Monday, March 22, 2021

අමාලි චතුරිකා සිසුවියව මරණයේ දොරටුව වෙත තල්ලු කල මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට




අමාලි චතුරිකා 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය අවසන් වරට ලියන ලද  ලිපියේ සඳහන් කොට ඇත.

ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී  මාෂා අතුකෝරාල  සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසටය. එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

මෙහි සඳහන් මාෂා යනු ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.   කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවකි. ඇයගේ ලිපිනය - අංක 324, පිටිපන දකුණ, කිරිවත්තුඩුව වේ   

මෙහි සඳහන් ඉසුරු යනු ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය ඇයගේ ලිපිනය - අංක 170, කැන්දලන්ද, හෝමාගම වේ.  

මොවුන් දෙදෙනා පිරිමි සිසුන් ලවා අමාලි සිසුවියට දැඩි ලිංගික හිංසන පවා සිදු කර තිබේ.  ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය ලිංගික ක්‍රියා සහිත දර්ශන පෙන්වමින් එම අසභ්‍ය දර්ශන රඟ දක්වන ලෙස මාෂා සහ ඉසුරු දෙදෙනා බල කර තිබේ. මෙය සිදුකර ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදී ය.  අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලි සිසුවියට දරාගත නොහැකි තරම් වී සිය දිවි නසා ගැනීම දක්වා ගොස් ඇත. ඒපමණක් නොවේ. අමාලි සිසුවියගේ නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ සිට බිමට පැන සිය දිවි නසා ගන්නා ලෙස මේ දාමරික මාෂා සහ ඉසුරු දෙදෙනා අවස්ථා ගණනාවකදී අමාලිට බල කර තිබේ.  දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.    

එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්‍ය චන්දන උඩවත්ත එම මරණයට අදාල සාක්‍ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්‍ෂි වසං කිරීම සිදු කරන ලදි.  මේ දක්වා මිය ගිය සිසුවියට සාධාරණය ඉටුවී නැත. 

5 comments:

  1. මේ කාලකන්නි නවකවද කාරයන් හා අමන නවකවද කාරියන් සමාජය ඉදිරියට පමුණුවා ඒ අහිංසක දැරිවියට දිවි නසා ගන්නට හේතු වුනු මානසිකත්වයට ම පැමිණවිය යුතු බව මගේ නම් අදහසයි

    ReplyDelete
  2. දේවි බාලිකා වගේ ඉස්කෝලෙක ඉගෙනගෙන මෙහෙම හීනමානෙක ඉන්නවා කියුවම පුදුමයි.. දැන් හරි මේ ගැන විධිමත් පරීක්ෂණයක් විය යුතුයි.

    ReplyDelete
  3. මේ කාලකන්නි නවකවද කාරයන් හා අමන නවකවද කාරියන් සමාජය ඉදිරියට පමුණුවා ඒ අහිංසක දැරිවියට දිවි නසා ගන්නට හේතු වුනු මානසිකත්වයට ම පැමිණවිය යුතු බව මගේ නම් අදහසයි

    ReplyDelete
  4. ඔයා සුරේෂ් ධර්මේන්ද්‍රන් ගැන ලිපියෙදි එයාට පක්ෂව සහ විපක්ෂව විවිධ පාර්ෂව දක්වපු අදහස් ඉදිරිපත්කලා. ඒක හොඳයි.

    නමුත් මෙතනදි ඔයා පෙන්නලා තියෙන්නේ එක පැත්තක් විතරයි.
    ඒ කෙල්ලො දෙන්නාට පක්ෂව ඉදිරිපත්කර ඇති සාක්කිත් ඉදිරිපත් කල යුතුයි.

    සිංහලයෙක්ට එක විදියකටයි දෙමලෙක්ටතව විදියකටයි සැලකීම වැරදියි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook