කොන්ස්පිරසි තියරි සඳහා මිනිසුන් තුල අභ්‍යන්තර ආශාවක් පවතියි. නිහාල් සිල්වා ගේ මරණය එලෙස කොන්ස්පිරසි තියරියක් ගොඩ නැංවීය. නිහාල් සිල්වා 1989 දෙසැම්බර් 03 වෙනිදා රාත්‍රියේ දෙහිවල, ගාලු පාරේ, විලියම්ස් හංදියේ දී හමුදා මුර පොළකදී අණ නොතකා ධාවනය කිරීම නිසා වෙඩි වැදී මිය ගියේය. මිය යාමට ප්‍රථම නිහාල් ජනාධිපති ප්‍රේමදාස ගේ සමීපතයෙක් විය. මේ නිසා නිහාල් ගේ මරණය සමග බොහෝ කතා කරළියට පැමිනියේය.
නිහාල් සිල්වා පැමිණියේ කොලඹ අඩු ආදායම් වත්තකිනි. ගෙන්දගම් පොළවේ සමාජ ආශරයෙන් ඔහු චරිත පිලිබඳව ඉගන ගත්තේය. ඕනෑම ලූම්පන් චරිතයක් , සුළු ජාතික චරිත ( සාජන්ට් නල්ලතම්බි - ද්‍රවිඩ / හිරු නොසැලී සිටියේය නාට්‍යයේ මුස්ලිම් මුදලාලි ) රඟපෑමට ඔහුට හැකි විය. එකී සෑම චරිතයකම සියුම් අන්තර්ගතයන් , ගතිකයන් , කථන විලාස ඔහු අති දක්‍ෂ ලෙස ග්‍රහනය කරගෙන සිටියේය. එසේම පුන්තිලා වැනි නාට්‍ය වල බැරෑරුම් චරිතද ඔහු දක්‍ෂ ලෙස රඟපෑවේය. මිය යන විට ඔහු සිටියේ ජනප්‍රියතාවයේ හිණි පෙත්තේය.
බොහෝ නළුවෝ දේශපාලකයා පසුපස බළු කුක්කන් මෙන් යන විට දේශපාලකයා කෙලින්ම නිහාල්ව තමන් වෙත කැඳවා ගත්තේය. නිහාල් ගේ සමාජ ප්‍රාග්ධනයේ වටිනාකම ඔහුගේ සන්නිවේදන හැකියාවන් ඔවුන් අවබෝධ කර ගෙන සිටියහ. මාධ්‍යවේදී නන්දන වීරරත්න පවසන අන්දමට නිහාල් සිල්වා ගේ මරණය ඝාතනයකි. එය පසු පස සිටින්නේ ජනාධිපති ප්‍රේමදාසය. ජනාධිපති ප්‍රේමදාස බොහෝ දෙනෙකු ස්වර්ගස්ථ කල බව සැබවි. එහෙත් නිහාල් සිල්වා ගේ මරණය කොන්ස්පිරසි තියරියක් හරහා ජනාධිපති ප්‍රේමදාසට බැර කල හැකිද ?
නිහාල් සිල්වා ගේ මරණය පිලිබඳව මම බොහෝ දෙනෙකු ගෙන් විස්තර විමසුවෙමි. අවසානයේදී තර්කානුකූල විස්තරයක් මට ලැබුනේ අදාල මුර පොල භාරව ක්‍රියා කල මේජර් මහින්දන් සීවරත්නම් ගෙනි . මේජර් මහින්දන් සීවරත්නම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වන අතර එවකට ඔහු ලුතිනන්වරයෙකි. භීෂණ කාලය නිසා මුළු ජන ජීවිත විපරීතව තිබුනේය. සාමාන්‍ය ජනයා ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා පිරිස් සිටියේ ආතතියකිනි. මේ මුරපොලේ සිටි සොල්දාදුවෝ පිරිස් බලය අඩු නිසා දින ගනන් එක දිගට රාජකාරී කිරීමෙන් හෙම්බත්ව සිටියහ. ඒ කාලයේ ජවිපේ ක්‍රියාකාරකම් උත්සන්නව තිබූ නිසා ඔවුන් සිටියේ සැකයෙනි.
ජනාධිපති ගේ සමීපතයෙකු නිසා නිහාල් සිල්වා සිටින්නට ඇත්තේ ගැම්මකිනි. එය ස්වභාවිකව ඕනෑම පුහුදුන් මිනිසෙකුට ඇති වන මාන්නයකි. ඒ නිසා ඔහු හමුදා මුරපොලවල් පිලිබඳව එතරම් තැකීමක් නොකරන්නට ඇත. අණ නොතකා ධාවනය කිරීම නිසා හමුදා සෙබලා එම රථයට වෙඩි තැබුවේය. එහි ප්‍රතිඑලය වූයේ නිහාල් ගේ මරණයයි.
මේ මරණය සිදුවූ වහාම ලුතිනන් මහින්දන් සීවරත්නම් එතැනට ගොස් පොලිසිය සමග ස්ථානීය විමර්ශණයක් කරන ලදි. මහින්දන් සීවරත්නම් පවසන අන්දමට එය විඩාබර සහ ජවිපෙ ප්‍රහාර පිලිබඳ නිරන්තර සැකයෙන් සිටි සොල්දාදුවෙකුගේ වෙඩි පහරකි. ඔහු මෙය ඝාතන සැලැස්මක් යන අදහස ඔහු බැහැර කරයි. නන්දන වීරරත්න පවසන පරිදි එම රථයට වෙඩි තැබීමෙන් පසු සමඟ එම රියේ ගමන් කරමින් සිටි තවත් මගීන් තිදෙනෙකු වූහ. මොවුන් තිදෙනාම තවමත් ජීවතුන් අතර සිටිති. කොන්ස්පිරසියක් අනුව වෙඩි තැබුවේ නම් ඝාතකයන් සාක්‍ෂිකරුවන් තිදෙනෙකු ඉතිරි කරන්නේද නැත.
ජවිපේ මිනිස් ඝාතන , ප්‍රේමදාසගේ ඝාතන සපිරි යුගයක නිහාල් සිල්වාගේ මරණය කාගේ හෝ ගිණුමකට බැර කිරීම අපහසු කාර්‍යක් නොවේ. එහෙත් අප එදා සිදු වූයේ කුමක් ද යන්න අනාගත පරම්පරාවට දැන ගැනීමට සහ ඔවුන්ට විචාර බුද්ධියෙන් කරුණු තේරුම් ගැනීමට අප සත්‍ය සාක්‍ෂි ඉතිරි කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
හ්ම්ම්...
ReplyDeleteඔබේ සටහන කියෙව්වා. 87-89 කාලයේ හමුදා සහ පොලිස් නිලධාරීන් නරුමයින් වගේ හැසිරෙන්න බලපෑ මානසික තත්වය ගැනත් ලිපියක් ලියන්න.
ReplyDeleteඒ කාලෙ හමුදාව හිටියේ මිනීමරු ත්‍රස්තවාදී කල්ලි දෙකක් එක්ක යුද්ධ කරකර..එහෙම තත්ත්වයක් යටතේ මහෙම දේවල් වෙන්න පුළුවන් සහ එහෙම හිතන්න පුළුවන් විධිහට නිර්මාණය කරන්නත් පුළුවන්.. ඇත්ත දන්නෙ අදාලා පුද්ගලයන් සහ ස්ව්භාවධර්මයා විතරයි..නිහාල් සිල්වා ඝාතනය වීමට තරම් ප්‍රේමදාසට තර්ජනයක් වෙලා හිටිය බවක් මතක නෑ..
ReplyDeleteඅපි සාජන් නල්ලතම්බි චරිතයට ගොඩක් ආස කළා ඒ දවස් වල, ඔහුගේ මරණය නිසා ලොකු දුකක් දැනුනා මතකයි
ReplyDelete