Thursday, December 6, 2018

සෙක්‍ෂුවල් හීලිංස්



.......පාදශ්‍රය බලය වටා ගොඩනැගිලා තිබෙනවා. බලය පෙන්වීම තුල අවිඥානික  ප්‍රදර්ශන කාමයේ ලේශමාත්‍රයන් සනිටුහන් වෙලා තිබෙනවා. මට මතක් වෙනවා පැරණි පන්සලක් බැලීමට ගිය අවස්ථාව​. අපි පන්සලේ පැරණි බිතු සිතුවම් අගය කරමින් එහි වූ චිත්‍ර පිලිබඳව කථා කරමින් හිටියේ. මා සමග ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යලයේ බෙනී ඔහුගේ සහකාරිය හැනා හිටියා.හැනා ෆ්‍රෙස්කෝ බිතු සිතුවම් ගැන උනන්දු වෙනවා.  ඇය අජන්තාවේ මෙන්ම සෙන්ට් ජෙනාරෝහි පැරණි බිතු සිතුවම්  පිලිබඳව ගැඹුරින් හදාරලා තියනවා.

අපි පන්සල් බිත්තියේ එක පැරණි සිත්තමක් ගැන කතා කර කර ඉන්න විට පන්සලේ වැඩ කරන කාල වර්ණ මිටි තරුණයෙක් අප වෙත කඩා පැන්නා. "මේවා  පොටෝ ගහන්න තහනම්" ඔහු අමුතු අධිකාරී බලයක් තමා වටා ආරූඪ කරගෙන​. ඔහුගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ හැනාගේ පළල් වූ කර සහ සළුවට වැසී තිබෙන පයෝදර වෙතට. ඔහුගේ දෙනෙත් වලින් මා දුටුවේ ලිංගික අසහනයට පත් වීම නිසා තමා සමග තිබෙන තරහ ඒ වගේම  අවට සතුටින් සිටින්නන් වෙත තිබෙන වයිරය​. පරණ පන්සලකට කොටු වෙලා තමාගේ ජීව විද්‍යාත්මක ආශයන් සන්තෘප්ත කර ගත නොහැකියාවේ  අතුරු එල​.

අපි කිසිවෙකු අත කැමරාවක් නැහැ​. "පන්සලකට එනකොට සංවරව ඇඳගෙන එන්න ඕනේ " ඔහු හැනාගේ  ශරීරය දෙස ගිජුව බලමින් කියනවා. මට හිතුනේ පන්සලේ බිතු සිතුවම් වල සිටි දිව්‍යාංගනාවන්ටත් ආදර්ශයක් හැටියට  හැනා ශරීරය වැසුනු  ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. නමුත් කාළගෝලයා යටි හිතෙන් අපේක්ශා කරනවා පන්සලේ බිතු සිතුවම් වල ඇඳ සිටි දිව්‍යාංගනාවන් වගේ හැනාත් අඩ නිර්වස්ත්‍ර වේවා කියලා. සදාචාරය තුලින් ඔහු අභ්‍යන්තරයේ සිටින කාමුකයා යටපත් කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනවා.

සෙක්ස් යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්‍රි ලංකාව  ප්‍රථම ස්ථානයට පත් වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. ලංකාව තුල බලවත් ලෙස ලිංගික අසහනය පවතිනවා. ඒක තමයි විශ්ව විද්‍යාල ප්‍රචණ්ඩත්වය , සමාජ ප්‍රචණ්ඩත්වය , බස් වල ලිංගික හිංසනය , සේවා ස්ථාන වල ලිංගික හිංසනය , පාසල් වල පර පීඩක ගුරුවරු මතුවීම යනාදී වශයෙන් හිස ඔසවන්නේ. ලංකාව තුල ලිංගිකත්වය පවතින්නේ හිංසන මාධ්‍යක් ලෙස​. ලාංකිකයාට ලිංගිකත්වය යනු හොරෙන් කලයුතු  දෙයක්. එහි ආදරයක් සෙනහසක් ඇල්මක් ,    ආත්මීය බවක් , හිතයිශී බවක් නෑ.  ඉතා ආත්මාර්තකාමි ලෙස තමයි ලාංකිකයා ලිංගිකත්වය ග්‍රහනය කර ගන්නේ. එතන මූලික වශයෙන් තියෙන්නේ තමන් සන්තර්පණය වීම​. බලන්න ජපානය , බ්‍රසීලය , තායිලන්තය වගේ රටවල ලිංගිකත්වය සමග එන උච්ච සංස්කෘතියක් තිබෙනවා. ලංකාවේ එවැනි   උච්ච සංස්කෘතියක් නෑ. ලංකාවේ සදාචාරාත්මක මිනුම විපරීතයි. ලිංගික වශයෙන් සක්‍රිය මිනිසා අශික්‍ෂිතයි. කප්පාදු කල මිනිසා සදාචාරමත්. මේක තමයි ලාංකික සදාචාරාත්මක මිනුම් දණ්ඩ. මේ ර​ටේ ලිංගික කුහක බව පිරී ඉතිරී යනවා. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.

" ලිංගික අසහනය "  වින්සන්ට් ලංකාතිලක ප්‍රතිරාවය කලේය. ඔහුට ගායක මාවින් ගේ විසින් ගයන සෙක්‍ෂුවල් හීලිංස් ගීතය පසුබිමෙන් ඇසුනේය. එය ශ්‍රවණ මායාවක්ද ? නැත. එය මාවින් ගේ විසින් ගයන සෙක්‍ෂුවල් හීලිංස් ගීතයයි. පියා විසින් වෙඩි තබා මරා දමන ලද මාවින් ගේ නැවත ඉපදීවත්ද ? එය සිදු විය නොහැකි දෙයකි. මිය ගිය මාවින් ගේ හට යළි පැමිණිය නොහැක. නමුත් ඔහු ඉතා සුමධුර ලෙස සෙක්‍ෂුවල් හීලිංස් ගීතය ගායනා කරයි. වින්සන්ට් ලංකාතිලකට පැටලිලි ස්වභාවයක් දැනුනේය

  වින්සන්ට් ලංකාතිලකඑකවරම   නැගිට්ටේ‍ය​.

" මහත්වරුනි මට සමාව අයදිනවා , මම හිතනවා අපට යාමට වේලාව හරි  කියා. ඉක්බිති ඔහු සියල්ලන්ටම අතට අත දුන්නේය​.

(පරිකල්පනික අතික්‍රමණය  වෛද්ය රුවන් එම් ජයතුංග)

Tuesday, December 4, 2018

1971 කැරැල්ල කෘතිය පිළිබඳ කෙටි සටහනක්




1971 වසරේ, අප්‍රේල් මස ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීම යටතේ ලංකාවේ දකුණු පළාත මුල් කරගෙන දියත් කෙරුණු, රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ තරුණ කැරැල්ල ශ්‍රි ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසු රට තුළ ඇතිවූ ප්‍රථම දේශපාලන අර්බුදය සනිටුහන් කළේය. දින ගණනාවක් තිස්සේ සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා රටතුළ හදිසි තත්වයක්, දේශපාලන අස්ථාවරභාවයක් හා සමාජ ආර්ථික වශයෙන් වියවුල් බවක් ඇති කිරීමට සමත් විය. 

මෙම තරුණ නැගිටීම අහඔු සිදු වීමක් නොවුයේ ඊට පසුබිම දශක දෙකක පමණ කාලයක් තුළ නිර්මාණය වූ නිසාය. තරුණයින් මෙම ප්‍රචන්ඩකාරී කැරැල්ලට යොමු කිරීමට හේතු සාධක වූ කරුණු පිළිබඳව පැවති රජයේ අවදානයට යොමු වූ අතර යම් යම් ප්‍රතිපත්තීමය ප්‍රතිචාරයන් රාජ්‍ය පාර්ෂවයෙන් ඉදිරි වසර කිහිපය තුළ දැක ගත හැකි විය. කැරැල්ල ආයුධ සන්නද්ධ රාජ්‍ය විරෝධී තරුණ නැගිටීමක් වූ බැවින් වහා නිතිමය හා ආරක්ෂක පියවර ගත් අතර, සැලකිව යුතු තරුණ පිරිසකගේ ජීවිත හානි ඉතා කෙටි කාලයකින් සිදුවූ අතර, සම්බන්ද වූ පිරිස අත් අඩංගුවට ගැනීම හා නිතිමය පියවර ඒ අය සඳහා ගැනීමද වේගවත්ව සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, සෘජුවම සම්බන්ද බොහෝ පිරිසක් සඳහා සිර දඩුවම් නියම කෙරිණ. බොහෝ අය පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළින් නැවත සමාජගත කරණු ලැබීය. සිරගෙට නියම වූ පිරිස වසර හතකට පසු පොදු සමාවක් යටතේ නිදහස් කරනු ලැබීය.

ඉහත සඳහන් රාජ්‍ය විරෝධී තරුණ කැරැල්ල, මෙරට පසුව සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියාවල ආරම්භයක් සනිටුහන් කළේය. මන්ද, ඉදිරි දශක කිහිපයම රටතුල 1971 කැරැල්ලටත් වඩා බිහිසුණු දේශපාලන ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වීමක් දැකිය හැකිව ඇති නිසාය. මේ සියල්ල 1980 දශකයේ මුල් කාලයේ ආරම්භ වූ උතුරු නැගෙනහිර මුල් කොටගත් ජනවාර්ගික යුද්ධය රටේ ආනාගතය කෙරෙහි දැඩිලෙසම බලපෑ සිවිල් ගැටුම වූ අතර, එහි බලපෑම අදටත් පැහැදිලිව දුෂ්‍යමාන වේ. මේ සියළු කැරලි හා යුධමය තත්වයන් කෙරෙහි බලපෑ පොදු සාධක හදුනා ගැනීම මෑත ඉතිහාසය දෙස සුපරික්ෂාකාරීව බලනවිට අපහසු නොවන අතර ඒවාට බලපෑ සුවිශේෂ තත්වයන්ද හදුනාගත ගැනීම අපහසු නොවේ. 

1971 කැරැල්ල සුවිශේෂිව සලකා බලනවිට, ඒ පිළිබඳව මේ වන විට සැලකිය යුතු ලිඛිත සාහිත්‍යයක් දැකිය හැකිය. රුවන් ජයතුංග විසින් රචිත මෙම ග්‍රන්ථය ඊට එක්කළ තවත් සැලකිය යුතු ප්‍රකාශනයක් වන අතර, 1971 කැරැල්ල පිළබඳව පාඨකයාට ඒ මගින් සැලකිය යුතු අවබෝධයක් ලබා දෙනවාට සැක නැත.

මෙම ග්‍රන්ථයේ සුවිශේෂත්වය වන්නේ, කැරැල්ලට සම්බන්ද සැලකිව යුතු නායකයින් රැසක්ද සමග කරන ලඳ සම්මුඛ සාකච්ඡා එකතුවක් ඊට ඇතුළු කර තිබීමය. මේ ප්‍රත්‍යෙකයන් ඉතා සවිස්තරාත්මක තොරතුරු පාඨකයාට ලබා දෙන අතර,ඒ මගින් 1971 කැරැල්ල පිළිබඳව යම් යම් ගැඔුරු තොරතුරු රැසක් ඒක රාශී කර ඇත. මෙම ප්‍රත්‍යෙකයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් ග්‍රන්ථයේ ඇතුළත් නොවූවත්, උනන්දුවක් දක්වන පාඨකයාට ඒ සඳහා අවස්ථාව කතුවරයා විසින් ලබා දී ඇත.

තරුණ කැරලි, ප්‍රචණ්ඩකාරී තරුණ නැගිටීම් ආදිය පිළිබඳව රටතුල පවතින සමාජ හා දේශපාලන කථිකාවන් විවිධය. ඒ විවිධත්වය සඳහා බලපාන සාධක අතර, දේශපාලන මතවාදයන් ප්‍රධාන වශයෙන් වැදගත් වූවත්, මෙම සංසිද්ධිය පිළිබඳව විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් දරණ මතය කෙරෙහි සමාජ කථීකාවන්ද ඉතා වැදගත් වේ. මෙම සමාජ කථිකාවන් පෝෂණය විය යුත්තේ, හුදු පුද්ගල නිශ්චිත අදහස් මත නොවිය යුතු අතර, ඒ සඳහා තරුණ කැරලි හා ප්‍රචණ්ඩත්වයට බලපාන සමාජ, ආර්ථික හා සංස්කෘතික සාධක පිළිබඳව කෙරෙන බෙහෙවින් අපක්ෂපාති හා වාස්ථවික විග්‍රහයන් ඉතා වැදගත් වේ. 

සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් රුවන් ජයතුංගගේ ප්‍රකාශනය මෙහිදී වැදගත් වේ. සටහන අවසන් කිරීම සදහාත්, පාඨකයාගේ කුතුහලය ඇවිස්සීම සදහාත්, යමක් කිය යුතුය. මෙම ග්‍රන්ථයේ විස්තර සපයන පුද්ගලයින් විශාල පිරිසක් දෙස බලන විට, පසු කාලීනව ඔවුන් සමාජයේ විවිධ ක්‍ෂෙත්‍ර වලට අවතිර්ණ වී කටයුතු කළ හා කරන බව මෙරට බොහෝ අය දන්නා සත්‍යයකි. මෙයින් ඇතැමුන්, සමාජයේ ඉතාම ප්‍රභූත්වයට පත් විය. මෙම තරුණ කැරලි පිළිබඳව උනන්දුවක් දක්වන සෑම කෙනෙක්ගේම අවදානය යොමු වි යුතු වැදගත් සංසිද්ධියකි. පසුව සිදුූ වූ තරුණ ගැටුම් පිළිබඳ අපගේ අත්දැකීම් 1971 කැරැල්ලට වඩා බෙහෙවින් වෙනස් වූයේ, ඒවායේ ස්වරූපය වෙනස්වීම පමණක් නිසා නොව, ඒවා කෙරෙහි බලධාරීන් දක්වූ ප්‍රතිචාරයේ ස්භාවය නිසා බවද සඳහන් කළ යුතුය.

මහාචාර්ය සිරි හෙට්ටිගේ
සමාජ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය

Monday, December 3, 2018

Sunday, December 2, 2018

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න අජිත් ප්‍රසන්න පෙන්වා දෙයි



දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න අජිත් ප්‍රසන්න පෙන්වා දෙයි

Saturday, December 1, 2018

මල්ටි කල්චරල් ; සවන රේඩියෝවෙන්

මල්ටි කල්චරල් ; සවන රේඩියෝවෙන් 
සවන් දෙන්න 

Find Us On Facebook