Tuesday, March 6, 2018

එන්න මල් පිපී තිබේදැයි බලන්න


සුමනේ, ප්‍රියසාද්, ඥානසාර
එන්න මල් පිපී තිබේදැයි බලන්න 
බලන්න අහසට ඇදෙන දුම 
ආග්‍රාණය කරන්න පුළුටු සුවඳ 
අතවන්න ඔබලාට සමාන්තරව යන 
ඔබලාගේම ප්‍රතිබිම්බයවූ
අවි ගත් මුස්ලිම් අන්තවාදීන්ට
එකතු වන්න ඔවුන් සමග​
අරඹන්න තවත් තිස් අවුරුදු යුද්ධයක්
ඔබලා සහ ඔබගේ ප්‍රතිබිම්බන්
මේ ජවනිකාවේ නළුවන් බව අප දනිමු
ඔබලාව මෙහෙයවන දේශපාලන අත්
ඈතින් සිට දුරස්ථ පාලකය මෙහෙයවති
ඔබලා ඔවුන් ගේ න්‍යාය පත්‍රය ඉටු කරති
පිරමීඩයේ ඉහලම තලයේදී ඔවුන් එකතු වෙති
පිරමීඩයේ පහළම තලයේ සිටින
දුප්පත් අසරණ උපවංශලා සහ අමීන්ලා
එකිනෙකා සමග ගහ මරා ගනිති
එකිනෙකාගේ දුප්පත් නිවාස ගිනිබත් කරති
ඔබලාට තම තමන් ගේ රඟපෑම්වලට
ගෙවීම් යහමින් ලැබෙනු ඇත
 එහෙත් උපවංශලා සහ අමීන්ලා
සදාකල් විඳවනු ඇත

7 comments:

  1. "පිරමීඩයේ උපරිම තලයේදී නායකයෝ එකතු වෙති.එහෙත් උපවංශලා හා අමීන්ලා සදාකල් විඳවනු ඇත." ++++++++++++++++++++

    ReplyDelete
  2. ඇමරිකාවත් යුරෝපයත් රුසියාවත් ඉස්ලාමිය ත්‍රාසවාදය බළල් අතක් සේ භාවිත කරමින් රටවල් අස්ථාවර කැරුමේ අලජ්ජි මෙහෙයුමක නිරත වේ. අන් රටවල් පසෙක තබමු. ශ්‍රී ලංකාව තුළ රහසේත් එළිපිටත් ක්‍රියාත්මක ඉස්ලාමිය ව්‍යාප්තවාදයට ඔබ යෝජනා කරන ප්‍රායෝගික විසැඳුම කිමෙක් ද?

    ReplyDelete
  3. මාතලේ කැලුම් !

    ඉස්ලාම් ව්යාප්තවාදයක් තිබෙන බව සත්‍යයකි. එහෙත් එයට පිළිතුර ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට පහර දීම නොවේ. එසේ පහර දීම තුලින් ඔවුන් ත්‍රස්තවාදයට යොමු කරයි.කෙසේ වෙතත් මෙරට මුස්ලිම් පල්ලිය විසින් ව්‍යාපත් කරන අරාබි සංස්කෘතිය දුරු කිරීම සඳහා ආණ්ඩුව විසින් නීති සම්පාදනය කළ යුතුයි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook