Tuesday, January 16, 2018

දේශපාලකයෝ සහ අඳුර


දේශපාලකයෝ අඳුර වැනිය​. ඔවුන් අඳුරට ශාප කරති. එහෙත් අඳුර නසන්නට එක පහනක් හෝ පත්තු නොකරති. අඳුර තිබීම ඔවුන් ගේ කාමභෝගී පැවැත්ම තිරසාර කර දෙයි. අඳුර නැසීම මගින් ජනයා සබුද්ධික වන බව ඔවුන් දනිති. ඒ නිසා අඳුර දුරු කරන්නට ඔවුන් එක පහනක් හෝ පත්තු නොකරති. අඳුර පවත්වා ගැනීම ඔවුන් ගේ පැවැත්මට හිතකර බව ඔවුන් දනිති. 

10 comments:

  1. ප්‍රශ්නෙ කියන්නෙ ඩොක්ට, උං පහන් පත්තු නොකරත් අඩුමතරමෙ මහජනතාව වත් තමන්ගෙ අඳුර මකාගන්න පහනක් පත්තු නොකරන එක. ලැජ්ජයි අප්ප. කවදාවත් හැදෙන රටක් නෙමෙයි. 😡

    ReplyDelete
  2. අදුර පවත්වා ගැනීමත් ඔවුන්ගේ පැවැත්මට හිතකරයි. අදුර දුරු කිරීමත් ඔවුන්ගේ පැවැත්මට හිත කරයි.😂

    ReplyDelete
  3. ඔය දේ තවතැන්වලත් තියෙනවා.බලන්න ගොඩක් ඉගෙනගත් සමහරු හිතන්නේ අපි තමයි ඔක්කොම දන්නේ කියලා.ඉංග්‍රීසි දන්න බොහෝ අය අනිත් අය ගැන සලකන්නේ පහත් තක්සේරුවෙන්.ලංකාවේ හැටි.අපි එකට එකතු වී මේ ගමන යමු,අපි අපිට උදව් කරගමු.මේ මුකුත් නෑනෙ.දේශපාලයෝ,කපටියෝ බිහිවෙන්නේ මිනිස්සුන්ගෙන්මනේ.මටහමුවූ සරල මිනිස්සු ඉන්නවා හරිම බුද්ධිමත්.කතා කරන්න කතා කරන්න ආසයි.මම ඉතාලියේ හිටපු මුල්කාලේ අපේ නිවස තිබූ ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ හිටියේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්.සමහර දින දවල් කෑමට ගෙදර එනවා.ඒ එන්නේ බස් එකේ.ඒ පැත්තේ පාර අතුගාන වයසක ඉතාලි මහත්මයාත් ඔහුගේ රාජකාරියකරනවා,මේ දෙන්න එකට හමුවුනාම ගොඩක් වෙලා කතා කරනවා මා දැක තියෙනවා.දෙන්නම ඉතාම සාමාන්‍යය විදියට කතාව,සිනාව ඉරියව් සියල්ල.ලොකුකම් නෑ,ඔලුව නැවීමත් නෑ.කොතරම් සුන්දරද?මමනම් හිතන්නේ ලෝකේ ඉන්න කුඩාම ජනකොටසක්,පුන්චිම රටක ජීවත්වන අපි, මහන්තත්වයෙන් පිම්බිලා මොණරා පිල්විහිදලා වගේ.පස්ස පැත්තම එලියේ කියලා නිකමටවත් හිතෙන් නෑ !

    ReplyDelete
    Replies
    1. "පස්ස පැත්තම එලියේ"! හරියටම හරි. පුදුම රටක්. බෞද්ධ කිව්වාට වැඩි දෙනෙක් පුහු මහන්තත්වයෙන් පිරිලා. අනිකාව පහත් කොට සැලකීම, පන්ති භේදය හැම තැනම.
      මිනිස්සුන්ට කතා කරන හැටි බලන්න. තමුසේ, ඕයි වගේ වචන කොච්චර ඇහෙනවද? ඒ වගේමයි අනිත් අයට කියා තමන්ට සර් කියා ගැනීමේ ආසාව.
      දේශපාලුවන් ගහන පෝස්ටර්, මුල්ගල් දිහා බලන්න. ගරු, අති ගරු, ...තුමා විසින් සාදන ලදී, කොරන ලදී.. තමන්ම තමන්ට ගරු, අති ගරු වගේ කෑලි දාගන්නවා. මොන තරම් මෝඩ, හිස්, වහල් මිනිස්සුද මේ?

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook