(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)
වික්ටර් අයිවන් මහතා හමුවීමෙන් පසු මගේ මීළඟ වෑයම වූයේ නිමල් මහරගේ හමුවීමටයි. නිමල් මහරගේ කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ මහ නඩුවේ 8 වන විත්තිකරුය. ඔහුට විජේවීර මුණ ගැසෙන්නේ 1964 අවසාන භාගයේදී. නිමල් ෂන්මුගදාසන්ගේ චීන පිලේ වැඩ කරන විට කොම්පඤ්ඤවීදියේ පක්ෂ කාර්යාලයේදී විජේවීර මුල්වරට හමුවිය. ඔහු මෙසේ කියයි.
මට මුලින්ම විජේවීර හමුඋන වෙලාවේ විෙජ්වීර විප්ලවයක අවශ්‍යතාවය මාත් එක්ක කථාකළා. විෙජ්වීරගේ වැඩපිළිවෙළ ගැන අපි පැය හත අට දිගින් දිගට සාකච්ඡා කළා. සැන්සිබාරයේ කරුමේගේ ක්‍රමයට බලය ඇල්ලීම තමයි විජේවීර ගේ ඉලක්කය උනේ. මම හා විෙජ්වීර ගුණසේකර අයියෙගේ (ඩී. ඒ. ගුණසේකර) නිවසේ බොහෝ සාකච්ඡා පැවැත්තුවා. ගුණසේකර අයියා අප හැමෝගෙම දේශපාලන ගුරුවරයා කියන්න පුළුවන්, විෙජ්වීරගේ පවා.
සමාජ අත්දැකීම් ලබාගන්න අපට අවශ්‍ය උනා. කම්කරුවන් හමුවෙන්න ඔවුන්ට අධ්‍යාපන පන්ති තියන්න. අපි වැල්ලවත්ත රෙදිමෝලේ කම්කරුවන් විදිහට වැඩ කළා. අපිට තිබ්බේ පුදුම කැපවීමක්. අපි පැය 16ක් 17ක් වැඩ කළා. මට මතකයි 1964 අපි කරපු දෙල්මෑල්ල අධ්‍යාපන පන්තිය. ඒකට 37 දෙනෙක් විතර ආවා. විෙජ්වීර පැය 15 මේ අයට කථා කළා. කට්ටිය කිසිම අවධානය කැඩීමක් නැතුව විෙජ්වීරට සවන් දුන්නා. ඔහු දක්ෂ ගුරුවරයෙක් කියන්න පුළුවන්. ඒ වගේම වෙලාවට වැඩ කළා.
කිසිම ප්‍රමාදයක් නැතුව. ඒ වගේම හොඳ සවන් දෙන්නෙක්.
මම ගුණසේකර අයියා, ප්‍රේමපාල යනාදි අය කෝට්ටේ කණ්ඩායම කියලා තමයි හැඳින්වූයේ. අපි සංවිධාන කටයුතු කළා. 1971 මුල් කාලය වනවිට ඒ කියන්නේ ජනවාරි විතර වෙනකොට විෙජ්වීරට අපි ගැන සැකයක් තිබුණා. ඒ නිසා කෝට්ටේ කණ්ඩායම යම් ලෙසකට නොතකා හරිමින් විෙජ්වීර ක්‍රියා කළා කියන්න පුළුවන්. විෙජ්වීර තුළ සැකය නිතරම බද්ධවෙලා තිබුණා. ඒක එක්තරා ආකාරයක දුර්වලතාවයක් හැටියට මම දකිනවා.
අප්‍රේල් ප්‍රහාරය ගැන අප අතර එකඟතාවක් තිබුනේ නැහැ. පහර දෙනවා කියලා මට දැනගන්න ලැබුණේ අප්‍රේල් 2 වැනිදා රෑ. ලයියාගෙන් (ලයනල් බෝපගේගෙන්) පනාගොඩ කෑම්ප් එක ඇතුළු පොලිස් ස්ථාන 14 කට පහරදීමට අපිට තිබ්ඛෙ සීමිත ආයුධ ප්‍රමාණයක් පමණයි. චීනච්චට්ටි බෝම්බ 7-8ක් හා මොලටොව් කොක්ටේල් 30 හා තුවක්කු 5 විතර.
අපි ඊට කලින් දෙල්මෑල්ල, තනමල්විල ආදි ප්‍රදේශවල කඳවුරු පවත්වා සුළු ආයුධ පුහුණුවක් සාමාජිකයින්ට දීලා තිබුණත් එය ප්‍රාමණවත් උනේ නැහැ. කෝට්ටේ කණ්ඩායම 250 විතර හිටියත් ආයුධ හා පුහුණුව නැතිව ප්‍රහාරයකට යෑම ස්වයං විනාශකාරී ක්‍රියාවක් උනා. ප්‍රහාරය සිදුවෙන කොට මම හිටියේ පොඩි කුරුඳු කැලයක. මම කෝට්ටේ කණ්ඩායම එක්ක සම්බන්ධීකරණයට උත්සාහ කළත් ප්‍රහාරය අසාර්ථක වෙච්ච නිසා කට්ටිය විසිරිලා ගිහිල්ලා.
පොලිසිය අපිව සොයන නිසා මම හොරණ දොඩම්ගොඩ නිවසක සැඟවිලා හිටියේ. මෙහෙම 1971 ජූලි මාසය වෙනකන් සැඟවිලා ඉන්න පුළුවන් උනා. මාව අහු උනේ 1971 ජූලි 17 දා. කැරැල්ල ගැන ප්රවෘත්ති බලන්න මම සිංහල පත්තර එක්ක ඉංග්‍රීසි පත්තරේත් ගෙන්නා ගත්තා. මේක ගැන පත්තර කඩේ හිටපු කෙනෙකුට සැක හිතෙන්න ඇති. ඒත් පස්සේ සීඅයිඩී එක කිව්වා ඉංග්‍රීසි පත්තරේ පස්සෙන් ඇවිල්ලා තමයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා.
මාව සීඅයිඩී එකේ හතරවන තට්ටුවට ගෙන ගියා. මාව බලන්න ඉයන් වික්‍රමනායක ආවා. මිනිහා ෙජ්ත්තුවට ඇඳලා ඇවිල්ලා වාඩි උනේ මේසේ උඩ. මේක ඉයන් නිතරම කරන දෙයක්. තමන්ගේ උස ගැන ඉයන්ට යම්කිසි හීනමානයක් තිබුණා. ඒ නිසා ඉයන් වාඩි වෙන්නේ මේසේ උඩ. මගේ කමිස මුලින් අල්ලලා බඩට එකක් ගැහුවා. ඒ කාලේ මම ස්පෝට්ස් එහෙම කරන ශක්තිමත් තරුණයෙක්. ඉයන් කෙට්ටුයි. පර~ලක් වගේ. ඉයන්ගේ පහර මට දැනුනේවත් නැහැ. මම බඩේ පේශි තද කරා. එතකොට ඉයන් පස්සට විසි උනා. මිනිහා මට ගහන එක වෙන කට්ටියකට පැවරුවා.
මගේ අත් දෙකෙන් එල්ලලා වරින්වර පහර දුන්නා. දවස පුරා පහර දුන්නා. ඒ පහරවල් මට සමහර වෙලාවට සිහිය නැති උනා. පහර දෙනවා. ඊට පස්සේ වතුර ගහනවා. මට පහර දුන්න අයගෙන් බැස්ටියන් පිල්ලේ මතකයි. එයාව පස්සේ එල්ටීටීඊ එකෙන් මැරුවා. ෂර්නි විෙජ්සූරිය මාව හම්බවෙන්න ආවා. මට ඔහු ගැහුවෙ නැහැ. ආයුධ සඟවලා තියෙන තැන් ඇහුවා. මම උත්තර දෙන්නේ නැතිකොට ඇහෙන් ඉඟියක් කරනවා. එතකොට අනික් කට්ටිය ගහනවා.
මෙහෙම දවස් කීපයක් යනකොට කැප්ටන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මගෙන් කටඋත්තර ගන්න ආවා. මගේ තුවාල දැකල කොබ්බෑකඩුව මහත්තයා මාව සීඅයිඩී 4 තට්ටුවෙන් කොම්පඤ්ඤවීදියේ හමුදා රෝහලට ගෙනාවා. එහිදී සුමානයක් මට ප්‍රතිකාර දුන්නා. මට කෑම බීම් දුන්නා. ප්රතිකාරවලින් පසුත් මාව රේස්කෝස් එකේ තිබුණ හමුදා ගොඩනැගිලි සංකීර්ණයට ගෙනාවා. මෙහි දී කොබ්බෑකඩුුව මහත්තයා මගෙන් තොරතුරු ඇහැව්වා. කොබ්බෑකඩුව මහත්තයා රගර් ගහලා හවසට එනවා මාත් එක්ක කථා කරන්න. දවසක් කිව්වා මට ආසයි ඔයගොල්ලන්ගේ මාක්ස්වාදය ගැන දේශනය අහන්න කියලා. මම ඊට එකඟතාවය පළකළා. හැබැයි මම ඒක රෙකෝඩ් කරනවා කියලා. කැප්ටන් කොබ්බෑකඩුව කිව්වා. මම ඒකට විරුද්ධ උනේ නෑ.
මෙහෙම දවස් හතරක් පහක් මම කැප්ටන් කොබ්බෑකඩුවට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශනා කළා. කොබ්බෑකඩුව මහතා මට උනන්දුවෙන් අහුම්කන් දුන්නා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මම කිව්ව සමහර කරුණු ඔව් ඇත්ත නේද කියලා ඔහු එකඟ උනා. දවසක් කොබ්බෑකඩුව මහතා තම බිරිඳත් අරගන මාව බලන්න ආවා. ඒ එනකොට කජු වගේ කෑමක් ගේනවා. කොබ්බෑකඩුව මහතා ඉතා හොඳ මනුෂ්‍යයෙක්. එතුමා දේශපාලන හිරකරුවන්ට කිසිම හිංසාවක් කළේ නැහැ. මගේ ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනයේ අන්තිම දවසේ අනුරුද්ධ රත්වත්තේ මහත්තයා ආවා.
මාව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනිච්චා. මාව රඳවලා හිටියේ එච් වාට්ටුවෙ. මාත් එක්ක විෙජ්වීර, උයන්ගොඩ, අනුර කුරුකුලසූරිය, ධනපාල යන අයත් හිටියා. බන්ධනාගාරයේ එස්පී හිටියේ ජෝඩ්න් මහත්තයා. මේ මහත්තයා ගැන යමක් කියන්න ඕනෑ. ඉතා උගත් ඒ වගේම මානුෂික විදිහට කටයුතු කරපු නිලධාරියෙක්. දේශපාලන හිරකරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්න පහසුකම් සැලසුවා. ඒකේ ප්‍රතිඵල තමයි 71 බිහිවෙච්ච උගතුන්. මහාචාර්ය උයන්ගොඩ, ආචාර්ය කීරවැල්ල වගේ අය. බීඑස්සී එක තිබුණ ලයනල් බෝපගේ හිරේදි එම්එස්සී එකත් කළා.
අපි එක්ක හිටිය එස්.ඩී. බණ්ඩාරනායක උදේට නැගිටලා බන්ධනාගාරය තුළ තිබූ පොඩි ඉඩකඩ ඇතුලේ දුවනවා. මාත් එයා එක්ක දුවන්න පටන් ගත්තා. අපට ගොටුකොළ, පළතුරු ලබාදෙන්න කියලා බන්ධනාගාර නිලධාරින් එක්ක කථා කළා. අපව ක්‍රිඩාවලට විශෙෂයෙන් ටේබල් ටෙනිස් වලට උනන්දු කළා. ඒ වගේම ඊට අවශ්‍ය කළමනා ලබාගත්තා. රිමාන්ඩ් බන්ධනාගාරේ අපි එක්ක රඳවලා හිටපු දැවමොට්ටාවේ හාමුදුරුවෝ රෑ 10ට විතර පිරිත් පටන්ගෙන පිරිත් කියනවා. අහන්න හරි මිහිරියි. අපි දවසක් වොලිබෝල් ගැහුවා. මහින්ද විෙජ්සේකර ගහපු ඩෑෂ් එකට විෙජ්වීරගේ ඇඟිල්ලක් උලූක් උනා.
1974 දී අපට විරුද්ධව නඩු විභාගය ඇරඹුවා. මගේ තීන්දුව දුන්නේ 1974 දෙසැම්බර් 20. මට අවුරුදු 15 ක සිරද`ඩුවමක් ලැබුණා. අච්චු කිරීමෙන් පස්සේ මාව රඳවලා තිබ්බේ පී වාට්ටුවේ. ඒකෙ උයන්ගොඩ, බෝපගේ, මාරසිංහ, නයනානන්ද, විෙජ්වීර, සුබසිංහ යන අය හිටියා.
1975 වෙනකොට විෙජ්වීර තුළ කළකිරීමක් දක්නට තිබුණා. විෙජ්වීර සියලූ දේශපාලන සංවාදවලින් ඉවත්වෙලා එක දිගට නිදාගත්තා. ආපහු දේශපාලන වැඩ කරන්නේ නෑ කියලා කිව්වා. ලයනල් බෝපගේ දිගින් දිගටම විෙජ්වීරට කථා කරලා විෙජ්වීරගේ හිත හැදුවා. ඊට පසු විෙජ්වීර යළිත් ක්‍රියාශීලී උනා.
මේ කාලයේ ඇවබරි සාමි අපිව බලන්න ආවා. ඔහු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් එකේ සභාපති. අපව නිදහස් කළ යුතුයි කියන මතයේ තමයි ඇවබරි සාමි හිටියේ. අපට ද~ුවම් කළේ අපි දුන්න කට උත්තරය පදනම් කරගන. මේ කට උත්තරය ගත්තේ බැටන් පොල්ලෙන්, යටිපතුල්වලට ගහලා. ඒකේ සදාචාරකමක් තිබුනේ නැහැ.
මාව නිදහස් උනේ 1977 නොවැම්බර් 12 දා. 1980 දක්වා මට විෙජ්වීර එක්ක සම්බන්ධකම් තිබුණා. ඒත් ටිකින් ටික අපි දුරස් උනා. 88 විතර වෙනකොට විෙජ්වීර මාව ඝාතනය කළ යුතුයි යන අදහසට පැමීණීම ගැන මට ඇති උනේ දුකක් හා කලකිරීමක්. මට දේශප්‍රේමී වෙඩි උණ්ඩ වලින් සැඟවිලා ඉන්න සිදුඋනා.
විෙජ්වීරගේ ජීවිතය එක්ක අංක 13 බොහොම සම්බන්ධයි. ඔහු ඉපදුනේ 1943 ජූලි 13. හිරගෙදර විෙජ්වීරගේ අංකය 13. මහ නඩුවේ 13 වන විත්තිකරු. ඔහු අත්අඩංගුවට පත් උනේ 1971 මාර්තු 13. ඔහුව අත්අඩංගුවට ගෙන මරා දැමුවේ 1989 නොවැම්බර් 13.
1971 ගැන මට පසුතැවිල්ලක් නැහැ. 71 සාමූහික වගකීමක්. මමත් ඒකේ කොටස්කාරයෙක්. අපි අතින් වැරදි සිද්ධ උනා. කැරැල්ල පරාජය වෙන්න, ඒක බලපාන්න ඇති. ඒත් අපි 88/89 වගේ අමානුෂික හිංසන නිර්මාණය කළේ නැහැ. අපි වගකීමෙන් හා ශික්ෂණයෙන් ක්‍රියා කළේ. ඒක අපිට පසු කාලයක යළි සමාජගතවෙන්න උදව් කළා. අනාගත පරපුට 71 ගැන ඉගෙන ගතහැකි පාඩම් ගොඩක් තියෙනවා. ප්රචණ්ඩත්වය ගැටළු විසඳීමේ මාවතක් නොවෙයි කියලා මට දැන් හිතෙන්නේ.
71 කැරැල්ල වගේම 89 කැරැල්ලත් විජේවීර කියන පුද්ගලයාගෙ ඔළුවෙ පහළවූ විකාරයක් බව පැහැදිලියි. ඔහුගෙ මානසික අවුල නිසා මොන විනාශයක් රටට වුනාද
ReplyDelete71 කැරැල්ලට සම්බන්ධ වුන අය විශේෂ පිරිසක්. ඔවුන් ගෙ දැනුම ප්‍රශංසනීයයි නමුත් 89 දි කැරලිගැහුවෙ නූගත් මැරයො. විනාශය උපරිම වුනේ ඒකයි
ඒ පිලිබඳව විශ්ව විද්‍යාලයක් මගින් හැදෑරිය යුතුයි.
Deleteන්‍යායාත්මකව මොනවා දැනගෙන තිබුණත්, මෙවැනි සන්නද්ධ විප්ලවයක් සඳහා කිසිදු සාර්ථක පෙර සූදානමක් නොතිබුන බව මේ විස්තරයෙන් හොඳට පැහැදිලි වෙනවා.
ReplyDeleteවිප්ලවය කියන වචනේ හැදිලා ඇත්තෙත් සමහර විට, සන්නද්ධ නොවුනත් සෑම විප්ලවයක්ම න්‍යායාත්මක මිසක් ප්‍රායෝගික නොමැති නිසා වෙන්නැති විචා...!
Deleteමම හිතා හිටියේ විචාත් 71 කාලේ කොල්ලා නිසා විජේවීරගේ පංති පහට සහභාගිවෙන්නැතිය කියල හිටං...නැද්ද හැබෑට...?
එදා ඔහේ මිස් උනා නොව...සක්...!
විචාත් 71 කාලේ කොල්ලා නිසා විජේවීරගේ පංති පහට සහභාගිවෙන්නැතිය කියල ??????? මොකද ඒ ගැන එතුමා කියන්නේ
Deleteහදවතින් එතුමා තාමත් තරුණයි
Delete@ චෙෆාකි
Deleteමම 71 කැරැල්ල ඔන්න මෙන්න කියලා මගේ පියාගෙන් හොඳ කනේ පාරක් කාලා ගෙදරට දක්කාගෙන ආවා. මම පන්ති 5 කළේ කෑගල්ලේ අඹන්පිටිය වත්තේ කැලෑබද ප්‍රදේශයකදී. මගේ පන්ති මිතුරන් 11 දෙනෙක් කැරැල්ලේ දී මියගියා. මාව හංගලා තිබුණා අවුරුදු දෙකක් විතර. විජේවීරගේ දේශන මම අහලා තියනවා. කෑගල්ලේදී ඔහු පැවැත්වූ කතාවක් අවසානයේ කාන්තාවන් තමන් පැළඳසිටි ස්වර්ණාභරණ වේදිකාවට විසිකලා ජේවීපී අරමුදලට ආධාර වශයෙන්.
මටත් හරිම දුකයි එන්න බැරිවීම ගැන. අක්කට තවම සනීප මදි.
කෑරෑල්ලක සාදාරත්වය ඵහි සාර්තමතකවීම හෝ අසාර්තක වීම කියන සාදක ය මතින් මනින්න බෑ.ඵ්හෙම මනින්න හදන්නේ පිස්සෝ.
ReplyDeleteඅරගලය විජේවීරගේ තනි උවමනාව පිට දාලා ගොඩදෙනෙක් අතහෝදගන්න හදනවා.හරියට මහින්දව අතෑරලා යන ඈමතිලා වගේ.
ගිලුන නෑවෙන් පෑනපු මීයෝ ටික කියන කතා ඵ් ආකාරයෙන්ම විශ්වාසකරන ඵක මෝඩකමක්.
ඔය කවුරුත් ගියේ විජේවීරගේ ජවිපෙට වඩා හොද ඵකක් හදනවා කියාගෙන.......ඵ් උනාට පවතින ක්‍රමයට(මහලොකු දේවල් ඔන නෑ අඩුතරමේ ප්‍රාදේශීය සබාවක ඵක නියෝජනයක් වත් ගන්න පුලුවන් දේශපාලන ව්‍යාපාරයක් වත්....) ඵරෙහිව පොඩ්ඩක්වත් දෑනෙන දෙයක් කරන්න මෙයාලට බෑරි උනා.ඵ්කම ඈති විජේවීර ගේ නිවෑරදි දෑක්ම සහ මෙයාලගේ නොහෑකියාව තේරුම්ගන්න.
71ත් 88ත් සිදුවුන ජිවිත හානි ගෑන හෑමෝම විජේවීරට චෝදනා කරනවා හරි ලේසියෙන්.
සිදු වූ දේවල් නොවුනානම් හොදයි තමයි.
ඵ්ත් විජේවීර ප්රමුඛ තරුන බලවේගය ඵ් තත්වයට පෙලබෙවුවේ පෑවති මජර සමාජ දේශපාලන අර්තික ත්ත්වය විසින් කියන ඵක අපි අමතක කරනවා.
71 ආන්ඩුව කියන්නේ රස්සාවල් දෙන්න ගෙස්ට් හවුස්වල ඉන්ටර්විව් තිබ්බ ආණ්ඩුවක්.ඵහෙව් ආණ්ඩුවෙන් 71 අරගලයෙන් පස්සේ ඉඩම් ප්‍රතිසස්කරන කොමිසම් හරහා මේ රටේ ග්‍රාමිය ජනතාව අති විශාල ප්‍රමානයකට තමුන්ගෙන්ම කියලා ඉඩම් ලෑබුනේ......ඵ්වා දනපති පාලකයෝ ආදරේට දුන්නේ නෑ.තරුනයන්ගේ අරගලය සාදාරණයි කියලා පාලකයන් තේරුම්ගත් නිසයි ඔය පල්ටෝක් දෙන ගොඩදෙනෙක්ට තමුන්ගේ කියලා බිම් අගලක් ලෑබුනේ............
71 ආන්ඩුව කියන්නේ රස්සාවල් දෙන්න ගෙස්ට් හවුස්වල ඉන්ටර්විව් තිබ්බ ආණ්ඩුවක්. } සහතික ඇත්ත
Deleteඅද දවස මෙන් 71 දීත් 89දීත් විශ්ව මාධ්‍යය ප්‍රචලිතව තිබුනා නම්, අඩුම ගනනේ ඩයල් අප් කනෙක්ෂන් එකකින් යන්න ඉන්ටර්නෙට් පහසු කම්, විදේස ප්රවෘත්ති ඇසීමට අවස්ථාවන් තිබුනේ නම්, විජේවීර වැන්නවුන්ගේ කථිකත්වය නිසා විසුරූ අදහස් බුද්ධියෙන් විමසා බැලීමට ඒ තරුණයින්ට තිබුනා.
Deleteඑදාටත් වඩා මජර සමාජ සහ දේශපාලන ක්රමයක නොවේද අප පසුගිය දශක දෙක ගෙව්වේ..? ඒත් එවැනි තුච්ච නැගිටීම් අප දුටුවාද?
අනෙක පාලකයන් දනපති වන්නේ අප ඔවුන් පත් කලාට පසුව නේද? ධනපති පාලකයින් යන්න අදට ගැලපෙන්නේ නැහැ නේද එහෙම් හිතුවාම, ඒක පල් වෙච්ච වචනයක් නෙමෙයි...71 ට ඇත්ත ඒත් 89ට නැහැ...!
@ chef-architect
Deleteසමාජ ක්‍රමය සෑහෙන්න මජරයි තමයි.
ඵ්ත් ජනතාව සවිඥානිකද?
අද තරුනයො 71/88 යුගයට වෑඩිය චින්තනමය අතින් ගොඩක් පසුගාමී.පොතක් පතක් කියවනවද?උසස් නාට්‍යක් බලනවද?
ඵ්දාවේලට කීයක් හරි හොයාගෙන අජිත් මුතුකුමාරනගෙ සින්දුවක් අහගෙන සුජීව ප්රසන්නාඅරච්චිගෙ නවකතාවක් කියවගෙන FBඵකෙන් මලක් කඩාගෙන ඉන්නවා මිසක්.
අනිත් අතට අද පරම්පරාව ගොඩක් අසරනයි.මර්දනය ප්‍රබලයි.71/88 අසාදාරනය ඵරෙහිව නෑගිටපු තරුනයන්ට කල දේ කනට ඈහෙනකන් තමුන්ගෙ ගෑනිව උස්සන්ගියත් කටක් අරිනවද?අද කාලෙ ඉන්නේ සුදුපාට වෑන් ඵකක් නිකන් පාරේ ගියත් සුලුදිය පහවෙන උන්.අපිට මොකද අපේ වෑඩක් බලාගෙන අපි ඉන්නවා කියන මතයේ ඉදගෙන මේ කුනු වලේම කුනුවෙවී ඉන්න වෙලා තියෙනවා ජනතාවට.
ඵ් වගේම වගේම කොන්ද පනතිබුනු පරම්පරාව 88න් ඉවර උනා.......දෑන් ඉන්නේ ටකරමට, කක්කුස්සි පෝච්චියට, පොල් රෑවුලට, කවදාවත් නොඵන වොක්ස්වෑගන් කොම්පෑනියට, කතිරේ ගහන මෝඩ අසරණයෝ ටිකක්.
ඵක අතකින් මෝඩකම අනිත් අතින් වහල් කම තවත් පෑත්තකින් අසරනකම ඵ්ත් ඵක්කම මර්දනය.........ඉතින් අයිබෝ මේ කරමය මීට වඩා දහගුනයක් මජර උනත් කටක් අරිනව බොරු.
ඵ්ක 71/88 පරම්පරාවේ වෑරද්ද නෙවෙයි අපේ පරම්පරාවේ අසරනකම.
උන් බල්ලෝ වගේ ජීවත්නොවී සිහයො වගේ මෑරිලා ගියා........අපේ පරම්පරාව බල්ලෝ වගේ ජීවත්වෙනවා.........වරද ඵ් පරම්පරාවෙද? මේ පරම්පරාවෙද?
@ chef-architect
Delete// අනෙක පාලකයන් දනපති වන්නේ අප ඔවුන් පත් කලාට පසුව නේද? ධනපති පාලකයින් යන්න අදට ගැලපෙන්නේ නැහැ නේද එහෙම් හිතුවාම //
ධනපති පාලකයන් කියන ඵක හෑමදාටම ගෑලපෙනවා.
ජනතාව හෑමදාමත් තමුන්ට නෑති වාහනවල යන, තමුන්ට නෑති කෑම කන, තමුන්ට නෑති මන්දිර වල, ඉන්න කහපාට චීස් බෝල වලට චන්දෙ දෙන්න ආසයි.
ඵ් වගේම ගමේ තමුන්ට වෑඩිය ඉහලින් ඉන්න ගමේ චන්ඩියා, කසිප්පු මුදලාලි, මස්කඩේ අයියා.......... මේ වගේ ප්‍රාදේශීය බුලට් වලට චන්දෙ දෙන්න ආසයි.
ඵ් වගේම ගමේ ලොකුම පචයාට හොද තෑනක් තියනවා.
ඵහෙම දීල ඵතුමා පස්සෙන් යන්න, ඵතුමට කියලා පිටට තට්ටුවක් දාගන්න, බබාව වඩාගන්න දෙන්න, ඵතුමා වෙනුවෙන් කොඩිවෑල් අදින්න, පෝස්ටර් ගහන්න, හිටපුගමන් ඵතුමාගෙන්ම ගුටි කන්න ආසයි.
ඵ්ක තමා පීඩිත ජනතාව තමන්ගේ හීනමානය සoතෘප්ත කරගන්න විදිය.
ඵක ජනතාවගේ ෆෑන්ටසිය වෙලා තියෙන්නේ දෑන්.
මාද්‍ය උනත් ඵ්ක ඵ් තෑනට ගේනවා.
කොහොමත් ධනපති පාලකයෝ යෙහෙන් වෑජබෙනවා....පෑරදුනත් ලිස්ට් ඵකෙන් ඵනවා.
ඵ් පoතියෙ අය ඵ් පoතියෙ අයට ආදරෙයි.වෑටෙන්න දෙන්නෙ නෑ,තමුන්ගේ පoතියේ පෑවත්ම වෙනුවෙන් අපි වගෙ මෝඩයන්ට පේන්න සතියක් දෙකක් රිමාන්ඩ් කලාට(ඉස්පිරිතාලේ හොදේ )ඊට ඵහා කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ.
ඊට අමතරව ජනතාව තමුන්ගෙ පන්තියේ හොදම කපටි ටික, හොදම චන්ඩි ටික, දිනවලා අරිනවා.ඵ්යාලගෙන් තමා ධනපති පoතියට අලුත් ලේ ඵකතුවෙන්නේ.ඵයාලා පoතියට ඵකතු වෙනවා.පoතිය සoවර්දනය වෙනවා.වඩා ශක්තිමත් වෙනවා.
(ධනපති පන්තිය අහසින් ආ ඵකක් නොවේ.අප වෑනිම මිනිසුන් ලෙස ඉපිද අනිත් මිනිසුන්ව සූරාකෑම තෝරාගත් , වඩාත් හොදින් සූරාගෙන කන්නට සමත්කම් දක්වන පිරිසගෙන් ධනපති පන්තිය බිහිවී ඈත )
ඊට පස්සේ අපි ගුටිකනවා.
සදහන් කළ යුතුම දෙයක් තියනවා. නොමිනිසුන් මැද මිනිසුන් දෙදෙනෙක් ගැන මෙහි කියා තිබෙනවා. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ඇවබරි සාමි. කොබ්බෑකඩුව මහතාගේ යහපත් කම මීට පෙරත් මා 71 කැරලිකරුවන්ගෙන් අසා තිබෙනවා.
ReplyDelete89 දි කොබ්බෑකඩුව මහතා දකුනේ සංහාරයට සම්බන්ධවුනේ නෑ. උතුරේ යුද්ධයේදීත් ඔහුට කිසිදා මානව හිමිකම් කඩවීම් ගන චෝදනා නැහැ.
අත් අඩංගුවට පත් සතුරාට ඔහු ඉතා ශිෂ්ට ලෙස සැළකුවා. ජාත්‍යාන්තර යුධනීතිය අනුවත් අත් අඩංගුවට ගත් පසු වධදෙන්න මරන්න බෑ. නමුත් 89 දි මුළු මර්ධන ක්‍රියාවලියම අත් අඩංගුවට ගෙන වධදී මැරීමයි.
ඇවබරි සාමිත් මහා ශ්‍රේෂ්ටයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙක්. එතුමා 89 දි අතුරුදහන්වීම් ගැන නැගූ හඩ නිසා මට එතුමා ගැන ලොකු ගෞරවයක් ඇතිවුනා.
මේ උතුම් මිනිසුන් දෙදෙනාම අද අප අතර නෑ.
agree
Deleteඋඩ ඇනෝගෙ කතාවට හිනා යන එක නම් වළක්වන්න අමාරුයි. අද තරුනයො නෙමේ එදා තරුනයොයි අසරණ. එදා තරුනයා මාක්ස්ගෙ රැවුලෙන් තොර ලෝකයක් දැක්කෙ නෑ. විජේවීර වගෙ අයට වශී වුනේ ඒකයි. අද ඒ වගෙ මෝඩයො නෑ. අද කොල්ලන්ගෙ ටාගට් තමා සොෆ්ට්වෙයා ගැන ඉගෙන ගන්න.පරිගනක ලෝකයෙ ජයකෙහෙලි නංවන්න. හොඳ කාර් එකක් ගන්න . ඔය වගෙ ඒව.
ReplyDeleteමේ සමාජය මජරනම් ඊටත් හපන් මජර සමාජය්ක් වෙනුවෙන් නේද 71 /89 රැවටුන තරුනයො පෙල ගැසුනෙ. බහු පක්ශ ප්රජාතන්ත්රවාදය නැති අන්තනෝමතික ආන්ඩුවක් වෙනුවෙන් නේද ඔවුන් මළේ. ඔවුන් පැතූ ඊනියා සාධාරන සමජය ලිංමැඩියන්ගෙන් ගහන බූමිතෙල් සලාක ගන්න අල බතාල කන ඒ ගමන් ඉන්දියාව බංග වේවා ඇමරිකාව බංගවේව විජේවීර දිනේවා කියන සමාජයක්.
ඒ අසරනයන් නොදුටු ලොවක් අද තරුනය දකිනව. ඔවුන් විජේවීර වගෙ කෙනෙකුගෙ කතා අහල වශී වෙලා ලී තුවක්කු අරන කෑම්ප් වලට ගහන්න යන මරිමෝඩයො නෙමෙයි
@ මධ්‍යස්ථ මතධාරියා
Delete//උඩ ඇනෝගෙ කතාවට හිනා යන එක නම් වළක්වන්න අමාරුයි. අද තරුනයො නෙමේ එදා තරුනයොයි අසරණ. එදා තරුනයා මාක්ස්ගෙ රැවුලෙන් තොර ලෝකයක් දැක්කෙ නෑ. විජේවීර වගෙ අයට වශී වුනේ ඒකයි. අද ඒ වගෙ මෝඩයො නෑ. අද කොල්ලන්ගෙ ටාගට් තමා සොෆ්ට්වෙයා ගැන ඉගෙන ගන්න.පරිගනක ලෝකයෙ ජයකෙහෙලි නංවන්න. හොඳ කාර් එකක් ගන්න . ඔය වගෙ ඒව.//
අනේ මචන් උබේ කතාව අහපුහාම යුඈන්පී ඵකේ චන්ද ඈඩ් ඵක මතක්වෙනවා............
මොලේ කලදක් හරි තියන ඵකෙක් නම් ඔය ඈඩ් ඵකෙන්ම තේරුම්ගන්න ඔන නේද අපේ රටේ තරුන පරපුරේ මෝඩ අසරණ කම පාලකයො කොච්චර හොදට තේරුම් අරන් ඉන්නවද සහ ඵ්ක උන්ගේ වාසියට කොයිතරම් හොදට පාවිච්චි කරනවද කියන ඵක.
ලෝකේ හෑමදාමත් තරුනපරපුරට සිහින තිබ්බා.
ඵ්ක අද කාලේ වෙනකොට කාර්ඵකක් දක්වා දියුණු වෙලා.........
ඵ් යුගය වෙනකොට තමුන්ගෙම කියලා ඉඩමක් , අදේට කඹුරන කුඹුර වෙනුවට තමුන්ගෙම කුඹුරු කෑල්ලක් පා පෑදියක් යතුරුපෑදියක්........
පාලක පන්තිය ඵ් සිහින වලට පයින්ගහනකොට, කුලය පාක්ශය බලලා රස්සාවල් දෙනකොට,ඉගනගන්න දුප්පත් පවුල්වල උන්ට අකුල්හෙලනකොට අක්කලා නoගිලාට රස්සාගන්න ඔනනම් ගෙස්ට් හවුස්වලට ඵන්න කියනකොට....කොටින්ම තමුන්ට මිනිසුන් විදියට ජීවත්වෙන්න කිසිම ඉඩක් නෑ කියලා තේරුම්ගන්නකොට කොන්ද පනතියන කොයි තරුණයත් කෑරලි ගහනවා මහත්තයෝ...........(නපුන්සකබාවය තෝරාගත්ත උන් හෑර හොදේ...)
තරුණයන්ගේ සිහින යුගයට සාපේක්ශයි.
අදකාලේ උන්ට කාර් ගන්න හීන තියනවා ඵ් කාලේ උන්ට බලාපොරොත්තු තිබුනේ නෑ...කෑරලි ගෑහෑව්වේ ජොලියට වගේ ගොන් කතා ඔබතුමා කියන්නේ ඔබතුමාට සමාජය ගෑන කිසි අවබෝදයක් නෑති නිසයි.
කීබෝඩ් ලෝකයෙන් ඵලියට ඈවිත් ප්‍රායෝගික ලෝකය දිහා බලන්න....ඉතිහාසය කියවන්න ඵ් යුගයේ සාහිත්‍ය හදාරන්න..ඔයාට ඵතකොට තේරේවි.......
@ මධ්‍යස්ථ මතධාරියා
Delete//මේ සමාජය මජරනම් ඊටත් හපන් මජර සමාජය්ක් වෙනුවෙන් නේද 71 /89 රැවටුන තරුනයො පෙල ගැසුනෙ. බහු පක්ශ ප්රජාතන්ත්රවාදය නැති අන්තනෝමතික ආන්ඩුවක් වෙනුවෙන් නේද ඔවුන් මළේ. ඔවුන් පැතූ ඊනියා සාධාරන සමජය ලිංමැඩියන්ගෙන් ගහන බූමිතෙල් සලාක ගන්න අල බතාල කන ඒ ගමන් ඉන්දියාව බංග වේවා ඇමරිකාව බංගවේව විජේවීර දිනේවා කියන සමාජයක්. //
ඈමරිකාව බoග වෙන්න ඔනද නෑද්ද කියනඵක ඔයාම හිතල තේරුම්ගන්න.
මගේ අදහසනම් ඈමරිකාව බoග උනොත් මේ ලෝකෙ තියන ප්‍රශ්නවලින් 90%ක් අඩුවෙනවා කියනඵකයි.
බහු පක්ශ ප්රජාතන්ත්රවාදයට නම් හිනා යනවා.....කටින් නම් නෙවෙයි......
ලoකාවේ බහු පක්ශ ප්රජාතන්ත්රවාදයක් තියනවද බන්?
ඵහෙම ඵකක් තියනවනම් කොහොමදබන් හෑම ආණ්ඩුවෙම ඵකම සෙට්ඵක ඉන්නේ??????????
ලෝකෙ කොයි රටකවත් බහු පක්ශ ලබ්බක් නෑ බන් තියෙනේ පාලක පන්තියට දෙපෑත්තට බෙදාගෙන මාරුවෙන් මාරුවට කරගෙනයන උන්ගේ පoතියේ පාලනයක්.(ඈමරිකාවේ ඔකට කියන්නේ බර්කන්බර්ග් සමාජය කියලා )
උබට තව ඔනනම් විස්තර දෙන්න පුලුවන් මචන්.....
@ මධ්‍යස්ථ මතධාරියා
Deleteඵ්කනේ මචන් ඉස්සර අල බතල කනගමන් බොරුවටනේ ඈමරිකාවට බෑනලා තියෙන්නේ.
දෑන් අපි චීස් බටර් හෑම් බේකන් නේ කන්නේ.
ආනයන ගොඩයි
අපනයන ටිකයි
ඩොලරය 145යි
රටේ බාගයක ආදයම දවසට ඩොලර් 2ට අඩුයි
ජාතික ආදායමෙන් 38%ක් යන්නේ ජනගහනයෙන් 2%කට
ලමයින්ට කන්න දෙන්න නෑතුව අම්මල ලමයින්ව ගගේ දානවා
පුන්ච් ළදෑරියෙකුට ආච්චි අම්ම කෙනෙකුට ඉන්න දෙන්නෙ නෑ.............
මේ වග්ව පට්ට ප්රජාතන්ත්රවාදී හෑම් බේකන් කන සමාජයකට විරුද්දව කෑරලිගහපු අල බතල කන මෝඩයන්ම උල තියන්න ඔනා....නේද බන්???
මේ සමාජය මේ තත්වයට පත්වෙනවා කියලා උන් කලින් දෑකපු නිසා නෙවෙයි මාක්ස් ගේ රෑවුලට ආස වෙලයි උන් කෑරලි ගෑහෑව්වේ උන්ව මරන්නමයි ඔන.
ඔකුන්ව මරාගත්තේ නෑත්නම් අපිට මේ වගේ පට්ට ආතල් සමාජයක ඉන්න හම්බුවෙන්නේ නෑනේ අනේ අම්මපා ජේ ආර් සිරිමා ප්‍රේමදාස බුදුවේවා !
@ මධ්‍යස්ථ මතධාරියා
Delete// ඒ අසරනයන් නොදුටු ලොවක් අද තරුනය දකිනව. ඔවුන් විජේවීර වගෙ කෙනෙකුගෙ කතා අහල වශී වෙලා ලී තුවක්කු අරන කෑම්ප් වලට ගහන්න යන මරිමෝඩයො නෙමෙයි //
අනේද කියන්නේ............. උන් නොදෑකපු පට්ට ලොවක් අපි දකිනවා.
ස්ත්‍රී දූශකයන්ට ඈමතිකන් දෙන ,
අවුරුදු 4යේ ලෑදෑරියෝ අවුරුදු 80වේ ආච්චිඅම්මලා දූශනය වෙන ,
ස්ත්‍රී දූශන 100ක් කරලා මන්ත්රීතුමාලා පාටි දාන ,
ෛච ශිශ්යයෝ ඉගනගන්න සල්ලි නෑතුව බෑoකු මකොල්ලකන හරිම ලස්සන ලොවක් දකිනවා.
මහින්ද මහත්තයා තව අවුරුදු 5ක් හිටියනම් බලාගන්න තිබුනා...MY3ලා ඵ්වා දෑක්ක නිසයි ඵතනින් ඵලියට ආවේ.ඵ් නිසයි නීතිපති තුමා පොලිස්පති තුමා කුමන්ත්රන වලට හවුල් නොවුනේ.
ඵහෙම උනානම් විජේවීර හිටියත් නෑතත් මේ ක්‍රමය තියනකන් කෑරලි කියන ඵ්වා ඈතිවෙනවා කියන ඵක කවුරුත් තේරුම් ගනී.
හෑබෑයි ඵ්වා ටියුනීසියානු ලිබියානු පන්නයේ අන්ධබූත කෑරලි පමනක්ම වෙයි.
කොහොම උනත් රනිල් ආවා අපායේ ඉන්ටවල් ඵක තව ටිකක් දික් උනා...........
තාරුන්‍ය ඇන්දෙනවා අන්දවනවා
ReplyDelete