Tuesday, October 10, 2017

නන්දා මාලිනී ගේ දෙබිඩි බව


සමාජ පරිවර්තනයකට අත ගැසිය යුත්තේ එහි වගකීම් හිස දරාගෙනය , නන්දා / සුනිල් ආරියරත්න මේ වගකීම් දැරුවේ නැත. ධනාත්මක සමාජ පරිවර්තකයන් ලෙස බොබ් ඩිලන් , වික්ටර් හාරා , බොබ් මාලි , ව්ලැදිමීර් විසෝස්කි යන ගායකයන් ගේ සහ ලංකාවේ නන්දා මාලිනී ගේ දෙබිඩි පිළිවෙත  ගැන මීට වසර 5 කට පමණ පෙර මා විසින් Sunday Leader පුවත් පතට ලියූ ලිපියක් මේ ලින්කුවෙන් කියවන්න. 

http://www.thesundayleader.lk/2010/03/14/music-and-mission-%E2%80%93-bob-dylan-to-nanda-malani/


 

Monday, October 9, 2017

ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා


ඉන්දියන් හමුදාව පරිප්පු මෙහෙයුම සමග සාම සාධක හමුදාව එක්ව ලංකාවට ආ කල මා සිටියේ එංගලන්තයේ ය . එවකට මම අවු 21 ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය සිංහල සංගමයේ සාමාජිකයන් සමග ලන්ඩන් වල ඉන්දියානු තානාපති කාර්‍යාලය ඉදිරියේ උද්ඝෝෂණය කිරීමට මා සූදානම් වූයෙමි. එවිට ලන්ඩනයේ බොහෝ කාලයක් ජීවත්වී අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයෙක් මට මෙසේ කීවේය​. " රුවන් ජේ ආර් පප්පා ලෝකයා මූ රජීව් වත් අන්දලා ඉන්දියන් හමුදාව සහ කොටි අතර සටනක් අවුලවනවා. කොටි අද හිතන්නේ ඉන්දියන් හමුදාව උන්ට ඊලම් ලබා ගන්න උදව් කරයි කියලා. නමුත් හෙට වන දේ බලන්න ඉන්දියන් හමුදාව කොටි එක්ක සටන් කරයි. ඒ නිසා මේ මෝඩ උද්ඝෝෂණ වලට යන්න එපා කියා කීවේය​. ඔහු කී අයුරින්ම ඉතිහාසය නිර්මානය විය.
බොරු ඉන්දියානු විරෝධය හරහා විජේවීර අත්දැකීම් අඩු ලෝකය නොදුටු බිලි බෝයිස්ලා මගින් කැරැල්ලක් ගැසූ අතර ප්‍රේමේ ඔවුන්ව ස්වර්ගස්ථ කලේ‍ය​. මේ බිලි බෝයිස් ලාට අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා වැනි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබුනේ නම් ?

Sunday, October 8, 2017

පෝෂණය සහ දුර්මත


ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ   ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය​. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත්  පූජකයෝ මිනිසුන්ට   අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම  තහනමක් ගිහියන්ට නොපැනවූ ප්‍රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා  ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය​)  නිර්මාංශ වීම  ඇතැම් භික්‍ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය.

​පහත කොටස උපුටා ගත්තේ රාවය පුවත්පතෙනි 

ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.

ලංකාව කිලෝ 6.3

කාම්භෝජය කිලෝ 12.9
තායිලන්තය කිලෝ 25.8
මියන්මාරය කිලෝ 32.8
වියට්නාමය කිලෝ 48.9
ස්විට්සර්ලන්තය කිලෝ 74.7
ස්වීඩනය කිලෝ 80.2
නෙදර්ලන්තය කිලෝ 85.5
ඕස්ටේ්‍රලියාව කිලෝ 111.5

ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය.


Saturday, October 7, 2017

ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙක්ද ?



ලෙනින් රත්නායක යනු හිටපු මහේස්ත්‍රාත්වරයෙකි. මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ල වී තිබුණි. මෙම විනිසුරුවරයාගේ  අනිසි වෘත්තීය හැසිරීම නිසා ඔහු විසින් දූෂණය කල කාන්තාවකගේ සැමියා  විසින්  ලෙනින් රත්නායකට උසාවියේදී අසූචි  වලින් පහර දුන් බවටද වාර්තා විය. 

නීතිඥ කල්‍යානන්ද තිරාණගම විසින්  ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් මෙම මහේත්‍රාත්වරයාගේ අපචාරී ක්‍රියා රාවය පුවත්පතින් හෙලි කරන ලද අතර ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයටද පාදක වී ඇත්තේ හිටපු  මහේස්ත්‍රාත්  ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද ලිංගික අපරාධයි. 

ලෙනින් රත්නායක යනු කවරෙක්ද ? නීතියට ඉහලින්  යාමට ඔහුට හැකියාව ලැබුනේ කෙසේද ?

ලෙනින් රත්නායක ගේ චරිත ස්වභාවය පිලිබඳව සලකා බැලීමේදී ඔහු බරපතල අනන්‍යතා අර්බුධයක්  (identity crisis)   තුල  ජීවත් වූ පුද්ගලයෙකු බව පෙනේ. ඔහු විවිධ නම් වලින් පෙනී සිටියි. එම නම් අතර රත්නායක බංඩා , ලේකම්ගෙදර රත්නායක බංඩා , බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර , ලෙනින් රත්නායක යන නාමයන් ප්‍රධාන වෙයි. 

ලෙනින් රත්නායකට නීත්‍යනුකූලව පියෙකු නොසිටි බව කියවේ. තදබල ලෙස පීතෘ වියෝග කාන්සාවට (Paternal Deprivation )  ලක්වී සිටි ඔහු පසු කාලයක තම පියා ලෙස මනංකල්පිත පියෙකු - බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර නමින් ඉදිරිපත් කරයි. 

1974 ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවෙහි 3 වන ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස පත්වීමක් ලබන ලෙනින් රත්නායක   මූල්‍ය වංචාවක්  නිසා 1985 වසරේදී සේවයන් පහ කෙරේ. ඔහුගේ ජීවිතය දෝලනය වන්නේ සත්‍ය සහ ව්‍යාජය අතරය​. එසේම තදබල ලෙස ෆැන්ටසියන්ට හෙවත් මනස්ඍෂ්ටීන්ට ඔහු එල්බගෙන සිටියි.  ඔහුගේ ජීවිතය ගලා යන්නේ actuality - fake and fantasy යන ත්‍රිත්වය හරහාය . 
ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙක්ද ? ඔහු සීරියල් දූෂකයෙකුගේ ගති ලක්‍ෂණ පෙන්වා තිබෙන බව ඔහුගේ ක්‍රියා කලාපය තුලින් බොහෝ විට විද්‍යාමාන වෙයි.  ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙකු බවට රූපාන්තරණය වීම මූලික වශයෙන් ඔහුගේ අනන්‍යතා අර්බුධය , පීතෘ වියෝග කාන්සාව , අවිනිශ්චිතතාවන් මෙන්ම පෞරුෂ අක්‍රමතාවය හරහා වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. 

සීරියල් දූෂකයෙකු ලෙස ඔහු කෙතරම් කාන්තාවන් ප්‍රමාණයක් දූෂණය කලාද යන්න තවමත් හෙලිවී නැත​. නමුත් හෙලිවූ සංඛ්‍යාවට වඩා වැඩි කාන්තාවන් ගනනක් ඔහු විසින් දූෂණය කල බවට සිතිය හැකි සාධක තිබේ.  ඔහු විසින් කාන්තාවන් දූෂණය කිරීමේදී අතිශයින් සාහසික ක්‍රියා මාර්ගයන් අනුගමනය කොට තිබේ. වෘත්තීය ගරුත්වයකින් තොරව ඔහු සමහරක් විට කාන්තාවන් දූෂණය කොට තිබෙන්නේ අධිකරණය තුල ඔහුගේ නිල කාමරයේදීය​. තවත් වතාවක ඔහු කාන්තාවක් දූෂණය කරන්නේ පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමෙනි. 

ඔහු තම ගොදුරු සොයා යාමේදී serial predation නොහොත් සීරියල්  විලෝපීයතාවක් පෙන්වා තිබේ. ඔහු ගොදුරු කරගත් කාන්තාවන් බොහෝ දෙනෙකු අඩු සමාජ ආර්ථික මට්ටම් වල කාන්තාවෝ වෙති. ඔවුන් ගේ  සැමියන්  නානා වරදවල් සඳහා රිමාන්ඩ් ගතව  සිටියෝය​. මෙම වින්දිත කාන්තාවන් ගේ අසරණකම අයුතු ලෙස යොදා ගනිමින් ඔහු මෙකී කාන්තාවන්ව දූෂණය කරන ලදි. 

දූෂණයේදී දූෂකයා විසින් වින්දිතයා වෙත බලය පැතිරවීමක් කරයි. මෙම බලහත්කාරය මගින් දූෂකයා තමන් ගේ කැඩී බිඳී තිබෙන දුබල ඊගෝව ශක්තිමත් කර ගනියි. හීනමානය , තමා පිලිබඳ හීනවූ චිත්‍රය , අඩු ආත්ම සම්මානය ( low self esteem) , දුර්වල ආත්ම ශක්තිය අභිභවා වින්දිතයා වෙත බලය පැතිරවීම මගින් දූෂකයා තාවකාලික ලෙස තම ඊගෝව ඉහලට ඔසවා තබයි. 

මනෝ වෛද්‍ය මහාචාර්‍ය ඇලෙක්සැන්දර් බුහනොව්ස්කි සිටිසන් - x යන කේත නාමයෙන් හඳුන්වන ලද රොස්ටොව් හි සීරියල් ඝාතක සහ සීරියල් දූෂක අන්ද්‍රේ චිකිතීලෝ තම හීනමානතා සාධකය ඉහල ගිය සෑම අවස්ථාවකම එය හානි පූර්ණ කර ගත්තේ වින්දිතයා දූෂණය කිරීමෙන් සහ ඔහු / ඇය මරා දැමීමෙන් බව පෙන්වා දෙයි. 

ලෙනින් රත්නායක සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක තුලනීක්‍ෂණයක් ( Psychological Assessment ) මෙතෙක් නොකර ඇති නමුදු  ඔහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විස්තර කියවීමේදී ඔහු Borderline personality disorder නම් පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලුනේද යන සැකය මතුවේ. 

 ඔහු විසින් පෙන්වන ලද හීනවූ සහකම්පනීය අවබෝධය - Lack of empathy  ( මාස් ශුද්ධිය සැදී වේදනාවෙන් සිටි කාන්තාවක් නිර්දය ලෙස කිහිප වතාවක් දූෂණයට ලක් කිරීම ) ත්‍යජනය ( abandonment) මෙන්ම ප්‍රතික්‍ෂේපණය  (rejection) කෙරෙහි අධි සංවේදීතාවක් පෙන්වීම , අනන්‍යතා අර්බුධ , අවදානම් සහිත චර්‍යා රටා , ශූන්‍යභාවී හැඟීම් (feelings of emptiness) , සද්‍යෝෂී මානවීය සබැඳියාවන් යනාදිය ගැන සලකා බැලීමේදී ලෙනින් රත්නායක  තුල Borderline personality disorder නම් පෞරුෂ අක්‍රමතාවයේ ලකුණු දක්නට හැකි වෙයි. 

ලෙනින් රත්නායක විසින් මෙම කාන්තා දූෂණයන් සිදු කොට තිබෙන්නේ අධි ලුබ්ධියටත් ( high libido )  වඩා තමා තුල පැවති හීනමානතා සාධකය මෙන්ම ශූන්‍යභාවී හැඟීම් පරාජය කිරීම සඳහා බව උපකල්පනය කල හැකිය​. ලෙනින් රත්නායක තමාගේ සම්භවය පිලිබඳ අධික ලෙසින් පර්‍යසනයට ලක්ව සිටියේය​. ඔහු තුල තමාට නෛතිකව ජීව විද්‍යාත්මක්  පියෙකු නොමැති බව යන හැඟීම තද බල ලෙස වර්ධනය වන්නට ඇත​. කැනේඩියානු ජාතික සීරියල් දූෂකයෙකු වූ පෝල් බර්නාඩෝ තුල කුඩා කාලයේ සිටම තද බල මානසික පීඩනයක් ගොඩ නැගෙන්නේ තමා අවජාතකයෙකු ලෙස උපත ලැබුවායි කියන සාධකය නිසාය​. 1987 වසරේදී පමණක් ඔහු දූෂණ හතක් සිදු කරයි. 

ඇරිසෝනා   විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්‍ය   Brooke De Heer පවසන දෙන පරිදි සීරියල් දූෂකයන් විසින් ඉතා ඉහල මට්ටමකට අපරාධී විදග්ධතාවන් (criminal sophistication) පෙන්වති. ලෙනින් රත්නායක දූෂකයාගේ භූමිකාව වසා ගැනීම සඳහා තම සිවිල් සබඳතා , ආගමික සංස්ථාවන් , දේශපාල සබඳතා සූක්‍ෂමව යොදා ගත් අතර මේ දක්වා ඔහු කිසිදු දඞුවමකින් තොරව නිදහස් සමාජයේ ජීවත් වෙයි. මේ අනුව ඔහු විසින් පෙන්වන ලද අපරාධී විදග්ධතායේ සාර්ථක භාවය පෙනී යයි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, October 6, 2017

කාන්තා හිංසනයේ තවත් පැතිකඩක්


මුහුණු පොතෙන් සහ අනෙකුත් මාධ්‍ය වලින් කෙරෙන කාන්තා හිංසනය ගැන කතා කරන්නේ අඩුවෙන්. පහත  ලිපිය පොලිස්පතිවරයාට ලියා තියෙන්නේ සෙක්‍ෂුවල් හැරස්මන්ට් නිසා අගතියට පත් වූ කාන්තාවක්. ඇය ඉන්නේ ප්‍රන්සේ.   මෙවැනි දේවල් සිදු නොවිය යුතු දේවල් කියා මම සිතනවා.  තමන්ට අම්මලා අක්කල නංගිලා ඉන්නවා . ඒ අයට මේ වගේ දෙයක් සිදු වුවහොත් ඇති වන හැඟීම කුමක්ද ? මේ හිංසක ක්‍රියාව පසුපස තවත් පිරිසක් ඉන්න බවයි පැවසෙන්නේ. නමුත් පිරිසක් විසින් වැන්දඹු කාන්තාවකට කරන හිරිහැරය නම් කැතයි. 


කුමාරි පරණවිතාන 
12 Rue du Sergent Maginot,
75016 Paris
FRANCE.
Tel +33 665332987

ගරු පොලිස්පතිතුමා 
පොලිස් මූලස්ථානය 
කොලඹ 1

මම 1985 සිට ජිවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ප්‍රංශ පුරවැසිභාවය ඇති අතර අවුරුද්දට වරක් ලංකාවේ නිවාඩුවකට පැමිනෙමි. මගේ ස්වාමි පුරුෂයා විජය කුමාර නම්බුකරවසම් මිය ගොස් ඇති අතර මට අවුරුදු 28ක දියණියක් (සාරා නම්බුකාරවසම්) සිටි.
මේ ලිපිය ඔබ වෙත එවීමට හේතුව වන්නේ සහන් කසීර වික්‍රමසිංහ විසින් මා හට ෆේස් බුක් ඔස්සේ අයුතු බලපෑම් කල බව සහ ඉන් අනතුරුව මා පිළිබඳ ඉතා අසභ්‍ය කතා ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කරන බව දැන්වීමටයි. දැනට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක සිට ඔහු කරගෙන යන මේ ක්‍රියාව නිසා මම විවිධ ආකාරයෙන් අපහසුතාවයන්ට ලක්වුනා. එමෙන්ම මම දන්නා අඳුනන පුද්ගලයන්ට මෙසේන්ජර් මාර්ගයෙන් මම පිළිබඳව අසභ්‍ය කතා ප්‍රචාරය කරන අතර, සමහර පුද්ගලයන්ට කියා යවා තිබෙනවා මට අපහාස කරන ලෙසට.
සමහර ෆේස් බුක් සංවාදයන් මැදට පැන ප්‍රසිද්දියේ 'කුමාරි පරණවිතාන කියන්නේ මිනිස්සු දැලේ දාගන්න ගෑනියක්' 'බලාගෙන මේ ගෑනිගෙන් ප්‍රවේසම් වෙන්න' 'මෙන්න වෙස ගෑනියක්' යනාදී ලෙස හඳුන්වා දෙයි. ඒ අතරම සහන් කසීර වික්‍රමසිංහට ව්‍යාජ ගිණුම් කීපයක් විවිධ නම්වලින් ෆේස් බුක් එකේ ඇති අතර ඒ නම්වලින් මට අපහාස කරන්න පටන් ගත්තා.
සහන් කසීර වික්‍රමසිංහ මට ප්‍රංශ ගණිකාව ; ශුගර් මමී , මානසික රෝගී ගෑනියෙක් ,මැදි වයසේ වල් ගැහැනිය යන වචන භාවිතා කරමින් කොමෙන්ට් ලියා ඒවා විවිධ අය වෙත යවා තිබෙනවා. ඒවා යලි යලි පෝස්ට් කලේ මෙත්මලී දිසානායක කියන අයයි. සහන් කසීර වික්‍රමසිංහ නම් තැනැත්තා මම ගැන ලියන ලද අපහාස කතා යලි යලි පෝස්ට් කරන ලද්දේ මැය විසින් . ඇය ඔහුගේ ආධාරකාරියක්.
මෙය ඉතාම පහත් දෙයක්. මට තවත් ආරංචි උනා මගේ චරිතය ගැනත් ඔහු ඉතා කුනු කතා කියමින් ඒවා ෆේස් බුක් චැට් වල බෙදාගන්නවා කියලා. මේක තනිකර කාන්තා ලිංගික හින්සනයක් ; මේක වැටෙන්නේ පරිගනක අපරාධ යටතේ බව මගේ හැඟීමයි.මේ ආකාරයට වෛරයකින් සහන් කසිර වික්‍රමසිංහ මා සමඟ හැසිරීමට හේතුවක් ඇත්ද? මා ඔහුට කල වරදක් ඇත්නම් එය දැන ගැනීමට සතුටුයි.
කරුණාකර පුළුවන් තරම් ඉකමනින් මගේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න.
මෙයට,
කුමාරි පරණවිතාන.






Find Us On Facebook