Friday, October 9, 2015

පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය




පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම  වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෘතියක්.
 මෙම ග්‍රන්ථය ලෝකය පුරාම මිලදීගැනීමේ පහසුව සලසා ඇත. පහත දැක්වෙන සබඳතාවයෙන් පිවිසෙන්න.
http://www.amazon.ca/Shell-Palali-Syndrome-Lankan-Experience-ebook/dp/B00MOE1IBA
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත “Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience”  ග්‍රන්ථය පශ්චාත් යුද මානසිකත්ව සංකූලතා පිළිබඳව කදීම පිවිසීමක් පමණක් නොව වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදකාරී තත්වය පිලිබඳ මනා විග්‍රහයක් කෙරෙන කෘතියක්ද වෙයි. දශක තුනකට වැඩි  කාලයක් තිස්සේ ඇදීගිය ජනවාර්ගික අර්බුදයත්, දිවයිනේ දකුණු පළාත්වල පැණ නැගුනු අන්තවාදී වාමාංශික කැරලිකරුවන් උරුම කරදුන් අර්බුද දෙකකටත්, ඉන් අනතුරුව 2004 වර්ෂයේදී ඇතිවූ මහා ආසියානු සුනාමි ව්‍යසනයටත් මුහුණ දුන් ශ්‍රී ලංකාව අද ඒ සියල්ලෙන් ලද ආඝාතමය තත්වයෙන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටී. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණ සංකල්පයේ ආරම්භය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පාඨකයා තුළ මවන මේ ග්‍රන්ථය, ඒ පිලිබඳ හේතුභූතවූ ඓතිහාසික සිද්ධි සමුදාය මෙන්ම එකී තත්වය කළමනාකරණය කිරීම සඳහා යොදවාගන්නා ක්‍රමවේදයන් සහ සාක්‍ෂි පදනම් කරගනිමින් පවත්වාගෙන යන ප්‍රතිකර්ම විකල්පයන් පිළිබඳවද කරුණු පැහැදිළි කරයි.
තම කෘතියේ අන්තර්ගතය පිළිබඳව සවිඥ්ඥානිකව තීරණයන්ට එළඹෙන කතුවරයා 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජන වාර්ගික අර්බුදය නිමාවට පත්වුවද එහි විඳවීම් තවමත් අවසන් නැතිබව පෙන්වා දෙයි. ඊලාම් යුද්ධය පිළිබඳව තවමත් ශ්‍රී ලාංකික සමාජය තුළ දෝංකාර දෙන සිදුවීම් වලින් මේ බව සනාථ වෙයි. පසුගිය වසර කීපය තුළ, මිනීමැරුම්, සියදිවි නසාගැනීම්, ස්ත්‍රී දූෂණ, සහ බාලාපචාර ක්‍රියා බෙහෙවින් වර්ධනයවී තිබේ. ඊලාම් යුද්ධයෙන් පසුව, ශ්‍රී ලාංකීය සමාජය තුළ, තනිවීම, අවිශ්වාසය, අවතැන්වූ හෝ අසරණ, අවිනිශ්චිත, බවට පත් සංස්කෘතික කණ්ඩායම් පවතින බවට සංජානනීය සාධක පිළිබිඹු වෙයි. 
Uri Bergmann, Ph.D. Past-President – EMDR International Association

Shell Shock to Palali Syndrome ග්‍රන්ථය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඉවාන් උල්රිච්   M.D., Ph.D., Neuropsychiatrist, group analyst, Medical School, University of Split, Croatia. ප්‍රකාශ කරන්නේ, මෙම ග්‍රන්ථය තමන්ගේ මහත් ඇගයීමට ලක්වන්නේ, මේ තුළින්,  යුද්ධයෙන් හානියට පත් සමාජයක, විවිධ තත්වානුරූපී සහ කණගාටුදායක අවස්ථා සංසිද්ධීන් හා අත්දැකීම්, සංක්ෂිප්ත කොට  ඉදිරිපත් කිරීමේ ව්‍යායාමය නිසා බවයි. එමෙන්ම මෙම ග්‍රන්ථය තමාට අනුස්මරණීය කෘතියකට උදාහරණයක් ලෙස පෙනීයන්නේ,  මහා විනාශයකට මුහුණදුන් මිනිසුන් පිරිසකගේ අපරිමිත කායික මානසික වේදනා සමුදායක් අද පවතින සහ අනාගතයේ බිහිවන සමාජයටද ප්‍රතිවිපාක කොට දෙන ආකාරය පැහැදිලිව පෙන්වාදී ඇති නිසා බවද ඔහු ප්‍රකාශ කරයි.
වින්දිතයන් පිලිබඳ මෙම සවිතරාත්මක ආඛ්‍යානය තුලින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍යය නගාසිටුවීම සඳහා අතිවිශාල ප්‍රමුඛත්වයක් ලැබියයුතු බව පැහැදිලි වෙයි. පැරණි යුගොස්ලෝවියාව වැනි රටවල්ද ඇතුළුව මේ හා සමාන අත්දැකීම් ඇති වෙනත් රටවල තත්වය පිළිබඳව සංසන්දනාත්මකව කරුණු සලකා බැලීමේදී සෑම රටකම පාහේ ජනතාව වින්දිතයන් බවට පත්ව ඇත්තේ පොදු මානුෂීය ගැටළු නිසා බව පෙනීයයි. මේ නයින් සලකා බලන කල, සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳව සැලකීමකින් තොරව, අනෙකුත් මානව වර්ගයා පිළිබඳව සෑහීමකට පත්විය හැකිය. මෙම වින්දිතයන් සඳහා සැළසුම් කෙරෙන්නාවූ හා සංවිධානය කෙරෙන්නාවූ, විවිධාකාර ආධාර වැඩපිළිවෙල වලදී, සියල්ලටම වඩා වැදගත් වන්නේ, මේ ජනතාව විඳින්නාවූ මානසික ආඝාත ස්වභාවය පිළිබඳව අපගේ අත්දැකීම් හා වෘත්තීය මට්ටම් මගින් සහනශීලී බවක් උදාකරදීමයි.
Shell Shock to Palali Syndrome කෘතිය ඉතා ප්‍රබල ලෙස පෙන්වාදෙන කරුණක් වන්නේ මිනිසා විසින් නිර්මිත ක්‍රියා හෝ ස්වභාවික ව්‍යසන මත පසුගිය දශක කීපය තුළ ශ්‍රී ලංකාව වින්දිත භාවයේ උපරිමයට ළඟාවූ බවයි.  සමාජය මත පතිතවී ඇති දිගු සෙවනැලි වලින් කියන පණිවිඩය වන්නේ ආඝාත තත්වයන් පිලිබඳ අත්දැකීම් හඳුනාගෙන නොපමාව ප්‍රතිකර්ම දියයුතු බවත්, කාලය සියළු මානසික තුවාල සුවකරන ඔසුවක් නොවන බවත්ය. වෛද්‍ය රුවන් ජයතුංග සමග සහ සම්බන්ධ කණ්ඩායම තමන් විසින් සංජානනය කරන ලද නවමු ප්‍රත්‍යක්‍ෂ ඥානනය මගින් අපේ අවධානය යොමු කරවන්නේ ආඝාත තත්වයට පත් මහජනතාව පිලිබඳ සුබසාධනයේදී ඔවුන් එදිරිවාදී ක්‍රියාකාරකම් තුලින් තවදුරටත් ඇතිවියහැකි සෑම ආකාරයකම අහිමිවීම් වලින් වලක්වා සංහිඳියාව කෙරෙහි යොමු කලයුතු බවයි.
ලොව වටා සිටින විවිධ විද්වතුන් විසින්  Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience ග්‍රන්ථය පිළිබඳව තවදුරටත් දක්වන ලද අදහස් පහත දැක්වේ.

වෛද්‍ය විද්‍යාව සහ මනෝවිද්‍යාව පිළිබඳව තම සායනික අත්දැකීම් තුලින්, මෙම විෂයය පිළිබඳව තම චින්තනය සරල සහ කියවන්නාට සමීප ස්වරූපයෙන් ලේඛනගත් කිරීමට කතුවරයා සමත්ව තිබේ.    
Dr. Neil Fernando MBBS MD -Consultant Psychiatrist of the Sri Lanka Army

 පශ්චාත් යුද මානසිකත්ව අර්බුදයන්ට මෙන්ම අනෙකුත් මානසික ගැටළු වලට පාත්‍රවූ, සන්නද්ධ හමුදා සාමාජිකයන් මෙන්ම, සාමාන්‍ය ජනතාව සමග කටයුතු කිරීමෙන් ද, සුනාමි ව්‍යසනය සම්බන්ධව ලබාගත් අත්දැකීම් ද සහිත, තමන් සතු ඉහල මට්ටමේ අත්දැකීම් සම්භාරය උපයෝගී කරගනිමින්, ඉතා සජීවී ලෙස තම වාර්තාව අපවෙත ඉදිරිපත් කිරීමට කතුවරයා සමත්ව සිටී.
Professor Daya Somasundaram Clinical Associate Professor: University of Adelaide –Australia

මීට පෙර කාලයේදී ශ්‍රී ලංකාව තුළ පිළි නොගැනුණු පශ්චාත් යුද මානසිකත්ව ආබාධය පිළිබඳව වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් සවිස්තර අර්ථකථනයක් ඉදිරිපත් කර තිබේ.  
Prof. D.G. Harendra de Silva -Senior Professor of Pediatrics and Former (Founder) Chairman of the National Child Protection Authority (NCPA) of Sri Lanka

 2009 වර්ෂයේදී යුද්ධය අවසන් වුවද, මානසික පසුතැවීම් තවමත් අවසන් නැති බව කතුවරයා සවිඥානිකව පෙන්වාදෙයි.  
Dr. Uri Bergmann- Past President  EMDR International Association

 සංස්කෘතිකමය වශයෙන්ද, ඓතිහාසිකමය වශයෙන්ද, වැදගත් භූමි තලයක මුල් බැසගත්, මානසික ආතතිය තුලින් ඇතිවන කාංසාව හා බැඳුනු තත්වයන් පිළිබඳව තාත්වික වශයෙන් හා ආයතනික වශයෙන් මෙතෙක් අවධානයට ලක්නොවුණු වැදගත් කරුණු, මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත්ව තිබේ. 
 Professor Richard N. Lalonde -York University Canada  

සංග්‍රාමික ගැටීම් නිසා මතුවන මානසික ආතතීන් පිළිබඳව, ඔහු විසින් ඉදිරිපත් කර ඇති මානව හිතවාදී සායනික කරුණු සංග්‍රහය පිළිබඳව මාගේ ගෞරවනීය ඇගයීම වෛද්‍ය රුවන් එම්. ජයතුංගට හිමිවේ. යුද ගැටුම් තුලින් ඇතිවන මානසික ආතතිය පිලිබඳ සංස්කෘතික වශයෙන් ඔහු දක්වා ඇති සංවේදීතාව ඉහලින් අගය කලයුතු දායකත්වයකි.    
Professor Donald Meichenbaum -Research Director of the -Melissa Institute for Violence Prevention: Miami USA

 පශ්චාත් යුද මානසිකත්ව ආතතිය බටහිර සංස්කෘතිය හා බැඳුනු සහලක්ෂණයක් නොවන බව ඔහුගේ මෙම සිත් ඇදගන්නා සුළු කෘතිය තුලින් ඉතා විචිත්‍ර තත්ත්ව නිරූපණයකින් පෙන්වාදෙයි.
Professor Onno van der Hart – Utrecht University, Utrecht,-Netherlands

 සංග්‍රාමයෙන් ඇතිවන මානසික තුවාල පිළිබඳව වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම ග්‍රන්ථයෙන් තත්වානුරූපව විස්තර කරයි. ඔහුගේ ග්‍රන්ථය කැපී පෙනෙන්නේ එය සමස්තය ආවරණය කරන පර්යේෂණාත්මක කෘතියක් වන නිසාය. මෙය අදාළ ක්ෂේත්‍රය වෙත ලබාදුන් දායාදයකි.    
Professor Roger Brooke -Director-Military Psychological Services Duquesne University USA

6 comments:

  1. ලංකාවේදී නම් සරසවි බුක් ෂොප් එකෙන් ගන්න පුළුවන් ඇති නේද? සිංහලට පරිවර්තනය කරන්න එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. විචා තුමා හොඳ පරිවර්තකයෙක්

      Delete
  2. මේ ග්‍රන්ථය අපි බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්. බොහොම සතුටුයි.

    ReplyDelete
  3. can you translate this book to sinhala. If it done it must be a good service to Sri lankans. Any how salute to you about this duty.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook