Saturday, August 22, 2020

අයියෝ බොනී


1998 වසරේදී අක්‍ෂි වෛද්‍ය ඇන්ටන් කොස්තා මහතාට සහ මට  රවීන්ද්‍ර රන්දෙණියව හලාවත තානායමේදී හමු විය. වෛද්‍ය ඇන්ටන් කොස්තා රවීන්ද්‍ර රන්දෙණියව හොඳින් දැන සිටි අතර ඔහු මට හඳුන්වා දුන්නේය. අප සාමීචියේ යෙදුනෙමු. රවීන්ද්‍ර රන්දෙණිය සුහද පුද්ගලයෙකි. වෛද්‍ය ඇන්ටන් කොස්තා සහ රවීන්ද්‍ර රන්දෙණිය පාසල් සමයේ සිට මිතුරන් බව මට දැන ගැනීමට ලැබුණි. 

පසුගිය වසරේ මට ලොස් ඇන්ජ්ලීස් සිට පැමිණි චන්ද්‍රන් රත්නම් ගේ බාල සොයුරු ජෝජ් රත්නම් සහ ඔහුගේ පුත් පැට් රත්නම්  හමුවූ අතර අප එකට රාත්‍රී ආහාරය ගත්තෙමු. එහිදී ජෝජ් රවීන්ද්‍ර රන්දෙණිය  විසින් තම වැඩිමහල් සොයුරු චන්ද්‍රන් රත්නම්ට කරන ලද අවලස්සන කතාවක් කීවේය​. මුලදී එය මට විශ්වාස කිරීමට පවා අපහසු විය​. 

චන්ද්‍රන් රත්නම්  යනු අන්තර්ජාතික තලයේ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකි. සිසිල් බී. ඩිමිල් ,ඩේවිඩ් ලීන්, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලා, ස්පිල්ට්බර් යනාදී සිනමා පතාකයන් ඔහුගේ මිතුරන් වූහ​. චන්ද්‍රන් රත්නම්  හොලිවුඩ් හි ශ්‍රී ලාංකික නම රැන්දූ අයෙකි. චන්ද්‍රන් රත්නම් රවීන්ද්‍ර රන්දෙණියට බොහෝ උපකාර කොට තිබුණි. එහෙත්  රවීන්ද්‍ර රන්දෙණිය චන්ද්‍රන් රත්නම්ට දැඩි අසාධාරණයක්   සිදු කොට ඔහුගේ දේශපාලන සබඳතා භාවිතා කොට චන්ද්‍රන් රත්නම්ව බොරු චෝදනා මත රිමාන්ඩ් කල බව ජෝජ් මා සමග කීවේය​. රවීන්ද්‍ර රන්දෙණියලා  චන්ද්‍රන් රත්නම්  ගේ සමාගම කඩා වඩා ගත්තා පමණක් නොව ඔහුව හිරේද ඇරියේය​. මේ අන්තර් ජාතික කීර්තියට පත්වූ සිනමාවේදියෙකුට ඔහු උපන් රට විසින් කල  උපහාර දැක්වීමයි.   

3 comments:

  1. රවින්ද්‍ර රන්දෙණිය එච්චර අප්සෙට් පොරක්ද? හිතා ගන්නත් මරුයි

    ReplyDelete
  2. ඒකට හේතුව පේනවා the film team website එකට ගියාම

    ReplyDelete
  3. චන්ද්‍රම්රත්නම්ත් ට මුන් ඉරිසියා කරනවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook