මාටින් වික්‍රමසිංහයන් ගම්පෙරළිය ලියන්නේ 1944 වසරේදීය. එම කෘතියේ පවුල් දෙකක විස්තර සඳහන් වේ. නන්දා කොග්ගල ගමෙහි ඉතා පැරැණි පරපුරක් ඇති පවුලක තරුණියකි. පියල් පසුව තරමක් වත්පොහොසත් කමක් ඇතිකොට ගත් ධනපතියකුගේ පුතෙකි. ඉංග්‍රීසි උගතකු වූ පියල් නන්දාට ද ඇගේ සොහොයුරියට ද ඉංග්‍රීසි ඉගැන්වීමට ඔවුන්ගේ ගෙදරට ආවේය. නන්දා කෙරෙහි ආලය කරන්නා වූ පියල් නන්දාට විවාහ යෝජනාව කළේය. තමන්ගේ දෙමවුපියන් විවාහය අනුමත කරතොත් තමා ඔහු හා විවාහ වීමට කැමැති බව නන්දාගේ පිළිතුර විය. “උන්ට කවුද හිර දෙන්නෙ” යනු විවාහ යෝජනාව ගැන ඇසූ නන්දාගේ මවගේ හෙවත් මාතර හාමිනේගේ මුවින් නිතැතින් නිකුත් වූ පිළිතුර විය ( ගම්පෙරළිය විචාරය ජී. බී. සේනානායක )
පියල් දුන් හසුන්පත නන්දා අල්මාරියට විසි කළාය. නන්දා ගෙන් බහක් නොලැබූ නිසා පියල් කොළඹ රැකියාවකට යයි. පියල් කොග්ගල උපන් මුහන්දිරම් හා සම කුල ඇති ඉංගී්‍රසි උගත් තරුණයෙකි. ඔහු ගම හැර යන්නේ නන්දා හා බැඳුණු ප්‍රේමය කඩ වීමෙනි. ඔහුගේ ඒ ක්‍රියාව පියල් මව ද අනුමත කරන්නේ මුහන්දිරම් පළි ගන්නා සුළු කෲර පුද්ගලයකු බැවින් තම පුතු ද ගමෙහි විසීම විනාශයට හේතු විය හැකි යෑයි කල්පනා කළ බැවිනි (ගම් පෙරළිය ගම් පෙරැළියක්‌ද ? වීරසේන අල්ගෙවත්ත).
පියල් ගමෙන් පිටවී යාමෙන් පසු නන්දා අසනීප වේ. පියල් විසින් නන්දාට අඳුනක් කවන ලද බවට කයිසාරුවත්තේ මුහන්දිරම් සහ ඔහුගේ බිරිඳ මාතර හාමිනේ විශ්වාස කරති. පියල් ගමෙන් ගිය පසු නන්දාට හටගත් සත්‍ය රෝගය කුමක්ද ?
දෙමාපියන් ගේ කුළ මානය නිසා නන්දා පියල්ට අකමැත්ත පෙන්නුවත් පියල් ගමෙන් ගිය පසු ඇය වියෝග කාංසාවකට ( separation anxiety) ලක්වේ. මෙම තත්වය එක්තරා ආකාරයක සමායෝගී ආබාධයකි (Adjustment Disorder). කාංසාව හා ක්ලමථ තත්වයන් නිසා සමායෝගී ආබාධයකට ලක් වන නන්දාට ප්‍රතිකාර කිරීම සඳහා කයිසාරුවත්තේ මුහන්දිරම් විශාල මුදලක් වියදම් කොට තොවිලයක් කරයි. මෙයින් ඔහුගේ ආර්ථික අසීරුකම් තව තවත් වැඩිවේ.
සමායෝගී ආබාධය පිළිබඳ විස්තර මෙසේය.
An adjustment disorder (AD) (sometimes called exogenous, reactive, or situational depression) occurs when an individual is unable to adjust to or cope with a particular stress or a major life event. Since people with this disorder normally have symptoms that depressed people do, such as general loss of interest, feelings of hopelessness and crying, this disorder is sometimes known as situational depression. Unlike major depression the disorder is caused by an outside stressor and generally resolves once the individual is able to adapt to the situation. One hypothesis for adjustment disorder is that it may represent a sub-threshold clinical syndrome.
ඉතා වටිනවා මේ විස්තරය. මේ තත්වයට පත්වන අය අද එදාටත් වැඩියි කියා හිතනවා. මේ ගැන කොතරම් දුරට හොයාබැලීමක් කෙරෙනවාද දන්නේ නැහැ. විශේෂයෙන් අද ඉන්න 'නන්දාලා' ගේ දෙමව්පියන් එදා 19 වැනි ශතවර්ෂයේ හිටිය මුහන්දිරම්ට වඩා අත්දැකීම් බහුල අය වියයුතුයි. නමුත් අවාසනාවකට මෙන් එදා නොදැනුවත්කම නිසා මුහන්දිරම් මේ තත්වය තේරුම් ගත්තේ නැහැ. අද ඉන්න මුහන්දිරම්ලාට තේරුම් ගන්න ඕනෑ කමක්, වෙලාවක් නැහැ.
ReplyDeleteමම ලංකාවේ හිටපු කාලයේ උගත් ඉහල මධ්‍යම පාන්තිකයෙකුට වැළඳී තිබූ මනෝ කායික රෝගී තත්වයක් -කායික රූපී ආබාධයක් ( Somatoform Disorder ) ඩයග්නෝස් කරා. මෙම පුද්ගලයා මම දුන් වෛද්‍ය උපදෙස් නොසලකා බලි තොවිල්, නැකැත් යකදුරු ආදීන් ගේ පසුපස ගොස් රුපියල් මිලියනයක පමණ මුදලක් නිරපරාදේ වියදම් කර ගත්තා
Deleteජිනදාසට කුමක් සිදුවූයේදැයි ආණ්ඩුවේ පොලීසියට සොයාගත නොහැකි වුවද පියල් තම පුද්ගල ධනය යොදා දියත්කල පරීක්ෂණ මඟින් සාර්ථකව එම තොරතුරු සොයාගන්නා ලදී. මෙයින් මාටින් වික්‍රමසිංහ මහතාඉදිරිපත් කරන්නේ ආන්ඩුවල අකාර්යක්‍ෂමභාවය සහ ඒකීය පුද්ගලයාගේ සාර්ථකත්වය හරහා තම ලිබටේරියානු දැක්මයි .
ReplyDeleteපියල් නිතරම ජිනදාස ගැන හෙව්වා ඔහු දැන සිටියා ජිනදාස බිබිල ප්‍රදේශයේ තවත් කසාදයක් කරගෙන සිටි වග
Deleteඅතුරුදහන් වූ අය ගැන පොලීසියෙන් ඇසීම හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීම වැනිය!
Deleteඇසිය යුත්තේ කොටදෙනියාව පොලිසියෙන්
Deleteපියල් සහ නන්දා සමකුල වුවත් නන්දාව දෙන්නට අකමැතිවන්නේ පියල් අඩු සමාජ තත්වයක් අයෙකු හෙවත් පහළ පැලැන්තියේ අයෙක් වීමයි.සමාජ තත්වය බොහෝ විට කුලයටත් වඩා දරුණුවේ.
ReplyDeleteනන්දා ට හැදුනු අසනීපය ගැන විග්‍රහයක් දැක්කමයි.
හැලපේ මෙතන පෙලපත් ස්ක්‍රීනිං එකක් කරනවා කයිසාරුවත්තේ මුහන්දිරම්. ජිනදාස ගේ පරම්පරාව උසස් නමුත් ඉන්කම් වත්කම් නෑ.
Deleteමානසික ප්‍රශ්න වලට මනෝවිද්‍යාත්මක විසදුම් සොයන මට්ටමට සමාජය පරිනත විය යුතුයි. තොවිල් පවිල් කට්ටඩිකම් නොකර සුදුසුකම් ලත් උපදේශකයන් හා වෛද්‍යවරු හමුවිය යුතුයි.
ReplyDeleteකයිසාරුවත්තේ මුහන්දිරම් ආර්ථික වශයෙන් ඇද වැටුනේ කරෝලිස් ගේ කඩ කෙරුවාව සහ නන්දාට කරපු තොවිල් පවිල් කට්ටඩිකම් නිසා
Deleteමට නම් ඔය මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය කලියුගය යුගාන්තය දිරවන්නෙ නෑ... රෝහිණී , මඩොල් දූව , අපේ ගම නම් ආසාවෙන් කියෙව්වෙ... බැද්දේගම වගේ පොත් කියවනකොටත් මහා කාලකන්ණි මූසල ගතියක් හිතට එන්නෙ. මගෙ රසවින්දනයේ ගැටළුවක් වෙන්න ඇති. මහා කෘති විදියට තුන්වෙනි ලෝකයේ රටවල හිට් වෙන්නෙ දරිද්‍රතාවය, සමාජ අසාධාරණත්වය උලුප්පල පෙන්නන නිර්මාණ විතරක්ද?... සත්‍යජිත් රායි ඉන්දියාවේ දුප්පත්කම මාකට් කරලා මහා සිනමා කරුවෙක් වෙන්නෙත් මේ විදියටද? ලෙස්ටර්ගේ විශිෂ්ට නිර්මාණ විදියට ලොකුවට පෙන්නන්නෙත් කාලකන්ණි හැගීම් ඔලුවට දාන නිර්මාණ වලටම නේද? මේකත් අමුතුම ආකාරයේ මනෝ භාවයක්ද? නැත්තං මගෙ අවුලක්ද?
ReplyDeleteIt is a big problem of yours, not if those great writers. Don't think you are a great critic just because you have an internet connection and you know how to type on a blog.
Deleteසජ් ඔබගේ කතාවේ සත්‍යක් තිබෙනවා , දරිද්‍රතාව, බඩගින්න , ඇති නැති පරතරය තමයි බොහො විට වස්තු බීජ වෙන්නේ.
Deleteano, admit that...
Deleteමානසික ප්‍රශ්නයක් වන බින්නඋන්මාදය ගැන කතා කලා ගරිල්ලා මාකටින්ග් චිත්තර පටියේ
ReplyDeleteඔව්
Deleteකලින් නොදැක්ක පැත්තක් අපූරුයි. ඇත්තටම වික්‍රමසිංහ මහත්තය මේ ගැන දැනගෙන ලිව්වද නැත්තං අහම්බයක්ද?
ReplyDeleteඒක තමයි මම ප්‍රශ්න කලේ මේ මානසික තත්වය ගැන ඔහුට අවබෝධයක් තිබී තියනවා
Delete/* පියල් කොළඹ යාම නිසා නන්දාට හටගත් රෝගය කුමක් ද ? */
ReplyDeleteඅපි ඉස්සර කියපු "පොර සෝකේ" කියන ලෙඩේද?
ඒක වෙන එකක්
Deleteමාර්ටින් වික්‍රමසිංහගේ හඳ සාක්කි කීම කෙටිකතාවෙත් මනෝ විද්‍යාත්මක පදනමක් තියනවා නේද?
ReplyDeleteWickramasinghe portraits Nanda as a cultural phenomenon .He doesn't give any prominence to the fact that Kaisaruwatte had become bankruptcy because he spent money to perform Bali ceremony to treat Nanda.There were other social factors given prominence by auther as causative for Kaisaruwatte family to becobec financially down.It was common practice among villagers to restore to yaga and bali to cure mentally ill patients .This incidents described in the novel with neutral view, as a cultural event.It also notenoteworthat wickramasinghe did not go to depth of his characters' psyche as his main mission in the novel was entirely diffdiffer.But reading Viragaya we do come upon his being mastering psycho analysis of his characters .But in Gamperaliya his intention was different .
ReplyDelete