Saturday, October 17, 2015

වික‍්‍රම ෆොන්සේකා පියතුමා මෙසේ කියයි





" සමහර කතෝලිකයන් කතෝලික සභාවෙන් ඈත්වෙලා ඉවත්වෙලා යනවා. මීසම්වල පියතුමන්ලා ඒකාධිපතියෝ වගේ හැසිරෙනවා. ගිහි ජනතාව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. දෙවියන්ගේ රාජ්‍යයට සේවය කරන්න ඉන්න ගිහියන්ව මුදල් හම්බ කරන්න යොදවනවා. මුදල් මත්තෙම යැපෙන විවිධ ව්‍යාපෘති සඳහා ජනතාව පොළඹනවා. මිනිස්සුන්ව හරියට රවටනවා. දේව කරුණාව පියතුමන්ලාගෙන් ගිලිහී ගිහිං. මිනිස්සුන්ට කතා කරන්නෙත් තර්ජනය කරලා බියවද්දලා. මීසම්වල ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාව උපයාගෙන එකතු කරගත් මුදල් පියතුමන්ලා තනි කැමැත්තට පාවිච්චි කරලා කාබාසිනියා කරනවා. කතෝලික ජනතාව කතෝලික සභාව අතහැරලා යන්නේ පියතුමන්ලාගේ කල්ක‍්‍රියාව ගැන කලකිරිලා. මේ නරක හැසිරීම් ඉදිරියේ කතෝලික සභා නායකත්වය තවදුරටත් නිහඬ ප‍්‍රතිපත්තියක් රකිනවා "

4 comments:

  1. පන්සල් සමාගම ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරම තමයි.

    ReplyDelete
  2. කඩුවයි බයිබලෙයි කාලෙන් ඉස්සරහට ඇවිත් නිසා හොඳයි.. කොතැනත් ඇති ඇත්ත.
    ජයවේවා..!!

    ReplyDelete
  3. අද බහුතර කතෝලිකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ගරු වෛද්‍ය වික්‍රම ෆොන්සේකා වර්ගයේ අධ්‍යාත්මික පූජකවරුන් නෙවෙයි.ඔවුන් බස් පුරවාගෙන යන්නට කැමති බ්‍රදර් චාල්ස් වගේ ගීතභාවනා කරන.,,,මැතිව් පීරිස් වගේ යකුන් එලවන...... ලෝගු දාගත්ත "සුපර්මැන්" ලා ළඟටයි....
    පහත දැක්වෙන්නේ මා විසින් ගරු වෛද්‍ය වික්‍රම ෆොන්සේකා පිළිබඳව කරන ලද වීඩියෝවක්....කතෝලික කියාගන්නා වූ ගෘපයන් ගණනාවක් මෙය ප්‍රචාරය කරන්නට මැලිකමක් දැක්වුුවා...https://youtu.be/Bi0iuSdYjJQ?si=AuQKTF8L6dXRW7Hc

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook