Tuesday, June 9, 2015

හයිනා ඇස​


වින්සන්ට් ලංකාතිලකගේ හුස්ම ගැනීමේ රිද්මය මඳක් අඩු විය​. වෛද්‍යවරයා නොකඩවා රෝගියාට ඔක්සිජන් සැපයීය​.

" ඩොක්ටර් ප්‍රෙශර්  පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා , මට ඉස්සෙල්ලා බලන කොට සිස්ෙටාලික් ප්‍රෙශර්  එක එකසිය තිහයි. දැන් සීය වෙලා. හෙදිය පැවසුවාය​.

එහෙනම් ඩ්‍රිප් එකක් ස්ටාට් කරන්න  වෛද්‍යවරයා විධානය කලේය​.

      ****************************************************  
වින්සන්ට් ලංකාතිලක  දාලියා විසින් එවන ලද උපන් දින සුභ පැතුම් කාඩ් පත මේසය මත තැබුවේය​. ඉක්බිති වේටර්වරයා විසින් ගෙන එන ලද කැපචීනෝ කෝප්පය අතට ගත්තේය​. ඔහු ප්‍රිය කරන්නේ ස්කිනි කැපචීනෝ වලටයි. සාමාන්‍යයෙන් නිව් යෝර්ක් හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ කැපචීනෝ කෝප්පයක් ස්ටාර් බක්ස් අවන්හලක කැපචීනෝ කෝප්පයකට වඩා දහ ගුණයක් පමණ මිලෙන් වැඩිය​. නමුත් රස අතින් ඔහු වඩාත් කැමති ස්ටාර් බක්ස් කැපචීනෝ වලටය​.

තවමත් ඇමතිතුමා පැමිණ නොමැත​. ඔහු සමහර විට තවම නිදාගෙන සිටිනවා විය හැක​. ඇමතිතුමා පැමිණි විගස උදෑසන ආහාරය  ඇණවුම් කිරීමට වින්සන්ට් ලංකාතිලක  ඉටා ගත්තේය​.

ඇමතිතුමා පැමිණියේ කියූ වේලාවටත් විනාඩි හතලිස් පහක් ප්‍රමාද වීය​. ඔහු සමග පැමිණි අනෙක් දෙදෙනා ඔවුන් සිටි මේසය අසල හිටගෙන සිටියා මිසක ඇමතිතුමා සමග මේසයට වාඩි වූයේ නැත​.

මට ටිකක් ඊයේ රෑ වැඩි උනා , දන්නැද්ද ඇමරිකාවට ආවම දාන්ඩ එපැයි නස්පුක් වෙන්ඩ. ඊයේ අපිව මෙහෙ පක්‍ෂ ශාකා ලේකම් කෙනෙක් රෑ කෑමකට අරගෙන ගියා . ඌ නම් මෙහෙ ආවේ බෝට්ටුවෙන් පැනලා. හැබැයි දැන් ඌට සරු වගේ. ඉස්සර තැපැල් නයින්ටියේ පොල් ගෝනිය තියාගෙන ගියේ. දැන් උගෙ ගෙදර පූල් එකකුත් තියනවා. අපි බැදපු ඌරු මස් කාල විෂ්කි බිව්වා  ඇමතිතුමා ඝෝෂා සහිතව පැවසීය​.

යාබද මේසයේ සිටියේ ස්විස්ටර්ලන්තයෙන් පැමිණි මහළු යුවලකි. ඔවුන් අශිෂ්ට ලෙස හඬින් කථා කරන දුඹුරු පැහැති මිනිසා දෙස බැලීය​. නමුත් ඇමතිතුමාට ඒ පිලිබඳව කිසිදු හැඟීමක් නොවීය​. ඔහු නොකඩවා උස්  හඬින් කථා කලේය​.

ඊයේ ගහපු ගැහිල්ලට මට තාමත් මත වගේ. තැඹිලි ගෙඩියක් බිව්වනං මාරයි. ඉතින් මෙහෙ කොහේද තැඹිලි ගෙඩි හොයන්නේ

තම මේසයේ සිටින ආගන්තුකයා හෝටලයේ අවන්හලේ අවධානයට ලක් වී ඇති බව වින්සන්ට් ලංකාතිලක  දනියි. ඔහු සමග පැමිණ දෙදෙනාද  මෙන් සුළඟට හෙලවෙන උණ ගස් දෙකක් මෙන් මේසය ඉදිරිපිට හිටගෙන සිටිති. එක් පුද්ගලයෙකු ඇඟිල්ල නාස් කුහරයට දමා හොටු කැබලි එලියට ගනියි. අනෙක් පුද්ගලයා අවන්හලේ බාර් එක දෙස අශාවෙන් බලා සිටියි. මේ විසූක දස්සන දෙස ස්විස්ටර්ලන්තයෙන් පැමිණි මහළු කාන්තාව බලා සිටියේ අපුලිනි.

ඇමතිතුමා අපි උදේට මොනව හරි කමු නේද ? මේ දෙන්නටත් වාඩි වෙන්න කිව්වනම් "වින්සන්ට් ලංකාතිලක  පැවසුවේ තත්වය මඳක් සමනය කිරීමේ අභිලාශයෙනි.

මේ උඹලා දෙන්නත් මේ තියන තැනකින් වාඩි වෙයල්ලා ඇමතිතුමා උස් හඬින් දෙදෙනාට නියෝග කලේය​.

එපා සර් මෙහෙම හොඳා දෙදෙනාම එක්වරම කීහ​.

එපා නං ඔහොම ඉඳපල්ලා මම කනවා

හොඳමයි සර්  ‘

මුං මීයො වගෙ හිටියට හොඳ පොරවල්. ඇමතිතුමා තම සහචරයන් දෙදෙනා වින්සන්ට් ලංකාතිලකට හඳුන්වා දුන්නේය​. මේ තමයි ලාල් මූ නියම වැඩකාරයෙක්. විරුද්ධ පක්සේ දෙනෙක්ව බාවලා තියනවා. මම කිව්වොත් මේ තට්ටුවෙන් උනත් පනියි. මොකද ලාලො කියන්නේ ?

ලාල් නම් තැනැත්තා ක​ෙට් දත් පෙන්නමින් හිස නවා සිනාසුනේය​. ඔහුගේ නික​ෙට් දැළි පිහි කැපුම් පාරකි.

ලාල තමයි මගේ බොඩිගාඩ් මම යන ඕනම දිල්ලියක ඌවත් ගෙනියනවා. අමාත්‍යන්සේ මාධ්‍ය ලේකම් කෙනෙක් කියලා තමයි මූව ඇමරිකාවට ගෙනාවෙ. මුන්ටත් මේවා පෙන්නන්ඩ එපැයි. හැබයි ලංකාවට යනකොට මාත් එක්ක යන්ඩ ඕනේ. ගල් වෙන්ඩ තහනං අරිද ?

ලාල්  යලිත් වරක්  ක​ෙට් දත් පෙන්වා හිස නවා සිනාසුනේය​.

අර ඉන්නේ මගේ සාන්තිකර්ම කරන විස්වනාත්. අපේ ලොක්කගේ කේන්දර වැඩ කරන්නෙත් මිනිහා තමයි. එයත් අපේ අමාත්‍යාංසේ මාධ්‍ය ලේකම් කෙනෙක් " ඇමතිතුමා නාසය හාරන මිනිසා දෙස බලා කීවේය​.

වින්සන්ට් මහත්තයටත් ගුරුකම් එහෙම කර ගන්ඩ ඕන්නම් කියන්ඩ. මිනිහා රජ වැඩකාරයා. මට එගෙන්ස්ට් එකට හිටපු කීප දෙනෙක්ම සළු කරල තියනවා " අමතිතුමා මේසයට පහරක් ගසමින් කීවේය​.

එම පහර නිසා මේසය මත තිබූ වීදුරුවක් බිම වැටී කුඩුවී ගියේය​. වීදුරුව බිඳී ගිය ශබ්දය නිසා ස්විස්ටර්ලන්තයෙන් පැමිණි මහළු කාන්තාව ඇතුළු අවන්හලේ සිටි අමුත්තන් කිහිප දෙනෙක් තිගැස්සුනහ​. නමුත් ඈතින් සිටි වේටර්වරයා මුහුනෙන් කිසිදු වෙනස්කමක් නොපෙන්වීය​. මෙම හෝටලයේ වසර අටකට වඩා සේවය කරන මෑන් හැට්න් වලින් පැමිණි වේටර්වරයා ඉන්දියාව , නයිජීරියාව , ලංකාව වැනි රටවලින් වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලට පැමිනෙන  අමුත්තන් ගේ විකාර දැක තිබේ. ඔහු මුහුෙණන් කිසිම හැඟීම් මාත්‍රයක් නොපෙන්වා බිම වැටී තිබෙන වීදුරු කටු කුඩා කොස්සකින් සහ කුණු එකතු කරන අතංගුවක් මහින් එකතු කලේය​. තුන් වන ලෝකයේ නොදියුණු රට වලින් එන වානරයන් බඳු මිනිසුන් ගේ අශිෂ්ට සම්පන්න හැසිරීම ගැන සවස්  විවේක කාලයේ අනෙකුත් සුදු වේටර්වරුන්  සමග කියමින් පහත් හඬින් සිනාසෙන ඔහු මේ අවස්ථාවේදී ඉතා විශිෂ්ට නළුවෙකු සේ මුහුෙණ් ඉරියව් පාලනය කර ගනිමින් අමුත්තන් ඉදිරියේ හැසිරුනේය​.


සොරි එබවුට් දැට් වින්සන්ට් වේටර්වරයාගෙන් සමාව අයැදියේය​.

නෝ ප්‍රොබ්ලම් සර් " වේටර්වරයා තම මෑන් හැට්න් උච්චාරණයෙන් කීවේය​.

"ඇමතිතුමා මොනවද උදේට කන්නේ ? මම නම් උදේට කන්නේ පෑන් කේක් දෙක තුනක් මේපල් සිරප් එක්ක. කැමති දෙයක් ඕඩර් කරන්න "  වින්සන්ට් ලංකාතිලක ඇමතිවරයාට උදෑසන ආහාරයට ආරාධනා කලේය.

මටත් ඉතින් ඔන්න දෙයක් මෙහෙ ඉඳි ආප්ප පිට්ටු හොයැන්නයි

එහෙනම් පෑන් කේක් කමු

කමු කමු.. කන දෙයක් බඩටනේ වින්සන්ට් මහත්තයා

ඉතින් ඇමතිතුමා ලංකාව කොහොමද ?

"ලංකාව  ඔහේ තියනවා ලංකාව කියන්නේ වින්සන්ට් මහත්තයා මෝඩයන් ගේ රටක් නේ , නැත්නම්  උන් අපි වගේ එවුන් උන්ව පාලනය කරන්ඩ පත් කර ගනීයැ

මේ වැකිය සැබවින්ම ඇමතිවරයා කීවා දැයි වින්සන්ට් ලංකාතිලකට නිනව්වක් නොවීය​. එම වැකිය ඇමතිවරයා නොකීවද එය ඇමතිවරයාගේ යටි සිත කියූ වැකියක ප්‍රතිරාවයක් විය හැක. 

ඇමතිවරයා ඉපදුනේ දුප්පත් පවුලකය​. කුඩා කාලයේ අසල්වැසියන් විසින් ඇමතිවරයාව අමතන ලද්දේ පොඩි මුස්නයා කියාය​. හේතුව ඔහුගේ පියා කොසු ඉදල් තනා විකිණීම විය හැකිය​. පියාට අසල්වාසීන් ලොකු මුස්නයා කියා කීහ​. හය වසර දක්වා පාසල් ගිය  පොඩි මුස්නයා ඉන් පසු කට්ටි පැන්නේය​. බීඩි සිගරට් බීමට හුරු වූ ඔහු මුලදී වත්තේ අසල්වැසියන් සන්තකව තිබූ පොඩි පොඩි දේවල් සොරා ගෙන විකිණීමට පුරුදුව සිටියේය​. වරක් අසල්වැසියෙකුගේ ලෑලි බිත්තියට හේත්තු කොට තිබූ මළකඩ කෑ පරණ බයිසිකලයක් හොරකම් කර හන්දියේ යකඩ බඩු ක​ෙඩ් නානාට විකුණා අසුවීම නිසා පොඩි මුස්නයා අසල්වැසියන් ගෙන් බඩපුරා ගුටි කෑවේය​. ඉන්පසු පොඩි මුස්නයා වත්තේ දෙයක් හොරකම් නොකලේය​.

වත්තේ අසල්වැසියන් ගේ බඩු සොරකම් කොට විකිනීම වෙනුවට ඔහු තමා වැනි රස්තියාදු වෙවී සිටි ගැටවරයන් කිහිප දෙනකු එකතු කරගෙන තොටලඟ සහ පෑලියගොඩ  යන ප්‍රදේශ වල වාහව වල කෑලි හොරෙන් ගලවා පංචිකාවත්තේ වෙලෙන්දෙක්ට වික්කේය​.  මෙම ජාවාරම දෙවසරක් පමණ කරගෙන ගියද දිනක් පොඩි මුස්නයා පොලිසියට හසු විය​. ඉන් පසුව  ඔහු යන්නේ මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධනාගාරයටයි. ඔහු යලිත් නිදහස්ව එන්නේ අවුරුදු විසි දෙකක තරුණයෙකු ලෙසටය​.

වසරක් පමණ නිහඩව කුලී වැඩැක් කොට ජීවත් වූ පොඩි මුස්නයාට අකුරල රත්නේ මුණ ගැසේ. අකුරල රත්නේ වෘත්තීය සොරෙකි. ඔහු සමග එක් වන පොඩි මුස්නයා ගෙවල් බිඳීමට යොමුවේ. වරක් කහව ප්‍රදේශයේ රත්ත්‍රන් සාප්පුවක් බිඳීමට ගිය අකුරල රත්නේ සහ පොඩි මුස්නයා පොලිසියට   කොටු වූහ​. මෙවර පොඩි මුස්නයා වසර දෙකකට වැලිකඩට යයි.

වැලිකඩ පොඩි මුස්නයාට උසස් පාඨශාලාවක් විය​. මිනී මැරීම , මංකොල්ල කෑම , මත්ද්‍රව්‍ය විකිනීම පිලිබඳ මූලික සිද්ධාන්ත ඔහු උගත්තේ වැලිකඩිනි. දෙවසරකට පසු පොඩි මුස්නයා ශක්තිමත් බාහු වලින් යුක්තව  ඕනෑම අපරාධයක් නොබියව කිරීමේ හැකියාව සහ අධිෂ්ඨානය සහිත  මිනිසෙකු ලෙසට නිදහස් ලෝකයට පැමිනියේය​.

ඉන්පසු පොඩි මුස්නයා හෙරොයින් පාතාලය සමග වැඩ කලේය​. මේ කාලය තුලදී වියාපාරික තරගකාරීත්වය  නිසා ඔහු අතින් තිදෙනෙකු පමණ ඝාතනය විය​. මේ නිසා හෙරොයින් වියාපාරයේ ප්‍රමුඛයෙකු ලෙස ඔහු පෙරට ආවේය​. ඉතා කල්පනකාරීව වැඩ කල පොඩි මුස්නයා පොලිසියේ උසස් නිලධාරීන්ටද ප්‍රදේශයේ දේශපාලකයන්ටද අත දිග හැර වියදම් කලේය​. මේ නිසා ඔහු ස්පර්ශ කළ නොහැකි පුද්ගලයෙකු බවට පත් විය​. හෙරොයින් මගින් අසීමිත ධනස්කන්ධයක් ඉපැයූ පොඩි මුස්නයා  දේශපාලන තළයේ ඉහලම සිටි සියළුම දේශපාලකයන් ගේ අසහාය මිත්‍රයෙකු විය​. එම නිසා නොබෝ කලකින් ඔහු දේශපාලනය වෙතද පැමිණියේය​. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටද ඉන් පසු පාර්ලිමේන්තුවටද යාමට වරම් ලැබුවේය​.

මැතිවරණයේදී  ජාතික තළයේ  සිටි  දේශපාලකයෝ පවා පොඩි මුස්නයාට සහාය පිණිස ආහ​. පළාතේ සංඝ නායකයන් වහන්සේලා  පොඩි මුස්නයා සුදත්ත සිටුතුමාට උපමා කළහ​.  සාක්‍ෂරතාවයෙන් හෙබි ජනයා පෝලිමේ ගොස් යන්තම් නම පමණක් අත්සන් කල හැකි පොඩි මුස්නයාට කතිරය ගැසූහ​. මේ නයින් පොඩි මුස්නයා ඇමතිවරයෙකු වීමට භාග්‍ය ලැබුවේය​.

වින්සන්ට් ලංකාතිලක  ඇමතිවරයා දෙස බැලීය ඔහු ශබ්ද නගමින් පෑන් කේක් අනුභව කරයි. ගෑරැප්පුව ඔහු අල්ලගෙන සිටින්නේ කාට හෝ ඇනීමට මෙනි. මඳක් ඈතින් සිටින සුදු වේටරයා වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලට පැමිණි දුඹුරු පැහැති වනචාරියා ආහාර අනුභව කරන අයුරු බලා සිටියි. අද සවස පහත මාළයේ වේටර්ටවරුන්ට පමණක් යා හැකි විවේකාගාරයේදි කෙනී සහ ෆ්‍රෑරෑන් හමු වූ විට රස කරමින් කීමට කථාවක් ඔහුට තිබේ. පසුගිය සතියේ කෙනී හෝටලයේ  අතුරුපස භාජනයකට තම අපිරිසුදු අත දැමූ ඉන්දියානු ජාතිකයා එය කල ආකාරය රඟ දක්වා පෙන්වීය​. එවිට ඔවුන්  හඬ  නගා සිනාසුනහ.

වින්සන්ට් ලංකාතිලක  මොහොතක් කල්පනාවේ  නිග්ම විය​. ඔහුට ටොම් හේගන් සහ වීටෝ කොර්ලියෝනි අතර ඇතිවූ දෙබස මතක් විය​. වර්ජිල් සොලෝසෝ හෙරොයින් වියාපාරයට අත ගසා තිබේ.  ඔහු වියාපාරය නිරුපද්‍රිතව කරගෙන යාමට වීටෝ කොර්ලියෝනිගේ අනුමැතිය , ආරක්‍ෂාව , සහ සබඳතා අපේක්ශා කරයි. නමුත් වීටෝ කොර්ලියෝනි මෙම පහත් වියාපාරයට කැමති නැත​.  එහිදී ටොම් හේගන් පවසන්නේ කොර්ලියෝනි පවුල හෙරොයින් ජාවාරමට සම්බන්ධ නොවන්නේ නම් අනෙකුත් මාෆියා පවුල් හෙරොයින් ජාවාරම කොට අධික මුදලක් උපයා තව වසර දහයකදී ගොඩ නගා ගන්නා බලය තුලින් කොර්ලියෝනි පවුල අතුගා දැමිය හැකි බවයි. මේ දෙබස ලංකාවේ දේශපාලනයට ආදේශ වන්නේ කෙසේදැයි ඔහු මනසින් විමසා බැලීය​.

වින්සන්ට් මහත්තයා මොනාද කල්පනා කරන්නේ ඇමතිවරයා  මුඛයේ ආහාර පුරවාගෙන අසයි. නමුත් ඔහු  ඇමතිවරයාට කිසිදු පිළිතුරක් නොදෙයි.

"මෙදා සැරේ අපි චන්දෙට දාන්ඩ හිතං ඉන්නේ නිලියෝ ටිකක් " ඇමතිතුමා කියයි.

මුහුනේ කරුණාව මයිත්ත්‍රිය පොදක් නොමැති  මිනීමරුවන්කසිප්පු  වෙලෙන්දන්, කුඩු ජාවාරම්කරුවන් ගේ මුහුණු අතරට මිනිසුන් ගේ අවධානය වහා යොමු වෙන සරාගී මුහුණු  ටිකක් මැතිවරණයේ පෝස්ටර් අතරට එකතුවනු ඇත​. දේශපාලන ක්‍රමවේදයෙන් විමුක්තියක් ලබා ගත නොහැකි ඉච්ඡාභංගත්වයට පත් වී සිටින අපරිණත සමාජයකට එයින් හෝ තාවකාලික වින්දනයක් ලබා ගත් හැකි වනු ඇත​.  ඇමතිතුමා  අදහස් කරන්නේ මෙයද ?.

චන්දයක් කියන්නේ බරටම වියදම් කරන්න ඕනේ. ගිය සැරේ ඉලෙක්සන් එකට වියදම් කරපු සල්ලි වලින් මේ වගේ හෝටලයක් ගහන්න තිබුනා”  ඇමතිතුමා  නොකඩවා කථා කරයි.

හයිනාවරුන් ගොඩ නගනා දේශය. වින්සන්ට් ලංකාතිලක  හයිනා ඇස දිටීය​. දක්ශිණ දේශයේ ප්‍රාදේශීය හයිනාවෙක් සහචරයන් සමග ගොදුරු සොයා යයි. කිසිදු ඉගෙනුමක් ලබා නොමැති පාදඩයෙකු වූ හයිනාවා ප්‍රදේශයේ ජනතාව විසින් පාළනය සඳහා තෝරා ගත්තෙකි. ඔහු සුදු තරුණියක් තනිව සිටිනවා දකී.

කාම චිත්‍රපට නිබඳවම බලන හයිනාවා දකින දකින සුදු තරුණියන් කාම චිත්‍රපට වල සිටින සරාගී නිලියන් මෙන් සංසර්ගයට ඕනෑම අවස්ථාවක සූදානම් බව විශ්වාස කරයි. ශිෂ්ට සම්පන්න හැසිරීම  බුද්ධිය  වැනි  උසස් චර්‍යාවන් පාලනය කරන මස්තිෂ්කයේ පූර්ව ඛණ්ඩිකාව හයිනාවාගේ මෙන්ම ඔහුගේ සහචරයන් ගේ තවමත් වර්ධනයව නොමැත​. මෙම කොටස් තවමත් මොවුන් ගේ පවතින්නේ ප්‍රාථමික මට්ටමේ ය​. එම නිසා තිරිසන් සත්වයන් සහ දෙගාත් හයිනාවන් අතර චර්‍යා  රටාවේ එතරම් වෙනසක් නොමැත​. මොවුන්  ක්‍රියා කරනුයේ මූලික අවශ්‍යතා මතයි.

සුදු තරුණිය දකින හයිනාවාට ඇය සමග සහවාසයේ යෙදීමට අවශ්‍ය වෙයි. ඇයගේ අනුමැතිය ඔහුට අවශ්‍ය නොවේ. හයිනාවා සහ ඔහුගේ  සහචරයන් තරුණිය වෙතට කඩා පනිති. මවුන්ටන් ඉන් ද ජංගල් චිත්‍රපටයේ ම්ලේච්ඡයන් කඩාපනින විට  Ursula Andres බියෙන් කෑගැසුවාටත් වඩා උච්ච හඬකින්  සුදු තරුණිය කෑගසන්නීය​. හයිනාවුන් ඇයව පෙරලාගෙන ඇයගේ ශරීරයේ ඇඳුම් ඉවත් කරති.

හයිනාවුන් ගේ ශරීර වල දාඩිය ගඳ , මුඛයේ දත් අතර හිරවී ඇති ආහාර කැබලි පූතිභවනය වීම නිසා එන ගඳ  නිසා තරුණිය හුස්ම ගැනීමේ අපහ්සුවෙන් පෙලෙන්නීය​. ඒ අතරවාරයේ තවත් එක් හයිනාවෙක් ඇයගේ කට තදින් වසා සිටියි. උඩුබැලි අතට වැටී සිටින ඇය අසීරුවෙන් අතපය ගසන්නීය​. නායක හයිනාවා ඇයගේ ශරීරය මත නැග තම දෙදණින් ඇයගේ දෙපා  ඈත් කිරීමේ වෑයමක නිරත වේ. අනෙකුත් හයිනාවන් තරුණියගේ පියයුරු කළවා බලහත්කාරයෙන් මිරිකති , සපාකති

මේ අවස්ථාවේදී තරුණිය ගලවා ගැනීම පිණිස ඇයගේ පෙම්වතා පැමිනේ. ඔහුගේ ශක්තිමත් බාහු පහරවල් වලින් හයිනාවුන් සීසීකඩ විසිවෙති. එය කුඩා සිම්බ හයිනාවුන් ගෙන් බේරා  ගැනීම සඳහා මුෆාසා කඩාවදින දර්ශනය සිහිපත් කරයි. මුෆාසා හයිනාවන්ට පහර දෙයි. නමුත් හයිනාවුන් පළා නොයති. ඔවුන් ගිනි අවියක් ගෙනැවිත් මුෆාසා මරා දමා තරුණිය දූෂණය කරති.  සාමූහික දූෂණයට ලක් වීම නිසා තරුණිය විසංඥ වේ.

ලිංගික ආවේගයන්  සන්තෘප්ත කර ගැනීමෙන් මිනිසෙක් මැරීමෙන් ලැබෙන රෝමහර්ෂයෙන් උදම් වන හයිනාවන් ගොදුරු බිමෙන් ඉවත් වෙති. මිනියක් මැරීමෙන් ස්ත්‍රියක් දූෂණය කිරීමෙන් මතුවිය හැකි නෛතික ගැටළු පිලිබඳව හයිනාවන්ට බියක් නොමැත. වනයේ රජු විසින් ඔවුන් බේරා ගනු ලබන බවට හයිනාවන් ඒකාන්තයෙන් විස්වාස කරති. නීතියෙන් බේරී යන හයිනාවා පසු කාලයක ගෝත්‍රික ජනයා විසින් යළි මහජන නියෝජිතයෙකු ලෙස පත් කර ගනු ඇත.

ලංකාව කියන්නේ වින්සන්ට් මහත්තයා මෝඩයන් ගේ රටක්”  ඇමතිතුමා මහ හඬින් කියා සිනහසෙයි. සිනහව පාලනය කිරීමට නොහැකි වූ කල ඔහුට පිට උගුරේ යයි. දිගින් දිගටම කහින ඇමතිතුමා උගුරේ සිරවූ අඩක් විකන ලද ආහාර කෙළත් සමග යළි තම පිඟානට දමයි. එය ඉතා පිළිකුල දනවන දසුනකි. මේ සමගම ස්විස්ටර්ලන්තයෙන් පැමිණි මහළු කාන්තාව සහ ඇයගේ සැමියා නැගිට යයි.  ඒ සමගින් තවත් අමුත්තන් කිහිප දෙනෙකු පිළිකුල නිසා ආහාර ගැනීම නවතා අවන්හලෙන් පිටවී යති. මෑන් හැට්න් වලින් පැමිණි වේටර්වරයා පමණක් ඇමතිතුමා දෙස ඇසි පිය නොහෙලා බලා සිටියි. 
  
වින්සන්ට් ලංකාතිලක අත්පිස්නාව ඇමතිවරයාට දුන්නේ ඔහුගේ  මුඛයෙන් වෑහෙන ඛෙටය පිස දමා ගැනීම පිණිසය​. නමුත් ඇමතිවරයා අත්පිස්නාව අතැතිව නොකඩවා කහිමින් කථා කරයි. ඒ අතරවාරයේ හයිනා ඇස වින්සන්ට් ලංකාතිලක ඇසිපිය නොහෙලා බලා සිටියි.

               (පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග)



29 comments:

  1. ඇත්ත අමුවෙන් ම ලිව්වාම තමයි රහ...!!!

    ඇමති සහචරයන් නොකා හිටගෙන සිටීම අවුල් නේද? ඇමතියාට බේකන් කන්න දුන්නා නම් තමයි හොඳම උත්ප්‍රාසය මතුකරගන්න තිබුණේ.

    ReplyDelete
    Replies
    1. රසික සාමන්‍යයෙන් ඇමතිවරයා මේසයට වාඩි උනාම සහචරයන් හිටගෙන ඉන්නවා ඒක ඇමතිවරයා ඉදිරියේ නියාළු බව පෙන්වීමක් . ඒ වගේ හැසිරීම් මම දැකලා තියනවා සුව අමාත්‍යාංශයේ

      Delete
    2. මං අදහස් කළේ සුව අමාත්‍යාංශයේ හැසීරිම නොවේ, Waldorf Astoria වගේ තැනක දෙන්නෙක් කන අතරේ තව දෙන්නෙක් ගියගෙන සිටීම අවුල් නේද කියන එකයි!

      Delete
    3. //ඇමති සහචරයන් නොකා හිටගෙන සිටීම අවුල් නේද?//
      මට නං අල්ලල ගියා එතන. මේක තමයි ඇත්තම ඇමතිගෝලයන්ගේ හැසිරීම. රසික දැකල නැද්ද?
      ඇමතිල සාමාන්‍යයෙන් එහෙමයි. ස්මාට්ෆෝන් එක එහෙම ගොලය ලඟ තියෙන්නෙ. කෝල් එකක් ආවම අතට දෙනව. මේ ජාතියෙ හැසිරීමක් මම ලඟින්ම දැක්ක අවස්ථාව තමයි කැම්පස් එකේ ඉන්න කාලෙ මහින්ද විජේසේකර අපි කන්න ගියපු හෝටලයකට අාව අවස්ථාව. කිසිම වෙනසක් නෑ.

      Delete
    4. හොඳ නිරීක්‍ෂකයෙක්

      Delete
    5. @ රාජ් ඇත්ත ...රාජ්‍ය සේවකයන් හොදට දන්නවා ඔය seen එක...මොන රෙද්දේ ගියත් උං හිටං තමා ..

      Delete
  2. මේවා අහලා දැකලා පුරුදු නිසාම දැන් සිස්ටොලික් ප්‍රෙශර් එක වැඩි වෙන්නේ නෑ. නැත්නම් ඉතිං අපිටත් වෙන්නේ වින්සන්ට් ලංකාතිලකට වුන ටිකම තමයි.

    ReplyDelete
  3. Unfortunately this is exactly the way some Sri Lankans living in overseas behave in public places. They seem ignorant to etiquettes.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Our efforts should be directed to create world-class Sri Lankans , unfortunately we create little minds with tribal mentalities.

      Delete
    3. //Unfortunately this is exactly the way some Sri Lankans living in overseas behave in public places.//

      Should that be "people from the Indian sub-continent" ?

      Delete
  4. මේ වගේ දේශපාලක ජෝකරයෙකුට, 2008 වර්ෂයේදී, ලොකු හමුදා කඳවුරක තියන සාදයකට ඇරයුම් කර තිබුණා. ඌ හැසිරුනෙත් මේ වගේ. සරමත් උස්සගෙන පුටුවේ ඇන්ද උඩින් කකුල තිබ්බා, විස්කි වීදුරු තුනක් ඉවර කලාම. හැම දෙනාම කාපු කුකුල්මස් කටු දාපු දීසියට අතදාලා කුකුල් මස් කියලා හිතලා, කවුරුහරි කාලා දාපු කටුවක් හපන්න පටන්ගත්තා. අපි හිනා නොවී හිටියේ, ආරක්ෂක සේනා ආඥාපති එතන හිටිය නිසා. උගේ බොඩිගාඩ්ලා හිතුවේ උන්ටත් ඇතුලට එන්න කියයි කියලා. නමුත් අපි කිව්වා, ඇමතිතුමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් අපි බලාගන්නම් කියලා. උනුත් ආවේ පිනට ගහන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හමුදාව දේශපාලනීකරණය වීමේ විපාක

      Delete
  5. මේක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියනව නං, ඇමතිතුමාගෙ පසුබිම් විස්තරය නොකියා හෝටලේ සිද්ධිය විතරක් කිව්ව නං හොඳයි කියල හිතුන. එච්චරටම සාමාන්‍යයි. හරිම කාලකන්නි හැඟීමක් දැනුනෙ!

    ReplyDelete
    Replies
    1. රාජ් ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා නායකයන් වෙන්නේ නැහැ

      Delete
  6. ඇත්ත ඇත්තම ඇත්ත අපි තමා මෝඩයෝ

    ReplyDelete
  7. ඉතාම සාමාන්‍ය දෙයක්..

    ReplyDelete
  8. කණගාටුම දේ -
    // සාක්‍ෂරතාවයෙන් හෙබි ජනයා පෝලිමේ ගොස් යන්තම් නම පමණක් අත්සන් කල හැකි පොඩි මුස්නයාට කතිරය ගැසූහ​.//
    //නීතියෙන් බේරී යන හයිනාවා පසු කාලයක ගෝත්‍රික ජනයා විසින් යළි මහජන නියෝජිතයෙකු ලෙස පත් කර ගනු ඇත. //

    දේශ ප්‍රෙමය, අධිරාජ්ය විරෝධය, බටහිර භීතිය, රට ජාතිය ආගම රැක ගැනීම වගේ දේවල් වලින් මුලාකර සිටින ජනතාව දේශපාලකයින්ගේ පුද්ගලික කොලිටි එක ගැන නොසැලකීම තමයි හේතුව

    ReplyDelete
  9. හයිනාවන් තමන්ට වඩා අඟලක්වත් උස කිසිම දේකට පහර දෙන්නේ නැහැ. ඒ තමයි උගේ බුද්ධියේ තරම. ඔබ මෙහි ඉන්නා උන් හයිනාවන්ට උපමා කරපු එක තමයි උපරිම උත්ප්‍රාසය මට නම්.

    අනික්වා ගැන නම්, කනගාටුවෙන් යුතුව නිහඬවෙමි. සංයමයෙන් එය ලියු බවට ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. උපේක්‍ෂා මේ දෙගාත් හයිනාවන්

      Delete
  10. හොඳායි. හොඳායි. හොඳායි .

    ReplyDelete
  11. ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා නායකයන් වෙන්නේ නැහැ. සම්පූර්ණ අැත්ත. අපිට මුලින්ම අවශ්‍ය වන්නේ සබුද්ධික ජනතාවක් නිර්මාණය කර ගැනීමයි. ඒත් පවතින කිසිදු රටාවකින් ඊට අවකාශ නොලැබෙයි. අධ්‍යාපන පද්ධතියේ පවා අැත්තේ විකෘතියකි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook