Friday, October 13, 2017

මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය


මේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය. ඔහු මගේ මිතුරෙක් වගේම ගුරුවරයෙක්. මට කෙටි කතා ලිවීමට පෙරමග සපයන්නේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය විසින්. අප ඒ කාලයේ මාස  දෙක තුනකට වරක් බී.ආර්.සී ක්ලබ් එකේ හමු වෙලා සිංහල සාහිත්‍ය ගැන කතා කරනවා. ඔහු දැණුම ආකරයක්. මහාචාර්‍ය බාලසූරිය ගේ මඟ පෙන්වීම නිසා මේ වන විට මම කෙටි කතා පොත් තුනක් ලියා තිබෙනවා.  ඔහුට ප්‍රන්සේදී සාත්‍රේ හමුවී තිබෙනවා. ඒ අතීතය ඔහු මා සමග වරක් පැවසූවා 

Thursday, October 12, 2017

ඔස්ටියාලා දෙන්නයි

 



ගුනේ අයියා මිනිසුන්ට උදව් කරන්නෙකි. මිනිසුන් හදිසියකදී අතමාරුවක් ඉල්ලා ගන්නේද ගුනේ අයියාගෙනි. සමහරු ලොකු ගනන් ද ගුනේ අයියා ගෙන් ණයට ගනිති. ලොකු ගනන් නම් යළි ගෙවිය යුතුය​. 

වරක් ඔස්ටින් නම් පුද්ගලයෙක් හදිස් අවශ්‍යතාවක් නිසා ලොකු ගනනක් ගුනේ අයියාගෙන් ණයට ගත්තේය​. ණය මුදල කල් පිරුනද පියවූයේ නැත​. අද දෙන්නම් හෙට දෙන්නම් කියා ඔස්ටින් කල් මැරුවේය​. 

දිනක් ඔස්ටින්ව ගුනේ අයියාට ටවුමේදී  හමු විය​. දුර තියා එන ගුනේ අයියා දුටු ඔස්ටින් " ගුනේ මහත්තයා හෙට උදේ අපේ ගෙදර එන්න නොවරදවාම සල්ලි ටික දෙනවා කියා කීවේය​. 
පසු දින උදෑසන ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසට ගියේ තමන්ට හිමි මුදල ඔස්ටින් ගෙන් ලබා ගැනීමටය. 

ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසේ දොරට තට්ටු කලේය​. ඒ විගස දොර ඇරුණි. දොර ඇරියේ ඔස්ටින් ගේ බිරිඳයි. 

 " අනේ ගුනේ මහත්තයා හදිස්සියක් වෙලා ඔස්ටින් කොලඹ ගියානේ " කියා ඔහුගේ බිරිඳ කීවාය​. 

" ඇත්තද ? මට උදේ එන්න කීව නිසයි මම ආවේ කියා ගුනේ අයියා පිළිතුරු දුන්නේය​. 

මේ හදිස්සියක් වෙලා උදේ හතරේ බස් එකේ කොලඹ ගියා ගුනේ මහත්තයා කියා ඇය යළිත් කීවාය​. 

බලාපොරොත්තු කඩවීම නිසා ගුනේ අයියා ආපසු යන්නට හැරුනේය​. එහෙත් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුන හෙයින් ඔහු ඔස්ටින් ගේ නිවස අසල තිබෙන වැසිකිලියට ගියේය​. වැසිකිලියේ දොර බාගෙට ඇර තිබූ නිසා ගුනේ අයියා කිසිදු චකිතයක් නොමැතිව වැසිකිලි දොර ඇර වැසිකිලියට ඇතුළු වන්නට හැදුවා පමණි. ඔස්ටින් වැසිකිලියේ දොරට මුවාව සැඟව සිටිනු ඔහු දුටුවේය​. ඔස්ටින්ව දුටු ගුනේ අයියා " අම්මට සිරි මෙන්න ඔස්ටියාලා දෙන්නෙක් " කියා මහ හඞින් කීවේය​. එය අැසුනු ඔස්ටින් ගේ බිරිඳ වහ වහා නිවස තුලට ගියාය​. 

Wednesday, October 11, 2017

ඇඟ ආරස්සා කිරීම




හලාවත ගුණතුංග හෙවත් ගුනේ අයියා  අපගේ හිතවතෙකි. රෝහල් සේවයෙන් පසුව අප ගුනේ අයියා හමුවී ඔහු සමග කතා බස් කිරීමට පුරුදුව සිටියෙමු. ගුනේ අයියාට මිතුරන් බොහොමයකි. උස් පහත්  භේධයකින් තොරව මිනිසුන් ඇසුරු කිරීම ගුනේ අයියා ගේ සිරිතකි. ඔහුට ලොකු කුඩා යහළුවන් රැසකි. ගුනේ අයියාට වැල්ලේ මිතුරන් ද බොහෝ දෙනෙකි​. මොවුන් ගෙන් බොහෝ දෙනෙකු ධීවරයන් වූහ​. වරක් ගුනේ අයියා ගේ හැඳුනුම් කම උඩ එක් ධීවර කාර්මිකයෙකු මාව ඔහුගේ බෝට්ටුවේ දමාගෙන මාළු ඇල්ලීමට දැල් දානවා පෙන්නන්නට ගෙන ගියේය​. 

සමහර ධීවරයන් ගෝරිකාරයන් වෙති. ගෝරියක් ගියහොත් එන්නේ කඩු උස්සාගෙනය​. එහෙත් මේ චණ්ඩීන් ගුනේ අයියාට හිතවත් ය​. වරක් ගුනේ අයියා වැල්ල වීදිය දිගේ යන විට එක් ධීවරයෙක් කඩුවක් අතින් ගෙන ලයිට් කණුවකට මුවාවී සිටිනවා දක්නට ලැබුනේය​. ගුනේ අයියා දුටු ධීවරයා " ආ ගුනේ මහත්තයා " කියා කඩුව සරම තුල රුවා ගත්තේය​. ඔහුගේ අසාමාන්‍ය ඉරියව් තේරුම් ගත් ගුනේ අයියා " මොකක්ද ප්‍රශ්නයක්ද ? කියා  ඇසුවේය​. එවිට ආවේගයට පත් ධීවරයා ඔහුගේ අවනඩුව ගුනේ අයියාට කීවේය​. 

ධීවරයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට රක්‍ෂණ නියෝජිතයෙකු පැමින මුහුදු රක්‍ෂණය පිලිබඳ ධීවරයන්ට තොරතුරු පවසා තිබේ. මේ රක්‍ෂණ ක්‍රමයට කැමැත්ත පළ   ධීවරයන්  මුදල් ගෙවා රක්‍ෂණ මිලදී ගන්නා ලදි. මෙම පුද්ගලයාද රක්‍ෂණයක් මිලදී ගත්තේය​. ඉන් මසකට පමණ පසුව බෝට්ටුව දියඹට තල්ලු කිරීමේදී ඔහුගේ ඇඟිල්ලක් තුවාල විය​. මේ නිසා ඒ සඳහා වන්දියක් ඉල්ලා ගැනීමට ඔහු රක්‍ෂණ කාර්‍යාලයට යන ලදි. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එවැනි තුවාල වලට මුදල් නොදෙන බවත් වන්දි ගෙවන්නේ මුහුද මැදදී සිදුවන ජීවිත අණතුරකදී බව කියන ලදි. එහෙත් මෙම පුද්ගයා දිගින් දිගටම තම තුවාල වූ ඇඟිල්ලට වන්දියක් රක්‍ෂණ නියෝජිතයා ගෙන් ඉල්ලා කරදර කරන්නට විය​. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එය ප්‍රතික්ශේප කරන ලදි. 

" බලන්ඩ ගුනේ මහත්තයා මූ මගේ ඇඟ ආරස්සා කරලා දෙනවා කියලා සල්ලි ඉල්ල ගත්තේ , දැන් මූ මට සල්ලි දෙන්නේ නෑ. මම ඉන්නේ ඕකා එනකං . අද කොටනවා ඕක​ට පතුරු යන්න , අම්මපා කොටනවා "  කියා ධීවරයා කියන්නට විය​. 

ගුනේ අයියාට කරුණ වැටහුනේය​. මෙතන සිදු වී ඇත්තේ මිස් කමියුනිකේශන් එකකි. ජීවිත රක්‍ෂණය ධීවරයා වටහාගෙන ඇත්තේ ඇඟ ආරස්සා කිරීමක් ලෙසටය​. ජීවිත හානියකදී මිසක සුළු සුළු තුවාල සිදුවීමේදී වන්දි නොදෙන බව ගුනෙ අයියා ඔහුට පැහැදිලි කරන ලදි. 

" ඒක මිසක් ගුනේ මහත්තයා මූ ඒක අපිට හරියට කියන්ඩ එපැයි. තව පොඩ්ඩෙං මම ඕකට කොටනවා " කියා කියූ ධීවරයා කඩුව කරේ තබාගෙන ගෙදර ගියේය​.  

Tuesday, October 10, 2017

නන්දා මාලිනී ගේ දෙබිඩි බව


සමාජ පරිවර්තනයකට අත ගැසිය යුත්තේ එහි වගකීම් හිස දරාගෙනය , නන්දා / සුනිල් ආරියරත්න මේ වගකීම් දැරුවේ නැත. ධනාත්මක සමාජ පරිවර්තකයන් ලෙස බොබ් ඩිලන් , වික්ටර් හාරා , බොබ් මාලි , ව්ලැදිමීර් විසෝස්කි යන ගායකයන් ගේ සහ ලංකාවේ නන්දා මාලිනී ගේ දෙබිඩි පිළිවෙත  ගැන මීට වසර 5 කට පමණ පෙර මා විසින් Sunday Leader පුවත් පතට ලියූ ලිපියක් මේ ලින්කුවෙන් කියවන්න. 

http://www.thesundayleader.lk/2010/03/14/music-and-mission-%E2%80%93-bob-dylan-to-nanda-malani/


 

Monday, October 9, 2017

ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා


ඉන්දියන් හමුදාව පරිප්පු මෙහෙයුම සමග සාම සාධක හමුදාව එක්ව ලංකාවට ආ කල මා සිටියේ එංගලන්තයේ ය . එවකට මම අවු 21 ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය සිංහල සංගමයේ සාමාජිකයන් සමග ලන්ඩන් වල ඉන්දියානු තානාපති කාර්‍යාලය ඉදිරියේ උද්ඝෝෂණය කිරීමට මා සූදානම් වූයෙමි. එවිට ලන්ඩනයේ බොහෝ කාලයක් ජීවත්වී අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයෙක් මට මෙසේ කීවේය​. " රුවන් ජේ ආර් පප්පා ලෝකයා මූ රජීව් වත් අන්දලා ඉන්දියන් හමුදාව සහ කොටි අතර සටනක් අවුලවනවා. කොටි අද හිතන්නේ ඉන්දියන් හමුදාව උන්ට ඊලම් ලබා ගන්න උදව් කරයි කියලා. නමුත් හෙට වන දේ බලන්න ඉන්දියන් හමුදාව කොටි එක්ක සටන් කරයි. ඒ නිසා මේ මෝඩ උද්ඝෝෂණ වලට යන්න එපා කියා කීවේය​. ඔහු කී අයුරින්ම ඉතිහාසය නිර්මානය විය.
බොරු ඉන්දියානු විරෝධය හරහා විජේවීර අත්දැකීම් අඩු ලෝකය නොදුටු බිලි බෝයිස්ලා මගින් කැරැල්ලක් ගැසූ අතර ප්‍රේමේ ඔවුන්ව ස්වර්ගස්ථ කලේ‍ය​. මේ බිලි බෝයිස් ලාට අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා වැනි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබුනේ නම් ?

Find Us On Facebook