Tuesday, February 6, 2018

අවසානයේ දී සාහිත්‍ය සහ මනෝ විද්‍යාව සමපාත විය


සාහිත්‍යයේ මනෝ විද්‍යා සලකුණු දැකිය හැකිය .මධ්‍යකාලීන මනෝ විශ්ලේෂකයන් ලෙස සැලකෙන ක්ශේක්ස්පියර් විශාදය ඇතුළු ලිංගික මාත්සර්යය පිළිබඳව නාට්‍ය අනුසාරයෙන්පෙන්වා දුන්නේය.ඩන්ටේ තම Divaine Commedy නාට්‍යය මගින් මිනිස් මනස නිරාවරණය කළේ ය .ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය දෝලනය වෙන මිනිස් මනස විග්‍රහ කරයි.ජර්මානු කවි Goethe තමා අත්විඳි මානසික අවපීඩනය තම නිර්මාණයන්ට මුසු කළේ ය තම ජීවිතයේ අවසාන කාලයේදී භින්නෝන්මාදයට ගොදුරුවූ නිකොලායි ගොගොල් ගේ කෘතීන් තුළ භින්නෝන්මාද ලක්ෂණ දැකිය හැක .සමකාමියෙකු වූ ඔස්කා වයිල්ඩ් ගේ The Picture of Dorian Gray කෘතිය හරහා සමකාමියෙකු ගේ මනෝ භාවයන් පෙන්වා දෙයි .දොස්තයෙව්ස්කි ගේ කර්මසෝ සහෝදරයෝ කෘතිය සඳහා ජාතක කතා පොත අත්තිවාරමක් වෙයි .විශ්ව සාහිත්‍යයට අමතර ව ලංකා සාහිත්‍ය තුළ ද මනෝ විද්‍යා පිය සටහන් දැකිය හැකිය .මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය , සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා ,වෙඩිවර්දනගේ බත්තලන්ගුන්ඩුව යන කෘති වල මනෝ විද්‍යත්මක පාර්ශ්වයන් වෙනම කතිකාවට ලක් කල යුතුය. Between Literature and Psychology කෘතිය ව්ශ්ව සාහිත්‍යයේ මෙන්ම දේශීය සාහිත්‍යයේ මනෝ විද්‍යාත්මක පියසටහන් නිරාවරණය කරයි .

4 comments:

  1. පොතේ නම සහ එහි තේරුම කදිමයි.යම් දෙයක් ගැන ලිවීම පටන්ගනිද්දී අපි යම් මනෝභාවයකට ආ යුතුයි නේද?සිත තුල ඇඳෙන දේ වචනවලට පෙරලනවා.අවසානයේදී යම් කෙනෙක් ලියාපු දෙයක් කියවද්දී එතුල ඇති චරිතවල හැටි සහ ලියපු කෙනාගේ මනොභාවයත් අපිට යම් දුරකට තේරුම් ගන්න හැකියි.කියවන කෙනාගෙන් කෙනාටත් එය වෙනස් වෙන්න හැකි නේද?ලොව ප්‍රකට ඉතාලි කලාකරුවන්ගේ නිර්මාන ගැන නොයෙක් මතවාද තියෙනවා.ලංකාවේ අය මේවා දන්නෙත් නෑ.සමහර උගත්තු විග්‍රහ කරද්දී හිතන්නත් අපහසු දේ කියනවා.මට ඇති ප්‍රශ්නය මේ ලොවම දන්නා අයගේ සැබෑම චරිතය කුමක්ද? යන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාවේ ඉතා සත්‍යක් තිබෙනවා ලලිත්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook