Tuesday, February 2, 2016

යොර්මාලියෙව්, ස්තෙත්සෙන්කෝ සහ අප්තොව්සි



ව්ලැදිමීර් යොර්මාලියෙව් අපගේ ඇනටමි (ව්‍යවච්ඡෙදය) ගුරුවරයා විය​. යොර්මාලියෙව් පිටතින් පෙනෙන්නේ තද පුද්ගලයෙකු ලෙසටය​. බොහෝ ගුරුවරු සිසුනට ඔබ (වී) කියා ඇමතුවද යොර්මාලියෙව් අමතන්නේ නුඹ (තී) කියාය​. යොර්මාලියෙව් ගේ උඩු රැවුල හිට්ලර් ගේ මෙන්‍ය​. එම නිසා සිසුන් ඔහු නොමැති තැන ගිට්ලර් (හිට්ලර්) හෝ  ඇඩොෆ් යොර්මාලියෙව් කියා ඔහුව ඇමතූහ​. ශාන් පියෙර් කොංගෝවේ සිසුවෙකි. වරක් ඔහු පන්තියේදී යොර්මාලියෙව්   ගේ උඩු රැවුල තවත් කොංගෝවේ සිසුවෙකුට පෙන්වා ප්‍රන්ස බසින් "අරූගේ උඩු රැවුල හිට්ලර් වගේ නේ? කියා කීවේය​. බුරුන්ඩි වල වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට සිටි යොර්මාලියෙව් හට ප්‍රන්ස බස තේරුම් ගත හැකි විය​. 

වැඩිපුර කතාබහක් නැති යොර්මාලියෙව් ඇනටමි කාමරයේ ෆෝමලීන් යෙදූ මෘත ශරීරය ඉදිරිපිට අසුන් වල වාඩිවී සිටි අපෙගෙන් වරින් වර ප්‍රශ්න කලේය​. ඔහු අසන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුත්තේ අදාල විවූහය මෘත ශරීරයයේ  පෙන්වමිනි. මගේ කණ්ඩායමේ සිටි සෙර්ගෙයි ස්තෙත්සෙන්කෝ සිකුරාදා දින වල ඔහුගේ ගම් වූ තුල්චින් නගරයට යයි සෙර්ගෙයි යළිත් විනිට්සා නගරයට එන්නේ සඳුදා උදෑසනය​. සති අන්තයේ හොඳට කාබී විනෝද වන ඔහු පාඩම් කරන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා පමණි. එහෙත් සෙර්ගෙයි දක්‍ෂ සිසුවෙකි. 




වරක් සඳුදා දිනෙක අතේ උඩ කොටසේ ස්නායු ව්‍යාප්තිය මෘත ශරීරය ආශ්‍රයෙන් පෙන්වන ලෙසට යොර්මාලියෙව් සෙර්ගෙයිට නියම කලේය​. පන්තියේ පසුපස පේලියේ සිටි සෙර්ගෙයි මේ අනපේක්‍ෂිත ප්‍රශ්නය නිසා කළබල විය​. සති අන්තයේ ඇනටමි පොත ඔහු අල්ලා නැත​. එම නිසා සෙර්ගෙයි ගේ කටින් කුණුහරපයක් පිට විය​. එය ඇසුනේ පසු පස පේලියේ සිටි මා ඇතුළු ගිනියානු ජාතික ෆෙරිබොරි කොන්ඩේ සහ ගහනාවේ ජාකොබ් ඔමාරිට පමණි. එහෙත් සෙර්ගෙයි අවස්ථානුකූලව කියූ කුණුහරපයට මට බුග් ගා සිනහ ගියේය​. මට රැවූ සෙර්ගෙයි මෘත ශරීරය වෙත ගොස් අදාල ස්නායු පෙන්වීය​. සති අන්තයේ පාඩම් කිරීමට නොහැකි වූ නමුත්  සෙර්ගෙයි මතකයෙන් කෙරූ විස්තර නිවැරදි වූ බැවින් යොර්මාලියෙව් සෙර්ගෙයිට ලකුණු දුන්නේය​. 

අසාමාන්‍ය මතකයකින් හෙබි තවත් සිසුවෙක් අපගේ වෛද්‍ය පීඨයේ සිටියේය​. ඔහු සාෂා අප්තොව්සිය​. ඔහු අති දක්‍ෂ සිසුවෙකු විය​. පාඩම් කටයුතු දිගු වේලවක් නොකලද ඔහු දත යුතු සියළු දේ දැන සිටියේය​. පාඩම් කටයුතු දිගු වේලවක් කිරීමේ අවශ්‍යාතාව නොතිබූ සාෂා අප්තොව්සි කාලය ගත කලේ තැබෑරුමේය​. මේ බියර් විකුණු තැබෑරුම සිසුන් හැඳින්වූයේ සිද්මාය අවුදිතෝරියා ( හත් වන දේශන ශාලාව ලෙසටය​) වොඩ්කා බෝතලයක් කබාය තුල රුවා ගෙන හත් වන දේශන ශාලාවට යන සාෂා අප්තොව්සි මුලින්ම බියර් ජෝගු දෙක තුනක් බොයි. ඉන්පසු මුළු වොඩ්කා බෝතලයම බොන ඔහු සෙමෙන් සෙමෙන් සිසු නේවාසිකාගාරයට ගොස් නිදා ගනියි. ඒ අතරවාරයේ ඔහුගේ පන්තියේ සිසු සිසුවියන් නිදිවරාගෙන පාඩම් කරති. උදෙන්ම නැගිටින අප්තොව්සි පන්තිය වෙත යයි. ගුරුවරයා අසන ප්‍රශ්න සියල්ලටම ඔහු නිවැරදි පිළිතුරු දෙයි. විභාගයේදී සාෂා අප්තොව්සි ඉතා ඉහල ලකුණු ගත්තේය​. එහෙත් ඇස් ඉදිමී  සිටි මේ ලාබාල අයින්ස්ටයින් අසාමාන්‍ය චරිතයක් ලෙස මා වටහා ගත්තෙමි. අප්තොව්සි මා සමග මිතුරුය​. ඔහු හෙවි මෙට්ල් සංගීතය ප්‍රිය කලේය​. ඒ නිසා ඔහු නිතරම මා සමග හෙවි මෙට්ල් සංගීතය පිළිබඳව කථා කලේය​. 

සාෂා අප්තොව්සිගේ අවසානය සිදු වූයේ අනපේක්‍ෂිතව සහ අවාසනාවන්ත ලෙසය​. තෙවන  වසර අවසාන විභාගයේදී ඉතා ඉහළින් සමත්වූ ඔහු මිතුරන් සමග සාදයක් පැවැත්වීය​.  සාදයේදී ඔහු නොසෑහෙන ලෙස මත්පැන් පානය කලේය​. සාදය අවසානයේදී  මිතුරන් තම නිවෙස් කරා ගියේ මත්පැන් බී නිදාගෙන සිටි සාෂා අප්තොව්සි  එසේ වැතිරී සිටියදීය​. මධ්‍යම රාත්‍රියේ අප්තොව්සිට ඔක්කාරය ආවේය​. වමනය ඔහුගේ ශ්වසන මාර්ගය අවහිර කරන ලදි. උදෑසන ඔහුගේ කාමරයට පැමිණි මිතුරන් දුටුවේ ප්‍රාණය නිරුද්ධ වූ සාෂා අප්තොව්සි ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

18 comments:

  1. A tragic end to a life with lots of potential.

    I hope that Ruwan's blog get some sort of appreciation in the Nelum yaya awards.The topics are of such a large range, unique, valuable interesting experiences.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මාත් නිරතුරුවම කියවන විවිධාංග බ්ලොගයක්.

      අර ස්පයි කතාවේ කොටසක් හුඟ දිනකින් ගියේ නෑ.

      Delete
  2. හප්පට සිරි. පොර සිරෝසිස් වලින් යන්න කලින් වමනෙන් වැඩේ වුනා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ අයගේ ආයුස කොටයි

      Delete
  3. Your late friend Sasha reminds me of one of my batch mate. Same character and hardly seen studying out of lectures, while we were literally in hell. He used to say that he has a photographic memory. Fortunately he didn’t end up like your friend but became a world class engineer [not gonna say his name :-)] in the UK. Probably you’d be able to medically explain how these guys are so smarter than the average.

    I do second Ano's opinion on this blog getting appreciated at Nelum Yaya. Just hope Ajith and the judges will do the right thing. Bless you doc!

    ReplyDelete
    Replies
    1. Thanks for the comment Udaya ; these people with extraordinary memory skills have congenitally developed brain structures specially in the hypocampus region.

      Delete
  4. //අසාමාන්‍ය මතකයකින් හෙබි තවත් සිසුවෙක් අපගේ වෛද්‍ය පීඨයේ සිටියේය​.//,
    මෙවැනි අසාමාන්‍ය හැකියාවන් ඇති අයගේ අපේක්ෂිත ආයු කාලය අඩුයි කියල මතයක් සමාජයේ තියනවා, හැබැයි මේකට විද්‍යාත්මක හේතුවක් තියනවද කියල හිතන්ඩ අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ අය දක්‍ෂතා නිසා ජීවිතය ගැන තැකීමක් නොකර අයාලේ යවනවා

      Delete
  5. සෙල්ලම් නැහැනේ වමනය යන එකත් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් සිහි නැතිවෙනකම් බිව්වම

      Delete
  6. අම්මප දොස්තර මහත්තුරුත් ඔච්චර බොනවද?

    ලංකාවේ අය ගැන නෙවෙයි කිව්වේ.

    ReplyDelete
  7. බීල වැඩිවෙලා මට වමනෙ ගිය අවස්ථා මතක් වෙලා ඇඟ හීතල වෙලා ගියා... හැබෑට ඔය රුසියන් රටවල් වලත් අරිසෙන් අහුබුදුගෙ සනුහරේ එවුං ඇති මයෙහිතේ..

    ReplyDelete
    Replies
    1. මට ඔහොම වමනෙ හිරවෙලා හුස්මත් හිරවෙලා තියෙනවා මචෝ... මැරෙන්න තියෙන වේදනාමකාරී විදිහක් වෙන්න ඇති.. අම්මෝ....
      (පණ ආවට පස්සෙ මූණ කට සෝදගෙන ආයෙ එකක් ඔතාගත්තා හැබැයි.)

      Delete
    2. ඔය රුසියන් රටවල් වලත් අරිසෙන් අහුබුදුගෙ සනුහරේ එවුං ඇති මයෙහිතේ..////////////////// ඒ කියන්නේ

      Delete
  8. ඩොක්.. ඔය කියන පුද්ගලයා ඔච්චර බොන්න ඇත්තෙත් ඔහුගේ මතකය නිසාමයි කියලා හිතෙනවා.. සාමාන්‍යෙන් අපට අමතක වෙන කරුණු ඔහුට සවිස්තරාත්මකව මතක තියෙන්න ඇති.. කාලය විසින් හැමදේමසුවපත් කරනවා කිව්වට ඔහුට ඒක සත්ය නෑ.. කොහොම පීඩනයක් තියෙන්න ඇතිද?
    ඔබ මේ කොමෙන්ට් එක දැක්කොත්, මම ඔබට ආරාධනා කරනවා මේ සිද්ධිය කෙටිකතාවක් දක්වා විකාශනය කරනා ලෙසට.
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook