මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි. නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.




