Monday, November 2, 2015

ඉබිසා නගරය




"ඉබිසා නගරය ඔබට අමතක කල හැකිද? සංගීතය සහ රිද්මය පිරි මධ්‍යධරණි උණුසුම් සුළඟ රැගත් ඉබිසා නගරයේ දැකුම්කළු රැයක්. මනස්කාන්ත වෙරළ, වේග රිද්ම ගීතයට නටන මිනිසුන් හා කාන්තාවන්. ජීවිතය දුකක් කීවේ කවරෙක්ද? ඉබිසා නගරයේ මම දැක්කේ උතුරා යන සතුට. 

ඉබිසා නගරයට මුලින්ම ආවේ කොරියානු සහ වියට්නාම යුද වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ඇමරිකානු තරුණයන්. කරුණාකර ඔවුන්ව යුද විරෝධී මානවාදීන් කියා උත්කර්ෂයට නග්ගන්න එපා. ඒ වගේම රට වෙනුවෙන් යුද කිරීම ප්‍රතික්ෂේප කල දේශ ද්‍රෝහියන් කියා හෙලා දකින්නත් එපා. ඔවුන් වීරයන් හෝ ද්‍රෝහියන් නොවේ. ඔවුන් ජීවිතය තෝරාගත් මිනිසුන්. මේ පෘතුවි ගෝලයේ පිහිටා ඇති එක් තෝරාගත් භූමියක් වෙනුවෙන් යුද වැදී මියයාමට, දේශපාලන සංකල්පයක් වෙනුවෙන් මිනී මැරීමට, උණ්ඩයට ළය පෑමට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට උවමනා කලේ ජීවිතය විඳින්න. ඉතින් ඉබිසා නගරය ඔවුන්ට ක්ෂේම භූමියක් උණා. 

ඔවුන් සංගීතය හා ජිවන රිද්මය සොයාගෙන ගියා. පුපුරා යන අර්ටිලරි හඬ, කීන් නාදයෙන් මරණයේ පණිවිඩය රැගෙන එන උණ්ඩ වල හඬ, මිනිස් ශරීර යකඩ කෑලි වලින් හිල් වී යන විට නැගෙන විලාපය, ශරීර වේදනාව නිසා නඟන හඬ, සතුරාට සාප කරන ක්‍රෝධ ස්වරය, හුස්ම හිරවන මිට උගුරින් නැගෙන බොල් හඬ, සියලු දෙනා මිය ගිය පසු යුද බිමේ ඇතිවන නිහඬතාවය , මේවා කිසිම දෙයක් ඔවුනට අවශ්‍ය කෙරුනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කලේ, උදෑසන හිරුරැස් වල උණුසුම ලබන්න. දහවලට උණුසුම් සුළං හමන විට මුහුදු රළ අතර කිමිදෙන්න. හවසට ඉර සක්වලගල යටින් බැස යනවා බලන්න. ඔවුන්ට නම්බු නාම, විරු පදක්කම්, ආචාර වෙඩිමුර අවශ්‍ය කලේ නැහැ. ඔවුන් උණුසුම් හැඟීම් තිබු මිනිසුන් පිරිසක්. ප්‍රීතිමත් නගරයක් නිර්මාණය කළා. උදේ සිට රාත්‍රිය දක්වා ජීවිතය විඳිය හැකි නගරයක් ඔවුන් සැදුවා. යුද අගල්, බංකර, කඳවුරු, කටුකම්බි , බිම් බෝම්බ, උණ්ඩ, නැති ලෝකයක් නිර්මාණය කල හැකි බවට මේ අව්‍යාජ මිනිසුන් පෙන්නා දුන්නා. 

යුද්දය දේශනා කරන පුජකයන්, දේශප්‍රේමය ගැන දෙසුම් පවත්වමින් තම බලය තහවුරු කර ගන්නා දේශපාලකයන්, ආයුධ විකුණා ප්‍රකෝටිපතියන් වූ වෙළෙන්දන්, සටනින් මියගිය සොල්දාදුවගේ මළකඳ පවා විකුණගෙන කන ගිජුලිහිණියන් මේ ඉබිසා නගරයට පා තැබුවේ නැහැ. ඒ නිසා ඉබිසා නගරය පුජනිය නගරයක්."



(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )

8 comments:

  1. මේ පොත ගන්න පුලුවන්ද?
    මේ ඇත්ත නගරයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත නගරයක්
      මේ පොත ගොඩගේ පොත් සාප්පුවේ තියනවා

      Delete
  2. මේ නගරයේ නම එක එක විදි වලට උච්ඡාරණය කරනවා නේද? ඊවිස්සා, ඊබිතා, අයිබිතා, ඊබිස්සා..

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර එක විදි වලට උච්ඡාරණය කරනවා

      Delete
  3. හෙහ්...ඉබිසා කියන්නෙ නගරයක්ද? මම හිතාගෙන හිටියෙ කාර් මොඩල් එකක් විතරයි කියල. ස්පාඤ්ඤයෙ SEAT කම්පනි එක හදනව IBIZA කියල කාර් එකක්. මෙහෙ බොහොම ජනප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. .ඉබිසා කියන්නෙ නගරයක්

      Delete
  4. Hello party people!
    This is Captain Kim speaking
    Welcome aboard Venga Airways
    After take-off we'll pump up the sound system
    Cause we're going to Ibiza!

    I don't wanna be a busdriver
    All my life
    I'm gonna pack my bags and leave this town
    Grab a flight
    Fly away on Venga Airways
    Flyin' high
    Ibiza sky

    I look up at the sky
    And I see the clouds
    I look down at the ground
    And I see the rain go down the drain
    Fly away on Venga Airways
    Flyin' high
    Ibiza sky

    Whoah! We're going to Ibiza
    Whoah! Back to the island
    Whoah! We're gonna have a party
    Whoah! In the Mediterranean Sea

    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh

    Far away from this big town
    And the rain
    It's really very nice to be
    Home again
    Fly away on Venga Airways
    Flyin' high
    Ibiza sky

    Whoah! We're going to Ibiza
    Whoah! Back to the island
    Whoah! We're gonna have a party
    Whoah! In the Mediterranean Sea

    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh
    Ioh ioh, oh we oh

    Thank you for flying Venga Airways
    We are now approaching Ibiza airport
    As you can see, the sky is blue
    And the beach is waiting for you

    Whoah! We're going to Ibiza
    Whoah! Back to the island
    Whoah! We're gonna have a party
    Whoah! In the Mediterranean Sea

    Whoah! We're going to Ibiza
    Whoah! Back to the island
    Whoah! We're gonna have a party
    Whoah! In the Mediterranean Sea

    Whoah! We're going to Ibiza!

    -VengaBoys

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook