මාර්ගය ඉතා සෞම්‍ය විය. මුදු මොළොක් මාර්ගයේ ගමන් කල වින්සන්ට් ලංකාතිලකට වෙහෙස දැනුනේ නැත. ඔහු තමා යෞවන කාලයේදී නිබඳවම සවන් දුන් බීට්ලස් සංගීත කණ්ඩායමේ “හෙයි ජූඩ් “ නම් ගීතයඋරුහන් බාමින් ගමන් කලේය. මේ ගීතය පෝල් මැකාර්ටනී විසින් ලියන ලද්දේ ජෝන් ලෙනන් ගේ පුතා වූ ජූලියන් ලෙනන් උදෙසා බව ඔහු දන්නේය.
බීට්ලස් සංගීත කණ්ඩායමේ උප්පත්තිය සිදුවූ ලිවර්පූල් නගරයට ඔහු ගොස් ඇත. බීට්ලස් සංගීතය ආගමක් ලෙස ඇදැහූ කානිව ඔහුට හමු වන්නේ මේ ගමනේදීය. ඔවුන් දෙදෙනා ලිවර්පූල් හි කැවර්න් පබ් එකේ හමුවීබියර් පානය කරමින් බීට්ලස්ලා පිලිබඳව කතා කළහ. මෙම කැවර්න් පබ් එකේ බීට්ලස් සංගීත කණ්ඩායම ගීත ගායනා කොට තිබේ. කානි හරහා ඔහු මොලී සහ බියන්කා හඳුනා ගත්තේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇදී ගියකානි නේපාලයේදී මිය ගියේය. මත් ද්‍රව්‍ය නිසා මානසික ආකූලතාවට පත් වූ මොලී මිඩ්ලන්ඩ් හි පුනරුත්ථාපන රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ගෙල වැලදාගෙන ජීවිතයෙන් සමු ගත්තාය. බියන්කා යලිඇමරිකාවට ගියාය.
ජීවිත වෙනස් වූයේ කොපමණ නාට්යාකාර ලෙසටද. ඔහු දන්නා හඳුනන බොහෝ දෙනෙකු මිය ගියේ අනපේක්ෂිතවය. තවත් බීට්ල්ස් රසිකයෙකු මෙන් හිත මිතුරෙකු වූ ශෙරිඩන් මිය ගියේ වාහන අනතුරකිනි.
ශෙරිඩන් ගේ දෙමාපියන් උග්‍ර කතෝලිකයෝ වූහ. ශෙරිඩන් ළමා කාලයේදී දෙමාපියන් ගේ මඟ පෙන්වීම ඔස්සේ පල්ලියට ගියේය. අයර්ලන්ත රෝමානු කතෝලික පූජකයෙකු වූ බ්රෙන්ඩන් ස්මිත් ළමා ශෙරිඩන්ටආධ්යාත්මික මග පෙන්වීය. ඔහු පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් සමග කිහිප වරක් වතිකානුවටද ගියේය.ශෙරිඩන් ගේ ආධ්යාත්මික ලෝකය බිඳී ගියේ පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් ඔහුව ලිංගිකව අපයෝජනය කිරීමත් සමගය.එවකට එකොලොස් වියේ පසු වූ ශෙරිඩන් හට පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් තමන්ට සිදු කරන්නේ කුමක්ද කියා හරි හැටි අවබෝධයක් නොවීය. එහෙත් එය නරක් ක්රියාවක් බව ඔහුට වටහා ගත හැකි විය.
පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් ළමා ශෙරිඩන්ව නිරුවත් කොට ඔහුගේ ශරීරය ස්පර්ශ කරනු ලැබීය. එසේම ශෙරිඩන් ගේ අධෝ මාර්ගයට පූජකයාගේ පුරුෂ ලිංගය ඇතුළු කරනු ලැබීය. එය ඉතා වේදනා සහිත අත්දැකීමක්විය. ඔහු අඞමින් සිටි අතර බිය සහ ගෞරවය නිසා පූජකයාගේ අවකල් ක්රියාව ඉවසන ලදි. මෙලෙස පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් වසර ගනනාවක් ළමා ශෙරිඩන්ව අපයෝජනය කරන ලදි. මේ අතරවාරයේදී පූජ්යබ්රෙන්ඩන් ස්මිත් ශෙරිඩන්ට ආදරය පෙන්වීය. එසේම ඔහුට වටිනා ත්යාග දුන්නේය. ඔහුව ගමන් වලට ගෙන ගියේය. පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් ගේ වියදමින් ශෙරිඩන්ව දෙවරක් වතිකානුව පෙන්වීම සඳහා ගෙනගියේය.
දහතුන් වියැති පාසල් ළමයෙකුව සිටියදී ඔහු මුල් වරට වතිකානුවට ගියේය. ඔහුගේ ගුවන් ටිකට් පතට මුදල් දුන්නේ පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසිනි. සාන්ත පීතර චතුරශ්රය , සාන්ත පීතර බැසිලිකාව , සිස්ටීන්දේවස්ථානය යනාදිය දුටු ඔහු විශ්මයෙන් ඇළලී ගියේය. එහෙත් ආගමික භක්තිය ඔහුගේ සිතේ ශක්තිමත් නොවීය. පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් ඔහුගේ ශරීරය සමග සිදු කල අවකල් ක්රියා නිසා ක්රමක් ක්රමයෙන්ඔහුගේ ආගමික භක්තිය හීන විය. පාප් වහන්සේ දෙවියන් ගේ මිහිපිට නියෝජිතයා නම් ඔහුව ආරක්ෂා කිරීමට ස්විස් මුරකාරයන් අවශ්‍ය වන්නේ කුමටද කියා ඔහු තමාගෙන් ප්රශ්න කලේය. එහෙත් හීන වී යන ආගමිකභක්තිය ඔහු පිටතට නොපෙන්වීය.
මේ වන විට වසර ගනනාවක් පුරා පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් ශෙරිඩන්ව අපයෝජනක කොට තිබුනි. පූජකයාගේ ශරීරයේ දහඩිය ගඳ , ඔහුගේ ලිගුවෙන් ගලන ශුක්රාණු වල ගන්ධය , දුම් කොළ , විස්කි සහ ලිංගුස්සුවඳ මිශ්රිත ප්රාශ්වාසය තව දුරටත් දැරීමට ඔහුට නොහැකි විය. මේ නිසා පසලොස් හැවිරිදි ශෙරිඩන් වසර ගනනාවක් පුරා රැක ගෙන සිටි රහස දිනක් දෙමාපියන්ට හෙළි කලේය. එහෙත් අනපේක්ෂිත ලෙසදෙමාපියන් ගත්තේ පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් ගේ පැත්තයි. පූජකයාගේ කීර්ති නාමයට හාණි කරනු වස් ශෙරිඩන් අසත්යයක් පවසන බව කියා දෙමාපියන් කීවෝය. මේ නිසා ශෙරිඩන් සහමුලින්ම අසරණ විය.
මේ සිදුවීමෙන් වසරකට පමණ පසු ශෙරිඩන් නිවසින් පළා ගොස් බෙල්ෆාස්ට් නගරයේ සුළු සුළු රැකියා කරමින් ජීවත් විය. ඒ සමගම ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූයේය. වින්සන්ට් ලංකාතිලක ශෙරිඩන්ව හඳුනාගත්තේ කානි හරහාය. අධ්‍යාපනය අඩාල කරගෙන සිටියද ශෙරිඩන් බීට්ල්ස් ගීත ඉතා පරීමිත ලෙස ගායනා කලේය. යම් ලෙසකින් සෞන්දර්ය්ය පාසලකට ගියේ නම් ශෙරිඩන් හට බොහෝ දුරක් යාමට ඉඩ තිබුණි.
1997 දී පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් මිය ගිය බව ඔහුට ආරංචි විය. එහෙත් ශෙරිඩන් ගේ ක්ෂිතිමය මතකයන් මිය ගියේ නැත. පසුකාලීනව ශෙරිඩන් තමාට සිදුවූ අපයෝජනය ගැන ප්රසිද්ධියේ කතා කලේය. ඒ සමගමතමා මෙන් අපයෝජනයට ලක්වූ වින්දිතයන් බොහෝ දෙනෙකු සිටින බව ඔහු දැන ගත්තේය. වතිකානුවෙන් යම් සහනයක් ශෙරිඩන් බලාපොරොත්තු විය. එහෙත් ජෝසෆ් ඇලෝසියස් රැට්සිඞර් හෙවත් 16 වැනිබෙනඩික්ට් පාප් වහන්සේ විසින් කතෝලික පූජකයන් විසින් සිදු කල ළමා අපයෝජන සිද්ධීන් යට ගැසීම නිසා ශෙරිඩන් බෙහෙවින්ම කම්පනයට පත් විය. අවම වශයෙන් ක්ෂමාපනයක්වත් ඔහු බලාපොරොත්තු විය.එහෙත් සියල්ලම සඟවා යට ගසන ලදි.
මේ නිසා දරුණු ලෙසින් කලකිරීමට පත්වූ ශෙරිඩන් දිනක් කානි ගේ මෝටර් රථය ගෙන බෙල්ෆාට්ස් සිට කිලීන් වෙත ගියේය. එහෙත් අධි වේගයෙන් වාහනය පැදවූ ශෙරිඩන් ට්රක් රථයක් සමග මුහුණට මුහුණ ගැටීදිවියට සමු දුන්නේය.
ශෙරිඩන් ජීවත් වූයේ අභ්යන්තර ඝට්ටනයන් රැසක් මැදය. ඔහු කිහිප වතාවක් තම අනන්යතාව වෙනස් කිරීමට උත්සුක වූයේය. වරක් ඔහු බෘස් මේසන් යන නමින් පෙනී සිටීමට උත්සහ දැරුවේය. බෘස් මේසන් යනුඔවුන් සමග සිටි බොහිමියානුවෙකි. පසුව ඔහු අරියානා නම් ගීක තරුණියක සමග විවහාවී. ග්‍රීසියට ගියේය. ඇය ධනවත් පවුලක එකියකි. බෘස් මේසන් අරියානා සමග ඊජියන් මුහුදේ පිහිටි කිමොලොස් දූපතේසංචාරකයන් සඳහා කුඩා හෝටලයක් ඇරඹීය.
බෘස් මේසන් අයර්ලන්තයෙන් පිටවීමත් සමගම ශෙරිඩන් බෘස් මේසන් ගේ ලියකියවිලි භාවිතා කොට බෘස් මේසන් නමින් පෙනී සිටියේය. මුලදී එය සාර්ථක වෑයමක් වූයේය. මේ අතර කිමොලොස් දූපතේ කුඩාහෝටලයක් ඇරඹූ ජන්මීය බෘස් මේසන් සහ අරියානා නොසිතූ ලෙස සාර්ථකත්වය ලැබූහ. වින්සන්ට් ලංකාතිලකද වරක් ඔවුන් ගේ හෝටලයට ගියේය. එහිදී බෘස් මේසන් විසින් ශෙරිඩන් තමන් ගේ අනන්යතාවසොරකම් කිරීම පිලිබඳ නොසතුට පළ කලේය. ශෙරිඩන් බෘස් මේසන් ගේ අනන්යතාව සොරකම් කලේ මුල්යම සොරකමක් අරමුණු කරගෙන නොව තම ජන්ම නාමය වූ ශෙරිඩන් ඩෙව්ලින් යන්න වෙනස් කරගෙනඅනෙක් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට බව වින්සන්ට් ලංකාතිලක දැන සිටියේය. ශෙරිඩන් හට අවශ්‍ය වූයේ පූජ්‍ය බ්රෙන්ඩන් ස්මිත් විසින් දූෂ්‍ය කරන ලද ආත්මය සුවපත් කිරීම සඳහා වෙනත් නමකින් පෙනී සිටීමටය.එහෙත් ඒ පිලිබඳව බෘස් මේසන්ට අවබෝධ කර දීමට වින්සන්ට් ලංකාතිලකට හැකියාවක් නොවීය. අරියානා විසින් ගෙනැවිත් දුන් මස්ටිකා බෝතලය අතට ගත් වින්සන්ට් ලංකාතිලක ඉන් තම මණ්ඩාව පුරවා ගත්තේය.ඉන් පසු ඔහු එය පානය කලේ ශෙරිඩන් සහ බෘස් මේසන් අතර සාමය ගොඩ නගන්නේ කෙසේද කියා සිතමිනි. කෙසේ නමුත් වින්සන්ට් ලංකාතිලක ගේ වෑයම අසාර්ථක විය. බෘස් මේසන් විසින් අයර්ලන්ත බලධාරීන්ටපැමිණිලි කිරීමෙන් අනතුරුව අයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකම පිලිබඳව ශෙරිඩන් ඩෙව්ලින් චෝදනා ලැබුවේය. මේ නිසා ඔහුගේ මානසිකත්වය තවත් පහළ වැටුනේය.
මෙම සිදුවීමද ශෙරිඩන් ගේ මරණය ඉක්මන් කලේද කියා වින්සන්ට් ලංකාතිලක කල්පනා කලේය. අයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකම බරපතල වරදකි. අයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකමපිලිබඳව මුලින්ම සඳහන් වන්නේ ඉල්ලිස ජාතකයේය. මසුරු ඉල්ලිස සිටුතුමාගේ අනන්යතාව සොරකම් කරන්නේ සක් දෙවිඳුය. එහෙත් ශෙරිඩන් අනන්යතා සොරකම සිදු කලේ ඔහුව පෙළන ලද අතීත ක්ෂත්තියනිසාය. ඔහු මරණින් පසු රූපාන්තරණය වනු ඇතැයි වින්සන්ට් ලංකාතිලක සිතුවේය. එහෙත් එය පුනරුප්පතියක් තිබුනේ නම් පමණි. පුනරුප්පතියක් නොමැති නම් ශෙරිඩන් ගේ වේදනාව ශූන්‍ය වන්නේය.
ශෙරිඩන් ගේ අවමංගල උත්සවයට වින්සන්ට් ලංකාතිලක සහභාගි වූයේ කානි , මොලී , බියන්කා ඇතුළු ඔහුගේ බොහිමියානු මිතුරු මිතුරියන් සමගය. ශෙරිඩන් ගේ අවමංගල උත්සවයේදී කානි ඇමසින් ග්රේස් නම්භක්ති ගීතිකාව ඉතා මියුරු හඞින් ගායනා කලේය. කානි විසින් එම භක්ති ගීතිකාව ගායනය කරන විට තමන් ගේ අභ්යන්තරය බිඳ වැටෙන්නාක් මෙන් වින්සන්ට් ලංකාතිලකට දැනුනේය.
අවසානයේදී ඔවුන් ශෙරිඩන්ව වල දමන දැමූහ. ශෙරිඩන් ගේ අවමංගල දේව මෙහෙය කල පූජකයා ashes to ashes, dust to dust' කියන විට වින්සන්ට් ලංකාතිලක තම මිතුරු කානි දෙස බැළුවේය. තවත් වසරකිහිපයකදී කානිද දුහුවිලි වන බව ඔහු එදා දැන සිටියේ නැත. ජීවිතය අතිශයින්ම පුදුමාකාරය. නේපාලයේදී කානි මිය ගිය විට ඔහු වෙනුවෙන් ඇමසින් ග්‍රේස් භක්ති ගීතිකාව ගායනය කිරීමට කිසිවෙකු සිටියේ නැත. එසේම අවමංගල දේව මෙහෙයක්වත් නොපවත්වා ඔහුගේ කෘෂව ගිය ශරීරය පැදුරක ඔතා මිහිදන් කරන ලදි. ඔහුගේ මළ සිරුරද හඳුනා ගත නොහැකි වන අන්දමට වෙනස්ව තිබුනේය. අවසන් කාලයේදී කානි මුහුණට පවා හෙරොයින් විද ගන්නා ලදි. ඔහු මිය ගියේ පාදඩයෙකු ලෙසටය. කෘෂ්ණා මෙන් මනස්කාන්ත සිරුරක් තිබූ කානි විරූපී මළ සිරුරක් වූ බව සිතීමට පවා වින්සන්ට් ලංකාතිලකට අපහසු විය.
පරිකල්පනික අතික්‍රමණය ; (මානසික රෝගියාගේ පරිකල්පනය දෙවන කොටස) - වෛද්‍ය රුවන් එම් ජයතුංග