Tuesday, October 6, 2015

මනමේ කුමරා සහ බොන් ජෝවි



මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට   ප්‍රින්සස් ලියා වගේ ඔව් Leia Amidala Skywalker  කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා  "නැත අන් සරණා ඔබ හැර මෙමටා-     වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගේ උවදුරු වලකා රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා " . 

මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන  ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ.ඔහු කිව්වා  This Romeo is bleeding, but you can't see his blood මුළු ගීතයම වාදනය උණා. 

රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු , මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ  නාට්යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද ?  ඩොක්ටර් සරත්චන්ද්‍ර  ඒක ඇසුවානම් අනිවාර්යෙන්ම එකග වෙනවා එම මනමේ කුමරා මැරෙන අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න....    





ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩ අඳුර.  මනමේ කුමරිය කියනවා "මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා " ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ.

(මානසික රෝගියාගේ පරිකල්පනය)

12 comments:

  1. මේක නම් මානසික රෝගියකුගේ පරිකල්පනයක් වෙන්න බැහැ. ලෝකයේ කවදත් කොතනත්, එදත් අදත් හෙටත්, තියෙන්නේ, මනමේ, රෝමියෝ ජුලියට්, උන්මාද චිත්‍රා, මැඩම් බෝවාරි, සිදුවීම් තමයි.

    ReplyDelete
  2. This Romeo is bleeding
    But you can't see his blood
    It's nothing but some feelings
    That this old dog kicked up

    It's been raining since you left me
    Now I'm drowning in the flood
    You see I've always been a fighter
    But without you I give up.. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න.... +++++++

    මනමේ සමඟ අපුරු සංකලනයක්.. :)

    ReplyDelete
    Replies
    1. මනමේ සමඟ අපුරු සංකලනයක්.+++++ මනසින් මවාගන්න

      Delete
  3. හ්ම්ම් හ්ම්ම්. හොඳ සංකලනයක්. හරියට ලුණුමිරිසුයි කේකුයි වගේ.
    Just kidding.

    ReplyDelete
  4. මම හිතුවේ කේක් සහ අයිසින් වගේ කියලා

    ReplyDelete
  5. මේක අහන්න මට විදිහක් නෑ. නමුත් මනසින් මවා ගත්තා. අපූරු සංකලනයක්, කල්‍යාණ මිත්‍රගෙ වදන් වලින්. දෙන්නාටම බොහොම ස්තූතියි!.

    ReplyDelete
  6. අවස්ථානුකූල සම්බන්ධය මැනවින් ගොඩ නගා ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනා මම ලියපු ගී ස්වර ඇති කවියක් ඒ බොහොම ඉස්සර ලියැවුනු එකක්.......

      සෝ .. සුසුම් ඔබෙ සුසුමක් වී මට ලංවේ
      ලෝ.. කයේ නෙත් කැළැඹී ලා පවුරක් වේ
      ස්....නේහ යේ තතු මා .... හද පිබි දේ
      රන් ස්වරයේ පෙම් උයනෙන්
      නෙලුමක් වී පිබිදෙන්නට

      හිරු … රජිඳුගෙ නෙත් මායිම… නොපෙනෙන්නට
      සඳු … කුමරිගෙ සිත් අසලම … නොරැඳෙන්නට
      නුඹෙ .. සෙනෙහස මට විතරක් .. ලැබ ගන්නට
      පා ..වෙන්න ද .... සුළඟක යස
      මේසෙනෙහස .. ගෙන දෝතට

      ජී..වයෙන් ඔබ බැඳුනා .. මගෙ මන මැදුරේ
      රා..ගයෙන් බැඳි .. හදවත් නැත අප අතරේ
      ගී .. හඬෙන් මා... මන මත් වේ ... ලතා
      මල් දුන්නට ... මල් කොහෙදෝ
      මල් සරසා ... නැති ඇයිදෝ

      Delete
    2. ++++++++++++++++++++++++++++++

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook