Monday, May 2, 2016

සුබේ ගේ කතන්දර


  


සුබේ අප සමග එකට සේවය කල වෛද්‍යවරයෙකි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගත් සුබේ සේවය කලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙසටය​. එම නිසා සුබේ අපට බොහෝ දිනවල මුණ ගැසුනි. සුබේ බෙහෙවින්ම විනෝදකාමියෙකි. එසේම ගී ගැයීමේ හැකියාවෙන් ද යුක්තය​. එම නිසා සුබේ සිටින විට කාන්සියක් නොවීය​. සුබේ කතා කියන්නෙකි. ඔහුගේ කතා අසා වෛද්‍යවරුද හෙදියෝද සිනාසුනෝය​. ඔහු සතු එක් විරළ දස්කමක් වූයේ තමන්ටම සිනා වීමේ හැකියාවයි. 

වරක් මම සුබේ සමග ඔහුගේ මෝටර් සයිකලය අළුත්වැඩියාව සඳහා ගරාජයකට ගියෙමු. ගරාජයේ ලොකු බාස් කොහේදෝ ගිහින් ය​. ගෝලයා පමණක් සිටියි. 

" මචං කන්සල්ටන්ට් වෝඩ් එකේ නැහැ එච්. ඕ ( හවුස් ඔෆිසර් හෙවත් කනිෂ්ඨ වෛද්‍ය නිලධාරී) විතරයි ඉන්නේ " සුබේ මගේ කනට කර කීවේය​.

" මොනා කරන්නද එච්.ඕටවත් පෙන්නමු" මම කීවෙමි. 

ඉන්පසු සුබේ ගෝලයාට මෝටර් සයිකලයේ දෝෂ කියන්නට විය​. ඉන්පසු ගෝලයා අඞුවක් ගෙන මෝටර් සයිකලයේ නට් ගැලවීය​. 

"එච්.ඕ වැඩේ කයිද මන්දා "මම සුබේට රහසින් කීවෙමි 

" ඒක තමයි කන්සල්ටන්ට් එනකං ඉන්වෙස්ටිගේශන් ටික කරන්නේ නැතුව මූ ඔපරේට් කරන්න යනවා " සුබේ කීවේ ගෝලයා සයිකලයේ කෑලි ගලවනවා දැකීමෙනි. 

"මොනා කරන්නද වෙන තැනකටවත් චැනල් කරන්න බලමු " සුබේ ගේ හිත හැදෙන්න මම කීවෙමි. නමුත් බාස් පැමිණි නිසා සුබේට හුස්ම වැටුනේය​. 

වරක් සුබේ ශල්‍යාගාරයට ඉස්සො වඩේ ගෙනාවේය​. මුලින්ම වඩේ පිඟාන ගෙන විශේෂඥ  නිර්වින්දන වෛද්‍යවරිය වෙත ගොස් මැඩම් ප්ලීස් හෑව් සම් ඉශ්ශෝ වඩේ යැයි කීවේය​.  අප සියළු දෙනාටම සිනහා ගියෙන් සුබේ අප දෙස රවා බැළුවේය​. 

කොලඹ මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගිය  සුබේ තමා කෑම ඇණවුම් කළ අයුරු රඟපා පෙන්වීය​.  
" අන්න අරකින් එකයි ( හැබර්ගර් පෙන්වමින්) මෙන්න මෙව්ව එකෙන් එකයි ( හොට් ඇපල් පයි එක  පෙන්වමින්) අන්න අරවා (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) වලිනුත් දෙන්න "

දිනක් මා සුබේ සමග සුරතල් මාළු ගැනීමට ගියෙමි. මම ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක් මිලට ගත්තෙමි. ඒ අතරවාරයේ කඩයේ මාළු විකුනන තරුණියට වෙනත් ටැංකියක සිටි ගුරාමි වගයක් පෙන්වා මේකෙන් ග්‍රෑම් 500 කීයද කියා ඇසීය​. මම වහ වහා සුබයාත් ඇදගෙන කඩයෙන් පිටතට ආවෙමි. 

 සුබයා නිවසේ බෙහෙත් දෙන ඩිස්පැන්සරියක් ඇරීය​. ඔහුගේ පුද්ගලික සේවයේ ප්‍රතිවාදියා වූයේ වෛද්‍ය කොට්ටහච්චිය​. වෛද්‍ය කොට්ටහච්චිගේ පුද්ගලික සේවය වෙත යන රෝගීන් ගේ ප්‍රමාණය අඩු කොට සුබයා වෙත එන රෝගීන් ප්‍රමාණය වැඩි කිරීමට විකාර සැලැස්මක් සුබයාගේ මිතුරෙක් ඔලොක්කුවට ඉදිරිපත් කලේය එය මෙයයි. 

හිසේ තුවායක් දවටාගෙන  රෝහල අසලින් බස් රථයකට නගින සුබයා පසුපස සීට් එකට ගොස් බස් රථයේ මගීන් සියළු දෙනාටම ඇසෙන්න මෙසේ කියයි. 

" අම්මේ මේ කොට්ටයා මගේ ලෙඩේ කෑවා අනේ ඒකට ( සුබයාගේ නියම නම කියමින්) දොස්තර මහත්තයා ; උන්නැහේ බුදු වෙන්නෙ ඕනේ.  එක බේත් වරුවයි මගේ  ලෙඩේ ගොඩ"  මෙලෙස එක දිගට සුමාන දෙකක් බස් රථ වලට නැගී මෙලෙස කියන ලෙස සුබේගේ මිතුරා ඔහුට ඔවදන් දුන්නේ

15 comments:

  1. /* ඔහු සතු එක් විරළ දස්කමක් වූයේ තමන්ටම සිනා වීමේ හැකියාවයි. */

    මෙතැන සුබේ ගේ ඒ ගතිගුණය ගැන වැඩි උදාහරණ නැති වුණත් එය විරලව පිහිටන එකකි.

    මේ ගැන වෙනත් තැනක තිබී මා කියවූ කතාවක් පහත උපුටා දක්වමි.

    ======================================
    විහිළු වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ.

    මුලින්ම, "සිරා ජෝක්ස්" සහ "මෝඩ ජොක්ස්".

    "සිරා ජෝක්ස්" කියන්නෙ ජෝක් එක දාන එකා හිනාවෙන්නෙ නැතුව අනිත් අයට හිනා යනවනම් ලු. "මෝඩ ජෝකස්" කියන්නේ ජෝක් එක දාන එකා හිනාවුනත් අනිත් අයට හිනා යන්නෙ නැති ජෝක් වලටයි.

    ඊලඟ වර්ගීකරණය තමයි "ක්ලැසික් ජෝක්ස්" සහ "පඩ ජෝක්ස්".

    "ක්ලැසික් ජෝක්ස්" කී පාරක් අහල තිබුණත් අහන අහන සැරේට හිනා යනව. "පඩ ජෝක්ස්" කියන්නෙ හිනා වෙනව තියා එක පාරක්වත් අහගෙන ඉන්න බැරි ඒවට.

    අනිත් වර්ගීකරණය තමයි "රත්නායක ජෝක්ස්" සහ "රත්නායක නොවන ජෝක්ස්".

    සාමාන්‍යයෙන් අපි ජෝක් එකක් දාන්නෙ වෙනත් කෙනෙකුට හිනාවෙන්න බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. සමහර වෙලාවට එකෙකුටම කොච්චර හිනාවෙනවද කියනව නං ඌව බයිට් එකට ගත්ත වගෙ වෙනව. අනුන්ගෙ වරදක් ගැන හරි, වැරදීමක් ගැන හරි, අඩුපාඩුවක් ගැන හරි, හිනාවෙන එකට තමයි පොදුවේ අපි ජෝක්ස් කියල කියන්නෙ. මෙන්න මේවා තමයි "රත්නායක නොවන ජෝක්ස්" කියල වර්ගීකරණය වෙන්නේ.

    "රත්නායක ජෝක්ස්" කියන්නෙ මේ පොදු ජෝක්ස් වර්ගයට අයිති නොවෙන ඒවා. ඒ කියන්නේ, අනුන්ට හිනාවෙනව වෙනුවට තමන්ටම සරදම් කරගන්න ජෝක්ස්.

    "රත්නායක ජෝක්ස්" දාන මං දන්න එකම කෙනා අපේ රත්නායක මහත්තය තමයි. මෙන්න පොඩි උදාහරණ කීපයක්.

    මමඃ මචං උඹ හරක් මස් කනවද?
    රත්නායකඃ අනේ නෑ බං, හරක් මස් කනවයැ, අපි කන්නෙ තණකොල නෙ?

    මමඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
    රත්නායකඃ අපෝ බෑ බං, හෙට මං බිසි. අප්‍රියෙල් පලමුවෙනිද නේද? යකෝ මනුස්සයෙකුට උගේ උපන් දිනේ දවසෙවත් විවේකයක් නැද්ද?

    මමඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
    රත්නායකඃ ඇයි බං උඹ දන්නෙ නැත්ද, බල්ලට හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ.

    තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල? නැත්තං මේ ටිකත් කියවන්නකෝ.

    ඔය කලින් තිබුණු කතාබහම අනිත් පැත්තට වුණා නම්, මෙන්න මෙහෙමයි.

    රත්නායකඃ මචං උඹ හරක් මස් කනවද?
    මමඃ අනේ නෑ බං, මං කොහොමද උඹේ මූණ බලාගෙන හරක් මස් කන්නෙ.

    රත්නායකඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
    මමඃ ආ, හෙට අප්‍රියෙල් පලමුවෙනිද උඹේ උපන් දිනේ හින්ද නිවාඩුවක් දාන්නද යන්නේ?

    රත්නායකඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
    මමඃ උඹ හිතන්නෙ මාත් උඹ වගේම හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ කියලද?

    දැන් තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල?
    ======================================
    (http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html)

    ReplyDelete
    Replies
    1. මමඃ රත්නායකඃ කියන්නේ පාලි බාසාවෙන්ද

      Delete
    2. රත්නායක ජෝක්ස් එල

      Delete
  2. රත්නායක මහත්තයා මගේ නෑයෙක්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබතුමාගේ මවගේ ස්වාමිපුරුෂයා

      Delete
    2. අයියෝ ඇනෝ, ඇ‍ණ හදන්නේ පැට්ටේරියේ?

      Delete
    3. පැට්ටේරියේ මිදුලේ තියන ඇට්ටේරියා ලී වලින්ද

      Delete
  3. පණ්ඩිත ටෝ්ක් එකක් ලිව්ව ටිකක් දිග.. ආයි මොකටද කියල මකල දාලා දැං ජොලි සුබේ ගැන හිතනවා. . හැක්

    ReplyDelete
  4. මෙවැනි මිතුරන් නැත්නම් ජීවිතය හරිම පාලුයි. මගෙත් මතකයන් අවුස්සා ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ! විචාරක සේවය කල සැල්වොසන් ආමි එකේ දී හමුවුණු මිත්තරයෝ ගැන මොනවා ලියන්නද

      Delete
  5. කට ඇරියොත් ටෙන්ශන් දියවෙන අය ඉන්නවා තමා.. වැඩේ කියන්නෙ මොන වෙලාවෙ මොන වගේ දෙයක් කියයිද දන්නෑ.. ඒ අවධානම ගන්න වෙනවා.. අර මාළු කතාව වගේ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook