Sunday, October 25, 2015

සදාකලිකව ජීවත් වීමට අවශ්‍ය කාටද ?




මිනිහා තුළ තියෙනවා ස්වයං විනාශය සඳහා යොමුවක්. රිචඞ් බර්ටොන් ඇල්කොහොල් වලින් මේ විනාශය ළඟා කර ගත්තා. ජිමී හෙන්ඞ්රික්  ඩි‍්‍රග්ස්වලින්, ජේම්ස් ඞීන් අධික වේගයෙන් වාහන එලවීමෙන්, මර්ලින් මොන්රෝ නිදිපෙති අරං කෙලින්ම දිවිනසා ගැනීමෙන් ස්වයං විනාශයකට පත් වුණා. 

ස්වයං විනාශ වන ස්විච් එක අපි හැමෝම අභ්‍යන්තරයේ තියෙනවා. සමහරු මේක සක‍්‍රීය කර ගන්නවා. සමහරු මේ ස්විච් එක අල්ලන්නේ නැහැ.  මම එක සැරයක් මේ ස්විච් එක ඇල්ලූවා. ඉන් පස්සේ මට හිතුනා ඇයි  මම  මේ ස්විච් එක සක්‍රිය  නොකරන්නේ   කියලා. මට දැනුනා මරණය තුල තියන ශාන්ත බව. යළි කුරිරු ජිවිතයේ කොටසක් නොවී ඉන් මිදී යාමට ඇති හැකියාව. සදාකාලික නින්ද , මේ සියල්ලම මාව මරණයේ සෙවනැල්ල කරා ගෙනගියා. ජිවිත ආශාව මා කෙරෙන් තුරන් වෙලා. මට අවශ්‍ය වුයේ මරණය තුලින් මගේ විමුක්තිය සොයාගන්න. මගේ අත ගියා මරණයේ  ස්විචය වෙත , එතකොට මට ඇහුනා ෆ්‍රෙඩී   මර්කරිගේ Who Wants Live Forever  ගීතය. දහසකුත් දෙනාගේ කෝරස් නාදයත්  සමඟ. ඒ ධවනිය  මගේ කනේ දෝංකාර දෙන්න පටන් ගත්තා. මම වහාම ස්විච් එකෙන් ඈත් වුණා.

 ("මානසික රෝගියාගේ පරිකල්පනය")

4 comments:

  1. එකම එක වරක් ඔය ස්විච් එක දාන්න හිතිලා තියනවා. නමුත් අන්තිම තත්පරේ හොඳ සිහි කල්පනාව ආවා.

    ReplyDelete
  2. හරි අමුතු කතාවක්.. ෆ්‍රෙඩි ගෙ ස්විච් එක ගෑනියෙක් ඔන් කළා...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook