යේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් බව කියමින් මා මිත්‍ර නාරද කරුණාතිලක පොතක් ලිව්වා. නමුත් මා සිතන පරිදි යේසුස් ක්‍රිස්තුස් බෞද්ධ පංචසීලයවත් දැනගෙන හිටියේ නෑ.. යේසුස් වයින් පානය කලා. මේ වයින් ඇල්කොහොල් රහිත වයින් ලෙස සිතමු. නමුත් ඔහු ගලීල මුහුගේ මසුන් මැරුවා. යේසුස් ක්‍රිස්තුස් ගේ ජීවිත කතාව අනුව ඔහු කුරසයෙන් උට්ඨානයට පත්වී පසුවද ගලීලයට පැමින ඔහුගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා මසුන් අහිනක් දැල් දමා අල්ලා ගැනීමට.
ජේසුස් ජීවත් වූ කාලයේම රෝම යුද නිලධාරීන් කිතුනු ආගම වැළඳ ගත්තා. බොහෝ විට ඔවුන් රහසින් එය කරන්න ඇති. මෑතකදී පලස්තීනයේ (වර්තමාන ඊශ්‍රායලය) රෝම නිලධාරීන් සිටි ගොඩනැගිල්ලක පැරණි ක්‍රිස්තියානි රහස් සංකේතය මත්සයා (පීටර් - ද ෆිෂිමන්) හමු වුනා. රෝම ගවනර් වූ පයිලට් ගේ බිරිඳත් රහසින් කිතුනු ආගම වැළඳ ගත් අයෙක්. මේ අනුව පෙනී යන්නේ ජේසුස් යුදෙව් පූජකයන්ට මෙන්ම රෝම අධිරාජ්‍යටත් තර්ජනයක් ලෙස සැලකූ පුද්ගලයෙක්. නීට්ශේ පැවසූ පරිදි ජේසුස් රෝම සපත්තුවට යටවී සිටි රෝම පාලනයට එදිරිව සටන් කල නොහැකි බෙලහීන යුදෙව්වන්ට සැනසිලිදායක දහමක් එනම් ක්‍රිස්තියානිය දේශනා කලා. ඔබලා මේ ආත්මයේ දුක් වින්දත් ලබන ආත්මයේ ස්වර්ග සැප විඳිනවා යන්න එහි අන්තර්ගත පණිවිඩය ලඝු කරන්න පුලුවන්. මේ නිසයි ක්‍රිස්තියානිය වහලුන් ගේ දහමක් බව නීට්ශේ කිව්වේ. තමන් රජෙකු බව ජේසු කිව්වා. ඒ රජකම තිබෙන්නේ මේ පොලෝතළයේ නොව ස්වර්ගයේ. නමුත් රෝම අධ්යරාජවාදීන් මේ "රජු " කතාවට බිය වුනා.
ජේසු ව්‍යාපාරය ආරම්භ වන්නේ ඔහුගේ ශාරීරික මරණයෙන් පසුව . එය ව්‍යාපාර දෙකකට බෙදුනා. එක් ව්‍ය්‍යාපාරයක් ආරම්භ කලේ යේසුස් ගේ සොහොයුරෙකු වන ජේම්ස්. පසුව රෝම පාළනය විසින් ජේමිස් ව ගල් ගසා මරා දැමුවා. දෙවන ව්‍යාපාරය ආරම්භ කලේ සෝල් (පෝල්) ඔහු මුල් කාලයේ ජේසු විරෝධියෙක්. පසුව ජේසු ව්‍යාපාරය ඔහු අතට ගන්නවා. ඔහු තමයි යේසුස් ගේ ජීවිත කතාව ලියන්නේ. ජේම්ස් විසින් ලියූ සත්‍ය ජීවිත කතාව පෝල් විසින් යටපත් කරනවා.
ජේම්ස් විසින් ලියූ ලේඛන වලට අනුව කුරුස ගසේදී යේසුස් මිය යන්නේ නෑ. ඔහුව ඇරමිතියාවේ ජෝසෆ් විසින් ප්‍රතිකාර කොට හොර රහසේ ඉන්දියාවට පිටත් කරනවා. ඉන් දියාවේදී ඔහු බුදු දහම හදාරනවා. යේසුස් ගේ සොහොන ලෙස සලකන සොහොනක් කාශ්මිරයේ තිබෙනවා.
මේ අනුව පසුකාලීනව යේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් වූවාද?

ඇරමිතියාවේ??
ReplyDeleteමේ ගැන සෑහෙන පොත පත ඒවගේම වාර්තා චිත්‍රපට නිපදවෙලා තීයෙනවා. නොයෙක් මත ප්‍රකාශ වෙලත් තියෙනවා. නමුත් කවුරුවත් මේ ගැන හරි මතයක් ප්‍රකාශ කරන්නෑ.
ReplyDeleteජේසුතුමාගේ ජීවිත කථාවේ අවුරුදු 12 ක් වන තෙක් විතර තියෙනවා. නැවත කථාව පටන්ගන්නේ අවුරුදු 30 දී. 12-30 දක්වා විස්තර නැහැ. එක මතයක් තමයි එම කාලයෙදී ඉන්දියාවට පැමිණ බුදුදහම ප්‍රගුණ කර සිටියා කියන එක. මේ ගැන වාර්තා කීපයක්ම යූටියුබ් එකේ තියෙනවා.
ReplyDelete