Saturday, February 29, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයට නොපෙනෙන වකුගඩු ජාවාරම

fg










සල්ලි වෙනුවෙන් සමහර දොස්තරලා නීති විරෝධී වකුගඩු ජාවාරම් වල යෙදෙති. මෙය මාෆියාවකි. වකුගඩු මාෆියාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පවා මිලයට ගෙන තිබේ. ඒ නිසා වකුගඩු මාෆියාව පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඞය​. මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් වාර්තා කරන පරිදි වකුගඩු මාෆියාව විසින් උතුරේ සහ වතුකරයේ ද්‍රවිඩ තරුණයන් බිල්ලට ගනිති. ඒ වකුගඩු දෙමළුන් ගේ නිසා බොහෝ දෙනෙකුට ඒ පිලිබඳව රුදාවක් නැත​. 
වකුගඩු ගලවා අලෙවි කිරීමට තරුණ තරුණියන් සොයාදෙන ක‍්‍රියාවලියේ නිරතවී සිටින පුද්ගලයෝ විසි දෙනකු මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්ක දෙකේ සිටිති. ඔවුන් කෙළින්ම සම්බන්ධවී සිටින්නේ තවත් ඉහළ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුටය. ”මහනුවර, පොට් එකේ” කොළඹ පොට් එකේ” යනුවෙන් ඔවුහු හඳුන්වා ගනිති.
ddjdj
මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණයෙන් වකුගඩු විකිණීම සිදුවන බව ප‍්‍රදේශයම දනිති. උකුවෙල පුද්ගලයන් කීප දෙනකුම ජාවාරම සිදු කැරගෙන යන අතර,  ඔවුන් එකිනෙකාට හොරෙන් දෙමළ තරුණ තරුණියන් සොයාගෙන ගොස් දැනට වකුගඩු ගලවා අලෙවි කළ පිරිසගේ ඡුායාරූප තොරතුරු මෙන්ම ජංගම දුරකතන අංක ලබාදී කියා සිටින්නේ, එදා වේල කන්න නැතිව සිටි ඔවුන් ත‍්‍රිරෝද රථ මිලදී ගෙන ඉතා හොඳ ජීවිතයක් ගත කරන බවයි.

එම ප‍්‍රකාශවලට රැුවටෙන වතුකරයේ ද්‍රවිඩ තරුණයෝ ජීවිතයේ කවරදාවත් තමන්ටම කියා පාපැදියක්වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන නිසා එක වකුගඩුවක් විකුණන්නට තීරණය කරති. එක වකුගඩුවක් සඳහා රුපියල් ලක්ෂ පහකට මිලකර ඇත.

අප මෙම ජාවරම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ගවේෂණයක නිරත වූයේ උකුවෙල හා මහනුවර ප‍්‍රදේශ කේන්ද්‍ර කැරගෙනය. අපට ලැබුණු තොරතුරු අනුව මමත් මගේ දෙමළ මිතුරකු වූ රවින්ද්‍රත් හිතවත් මාධ්‍ය සගයකු වූ තුෂාර නිරෝෂන් මහතාත් මාතලේ උකුවෙල ප‍්‍රදේශයට ගොස් දින කීපයක් වකුගඩු මුදලට අලෙවි කිරීමේ ජාවාරම ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් ජාවාරම සිදු කරන පුද්ගලයන් පිළිබඳවත් සූක්ෂම ලෙස සොයා බැලූවෙමු.

උකුවෙල මාතලේ ප‍්‍රදේශයේ වකුගඩු විකිණීමේ ප‍්‍රධාන තැරැුව්කරුවා වන්නේ උකුවෙල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පදිංචිව සිටින ”සලාව්දීන්” නමැති අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ජනතාව හඳුනනු ලබන්නේ ”කිඞ්නි සලාව්” යන නාමයෙනි. ත‍්‍රිරෝද නැවතුම්පොළේ, බස් නැවතුම්පොළේ පමණක් නොව උකුවෙල පිහිටි සෑම වෛද්‍ය රසායන පරීක්ෂණ මධ්‍යස්ථානවල පිරිස් ඔහුව හොඳට දන්නා හඳුනන බව තොරතුරු ගවේෂණයේදී අපට අනාවරණය කැර ගන්නට හැකිවිණි.

මා සමඟ ගමනට එක්වූ රවීන්ද්‍ර මහතාගේ වකුගඩුව අලෙවි කිරීම මුවාවෙන් උකුවෙල පදිංචි ”කිඞ්නි සලාව්” හමුවීම සඳහා ඔහුගේ නිවසට අප ගියේ උකුවෙල නගරයේ ත‍්‍රිරෝද රථයකිනි.

tj


”මල්ලි අපට යන්න  ඕනේ සලාව්දීන් මහත්තයලාගේ ගෙදරට. අපි හරියට ගෙදර දන්නේ නැහැ” අපි ත‍්‍රිරෝද රථ රියැදුරුට කීවෙමු.
”කිඞ්නි සලාව්” නේද? ඔහු එසේ කියමින් කිසිවක් නොකියා අපව නංවාගෙන පිම්මේ යන්නට ගියේය. අතරමගදී ඇයි ඔයාලා වකුගඩුවක් දෙන්ඩ ද ගන්ඩ ද යන්නේ” මා සමඟ එක්ව සිටි මාධ්‍යවේදී තුෂාර ගත් කටටම කීවේ  මිලදී ගැනීමට යන බවයි. ”ආ... එතැනින් බැරි වුණොත් මට කියන්න තව කීප දෙනෙක් ඉන්නවා. මම සෙට් කරලා දෙන්නම්” ඔහු අපට පිළිතුරු දුන්නේය.

අපි පැමිණි කාරණාව පිළිබඳව සලාව්දීන් මහතාට කීවෙමු. අප ඔහුට කීවේ ”රවි”ගේ ආර්ථික දුෂ්කරතා නිසා වකුගඩුව ලබාදීමට කැමැති බවත්, එය සිදු කරන්නේ කෙසේ ද යන්න දැන ගැනීමට පැමිණි බවත්ය.

ඔහු හා අප අතර වූ කතාව මෙසේය.

”ප‍්‍රශ්නය:- අපිට කියක් ලැබෙනවද? කීයක් වියදම් යනවද? කොහොමද කරන්න  ඕනේ කියලා. දැනගන්න පුළුවන් ද මහත්තයා.


කිඞ්නි සලාව්:- ලක්ෂ පහක් දෙනවා. මීට ඉස්සර අපි කළේ ලක්ෂ අටයි. දහයයි. ඒත් දැන් එහෙම කරන්න අමාරුයි. නුවරයි කොළඹයි වාට්ටුවලට යනවා කුඩුකාරයෝ. කෙළින්ම දොස්තරලා එක්ක ඞීල් එක දාලා ලක්ෂ දෙකට තුනට දෙනවා. ඒ නිසා අපේ බොසා කීවා ලක්ෂ පහක් දෙමු කියලා. හැබැයි වෛද්‍ය පරීක්ෂණවලට අරකට මේකට කොළඹ හෝ නුවර යන්න වෙනවා. ඒ හැම දවසකටම රුපියල් දාහක් දෙනවා. ඊට අමතර ගමන් වියදම් කෑම බීම සියල්ල දෙනවා. බයවෙන්ඩ එපා. වකුගඩුව දුන්නා කියලා. මොනවත් වෙන්නේ නැහැ. මම සෙට් කරපු කොල්ලෝ ගොඩක් ඉන්නවා. දැන් හොඳට ති‍්‍රවිල් එකක් අරගෙන දැන් සුද්දෝ වගේ ඉන්නවා. කීයක් හරි සොයාගෙන නැත්නම් ඉතින් ඔය වතුවලට වෙලා ඔහේ ඉන්න එක. දවස් 15ක් ඇතුළත වැඩ කරලා දෙන්නම්. කෙළින්ම ඔපරේෂන් තියටර් එකට ගන්න කලින් අතට සල්ලි දෙනවා”

ප‍්‍රශ්නය:- මේක තහනම් වැඩක් නෙවෙයිනේද? අපි හරියට දන්නේ නැහැ ඒකයි අහන්නේ ...?
කිඞ්නි සලාම්:- ”තහනම් තහනම් එහෙම විකුණන්න බෑ. මේක කාටවත් කියන්න එපා අපි ඔයාලත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. මොකද ඩොක්ටර්ලා මේක කරන්නේ හරි බයෙන්. සල්ලි ගත්තා දුන්නා කියලා අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට කැමැත්තෙන් වකුගඩුව දන් දෙනවා කියලා තව එකක් අත්සන් කරනවා. ඒක තමයි අපි නීතියකට ගියොත් පෙන්වන්නේ. මේක විශ්වාසයක් ඇතුව කරන වැඩක්.” හැමතැනම වෙන්නේ  ඕක තමයි. ඔයාලා ලක්ෂ පහට කැමැතිනම් උකුවෙල ටවුමේ තියෙනවා ලේ බලන තැනක් එතනට ගිහින් කියන්න එතැන නංගලා දෙන්නෙක් ඉන්නවා. මම එව්වේ ලේ වර්ගය මොකක්ද කියලා බලන්න අවශ්‍යයි. ඒ රිපෝට් එක අරගෙන යන්න මම එනවා කියලා. මම ඒ සඳහා යන මුදල දීලා රිසිට් එක ගන්නම්”

ප‍්‍රශ්නය:- දෙමළ අයගෙ විතරක් ඇයි ගන්නේ අපේ ගන්න බැරිද?
කිඞ්නි සලාව්:- පුළුවන්. සිංහල අයගේ ගත්තම ටිකක් අමාරුයි. මේක බිස්නස් එකක්නේ. ඉන්දියාවේ අයට තමයි මේවා දෙන්නේ. එයාලා දෙමළ අයගේ කිඞ්නි තමයි  ඕන ගාණක් දීලා ගන්නේ. ඒවා ඉතින් අපේ බොස්ලා තමයි දන්නේ. අපි කවුරුහරි සොයලා දුන්නම කීයක් හරි දෙනවා. සමහර ඒවට අපිට දෙන්නේ ලක්ෂ දෙකයි. හැබැයි හරි සල්ලි කාරයෙක් හම්බ උණොත් ගොඩ. ඔයාලටත් වැඩියෙන් උදව්වක් කරන්න පුළුවනි.

අප සලාව්දීන්ට සමුදී උකුවෙල නගරයේ ස්ථාන කීපයකට මෙන්ම රුධිර පරීක්ෂාව සිදුකරන ස්ථානයට ද ගියෙමු. වකුගඩු ලබාදී ති‍්‍රරෝද රථ ධාවනය කරන තරුණයන් හමුවුණෙමු. ඔවුන් කීවේ කිසිදු ප‍්‍රශ්නයක් මෙතෙක් ඇති නොවූ බවත්. පුංචි පුංචි අමාරුකම් ඇති වුණත් ඊට වඩා වාසිදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි. ඔවුන් කීවේ දැන් සලාව්දීන්ට වඩා එම වෛද්‍යවරුන් තමන්ලා සමඟ සමීපවී දැන් වකුගඩු ලබා ගැනීමට පිරිස සොයාදීම තමන් සිදුකරන බවයි. එයින් හොඳ ආදායමක් ලැබෙන බවත් කීය. අපට ද වකුගඩුව ලබාදී පසුව ඔවුන් එක්ක එකතුවී මේ කි‍්‍රයාව සිදුකළ හැකි තවත් එක් අයකු සොයාදීම සිදුකළොත් ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන බවද කීය.

පසුව අප රුධිර පරීක්ෂා කරන ස්ථානයට ගොස් අපමිතුරාවූ ”රවිගේ රුධිර පරීක්ෂාව කරන්නට පැමිණි බව කීවෙමු. එහි සිටි තරුණියන් දෙදෙනා කීවේ දිනකට තුනක් හතරක් පමණ රුධිර පරීක්ෂාවට එන බවයි. අප ඉතා සූක්ෂමලෙස තරුණියන් සමඟ කතාබහට එක් වුනෙමු. ”කිඞ්නි සලාම්” හැමදාම එනවා අපිටත් කියලා තියෙනවා කට්ටිය සොයලා දෙන්න කියලා. ඒත් අපි කැමැති වුණේ නැහැ. ඒකට තවත් කීප දෙනෙක් එනවා. මෙතනට ලේ වර්ගය බලාගන්න. අපි ඉතින් ඒක කරලා දෙනවා. ඒ අය මුදල් ගෙවලා රිසිට්පත අරගෙන යනවා.

පසුව අප වෙනත් ජංගම දුරකථනයකින් ”කිඞ්නි සලාම්” නමැති අයට කතාකොට වකුගඩු රෝගියෙක් සිටින බවත් ඔහුව බද්ධ කිරීම සඳහා වකුගඩුවක් සොයා ගැනීමට අවශ්‍ය බව දැනුම් දුන්නෙමු. ඉතා සමීපව කතා කළ ඔහු ලේ වර්ගය වයස හා මුදල් සොයාගෙන ඇද්දැයි විමසීමෙන් පසු දුරකථනයෙන් සමීප වූ අපට කීවේ දින 10 ක් ඇතුළත අවශ්‍ය වකුගඩුව ලබාදීමට හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ අවශ්‍ය බව ද එහෙත් ඊට වඩා ගොඩක් අඩුවට ලබාදීමට හැකි බව කියන්නට විය. එමෙන්ම කොන්දේසි කීපයකට එකඟවීමෙන් මේ ගනුදෙනුව කළ හැකි බව කියයි. එහි ප‍්‍රධානතම කොන්දේසිය වකුගඩුව ලබාදෙන පුද්ගලයා සමඟ කතා කිරීම තහනම් බවත් ඔහුට ගමන් වියදම් හා පරීක්ෂණ සඳහා පැමිණෙන එක් දිනකට රුපියල් 1000 බැගින් ගෙවිය යුතු බවත් එම තැනැත්තා තමන්ගේ හිතවතෙක් බවට ඒත්තු ගැන්වීම කිසිදු අයුරකින් හෙළි නොකිරීම, දානයක් ලබාදුන් විත්තිය ඇඟවීම මෙම වකුගඩුව ලබාදීමට එකතුවන වෛද්‍යවරු හා පිරිස පිළිබඳව කිසිදු තොරතුරක් හෙළි නොකිරීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.

අහිංසක මිනිසුන් ඉතා අමාරුවෙන් උපයා ගන්නා මුදල් මේ ආකාරයෙන් ලබා ගැනීම පමණක් නොව අනුන්ගේ ශරීර කොටස් මෙසේ අලෙවි කිරීම පිළිබඳව .....? මේ ජාවාරමේ පහළ එකාගේ සිට ඉහළ එකා දක්වාම සිදුවන්නේය. පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දීමට මේ සාධක ප‍්‍රමාණවත් වන බව අපට පැහැදිලිය. මිනිස් අවයව අලෙවි කිරීමේ ජාවාරම රටපුරා .....? ව්‍යාප්තවී හමාරය. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව ඇත.

m

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook