Tuesday, February 13, 2018

වැලැන්ටයින් සමරන්නට ගිය නංගියේ


වැලැන්ටයින් සමරන්නට 
ජයටම  ලස්සන මල් ගවුමක් ඇඳ  
කැසනෝවා සමග අතිනත ගෙන   
රූම් ගිය  මගේ පොඩි නංගියේ   

ආදරය වෙනුවට කාමය ආදේශ කල  
නුඹ දුන් රෝස මල එකතින් තලා 
ඈත් කරපු නුඹගේ දෙපා මැදින්  
සෙල්ලක්කාර ගමනක් ගිය කූටයා 
නැවත නොඑන නිසා ඉකි ගසන  
මගේ පොඩි නංගියේ මේ අසන්  

අම්මා මියෑදූන පසු  නාය ගිය පවුල​ 
එකට බැඳ තබන්නට මම ගත් වෙහෙස​ 
උඹ දන්නේ නැතුව ඇති නංගියේ  

තාත්තත් මතින් නිදාගෙන  
ඉස්සරහ දොරින්ම ආ බඩගින්න  
අපි ඔක්කොම යට කරගෙන   
අම්මා නැති උඹට පොඩි අම්මා වී  
මගේ වැලැන්ටයින් සිතෙන් අමතක කර  
අරුමෝසම්   දිලිසෙන ව්‍යාජ ජීවිතය ඉවතලා 
පොළවේ පය ගැටෙන  කාෂ්ඨ ජීවිතය 
දෝතින් බදාගෙන 

උඹවත් මල්ලිවත් ජීවත් කරවන්නට 
උදේ රෑ නොතකා  ඇඳුම් මසන්නට 
ජුකී සන්නාලියක වූ බව  
රට්ටුන්ට නොකියන් 
මගේ පොඩි නංගියේ

6 comments:

  1. මවකගේ කුසින් මෙලොවට ආ පුතෙක් නුඹටත් ආදරණීය මවක් වෙන්න තිබූ මොහොත අහිමි කළාදෝ....සිරුර පවා පුදන්න තරම් නුඹ උපරිමයෙන් විශ්වාසකල ආදරය කුරිරු වුනාදෝ....!

    ReplyDelete
  2. අැත්ත අැයි හැමතිස්සෙම තිත්ත?

    ReplyDelete
  3. හිත නැවතුනි කවිය අසල!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook