Thursday, September 5, 2019

JVP and LGBT



ජවිපෙ සාමාජිකයෙකු මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ පතාකයෙකු වූ නිෂ්මි සමරිසියෙකු බවත් ඔහුගේ සමරිසි යොමුව ඇමක් ලෙස දා ආරක්‍ෂක අංශ ඔහුව අත් අඩංගුවට ගත් අයුරු රංජිත් පීරීස් විසින් ලියා ඇති බව .මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. විජේවීර සහ ජවිපෙ මුල් කාලයේ සිට සමරිසි විරෝධයක් පෙන්වා සිටියද නිෂ්මි සමරිසියෙකු බව ඔවුන් නොදැන සිටි බව පිලිගත හැකි කරුණක් නොවේ. ජවිපෙන් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්ව නෙරපා හරින්නෙත් ඔහුගේ සමරිසි කේස් නිසාය. එහෙත් ඔවුන් නිෂ්මි අරබයා කිසිවක් කලේ නැත. සිරගතව සිටි සමයේ විජේවීර පක්‍ෂයේම සාමාජිකයෙකු වූ මහ නඩුවේද විත්තිකාරයෙකු වූ එක් ලාබාල සිරකරුවෙකුට ආශක්තව සිටි බව වරක් විජේවීර ගේ හිටපු ලේකම්වරයෙකු වූ කල්‍යාණ කරුණාරත්න මා සමග පැවසීය. ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පොතපත සහ පරියේෂණ පිලිබඳව කියවා තිබෙන මා හට විජේවීර ගේ එම නැමියාව පුදුමයකට කරුණක් නොවේ. එහෙත් පුදුමය නම් සමරිසි භාවයන් තම පක්‍ෂය තුල තිබියදීම ඔවුන් සමරිසි විරෝධී ස්ථාවරයක් ගැනීමයි.

3 comments:

  1. සමරිසි අය නෙවෙයි රුවන් ජවිපෙ හිටියෙ ගල් කාරයො.උන්ට ගෑනු සෙට් උනාම කොල්ලො පාවිච්චි කරන එක නතර කරනව මම ඒක වරදක් විදියට දකින්නෙ නැහ.සමහර එවුන් එවුන් හිටියා බලෙන්ම වැඩේට සෙට් වෙන්න හදන උන්

    ReplyDelete
  2. ඡවිපෙ ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු අවස්ථාවක සමරිසි සබඳතා වලට ඵරෙහි නොවූවා සේම ඵයට විශේෂ උත්කර්ෂයක්ද නොදැක්වූයේය.ඵය යම් කිසි කාඩර් වරයෙකුගේ දේශපාලන ජීවිතයට බාධාවක් වූයේ නම් ඵය විවේචනයට හේතුවක් විය. ඵ්වාගේම කාඩර් වරයාගේ දේශපාලන ජීවිතයට සිය පෞද්ගලික ජීවිතයේ සබඳතා බාධාවක් නොවේනම් කිසිදු බදාවක් හෝ විවේචනයක් ජවිපෙනන් ඇති නොවේ. මා දන්නා පරිදි ජවිපෙ දැනටත් ඵම ස්ථාවරයම දරයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook