Sunday, December 19, 2021

බණ්ඩාරනායක, ගුණදාස අමරසේකර , නලීන් සිල්වා සහ කවුන්ට කල්චර් එකේ සන්නස්ගල




අපිට සංස්කෘතික වශයෙන් ධර්මපාල , බණ්ඩාරනායක, මෙත්තානන්ද , ගුණදාස අමරසේකර , නලීන් සිල්වා මොනවද දුන්නේ ?. ඔවුන් අපව සංස්කෘතික පසුගාමීත්වයේ හිර කරන්න ෆුල් ට්රයි එක දුන්නා. අද ගොවිඳුලා කරන්නෙත් මේකමයි.

බණ්ඩාරනායක, ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලෝකයෝ. ඔවුන් තමන් ගේ ලමයින් ඒ පසුගාමීත්වයෙන් මුදා ගත්තා. ඔවුන් ගේ ලමයි බටහිරත් එක්ක සාර්ථකව සංස්කෘතික වශයෙන් ගනුදෙනු කරනවා.

අද ලංකාවේ කවුන්ට කල්චර් එකේ ඉදිරියෙන්ම ඉන්නේ සන්නස්ගල වගේ අය. සන්නස්ගල ගෙන් අහන්න Ian Sutherland , Maria Callas , Rudolph Valentino , Martin Sheen , George Benson යන අය කවුද කියලා ඔහු දන්නේ නෑ. ඒක සන්නස්ගල ගේ වැරැද්ද නෙවෙයි. හේතුව මේ ධර්මපාල , බණ්ඩාරනායක, මෙත්තානන්ද , ගුණදාස අමරසේකර , නලීන් සිල්වා සෙට් එක සන්නස්ගල ලාගේ පරම්පරාවට ඒ දැණුම ගලා එන එක වැලැක්කුවා. නමුත් අනුර බණ්ඩාරනායක ගෙන් අහන්න Ian Sutherland , Maria Callas , Rudolph Valentino , Martin Sheen , George Benson යන අය කවුද කියලා. ඔහු ඒ අය දැනගෙන සිටියා. සංස්කෘතිකව අනුර බණ්ඩාරනායකලා වගේ අය අප්ඩේට් වෙලා හිටියේ.

ලංකාව අන්තර්ජාතික සංකෘතික ලෝකයට යා කරන්න ඉහල මධ්‍යම පාන්තික ක්‍රිස්තියානීන් කල සේවය තියෙන්නේ තවමත් සැඟවිලා. ඔවුන් නිසා තමයි ලංකාව Jim Reeves, Elvis, Hank Snow වගේ චරිත ගැන දැන ගන්නේ. එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය​. මේ ටොපිය කාපු ශ්‍රී ලාංකික විශේශයෙන් සිංහල තරුණ තරුණියෝ බටහිර සමාජය එක්ක කනෙක්ට් වෙන්න යන්නේ ගංජා, අයිස් හරහා. ඒත් ඔවුන් ගේ මොලය හිස්. කඳ විතරක් ඩෙනිම් එකකින් වැහිලා.

4 comments:

  1. සම්පූර්ණ ඇත්ත.
    සමස්ත ජාතියම කාපු කට්ටියක් තමා ඔය ලියලා තියෙන නම් ටික.
    මෑත කාලයේ u tube හරහා සන්නස්ගල උන්නැහේ ජනප්‍රිය උනත් ඒකත් කොලේ වහලා ගහන එකෙක් තමා.

    ReplyDelete
  2. රුවන් ට ලංකවේ අලුත් පරපුර ගැන අදහසක් නැති බව තමා පේන්නේ . මම ලංකාවට ගිය දවස් වල දුටුවා රුවන් කියපු අයටත් එහා බටහිර පමණක් නොව අනික් රටවල සාහිත්‍යය , ගීත , ඉදිරියෙන්ම ඉන්න අය ගන්න දනන් කොටසක ඉන්නව කියල. Ian Sutherland , Maria Callas , Rudolph Valentino , Martin Sheen , George Benson විතරක් එතනින් ඉස්සරහට එන අය ගැනත්. නොදන්නේ ඔය අපේ වයසේ වගේ ඉන්න කට්ටිය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook