Sunday, September 27, 2020

මදර් චෝඩ් සහ බෑං චෝඩ්

ලොස් ඇන්ජලීස් නගරයට එන සෑම වතාවකම මම මාගේ ඥාතීන් හමු වීමට මෙන්ම මාගේ ඉන්දියානු මිතුරෙකු හමුවීමටද යමි. මාගේ  ඉන්දියානු මිතුරා ජොලි පොරකි. ඔහුගේ වැඩිමහළු සොහොයුරාගේ දස හැවිරිදි නිවුන් පිරිමි ළමුන් දෙදෙනා නිතරම මාගේ මිතුරාගේ කර උඩය.

මේ නිවුන් කොල්ලෝ දෙන්නා අන්තිම දඟය. උන් අයිස්ක්රීම් කෑවොත් වටේම්  ඉන්න එවුන් ගේ මූණු වල අයිස් ක්රීම් ය. සුපර් මාකට් එකට ගිය විට මේ මාරයන් දෙන්නා සුපර් මාකට් එක ඇතුලේ මැරතන් දුවති. මාගේ මිතුරා තම කුඩා බෑණලා දෙන්නා නම් කොට ඇත්තේ මදර් චෝඩ් සහ බෑං චෝඩ්කියාය. මදර් චෝඩ් , බෑං චෝඩ්ට වඩා වැඩිමල් විනාඩි ගනනකිනි. එහෙත් දෙදෙනාම එක වාගේ දඟය.

මමද මුන් දෙදෙනාට මදර් චෝඩ් සහ බෑං චෝඩ් කියා කතා කලද පසුව තේරුම් ගියේ මදර් චෝඩ් සහ බෑං චෝඩ් කියන්නේ හිංදි අමු කුණුහරප දෙකකට බවය.

Saturday, September 26, 2020

අනාගතය ගැන අණාවැකියක්

තව වසර 100 ඇතුලත කෘතිම මිනිස් හදවත් , වකුගඩු , ඇස් , අක්මා වගේ ඉන්ද්‍රියන් පමණක් නොව ත්‍රීඩී බයෝ ප්‍රින්ටස් මගින් කෘතිම සම පවා බද්ධ කර ගන්න පුලුවන් වෙනවා. ඒ නිසා මිනිස් ආයු කාලය වසර 500 අධික වෙනවා. මේ තාක්‍ෂණය තියෙන්නේ දියුණු ජාතීන් අතර පමණයි. ජාති ආගම් වශයෙන් බෙදී එකිනෙකා මරා ගන්නා නොදියුණු සමාජ ක්‍රමක් ක්‍රමයෙන් වළ පල්ලට යනවා. කෘතිම අවයව තාක්‍ෂණය නිසා මිනිසුන්ට අභ්‍යාවකාශයේ වසර ගනන් නිරුපද්‍රිතව ඉන්න හැකි වෙනවා. මේ නිසා මන්දාකිනියේ ඈත ග්‍රහ ලෝක වලට මිනිසුන් යනවා වසර 400- 500 ගතවනඅජටාකාශ ගමන් වල යෙදෙමින්. ග්‍රහ ලෝක වල මිනිස් ජනාවාස ඇරඹෙනවා. 

Monday, September 21, 2020

ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයා- වික්ටර් හියුගෝ

  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ප්‍රංශ කවියෙකු, නවකතාකරුවෙකු සහ රොමෑන්ටික ව්‍යාපාරයේ නාට්‍යකරුවෙකු වූ වික්ටර් මාරි හියුගෝ 1802 පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බෙසානොන් හි උපත ලැබීය.  වික්ටර් හියුගෝ උපත ලබන්නේ ප්‍රංශ විප්ලවය විසින් ශක්තිමත් කරන ලද ලෝකයක ය. ඔහුගේ පියා ජෝසප්-ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන්ගේ හමුදාවේ ජෙනරාල්වරයෙකි. ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන් වීරයෙකු ලෙස සැලකූ නිදහස් සිතිවිලි සහිත ජනරජවාදියෙකු විය. හියුගෝගේ මුල් ළමාවිය කැලඹිලි සහිත විය. හියුගෝගේ දෙමව්පියන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන හා ආගමික මතයන්  දැරුවෝය. මෙම ආතතීන් හියුගෝගේම පවුල තුළ නිරූපණය විය. ඔහු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා වන ආබෙල් සහ ඉයුජින් ඔවුන්ගේ මව සමඟ ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වූ අතර ඔවුන්ගේ පියා ඉතාලියේ ජීවත් විය. හියුගෝට වයස අවුරුදු පහ වන විට කියවීමට හා ලිවීමට හැකි විය. වයස අවුරුදු හත වන විට ඔහුට ලතින් භාෂාව කියවීමට හා පරිවර්තනය කිරීමට හැකි විය. කුඩා කාලයේ දී හියුගෝ කවි ලිවීමට උනන්දුවක් දැක්වීය. හියුගෝ අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලිකව සහ පැරිස් පාසල්වලය. වයස අවුරුදු 17 වන විට ඔහු තම සහෝදරයා සමඟ සඟරාවක් ආරම්භ කර තිබුණි.

ඔහුගේ පරම්පරාවේ බොහෝ තරුණ ලේඛකයින් මෙන්, හියුගෝ ද   19 වන සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය චරිතයක් වූ ප්‍රංශුවා-රෙනේ ඩි චැටෝබ්‍රියන්ඩ්ගේ ප්‍රබල බලපෑමට ලක් විය. එසේම වර්ජිල්ගේ ඇනයිඩ් කාව්‍ය ඔහු ප්‍රිය කලේය.  ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය (Odes et poésies diverses) 1822 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔහුට වයස අවුරුදු 20 දී ය. තම ළමා වියේ පෙම්වතිය වන ඇඩෙල් ෆවුචර් කෙරෙහි දක්වන ආදරය සමරන බොහෝ කවි මෙහි අඩංගු වෙයි. මෙම පොතේ පෙරවදනෙහි වික්ටර් හියුගෝ මෙසේ ලිවීය: " කවිතාව යනු සියලු දේ අතරින් හදවතට සමීප ම දෙයයි"

1823 දී ඔහු සිය පළමු නවකතාව වන " Han d'Islande"  (Hans of Iceland) ප්‍රකාශයට පත් කලේය. හියුගෝ මෙම නවකතාව අද්දැකීම් අඩු තරුණ ලේඛකයෙකුගේ කෘතියක් ලෙස සලකන ලෙසට පාඨකයාට ආරාධනා කරයි.   ඔහුගේ දෙවන නවකතාව වන  "Bug-Jargal " 1826 දී පළ වූ අතර එය ප්‍රංශ හමුදා නිලධාරියෙකු සහ වහල්භාවයේ සිටි අප්‍රිකානු කුමාරයෙකු අතර මිත්‍රත්වයේ කතාව විස්තර කරයි. මෙම නවකතාව දහනව වන සියවසේ යටත් විජිත ප්‍රබන්ධයේ වැදගත්ම කෘතියක් වන අතර ප්‍රධාන යුරෝපීය කතුවරයකු විසින් හයිටි විප්ලවය පිළිබඳ වඩාත්ම තිරසාර නවකතා සංග්‍රහය විය හැකිය. "Bug-Jargal " අන්තර්-වාර්ගික මිත්‍රත්වය හා එදිරිවාදිකම් පිළිබඳ සිත්ගන්නා  කතාවක් වන අතර එය මානව බැඳීම් පිළිබඳ අනන්‍ය විස්තරයකි.

හියුගෝගේ පළමු නාට්‍යය වූයේ Marion de Lorme -මේරියන් ඩි ලෝර්ම් ය. ප්‍රංශ රාජාණ්ඩුව නිරූපණය කිරීම හේතුවෙන් වාරණයන් විසින් මුලින් තහනම් කරනු ලැබුවද, අවසානයේදී එය 1829 දී වාරණය නොකොට මංගල දර්ශනය කිරීමට අවසර දෙන ලදී, නමුත් නාට්‍යය සාර්ථක නොවීය. 1827 දී ඔහුගේ නාට්‍යමය රොමැන්ටික කෘතිය වන Cromwell  සමඟ වික්ටර් හියුගෝ රොමැන්ටික සාහිත්‍ය දක්ෂයෙකු ලෙස කීර්තියක් අත්කර ගත්තේය. මෙම නාට්‍යයේ එංගලන්තයේ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ කතාව අඩංගු විය. ඔලිවර් ක්‍රොම්වෙල් ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී පළමු චාල්ස් රජුට එරෙහිව එංගලන්ත හමුදාවේ පාර්ලිමේන්තුවට නායකත්වය දුන් සහ 1653 සිට ඔහු මිය යන තුරුම බ්‍රිතාන්‍ය දූපත් සාමිවරයා ලෙස පාලනය කළ රාජ්‍ය නායකයෙකි. ක්‍රොම්වෙල් 1649 දී පළමුවන චාල්ස් රජුගේ මරණ වරෙන්තුවට අත්සන් තැබූ අයෙකි. රජෙකු ලෙස කිරුළු පළඳින ජනතාවගෙන් නැගිටින ජාතික නායකයෙකු මෙම නාට්‍යයේ මාතෘකාව විය. 

හියුගෝට ඉංග්‍රීසි සිවිල් යුද්ධය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති බවත් ඔලිවර් ක්‍රොම්වෙල් නාට්‍යයෙන් පෙනී යයි. හියුගෝ ඔහුගේ ජනරජ නැඹුරුවාවන් සඟවා ගත්තේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ ඉතිහාසය පුරාම බොහෝ නායකයින් මුහුණ දී ඇති අභ්‍යන්තර ගැටුම නිරූපණය කිරීමයි. ක්‍රොම්වෙල්ගේ ජීවිතය හා වෘත්තිය නැපෝලියන්ට සමාන්තර විය. මෙම මිනිසුන් දෙදෙනා අතර බොහෝ සමානකම් තිබුණි. හියුගෝ තම සමකාලීනයන් සමඟ අඩු මතභේදයට තුඩු දුන් තැනැත්තා ගැන ලිවීමට තෝරා ගත්තේය.  නාට්‍යය පුරාම ක්‍රොම්වෙල් අවස්ථා කිහිපයකදී තම අභිලාෂයන් අතහැර දැමීමට භයානක ලෙස සමීප වේ. ක්‍රොම්වෙල් දුර්වල හෝ අනුකම්පා සහගත ලෙස නිරූපණය කිරීම හියුගෝගේ අභිප්‍රාය නොවීය.
 
ඔහුගේ "Hernani"  (1830) නාට්‍යයයේ මාතෘකාව ආරම්භ වන්නේ  1519  දක්‍ෂිණ බාස්ක් හි ස්පාඤ්ඤ නගරයකිනි. වහල්භාවයේ උපත ලැබූ උතුම් වංශාධිපතියෙකුගේ චරිතය නාට්‍යයේ කේන්ද්‍රයේ පිහිටා තිබේ. වංශාධිපතීන් දෙදෙනෙකු සහ අද්භූත කොල්ලකරුවෙකු - එකම කාන්තාව සමඟ ආදරයෙන් බැඳී සිටිති. තරුණ වීරයා වූ හර්නානි, පැරණි වංශාධිපතියෙකු වන ඩොන් රූයි ගෝමස් සමග ගැටීමක් ඇති කර ගනී.  හර්නානි  අපැහැදිලි සම්භවයක් ඇති කොල්ලකරුවෙකි. හර්නානි ඩොනා සොල් සමඟ ආදරයෙන් බැඳී සිටියි. පරමාදර්ශී කාන්තාව ඩොනා සොල් ,ඇගේ  වීරයාට වඩා වෙනස් ය. හර්නානි සහ ඩොනා සොල් ප්‍රේමවන්තයන් බව දැන සිටියද, රූයි ගෝමස්, හර්නානිව රජුට භාර දීම ප්‍රතික්ෂේප කරයි.  පසුව  නව අධිරාජ්‍යයා හර්නානිට සමාව ලබා දෙයි. එහෙත් නාට්‍යය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. රොමියෝ සහ ජුලියට් මෙන් ප්‍රේමවන්තයන් වස පානය කිරීමෙන් එකට මිය යති.

 "Hernani"  නාට්‍යයේ පෙරවදනෙහි හියුගෝ රොමෑන්ටිකවාදය දේශපාලන ලිබරල්වාදය සමඟ සංසන්දනය කළ අතර එමඟින් මුලදී මහජනතාවගේ අවධානය දිනා ගත්තේය. "Hernani"   නාට්‍යය  සමඟ හියුගෝ නාට්‍ය රචකයෙකු ලෙස කීර්තියට පත්විය. ප්‍රංශ රොමෑන්ටිකවාදයේ පැමිණීම හර්නානි නිවේදනය කළේය. එසේම හියුගෝ රොමැන්ටික සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛයා බවට පත්විය.  හර්නානි 19 වන සියවසේ නාට්‍ය කලාවට සදාකාලික බලපෑමක් ඇති කළේය. හියුගෝගේ නාට්‍යමය කාව්‍යයන් ප්‍රංශ සාහිත්‍යයේ නව යුගයක් ආරම්භ කළේය. හියුගෝගේ නාට්‍ය ඔහුගේ නවකතාවලට වඩා වෙනස් වන්නේ දේශපාලන බලය අවධාරණය කිරීමෙනි.

හියුගෝ ගේ Lucrezia Borgia (1833) යනු  පුනරුද යුගයේ ඉතාලි වංශාධිපතිනි ලුක්‍රේෂියා බෝර්ජියා නිරූපණය කරන ඓතිහාසික නාට්‍යකි. ලුක්‍රේෂියා ඇගේ සුන්දරත්වය හා ඇයගේ හැකියාව තුළින් ජනප්‍රිය වූවාය. 15 වන සියවසේ අග භාගයේ මූලාශ්‍ර මත පදනම්ව හියුගෝගේ ප්‍රකෝපකාරී නාට්‍යය  ජනප්‍රිය විය. හියුගෝට අනුව, විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් ආර්යාව මෙන් ලුක්‍රේෂියා ගේ දෑත් ලේ වලින් පිරී තිබේ. ඔහුගේ නාට්‍යයේ  කේන්ද්‍රය ව්‍යභිචාරය වන අතර, ලුක්‍රේෂියා ඇගේ අවජාතක පුත් ජෙනරෝ වෙනුවෙන් දරනු ලබන අස්වාභාවික ප්‍රේමය ප්‍රේක්‍ෂකයෝ වටහා ගනිති. රූපත් ඇයගේ චරිතය මිනීමැරුම් හා ව්‍යභිචාරය සමඟ සම්බන්ධ වේ. මෙම කුරිරු ස්ත්‍රී මාරක නාමය ඇය වටා සිටින සියල්ලන්ගේ හදවත් තුළ භීතියක් ඇති කළේය.

වික්ටර් හියුගෝගේ ප්‍රථම පරිණත ප්‍රබන්ධ කෘතිය Last Days of a Condemned Man 1829 දී ප්‍රකාශයට පත් වූ අතර, ඔහුගේ පසුකාලීන Les Misérables කෘතියට  බලපාන සමාජ හෘදය සාක්ෂිය පිළිබිඹු විය. මෙම කෘතිය  ලෙ  මිසරබල්ස්  නවකතාවේ පූර්වගාමියා ලෙස සලකනු ලැබේ. වික්ටර් හියුගෝ මෙම නවකතාව ලියා ඇත්තේ මරණ දඬුවම අහෝසි කළ යුතු බවට ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ය. මෙම පොත 1829 පෙබරවාරි මාසයේදී චාල්ස් ගොසලින් විසින් කතුවරයාගේ නමක් නොමැතිව ප්‍රකාශයට පත් කරන ලදී.
 
මෙම Last Days of a Condemned Man නවකතාවට පාදක වන්නේ 19 වන ශතවර්ෂයේ ප්‍රංශයේ  මරණ දණ්ඩනය නියම කරනු ලැබූ මිනිසෙකු ඔහුගේ මරණය බලාපොරොත්තුවෙන් සිටියදී ඔහුගේ සිතේ හට  ගන්නා හැඟීම් ය. නවකතාව ගිලටිනයට මුහුණ දීමට පෙර සිය අවසන් දවස්වල ජීවත්වන මිනිසෙකු විසින් ලියන ලද දිනපොතක ස්වරූපය ගනී. මෙහි සිත්ගන්නා කරුණ නම්, හියුගෝගේ ලෙ මිසරබල්ස් හි වීරයා වන ජීන් වල්ජියන්ගේ චරිතයද  නවකතාවේ අඩංගු වීමයි . මරණ දණ්ඩනය නියම වූ තැනැත්තා සිර ගෙදර සිටින විටදී  ඔහුට තවත් සිරකරුවෙකු මුණගැසෙයි. තම සහෝදරියගේ පවුල බේරා ගැනීම සඳහා පාන් ගෙඩියක් සොරකම් කිරීම නිසා ඔහුව සිරගත වූ බව ආගන්තුක සිරකරුවා පවසයි. 

මරණ දණ්ඩනය නියම වූ මිනිසාගේ චිත්ත ස්වභාවය හියුගෝ එළි කරයි. කාලය ගෙවී යත්ම, ඔහුගේ ඉරණම වෙනස් කිරීමට තමාට හැකියාවක් නැති බව ඔහු දනී.මරණ දණ්ඩනය නියම වූ දිනයේදී ඔහු තම තුන් හැවිරිදි දියණියව අවසන් වරට දකින නමුත් ඇය  ඔහුව හඳුනා නොගනී. නවකතාව අවසන් වන්නේ ඔහු කෙටියෙන් නමුත් මංමුලා සහගත ලෙස සමාව අයැදීමෙන් හා  මිනිසුන්ට ශාප කිරීමෙන් පසුවය. පෝරකය අවට එක් රැස්ව සිටින මිනිසුන් ඔහුව මරා දමන ලෙස කෑ ගසති. ඔවුන් බලා සිටින්නේ ගිලටිනයේ තියුණු තළය සිරකරුවාගේ ගෙල මත පතිත වන තෙක්ය. මෙම කෘතිය මගින් කතුවරයා මරණ දණ්ඩනය කෙතරම් විනාශකාරීද යන්න විස්තරාත්මකව පෙන්වා දෙයි.

හියුගෝ චිත්‍ර කලාව ප්‍රිය කල අතර ඔහුගේ ජීවිත කාලය තුළ චිත්‍ර 4,000 ක් පමණ ඇන්දේය. හියුගෝ සිය චිත්‍ර මහජන අවධානයෙන් ඉවත් කළේ එය ඔහුගේ සාහිත්‍ය කෘති  යටපත් කරනු ඇතැයි යන බියෙනි.  වික්ටර්  හියුගෝ සිය ජීවිත කාලය තුළ නවකතා හා නාට්‍ය 50 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කලේය.  1830 ගණන් වලදී හියුගෝ විසින් පද රචනා වෙළුම් කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, හියුගෝගේ ගීත ශෛලිය පොහොසත්, තීව්‍ර සහ බලවත් ශබ්ද සහ රිද්මයන්ගෙන් පිරී තිබූනේය. හියුගෝගේ කවි අසාමාන්‍ය ලෙස පුළුල් පරාසයක තේමාවන් සමඟ  සම්බන්ධ වෙයි.  
 
වික්ටර්  හියුගෝ  දහනව වන සියවසේ වඩාත්ම බලගතු රොමෑන්ටික ලේඛකයෙකු ලෙස පිළිගැනේ.  රොමෑන්ටිකවාදය හැඩගස්වා ගත් දෘෂ්ටිවාදාත්මක ප්‍රවාහයන්ගෙන් උපත ලැබූ කවියෙකු ලෙස හියුගෝ පෙනී සිටි අතර, ඒ අනුව කවියා උත්තරීතර පුද්ගල නිර්මාණකරුවෙකි, විධිමත් නීති රීති හා සාම්ප්‍රදායික ක්‍රියා පටිපාටි දැඩි ලෙස පිළිපැදීමට වඩා නිර්මාණාත්මක ආත්මය වැදගත් ය. ඔහු 18 වන සියවසේ සාම්ප්‍රදායික ප්‍රංශ වාක්‍ය නීති රීති බිඳ දැමීය. ඔහු පරිකල්පනය , ආත්මීයත්වය, සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සොබාදහම පරමාදර්ශීකරණය වෙනුවෙන් පෙනී සිටියේය. හියුගෝ සාමාන්‍ය මිනිසාගේ කවියෙකු වූ අතර පොදු ප්‍රීතිය හා දුක පිළිබඳ සරල බවින් හා බලයෙන් ලිවීමට දැන සිටි හෙයින් ඔහුගේ අදහස්වල ත්‍යාගශීලිත්වය සහ ඒවායේ ප්‍රකාශනයේ උණුසුම තවමත් මහජන මනස තුළට ගෙන ගියේය.

වික්ටර් හියුගෝගේ කවි රොමැන්ටික යුගයේ ආත්මය ග්‍රහණය කර ගත්තේය. ඔහුගේ කාව්‍ය සංග්‍රහයන්හි යුගයේ විශිෂ්ටතම කෘති කිහිපයක් අඩංගු වන අතර මරණය, සොබාදහම සහ ප්‍රේමය වැනි තේමාවන් මෙන්ම ඔහුගේ කාලයේ දේශපාලන ප්‍රශ්න ද පිළිබිඹු වේ. ඔහුගේ  කාව්‍ය ශාස්ත්‍රීය ස්වරූපයෙන් නොව අදහස මත පදනම් විය. මේ සම්බන්ධයෙන් ගත් කල, ඔහු සර්ලයිලිස්වාදයේ සහ සංකේතවාදයේ පූර්වගාමියා ලෙස සැලකිය හැකිය.

යථාර්ථය පිළිබඳ හියුගෝගේ එළිදරව්වේ ප්‍රවේශය වූයේ  1886 දී ලියන ලද La Fin de Satan (“සාතන්ගේ අවසානය”)  යන  පාරභෞතික කාව්‍යයයි.  මෙම කාව්‍යය නපුරේ ගැටළුවට මුහුන දෙයි. එය දිගු ආගමික වීර කාව්‍යයකි. මෙම කාව්‍ය සංගරහය ඔහු ලියන්නේ නොර්මන්ඩි වෙරළට ඔබ්බෙන් පිහිටි චැනල් දූපත්වල සිය පවුලේ අය සමඟ පිටුවහල්ව සිටියදීය.

 එංගලන්තයේ චාල්ස් ඩිකන්ස් මෙන්ම, වික්ටර් හියුගෝ ද කම්කරු පන්තිය අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඔහු  ප්‍රංශ සමාජයේ යටි පතුල් හෙළි කළ වීරයෙකු ලෙස සැලකේ.  ප්‍රංශ ප්‍රේක්ෂකයෝ ඔහුව මූලික වශයෙන් කවියෙකු ලෙස සමරනු ලැබුවද, ඔහු ඉංග්‍රීසි කතා කරන රටවල නවකතාකරුවෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘති අතරට  The Hunchback of Notre Dame (1831) සහ  Les Misérables (1862) ඇතුළත් වේ. ඔහුගේ "ලෙ මිසරබල්ස්" 19 වන සියවසේ වඩාත්ම ප්‍රසිද්ධ නවකතාවක් බවට පත් විය.

 වික්ටර් හියුගෝ විසින් රචිත The Hunchback of Notre Dame නවකතාව වෝල්ටර් ස්කොට්ගේ "අයිවන්හෝ " සම්ප්‍රදායේ ඓතිහාසික නවකතාවක් වූ අතර එහි කතාව  සිදුවන්නේ XI වන ලුවී (XIV-XV) ගේ පාලන සමයේදී ය. නවකතාව හරහා කතුවරයා පහළොස්වන සියවසේ ප්රංශයේ ජනතාව  ගේ ජීවිත හා සිරිත් විරිත්  විචිත්රවත් ලෙස ප්‍රති නිර්මාණය කරයි. එසේම මධ්‍යතන යුගයේ පැරිසියානු ජීවිතය පිළිබඳ පවසයි. තවද පැරිසියේ ගොතික් අතීතයේ ඇති තේජස හා වැදගත්කම පෙන්වා දෙයි. නවකතාව විවිධ සමාජ පංතිවල අරගල නිරූපණය කරන අතර පියකරු රෝමා තරුණියක වන එස්මරල්ඩා කේන්ද්‍ර කර ගත් ආදර ත්‍රිකෝණයක කතාව මෙහි දැක්වේ. එසේම අවලස්සන “ක්වාසිමෝඩෝ” පිලිබඳ විස්තර මෙහි ඇත. 

ළදරුවෙකු ලෙස, ක්වාසිමෝඩෝව ඔහුගේම මව විසින් අතහැර දමන ලද අතර ඔහුව පල්ලිය විසින් හදා වඩා ගත්තේය. ඔහුගේ පිළිකුල් සහගත පෙනුම නිසා සමූහයා ක්වාසිමෝඩෝට බිය වෙති. ඔහු බිහිරි හා විකෘති වී ඇති අතර, ඔහුගේ පෙනුම ගැන මහජනයා විසින් නිග්‍රහ කරනු ලැබේ. පෙනුමෙන් ඔහු අර්ධ මෘගයෙකු හා අර්ධ මනුෂ්‍යයෙක් බව පෙනේ. පැරීසියේ පුරවැසියන් ඔහු යක්ෂයා යැයි සිතීම පුදුමයක් නොවේ.  ඔහු බොහෝ විට පැරිසියේ ජනතාවගේ අපහාස හා චෝදනා දරාගත යුතුය. එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔහුට දුකක්, හුදෙකලා බවක් හා තනිකමක් දැනේ.  ඔහු අවලස්සනය, රළුය. එහෙත් ඔහුගේ හදවත පිවිතුරුය. 

කතාව පුරාම ක්වාසිමෝඩෝ එස්මරල්ඩා ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් දරයි. කවුන්ට් ෆ්‍රොලෝ, ක්වාසිමෝඩෝ සහ එස්මරල්ඩා සාහිත්‍ය ඉතිහාසයේ වඩාත්ම විකෘති, විකාර සහ අනපේක්ෂිත ප්‍රේම ත්‍රිකෝණය විය හැකිය. නවකතාවේ සෑම පෞරුෂයක්ම "ස්ථාවර අදහසක්" වටා ගොඩ නගා ඇත. එසේම මෙම නවකතාවේ රජෙකුගේ සිට ගොවියා දක්වා ජාතියක සමස්ත සමාජ ව්‍යුහය පවතියි.  නවකතාව පන්ති අරගල කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එසේම යහපත්කම, යුක්තිය සහ ආදරය පිළිබඳ අදහස මූර්තිමත් කරයි. “මැවීමේ සෑම දෙයක්ම මනුෂ්‍ය සුන්දර නොවන බවත්, සුන්දරත්වය අසල කැත පවතින බවත් කතුවරයා පෙන්වා දෙයි. නවකතාවේ ප්‍රබල තේමාව නම් දෙවියන් වහන්සේ  ඇතැම් මිනිසුන් තුළ අසම්පූර්ණ ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති බවයි. එය බොහෝ ආබාධ සහිත රූපයක් වන නමුත් එහි සීමාවන් ඉක්මවා අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය ළඟා කර ගත හැකි රූපයකි.  

"The Hunchback of Notre Dame " ඇත්ත වශයෙන්ම පැරිසියේ අමතක වූ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයකි. නවකතාව භීෂණය, මරණය සහ ප්‍රේමය පිළිබඳව ගෙතී තිබුනද කතුවරයා ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත්කම පවසයි. එසේම ගොඩනැගිලි පිළිබඳ විස්තර කෙරෙහි අවධානයක් යොමු කරයි. " The Hunchback of Notre Dame " නවකතාව පැරිසියේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සුරැකීම සඳහා සටන් කළ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට පොළඹවන ලදී.
 

වික්ටර්  හියුගෝ ගේ ප්‍රබන්ධ බොහෝ විට ප්‍රංශයේ දේශපාලන හා සමාජ වාතාවරණය ගවේෂණය කර විවේචනය කළේය. ඔහු පැරිසියේ වැඩ කරන දුප්පතුන් ගේ අසරණ යථාර්ථය නිර්මාණය කළේය.  1830 දී ප්‍රංශ කම්කරුවෙකුගේ දරුවෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු දෙකකි. ප්‍රංශ අධිකරණ පද්ධතියේ දූෂිතභාවය සහ ප්‍රංශ බන්ධනාගාරවල තත්ත්වයන් පිළිබඳව ඔහු දැක්වූ පිළිකුල ඔහු ලෙ  මිසරබල්ස් හි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.  ඔහු සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න මතු කලේය.

“ලෙ මිසරබල්ස්” යනු වික්ටර් හියුගෝ විසින් 1862 දී ප්‍රකාශයට පත් කරන ලද නවකතාවකි. මෙම කෘතිය මගින් ඔහු සමාජ දුක්ඛිතභාවය සහ අයුක්තිය ගවේෂණය කරන ලදී. මෙම නවකතාව අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් මනුතාපය යන නමින් සිංහලට පරිවර්තනය කොට තිබේ.  

ලෙ  මිසරබල්ස් යනු පැරිසියානු සමාජයේ සහ එහි පාතාල ලෝකයේ විශාල පරිදර්ශනයක් වන අතර, එහි බොහෝ ප්‍රසිද්ධ කථාංග සහ ඡේද අඩංගු වෙයි.  නැපෝලියන් බොනපාට් යනු වික්ටර් හියුගෝට ලෙ මිසරබල්ස් කෙරෙහි බලපෑ එක් ප්‍රබල බලපෑමකි. නවකතාව තුළ හියුගෝ වල්ජියන් සහ නැපෝලියන් අතර සංකේතාත්මක සමාන්තරතාවයක් නිර්මාණය කරයි. දුප්පත් සිසුවෙකු ලෙස හියුගෝ ගේ ජීවිතයේ මතකයන් පසු කලෙක ඔහුගේ ලෙ  මිසරබල්ස් නවකතාවේ මාරියස්ගේ චරිතයට ආභාෂය ලබා දුන්නේය.   

 ලෙ  මිසරබල්ස් හි කතාව 1815 දී ආරම්භ වී 1832 දී අවසන් වේ. පාන් ගෙඩියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වසර 19 ක් සිරගතව සිටින සමාජයේ ගොදුරක් වූ ජීන් වල්ජියන් (සිරකරු 24601 ) පිළිබඳ කතාව මෙහි කේන්ද්‍රගත වේ. ඔහු නිදහස් වූ පසු, ඔහු යන සෑම තැනකම ඔහුව නෙරපා හරින ලද අයෙකු ලෙස සලකනු ලබති. බිෂොප් මීරියෙල් , ජීන් වල්ජියන්ට  නව ජීවිතයක් නිර්මාණය කිරීමට උදව් කරයි.  බිෂොප් මීරියෙල් ගේ ආදරය, කරුණාව සහ ත්‍යාගශීලිත්වය ස්පර්ශ කළ වල්ජීන්  නව අනන්‍යතාවයක් යටතේ අවංක ජීවිතයක් ආරම්භ කිරීමට පොරොන්දු වෙයි. ඔහු මොන්සියර් මැඩලීන් යන නම භාවිතා කර සාර්ථක කර්මාන්තශාලා හිමිකරුවෙකු බවට පත්වේ. කෙසේ වෙතත්, ඔහු දඩයම් කරනු ලබන්නේ  පොලිස් නිලධාරියෙකු වන ජාවර්ට් ය. ජාවර්ට් විශ්වාස කරන්නේ කිසිම අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කළ නොහැකි බවයි.  වැල්ජියන් සාමාන්‍ය මිනිසා මූර්තිමත් කරන අතර ජාවර්ට් එකල සමාජ ආයතන සංකේතවත් කරයි. ජීන් වල්ජියන් අවසානයේදී තම දරුකමට හදාගත් දියණිය වන කොසෙට් සහ ඇගේ සැමියා වන මාරියස් වෙනුවෙන් කැපවී සිටී. නවකතාව අවසානයේදී ජීන් වල්ජියන් සාමකාමීව මිය යන්නේ යහපත් හා ධර්මිෂ්. ජීවිතයක තෘප්තියෙනි. ලේඛකයාගේ ප්‍රධාන ඉලක්කය වූයේ මිනිසෙකුගේ නපුරේ සිට යහපත දක්වා, වැරැද්දේ සිට යුක්තිය දක්වා, මුසාවාදයේ සිට සත්‍යය දක්වා යන මාර්ගය පෙන්වීමටයි. 

මෙම කෘතියේ වඩාත්ම “ප්‍රතික්ෂේප කරන ලද” වීරයා සදාචාරාත්මක ගොඩනැගීමේ දුෂ්කර මාවතකට පිවිසෙයි. එය ආරම්භ වූයේ ධර්මිෂ් බිෂොප් - හැත්තෑපස් හැවිරිදි චාල්ස් මීරියෙල් සමඟ අනපේක්ෂිතව හමුවීමෙනි. ජීන් වල්ජියන්ගේ ජීවිතය ආරම්භ වන්නේ සිරෙන් නිදහස් වීමෙන් පසුවය. කතාවේ ප්‍රධාන චරිතය වන ජීන් වල්ජියන් මුලදී දකින්නේ වෛරය මිස අන් කිසිවක් නොවේ. ජීන් වල්ජියන්ට නීතිය හා සමාජය කෙරෙහි ඇති වෛරය ඉදිරියට යන්නේ ඔහු තුළ නපුරක් ඇති කිරීමට පමණි. වෛරය ඔහුගේ එකම ආයුධය වූ අතර, ඔහු එය සිරගෙදර මුවහත් කර ඔහු පිටත්ව යන විට එය රැගෙන යාමට තීරණය කළේය. ජීන් වල්ජියන් තුළ ඇති නපුර මුළුමනින්ම අහෝසි කිරීම සඳහා වික්ටර් හියුගෝ ඩිග්නේහි බිෂොප්  චාල්ස් මීරියෙල් ඔහුගේ මාවතෙහි තබයි නපුර, වෛරය, උමතුව, පළිගැනීම සහ ඒත්තු ගැන්වීම වැනි තේමාවන් සමඟ වික්ටර් හියුගෝ සමාව දීම තුළින් සෑම චරිතයක්ම පරිවර්තනය කිරීමට ඉඩ සලසයි. ජීන් වල්ජියන්ගේ චරිතය වර්ධනය කිරීමේදී, වික්ටර් හියුගෝගේ ඉලක්කය වන්නේ, ජීන් වල්ජියන්ගේ වෙනස දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මුදවා ගන්නා පව්කාරයෙකුගේ ජීවිතය ලෙස නිරූපණය කිරීමයි.ආරම්භයේ දී, ඔහු මිනිසුන්ට යහපත කිරීමට ඉගෙන ගනී, පසුව සත්‍යයේ නාමයෙන් කැපකිරීමට, ඉන්පසු ඔහු ලෝකයේ වඩාත්ම ආදරය කරන දේ අත්හැරීමට ඉගෙන ගනී. අතහැරීමද   (Renunciation) නවකතාවේ ප්‍රවර්ධනය කරන එක් ගුණාංගයකි

නවකතාවේ ජීන් වල්ජියන්ගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ චරිතය නම් පොලිස් පරීක්ෂක ජාවර්ට් ය.  ජාවර්ට් විශ්වාස කරන්නේ නීතිය පමණි. ඔහු තුල සැබෑ කරුණාව හෝ පරාර්ථකාමී බවක් නොපෙනේ. ජාවර්ට් යනු සමාජ පර්යායේ මුරකරු ය. හියුගෝ පැහැදිලි කරන්නේ ජාවර්ට්ට සැබවින්ම නීතිය කෙරෙහි ඇල්මක් ඇති බවය. ජාවර්ට් විශ්වාස කරන්නේ නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයෙකු අපරාධකරුවෙකු වන අතර පුද්ගලයෙකු අපරාධකරුවෙකු බවට පත් වූ විට ඔහු හෝ ඇය සැමවිටම අපරාධකරුවෙකු වනු ඇති බවයි. ඔහු ජීන් වල්ජියන් සොයා ගැනීම ඔහුගේ ජීවිතයේ කාර්යයක් බවට පත් කරයි. ඔහුගේ දරුණුතම සතුරා වන ජීන් වල්ජියන් විසින් ඔහුට ලබා දුන් අනපේක්ෂිත නිදහස් කිරීම මගින් ජාවර්ට් ව්‍යාකූලත්වයට පත්වේ.  ඔහු මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නීතිවලට වඩා යමක් ලෝකයේ ඇති බව අවබෝධ කර ගනියි.  නීතිය හා මනුෂ්‍යත්වය අතර ගැටුම නිසා ඔහු සියදිවි නසා ගනී.  

සැබෑ අපරාධකරුවන් හික්මවීමට අපොහොසත්  දූෂිත අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක්  හොඳ මිනිසුන් දැඩි අපරාධකරුවන් බවට පරිවර්තනය කරයි  යන්න නවකතාවෙන් පෙන්වා දෙයි. පවත්නා නීති හා සිරිත් විරිත් මගින් සමාජ නපුර නිර්මාණය වී පෝෂණය වන බවට හියුගෝගේ විශ්වාසයයි. දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ නීතිමය හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරයට ලෙස් මිසරබල්ස් බලපෑම් කළේය. නවකතාවේ ආධිපත්‍යය දරන කේඳ්‍රීය තේමාවන් දෙක වන්නේ එහි ප්‍රධාන චරිතය වන හිටපු වැරදිකරුවෙකු වන ජීන් වල්ජියන් සදාචාරාත්මකව මුදවා ගැනීම සහ විප්ලවය තුළින් ජාතියක් සදාචාරාත්මකව මුදවා ගැනීමයි. වික්ටර් හියුගෝ මෙසේ පැවසීය: "මම වහල්භාවය හෙළා දකිමි, දුප්පත්කම දුරු කරමි, මම නොදැනුවත්කම උගන්වමි, මම රෝගවලට ප්‍රතිකාර කරමි, රාත්‍රිය සැහැල්ලු කරමි, වෛරයට වෛර කරමි. නවකතාව මානව දුක් වේදනා, දුප්පත්කම සහ නොදැනුවත්කමට එරෙහි විවේචනාත්මක ප්‍රකාශයකි. එහි අරමුණ කලාත්මක මෙන්ම දේශපාලනික ය.
 
වික්ටර්  හියුගෝ ඔහුගේ කාලයේ වැදගත් දේශපාලන චරිතයකි. ඔහුගේ දේශපාලන ජීවිතය පදනම් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස රිපබ්ලිකානුවාදයට ඔහු දැක්වූ සහයෝගය මත ය. මරණීය දණ්ඩනයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඔහු හඞ නැගුවේය. 1848 විප්ලවයෙන් පසුව, දෙවන ජනරජය පිහිටුවීමත් සමඟ හියුගෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහ ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් විය. 1851 දී ලුවී නැපෝලියන් (III නැපෝලියන්) විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයෙන් පසු , හියුගෝ විශ්වාස කළේ ඔහුගේ ජීවිතය අනතුරේ පවතින බවය. ඔහු බ්‍රසල්ස් වෙත පලා ගියේය. හියුගෝගේ  ස්වේච්ඡා පිටුවහල් කිරීම වසර 20 ක් දිගු විය. 1853 නොවැම්බරයේදී හියුගෝගේ දරුණු නැපෝලියන් විරෝධී  කෘතිය වන  Les Châtiments  බෙල්ජියමේ ප්‍රකාශයට පත් කරන ලදී. III වන නැපෝලියන් මෙම කෘතිය හොඳින් කියවා පිටපතක් ඔහුගේ ඇඳ අසල තබා ගත් බව කියනු ලැබේ. හියුගෝගේ කුරිරු හෙලාදැකීම නිසා ලුවී නැපෝලියන් කෙතරම් විනාශයට පත්වී ඇත්දැයි කිවහොත්, ඔහුගේ පළමු කියවීමේ කම්පනයෙන් ඔහු කිසි විටෙකත් සම්පූර්ණයෙන් සුවය ලැබුවේ නැත. ලුවී නැපෝලියන්  ,හියුගෝ සමඟ සංහිඳියාව ඇති කිරීමට පවා උත්සාහයක් ගත් අතර,  හියුගෝට නැවත ප්‍රංශයට පැමිණෙන ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කළේය.1859 දී ලුවී නැපෝලියන් සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දුන්නද, හියුගෝ එය ප්‍රතික්ෂේප කළේය. එයින් අදහස් කළේ ඔහුට රජය පිළිබඳ විවේචන සීමා කිරීමට සිදුවනු ඇති බවයි. ලුවී නැපෝලියන් බලයෙන් පහවී තුන්වන ජනරජය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 1870 දී හියුගෝ නැවත සිය මව්බිමට පැමිණියේය.    

හියුගෝගේ අවසාන නවකතාව වන Quatrevingt-treize-  (අනූ තුන ) 1874 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ලෙ මිසරබල්ස්ගෙන් වසර දොළහකට පසුවය. ප්‍රංශයේ 1793 කැලඹිලි සහිත වසර කේන්ද්‍ර කර ගත් අතර ප්‍රංශ විප්ලවයේ පසුබිමට එරෙහිව මානව යුක්තිය සහ පුණ්‍ය කටයුතු නිරූපණය කළේය. මෙම නවකතාවෙන් විප්ලවවාදීන්ට පක්ෂව ඔහු සිටින්නේ කොතැනද යන්න හියුගෝ පැහැදිලි කරයි. විප්ලවවාදී හේතුව සාධාරණ එකක් බවත් අවසානයේ එය ජයග්‍රහණය කරන බවත් ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.  විප්ලවය අවසානයේ මානව වර්ගයාට ප්‍රයෝජනවත් වනු ඇති බව  හියුගෝ පැහැදිලි කරයි. මෙම නවකතාවේ සෘජු වීරයන් නොමැත. සෑම කෙනෙකුම පාහේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඝාතන  කිරීමේ හැකියාව පෙන්නුම් කරති. හියුගෝගේ පොතේ අසාමාන්‍ය බලය පැමිණෙන්නේ ඔහුගේ චරිත මෙහෙයවන සංකීර්ණ අභිප්‍රේරණයන් පිළිබඳ ඔහුගේ තීක්ෂ්ණ බුද්ධියෙන් ය. මෙම කෘතිය රොබට් ලුවී ස්ටීවන්සන් සහ ඇන්ඩ්‍රේ මෞරොයිස් අතිශයින්ම අගය කළහ. 

හියුගෝගේ කෘති අතිශය අසාමාන්‍ය බවත් නවකතාවේ මනෝ විද්‍යාත්මක හෝ විස්තරාත්මක සත්‍ය ලක්‍ෂණය සාක්‍ෂාත් කර ගැනීමට ඒවා අසමත් වන බව සමහර විචාරකයෝ පවසති.  මේ අනුව හියුගෝගේ කෘති දොස්තයෙව්ස්කි ගේ කෘති වලින් වෙනස් වෙයි.  වික්ටර් හියුගෝ සාමාන්‍ය පුරුෂයාගේ හා ස්ත්‍රියගේ ප්‍රීතිය හා ශෝකය සරළව ලිවීමට දැන සිටියේය. ඔහු දොස්තයෙව්ස්කි මෙන් අභ්‍යන්තර මනසේ විශ්ලේශණය ඉදිරිපත් කලේ නැත. එහෙත් දෙදෙනා අතර යම් සමානත්වයක් තිබේ. වික්ටර් හියුගෝ සහ ෆියෝඩර් දොස්තයෙව්ස්කි විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන සමාජීය කරදර කෙරෙහි අවධානය යොමු කළ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම්වල දියුණුවට පක්‍ෂව තර්ක කළහ. හියුගෝට සමාජ අසාධාරණය හේතුවෙන් තනිකරම දුක් විඳි වැල්ජියන් සානුකම්පිත චරිතයක් බවට පත් කර ඔහුව ආදර්ශ පුරවැසියෙකු ලෙස පත් කළ හැකිය. නමුත් දොස්තයෙව්ස්කිගේ දුක් විඳි චරිත විනාශය කරා ඇදී යති.  
 
වික්ටර් හියුගෝ ගේ කෘති  ඔහුගේ කාලයේ පැවති දේශපාලන හා සමාජීය ගැටලු සහ කලාත්මක ප්‍රවණතා බොහොමයක් ස්පර්ශ කරයි. නූතන යුරෝපීය ඉතිහාසයේ අතිශය කැලඹිලි සහිත දශක හයක් පුරා විහිදුණු ඔහුගේ සාහිත්‍ය ජීවිතය කවි, නාට්‍ය, නවකතාව සහ ප්‍රබන්ධ නොවන ලේඛන ඇතුළත් විය. ලේඛකයෙකු ලෙස ඔහු විශ්වාස කළේ කලාකරුවන් තම සමාජයට දැක්විය යුතු කැපවීම ගැන ය. ඔහුගේ විප්ලවීය හා මතභේදාත්මක ලිවීමේ ශෛලිය නිසා හියුගෝ අතුල්‍ය වෙයි. හියුගෝ කලාව, මානව ස්වභාවයේ පූර්ණ පරිමාව පිළිබිඹු වන පරිදි සම්භාව්‍යවාදයේ විධිමත් බාධක වලින් නිදහස් කිරීම ගැන කතා කළේය. ඔහු දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුද  විය. ඔහුගේ ජීවිතයේ පුද්ගලික ඛේදවාචක බොහෝ තිබුණි. 1868 දී ඔහුට බිරිඳ අහිමි විය. ඊළඟ දශකය තුළ ඔහුට 1871 සහ 1873 අතර පුතුන් දෙදෙනෙකු අහිමි විය. ඔහුගේ දියණිය වන ලියෝපෝල්ඩින්ගේ මරණය ඔහුට දරා ගත නොහැකි විය. පියෙකු ලෙස ඔහුට තම  දරුවන් සිව්දෙනෙකු භූමදාන කිරීමට සිදු විය. ඔහු අත් විඳි ඛේදය බොහෝ විට ඔහු තම නිර්මාණයන්ට - විශේෂයෙන් කාව්‍යන්ට මුසු කලේය.

වික්ටර් හියුගෝ 1885 මැයි 22 වන දින පැරිසියේදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ උත්සවයක් වූ අතර ඔහුගේ අවමංගල පෙරහැර සඳහා මිලියනයක ජනතාවක් සහභාගී වූහ. ඔහුව තැන්පත් කරනු ලැබුවේ ප්‍රංශයේ පැරිස් හි පැන්තියන්හි ය.  

 හියුගෝ ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයෙකු විය. ඔහුගේ ජීවිත කාලය පුරාම හියුගෝ නොනවතින මානවවාදී ප්‍රගතියක් විශ්වාස කළේය. ඔහු සාහිත්‍යයේ විශිෂ්ට චරිතයක් ලෙස ගෞරවයට පාත්‍ර වූවා පමණක් නොව, ප්‍රංශයේ තුන්වන ජනරජය සහ ප්‍රජාතන්ත්‍රවාදය හැඩගස්වා ගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද විය. හියුගෝගේ සාහිත්‍ය කෘති ඔහුගේ ප්‍රංශ සමකාලීනයන් වන සොලා සහ ගුස්ටාව් ෆ්ලෝබර්ට්ගේ  සිට ෆියෝඩර් දොස්තයෙව්ස්කි සහ චාල්ස් ඩිකන්ස්  සහ  ඇල්බට් කැමූ වැනි ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. ඔහුගේ ලේඛනවල  නූතන සමාජයට අදාළ බොහෝ ලක්ෂණ ඇති අතර ඒවාට මානවවාදය, මානව හිමිකම්, යුක්තිය සහ ජනතාවගේ සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඇතුළත් වේ.  

Works Cited

Brombert, V. H.(1984). Victor Hugo and the Visionary Novel. Cambridge, Mass.: Harvard University Press. 
Houston, J. P. (1988). Victor Hugo Revised Ed. Boston Mass.: Twayne Publishers.
Hugo, Victor. Les Misérables. Trans. Lee Fahnestock and Norman MacAfee. New York: New American Library, 1987.  
Richardson, J.(1976). Victor Hugo, New York: St. Martin's Press. 
Robb, G. (1997). Victor Hugo: A Biography. New York: Norton.

Friday, September 18, 2020

මා මිත්‍ර වෛද්‍ය ඉරේෂ් දසනායකගෙන් පොත් දෙකක්


වෛද්‍ය ඉරේෂ් දසනායක මට හමුවන්නේ 1998 වැනි කාලයකය​. ඒ කාලයේ මීගමුව රෝහලේ ඕපීඩී එකේ සිටි කඩවසම්ම වෛද්‍යවරයා වූයේ ඉරේෂ්‍ ය​. ඉන් පසු ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගියේය​. දැන් ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේසඥයෙකි. ඉරේෂ්‍ ගේ සිනහව සහ ලෙන්ගතුකම සැමදා එක වාගේය​. ඔහු විසින්  වටිනා පොත් දෙකෙක් සිංහල පාඨකයන්ට ලබා දී තිබේ. 

ඉරේෂ් ඔබට ජය 

Thursday, September 17, 2020

ජයන්ත කහටපිටියලාට ඉංග්‍රීසි හිර වෙන විට කුණුහබ්බ මතක් වීම


මගේ Shell Shock පොත පිලිබඳ කොමෙන්ටුවක් පිලිබඳව අදහස් දැක්වීමේදී ජයන්ත කහටපිටිය ඉංග්රීසියෙන් මෙහෙම ලියනවා;

How dare you are to say my English knowledge is weak to understand above rubbish .
මම ඔහුගේ දෝෂ සහිත ඉංග්රීසි වාක්යය නිවැරදිව ලියන අයුරු පෙන්වා දෙනවා
"How dare you suggest that my English knowledge is too weak to understand the above rubbish?"
එවිට ජයන්ත කහටපිටිය මට ස්තූති කරන්නේ මෙහෙමයි
Jayantha sent a few seconds ago
හුකහන්

මේ පශ්චාත් නූතනවාදී අරවාදී මේවාදී කියාගෙන එන අයියලා ගේ හැටිය​. භාෂාව හෝ දැණුම හිර වන විට ඔවුන්ට මතක් වන්නේ ප්‍රාථමික වානරයාගේ චර්‍යාවයි

Tuesday, September 15, 2020

අපට විද්‍යාත්මක චින්තනය ඉගැන්වූ කේ ආරියසිංහ ගුරුතුමා



විද්‍යාව ඉගැන්වූ දක්‍ෂ ගුරුවරු තිදෙනෙක් මුණ ගැසීමට සහ ඔවුන් ගෙන් ඉගෙනුම ලැබීමට මට භාග්‍ය ලැබුණි. පිළිවෙලින් ජී .ගෞතමදාස , පී.ඩී.ඩබ් ජයවර්ධන සහ කේ ආරියසිංහ යන මහතුන් මෙසේ නම් කල හැකිය​. කේ. ආරියසිංහ මහතා අපට විද්‍යාව ඉගැන්වූයේ ප්‍රගති විද්‍යායතනයේය​. එතුමාගෙන් ඉගෙනුම ලැබූ දහසක් වූ වෛද්‍යවරු ඉන්ජිනේරුවරු සහ විවිධ විශේසඥයෝ අද ලෝකය පුරා තම සේවය ප්‍රජාවට ලබා දෙති. 

කේ. ආරියසිංහ මහතා අපට දුන්නේ විද්‍යා දැණුම පමණක් නොවේ. විද්‍යාත්මක චින්තනයටද ආරියසිංහ මහතා අපව හුරු කලේය​. එතුමාගේ පන්ති වලදී බොහෝ විට සිසුන්ට පත්‍රිකා ලැබුනු අතර එහි විවිධ ප්‍රශ්න තිබුනේය​. මේ ප්‍රශ්න සාමාන්‍ය ජීවිතයේ අප මුහුණ දෙන ඒවාය​. එම ප්‍රශ්න විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම​ට එතුමා අපව යොමු කලේය​. උදාහරණයක් ලෙස 1981 වැනි කාලයක එතුමා අපට දුන් ප්‍රශ්නයක් මට තවමත් මතකය​. දිගු ගමනකින් පසුව මෝටර් ර්ථයක ටයරයක පීඩනය අඩුවේද ? වැඩිවේද ? මේ ප්‍රශ්නයට අප හතර අතේ කල්පනා කලෙමු. එවැනි ප්‍රශ්න මගින් එතුමා අපට  තර්කාණුකූල ලෙස සිතීමට  හුරු කලේය​. මේ තර්කාණුකූල විද්‍යාත්මක චින්තනය විශ්ව විද්‍යාලීය ජීවිතයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී අපට උපකාර විය​. 


කේ. ආරියසිංහ මහතාට ද්වී භාෂා කුසළතාව තිබේ. එතුමාට සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් විද්‍යාව ඉගැන්වීමේ හැකියාවක් ඇත​. අද කාලයේ එවැනි හැකියාවක් ඇත්තෝ සීමිතය​. තවද කේ. ආරියසිංහ මහතා සිසු විනය පිලිබදවද සැලකිලිමත් විය​. වෙනත් ටියුෂන් කාරයන් මෙන් පන්තියේ විනය උලංඝනය කිරීමට උඩ ගෙඩී දීම , දෙපිට කැපෙන කතා සිසුන්ට කීම වැනි දේ එතුමා නොකලේය​. ඇත්ත වශයෙන්ම අප පාසලටත් වඩා ප්‍රගති ආයතනයේදී හොඳින් හැසිරුනෙමු. 

සාමාන්‍ය පෙළ කාලයේ සිටම මට විද්‍යාත්මක ලිපි ලිවීමේ පුරුද්දක් තිබුණි. වරක් මගේ ලිපියක් කියවූ කේ. ආරියසිංහ මහතා මාව ලේක් හවුස් ආයතනයට රැගෙන ගොස් නවයුගය කර්තෘට හඳුන්වා දුන්නේය​. එසේම ලේඛන කලාවට මට දිරි දුන්නේය​. එතුමා ශ්‍රී ලංකා විද්‍යා ලේඛකයන් ගේ සංගමයේ සභාපති වූ අතර එම සංගමයට මාව බඳවා ගත්තේය​. මේ වන විට බොහෝ පොතපත ලියා ඇති මා හට ලේඛන කලාවේ අයන්න ආයන්න ඉගැන්වූයේ කේ. ආරියසිංහ මහතා බව මා කෘතවේදීව කියමි. 

කේ. ආරියසිංහ මහතා සිසු සිසුවියන් පරම්පරා කීපයකට ඉගැන්නුවේය​. එතුමා හුදු විද්‍යා ගුරුවරයෙකු නොවේ ; කේ. ආරියසිංහ යනු විරල ගනයේ වෘත්තාන්තකි. අධ්‍යාපන පහන් ටැඹකි. ඒ පහනින් ආලෝකය ලැබුවෝ බොහෝ දෙනෙකි. එම ආලෝකය තවමත් වර්තමාන ශිෂ්‍ය පරම්පරාවට ආලෝකය ලබා දෙයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, September 14, 2020

සාහිත්‍යය මාසයට පොත්



ඔක්සිජන් මොටද ? (නිර්වායු ශ්වසනය )  - සනත් නිශාන්ත 

පරිධියෙන් න්‍යෂ්ඨියට (නවකතාවකි) -  සීතා අරඹේපොල 
පඹයෙකු ගිය මග (චරිත කතා) - මෛත්‍රීපාල සිරිසේන  
පැලෝපීය නාලයේ වගතුග - චන්න ජයසුමන
මට ආසයි මහණ වෙන්න - ඒ. රතන 
රාජ්‍ය සභා මණ්ඩප ඩෝසර් කිරීමේ පාඨමාලාව සඳහා අත් පොත - කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ   
අපෘෂ්ඨ වංශිකයෝ  (සත්ව විද්‍යාත්මක කෘතියකි) - අනුරුද්ධ පාදෙනිය
මෛත්‍රී භාවනාවේ ආනිසංස - තව්හිද් ජමාත්  ප්‍රකාශනයකි 
බන්ධනාගාර රෝහල් පරිපාළනය - දුමින්ද සිල්වා
හෙජින් පියා ( කාව්‍ය​) - අජිත් නිවාඩ් කබ්රාල්
ධනවතෙකු වන්නේ කෙසේද ? - විමල් වීරවංශ


Friday, September 11, 2020

ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රීය චරිතය - එඩ්ගර් ඇලන් පෝ

  
 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ඇමරිකානු ලේඛකයෙකු, කවියෙකු, සංස්කාරකයෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වන එඩ්ගර් ඇලන් පෝ  ඇමරිකානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ පරිකල්පනීය කතන්දර හා අභිරහස හා භීෂණය පිළිබඳ කතා නූතන රහස් පරීක්ෂක කතාවට උපත ලබා දුන්නේය. ඔහු සාහිත්‍ය කෘතියක ශෛලිය හා ව්‍යුහයේ බලපෑම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළ පළමු විචාරකයින්ගෙන් කෙනෙකි.  ඔහු ඇමරිකාවේ පළමු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය විචාරකයා සහ න්‍යායාචාර්‍යවරයා ලෙස අද දිනයේ සැලකේ.

එඩ්ගර් ඇලන් පෝ 1809 ජනවාරි 19 වන දින මැසචුසෙට්ස් හි බොස්ටන්හි උපත ලැබීය. ඔහුගේ පියා 1810 දී පවුල අතහැර ගිය අතර ඊළඟ වසරේදී ඔහුගේ මව මිය ගියේය. පෝ කිසි විටෙකත් ඔහුගේ දෙමව්පියන් දැන සිටියේ නැත. සමෘද්ධිමත් දුම්කොළ අපනයනකරුවෙකු වන ජෝන්  ඇලන් ඔහුව ඇති දැඩි කරන ලදි. එහෙත් ජෝන්  ඇලන් ඔහුව නීත්‍යානුකූලව හදා වඩා ගත්තේ නැත. ජෝන්  ඇලන් ඔහුව විධිමත් ලෙස පිළිගත්තේද නැත. දරුවා සමඟ බැඳී සිටියේ ජෝන්  ඇලන් ගේ බිරිඳ වූ  ෆ්‍රැන්සිස් ය. 1815 දී ජෝන්  ඇලන්  ඔහුව එංගලන්තයට සහ ස්කොට්ලන්තයට ගෙන ගියේය. එහිදී ජෝන් ඇලන් සිය දුම්කොළ ව්‍යාපාරය පුළුල් කිරීමට සැලසුම් කල අතර ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමෙන් පසු, ඔහු 1820 දී  නැවත වර්ජිනියාවේ රිච්මන්ඩ් වෙත ආවේය.

පෝ වර්ජිනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් මුදල් නොමැතිකම හේතුවෙන් වසරකට පසු පිටව ගියේය. වයස අවුරුදු 18 දී තරුණ පෝ එක්සත් ජනපද හමුදාවට බැඳුණි.  එහෙත් ඔහු වැඩි කාලයක් හමුදාවේ සිටියේ නැත. තම කැපකරු පියා වූ වූ ජෝන්  ඇලන් සමග ඇති වූ ආරවුලෙන් ටික කලකට පසු එඩ්ගර් ඇලන් පෝ රිච්මන්ඩ් සිට බොස්ටන් බලා පිටත් වූ අතර එහිදී ඔහු සාහිත්‍ය වෘත්තියක් කිරීමට බලාපොරොත්තු විය. 1829 දී  ඔහුට ඇල්මෙන් සැලකූ ෆ්‍රැන්සිස් ඇලන් මහත්මිය මිය ගියාය. ඇයගේ මරණය ඔහුට තදින්ම දැනුනේය.  

මුදල් හිඟකම නිසා  ඔහු සඟරා වලට කෙටිකතා විකිණීමට පටන් ගත්තේය. ඔහු කෙටිකතා 30 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ කෘතීන් සඳහා ධනාත්මක විචාර ලැබීමට පටන් ගත්තේය. ලේඛකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ පළමු කතුවරයා ඔහු විය. ඔහුගේ ලේඛනවලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණද, පෝ මූල්‍යමය වශයෙන් අරගල කලේය.

එඩ්ගර් ඇලන් පෝගේ සාහිත්‍ය ජීවිතය ආරම්භ වූයේ කවි වලින් වන අතර එහිදී ඔහු බොහෝ ලේඛකයින්ට බලපෑම් කළේය. ඔහු තමා කවියෙකු ලෙස සැලකූ අතර ඔහුගේ බොහෝ කවි ඇමරිකානු සංස්කෘතියට සෘජුවම බලපා ඇත. පෝ හට ජෝන් කීට්ස්, පර්සි බයිෂේ ෂෙලි සහ සැමුවෙල් ටේලර් කොලරිජ්ගේ බලපෑම තිබුනේය. ඔහු ටෙනිසන්ගේ ස්වාභාවික ගීත රචනය අගය කළේය.   කලා කෘතියක් මගින් නිර්මාණය කරන ලද මනෝභාවය  ආත්මය උසස් කරන අතර එය අධ්‍යාත්මික අත්දැකීමක් බව ඔහු කීවේය.    

1827 දී ඔහු තරුණ බයිරොනික් කවි, ටැමර්ලේන් සහ වෙනත් කවි පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය.  ටැමර්ලේන් කවියේ කථකයා වන්නේ  තිමූර් ( ටැමර්ලේන් ) ය. ටැමර්ලේන් තම උපන් ගමට නැවත පැමිණීම ගැනත් ඔහුගේ සුන්දර ළමා සොඳුරිය දැන් මියගොස් ඇති බව දැනගත් විට ඇති වූ කලකිරීම ගැනත් කවියා පවසයි. එය මහා රණශූරයෙකුගේ කනගාටුව පිළිබඳ කාව්‍යයකි.

ඔහුගේ එල්ඩෝරාඩෝ"කාව්‍යය ය මරණයේ ස්වභාවය සහ මරණින් මතු ජීවිතය පිළිබඳ කථිකාවකි. ඔහුගේ "The Raven" කවිය කපුටාව බුද්ධිමත් හා අද්භූත පණිවිඩකරුවෙකු ලෙස සලකයි. කුණාටු රාත්‍රියක කපුටෙකු හුදකලාවෙන් ජීවත් වන මිනිසෙකුගේ කාමරයට එයි. හුදකලා මිනිසා තම මියගිය බිරිඳ වන ලෙනෝර් ගැන වැලපෙයි. ඔහු මියගිය   බිරිඳ ගැන ශෝකයෙන් කපුටා ගෙන්  ප්‍රශ්න ඇසීමට පටන් ගනී. සෑම ප්‍රශ්නයකින්ම ඔහුට ලැබෙන්නේ එකම ප්‍රතිචාරයකි.  ඔහු විශ්වාස කරන්නේ කපුටා    පුහුණු කර ඇත්තේ එක වචනයක් පමණක් පැවසීමට බවය. ඔහු කපුටාව නපුරු අනාගතවක්තෘවරයෙක් ලෙස හඳුන්වයි.  එහි ස්වර්ගය, නිරය සහ යක්ෂයා ගැන සඳහනක් ඇත. පෝ ගේ කවිය අඳුරු ආදර සම්භාව්‍යයක් ලෙස හැඳින්විය හැකිය.  

ඇලන් පෝ  ගේ කවි ආදරය පිලිබඳව මෙන්ම හුදකලාව සහ අභ්‍යන්තර වධහිංසා පිළිබඳ හැඟීම් ප්‍රකාශ කරයි. ඔහුගේ ආදර  කවි බොහෝ විට පරමාදර්ශී කාන්තා ආදර වස්තුවක් අහිමි වීමේ භයානක භීතියට සම්බන්ධ වෙයි . මෙම තේමාව පැන නැගී ඇත්තේ පෝගේ මවගේ මුල් වියෝව ගැන ඇති වූ ශෝකයෙන් වන අතර, පසුව   ඔහුගේ හදා වඩා ගත් මව  වූ  ෆ්‍රැන්සිස් ඇලන් ගේ මරණය නිසා ඇතිවූ වියෝග කාන්සාවෙනි.  ඔහුගේ "Alone" කවිය පෝගේ තාරුණ්‍යය පිළිබඳ ස්වයං විචාරයකි. ඔහුගේ කාව්‍ය 19 වන සියවසේ අවසාන දශකවල ප්‍රංශ සංකේතවාදී කවියන්ට බලපෑමක් ඇති කළේය. ප්‍රංශ කවියෙකු වන චාල්ස් බවුඩ්ලෙයාර් පෝ ගේ කාව්‍ය අගය කලේය.

එඩ්ගර් ඇලන් පෝ කෙටි කතා පිලිබඳ ප්‍රවීණයෙකු විය.  කෙටිකතාව කෙරෙහි අවධානය යොමු කළ මුල්ම ඇමරිකානු ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස පෝ ව නම් කල හැක. නූතන කෙටිකතාවේ “ නිර්මාණ ශිල්පියා” ලෙස ඔහු කීර්තිය ලබා තිබේ. ඔහුගේ කෙටි කතා කණ්ඩායම් තුනකට බෙදිය හැකිය එනම් භීෂණ කතා , සුන්දරත්වයේ කතා  සහ රහස් පරීක්ෂක කතා  ලෙසය. ඔහුගේ කෙටිකතා බොහෝමයක් මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ සිතුවිලි පිළිබිඹු කරයි. 

ඔහුගේ The Tell-Tale Heart කෙටි කතාව එය මහලු මිනිසෙකුගේ ඝාතනය සහ ඔහුගේ සිරුර වළලනු ලැබීම පිළිබඳ භයානක කතාවකි. මිනීමරුවා නිර්දය ලෙස මහලු මිනිසාව මරා දමයි. මහල්ලාගේ නිල් පැහැති උකුසු දෙනෙත් පිය වන තෙක් ඔහු මහල්ලාව වධයට ලක් කොට ඝාතනය කරයි.  ඝාතනයෙන් පසුව මිනීමරුවාගේ සිහිබුද්ධිය නැති වී යයි. වළ දැමූ මහලු මිනිසාගේ හදවත තවමත් ස්පන්දනය වන බව ඝාතකයා විශ්වාස කරන අතර ස්පන්දනය වන හඞ ඔහුට ඇසෙයි. එම හඞ ඔහුව භීතියට පත් කරවයි. ඔහු එම හඞ පොලිස් නිලධාරීන්ට ඇසේදෝ කියා බිය වෙයි. ශ්‍රවණ මායාව නිසා ඔහු අවසානයේදී  අපරාධය පිලිබඳව පාපෝච්චාරණය කරයි. මෙම කෙටිකතාව ගොතික් ප්‍රබන්ධ ප්‍රභේදයේ සම්භාව්‍යයක් ලෙස සලකනු ලබන අතර එය පෝගේ හොඳම කෙටිකතාවකි. මෙම කෙටිකතාව සඳහා කතාව සඳහා පෝට ඩොලර් 10 ක් ගෙවනු ලැබීය.

The Pit and the Pendulumයනු 1842 දී පෝ විසින් සම්පාදනය කරන ලද තවත් කෙටිකතාවකි. එය වධහිංසාවට ලක්වූ තරුණ සිරකරුවෙකුගේ කතාවකි. මෙම කථාවේදී, පෝ විසින් මරණීය දණ්ඩනය පිළිබඳ භයානක චිත්‍රයක් ඉදිරිපත් කරයි.  සිරකරුවා තම සොහොන යැයි සිතන  ටොලිඩෝ හි අඳුරු බන්ධනාගාරයක සිර කර ඇත.  ටොලිඩෝ සිරගෙය විමර්ශන සිරකරුවන්ට සිදුවන බිහිසුණු මරණවලට ප්‍රසිද්ධය.  නිරපේක්‍ෂ අන්ධකාරයේ භීෂණය, පතුලක් නැති වළකට වැටෙනු ඇතැයි යන බිය සහ අසරණභාවයේ භීතිකාව සිරකරුවා පෙළයි.  ඔහුව සම් පටියකින් ලී රාමුවකට බැඳ ඇති අතර ඔහුට හිස සහ වම් අත පමණක් චලනය කල හැකිය. ඔහුගේ ශරීරය මතින් සිය ගනනක් වූ මීයන් ගමන් කරති.   ඔහුට ඉහළින් තියුණු තළයක් ඇති පෙන්ඩියුලමක් ඔහු වෙත සෙමෙන් සෙමෙන් ලඟා වෙමින් පවතියි. කාලය සහ මරණය එකිනෙකා සමඟ සමීපව බැඳී ඇති බව ඉන් පෙන්වයි. සිරකරුවාගේ  හදවතට පෙන්ඩුලම් තලය බැසයාම පිළිබඳ පෝගේ විස්තරය අතිශයින්ම භයංකරය. සිරකරුවා තම බැඳීම් වලින් මිදීමට සමත් වූ නමුත් සිර ගෙදර ගල් බිත්ති වැසී ඇති බව දැක බියට පත් වේ. සිරකරුවා මීයන් පිරුණු අඳුරු කොටුවක සිරගතවී සිටින අතර අවසානයේදී ප්‍රංශ ජෙනරාල් ලසාලේ-   නැපෝලියන්ගේ ජෙනරාල්වරයා විසින් ඔහුව බේරා ගනියි. ප්‍රංශ හමුදාව ටොලිඩෝව අල්ලාගෙන ඇති බව ඔහු තේරුම් ගනී. කෙටි කතාවේ තේමාවන් අතර මරණය හා අද්භූත දේ කෙරෙහි ඇති ඇල්ම, භීතියේ ස්වභාවය, ජීවිතය සහ මරණය අතර ඇති සියුම් රේඛාව ඇතුළත් වේ.

 පෝ ගේ The Masque of the Red Death කෙටිකතාව මරණයෙන් බේරීමට මිනිසාට ඇති නොහැකියාව පිළිබඳ සදාචාරාත්මක පාඩම පිළිබඳ කථාවකි. ප්‍රොස්පෙරෝ කුමරුගේ රාජධානිය වසංගතයෙන් විනාශ වෙමින් පවතින අතර එය ඇදහිය නොහැකි තරම් මාරාන්තික හා බිහිසුණු ය. එහි ප්‍රතිඑලයක් ලෙස ජනගහනයෙන් අඩක් මිය යයි. කිසිම වසංගතයක් මෙතරම් මාරාන්තික හෝ පිළිකුල් සහගත නොවීය. රුධිරය එහි අවතාරය සහ එහි මුද්‍රාවයි.  රෝගය වළක්වා ගැනීම සඳහා ප්‍රොස්පෙරෝ කුමරු සාදයක් සංවිධානය කොට දේශයේ වංශවතුන් හා වංශවත් කාන්තාවන් මාලිගාවට කැඳවයි. ප්‍රොස්පෙරෝ කුමරු ඔහුගේ නිරෝගී උදාර මිතුරන් දහස් ගණනකට ආරාධනා කරන්නේ රෝගයෙන් සැඟවී සිටින ලෙසට ඔහු සමඟ එක්වන ලෙසයි. කිසිදා නිම නොවන සාදයක් පැවැත්වීමට ප්‍රොස්පෙරෝ කුමරු අදහස් කරයි. ඔහු ජීවත්වීමට අවශ්‍ය තරම් ආහාර තොගයක් ගබඩා කර ඇති අතර මාලිගාව තුල සාද පවත්වමින් විනෝද වෙයි. 

ඔහුගේ දුප්පත් යටත්වැසියන් රෝගාතුර වී විනාශ වන අතර, ප්‍රොස්පෙරෝ සහ ප්‍රභූවරු මාලිගාවේ සුරක්ශිතව සිටිති. ඔවුන් සන්තෝශයෙන් බාල් නටති. මේ අතර රතු මරණයට ගොදුරු වූ මළකඳකට සමාන ඇඳුමින් සැරසී ආරාධිත අමුත්තෙක් පැමිණෙන විට  ප්‍රොස්පෙරෝ කුමරු සහ ප්‍රභූවරු භීතියට පත්වේ. කුමරුගේ රාජ සභිකයන් වෙස්මුහුණු ආක්‍රමණිකයා වෙත ගිය නමුත්  බිය නිසා ඔවුන් ආගන්තුකයා අල්ලා ගත්තේ නැත. රූපය සෙමෙන් ප්‍රොස්පෙරෝ දෙසට ගමන් කිරීමට පටන් ගනී.  රාජ පුරුෂයන් ඔහුව අල්ලා ගැනීමට බිය වෙති. වෙස්මුහුණ තුළ මිනිසෙකු නොමැති නමුත් එය සැබෑ රතු මරණයයි. සාදය අවසන් වන්නේ කුමරු ඇතුළු සියලු දෙනාට වසංගතයෙන් මිය යාමෙනි.  

මෙම කෙටිකතාව හරහා පෝ මිනිසාගේ මනසෙහි සංකීර්ණ අභ්‍යන්තර ක්‍රියාකාරකම් විශ්ලේෂණය කරයි. කෙටිකතාවේ ප්‍රධාන චරිතය  සමාජීය සම්මතයන්ට පටහැනි මිනිසෙකුගේ ගොතික් පරමාදර්ශයට විශිෂ්ට උදාහරණයකි.  යමෙකු සමාජයෙන් වෙන්ව හෝ දුරස්ව සිටියද, සියලු පුද්ගලයින් අවසානයේ එකම අවසානයකට පැමිනෙන බව කතුවරයා ඉඟි කරයි. පෝ විසින් කතාව පුරාම “රුධිරය” සහ “මරණය” යන වචන භාවිතා කරන අතරම භයානක නිරූපණයන් සහ බරපතල වාක්‍ය ඛණ්ඩ ඇතුළත් වේ. 

ප්‍රොස්පෙරෝ සහ මාලිගයේ සිටි  ප්‍රභූවරු සිතුවේ ඔවුන් මරණයට වඩා ඉහළින් සිටින නමුත්  අන්ධකාරය හා ක්ෂය වීම සහ රතු මරණය සියල්ලන්ටම වඩා ආධිපත්‍යය දැරීය. මෙයින් අවධාරණය වන්නේ මරණය සෑම කෙනෙකුටම පැමිණෙන බවත් මිනිසෙකු කුමාරයෙකු හෝ වංශාධිපතියෙකු හෝ දුප්පත් ගොවියෙකු දැයි ගණන් නොගන්නා බවත්ය.  “මාස්ක්” හි ප්‍රොස්පෙරෝ නිරූපණය කරන්නේ සෑම පුද්ගලයෙකු තුළම මරණයට ඇති බියයි. වෙනස වන්නේ ප්‍රොස්පෙරෝ තමාට මරණයෙන් වැළකී සිටිය හැකි යැයි සිතමින් සමාජයට හා ස්වාභාවික පිළිවෙලට විරුද්ධ වීමයි. ප්‍රොස්පෙරෝගේ ආකල්පය සහ හැසිරීම අවසානයේ ඔහු සහ ඔහුගේ සහචරයින් ඔවුන්ගේ  උපරිම උත්සාහයන් නොතකා, සියලු මිනිසුන් මරණයට සමාන බව ඔප්පු කරයි. සාහිත්‍යයේ වඩාත් ප්‍රචලිත ප්‍රොස්පෙරෝ යනු ෂේක්ස්පියර්ගේ The Tempest නාට්‍යයේ ඉන්ද්‍රජාලිකයා ය. ෂේක්ස්පියර්ගේ ඉන්ද්‍රජාලිකයා මෙන් පෝගේ  ප්‍රොස්පෙරෝ කුමරු  අවට සිටින්නවුන් පාලනය කිරීමට හා තමන්ගේ ලෝකය නිර්මාණය කර ගැනීමට උත්සුක වෙති.

මරණය නොවැළැක්විය හැකි යැයි යෝජනා කරන පෝ ගේ කෙටිකතාවක් වන The Facts in the Case of M. Valdemar ක්ෂය රෝගයෙන් පෙලෙන මරණාසන්න වූ වැල්ඩෙමර් නම් පුද්ගලයා පිලිබඳවය. මෝහනය යටතේ සිටින පුද්ගලයෙකුට මියයන විට කුමක් සිදුවේ දැයි  “ එම්. වැල්ඩෙමර්” ගේ කතාව පවසයි. ඔහුගේ මිතුරා මෝහනය මගින් වැල්ඩෙමර්” ගේ මරණය කල් දමා ගැනීමට උත්සහ දරයි. වැල්ඩෙමර් තම මිතුරාගේ යෝජිත අත්හදා බැලීම අත්හදා බැලීමට උනන්දු වන්නේ ඔහු මරණයට ඇති බිය නිසා බව පෙනෙන්නට තිබේ, නමුත් ඔහු සම්බන්ධයෙන් ගත් කල, මරණය කල් දැමීම හුදෙක් එහි අවසාන භාවය වැඩි කරයි. මෙම කෙටිකතාවට මෝහන තත්වය  යටතේ රෝගියෙකු සඳහා ශල්‍යකර්මයක් කළ වෛද්‍ය ඒ. සිඩ්නි ඩෝන්ගේ වාර්තාවෙන් පෝ ආභාෂය ලබා ගත් බව කියවේ. මරණ භීතිය පිළිබඳ පෝගේ සංවේදිවාදී ප්‍රවේශය මෙම කෙටිකතාව හෙළි කරයි. මෙම කථාවේදී,  ශරීරය හා ආත්මය අතර භේදයක පැවැත්මක් පෝ විසින් පෙන්නුම් කරයි. එඩ්ගර් ඇලන් පෝ ඔහුගේ කෙටිකතාවල සංකේතවාදය භාවිතා කල අතර  “වැල්ඩෙමර්” යන නම “මුහුදේ නිම්නය” ලෙස පරිවර්ථනය කළ හැක.  

රෝගියාගේ හුස්ම සහ හෘද ස්පන්දනය මන්දගාමී වන විට වෛද්‍යවරයා ඔහුව මෝහනය කරයි. මියයන මිනිසාට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ඔහු වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව අවදි නොකරන ලෙස නොව වේදනාවකින් තොරව මිය යාමට ඉඩ දෙන ලෙසයි. පසු දින රෝගියාගේ දෑස් ඉහළට පෙරළී, ඔහුගේ කම්මුල් වල පැහැය නැති වී, ඔහුගේ මුඛය විවෘත වේ. ඔහු මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, ඔවුන් ඔහුව භූමදානය සඳහා සූදානම් කරද්දී වැල්ඩෙමර් ගේ දිව කම්පනය වීමට පටන් ගනියි.  මවිතයට පත් වෛද්‍යවරු මාස හතක් තිස්සේ රෝගියා එකම තත්වයේ තබති. 

මොන්සියර් වැල්ඩෙමර් මාස හතක්  ජීවතුන් අතර හෝ මිය ගොස් නොමැති තත්වයකට පත් වෙයි. අවසානයේදී, වෛද්‍යවරු ඔහුව අවදි කිරීමට එකඟ වෙති. ඔහුව අවදි කරන විට මළ සිරුර  පිළිකුල් සහගත  ද්‍රව ස්කන්ධයක් බවට පරිවර්තනය වෙයි. ශරීරය මත මනස පාලනය කිරීම පිළිබඳ විකාරරූපී නිරූපණයක් ලෙස වැල්ඩෙමර් ගේ කතාව කථාව  පෙන්වා දිය හැක. පෝ මෙම කෙටිකතාව ලියූ සමයේ  ඇමරිකාවේ සහ යුරෝපයේ මෝහනය එනම් මෙස්මරිසම්  ඉතා ජනප්‍රිය විය. ශල්‍ය නිර්වින්දනය සඳහා ක්ලෝරෝෆෝම් සඳහා විකල්පයක් ලෙස වෛද්‍යවරු එය අත්හදා බැලූහ.ඔස්ට්‍රියාවේ අධ්‍යාපනය ලැබූ ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඇන්ටන් මෙස්මර් (1734-1815) මෙම ක්‍රමය යුරෝපය පුරා ප්‍රචලිත කලේය. ක්‍ෂය රෝගයෙන් වැල්ඩෙමර්ගේ මරණය සහ ඔහුගේ මරණය කල් දැමීමට ගත් උත්සාහයන් පෝගේ බිරිඳ වර්ජිනියාගේ අත්දැකීම් වලට බලපාන්නට ඇත.  කතාව ප්‍රකාශයට පත් කරන විට ඇය අවුරුදු හතරක් තිස්සේ ක්‍ෂය රෝගයෙන් පෙළුණාය.

The Premature Burial මෙම කෙටිකතාව පදනම් වී ඇත්තේ පණපිටින් වළලනු ලැබීමේ සංකල්පය මත ය. දහනව වන ශතවර්‍ෂයේදී බටහිර සංස්කෘතිය තුළ භූමදානය පිළිබඳ භීතිය ගැඹුරින් මුල්බැස තිබූ අතර මිනිසුන් පණ පිටින් භූමිදානය කල අවස්ථා කීපයක්ද වාර්තා වී තිබුණි. නොමේරූ භූමදාන" හි කථකයා හිස් ජීවිතයක් ගත කරයි. ඔහු යථාර්ථය වළක්වා ඇත්තේ ඔහුගේ උත්ප්‍රේරණයෙන් පමණක් නොව, ඔහුගේ මනංකල්පිතයන් සහ මරණයට අසීමිත ලෙස බියක් දැක්වීමෙනි. කැටලෙප්සි තත්වයෙන් පෙලෙන ඔහු තමන්ව පණ පිටින් භූමිදානය කරනු ඇතැයි බියෙන් සිටියි.  Taphephobia හෙවත් පණපිටින් වළලනු ඇතැයි යන බිය නිසා ඔහු අධි කාංසාවෙන් පෙලෙයි. මෙය වලක්වා ගැනීම සඳහා, ඔහු තම නිවස තුල රැඳී සිටීමට අමතරව, තම පවුලේ සොහොන් ගෙය අලුත්වැඩියා කිරීම කොට එය ඇතුළත සිට විවෘත කිරීමට ඉඩ සලසයි. ඔහු සොහොන් ගෙය තුළ ආහාර සහ ජලය ඇතුළත් කරයි, යමෙකුට ඇතුළත හුස්ම ගැනීමට ප්‍රමාණවත් වාතාශ්‍ර කවුළුවක් සාදවයි. ඔහුගේ මිනී පෙට්ටිය සඳහා ආවරණයක් සාදා සොහොන් ගෙය මත සීනුවක් සවි කොට එහි ලනුව මිනී පෙට්ටියට ඇතුලත් කරයි. මේ ආකාරයෙන්,  යම් ලෙසකින් ඔහුව පණපිටින් වළලනු ලැබුවහොත්, ඔහු ජීවතුන් අතර සිටින බව පැවසීමට ඔහුට සීනුව නාද කළ හැකිය.  

වරක් දඩයම් චාරිකාවක යෙදී සිටියදී  වැස්සෙන් රැකවරණය පැතූ ඔහු  කුඩා බෝට්ටුවකට ගොඩ විය. වෙහෙස නිසා ඔහු  එම බෝට්ටුවේ නිදා ගත්තේය. නින්දේ සිටියදී ඔහු සිතන්නේ තමන් ව පණ පිටින් භූමිදානය කොට ඇති බවය. ඒ නිසා ඔහු භීතියෙන් මුසපත් වෙයි. එහෙත් ඔහු අවදි වන විට තමන් බෝට්ටුවක නිදාගෙන සිටින බව තේරුම් ගනී. එම අත්දැකීම හමුවේ ඔහුගේ මරණීය භීතිය ඔහු කෙරෙන් ඉවත් වෙයි. ඔහු තම භීතිකාවෙන් නිදහස් වෙයි. මෙම කෙටිකතාව විදහා දක්වන්නේ මරණයේ ව්‍යාධිය කෙරෙහි පෝගේ ඇල්මයි.

එඩ්ගර් ඇලන් පෝ විසින් රචිත   "The Fall of the House of Usher"  කෙටිකතාව 1839 දී  ජෙන්ටල්මන් සඟරාවේ පළ විය. මෙම කෙටිකතාවට ගොතික් ප්‍රබන්ධ ,  හුදකලාව සහ පාරභෞතික අනන්‍යතා යන තේමාවන් ඇතුළත් වේ. කතාව ආරම්භ වන්නේ නමක් සඳහන් නොකල කථකයා ඔහුගේ මිතුරා වන රොඩ්‍රික් උෂර්ගේ නිවසට පැමිණීමත් සමඟය. කථකයා උෂර්ගේ ශෝකජනක මන්දිරයට ළඟා වන්නේ සවස් කාලයේ වන අතර "නොඉවසිය හැකි අඳුරු හැඟීමක්" ඔහුගේ ආත්මය පුරා පැතිරෙයි. කථකයා පැමිණි පසු රොඩ්‍රික් තම පවුල පිළිබඳ තොරතුරු පවසයි.  රොඩ්‍රික් කියා සිටින්නේ උෂර් මන්දිරය සංවේදී බවත් එය එහි වැසියන් කෙරෙහි  පාලනයක් ක්‍රියාත්මක කරන බවත්ය. නිවසේ ජනේල "ඇසිපිය" හා නිවසේ ඇතුළත ජීවමාන "ශරීරයක්" බවට පත්ව ඇති අතර පිටත පාසි වලින් වැසී ඇත.  උෂර් මන්දිරය වේගයෙන් දිරාපත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.  රොඩ්‍රික් උෂර් විශ්වාස කරන්නේ අජීවී විශ්වය “මනෝභාවයෙන්” පිරී ඇති බව සහ  මන්දිරය හුස්ම ගන්නා බවය

කථකයා පැමිණ දින කිහිපයකට පසු රොඩ්‍රික් ගේ නිවුන්  සහෝදරිය  මැඩ්ලින්ගේ මරණය සිදු වෙයි. රොඩ්‍රික් ඇයව භූමදාන කිරීමට උදව් කරන ලෙස කථකයාගෙන් ඉල්ලා සිටී. ඔවුන් ඇයව නිවස යට සොහොන් ගෙයක තැන්පත් කරද්දී, ඇය සිනාසෙන බවත්, ඇගේ කම්මුල් රෝස පැහැයෙන් යුක්ත බවත් ආඛ්‍යානය සටහන් කරයි. ඊළඟ දින කිහිපය තුළ, කථකයා තම මිතුරාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය කරයි. රොඩ්‍රික්  උමතු   රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන තිබේ.  රොඩ්‍රික් හට දින ගණනාවක්  පුරා ශබ්ද ඇසෙන බව කියවෙන අතර ඔහු විශ්වාස කරන්නේ ඔවුන් පණපිටින් වළලා දමා ඇති බව සිතන ඔහුගේ සොහොයුරිය මැඩ්ලින්  පැමිණෙන බවයි.  ඒ සමගම මන්දිරයේ ප්‍රධාන ද්වාරය වන අතර, මැඩලීන් සුදු පැහැයෙන් සැරසී සිටින්නීය. ඇයගේ වස්ත්‍රයේ ලේ තැවරී තිබේ.කෙඳිරිගාමින් ඇය ඇගේ සහෝදරයා මතට වැටෙන අතර, ඔවුන් දෙදෙනාම බිම ඇද වැටෙති.  පසුව බලන විට රොඩ්‍රික් සහ මැඩ්ලින් දෙදෙනාම මියගොස් සිටිති. කථකයා භීතියෙන් පලා යයි. දිව යන ඔහු  නිවස දෙස ආපසු හැරී බලන විට නිවස දෙකට බෙදී කඩා වැටෙන ආකාරය දකියි.  

පෝ ගේ අද්භූත හා පාරභෞතික ලෝකවල භෞතික ප්‍රතිමූර්තිය මැඩ්ලින් උෂර් විය හැකිය. සොහොන් ගැබෙන් ඇයගේ පැමිණීම රොඩ්‍රික්ගේ වධහිංසා හා භීතියේ පුද්ගලාරෝපණයක් ලෙස විස්තර කෙරේ. මැඩ්ලින් සහ රොඩ්‍රික්  නවකතාව පුරාම ස්පන්දනය වන ද්විත්ව මෝස්තරයකින් බැඳී ඇත. කෙසේ වෙතත්, රොඩ්‍රික් මැඩලින්ගේ භූමදානයෙන් පසු මානසික අස්ථාවර තත්වයක සිට මනෝ ව්‍යාධිය කරා යන විට රොඩ්‍රික් මැඩලීන් මත රඳා පවතින බව පැහැදිලිය. රොඩ්‍රික් උෂර්ට ආරෝපණය කර ඇති සෑම දෙයක්ම පෙන්නුම් කරන්නේ මානසික අස්ථාවරත්වයයි.  මෙම කෙටි කතාව මගින් පෝ මිනිස් පරිකල්පනයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් ගවේෂණය කරයි. "උෂර්ගේ නිවසේ වැටීම" අර්ථ දැක්විය හැක්කේ "පුද්ගලයෙකුගේ පෞරුෂත්වයේ විරූපණය හා විසුරුවා හැරීම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලෙස බව විචාරක එඩ්වඩ් එච්. ඩේවිඩ්සන්  පවසයි.  ත්‍රාසජනක  මෙම කෘතිය ඇමරිකානු ගොතික් සාහිත්‍යයේ විශිෂ්ටතම  නිර්මාණයක් ලෙස පිළිගැනේ.  තවද එය ගොතික් ත්‍රාසජනක කතාවේ මුල්ම හා උත්තරීතර උදාහරණය ලෙස සැලකේ.

The Imp of the Perverse  කෙටිකතාව ජනප්‍රිය එකක් නොවූවද මෙය පෝගේ විශිෂ්ට කතාවකි. මෙය පෝගේ කථා වල ව්‍යුහාත්මකව අසාමාන්‍ය එකකි. Imp යනු යක්‍ෂයා ලෙස පෝ ඉඟි කරයි.  Imp යනු යම් දෙයක් කිරීමට පුද්ගලයෙකු පොළඹවන නියෝජිතයා ය. එය ආත්මයේ දිය නොවන අභිරහස් වලින් එකකි.  මෙම කතාවේ දී, පෝගේ කථකයා තමා "විකෘතිතාවයේ" ගොදුරක් යැයි පවසයි. එනම් වැරදි ක්‍රියා කිරීමට ඇති ප්‍රාථමික ආශාව ඔහු තුල තදින් පවතියි.  කථකයා තර්ක කරන්නේ යම් විශ්වීය ආවේගයක වැදගත්කම මිනිසා අවතක්සේරු කරන බවයි. මිනිසුන් කිරීමට අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ උපකල්පන මත විශ්වාසය තැබීම වෙනුවට මානව වර්ගයාගේ ක්‍රියා තමන් තුළ සහ තමන් තුළම විමසා බැලීම වඩා ප්‍රයෝජනවත් වනු ඇතැයි කථකයා පවසයි. කථකයා මෙහි තමා ගැන පැහැදිලිවම කථා කිරීම හෝ ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත කිරීම නොකරයි. 

කථකයා මිනීමරුවෙකි. ඔහු විෂ සහිත ඉටිපන්දමකින් මිතුරෙකු මරා දමා ඇත. ඔහුගේ ඝාතනයෙන් පසු කථකයා වින්දිතයාගේ මුදල් උරුම කර ගනී. ඔහු සියලු සාක්‍ෂි විනාශ කරයි.  ඔහු ඒ පිලිබඳව උද්දාමයට පත් වෙයි.  වසර ගණනාවක් තිස්සේ ඔහුගේ මිනීමරු ක්‍රියාවෙහි ප්‍රතිලාභ භුක්ති විඳියි. නමුත් විකෘතිතාවය  මත  ඔහුගේ අපරාධය පාපොච්චාරණය කර තමාම විනාශ කර ගැනීමට ඔහුට දිනක් හදිසියේම  අභ්‍යන්තර බල කිරීමක් ඇති විය.  (පෝ විකෘතිය විස්තර කරන්නේ සියලු මිනිසුන් තුළ තමන් දන්නා දේ වැරදි ලෙස කිරීමට ඇති ආශාව ලෙසය) ඔහු තුළ ඇති වූ ආවේගය පාලනය කර ගැනීමට නොහැකි වූ ඔහු, “දිගු කලක් සිරගතව සිටි රහස” මුදා හැරියේය.  ඔහු තම අපරාධය බලධාරීන්ට පාපොච්චාරණය කරයි.  ඔහුව ඉක්මණින් නඩු විභාග කොට මිනීමැරුමකට වැරදිකරු වී එල්ලා මැරීමට නියම කරනු ලැබේ. කථකයාගේ මනසෙහි සැබවින්ම “විකෘති” වන්නේ යමෙකු ඝාතනය කිරීම නොව පාපොච්චාරණය කිරීම  බව කතුවරයා පෙන්වා දෙයි. කෙටි කතාව ආඛ්‍යානකරුවාගේ ස්වයං විනාශකාරී ආවේගයන් ගැන සාකච්ඡා කරයි.  කථකයා මිනීමරුවෙකු ලෙස පාපොච්චාරණය කරන්නේ කිසිදු වරදකාරී හැඟීමකින් නිසා නොව ස්වයං විනාශයේ ආශාව නිසාවෙනි.   කථාව පදනම් වී ඇත්තේ සියලු මිනිසුන් ස්වයං විනාශකාරී ප්‍රවණතාවලට නැඹුරු වන අතර අවසානයේ අප විසින් කරනු ලබන ක්‍රියාව පිළිබඳ සදාචාරාත්මක වගකීම මග හැරිය නොහැකි බවය.

 "අපි ප්‍රපාතයක අද්දර සිටගෙන සිටිමු. අපි අගාධයට එබී බලමු. අපගේ පළමු ආවේගය වන්නේ අනතුරෙන් ඈත් වීමයි.  එහෙත් අප නොසැලකිලිමත් ලෙස එහි රැඳී සිටිමු ... එය බිය උපදවන සුළු සිතුවිල්ලක් පමණක් වන අතර, අපගේ අස්ථිවල ඇටමිදුළුවල භීතියේ ප්‍රීතියේ දරුණුකම සමඟ එය සිසිල් කරයි. එය හුදෙක් මෙතරම් උසකින් වැටීමකදී අපේ සංවේදනයන් කුමක් වනු ඇත්ද යන්න පිළිබඳ අදහස පමණි ... මේ හේතුව නිසාම අපි දැන් වඩාත් ප්‍රබල ලෙස එයට කැමැත්තෙමු". පෝ මිනිසුන් තුල තිබෙන මෙම ස්වයං විනාශකාරී ප්‍රවණතා පිලිබඳව විමර්ශනය කරයි. පෝ මෙම විකෘති  ආක්රමණශීලී සිතුවිලි "මොළය පුරා පියාසර කරන  සෙවනැල්ලකට" සමාන කළේය. පෝගේ සියලු කථා අතුරින්, මෙය මනෝ විශ්ලේෂණයේ නිර්මාතෘ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහස් පූර්ව නිගමනය කිරීමට ඇති ප්‍රබලම කතාවකි.
 
පෝ මෙම කෙටිකතාව ලියන සමයේදී  ඉංග්‍රීසි කවියෙකු වූ හෙන්රි ලෝන්ග්ෆෙලෝ සමඟ ප්‍රසිද්ධ ආරවුලක් ඇති කරගෙන සිටියේය. එම ගැටුම "ලෝන්ග්ෆෙලෝ යුද්ධය" ලෙස නම් කරන ලදි. කථාව ප්‍රකාශයට පත් වී මාස තුනකට පසු, බොස්ටන්හි සාහිත්‍ය කවයට එරෙහිව පෝ පහර දුන්නේය. එක් විචාරකයෙක් පැමිණිලි කළේ ඔහු තීන්ත නොව හයිඩ්‍රජන් සයනයිඩ් අඩංගු ප්‍රස්සික් අම්ලය භාවිතා කළ බවය. ඩැනියෙල් ස්ටැෂෝවර් යෝජනා කරන්නේ මේ මගින් පෝ තම පාඨකයන් විනාශකාරී ලෙස තමන් ගෙන් දුරස් කර ගත් බවයි.

පෝ  හට ගුප්ත ලේඛන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි උනන්දුවක් තිබුණි.  ඔහු " The Gold-Bug" කෙටිකතාව ලියන විට ගුප්ත විද්‍යාවේ ජනප්‍රියතාවයෙන් ප්‍රයෝජන ගත් අතර, එවැනි එක් ගුප්ත කේතන ක්‍රමයක් මත  සාර්ථකත්වය ලබා ගත්තේය. ඔහුට විශිෂ්ට විශ්ලේෂණාත්මක ගණිතමය මනසක් තිබුණි. “ගෝල්ඩ් බග්” කතාව ආරම්භ වූයේ  තර්කනය කෙරෙහි  පෝ තුල තිබූ ඇල්මෙනි. පෝගේ ජීවිත කාලය තුළ වඩාත් ජනප්‍රිය හා වඩාත්ම කියවන ලද නිර්මාණය මෙය විය. මෙම කතාවට ඩොලර් 100 ක ගෙවීමක් ඔහුට ලැබුණි. එය ඔහුගේ ජීවිත කාලය තුළ එක ලිවීමකට ලබාගත් වැඩිම මුදලක් විය. පෝ ගේ මෙම කෙටිකතාව රොබට් ලුවී ස්ටීවන්සන්ගේ ට්‍රෙෂර් අයිලන්ඩ් ඇතුළු පසුකාලීන සාහිත්‍ය කෘති ගණනාවකට බලපෑම් කළේය.  ඔහු පසුව ගුප්ත ලේඛනකරණ ක්‍රම පිළිබඳ රචනා ලියා ඇති අතර එය පළමුවන ලෝක සංග්‍රාමයේදී භාවිතා කළ ජර්මානු කේත තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විය.

පෝ විසින් ලියන ලද එකම සම්පූර්ණ දිග නවකතාව වන  Arthur Gordon Pym of Nantucket (1838) ආරම්භ වූයේ ප්‍රකාශකයෙකුගේ යෝජනාවක් මත ය. ග්‍රැම්පස් නම් තල්මසුන් නැවකට ගොඩ වූ නන්ටුකෙට්හි ආතර් ගෝර්ඩන් පයිම්ගේ කතාව මෙම කෘතියෙන් විස්තර කෙරේ. පෝ ද තරුණ වියේ දී නැවකින් ගමන් කර ඇති අතර වරක් දින 34 ක් පුරා මුහුදු ගමනක් ගියේය. ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් කෘසෝ   නවකතාව (1719) සහ සැමුවෙල් ටේලර් කොලරිජ්ගේ ““The Rime of the Ancient Mariner”” (1798) යන කාව්‍ය  මෙම නවකතාව ලිවීමට ඔහුට බලපෑම් කරන ලදි.   

ආතර් ගෝර්ඩන් පයිම් උපත ලැබුවේ ධීවර වරාය සහ තල්මසුන් සඳහා ප්‍රසිද්ධ නන්ටුකෙට් දූපතේ ය. නන්ටුකෙට්  දකුණු මැසචුසෙට්ස් හි කේප් කෝඩ්ට දකුණින් පිහිටි දූපතක ප්‍රධාන තල්මසුන් වරාය විය.  ඔහුගේ හොඳම මිතුරා ඔගස්ටස් බාර්නාඩ් තල්මසුන්ගේ නෞකාවක කපිතාන්වරයාගේ පුත්‍රයාය. ඔගස්ටස්ගේ ත්‍රාසජනක කතා වලින් පයිම් ආකර්ෂණය වී ඇත. මේ නිසා පයිම් ත්‍රාස ජනක  නාවික ගමනකට එක් වෙයි.  ඔහු අනතුරුදායක නාවික ගමනක යෙදී සිටියි. එය විනාශකාරී නැව් ගමනාගමනයකි.

ආතර් ගෝර්ඩන් පයිම්ගේ ආඛ්‍යානය" නව එංගලන්ත තල්මසුන් නෞකාවක නැවෙහි නැවෙහි අඳුරු වික්‍රමාන්විතයන් අනුගමනය කරන අතර එය රෞද්‍ර අද්භූත අංගයන්ගෙන් යුත් සම්භාව්‍ය ත්‍රාසජනක කතාවකි. සිහින, ආදරය, නැතිවීම; ශෝකය, වැලපීම, දුරස් වීම; භීෂණය, පළිගැනීම, මිනීමැරීම; උමතුකම, රෝග සහ මරණය. ” මෙම නවකතාවේ පිටු තුළ හමු වෙයි. තවද  නවකතාව ආධිපත්‍යය, සමූහ ප්‍රචණ්ඩත්වය සහ විනාශය පිළිබඳ භීතිය ගෙන එයි.  පෝ ගොතික් හා සංචාරක ආඛ්‍යානය කෙරෙහි අවධානය යොමු කළද ආතර් ගෝර්ඩන් පයිම් 19 වන සියවසේ ඇමරිකාවේ අදහස් පිළිබිඹු කරන කෘතියක් ලෙස අර්ථ දැක්විය හැකිය.  ඔහුගේ කතාව හර්මන් මෙල්විල්, ජූල්ස් වර්න් සහ තවත් බොහෝ ඇමරිකානු කතුවරුන්ගේ කෘතිවලට ආභාෂය ලබා දුන්නේය. 

පෝ යනු අන්තයේ මිනිසෙකි, ඔහු සාර්ථකත්වයේ හා අසාර්ථකත්වයේ උච්චතම හා පහත්කම් දැන සිටියේය. ඔහු තමාගේම හැඟීම් හා අරගලයන් ඔහුගේ කථා වලට ඇතුළත් කලේය.  විවේචකයන් විසින් ඔහුව බේබද්දෙකු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු ලෙස පහත් කොට සලකන ලද්දෙකි. පෝ ගේ වටිනාකම ඔහුගේ කාලයේදී අවබෝධ නොවීම අහේතුවකි. පෝ  මූලික මිනිස් හැඟීම් වලට ආයාචනා කරන නිසාත්, සෑම භාෂාවකම සිටින සියලුම මිනිසුන්ට පොදු විශ්වීය තේමාවන් ප්‍රකාශ කරන නිසාත් ඔහුගේ කෘති විශ්වව්‍යාපී ය.  ඔහු සැබෑ පුනරුදයේ මිනිසෙකි. ඔහු ප්‍රංශ භාෂාව හොඳින් දැන සිටි අතර ඔහුගේ බොහෝ කථා වල  ලතින් සහ ග්‍රීක භාෂාවෙන් උපුටා දැක්වීම්  ඇත.  ඔහු ගණිතය හා තාරකා විද්‍යාව හොඳින් වටහාගෙන සිටි අතර මෙම කරුණු බොහොමයක් ඔහුගේ කථා වලට ඇතුළත් කලේය.  

එඩ්ගර් ඇලන් පෝ විද්‍යා ප්‍රබන්ධයේ මුල් පුරෝගාමියෙකි. පෝ ඔහුගේ කාලයේ විද්‍යාව කෙරෙහි ඇල්මක් දැක්වූ අතර ඔහු බොහෝ විට නව නිපැයුම් පිළිබඳ කථා ලිවීය.   නූතන රහස් පරීක්‍ෂක කතාවේ නව නිපැයුම්කරු සහ විද්‍යා ප්‍රබන්ධ ප්‍රභේදයේ නවෝත්පාදකයෙකු ලෙස ඔහුට පුළුල් ලෙස පිළිගැනීමක් තිබේ. ඇමරිකාවේ මුල්ම රහස් පරීක්ෂක කථාව ලෙස, 1841 දී ප්‍රකාශයට පත් කරන ලද පෝගේ ““The Murders in the Rue Morgue "හැඳින්විය හැකිය. මෙම කෙටිකතාව සඳහා පෝ විසින් සී. ඔගස්ටේ ඩුපින් නම් රහස් පරීක්ෂකයෙකු නිර්මාණය කළේය. අපරාධ විසඳීමට  තර්කන බුද්ධිය යොදා ගැනීමේ සංකල්පය සාහිත්‍යයට ඔහු හඳුන්වා දුන්නේය. සී. ඔගස්ටේ ඩුපින් චරිතය විසින් ෂර්ලොක් හෝම්ස් පොත් සඳහා 'අඩිතාලම දැමීය.  පෝ රහස් පරීක්ෂක නවකතාවේ පියා ලෙස හැඳින්වෙන අතර ෂර්ලොක් හෝම්ස්ගේ නිර්මාතෘ ආතර් කොනන් ඩොයිල්ට සෘජුවම බලපෑම් කළේය. ආතර් කොනන් ඩොයිල් වරක් කියා සිටියේ එඩ්ගර් ඇලන් පෝගේ කථා "සෑම විටම ආදර්ශයක්" බවයි. ආතර් කොනන් ඩොයිල් අනුගමනය කළේ පෝ විසින් නිර්මාණය කරන ලද ආකෘතියයි. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ප්‍රභේදයට පෝගේ බලපෑමට ඉහළ ප්‍රශංසාවක් ලැබෙන්නේ වඩාත් නවීන කතුවරයකු වන ස්ටීවන් කිං ගෙනි . ස්ටීවන් කිං,  එඩ්ගර් ඇලන් පෝ  යෞවන කාලය තුළ තමා ආදරය කළ කතුවරයකු ලෙස උපුටා දක්වයි.

මිනිස් ස්වභාවයේ අඳුරු පැත්ත කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පෝ ප්‍රසිද්ධියට පත්විය. අවුල් සහගත හා මාරාන්තික රූ මෝර්ග් මහල් නිවාසය සංකේතවත් කරන්නේ පෝගේ ජීවිතයට පීඩා කළ කාන්තාවන් සම්බන්ධ පෞද්ගලික ඛේදවාචකයන් ය. පෝ සිය ජීවිත කාලය තුළ  ගෘහස්ථ සැනසීමක් සොයා නොගත් අතර ඔහු ගෘහස්ථ විනාශය පිළිබඳ මෙම දර්ශනය ඔහුගේ ජීවිතයේ විචිත්‍රවත් අත්දැකීම් සමඟ ආයෝජනය කරයි. ඩුපින් නිර්මාණය කිරීම පෝට තමාගේම තර්කන බුද්ධිය ඉස්මතු කිරීමට පමණක් නොව, ඔහු දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ ගෘහස්ථ සන්සුන් භාවය සහ සහෝදරත්වයේ හවුල් වීමටද ඉඩ සලසයි.

විද්‍යා ප්‍රබන්ධ කථා ලියූ පළමු කතුවරුන්ගෙන් එක් අයෙකු වන පෝ, “විද්‍යා ප්‍රබන්ධයේ පියා” ලෙස හැඳින්විය හැකිය. මුල් කාලීන විද්‍යා ප්‍රබන්ධ කතුවරයා වන ජූල්ස් වර්න්ගේ වර්ධනයට ද පෝ ප්‍රබල ලෙස බලපෑම් කලේය. ඔහුගේ ගද්‍ය කාව්‍යය වන "යුරේකා" සමහර විට විද්‍යා ප්‍රබන්ධයේ මුල් කෘතියක් ලෙස සැලකේ. එය “ගද්‍ය කාව්‍යයක්” ලෙස උපසිරැසි ගැන්වූ නමුත් එය “ද්‍රව්‍ය හා අධ්‍යාත්මික විශ්වය පිළිබඳ රචනයක්” ලෙස උපසිරැසි ගැන්වී ඇත. එය වචන 40,000 කට ආසන්න දිගකින් යුක්ත වේ. යුරේකා, විශ්වයේ ස්වභාවය පිළිබඳ පෝගේ බුද්ධිමය සංකල්පය විස්තර කරයි.   යුරේකා භෞතික විශ්වයේ මූලාරම්භය, ව්‍යාප්තිය හා බිඳවැටීම පිළිබඳ විශ්වීය නිබන්ධනයකි. යුරේකා හි ඔහු විශ්වය පිළිබඳ න්‍යායන් කිහිපයක් ගෙනහැර දැක්වීය. යුරේකා පෝගේ මිනිස් ජීවිතය පිළිබඳ මහා විද්‍යාත්මක සමපේක්‍ෂනය ලෙසටද  හැඳින්විය හැකිය.

යුරේකා යනු විශ්වය පැහැදිලි කිරීමට පෝගේ උත්සාහයයි. 1848 දී ප්‍රකාශයට පත් කරන ලද යුරේකා ඔහුගේ ලොකුම ජයග්‍රහණය බව පෝ විශ්වාස කළ බව පෙනේ.ඔහු යුරේකා සිය වෘත්තීය කෘතිය ලෙස සැලකූ බව ලිවීය. ඔහු තර්ක කළේ නිර්මල බුද්ධියෙන් මිස ඇරිස්ටෝටලියානු න්‍යාය හා වාක්‍ය ඛණ්ඩවල ප්‍රාථමික ක්‍රමයක් හෝ ෆ්‍රැන්සිස් බේකන් විසින් සකස් කරන ලද නූතන විද්‍යාවේ ආනුභවික ක්‍රමයෙන් නොවේ. නූතන විචාරකයෝ  ඔහුගේ අවසාන ප්‍රධාන කෘතිය වන යුරේකාගේ වැදගත්කම ගැන දිගින් දිගටම විවාද කරති.

ලෝක සාහිත්‍යයට පෝගේ වඩාත්ම කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඔහු නිර්මාණාත්මක කතුවරයකු වශයෙන් මෙන්ම ඔහුගේ සමකාලීනයන්ගේ කෘති විවේචකයෙකු ලෙස ද භාවිතා කළ විශ්ලේෂණ ක්‍රමවේදයෙනි. ඔහුගේ ජීවිත කාලය තුළ පෝ බොහෝ දුරට සාහිත්‍ය විචාරකයෙකු ලෙස පිළිගැනීමට ලක්විය. පෝ ප්‍රබන්ධ රචකයෙකු ලෙස ද හැඳින්වූ අතර එක්සත් ජනපදයට වඩා යුරෝපයේ ජනප්‍රිය වූ 19 වන සියවසේ ප්‍රථම ඇමරිකානු කතුවරුන් අතරට එක් විය. ඔහුගේ බොහෝ කෘති සාමාන්‍යයෙන් අඳුරු රොමෑන්ටිකවාදයේ ප්‍රභේදයේ කොටසක් ලෙස සැලකේ. ඔහු  ගොතික් කතා වල සංකේතවාදයේ අවිනිශ්චිතතාවයන් හඳුන්වා දුන් අතර, කෙටිකතාව සුවිශේෂී සාහිත්‍යමය ස්වරූපයක් ලෙස අර්ථ දැක්වීමේ ගෞරවය පෝට හිමි වේ. ගොතික් සාහිත්‍යයේ ප්‍රභේදය ප්‍රායෝගිකව නිර්මාණය කරමින් ඔහුගේ අඳුරු, බිහිසුණු බිහිසුණු කතා සඳහා පෝ ලොව පුරා කීර්තියක් ලබා ගත්තේය. ගොතික් සාහිත්‍යයට පෝගේ දායකත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඇමරිකානු සංස්කෘතිය කෙරෙහි ඔහුගේ බලපෑම ද ගැඹුරු ය. එහෙත් ඔහුගේ කෘති ඔහුගේ ජීවිත කාලය තුළ කැපී පෙනෙන ලෙස පැසසුමට ලක් නොවීය.
 
විචාරකයින්ගෙන් බහුතරයක් පෝගේ කෘති  දකින්නේ ඔහුගේ කම්පන සහගත අතීතයේ පිළිබිඹුවක් වශයෙනි. පෝ චරිතාපදානය ලියූ  මාරි බොනපාට් සහ කෙනත් සිල්වර්මන් පවසන පරිදි, ඔහුගේ දුක්ඛිත ජීවිතයේ ප්‍රධාන සිදුවීම් වූයේ පෝගේ මව, සුළු මව සහ බිරිඳගේ  මරණ යඔහු සසල කල බවයි. ඔහුට ආරක්‍ෂාව සහ සැනසීම ලබා දුන් මෙම කාන්තාවන්ගේ වේදනාකාරී මරණ නිසැකවම ඔහුගේ පරිකල්පනය ඔහුගේ කථා හා කවි වලින් පිළිබිඹු විය.  1835 දී එවකට 26 හැවිරිදි පෝ සිය ඥාති සහෝදරිය වූ  වර්ජිනියා සමඟ රහසින් විවාහ විය. 1842 දී වර්ජිනියා ක්‍ෂය රෝගයෙන් මිය ගියාය. ඉන් ඔහු මානසිකව පරිපීඩනයට පත් විය. ඔහුගේ බිරිඳ වර්ජිනියාගේ මරණයෙන් පෝගේ ජීවිතය විනාශයට පත්විය. ඔහු මත්පැන් පානය කරමින් ඉබාගාතයේ යන්න විය. ඔහු 1849 ඔක්තෝබර් 7 වන දින වයස අවුරුදු 40 දී බොල්ටිමෝර්හිදී මිය ගියේය. එඩ්ගර් ඇලන් පෝගේ මරණය චාල්ස් බෝඩ්ලෙයාර් විසින් විස්තර කරන ලද්දේ දීර්ඝ කාලයක් පුරා සූදානම් කළ සියදිවි නසා ගැනීමක් ලෙසටය. මත්පැන් ලෝලිතාවද ඔහුගේ මරණය ඉක්මන් කලේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හතලිහකි. ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබුවේ බෝල්ටිමෝර් හි ප්‍රෙස්බිටේරියන් සුසාන භූමියේ ය.

එඩ්ගර් ඇලන් පෝ එක්සත් ජනපදයට වඩා යුරෝපයේ ජනප්‍රිය වූ 19 වන සියවසේ ප්‍රථම ඇමරිකානු කතුවරයා බවට පත්විය පෝගේ කෘති සාහිත්‍යයේ මුහුණුවර වෙනස් කළ අතර විචාරක ජේම්ස් රසල් ලෝවෙල් ඔහුව දාර්ශනික හා නිර්භීත විවේචකයෙකු ලෙස හැඳින්වීය. ප්‍රංශ කතුවරයකු වන ජූල්ස් වර්න් විසින් පෝව බෙහෙවින් අගය කලේය. ෆියෝඩර් දොස්තයෙව්ස්කි පෝව හැඳින්වූයේ “අති දක්‍ෂ ලේඛකයෙක්” ලෙසටය. ඔස්කාර් වයිල්ඩ් පෝ "රිද්මයානුකූල ප්‍රකාශනයේ  ස්වාමියා" ලෙස හැඳින්වූ අතර පෝගේ කෘති ඔහුගේ  ඩොරියන් ග්‍රේ  නවකතාවට බලපෑවේය. පෝ ඔහු සිත් ඇදගන්නාසුළු සාහිත්‍ය පෞරුෂයක් නිර්මාණය කල අතර පෝගේ කෘතීන්  ඇමරිකානු හා ජාත්‍යන්තර සාහිත්‍යයට ප්‍රබල බලපෑමක් ඇති කළේය. ඔහුගේ කෘති ලෝක සාහිත්‍යයේ නූතනවාදය පිළිබඳ ඕනෑම සංකල්පයකට අත්‍යවශ්‍ය වේ.  ඔහුගේ ලේඛන ශෛලිය සියවස් ගණනාවක් පුරා විහිදී ගිය අතර බොහෝ දෙනෙකුට එය බලපෑවේය.


Works Cited

Bazil, C.W. (1999). Seizures in the life and works of Edgar Allan Poe. Arch Neurol ;56:740-743.  
Harris, J.C.(2008). Edgar Allan Poe: The Raven. Arch Gen Psychiatry;65:868-869.
Kennedy, J. G.(1995).. The Narrative of Arthur Gordon Pym and the Abyss of Interpretation. New York: Twayne. 
Poe, Edgar Allan. “The Masque of the Red Death.” Complete Tales and Poems of Edgar Allan Poe. Ed.
Poe, Edgar Allan. Edgar Allan Poe: complete tales and poems. New York: Fall River Press, 2012.
Sova, D.(2006). “Introduction.” Complete Tales and Poems of Edgar Allan Poe. New York, NY: Fall River Press.  
Thompson, G. R. (2004).The Selected Writings of Edgar Allan Poe. Ed. G. R. Thompson. New York: W. W. Norton & Company..

Wednesday, September 9, 2020

හරක් මස් සහ අරක්ගු


රාත්‍රී කාලයේදී ලොරියක් මාර්ග බාධකයේදී  පොලිස් නිලධාරියෙකු විසින් නවත්වනු ලැබීය​. මොනවද ලොරිය අස්සේ තියෙන්නේ ? පොලිස් නිලධාරියා ඇසීය​. " අරක්ගු තමා තීනවා මාතියා" රියැදුරු කීවේය​. 

අරක්කු ලොරියක් ඇල්ලීම නිසා සතුටට පත් පොලිස් නිලධාරියා " අයිසේ අරක්කු කේස් එකක් අර පඳුර අස්සේ බාල යනවා කියා ලොරියට යන්නට දුන්නේය​. ලොරිය මඳ දුරක් ගොස් පොලිස් නිලධාරියා කියූ ලෙසට ලී කේස් එකක් පඳුර අස්සේ තැබීය​. ලොරිය ගිය පසු පොලිස් නිලධාරියා පඳුර අසලට ගියේය​. අරක්කු කේස් එක වෙනුවට තිබ්බේ ගොම පිරවූ ලී කේස් එකකි. උරණ වූ රාලහාමි මෝටර් සයිකලයෙන් ලොරිය ලුහුබැඳ ගොස් ලොරිය නවත්වා ගත්තේය​. 

" යකෝ උඹ කිව්වේ අරක්කු ගෙනියනවා කියලා නේද ? පොලිස් නිලධාරියා ඇසීය 
ඔව් ෂෑර් අරග්ගු තමා ගෙනියනවා රියැදුරා කීවේය​. 

පොලිස් නිලධාරියා ලොරිය පරික්‍ෂා කලේය​. ලොරිය පුරවා ගොම කේස් පුරවා තිබුනේය​. 

" මේ ගොමනේ යකෝ " පොලිස් නිලධාරියා ගුගුලේය​. 
    
ඔව් ෂෑර් අරක්ගු තමයි. රියැදුරා කීවේය​.

Sunday, September 6, 2020

Euthanasia: Political, Social and Health Dilemmas

 


Ruwan M Jayatunge M.D.

You don’t need to kill the patient to kill the pain –Dr. Andre Bourque University of Montréal

Euthanasia or assisted suicide is a controversial topic that is defined as deliberate intervention undertaken with the express intention of ending a life, to relieve intractable suffering. Today several countries have legalized euthanasia and some view it as a human right. Those who support euthanasia point out that the importance of personal autonomy and self-determination, the right of every human being to have his / her wishes respected in decisions involving his / her own body and the recognition of every human being is in principle, master of his/ her own destiny.

In 2002 Holland became the first country in the world to legalize euthanasia and in 2003, 1626 cases were officially reported from Holland. The Dutch euthanasia law gives doctors immunity from prosecution if they help to kill patients over the age of 12 who are suffering unbearably from incurable conditions and who have repeatedly requested euthanasia.


Euthanasia Guidelines in Holland
The Dutch laid out narrow guidelines for doctors: The patient, who must be suffering unbearably and have no hope of improvement, must ask to die. The patient must clearly understand the condition and prognosis and a second doctor must agree with the decision to help the patient die.


Euthanasia in Belgium
Belgium legalized euthanasia in 2002, but the laws seem to encompass assisted suicide as well. Since its legalization eight years ago, euthanasia now accounts for 2 per cent of deaths in Belgium - or around 2,000 a year. Two doctors must be involved, as well as a psychologist if the patient’s   competency is in doubt. The doctor and patient negotiate whether death is to be by lethal injection or prescribed overdose.



Oregon Death with Dignity law
In 1994, voters in the state of Oregon approved a ballot measure that would have legalized euthanasia under limited conditions. Under the Death with Dignity law, a person who sought physician-assisted suicide would have to meet certain criteria. In order to qualify for physician-assisted suicide, a person must be an Oregon resident, 18 years of age or older, must have decision-making capacity, and must be suffering from a terminal disease that will lead to death within six months.
Forced Euthanasia
A number of reports indicate that some medical practitioners have abused the legal privilege of euthanasiaand reinforced depressive patients to select euthanasia as an option. A study found that a high proportion of deaths classed as euthanasia in Belgium involved patients who did not ask for their lives to be ended. In 1990 government sponsored surveys found that 0.8% of all deaths in the Netherlands were euthanasiadeaths that occurred without a request from the patient. In a 1995 study, Dutch doctors reported ending the lives of 948 patients without their request.

Passive Euthanasia
Although euthanasia is illegal in many countries passive euthanasia (withhold treatment and allow a patient to die) is being practiced. This is unethical and described as a malpractice. The American Medical Association emphasizes that the intentional termination of the life of one human being by another is contrary to that for which the medical profession stands. Human life has an absolute value and it is inhuman for a medical practitioner to terminate it.

Mrs. H a resident from North York Ontario Canada witnessed the agonizing death of her grandmother who suffered a stroke. When she was admitted to the …….hospital the doctors said that she would not recover. After several days the nasal feeding was discontinued. Mrs. H was near her semi-conscious grandmother all the time and the grandmother responded to her time to time by blinking the eyes. After removal of nasal feeding tube she was starving and I could see tears in my grandmother’s eyes. She was dying but the process was accelerated by discontinuing nasal feeding that led to an agonizing death says Mrs. H

Mrs. VXXX   a resident from Colombo Sri Lanka  underwent the same experience when her 92 year old mother was admitted to the ……… hospital. She was diagnosed with a benign ovarian tumor and had numerous age related complications. During her stay at the hospital she was only given Brufen  and Vitamin B. Doctors and Nurses often said that she had lived her years and taken no significant efforts to improve her condition. She was prematurely discharged and after two weeks she died at home. What worries me is not my mother’s medical condition but the attitude of the medical staff says Mrs. VXXX.  


Mr. XXX a resident from Negombo   met with a road traffic accident and admitted to the ……………….. Hospital- Intensive Care Unit. He was unconscious throughout and was on a life support. By the 8th  day his condition remained unchanged.  The medical staff decided to remove him from the life support system in order to accommodate another patient who was diagnosed with Guillain–Barré syndrome. After removing Mr. XXX from the life support system less than 24 hours he passed away. His son who is a doctor now believes that his father was not given a fair chance at the hospital to recover.


Passive Euthanasia: My Personal Experiences in the Sri Lankan Hospitals

Unfortunately I observed passive euthanasia in a number of Sri Lankan Hospitals. The first experience I witnessed was in 1994 during my internship appointment at the Matale   Base Hospital.

A 10 year old school boy was brought to the surgical ward following head injury that was caused by a road traffic accident on the Palapathwala road.  I was the house officer who gave primary care for this unconscious child. I immediately realized trepanation of the skull had to be done to evacuate the intracranial hemorrhage that was pressing the vital centers in the brain. The Senior House Officer too agreed with me. This operation is called performing a Burr Hole and had to be done by a Consultant Surgeon. I immediately called the Operation Theater and said we may need the theater facilities to treat a boy with a head injury.  

Then I called my Consultant Surgeon who had just finished the evening ward round. The time was about 3.40 pm and he was preparing to go home.  The Consultant Surgeon was annoyed that I called the operation theater. He ordered me to give diazepam 5 mg intravenous to the child even without seeing the patient. Again I asked Sir are we going to do a Burr Hole to stop the subdural hematoma. This time he responded to me in very dry language and asked me to give diazepam and monitor the child and maintain the head injury chart. I was powerless and did exactly what he ordered. Then the Consultant Surgeon left for home.
  
I observed the poor child until midnight. Several times he went in to seizures. Since we were given unofficial instructions not to transfer patients to the Kandy hospital at night, by the Surgeon we had no way of sending the child to the Kandy Teaching hospital for special management.  The Surgeon did not respond to our calls that night. So we waited and prayed for his life. At around 1.30 am the child died. According to my opinion we could have saved this child if the Surgeon did the surgery or allowed us to transfer the child to the Kandy Hospital. When I look back at this incident after 18 years I feel that the Consultant Surgeon who was supposed to give us knowledge, ethics, and leadership did nothing but forced us to perform passive euthanasia.

I was trained in Anesthesia by Dr. Priyangani Ariyarathne - Consultant Anesthetist at the North Colombo Teaching Hospital in 1999. I worked in the ICU and in the operation theaters at the North Colombo Teaching Hospital for about a year and observed that when the medical staff get new acute patients to the ICU they sometimes remove the life support systems of the old patients and fix it to the new patients. Due to lack of beds at the ICU the medical staff was compelled to do it. But still I had mixed feelings about this unorthodox practice.

When the Ja Ela bomb exploded on the December 18, 1999, that killed General Lucky Algama, hundreds of patients were brought to the Colombo North Teaching Hospital. The individuals who were critically injured were admitted to the ICU. There was a young man who was on the life support system following organophosphate poisoning and the medical staff removed him from the life support system and his bed was given to a bomb victim. Without the ventilator and other life support system the young man died the following day. One can always argue that the first patient became ill as a result of self-induced poisoning and second patient became a victim of a terrorist act. But my question was who are we to decide their fate and the duration of their life span.

When I was working at the Chilaw   hospital I had the opportunity of working at the ICU and I saw this life support removal occurring there too. Once we had a snake bite case and in order to accommodate him the doctors removed another patient who was in the ventilator with Dengue hemorrhagic fever.  The snake bite case survived and the dengue patient died. Again it became a dilemma for me. So instead of working at the ICU I decided to work in the Operation Theater.

Over the years I witnessed how some of my colleagues became indifferent to human lives.  I remember one Doctor at the Negombo   hospital who was against giving blood transfusions to the severely anemic alcoholic patients. These people are alcoholics and they deserve to die without wasting medical resources he openly stated. Another PHO (Pediatric House Officer) told me that when he suspects cerebral palsy in newborns he cuts off the oxygen supply to them. I am doing a favor to the child and the parents, so they are free of life long suffering with a disabled child he told me with confidence. I became so disgusted and replied that it was illegal, a crime and under the Hippocratic Oath he was violating professional ethics. I do not know whether he stopped this unethical practice after my brief lecture.

Euthanasia Declines in the quality of care
Euthanasia devalues human life; in the long run euthanasia can become a means of health care cost containment. In Holland legalized euthanasia has led to a severe decline in the quality of care for terminally-ill patients. Dr. Els Borst  the former Health Minister and Deputy Prime Minister who guided theeuthanasia law through the Dutch parliament recently admitted that medical care for the terminally-ill had declined since the law came into effect.


Euthanasia and Murder
According to the Criminal Code a person commits homicide when, directly or indirectly by any means, he causes the death of a human being. In this context euthanasia is mealy a murder. The main aim of the medical practitioners should be focused on improving and enhancing the care of the patient. Under the Hippocratic Oath, medical practitioner cannot engage in euthanasia.


Dr. Jack Kevorkian alias Dr. Death
Dr. Jack Kevorkian is a pathologist who actively support of voluntary euthanasia. He designed a so called death machine (thanatron) that was used by several terminally ill patients to commit suicide. He had helped more than 130 terminally ill people end their own lives. In 1994, he faced murder charges in the death of Thomas Hyde, who suffered from a terminal nerve illness. He was convicted of second-degree murder. Some experts consider Dr. Jack Kevorkian is highly obsessed with mercy killings and gradually lost the human touch. Instead of promoting health as a doctor Dr. Jack Kevorkian promoted death. 


Harold Shipman
The British doctor Harold Shipman murdered 215 of his patients using the drug Diamorphine over a period of 20 years. He killed an average of one patient a month during his medical career. Young Shipman observed the painful death of his mother who suffered from a terminal cancer. In the later years he killed mainly elderly women who were suffering from various illnesses. He was an addictive serial killer who may have believed that he was helping the patients to end their suffering. Shipman hanged himself in January 2004 while in the custody.


NAZI Movement and Euthanasia
Those who support euthanasia should study what the NAZI s did in Germany and in their occupied countries. The NAZI s widely used euthanasia as a social cleansing method. First, they exterminated the mentally ill and disabled Germans. Subsequently they extended euthanasia as a political tool. NAZI s used the medical practice to propagate racial supremacy. Dr. Josef Mengele alias the angel of death used to do horrible experiments euthanizing men women and children. NAZI genocide machine started fromeuthanasia and it ended up with the Final Solution. During the Hitler’s regime, 6 million Jews were terminated.


Conclusion
Before the advances in medical science diseases like leprosy, syphilis etc. were considered as incurable and relatives often performed mercy killings to end the suffering of the patients. Today the doctors are struggling with terminal cancer and sometimes suggest euthanasia as a temporary answer. The future advancements in the medical science would bring viable solutions to many incurable diseases andeuthanasia would be considered as an outdated, inhuman and unprofessional form of practice. 

Find Us On Facebook