්, දේශය වශයෙන්, හමේ වර්ණය වශයෙන්, භාෂාව වශයෙන්, කනබොන දේවල් වශයෙන්, ඇඳුම් පැළඳුම් වශයෙන්, වෙනස් වුනත්, දිළිඳු රටවල තියන පොදු සමාජ ලක්ෂණ නේද මේ? එකම වෙනස, ඒ ඒ රට අනුව මෙහි ඇති කාලකන්නිකමේ තරම අඩුවැඩි වීම විතරයි. මෙය දකින මානසික රෝගියාද පිස්සා? මෙය නොදකින අපිද පිස්සෝ?
ReplyDeleteඑකම එක වචනයක් තියනවා නිවැරදි කරන්න ගුජුප්සාජනක නෙවෙයි නිවැරදි වචනය ජුගුප්සාජනක.
මෙය ඉරණම කරුමය යනාදී මොකක් කීවත් දු පපත්කම නිසා හට ගන්නා සමාජ ප්‍රශ්නයක්
Delete