Wednesday, September 22, 2021

ඒලියන්ත වයිට් යනු .....



ඒලියන්ත ලින්ඩ්සේ ,  ඉමේෂ් රංගන ,  ඒලියන්ත වයිට්  යනාදී විවිධ නම් භාවිතා කරමින් කිසිදු වෛද්‍ය උපාධියක් නොමැතිව Prednisolone ඖෂධය අධි මාත්‍රා කල්ක සහ කසාය සමග මිශ්‍ර කරමින් හිමාලයෙන් ( ජම්බුගස්මුල්ලෙන් ?) ගෙනා දිව්‍ය බෙහෙත් ලෙස රෝගීන්ට දෙමින් මිත්‍යාව සහ විජ්ජාව ජන ගත කරමින් කොරෝනාවට කුණ්ඩලනී මුට්ටි ගංගා වලට දැමූ ඔහු අවසානයේ තමන් ගේම මිත්‍යාවේ ගොදුරක් වී අකාලයේ මිය ගියේය​. ඒලියන්ත වයිට් යනු ඒකභාවී නිශ්පාදනයක් නොවේ. මිත්‍යාව දේශපාලන උපක්‍රමයක් ජීවන මාර්ගයක් ලෙස භාවිතා කරන දේශපාලකයන් මෙන්ම වෘත්තිකයන් සිටින රටක ඒලියන්ත වයිට් යනු බයි ප්‍රඩක් එකකි. ඔහුව ඔසවා තබන්නේද තමන් ගිනස් වාර්තා පොතේ දේශීය ඒජන්තයෙකු ලෙස බොරුවට හඳුන්වා දුන් සහ මුදලට ආචාර්‍ය උපාධි විකිනීමට සහාය දුන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‍ ය​. අවාසනාවකට මෙන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‍ ද පරලෝ සැපත් වන්නේ ඒලියන්ත වයිට් ගේ හිමාල වනයෙන් ගෙනා  අධි මාත්‍රා බෙහෙතක් ශරීරගත වීමෙනි. 

ඒලියන්ත වයිට්  ඉතා හොඳ සන්නිවේදකයෙකි. දොස්තර උපාධි තිබූ වෛද්‍යවරුන්ටත් නොතිබූ ලෙස ඔහු තුල කොමියුනිකේෂන් ස්කිල්ස්  තිබුනි. එම නිසා ඔහුට බොහෝ පරාසයක මිනිසුන් අන්දන්නට පුලුවන් විය​. යම් ලෙසකින් සුදුසුකම් සපුරා වෛද්‍යවරයෙකු වීමට හැකි වූයේ නම් ඒලියන්ත වයිට් හට ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරයෙකු වනු නොඅනුමානය​. එහෙත් තමන් විසින් නිශ්පාදනය කරන ලද මිත්‍යාවට යටවී ඔහු අකාලයේ මිය යන ලදි 

2 comments:

  1. එලියන්ත වයිට් මලා ද?

    ReplyDelete
  2. There are some inaccuracies in this article and attempts to discredit Dr. Githanjan Mendis. Dr. Mendis did not sell degrees and he was the victim of a corrupt society who paid the ultimate price. Dr. Mendis was a qualified Neurologist who has helped thousands of people of which everyone has now forgotten.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook