Thursday, March 22, 2018

වහල්ලු



ළමයාව ඉස්කෝලයට දැමීමට
දේශපාළුවා ඉදිරියේ වැඳ වැටෙන
තොපි කාලකන්නි වහල්ලුය

රැකියාවක් ලබා ගැනීමට
දේශපාළුවා ඉදිරියේ වැඳ වැටෙන
තොපි කාලකන්නි වහල්ලුය

දේශපාළුවා ආරක්‍ෂකයන් පිරිවරාගෙන
සයිරන් දාගෙන ඩිෆෙන්ඩර් වල එන විට
බයාදුව පාරේ අයිනට යන තොපි කාලකන්නි වහල්ලුය

දේශපාළුවා තොපේ මුදල් හොරකම් කරන
බව දැන දැනත් ඌටම චන්දය දෙන
තොපි කාලකන්නි වහල්ලුය

දූෂිත දේශපාළුවා දෙන බත් පැකට් එක
අරක්කු උගුර සහ ටකරමට තම චන්දය දෙන
තොපි කාලකන්නි වහල්ලුය

නූගත් මැරයන්,කුඩුකාරයන්, එතනෝල් කාරයන්
රට පාළනය සඳහා තෝරාගන්නා
තොපි කාලකන්නි වහල්ලුය

පස් පවේ ගැළුනු කාමභෝගී පරපෝෂිත
පූජකයන්ට තම ආත්මය පුද කරන
තොපි කාලකන්නි වහල්ලුය

බෝතල් පත්තරකාරයන් කුලියට පළ කරන
එලොවින් ආ ජීවකයන් ඇතුළු මිත්‍යාවන් පසුපස
දිව යන තොපි කාලකන්නි වහල්ලුය

දේශපාළුවන් ගේ සැලසුම් මත
ජාති ආගම් වලට බෙදී එකිනෙකා සමග
කා කොටා ගන්නා තොපි කාලකන්නි වහල්ලුය

4 comments:

  1. වහල්ලුන්ට ඔප්ෂන් නැත...

    වහලෙක් වීමේ වරද වහලාගේ ද? ස්වාමියාගේ ද?

    ReplyDelete
    Replies
    1. වහලා තමා වහලෙකු බව නොදනී

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook