Monday, February 29, 2016

රුමේනියාවට ගිය ගමන

 



මා රුමේනියාවට ගිය කාලයේ රුමේනියාවේ බොහෝ අවුල් වියවුල් තිබුණි. මේ කාලයේදී රුමේනියානු සමාජවාදී ජනරජයේ ජනාධිපති Nicolae Ceaușescu ඝාතනය කොට තිබුණි. රට පුරා අර්ථික අර්බුදයක් තිබුණි. එම නිසා මෙවැනි වියවුල් සමයක රුමේනියාවට පැමිනීම ගැන මම මඳක් පශ්චාත්තාප වූයෙමි. එහෙත් රුමේනියානු වීසාව ගැනීමට ගිය අවස්ථාවේදී මගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය දුටු රුමේනියානු නිලධාරීන් මැඩම් බරඞනායකගේ රට කියා ගරු බුහුමන් සහිතව මට විසා දුන්නේය​. තානාපති කාර්‍යාලයක ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය අතැතිව ගරු බුහුමනක් ලැබූ ප්‍රථම සහ අවසාන අවස්ථාව  එය විය​. 

කෙසේ නමුත් අපගේ දුම්‍රිය බුහරෙස්ට් වලට පැමිණි වහාම මිනිසුන් අපගේ දුම්‍රිය වට කරගෙන විවිධ භාණ්ඩ විකිනීමට තැත් කලහ​. මෙම භාණ්ඩ ඔවුන් ගේ ගෙවල් වල තිබූ විසිතුරු භාණ්ඩ විය හැක​. ආර්ථිකය කඩා වැටීම නිසා ගෙවල් වල තිබූ බඩුද විකුනා එදා වේල සොයා ගන්නා දහසකුත් ජනයාගෙන් බුහරෙස්ට් නගරය පිරී තිබුණි. මම ඉතා සුළු ඩොලර් ප්‍රමාණයක් දී අගනා ලී වාස් එකක් මිලදී ගත්තෙමි. අතීතයේ අපට රුමේනියානු දුම්රිය ඉන්ජින් පවා සහන මිලට දුන් සමාජවාදී රුමේනියාවට වූ අබ්බග්ගය ගැන මම සිතුවෙමි. කෙසේ නමුත් බුහරෙස්ට් නගරයේ කරක් ගැසීමට සිතක් නොවීය​. 

රුමේනියාවේ ගම්බද ප්‍රදේශ වල තත්වය නගරයන්ට වඩා යහපත් විය​. දුම්රිය ගම්බද ප්‍රදේශ හරහා යන විට මෙම වෙනස කැපී පෙනුනි. අපගේ දුම්රිය ට්‍රාන්සිල්වේනියාව හරහා යන බව කී විට මට මතක් වූයේ ඩ්රැකියුලාගේ මාලිගයයි. මෙම ප්‍රදේශයේ තවමත් මධ්‍යතන යුගයේ මෙන් දිස් වන ගෙවල් දක්නට තිබේ. සමහර ගෙවල් වල සුදු ළූනු එල්ලා තිබෙනු මම දුටුවෙමි. 

අපගේ දුම්‍රිය ඩැනියුබ් ගඟ හරහා යන විට මලානික මූසල පරිසරයක් මම අපේක්‍ෂා කලෙමි. ඒ ජොනතන් හාකර් ගේ දිනපොතේ විස්තර අනුවය​. එහෙත් දුම්‍රිය ඩැනියුබ් ගඟ හරහා යන විට ඒ අවට පරිසරය සහ කාර්පේතියානු කඳුකරය ඉතා චාරුමත් ලෙස දර්ශනය විය​.

රුමේනියාවේ ෂිගනිවරු හෙවත් ජිප්සිවරු සිටිති. ඔවුන් බලහත්කාරයෙන් මෙන් දුම්රියට මෙන්ම දුම්‍රිය ස්ථාන වලට කඩා වැදී මගීන්ට හිරිහැර කරති. ජිප්සිවරුන්ට ඉන්දියානු සම්භවයක් තිබෙන අතර අප ඉන්දියානුවන් ලෙස සැලකූ නිසාදෝ ජිප්සිවරුන් ගෙන් අපට කරදරයක් නොවීය​. එහෙත් ඔවුන් අනෙකුත් මගීන්ට කරන හිරිහැර අප බලා සිටියෙමු. 

රුමේනියාවේදී මට අන්කා නම් තරුණියක් මුණ ගැසුනෙන් අප කථාවට වැටුනෙමු. අප ඩ්‍රැකියුලා ගැන කථා කලෙමු. අන්කාට අනුව ඩ්‍රැකියුලා හෙවත් ව්ලාද් ද්‍රැකුල් රණශූරයෙකි. ඔහු ඉස්ලාම් භක්තික තුර්කීන්ට එරෙහිව සටන් කලේය​. ඔහු මග දෙපස ගස් වල ඉහල කොටස සිඳ උල් කොට තුර්කි භටයන් උල තැබුවේය​. ඔහු ඇටිලාගේ පරපුරේය​. අන්කාද ආදි ඇටිලාගේ පරපුරට අයත් ය​. ඇටිලාට රෝම අධිරාජ්‍යය පවා බිය වූ බව කියවේ. 

ව්ලාද් ද්‍රැකුල් ක්‍රිස්තියානි පල්ලියට එරෙහි වීම නිසා ඔහු නොස්ෆෙරාටු හෙවත් වැම්පයර් වරයෙකු වූ බව අන්කා කීවාය​. අන්කා තමන් ඩ්‍රැකියුලා ගේ අඩවියේ සිටියද බය නැති බව කියා ඇයගේ කරේ තිබූ කුරුසය පෙන්නුවාය​. මමද ඩ්‍රැකියුලා ගේ අඩවියේ සිටීම ගැන මමද බිය නොවන බව කියා මා අත බැඳි පිරිත් නූල පෙන්නුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


24 comments:

  1. රුමේනියාවෙන් අපිට ලැබුණේ දුම්රිය මැදිරි නේද?

    ReplyDelete
  2. අපගේ දුම්රිය ට්‍රාන්සිල්වේනියාව හරහා යන බව කී විට ...
    ආ, ඒකද මේ බොගේ නාමයේ උපත එහෙනම්.

    ReplyDelete
    Replies
    1. එය ම නොවෙයි, නමුත් ඒ හා සම්බන්ධ ඩ්‍රැකියුලා විය යුතුයි.
      රුවන් බ්ලඩ් බෑන් එකේ වැඩ කළා ද?

      Delete
    2. නෑ නෑ... මහ රෑ ලේ බැංකුව කඩලා ලේ හොරකම් කරපු නිසා.. මේ බලන්න සාක්ශි
      http://transyl2014.blogspot.com/2015/12/blog-post_23.html

      Delete
  3. ඉස්සර වර්ඩ්කප් ෆුට්බෝල් මැච් වලදී ජනප්‍රියම පුද්ගලයා තම රුමේනියාවේ ගෝල් කීපර්, ඒකාලේ එයාට කිව්වේ ගෝල් ගහන ගෝල් කීපර් කියල

    ReplyDelete
    Replies
    1. මොනවා යකෝ. වර්ඩ්කප් කියන්නේ එක්සෙල් කප්, පවර්පොයින්ට් කප්, කියලත් තියනවද?

      Delete
    2. ගෝල් ගහන ගෝල් කීපර්?

      Delete
  4. අපිව අරං ගිය රියැදුරා නම් ඩ්‍රැකියුලා ගැන විස්තර වැඩිය දැනගෙන හිටියේ නෑ. අපිට තරම් උනන්දුවක් රුමේනියන් අයට තිබුණේ නෑ කියලයි මට හිතුනේ...

    ඔයාගේ සටහන කියවද්දි ජොනතන්ගේ දුම්‍රිය ගමන මතක් වුනා.:)

    ReplyDelete
    Replies
    1. මෙම මාර්ගය මට ආගන්තුක නොවේ. මීට වසර හත අටකට ඉහතද මම මධ්‍යම රාති්‍රයේ මෙම මාර්ගයේ ගමන් කෙළෙමි. අත්දැකීම් රහිත උන්නතිකාමී නීති සහායකයකු වූ මා හොල්මන් හා අවතාර කෙරෙහි දැක්වූයේ උදාසීන බවකි. එහෙත් එදා රාති්‍රයේ මගේ සිත බියෙන් සැලූ‚. අඟරු මෙන් කළුඅසුන් විසින් ඇදගෙන ගිය අශ්වරථය දක්කන ලද්දේ ඩ්‍රැකියුලා සිටුවරයා බව මම පසුව අවබෝධ කරගත්තෙමි.

      දහවල්වන විට අපි ඩ්‍රැකියුලාගේ මන්දිරය පිහිටි කඳු පාමුලට පැමිණියෙමු. ඈතින් පිහිටි ඩ්‍රැකියුලාගේ මන්දිරය දුටු මගේ ගත හිරිවැටීගිය බව අවංකව කිවයුතුය. අවුරුදු ගණනාවක්ම මෙම මාර්ගයේ අශ්ව රථ ගමන්කොට නොමැති නිසා මාර්ගය සොයා ගැනීම දුෂ්කර විය. අප කන්ද උඩට අශ්ව කරත්තය දැක්කුවේ ඉතා සෙමින්ය.
      http://transyl2014.blogspot.ca/2015/01/blog-post_14.html

      Delete
  5. රුමේනියාව මතක ෆුට්බෝල් නිසයි...

    ReplyDelete
  6. රුමේනියානු ජිප්සිලගෙයි යුරෝපයේ ඉන්න රොමානි කියන ජිප්සීස්ලගෙයි සම්බන්ධයක් තියෙනවද?
    එතකොට මගීන්ට වෙන හිරිහැර මොනවගේ ඒවද ඔවුන්ගෙන්? ඒකට පොලිසියෙන්වත් කිසිම උදව්වක් නැද්ද?
    රුවන්ගෙ බ්ලොග් එකේ නමට හේතුව මේකද?

    ReplyDelete
  7. රුමේනියාව කියුවම මට මතක් වෙන්නේ කාලයක් මම දැන අඳුනගෙන සිටි ලස්සන ගෑල්ළමයෙක්, නිකොලේටා...එක්කෝ ඕනේ නෑ :)

    අපිත් ඩ්‍රැකියුලාගේ අඩවියට යන්න බය නෑ මොකද එකේ තියෙන්නේ ලස්සන කතා සහ පොත්. ඔය සුද්දෝ කියා ගන්න බැරි කමට ඩ්‍රැකියුලා කියුවට ඔය මනුස්සයාගේ නියම නම ඇවිල්ලා දැති හුලහ !

    ReplyDelete
    Replies
    1. එහ්හෙනං. ඕකුන්ට දැති හුලහා කියන එක කියාගන්න බැරුව! උදය ලින්ක් එකත් දාමුකෝ ස්‍රංගයගෙ.

      Delete
    2. රුමේනියානු ගැහැණු ළමයි නම් .හරි ලස්සනයි

      Delete
  8. && රුමේනියාවෙලු තියෙන්නෙ හොඳම කොත්තමල්ලි..&& මේකත් ජිප්සීස් ල තමා කියන්නෙ හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  9. තුර්කි යන ගමනේදී මමත් ගියා රුමේනියාව හරහා එතකොට 1990 කාලේ . දුප්පත් රටක් වෙලා ඒ වනවිටත් .

    ReplyDelete
    Replies
    1. තාමත් දුප්පත් මගෙ හිතේ

      Delete
  10. එහෙම පිළිගැනීමක් තිබුන රටේ අද තියෙන තත්වය....
    https://m.facebook.com/story.php?story_fbid=pfbid0Fh8rpSWonhXqknXuPgoSXBGT9s1rxXa42MXFvBd5gqN9Y7j2DqvLs7yK3FkfNE1Fl&id=100001790627518&mibextid=Nif5oz

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook