මෑතකදී ලංකාවේ එක් වෛද්‍යවරයෙක් ඇනොනිමස් ඇවිත් මම සයිකයාට්‍රිස්ට් ද යැයි ඇසීය. ඊට පිලිතුරු දුන් මා මම සයිකයාට්‍රිස්ට් (Psychiatrist) කෙනෙකු නොවන බවත් මා ස්පෙෂලයිස් කරන්නේ මනෝ විද්‍යාව (Psychology) සහ මනෝ චිකිත්සනය (Psychotherapy) බවත් කීවෙමි. මනෝ චිකිත්සනය හෙවත් සයිකොතෙරපි යන වචනය ඔහු කියවූයේ ෆිසියොතෙරපි ( Physiotherapy) ලෙසටය. මේ අනුව ඔහු ඔයා පැරාමෙඩික් කෙනක් නේ නේ කියා අවඥාවෙන් කීවේය.
මෙයින් මට ලංකාවේ වෛද්‍යවරු සමහරක් අතර පවත්නා තත්ව කීපයක් තේරුම් ගියේය. එකක් යම් ප්‍රතිශතයක් වූ මේ වෛද්‍යවරු තුල ඉංග්‍රීසි පිළිබඳ ඉතා හීන දැණුමක් තිබේ. සමහරක්ට සයිකොතෙරපි හා ෆිසියොතෙරපි වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැක. මේ තත්වයට මම පුදුම් නොවෙමි. ඒ මන්ද යත් 1998 පමණ කාලයේදී මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය බී විද්‍යාතිලක මහතා සමග මීගමුව රෝහලේ වෝඩ් රවුන්ඩ්ස් කරමින් සිටින විට ඔහු ලයනල් නම් ඉන්ටර්න් වෛද්‍යවරයා ගෙන් එක් කාන්තාවක් පෙන්වා හව් මෙනි චිල්රන් කියා ඇසුවේය. එවිට වෛද්‍ය ලයනල් වන් චිල්රන් කියා උත්තර දුන්නේය.
වෛද්‍ය ලයනල් විදෙස් භාෂාවකින් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් මම මේ කතාව කියන්නේ නැත. නමුත් මට පුදුම වූයේ මෙලෙස ඌණ ඉංග්‍ර්‍රිසි දැණුමක් සහිතව මොවුන් කෙලෙස විශාල ඉංග්‍ර්‍රිසි ටෙක්ස්ට් පොත් කියවා තේරුම් ගත්තේද සහ කෙලෙස ඉංග්‍ර්‍රිසියෙන් වෛද්‍ය විභාග පාස් වූයේද කියාය.
මම මෙය ආනන්දා මහා විද්‍යාලයේ ඉගෙන ගෙන කොලඹ වෛද්‍ය විද්‍යලයට ගිය මා මිත්‍ර වෛද්‍ය ලිලිත් ලියනගේ ගෙන් ඇසූ විට ඔහු කීවේ සමහර මහාචාර්‍යවරු ඉංග්‍රීසි අවම දැණුමක් සහිත වෛද්‍ය සිසුන්ට සිංහලෙන් පිලිතුරු දීමට අවසර දී ඇති බවයි. එය එසේ නම් ඉතා නරක ප්‍රවණතාවකි.
දෙවන කරුණ වන්නේ මේ සමහරක් තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වයය. ඔවුන්ට අනුව අනෙකුත් අනුපූරක වෛද්‍ය සේවා පහත් සේවාවන් වෙති. Physiotherapy හෙවත් භෞතචික්තිසාව රෝගී සත්කාරයේ වැදගත් සේවාවකි. උතුරු ඇමරිකාවේ PhD තිබෙන ෆිසියෝතෙරපිස්ට් ලා සිටින අතර ඔවුන් වෛද්‍යවරුන්ටත් වඩා උපයති.
කෙසේ නමුත් ඔහුගේ සයිකොතෙරපි ෆිසියොතෙරපි වියවුල මම නිරාකරනය කොට දෙමි. සයිකොතෙරපි පැරාමෙඩික් විශය යටතේ එන්නේ නැත . එය මනෝ විද්‍යාව යටතේ එන විශයකි. සයිකොතෙරපි සඳහා උතුරු ඇමරිකාවේ PhD දක්වා ඉගෙන ගත හැකිය. මාගේ මනෝ විශ්ලේෂණය පිලිබඳව එක් ගුරුවරියක වූ නෝරා ටේලර් හට සයිකොතෙරපි සඳහා PhD එකක් තිබේ. ඇයව ඩොක්ටර් නෝරා ටේලර් කියා හඳුන්වති.
ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන කාලයේ පටන් මා මනෝ විද්‍යාව , මනෝ චිකිත්සනය , උපදේශනය වැනි විශයන් කෙරෙහි උනන්දුවක් දැක්වූයෙමි. කැනඩාවට පැමිනීමෙන් පසු මා සතුව විකල්ප දෙකක් විය. එකක් කැනඩාවේ වෛද්‍ය විභාග කොට ෆැමලි දොස්තර කෙනෙක් වෙනවාද ? නැතහොත් මාගේ ප්‍රියතම විශය වූ මනෝ විද්‍යාව හදාරනවාද යන්නය. ඒ වන විට මම ලංකාවේ වසර 16 ක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබුණි. ඒ අනුව තව දුරටත් තරුණ වෛද්‍යවරයෙකු නොවන මා හට විභාග නිම කොට ඔන්ටේරියෝවේ රෙසිඩන්සි හෙවත් සීමාවාසිකය ඇරඹීමට වසර 10 පමණ පෝලිමේ සිටීමට සිදු වනු ඇත.
ඒ වන විට ඔන්ටේරියෝවේ රෙසිඩන්සි හෙවත් සීමාවාසිකය ඇරඹීමට වසර 6 පමණ බලාගෙන සිටින විදේශීය වෛද්‍යවරියක මට හමු විය. මේ නිසා බොහෝ විදේශීය වෛද්‍යවරු නිව් ෆවුන්ඩ්ලන්තය සස්කචුවාන් වැනි ප්‍රදේශ වලට ගොස් ග්‍රාමීය පළාත් වලට ගියහ. එහෙත් මගේ බිරිඳ ටොරොන්ටෝ වල වැඩ කරන නීතීඥවරියකි. ඇයට තම ප්‍රැක්ටිස් එක දමා මා සමග නිව් ෆවුන්ඩ්ලන්තයට යා නොහැක. පුතා තවමත් පාසල් යන ළමයෙකි. පියා නිවසේ සිටීම අත්‍යාවශ්‍යය. ඒ නිසා මට පවුල ටොරොන්ටෝ වල දමා වෙනත් ප්‍රදේශයකට යා නොහැක.
මේ නිසා මම මගේ ප්‍රියතම විකල්පය තෝරා ගත්තෙමි. ඒ වන විට මනෝ විද්‍යා අධ්‍යනයන් සඳහා මාව ලන්ඩන් විශ්ව විද්‍යාලයට තේරී තිබුණි. මම ඒ වරණ ලියවිලි මගින් කෙලින්ම යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යනයන් වෙත ගියෙමි. මනෝ විද්‍යා උපාධිය අවසන් කිරීමෙන් පසුව මම ඔන්ටේරියෝවේ රෙජිස්ටර්ඩ් මෙන්ටල් හෙල්ත් තෙරපිස්ට් සන්නාමය ලබා ගත්තෙමි. සයිකෝලොජිස්ට් හෙවත් මනෝ විද්‍යාඥයෙකු වීම සඳහා PhD සම්පූර්ණ කල යුතුය. මම සෙමෙන් සෙමෙන් ඒ ඉලක්කය වෙත යමි.
රැකියාවන් තත්වයෙන් උසස් හෝ පහත් වන්නේ නැත. උතුරු ඇමරිකාවේ රැකියාව නිසා මිනිසෙකු පහත් කොට කතා කරනවා මම මේ දක්වා දැක නැත. නමුත් ලංකාවේ රැකියාව නිසා ඉතා පහත් කොට කතා කරන වෘත්තිකයන් මම දුටුවෙමි.
ලංකාවේ වෛද්‍ය සේවය තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වය වැඩිපුරම පවත්වාගෙන යන්නේ ඉහල පන්තියකින් පැමින වෛද්‍යවරු වූ කොටස් වලටත් වඩා සයිකොතෙරපි හා ෆිසියොතෙරපි වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැකි වන් චිල්රන් වර්ගයේ පන්ති අතික්‍රමණයට උත්සහ දරන වෛද්‍යවරු තුලය.
ලංකාවේ වෛද්‍ය සේවය තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වය වැඩිපුරම පවත්වාගෙන යන්නේ ඉහල පන්තියකින් පැමින වෛද්‍යවරු වූ කොටස් වලටත් වඩා සයිකොතෙරපි හා ෆිසියොතෙරපි වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැකි වන් චිල්රන් වර්ගයේ පන්ති අතික්‍රමණයට උත්සහ දරන වෛද්‍යවරු තුලය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග




