Sunday, March 11, 2018

දරුඑල ලැබීම

 

1998 වසරේදී නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාගේ අනුමැතියෙන් සහ අධීක්‍ෂණයෙන් දරුඑල නොමැති කාන්තාවන් සඳහා සඑලතාවය ලබා ගැනීම සඳහාප්‍රතිකාරාත්මක ක්‍රමවේදයන් ගෙන් සහාය වූයෙමි. 

වර්තමානයේ ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමයන් තිබුනද ඒ කාලයේ අප බොහෝ විට යොදා ගත්තේ පැලෝපීය නාල අවහිරවතිබුනේ නම් එය මඟ හරවා ගැනීම සඳහා ඝර්භාෂයට දියර විදීමේ ක්‍රමයයි. මෙමගින් අවහිරව තිබෙන පැලෝපීය නාල යලියථා තත්වයට පත් වෙයි. මෙය සරල ක්‍රමයක් වූවද මේ සඳහා කාන්තාව සම්පූර්ණ වශයෙන් නිර්වින්දනය කොට ඇයගේගැබ් ගෙල විවෘත කිරීම අවශ්‍ය කෙරේ. ඉන්පසු විශේෂ උපකරණයක් මගින් සේලයින් ජලය හෝ හයිඩ්‍රෝකෝර්ටිසෝන්ද්‍රාවණය ගැබ් ගෙල හරහා  පැලෝපීය නාල වලට විදිනු ලැබේ. මෙම ක්‍රමය මගින් කාන්තාවන් යම් ප්‍රමාණයකට දරුවන්පිලිසිඳ ගැනීම සඳහා අප උපකාර කලෙමු. 

මේ ක්‍රමය අනුව දරුවෙකු බිහි කල එක් කාන්තාවක් මට මතක් වෙයි. ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. වයසඅවුරුදු 35 පමණ වූ ඇය විවහා වී වසර අටක් ගතවූවද දරුවන් ලැබී තිබුනේ නැත​. අප සායනයේදී මේ කාන්තාව සහ ඇයගේසැමියාව පරික්‍ෂාවට ලක් කලෙමු.    

සැමියාගේ ධාතු පරීක්‍ෂාව අනුව ඔහුගේ ශූක්‍රාණු සංඛ්‍යාව මෙන්ම එහි තත්ත්වය සාමාන්‍ය මට්ටමේ තිබුණි. ඔහුසම්බන්ධයෙන් කිසිදු ව්‍යාධි තත්වයක් වාර්තා නොවීය​. කාන්තාවගේ ස්කෑන් පරීක්‍ෂාව අනුව ඇයගේ ඝර්භාශයේ යම්අස්වාභාවික පිහිටීමක් වාර්තා විය​. මේ නිසා  පැලෝපීය නාල වල යම් අක්‍රමවත් බවක් තිබිය හැකි බව නාරි හා ප්‍රසවවිශේෂඥ වෛද්‍ය අජිත් සේමගේ මහතා අනුමාන කරන ලදි. මේ අනුව ඇයගේ ගැබ් ගෙල හරහා පැලෝපීය නාල වලටහයිඩ්‍රෝකෝර්ටිසෝන් ද්‍රාවණය එන්නත් කරන ලෙසට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා මට දැන්වීය​. 

මේ අනුව මමඑම කාන්තාවට හයිඩ්‍රෝකෝර්ටිසෝන් ද්‍රාවණය එන්නත් කලෙමි. මෙම මූලික ප්‍රතිකාරයෙන් පසු ඇයව අප මසකට වරක් සායනයේදී නිරීක්‍ෂණය කලෙමු. එම මූලික ප්‍රතිකාරයෙන් මාසතුනක් යාමට ප්‍රථම ඇය ගැබ් ගත්තාය​. මේ අනුව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත් සේමගේ මහතා විසින් අනුමානකල ලෙසින් පැලෝපීය නාල අවහිරය තහවුරු විය​. ගැබ් ගෙල හරහා පැලෝපීය නාල වලට හයිඩ්‍රෝකෝර්ටිසෝන් ද්‍රාවණයඑන්නත් කිරීම මගින් පැලෝපීය නාල අවහිරය යථා තත්වයට පත්වූ බැවින් ඇයට සාමාන්‍ය අන් දමට දරු ගැබක් පිහිටන ලදි.ඉන් පසු නියමිත කාලයේදී මෙම කාන්තාවට මම සීසර් ශල්‍යකර්මයක් කලෙමි. ඇයට නීරෝගී පිරිමි දරුවෙකු ලැබුණාය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 comments:

  1. Obage athdakeem apa samaga bedaa ganeema sambandawa sthuthiwantha wemi.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook