Monday, March 8, 2021

මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන් කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  



1996 ජූලි 18 වන බදාදා  LTTE ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය.  දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි. 

මෙම ප්‍රහාරය සාර්ථක කරගැනීමට කොටි ඔත්තු කරරුවෙකු ලෙස කඳවුරේ කාලතුවක්කු භාරව සිටි කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට උපකාර කරන ලදි. මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූයේ දෙමළ හමුදා නිලධාරියකු බවත් ඔහුගේ ක්‍රියාකාරිත්වය සමස්ත කඳවුරටම තර්ජනයක් වූ බවත් ප්‍රකාශ කළේය. එහෙත් එවකට සිටි හමුදා බලධාරීන් මේ පිලිබඳව පියවරක් ගත්තේ නැත.  2009 යුද ජයග්‍රහනයෙන් පසු  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳව තවමත් පැහැදිලි වාර්තා ලැබී නොමැත.

1 comment:

  1. මගෙ ළඟම ඥාති අයියා නැති වුණෙත් මේ සටනෙදි තමයි. එයාගෙ තුවාල වෙච්ච යාළුවෙක් තමයි කිව්වෙ අයියව අන්තිමට දකිනකොට එයා වෙඩි වැදිච්ච අත වෙලාගෙන වෙඩි තිය තිය හිටියා කියලා. බේරිලා ආපු අය පාරක් cross කරපු කථාවක් කියලා තියෙනවා, අවාසනාවකට එයාට ඒ පාර cross කරන්න බැරුව ගිහින්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook