71 කැරැල්ල ආශ්‍රිතව සෑම පැතිකඩකින්ම සම්බන්ධ වූ පිරිස් මුණ ගැසී කථා බස් කොට ඔවුන්ගේ අත්දැකීම මෙම පොතට එකතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙමින් තිබුනි. මේ හේතුව නිසා 71 කැරැල්ල පිලිබඳ පරික්ෂණ පැවැත්වූ කෘතහස්ත රහස් පොලිස් නිලධාරීයෙකු මුන ගැසුනි. උපාලි සෙනවිරත්න නම් ඔහු විශ්‍රාමික ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරවරයෙකි. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් රහස් පොලිස් මූලස්ථානයේදි දෙන කට උත්තර ආශ්‍රිතව පරීක්ෂණ පැවැත්වීමත් මහ නඩුවේ පරීක්ෂණ මෙහෙයවීමත් ඔහුට පැවරී තිබුනි.
උපාලි සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් මා විසින් කථා බස් කළ හිටපු කැරලි කරුවන් ගණනාවක් එක් දෙයක් පවසා තිබුණි. එනම් ඔහු අත්අඩංගුවට ගත් බොහෝ සැකකරුවන්ට මානුෂිකව සැලකූ බවය. නීතිය, දන්ඩණය හා මනුෂ්‍යත්වය එකිනෙකට සමාන්තරව නොවූ ප්‍රපංචයක් නොවූවද බලය ඉදිරියේ මනුෂ්‍යත්වයේ ගුනාංග අමතක නොකල පොලිස් හා හමුදා නිලධාරින් යම් ප්‍රමානයක් එකල සිටි බව කැරලිකරුවන් සනාත කරති. එවැනි උදාහරණයකට අප දෙසවන් යොමු කරමු.
zඑකල චේගුවේරා සංවිධානය නමින් දේශපාලන ප්‍රචන්ඩත්වය පෙරදැරි කරගත් රහස්‍ය සංවිධානයක් කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අප වෙත දන්වා සිටි අතර එම සංවිධානය පිළිබඳ තොරතුරු රැස් කරන ලෙසටද වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා. මේ අනුව මෙම ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් කෙරෙහි පොලිසියේ ඇස් යොමු වූවා කීවොත් වඩාත් නිවැරදියි.
වරක් රාගල පොලිසීයේ ස්ථානාධිපතිවරයා මට දන්වා සිටියා පාසල් විද්‍යාගාර කඩා රසායනික ද්‍රව්‍යය පැහැර ගැනීම් පිළිබඳව. මෙම රසායනික ද්‍රව්‍ය බෝම්බ තැනීම සඳහා යොදා ගන්නා බවට අප නිවැරදිව උපකල්පනය කළා. මෙම සිද්ධීන් පසුපස ලයනල් බෝපගේ නැමැති ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු සිටින බවටද වැඩිදුර තොරතුරු අනාවරනය කෙරුණා.
ප්‍රථම වතාවට රෝහණ විෙජ්වීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙලිවූ කරුනූ මත අපගේ මූලික විමර්ශන සිදු වෙමින් තිබූ අතර නුදුරු දිනයක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අප අනුමාන කළා. ඒ නිසා ආරක්ෂක අංශ සිටියේ සීරුවෙන්.
1971 අප්‍රේල් 4 දින වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරයට පසු ආරක්ෂක අංශ තේරුම් ගත්තා තත්වයේ බැරෑරුම්කම. අප්‍රේල් 5 දින මා සිටියේ රහස් පොලිස් මුලස්ථානයේ. කැරැල්ල ආරම්භ වූ වහාම අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය කැරැල්ලට සම්බන්ධ වූ අයෙක් කුමන්ත්‍රණයට පෙර හෙළි කොට සිටියා. ඔහුගෙන් ලත් තොරතුරු අනුව අරලිය ගහ මන්දිරයේ ආරක්ෂක සංවිධානය තර කලා. කුමන්ත්‍රණකරුවෝ ඊට්ස් සිනමා හලේදී අත් අඩංගුවට ගත්තා. මෙම ඔත්තුව දුන් පුද්ගලයා අගමැතිනියට විශේෂ ඉල්ලීමක් කළා. පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලෙසට. එම ඉල්ලීම පරිදි ඔහුව පොලිසියට බඳවාගනු ලැබුවා.
ඔහුගේ නම එඩිසන් ගුණතිලක. ඇතැමෙකු ඔහුව ගඩාෆී නමින්ද හැදින්වූවා. පසු කාලයක ඔහු පොලිස් අධිකාරිවරයෙකු දක්වා උසස්වීම් ලබා ගැනීමට සමත් උනා.
1971 අප්‍රේල් 6 දින මා සිටියේ අරලියගහ මැදුරේ. ඒ වන විට පොලිස් ස්ථාන ගණනාවකට පහරදී තිබුනා. අගමැතිනිය තුල බියක් හෝ ව්‍යාකූලභවක් මම දුටුවේ නැහැ. නමුත් එතැන සිටි පිටර් කේනමන් මහතා හා එන්. එම්. පෙරේරා මහතා තරමක් දුරට වික්ෂිප්ත බවකින් සිටියේ. කැරැල්ලට මුවාවී ඇතැම් අය තම විරුද්ධවාදීන් දඩයම් කිරීම වැනි කි්‍රයා කළා. එසේම යම් යම් අපරාධත් කලා යැයි කියන්නට පුළුවන්. එයට එක් නිදසුනක් මා දෙන්නම්.
1971 අප්‍රේල් 5 දින බම්බලපිටිය පොලිසියට ප්‍රහාරය එල්ල කළ බවට තොරතුරු ලැබුනු නිසා මා වහාම අපගේ ඇල්ෆා රෝමියෝ රථයෙන් එතැනට ගියා. ඒ කාලයේ බම්බලපිටිය පොලිසියේ ස්ථාන භාර නිලධාරිව සිටියේ කනගසිංහම් මහතා. ඔහු පැවසුවේ මුහුද දෙසින් කැරළිකරුවන් පැමිණ ප්‍රහාරයක් එල්ල කළ බවත් ප්‍රති ප්‍රහාර හමුවේ ඔවුන් පළා ගිය බවත් තමයි. මම පොලිසිය පසුපස තාප්පය අවට සොදිසි කළ විට මා දුටුවා විශාල ලේ පැල්ලම්.
අප මුහුද හා රේල් පාර අවට විශාල පෙදෙසක් පරික්ෂාවට ලක් කළත් ප්‍රහාරයක හෝඩුවාවක් ලැබුනේ නැහැ. කැරලිකරුවන්ගේ හිස් පතුරුම් කොපු සෙරෙප්පු යනාදි කිසිවක් අප දුටුවේ නැහැ. පසුව අපට තේරුම් ගියා පොලිස් ස්ථානාධිපතිවරයාගේ බම්බලපිටිය පොලිස් ස්ථානයේ කූඩුවේ සිටි පික්පොකට්කරුවන්. සුළු සුළු වැරදි සඳහා රඳවා ගත්තවුන්
10 ත් 15 අතර පිරිසක් එලියට ගෙන ඔවුන්ව පොලිසියේ තාප්පය අසලට ගෙන ගොස් වෙඩි තබා මරා දැමූ බව. මෙවැනි ක්‍රියා අනුමත කළ හැක්කේ කෙසේද? මෙම නිලධාරියා පසුව මධුලෝලී තත්වයෙන් පෙළි අකාලයේ මිය ගියා.
අත්අඩංගුවට ගෙන සිටි විෙජ්වීරගෙන් කට උත්තරයක් ගැනීමට ටිරල් ගුණතිලක මහතා අපට නියෝග කළ නිසා මමත් සර්නි විෙජ්සූරියත් තවත් නිලධාරින් පිරිසකුත් යාපනය බන්ධනාගාරයට ගියා. විෙජ්වීර කථාවට ඉතා ලැදියි. ඔහු හැම දෙයක්ම අපිට කිව්වා. අපි ඒවා පටිගත කළා. පසුව අත්අඩංගුවට පත් කැරලිකරුවන් මානසිකව වැට්ටවීමට විෙජ්වීර කථා අඩංගු හ~ පටි ඉයන් වික්‍රමනායක මෙහෙයවීම මත ඉතා සාර්ථකව යොදා ගනු ලැබුනා.
විෙජ්වීර කිසිදු අවහිරයකින් තොරව අපට තොරතුරු ලබා දුන් අතර යාපනයේ සිටි කාලයේ අප ඔහුව බන්ධානාරයෙන් එලියටද ගෙන ගියා. වරක් අපි කීරමලේ උණු වතුර ලිං වලට ගොස් නෑවා. විෙජ්වීරත් ඇඳුම් පිටින්ම නෑවා. එහිදි හදිසියේම නාවික හමුදාව පැමිණ අප ගැන විමසිලිමත් වුනා. එහෙත් අපි රහස් පොලිසියෙන් බව කී විට ඔවුන් ඉවත්ව ගියා.
අපි විෙජ්වීරගේ පටිගත කරන ලද කට උත්තරය ටිරල් ගුණතිලක මහතාට භාරදුන් විට ඔහුට එය ලිඛිතවත් අවශ්‍ය උනා. එබැවින් යලිත් වරක් මම කට උත්තරය ලිඛිතව ලබා ගත්තා.
කැරැල්ලට අවි ආයුධ හා මුදල් ඉල්ලා රෝහන විෙජ්වීර දකුණු යේමනයට විරාජ් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු යවනු ලැබුවා. ඔහු ලන්ඩනය හරහා දකුණු යේමනයට ගොස් රාජ්‍ය නායකයා හමු වීමට සැලසුම් කරත් එය සාර්ථක වූයේ නැහැ. ඉන් පසුව මෙම පුද්ගලයා යේමනයේ රාජ්‍ය නායකයා ලියන ලෙසට ලිපියක් තමාම ලියා එය ඉදිරිපත් කලා. පසුව විරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ තතු අපට හෙලි කළා. 71 කැරැල්ලට කිසිම විදේශ ආධාරයක් තිබුනේ නැහැ.
ලොකු අතුල අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙලින්ම ගෙන එනු ලැබුවේ,. රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවට. ඔහු චේගුවේරා නිල ඇඳුම් හා බූට්ස් පැළඳ සිටියා. ඇඟ පුරා මඩ. ඔහුගේ පාදයකුත් තුවාලවයි තිබුනේ. ඔහුට අප විසින් පටිගත කළ විෙජ්වීරගේ හෙළිදරව්කිරීම් වාදනය කළ විට ලොකු අතුල තුල ක්ෂණික බිඳවැටීමක් අප දුටුවා. ඉන් පසු ඔහු රජයේ සාක්කිකාරයෙකු බවටත් පත් වූවා.
ඒවාගේම පසුව අත්අඩංගුවට ගත් ගාමිණීි බාස් , රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත් ඇතුළු විශාල පිරිසකට මෙම ටේප් පටිය හා විෙජ්විර දුන් කට උත්තර කියවන්නට දුන්නා. මෙම හ~ පටි හා කට උත්තර ව්‍යාජ ඒවා යැයි කීමට ඔවුන්ට හැකියාවක් තිබුනේ නැහැ. ඔවුන් ව්‍යාපාරයට බැඳුනු දින සිට විෙජ්වීර සමග කළ සියලූ රහස් ගනුදෙනු පිළිබඳ විස්තර එතැන තිබුනා. ඒ නිසා එම කට උත්තර වල අව්‍යාජ භාවය ගැන ඔවුන් සක්සුදක් සේ දැන සිටියා.
අත්අඩංගුවට පත් වීමෙන් පසු රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත් අපට හෙළි කළා ස්ථාන 27 ක් දැනට කැරළිකරුවන් රහසිගතව රැදී සිටින. ඔහු ශරීර ප්‍රමාණයෙන් කුඩා, පහසුවෙන්ම බිඳ වැටුනු පුද්ගලයෙක්. එහෙත් දකුණු පළාතේ ප්‍රධාන සටන් නායකයෙක්. රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත් සහ කාන්තා පොලිස් නිලධාරිනියක් මගෙ මතකයේ හැටියට ඇය ඩබ්ලිව්.පී.සී හේරත් එකට මාංචු දාලා රාත්‍රියේ මෙම ස්ථාන බැලීමට ගියා. කොළඹ, කෝට්ටේ, පිටකෝට්ටේ, පිලියන්දල, කැස්බෑව, වගේ ප්‍රදේශ වල නිවාස 27 විතර ප්‍රමාණයක රැදී සිටි ජ.වි.පේ. කැරලිකරුවන් සිටි නිවාස අප සලකුණු කර ගත්තා. මොවුන් ප්‍රති සංවිධානය වී නැවත ප්‍රහාර ආරම්භ කිරීම සඳහායි මෙම ආරක්ෂිත ස්ථාන වල සිටියේ. පසු දින රාත්‍රියේ මෙම ස්ථාන සියල්ලම එක වර එකම වෙලාවේදි වටලා කැරලිකරුවන් රැසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතර අපට අවශ්‍යව සිටි ප්‍රාදේශීය නායකයින් ගණනාවකුත් සිටියා.
අත්අඩංගුවට ගත් ගාමිණී බාස් ලෙහෙසියෙන් බිඳ වැටෙන කෙනෙකු නොවෙයි. ඔහුට තම බිරිඳ ගැන, දුකක් හා බයක් තිබුනා. ඔහු අපෙන් ඇහුවා සර් මට පවුල බලන්න පුළුවන්ද කියලා. ඒ මානුෂික අව්‍යශතාව මත අප ඔහුගේ බිරිඳ හමුවීමට අවසර දුන්නා. ඇය බම්බලපිටියේ ජයගිරි හෝටලේ වැඩ කරමින් සිටයේ.
මට හැකි උනා නන්දන මාරසිංහ, ජී.අයි.ඩී. ධර්මසේකර, ගාමිණී යාපා, කාසෝ අල්විස්, බෝල සමරේ වැනි කැරළිකරුවන් අත්අඩංගුවට ගැනීමට. ඒ පිළිබඳව මට පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා ප්‍රසාද ලිපියකුත් එවනු ලැබුවා.
නන්දන මාරසිංහ අත්අඩංගුවට ගත්තේ ටෙක්නිකල් හන්දිය ලඟ මා සමඟ සාජන් ප්‍රේමරත්නත් සිටියා. අප විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර හීන් බන්ඩා හේරත් විශේෂ දක්ෂතා ඇති අයෙක් බව මට තේරුම් ගිය කරුණක්. ඔහු ලංකාවේ ප්‍රථම වතාවට පිත්තල කලගෙඩියකට පුපුරණ ද්‍රව්‍ය යොදා බිම් බෝම්බයක් නිර්මාණය කල අයෙක්. අද ඔහු සිටින්නේ ඇමරිකාවේ. පුහුණු ගුවන් නියමුවෙකු ලෙස සේවය කරනවා. 71 කැරැල්ලට සහභාගි වූ පිරිස තුල මෙවැනි දක්ෂතා තිබුනා. එම දක්ෂතා ප්‍රජාවේ යහපතට යොදා ගත්තේ නම් ඔවුන්ට විශ්මිත නිෂ්පාදන කරන්න හැකියාවක් තිබුනු බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
71 කැරැල්ල වැඩ මැඩපැවැත්වීමේදී ආරක්ෂක අංශ එකාබද්ධව සහයෝගයෙන් ක්‍රියා කළා. එය සාර්ථක ටීම් වර්ක් එකක් කිව හැකියි. දේශපාලන ඇඟිලි ගැසීම් තිබුනේ නැහැ. සිරගතව සිටි කැරලිකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීමේදී ජනාධිපති ෙජ්.ආර්. ජයවර්ධන රහස් පොලිසියෙන් නිර්දේශයන් විමසුවේ නැහැ. අත්අඩංගුවේ සිටි ඇතැම් කැරළිකරුවන් යළි ප්‍රහාරයකට අර ඇඳිය හැකි බව අප තුල සැක තිබුනා. ඒ සැක දුරු කරමින් 1988 දී යළි කැරැල්ලක් ආවා.
1988 කැරැල්ල 71 තරම් අහිංසක නැහැ. එයට පාතාල ලෝකය පවා බද්ධවී සිටියා එසේම දේශපාලකයන් නිරන්තරයෙන්ම ඇඟිිලි ගැසුවා මෙය ඔවුන්ගේ වාසියටත් යොදා ගත්තා.
71 කැරැල්ල මැඩ පැවැත්වීමේදී අප කලේ නියෝග හා රාජකාරිය ක්‍රියාත්මක කිරීම. මට කිසිම පෞද්ගලික තරහක් කැරලිකරුවන් සමඟ තිබුනේ නැහැ. ඔවුන් නීති ගරුක පුරවැසියන් බවට පත් කිරීම තමයි මගේ අපේක්ෂාව වුනේ. මිනී මැරීම, මංකොල්ලකෑම්, දේපළ විනාශ කිරීම සමාජය අනුමත කළ නොහැකියි. දේශපාලන කැරැල්ලක් තුලදී පවා එවැනි ක්‍රියා සිදු වෙනවා. එය වැලැක්වීමට අපි බැඳී සිටිනවා.
ඇතැම් හිටපු කැරලිකරුවන් තවමත් මා සමග මිත්‍රයි. ඔවුන්ට රැකියා ලබා ගැනීමේදී දරුවන්ගේ ප්‍රශ්න වලදි මා තවමත් උදවු කරනවා. 71 දී මා විසින් ඉටු කළ රාජකාරිය පිළිබඳව මම තෘප්තිමත් කියලා මට කියන්නට පුළුවන්.
(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි ; කර්තෘ වෛද්‍ය රුවන් එම්. ජයතුංග)
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments