Thursday, June 6, 2019

ඩා වින්චි කේතය



2006 වසරේදී ඩා වින්චි කෝඩ්  චිත්රපටය නැරඹීමෙන් පසුව වින්සන්ට් ලංකාතිලක ස්කොට්ලන්තයේ රොස්ලින් දෙව්මැදුර  බැලීමට ගියේය.  15 වන ශතවර්ශයේ ගොඩ නංවන ලද රොස්ලින් දෙව්මැදුරේ අයිතිය තිබෙන්නේ සින්ක්ලෙයාර් පවුලටයයේසුතුමා අවසන් භෝජනයේදී භාවිතා කළ බඳුන  ටෙම්ප්ලර් නයිට්වරු විසින් ජෙරුසලමේ සිට ගෙනැවිත් මෙම රොස්ලින් දෙව්මැදුරේ නිදන් කරන ලද බවට වෘත්තාන්තයක් තිබේහෝලි ග්රේල් නමින් හඳුන්වන මෙම බඳුන මේ සා වැදගත් වන්නේ මන්ද කියා වින්සන්ට් ලංකාතිලක කල්පනා කලේය

කුරුස යුද්ධ වලට සහභාගී වූ ටෙම්ප්ලර් නයිට්වරු විසින් හෝලි ග්රේල් බඳුන මෙන්ම දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට දෙන ලද දස පනත අඩංගු පාෂාණ පුවරුවද යුරෝපයට ගෙන බවට ආඛ්යානයක් තිබේ. ඉන්ඩියානා ජෝන්ස් විසින් දස පනත අඩංගු පාෂාණ පුවරුව එනම් Ark of the Covenant සොයා ගන්නා අන්දම දැක්වෙන චිත්රපටයක් වින්සන්ට් ලංකාතිලක විසින් නරඹා තිබේ. මේ අතරින්  සත් සහ මිත්යාව   කුමක්ද කියා ඔහු කල්පනා කලේය

ඔහුට මෑතකදී තමන් විසින් කියවන ලද ජුදාස් ගේ ශුභාරංචිය මතකයට ආවේය. ක්රිස්තුස් වහන්සේව පාවා දුන් ජුදාස් ඉස්කාරිඔට් විසින් ශුභාරංචියක් ලියනල ලද බවට විශ්වාස කල හැක්කේ කෙසේද? එංගලන්තයේදී තමන්ට හමුවූ දේවගැති ජෙරී ෆල්වෙල් මෙම අදහස තරයේ ප්රතික්ශේප කලේය. එහෙත් සමහරක් ජුදාස් විසින් ශුභාරංචියක් ලියනල ලද බවට විශ්වාස කරති

 ජුදාස් යේසුස්වහන්සේ ගේ ගෝලයෙකු වියජුදාස් යනු සයිමන්   ඉස්කාරිඔට් යුදෙව්වාගේ පුතෙකිජුදාස්ට රත් පැහැති හිසකේ තිබූ බව වින්සන්ට් ලංකාතිලක මරියෝ පූසෝගේ සිසිලියන් නම් නවකතාවේ කියවා තිබේ. නිසා ජුදාස් හට යුරොපියොයිඩ ජාන කවලමක් තිබුනේද කියා ඔහුට සැක පහළ විය. ජුදාස් ගෙත්සෙමනි උද්යානයේදී ක්රිස්තුස්ව රිදී තිහකට පාවා දුන්නේද ? එහෙත් ක්රිස්තුස් යනු එකල  ප්රසිද්ධියට පත්ව සිටි චරිතයකි. එවැනි පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා රිදී තිහක් අල්ලස් වශයෙන් දී ජුදාස්ව යොදා ගත්තා යැයි කීම විශ්වාස කල හැකිදජුදාස් ගේ ශුභාරංචිය පිලිබඳ ලිපියක් නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ පළවී තිබී වින්සන්ට් ලංකාතිලක විසින් එය ආශාවෙන් කියවන ලදි. මේ ලිපියට අනුව ජුදාස් ගේ ශුභාරංචිය පවසන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. ජුදාස් ගේ ශුභාරංචියට අනුව ක්රිස්තුස්වහන්සේ ගේ ඉල්ලීම මත ජුදාස් විසින් එතුමාව රෝමවරුන්ට භාරදී තිබේ.

මිනිසාගේ පාපයන් වෙනුවෙන් ක්රිස්තුස්වහන්සේට කුරුසය මත දුක් විඳීමට අවශ්යව තිබුනේද ? එලෙස කුරුසය මත දුක් විඳීමකින්  ජීවිත පූජාවක් කල හැක්කේ අත් අඩංගුවට පත් වීමෙනි. එහෙත් මිනිසුන් ක්රිස්තුස්වහන්සේ වෙනුවට බැරබස් නම් දාමරිකයා නිදහස් කරන්නයි කියා පිලාත්ට මොරගා කීවේ මන්ද ? ඔවුනට ක්රිස්තුස් නොව බැරබස් අවශ් වූයේ ඇයික්රිස්තුස්වහන්සේ  කුරුස ගසේ සිටියදී නව වන පැයේදී   ඇරමයික් බසින්   Eli, Eli, lama sabachthani   කියා කීවේය. එහි තේරුම මාගේ දෙවියනි ඔබ මා අත් හැරියේ මන්ද යන්නයි. අවසන් මොහොතේදී දෙවි පියානන් විසින් ක්රිස්තුස්වහන්සේව අත් හැරියේද ?  මේ ප්රශ්න වලට පිලිතුරු සොයමින් වින්සන්ට් ලංකාතිලක බොහෝ පොත පත කියවූයේය. එහෙත් ඔහුට පිලිතුරක් නොලැබිනි.

වරක් දකුණු ඉතාලියේ පලෙර්මෝ නගරයේදී වින්සන්ට් ලංකාතිලකට ලුඉජි කොන්ටි හමු විය. ලුඉජි තම ජීවිත කාලය පුරාම එක්සෝසිසම් හෙවත් භූතාපසරණය ප්රගුණ කල අයෙකි. යක්ෂයන් වැහුනු බොහෝ මනුෂ්යයන් ඔහු විසින් බේරා ගන්නා ලදි. ඔහු ජෙසුඉට් පූජකයෙකු වූ ෆ්රැන්සිස් බෝර්ජියා මෙන් ලෝගුවක් ඇඳ සිටියේය. වින්සන්ට් ලංකාතිලක දුටු විගස ලුඉජි කොන්ටි ඔහු වෙත ආවේය.

" ඔබගේ හිස වටා ලුසීෆර් ගේ අඳුරු ආලෝකය මම දකිනවා " ඔහු වින්සන්ට් ලංකාතිලකට කීවේය. අණතුරුව ඔහු තම ලෝගුව තුලින් යකඩ කුරුසයක් අතට ගෙන එය වින්සන්ට් ලංකාතිලකගේ මුහුණ අසලට ගෙන ආවේය.

" ඔබගේ ආත්මය අතිශයින්ම වෙහෙසට පත් වෙලා " ලුඉජි කොන්ටි කීවේය. ඉන් පසුව  පරමණ්ඩල යාච්ඤාව මතුලේය.

 "ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද කරනු ලැබේවා"

වින්සන්ට් ලංකාතිලක එක තැන නැවතුනේය. ඔහු ලුඉජි කොන්ටි දෙස බැළුවේය.

" ඔබ යේසුස් ක්රිස්තුස්ව දුටුවාදලුඉජි කොන්ටි ඇසුවේය.

“ ඔව් මම ඔහුව දුටුවා. නමුත් ඔබ දකින යේසුස් ක්රිස්තුස් නොවෙයි. ඔබ දකින්නේ සුදු පැහැති යේසුස් ක්රිස්තුස් කෙනෙක්. යේසුස් ක්රිස්තුස් සුදු බ්ලොන්ඩ් යුරොපියොයිඩ් පුද්ගලයෙකු වන්නේ කෙසේද ? යේසුස්ට තිබුනේ යුදෙව් සම්භවයක්. බයිබලයේ දැක්වෙන පරිදි ඔහුගේ හිස කෙස් රන් පැහැති නැහැ. යේසුස් ගේ කොණ්ඩය පොකුටු සහිතයි. මේ කරුණ මැල්කම් එක්ස් පවා ප්රසිද්ධියේ ප්රශ්න කරනවා. යේසුස් ක්රිස්තුස් ලෙස හඳුන්වාගෙන අප වන්දනා කරන රන් පැහැති හිසකේ තිබෙන යුරොපියොයිඩ් පුද්ගලයා කවුද ? කොන්ස්තන්තීන් අධිරාජ්යාද ? මට සත් දැන ගන්නට අවශ්යයි " වින්සන්ට් ලංකාතිලක  ලුඉජි කොන්ටි ගෙන් ප්රශ්න කලේය.

ලුඉජි කොන්ටි වහාම වින්සන්ට් ලංකාතිලක ගෙන් ඈත් විය. ඔහු යකඩ කුරුසය තදින් අල්ලා ගත්තේය. " ලුසීෆර් ගේ අඳුරු ආලෝකය මම  මේ පුද්ගලයා තුලින් දකිනවා " ඔහු මුරගෑවේය.

වින්සන්ට් ලංකාතිලක වහාම පය ඉක්මන් කොට එම ස්ථානයෙන් පිටත් විය. ඉන්පසු ඔහු කිසි දින ඉතාලියේ පලෙර්මෝ නගරයට ආවේ නැත.   

(පරිකල්පනික අතික්‍රමණය)

2 comments:

  1. අභියෝග ගණනාවක් ඇත. පිළිගන්න කෙනෙක් සිටින බවක් පෙනෙන්නේ ද නැත

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook