Tuesday, January 13, 2015

බොරිස් පැස්ටර්නැක් - බොල්ෂෙවික් විප්ලවයේ අනෙක් පාර්ශවය දුටු මිනිසා

 
 
 
—තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක˜
බොරිස් පැස්ටර්නැක්
 
     බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ මධ්‍යම පාංතිය තුළ පැවති අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් —ඩොක්ටර් ෂිවාගෝ˜ නම් අර්බුදයට තුඩු දුන් නවකථාව රචනා කිරීම හේතුකොටගෙන නොඛෙල් ත්‍යාගලාභී රුසියානු කවියෙකු හා ගත්කතුවරයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ලෝක ප්‍රසිද්ධියට පත්විය. පැස්ටර්නැක් —පරිකල්පනයට˜ අදාළ ශ්‍රේෂAඨ නිර්මාපකයෙකු විය. ඔහුගේ ශ්‍රේෂ්ඨ නවකථාව මානවවාදයෙන් පිරී ඇති අතර එහි චරිතයන් සකසා ඇත්තේ කාව්‍යාත්මක දැක්මකිනි. 1917 දී රුසියාවේ සිදුවූ දැවැන්ත සමාජ පෙරළිය ඔහු දුටුවේ නිරන්තරයෙන් වෙනස් වන සිත්ගන්නා රූ රටා මවන මානව ක්‍රීඩා භාණ්ඩයක් ලෙසිනි.
 
     මෙම නවකථාව රචනා කරන ලද්දේ විප්ලවය හා බැදුණු (1910-1920 අතර) වර්ෂවල වුවද එය ප්‍රකාශයට පත්කරන ලද්දේ දශක කිහිපයකට පසුවය. විශ්ව විද්්‍යාවට :ක‍දිපදකදහ- අදාළ පැස්ටර්නැක්ගේ දැක්ම හා ජීවිතය කෙරේ මෙන්ම පුද්ගලයා කෙරේ ද දක්වන ලද දැඩි ඇල්ම මෙම නවකථාව තුළ ප්‍රශස්ත අන්දමින් ප්‍රකාශිත වී ඇත. එය රුසියානු ජීවිතය, රුසියානු විප්ලවය හා මුල් සෝවියට් යුගයට අදාළ ජීවිතය ද පිළිබඳ කදිම රූප රාමුවකි.
 
     —ඩොක්ටර් ෂිවාගෝ˜ නම් ඔහුගේ මෙම ශ්‍රේෂ්ඨතම කෘතිය මගින් නූතන සමාජ දේශපාලනික පැවැත්ම සම්බන්ධ ගැටලූ පැස්ටර්නැක් අවධානයට ලක් කරවයි. රුසියානු විප්ලවය පැවති අවධියේ හා ඉන් අනතුරුවද පැවති සමාජ කැළඹිල්ල හා රුසියාවේ ඉහළ මධ්‍යම පංතිය ඉන් ලද අහිතකර බලපෑම්ද විස්තර කෙරෙන මෙම කෘතිය පුළුල් දර්ශනයක් විදහා දක්වන සමාජ හා දේශපාලනමය වෘත්තාන්තයකි. පැස්ටර්නැක්ගේ හෙලිදරව්ව අනපේක‍ෂිත ප්‍රශ්නයක් කෙරේ අවධානය යොමුකරවයි. එය —සමාජීය මතවාදයක් වෙනුවෙන් තම පෞද්ගලික නිදහස හා පෞද්ගලික ජීවිතය ද කැප කිරීම සාධාරණද?˜ යන්නයි.
 
     —මතවාදය˜  යන සංකල්පය සාමාන්‍යයෙන් සම්බන්ධ වී ඇත්තේ බලයට අදාළව වන අතර බොහෝ විට මිනිස් හැ`ගීම් කෙරේ සැලකිල්ලක් නොදක්වයි. මතවාදය යන්න මිනිසා ලෝකය ගැන සිතන ආකාරය හා ලොවෙහි ජීවත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ පරමාදර්ශී සංකල්පය යනුවෙන් අර්ථකථනය කළ හැකිය. එය වුවමනාවෙන්ම ජනතාව මර්දනය කිරීමට හෝ ඔවුන්ගේ විඥානය වෙනස් කිරීමට තැත් කරන කණ්ඩායම් අතර පවත්නා ඛෙදීගිය විශ්වාසයකි. මෙම ක්‍රියාවලියේදී ප්‍රචණ්ඩත්වය, කායික වදහිංසා පැමිණවීම, හා ත්‍රස්තවාදය වුවද යොදාගනු ලබන අතර, මිනිසුන් මනිනු ලබන්නේ ඔවුන්ගේ මතවාදී අදහස්වලට අනුවය.
 
     රුසියානු සමාජ සංවිධානයට අදාළ වූ මූලික වෙනස්කමක් බොල්ෂෙවික් විප්ලවය මගින් සිදුකර ඇත.සමාජය ගොඩනංවීම හරහා —නව මිනිසෙකු ගොඩනැංවීම˜ යන බොල්ෂෙවික් අදහස යුරි ෂිවාගෝ වැනි පුද්ගලයින් හට දුරවබෝධවූ උත්තමාදර්ශයක් විය. එබදු මිනිසෙකු එක්කෝ එම සමාජ ක්‍රමයට අනුගත විය යුතුය. නැතහොත් විනාශවිය යුතු හෝ ඉන් ඉවත් විය යුතුය. ක්‍රියාශීලී සමාජ පෙරළියක් සිදුවන විට එය පෞද්ගලික හැ`ගීම්වලට තැනක් නොදෙන අතර සාමූහිකව ජීවත්වීමට සෑම කෙනෙකුට පුරුදු පුහුණු විය යුතුවේ. මතවාදය හා සටන්පාඨ ජීවිතයේ කේන‍ද්‍රස්ථානයක් බවට පත්වේ. මිනිසුන් මනිනුයේ දේශපාලනමය වශයෙනි. එබඳු පරිසරයක පුද්ගලයන් හට ලැඛෙනුයේ අවම වරණයන්ය. ඩොක්ටර් ෂිවාගේ වනාහි මෙබදු සමාජ ක්‍රමයකට ගොදුරු වූ ගිණිය නොහැකි තරම් වූ පුද්ගලයන්ගෙන් කෙනෙකි.
 
     ලෙනින් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය ක්රැප්ස්ක්යා සමගද, ස්ටාලින්, නාඩියා ඇලිලූයේවා :Aකකසකමහැඩ්- සම`ගද සතුටින් ගත කළද යුරි ෂිවාගෝ සහ ලැරිසා ඇන්ටිපෝවා අතර පැවති ප්‍රේමය පෞද්ගලික කරුණක් වූ අතර බොල්ෂේවික් විප්ලවීය සංකල්පයන් තුල එයට ඉඩක් නොලැබිණ. රුසියාව තුල පෞද්ගලික ජීවිතය මියගොස් ඇති බව දැඩි රතු (කොමියුනිස්ට්) මතධාරියෙකු වන ස්ටේ‍රල්නිකොව් ප්‍රකාශ කළද මෙය සෑම කෙනෙකුටම අදාළ නොවිය.
 
     වෛද්‍ය යුරි ෂිවාගෝ යනු, තමන්ගේ පාලනයට ඔබ්ඛෙන්වූ බලපෑම් හේතුවෙන් අනපේක‍ෂික අන්දමට දෙපසට ඇදුනු වෛද්‍යවරයෙකු හා සංවේදි මිනිසෙකු විය. වෛද්‍ය ෂිවාගෝ පෞද්ගලික මෙන්ම සාමුහික දුක්ඛාන්තයක ගොදුරක් බවට පත්විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදී යුරිගේ මව මිය ගියාය. ඔහුට ඉතිරිවූයේ —බලලයිකාව˜ (තත් තුනක් සහිත ගිටාරයක් වැනි තුන්හුලක් සංගීත භාණ්ඩයකි) පමණකි. තරුණ යූරිව ඔහුගේ මාමා විසින් ඇති දැඩි කරගන්නා ලදී. මොස්කව් නගරයේ ජීවත්වන ඔහුට කාව්‍ය කලාව පිළිබඳව අසීමිත උනන්දුවක් ඇතිවිය. රුසියානු සමාජය තුළ වෛද්‍ය යුරි ෂිවාගෝව වෘත්තිකයෙකු මෙන්ම කවියෙකු ලෙසින්ද පිළිගන්නා ලදී. එහෙත් ඔහුගේ ජීවිතය ඔහුගේ බිරිඳ වූ ටානියා ක්‍රොමිකෝ සහ පෙම්වතිය වූ රූමත් හෙදියක වූ ලාරා ඇන්ටිපෝවා කෙරේ හටගත් ආදරය අතර ගැටලූවකට මැදිවී තිබුනි.
 
     සිවිල් යුද්ධය අරුඹුනු පසුව රතු ඛෙදුම්වාදීන් විසින් වෛද්‍ය ෂිවාගෝව ඔහුගේ පවුලෙන් හා බිරිඳගෙන් බලයෙන්ම ඉවත් කරන ලද අතර, පසුව ඔහුගේ බිරිඳ වූ ටානියා තම දරුවන්ද සමගින් ප්‍රංශය වෙත පලාගියාය. ස්ටේ‍රලින්කෝව් අත්අඩංගුවට ගත් පසුව ලාරාගේ ජීවිතය අවදානමට ලක්වූ අතර, අවස්ථාවාදියෙකු හා අවකල් ක්‍රියාවෙන් යුත් මිනිසෙකු වූ වික්ටර් කොමොරොවොස්කි සමග යාමට ඇයට සිදුවිය. එනයින් වෛද්‍ය යුරි ෂිවාගොට ලාරා ද අහිමිව ඉතා දුබල පුද්ගලයෙකු බවටද පත්විය. ස්ටාලින් විසින් රුසියාවේ සිදුකල දැවැන්ත මිනිස් නෙරපා හැරීමේදී ටානියා මහමගකදී අතුරුදන් වූවාය. ජනරාල් සෙව්ග්‍රාෆA පැවසූ අන්දමට බොහෝ විට ඇය කම්කරු කඳවුරුකට යන්නට ඇත. ආදරය හා අහිංසකත්වය අහිමි වූ ෂිවාගෝ අරමණුකින් තොර හිස් මිනිසෙකු බවට පත්විය. මොස්කව් නගරයේ වීදියක් දිගේ ලාරා යැයි සැක කළ කාන්තාවක් පසුපස හඹා යද්දී වෛද්‍ය ෂිවාතෝ හෘදයාබාධයකින් මිය යයි.
 
     විප්ලවයත් සම`ගම ඔහු වෙත සාමූහික ඛේදාන්තය බලපෑවේය. ෂැම්පේන්, කේවියර්, සහ වොඩ්කා පානය කරමින් ගතකල සාම්ප්‍රදායික, මධ්‍යම පන්තික මොස්කව් වැසියන්ගේ ඉහළ මට්ටමේ ජීවන රටාව රුසියානු විප්ලවය සමගම නිමාවට පත්විය. ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු විය. ෂිවාගෝගේ පවුලේ ධනය රාජසන්තක කරන ලද අතර නව සෝවියට් රජය මගින් ඔවුන්ගේ නිවාසය කුලී නිවාස පේළියක් බවට පත් කරන ලදී. ෂිවාගෝගේ පවුල කුඩා කාමරයකට කොටු කරන ලදී. ෂිවාගෝගේ සාම්ප්‍රදායික මධ්‍යම පන්තික මූලයන් නිසා බොල්ෂෙවික්්වරුන් විසින් ඔහුව පිළිකුල් කරන ලදී. ඔහු ලියූ කවි, නොවැදගත් හා ආශාවන් සපුරාගනු පිණිස ලියූ ඒවා ලෙස සලකන ලදී.
 
     විප්ලවය ඔවුන් වෙත අවාසනාව හා බලාපොරොත්තු කඩවීම්ද රැගෙන ආවේය. දහස් ගණන් දෙනා වෙඩිතබා මරා දමන ලදී. විප්ලවයට විරුද්ධ වී යැයි නම්කොට ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට   ගැනීමට   හෝ   මරණයට   පත්   කිරීමට  විප්ලවවාදී  කමිටුවට  බලය  තිබුනි.
—කුලක්වරුන්˜  යනුවෙන් වර්ගීකරණය කොට ධනවත් ඉඩම්හිමියන්ට මුලූමනින්ම විනාශ කොට දමන ලදී. —කුලක්˜ යනුවෙන් හැඳින්වූවෙකු වෙන්කොට හඳුනාගත හැකි පැහැදිලි නිර්වචනයක් හෝ සලකුණු කිරීමක් නොතිබිණි. ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් හිමි තැනැත්තෙකුව —කුලක්˜ කෙනෙකු ලෙස සලකන ලදී. ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත්‍රස්තවාදයේ උච්ඡ අවස්ථාවේදි ධාන්‍ය රාත්තල් තුනක් අයිතිවූ ගොවියකු වුවද —කුලක්˜ වශයෙන් නම්කොට මරණීය දණ්ඩනයට පමුණුවන ලදී.
 
     නමුත් —පරමාදර්ශී රාජ්‍යයට˜ යන මාවත සොයාගෙන ඇති බැව් බොල්ෂෙවික්වරු විශ්වාස කළහ. ඔම්ලට් එකක් සෑදීමට නම් බිත්තර කිහිපයක් බිඳිය යුතු යැයි පවසමින් ඔවුන් විප්ලවයෙන් පසුව පැවති බලවත් කම්පනය සාධාරණීකරණය කලහ. තම කාතිය වූ ඩොක්ටර් ෂිවාගෝ හරහා පැස්ටර්නැක් බොල්ෂෙවික්වරුන් වෙත ප්‍රශ්නය වක්‍ර අන්දමින් ඉදිරිපත් කළේය. —මම බිඳුණු බිත්තර දකිමි. එහෙත් ඔම්ලට් එක කෝ˜ යනුවෙන් පැස්ටර්නැක් ප්‍රශ්න කරන්නේය.


වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ .Boris Pasternak – The Man Who Saw The Other Side Of The Bolshevik Revolution  ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ . එස් වික්‍රමසිංහ 


10 comments:

  1. ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත්‍රස්තවාදයේ උච්ඡ අවස්ථාවේදි ධාන්‍ය රාත්තල් තුනක් අයිතිවූ ගොවියකු වුවද —කුලක්˜ වශයෙන් නම්කොට මරණීය දණ්ඩනයට පමුණුවන ලදී.//
    සෝවියට් යුගය සහ චීන ය තුල සිදුවූ අපරාධ ලොව ගැන ලොව වැඩි අවධානයක් යොමු වී නැහැ.සාර් යුගයේවත් මෙහෙම ම්ලේච්ඡත්වයක් තිබෙන්න නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා මගේ අදහස නම් සෑම කඳවුරකින්ම මිනිස් ඝාතන සිදු කරන ලද බවයි. ලින්ඩන් ජොන්සන් , නික්සන් ධනවාදයේ / ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නේපාම් මගින් කොපමණ ඝාතන කලාද ?

      Delete
    2. සමාජවාදී රටවල තියෙන ලොකුම වරද විපක්ෂයක් නැතිකම.ධාන්‍ය රාත්තල් තුනක් තියන එවුන් පවා මරන කොට විපක්ෂයක් තිබුනනම් පාර්ලිමේන්තුවෙ කතා කරනවනෙ.ඒත් කොමියුනිස්ට් පක්ෂය මොනව කළත් දත්මිටිකාගෙන අවුරුදු 70 ක් ඉන්න රුසියානුවන්ට සිදුවුනා.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුනොත් අත්වෙන ඉරනම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් භයානකයි.රාජාණ්ඩු ,හමුදා ආණ්ඩු ,කොමියුනිස්ට් ආන්ඩු වල භයානකකම හැමෝම දැන ගන්න ඕන.
      බලය එක් රැස් වීම තමයි පුරවැසියගෙ නිදහසට තියන ලොකුම හෙනේ.සමාජවාදී රටවල බලය තියෙන්නෙ පක්ෂයෙ දෙතුන් දෙනෙකුගෙ කල්ලියකට

      Delete
  2. අටවෙනිදා සිදුවූ ජාතික පෙරලියට හෙන ඉල්ලන්නෝද සිටිති.
    පාට පාටින් ලoකා සිතියම පාටකර ඊලම බිහිඋනා යෑයි කියති.
    ජනසමාජයක හෑටි ඵහෙමය.
    ඔනම රටක සමාජයක කාලකන්නින් සිටින නිසා ලෝකයට මහා සෙතක් වූ ඔක්තෝම්බර් විප්ලවයට ගරහන්නෝ සිටිම ගෑන පුදුම වීමට අවශ්‍ය නෑත.

    බොරිස් ස්පෑටර්නෑක් මහා සාහිත්‍යවේදියෙක් කලේ බටහිර දක්ශිනාoශික කදවුරයි.
    ඵ් ඔවුන්ගේ කොල්ලකාරි ආත්මාර්තකාමී මතවාද සමග ඔහුගේ මතවාද සමපාත වූ බෑවිනි.
    කුහක ස්වාර්ත්‍ය මහා කාව්‍යක් ලෙස උතකර්ශයට නoවන්නට හෑදුවාට ගද ගහන ආත්මාර්තකාමීත්වය හෑර අන් යමක් මෙයින් කියවෙන්නේ නෑත.

    ReplyDelete
    Replies
    1. බොරිස් ස්පෑටර්නෑක් ඔක්තෝම්බර් විප්ලවයට ගැරහූයේ නැත , ඔහු පෙන්වා දුන්නේ ඔක්තෝබර් විප්ලවය නිසා රුසියාවේ ඉහල මධ්‍යම පන්තික ජනයාට සිදුවූ වියසනයයි. දැන් පැරණි චෙකා නිලධාරීන් විසින් ඝාතනය කරන ලද /පිටුවහල් කරන ලද පුද්ගලයන් ගේ ලිපිගොනු අධ්‍යනය සඳහා විවෘත කොට තිබේ. ඒවා කියවන විට ෆීලික්ස් දෙර්ශීන්ස්කි මෙන්ම ස්ටාලින් විසින් මරා දමන ලද ගනන කල යුත්තේ මිලියන වලිනි

      Delete
    2. Ano තමන් හැර අනෙක් සියල්ලෝම ප්‍රතිගාමීන්ය කියන ඔබ වැන්නන් නිසයි හැම සමාජවාදී රටක්ම වධකාගාර වුනේ.විප්ලවයෙන් පස්සෙ බිහිවෙන්නෙ නීතියක් නැති සමාජයක්.පක්ෂයට හිතෙන හිතෙන අය ප්‍රතිවිප්ලවවාදීන්ය කියල මරන්න පුළුවනි.ඇත්තටම චීනයේ හා සෝවියට් දේශයේත් අනෙක් සමාජවාදී රටවලත් අදටත් තියෙන තත්වය ඕකයි.

      Delete
  3. ඕනෑම දෙයක් දෙපැත්තක් ඇත. බෝල්ෂෙවික් විප්ලවය යම් පැත්තකින් මිනිස්සුන්ට යම් යම් සහස සලසන විට මිනිස්සුන්ගෙන් උදුරාගත් දේද අනෙක් පස වෙයි. ධනවතුන්ගෙන් උචුරාගත් දේ දුප්පතුන්ට බදන විට සහ අනතුරුව ධනය බෙදී යන විට ( එසේම වූවා යැයි සිතමු ) බලය කේන්ද්‍රස්ථානගත වෙයි. සාමාන්‍ය ජනජීවිතය,පෞද්ගලික ජීවිතය අහෝසි වී ජීවිතය පොදු වෙයි. ඉඩම්... ගොඩනැගිලි.... හරක බාන මතු නොව බිරින්දෑවරුන්දරුවන් පවා රජයට අයත් භාණ්ඩ බවට පත්වෙයි. සමහර පැති වලින් උතුම් මිනිස් හැඟීම් ඔසවා තබන විට සමහර පැති වලින් උතුම් මිනිස් හැඟීම් යටපත් කරයි. මේ මෙවැනි විප්ලවවාදී සාමජයක බොදු යථාර්ථයය. එහෙත් දැන් ඒ පැත්තේ සිට බලන්නාට අනෙක් පැත්තේ දකින්නට දේවල්ද ඇත. මේ නිසා බෝලෂෙවික් විප්ලවයට පෙර දේ කිසි ලෙසකිනුත් සාධාරණීකරණය නොවේ.
    සෑම දේකම දෙපැත්තක් ඇත. දැන් මෙයම සිරිලකට ගලපන්නට හදන අය සිටිත්. එහෙත් ඇත්ත නම් සෑම දේකම දෙපැත්තක් ඇති බවය. සිටි අයගේ හොඳ සේම නරකද වෙයි. ඉන්න අයගේද හොද සේම නරකද වෙයි. එය දකින්නා අනුව විවිධ විදිහට පෙනෙයි. කිසිවක් හරිම යැයි කිව නොහැක.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය යසනාත් ඔබගේ අදහසට බොහෝ දුරට එකඟයි. ධනවාදය (ලංකාවේ ධනවාදයක් නැත ඇත්තේ විකෘති වැඩවසම් ක්‍රමයකි) මෙන්ම සමාජවාදයද මිනිසුන් ගේ ගැටළු විසඳීමට අපොහොසත්ව තිබෙන බව ඉතිහාසය සනාත කරයි. මේ නිසා මේ දෙකට වඩා මානුශික අර්ථ ක්‍රමවේදයක් නිර්මානය කර ගැනීමට අවශ්‍යයි

      Delete
  4. සොවියට් දේශයේ ජිවත් වූවකු වශයෙන් මට තේරුම් යන විධිහට මෙහි දෙපැත්ත මෙයයි. සාර් ගේ කාලයේ ගොවින් වින්ද දුක බලන්න. ගොවියාගේ ලස්සන බිරිඳ හෝ දුවණිය යනු ඉඩම් හිමියාගේ දෙපොලයි. ඉඩම් හිමියා එන විට ගොවියා ගෙදර මග හැර යා යුතුයි. තරුණ ගොවියෙකුගේ ආදර සම්බන්ධයක් ෂිවාගෝ හා ලාරා මෙන් සුනු විසුනු වී යයි. එසේ ඇත්තටම සිදු වුනි. අනිත් පැත්තට විප්ප්ලවවාදීන් කියා කරුමක්කාරයන් පිරිසක්ද ඇතිවුණි. ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් බලයට ආශාවට මිස මාක්ස්වාදය නොදැන ආ උන්ය. දැන් ඔය කොමෙන්ට් දමන විවේචනය කරන අයට ආත්මාර්ථකාමී සුළු ධනේෂ්වර තක්කඩින් කියන තමන් මාක්ස්වාදයෙන් අග තැන්පත් කියල හිතන නමුත් මුකුත් නොදන්නා අය. ඔවුන් වැඩ කරන්නේ මිනිසුන් මැරීමට මිස ජිවත් කරවීමට නොවේ. සෝවියට් සමාජවාදය යනු මේ දෙකම නෙමේ. ශිවගොට මෙන්ම තරුණ ගොවියාටද තම ආදරය සමග ජිවත් විය හැකි තැනකි.

    ReplyDelete
    Replies
    1. අජිත් ධනවාදය යටතේ ජේ එඩ්ගා හූවර්ලා බිහිවීම මෙන්ම සමාජවාදී ක්‍රමය යටතේ බේරියා වැනි චරිත මතු වේ. මේ නිසා තෙවැනි ක්‍රමයක් ගැන සිතිය යුතුයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook