Sunday, March 14, 2021

කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන්නේ නෑ - හිටපු එල්.ටී.ටී.ඊ නායකයෝ පවසති

 


මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්‍ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූ කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට ග්‍රිඩ් අංක ලබා දීමෙන් සහ කඳවුරේ ආරක්‍ෂක බංකර වල පිහිටීම ත්‍රස්තවාදීන්ට ලබා දීම නිසා 1996 ජූලි 18 වන බදාදා ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දී එම කඳවුර විනාශ කල බව කීහ​. මේ දක්වා යුද හමුදාව  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් ද්‍රෝහියෙකු ලෙස සලකයි. එහෙත් මීට දින කීපයකයට ඉහතදී මා අමතන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ රහීම් ප්‍රකාශ කලේ මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දීමේ සිද්ධියේ දී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් කොටින්ට උපකාර නොකල බවයි. තමන් මේ තොරතුර ලබා ගත්තේ හිටපු එල්.ටී.ටී.ඊ නායකයන් කිහිප දෙනෙකු ගෙන් බව  රහීම් වැඩිදුරටත් පැවසීය​. 

තවමත් ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ දෙවන , තෙවන පෙළ සාමාජිකයන් හරහා ලැබුුණු තොරතුරු අනුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  කොටින්ට  මුලතිව් යුධ හමුදා කඳවුර  විනාශ කිරීමට කිසිදු සහයක් දී නොමැත​. ප්‍රහාරයේදී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ව ජීවග්‍රහයෙන් කොටින්ට අසුවී තිබේ. පසුව ඔහුව වධ බන්ධනයට ලක් කොට බලහත්කාරයෙන් කොටි සාමාජිකයන් පුහුණු කිරීමට යොදවාගෙන තිබේ. 2009 යුද්දය අවසානයෙන් පසුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදුවූ දෙය කිසිවෙකු දන්නේ නැත​. තවමත් ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ දෙවන , තෙවන පෙළ සාමාජිකයන් සිතන පරිදි ඔහුව කොටින් විසින් මරා දමන ලද හෝ ඔහු යුද්දය අවසානයේදී බටහිර රටකට පලා යන්නට ඇත​. 

නම හෙළි නොකල තවත් යුද හමුදා නිලධාරියෙකු මා හට පැවසුවේ ද කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා නොදුන් බවයි. මුලතිව් පරාජය නිසා කාට හෝ වරද පැටවීමේ උත්සහයක යෙදුනු උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු විසින්  අවසානයේදී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට වරද පටවන ලදි. මේ අනුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් Scapegoat කෙනෙකි. 

සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න 2003 වසරේදී මට කොලඹ යුද හමුදා රෝහලේදී හමුවූ අතර මුලතිව් සිද්දිය පිලිබඳව ඒ වන විටත් ඔහු සිටියේ කණගාටුවෙනි. පසුව සුනාමියට හසුව ඔහු මිය යන ලදි.  


මේ සබැඳි ලිපිය ; මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන් කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් ; https://transyl2014.blogspot.com/2021/03/blog-post_8.html


2 comments:

  1. ඒ අවස්ථාව වෙද්දී මුලතිව් වලට කිසිම ගොඩබිම් සැපයුම් මමාර්ගයක් තිබුණේ නැහැ.ඒ වගේම යාපනෙන් පසුබැස්ස සම්පූර්ණ ltte කාඩර් එකම හිටියේ වන්නියෙ. මුලතිව් වලට මේ වගේ දෙයක් වෙන්න වෙන විශේෂ උදවු ඕන නැහැ කියලයි හිතෙන්නෙ .මේ සිද්ධියට මූහුන දෙන්න වෙච්ච සෙබලු මතක් වෙද්දී ගොඩක් කනගාටුයි. යාපනේ ගලවගද්දිම මුලතිව් කෑම්ප් එක අයින් කරගත්ත නම් මේ ඛේදවාචකය වෙන්නෙ නැහැ. යුද්දෙ මේ තරම් බරපතළ නොවෙන්නත් තිබුනා .

    ReplyDelete
  2. අනුරාධපුර සිද්ධිය ගැන රහීමිගෙන් ඇහුවෙි නැද්ද?වික්ටර්ගේ නායකත්වයෙන් ප්‍රහාරයට ආපු 12 දෙනා අතරේ මොහුත් හිටියා.නිරායුධ මිනිසුන් 140ක් පමණ මරා දැමීම ගැන අද ඹහුගේ යමි කණගාටුවක් තිබෙනවද නැතිනමි අරගල කරණ කොට මිනිස්සු මැරෙනවා වගේ මතයකද ඉන්නේ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook