Thursday, September 12, 2019

විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම සහ දීගොඩ කුමාර




දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය.

පාසල වෙත මම යන විට
කකුල කැඩුනි කළු ගලකට
යන්ට බැරුව සිටින කලට
ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට

එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර  විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම ආරම්භ කොට තිබේ. 

ඉතා පහසුවෙන් මුලා කල හැකි ශ්‍රී ලාංකික ජනතාව මෙම විශ්ව ශක්ති මගින් , එලොවින්  ආ ජීවකයන් මගින් ලෙඩ සුව කිරීම විශ්වාස කරති. මේ නිසා කපටි ජාවාරම්කරුවෝ  ඕනෑම ලෙඩක් සුව කරන ජීවකයෝ බවට පත් වෙති. ඔවුන්ට ප්‍රචාරය ලබා දීමට සහ සෙනඟ ඇද්දවීමට සඳහා තවත් කොටසක් සිටිති. මොවුන් අනියම් ලෙස අදාල වෙදාගෙන් යැපෙන්නෝය​.

තවත් සමහරක් භින්නෝන්මාද (schizophrenia)  ලක්‍ෂණ නිසාද තමන්ට විශ්ව ශක්තියක් තිබෙන බව කියා ලෙඩුන් සුව කිරීමට යති. මනෝ ප්‍රතිකාර අවශ්‍ය කෙරෙන මෙම හඳුනා නොගත් රෝගීන්ට මෝඩ ජනතාව විසින් අනේක ගරු බුහුමන් කරමින් ඔවුන් ගේ විකාර ප්‍රතිකාර ලබා ගනිති. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ඩිලියුෂන් හෙවත් මෝහ තත්වයෙන් පෙලෙන කාන්තාවක් විසින් රාජකීය විද්‍යාලයේ සිසුන්ට දේව කැඳ වසර ගනනාවක් පුරා පෙවීමය​. එය හිටපු විදුහල්පතිවරයාටද එම කාන්තාවටද වටේ සිටි හෙන් චයියන්ටද රන් ඉල්ලමක් විය​. 

මීට වසර ගනනාවකට ඉහතදී එලොවින් ආ ජීවකයෙකු නන්දසේන සූරිය ආරච්චි නම් මාධ්‍යවේදියෙකුට ගෙවීම් කරමින් විශාල සුව මෙහෙයක් පැවැත්වීය​. මම ඔහුට ලක්බිම පුවත්පත හරහා 2007  වසරේ අභියෝග කිරීමෙන් පසු ඔහු තාවකාලිකව මේ වියාපාරය නවතා දැම්මේය​. 

විශ්ව ශක්ති යනාදී සුව මෙහෙයුම් මගින් රෝගීන් සුව කල හැකිද ? මගේ අදහස නම් මෙහි තිබෙන ඇණවුම් චිකිත්සාව නිසා විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන් සුවය ලබති. නමුත් බරපතල මාරාන්තික රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර නවත්වා සුව මෙහෙයුම් කිරීම මගින් මරණය ලඟා කර ගත හැකිය​. 

විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන්ට   මනෝ ප්‍රතිකාර ලබා දීමේන් විඝටන තත්වය නිසි පරිදි  සුව කල හැකිය. මෙවැනි යාඥා , විශ්ව ශක්ති ප්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ යටපත් වනවා මිස විඝටන ආබාධය සහමුලින් සුව වන්නේ නැත

මිනිසුන් බොහෝ දෙනෙකු මෙම විශ්ව ශක්ති සුව මෙහෙයුම් කරා ඇදෙන්නේ ඇයි? මාගේ අදහස නම් ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු තුල තිබෙන සන්නිවේදන ඌනතාව නිසා රෝගීන් වෛද්‍ය  ප්‍රතිකාර කෙරෙහි  එතරම් විශ්වාසයක් නොතබති. තවද මාධ්‍ය මගින් නොකඩවා මිත්‍යාව සමාජ ගත කරන නිසා ලංකා සමාජය තුල තාර්කික බුද්ධිය යටපත් වී තිබේ. මේ හැර විද්‍යාව ඉගෙන ගත් නමුදු එය කටපාඩමින් මිස තාර්කිකව ඉගෙන නොගත් නිසා විද්‍යා උපාධිධාරීන් පවා මේ වියාජ්‍යයන්ට රැවටෙති. මේ පුද්ගලයන් ගේ මොලය විසි වන සියවසේ නමුදු හදවත තවමත් තිබෙන්නේ ගල් යුගයේය​. 

දීගොඩ කුමාර  තමන් ගේ  විශ්ව ශක්ති ප්‍රතිකාර අරඹන්නේ එලොවින් ආ ජීවකයා මෙන් මාධ්‍යවේදීන් අල්ලාගෙන නොව වෛද්‍යවරු කිහිප දෙනක් අල්ලාගෙනය​. මින් එක් වෛද්‍යවරයෙකු වූ සංජීව හෙයියන් තුඩුව මා සමග 1985 උසස් පෙළ පන්තියේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකි. වෛද්‍යවරු පවා මෙම විශ්ව ශක්ති ප්‍රතිකාර මුලාසියට  අනුග්‍රහ දක්වන්නේ මුල්‍යම හෝ වෙන යම් වාසියක් තකාද හෝ නැතහොත් තම විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තර්කානුකූලව වටහා ගැනීමට තිබෙන නොහැකියාව නිසාද කියා මම නොදනිමි. 

බොහෝ විශ්ව ශක්තිකරුවන් තම  ව්‍යාපාරය ආරම්භ කරන්නේ මම සල්ලි ගන්නේ නෑ කියමිනි. නමුත් එය පසුපස බොහෝ යටි අරමුණු තිබේ.සමහරක් අරමුණු දේශපාලන බලය ගැනීම සඳහා කෙරෙන වෑයම් ය 

 දේශපාලකයන් ද මෙවැනි ව්‍යාජ සඳහා අනුග්‍රහය දෙති . මයිකල් මුවර් කියූ පරිදි නීරෝගී තාර්කික ශක්තියෙන් හෙබි ජනතාවක් පාළනය කිරීම අපහසුය​. එම නිසා ඔවුන්ව මිත්‍යාවේ සහ මුළාවේ නිබඳවම ගැල්විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි )


Thursday, September 5, 2019

JVP and LGBT



ජවිපෙ සාමාජිකයෙකු මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ පතාකයෙකු වූ නිෂ්මි සමරිසියෙකු බවත් ඔහුගේ සමරිසි යොමුව ඇමක් ලෙස දා ආරක්‍ෂක අංශ ඔහුව අත් අඩංගුවට ගත් අයුරු රංජිත් පීරීස් විසින් ලියා ඇති බව .මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. විජේවීර සහ ජවිපෙ මුල් කාලයේ සිට සමරිසි විරෝධයක් පෙන්වා සිටියද නිෂ්මි සමරිසියෙකු බව ඔවුන් නොදැන සිටි බව පිලිගත හැකි කරුණක් නොවේ. ජවිපෙන් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්ව නෙරපා හරින්නෙත් ඔහුගේ සමරිසි කේස් නිසාය. එහෙත් ඔවුන් නිෂ්මි අරබයා කිසිවක් කලේ නැත. සිරගතව සිටි සමයේ විජේවීර පක්‍ෂයේම සාමාජිකයෙකු වූ මහ නඩුවේද විත්තිකාරයෙකු වූ එක් ලාබාල සිරකරුවෙකුට ආශක්තව සිටි බව වරක් විජේවීර ගේ හිටපු ලේකම්වරයෙකු වූ කල්‍යාණ කරුණාරත්න මා සමග පැවසීය. ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පොතපත සහ පරියේෂණ පිලිබඳව කියවා තිබෙන මා හට විජේවීර ගේ එම නැමියාව පුදුමයකට කරුණක් නොවේ. එහෙත් පුදුමය නම් සමරිසි භාවයන් තම පක්‍ෂය තුල තිබියදීම ඔවුන් සමරිසි විරෝධී ස්ථාවරයක් ගැනීමයි.

Thursday, August 29, 2019

වෛද්‍ය ආනන්ද සමරසේකර පිළිබඳව




වෛද්‍ය ආනන්ද සමරසේකර මට හමු වන්නේ 1993 වසරේදීය. ඔහු අපට අධිකරණ වෛද්‍ය වෛද්‍යාව පිළිබඳව දේශනයක් කලේය. ඒ කාලයේ වෛද්‍ය ලලන්ත අල්විස් මෙන්ම මැඩම් කාරියවසම් ද අපට දේශන පැවැත්වූහ. 1995 වසරේ මම ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍ය නිලධාරියාව සිටියදී  වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාව සෞඛ්‍යය අමාත්‍යාංශයේදී හමුවී මරණ පරීක්‍ෂණ පැවැත්වීමේදී උද්ගත වන තාක්‍ෂණික ගැටළු පිලිබඳව යමක් විමසුවෙමි. ඒ කාලයේදී ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ උසස් නිලයක්ද හෙබවීය. වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මට පිළිතුරු දුන්නේ එතරම් ගරු සැලකිල්ලකින් නොවේ. අප වැනි ග්‍රාමීය රෝහල් වල MOIC  ලා හාල් කෑලි ලෙස ඔහු දකින්නට ඇති. නමුත් අපට ඔහු සුවිසල් පුද්ගලයෙකු විය 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා (අගෝස්තු 27) කටයුතු කරන ලදී. ඒ කාලයේ අඩි දෙක තුනක් උඩින් ගිය වෛද්‍ය ආනන්ද සමරසේකර මේ වන විට ජීවිතය පිලිබඳව බොහෝ යථාර්ථයන් ඉගෙන ගෙන ඇති බව මම සිතමි. 

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මා ඉගෙන ගත් යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මේ වන විට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාය. වෛද්‍ය අජිත් තෙන්නකෝන් ආනන්ද සමරසේකර එදා ඉඳගත් පුටුවේ සිටින අතර ඔහු වෘත්තීමය ගරුත්වයකින් වැඩ කරයි. 

ආනන්ද සමරසේකර වෘත්තීමය වශයෙන් අවමානයට ලක්වී අපරාධ නඩුවකට මුහුණ දීමට සූදානම් වන මේ අවස්ථාවේදී මට ඔහු පිලිබඳව ඇත්තේ දුකකි. කෙසේ නමුත් වෛද්‍ය ආනන්ද සමරසේකර ගෙන් මම එක් පාඩමක් ඉගෙන ගත්තෙමි. ඔබ කෙතරම් උසස් වෛද්‍යවරයෙකු  වූවද කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට යම් කිසි ගරුත්වයකින් සැලකිය යුතුය. ඒ මන්ද යත් ජීවිතයේ එක් වරදකින් ඔබ මහ පොළවට පාත් විය හැකිය. එවිට ලොකු කම් උසස්කම් හුලං ගිය බැළුන් බෝලයක් වෙයි. තනතුරු , මුදල් , බලය මේ සියල්ලම තාවකාලික දෙවල් ය.  

මම නම් මාගේ උපකාරය හෝ යමක් විමසන වෛද්‍ය සිසුවෙකුට වූවද ගරුත්වයකින් සලකමි.  එය මට ඉගැන්වූයේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරය  


Tuesday, August 27, 2019

මද්‍රසා පාසල් වල සිලබස් එක මෙහෙමද ?

 
1 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන් හඳුනා ගන්නා ක්‍රම
2 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහියෙන් අනින විධි සහ ක්‍රම
3 සිමෙස්ටර් ;  මිත්‍යා දෘෂ්ටිකයන් ගේ බෙලි කපන ක්‍රම
4 සිමෙස්ටර් ; ලෝගු ඇතුලේ බෝම්බ ගෙන යන ක්‍රම
5 සිමෙස්ටර් ; මරාගෙන මැරෙන විධි ක්‍රම පුහුණුව
6 සිමෙස්ටර් ; ස්වර්ගය සහ කන්‍යාවන් පිලිබඳ ආරාධිත දේශනය
End  of Semester and Graduation 

විශේෂ ඩිප්ලෝමා පාඨමාලා
*********************
ඩෙටොනේටර් පිලිබඳව උසස්  ඩිප්ලෝමාව
කඩු භාවිතය පිලිබඳ ඩිප්ලෝමාව
ආර්.ඩී.එක්ස් ප්‍රවාහනය පිලිබඳ ඩිප්ලෝමාව
ලිංගය බේරාගෙන බෝම්බ පුපුරුවා ගන්නා පාඨමාලාව 

Thursday, August 15, 2019

සාෆි ගේ ඉරණම

 

පෙරදා රාත්‍රියේ දුටිමි සිහිනයක් බිහිසුණු
ඇඟ රෝම කුපිත කරවන
දුටුවෙමි  වෛද්‍ය සාෆි සිහල බොදු කතුන්
රෝහලේදී සදහටම වඳ කරන අයුරු 

එහිදී සිදු විය අරුමයක් 
වෛද්‍ය සාෆි විසින් ගැට ගැසූ
එක් පැලෝපීය නාලයක්  තුල සිරවූ
සංසේචනය වූ ඩිම්බයක්   
ගර්භාෂයට ඇතුළු වීමට නොහැකිව
බහිෂිකේතනකව ප්‍රරෝහරණය විය 

එකී සංසේචනය වූ ඩිම්බය තුල 
සිරවූ මනුෂ්‍ය ප්‍රාණියෙකු විය
එකී මනුෂ්‍ය ප්‍රාණියා රතන බව
පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි විය 

යුක්තානුව තුල සිරවූ රතන 
ක්‍රෝධයෙන් මුමුණමින්
තම සියළු වැර යොදා
එලියට ඒමට උත්සහ කලේය
එම උත්සහය සිහි ගැන්වූයේ
විශ්වකුල උපන් රතන
අස්ගිරියේ උපසම්පදාව ලබා ගැනීම
සඳහා දරන ලබන නිශ්එල වෑයමක් ලෙසටය  

උඩරට කුලවත්තු උපසම්පදාවක් තබා
මහණ කමක්වත් නොදෙන මේ කුල පීඩිතයා
අසරණව යුක්තානුවේ සිරවී
දළදා ආරක්‍ෂක සියම් නිකායේ මල්වතු
සහ අස්ගිරි කල්ලි නායකයෝ දෙස බලා සිටියේය 

එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
රතන දෙස
උදාසීනව බලා සිටියහ   

සිහල බොදු කුලවාදී සමාජයේ
තැනක් ලබා ගැනීම සඳහා දතකන
රතන දැරූ වෑයම ඉවැඩි කරනු වස්
තවත් කුල පීඩිතයෙකු වූ ජයසුමන
යුක්තානුව සිදුරු කොට
රතනව නිදහස් කලේය 

යුක්තානුවෙන් නිදහස් වූ රතන
ජයසුමනයන් හා සමග එක්ව 
තමන් ගේ පොදු සතුරා
තමන් ගේ ජාතියේ සතුරා  වූ
වෛද්‍ය සාෆිව පරසක්වළ ගැසීය 

සාෆිගේ ශරීර කොටස් දස දෙස විහිදී ගියේය 
ඔහුගේ රුධිරයෙන් ශල්‍යාගාරයේ
පොළව තෙමී ගියේය 

සාෆිව කීතු කීතු කල
මෙකී වීරයන් දෙදෙනා
තමන් සිහල බොදු ජාතියේ
ගැලවුම්කරුවන් බව කීහ
එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
ඔවුන් දෙදෙනා දෙස
උදාසීනව බලා සිටියහ 

Find Us On Facebook