Tuesday, December 29, 2015

The True face of Horror




What is Horror?
The word that often echoed by Colonel Walter E. Kurtz
The word that has thousand meanings
The word that stops beating your heart

Remember Cruella de Vil who wanted to kill innocent Dalmatians
Norman Bates who is expecting guests at the Bates Motel
Freddy Krueger the disfigured, dream stalker who returned in our dreams
Halloween killer Michael Myers who showed no mercy

Could you imagine the sharpness of Jason Voorhees Sword?
If not think of the sharp smile of Dr Hannibal Lector

What is real horror?
Have you questioned your self for a moment?
Is it the fearful eyes of Transylvanian Nosferatu ?
Or the Villainous smile of Bela Lugosi

May be you were terrified by seeing   Phantom of the Opera
Played by Lon Chaney the Man of a Thousand Faces,"
If not Mary Shelley's Frankenstein
Immortalized by Boris Karloff

Why fear for fictional and factitious horror?
When you are sounded by real horror 
The horrors of day-to-day life
Horrors that dictates our lives

Did you hear the political persecutions?
The ugly cousin of political extremism
Going hand in hand with the religious fundamentalism 
That kills the human growth and obstructs human freedom

For one moment, did you think about racism?
Which clouds human dignity and respect
Mad wars for racial supremacy
When all of us share the same DNA 

When you are surrounded by the real horrors
You are empowered and left without answerers
You become a living Zombie 
A man without moral consciousness

You can fight the horrors
By believe in your self
By believe in humanity and justice
You can defeat the horror
Until it is no more

Dr Ruwan M Jayatunge 

Monday, December 28, 2015

කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට




කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට
තමන්ගේ ආගම උසස් බවත්
අනෙකාගේ ආගම පහත් බවත්
අප සම්‍යයක් ද්‍රෘෂ්ටි බවත්
අනෙකා මිථ්‍යා ද්‍රෘෂ්ටි බවත්
නොවරදවාම උගන්වමු

උගන්වමු ඔවුන්ට ආගමේ නාමයෙන් බෙදී සිටින්නට
උගන්වමු ආගම් භේදයෙන් ඔළුව පළාගන්නට
නොවරදවාම උගන්වමු ආගම් ඇත්තේ තම විමුක්තියට නොව
භේදභින්නව එකම ලෝතලයේ කුලල් කා ගන්නට බව…

Sunday, December 27, 2015

71 මහ නඩුවේ 16 වන විත්තිකරු : සුනිල් රත්නසිරි ද සිල්වා






71 මහ නඩුවේ 16 වන විත්තිකරුවූ සුනිල් රත්නසිරි ද සිල්වා මට හමු වූයේ ඔහුගෙ නිවසේදීය. සාදරයෙන් මා පිළිගත් ඔහු අතීත කථා පුවත දිග ඇරියේ මේ අයුරිනි. 

1968 දී මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ 2 වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී බොගා සමරේ   හා නිමල් මහරගේ නිතරම විශ්වවිද්‍යාලයට පැමිණියා මා හමුවීමට. මම ඔවුන් සමග සංවාදයේ යෙදෙනවා. ඔවුන්ගෙන් මට  දැනගැනීමට ලැබුණු වමට බර ව්‍යාපාරයක් පිළිබඳව. මේ සංවිධානය තුළ කථාබහට වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් තිඛෙන බව මට වැටහුණා. ඒ නිසා 1968 අග වෙනකොට මම පූර්ණකාලීනයෙකු ලෙසට මයියංගන දිස්ත්‍රික්කයට ගියා.

කෙටි කාලයක් තුළදී විශ්විද්‍යාල අධ්‍යාපනය අත්හැර දමා පූර්ණකාලිකයකු වීමට නොයෙකුත් හේතුන් මට බලපවත්වන්නට ඇති. මට සමාජ විද්‍යාව උගැන්වූයේ ආචාර්ය නිවුටන් මුණසිංහ මහතා. එතුමා තුළ වාමාංශික අදහස් තිබුණා. වරක් මම එතුමාගේ මාර්ගෝපදේශය අනුව දෙමළ වතුකම්කරුවන් පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයට මම දියතලාව, හපුතලේ ප්‍රදේශයේ වතුවලට ගියා. දෙමළ වතුජනයා ඉන්දියාවට යැවීම පිළිබඳව සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ඒ වෙන කොට මතුවෙලා තිබුණා. සමාජ විද්‍යාත්මකව එය ඔවුන්ට බලපෑ ආකාරය අධ්‍යයනය කිරීමටයි අපට අවශ්‍ය උනේ. මම කම්කරුවන් 100 කට අධික ප්‍රමාණයක් සමග දීර්ඝ වශයෙන් කථා කළා. ඔවුන්ගේ අදහස්
උදහස් දැනගත්තා. යළි ඉන්දියාවට යාම පිළිබඳව ඔවුන දැරූ අදහස් මම අධ්‍යයනයට එකතු කළා.

ඒ වගේම පන්ති පහ  මා තුළ යම් ආකර්ශණයක් ඇති කරන්නට ඇති බව මම අද හිතනවා. ප්‍රේමපාල තමයි අපට පන්ති කළේ. දෙල්මෑල්ල කියන ප්‍රදේශයේදී  රෙජිනෝල්ඩ් කුරේ, දෙනියායෙA දයාරත්න, එහෙම මේ පන්තියට පැමිණි බව මට මතකයි. රෝහණ විෙජ්වීරත් බෝගහපැලැස්සේ කතරගම, පන්ති කළා. මේ පන්තියේ දී විෙජ්වීර වතු කම්කරුන් ප්‍රතිගාමී බලවේගයක් ලෙසට තමයි හැදින්වූයේ. මම ඊට කලින් වතු කම්කරුවන් ගැන අධ්‍යයනයක් කර තිබූ නිසා මම යමක් ඔවුන් ගැන දැන හිටියා. ඒ නිසා මට විෙජ්වීර ගෙන් ඕනෑකමින්ම ඇසුවා වතු කම්කරුවන් පිළිබඳව ව්‍යාපාරය තුළ තිබූ ස්ථාවරය. එහිදී විෙජ්වීර මට කිව්වා ඉන්දීය මානසිකත්වය එක්ක ඉන්න අය සමග අපට ගමනක් යන්න බැරිබව. ඒ පිළිතුර සමග මම නිහ~ උනා.

පූර්ණකාලිනයෙකු ලෙස 1968 අගදී මයියංගනයට ගිහිල්ලා මම ඉඩම් සංවර්ධන වෘත්තීය සමිතියේ වැඩ කළා. එA කාලේ ගොයම් කැපූ පසු කානිවල්, තොරොම්බල්කාරයෝ මයියංගනයේ පිරිලා. ඒ කාලෙට අපි කුලී වැඩක් කරනවා. වරක් කානිවල් එකක් සඳහා ගොයම් කැපූ කුඹුරක වතුර ඉහින්න මම බාරගත්තා. මේ කුඹුරේ දණක් මට්ටමට වතුර. වතුර ඉහිනAන සුමාන දෙකක්වත් යනවා. මම ගණිත දැනුම භාවිතා කරලා ලියදි අතර කානු කපලා කුඹුරේ වතුර පිටතට ගලාගෙන යන්න සැලැස්සුවා. හවස වෙනකොට කුඹුරේ වතුර හිස්. සංවිධායකයින්ටත් පුදුමයි.

මම මයියංගනයේ හිටියා 1969 අප්‍රේල් දක්වා. ඊට පස්සේ පියතිලක හා පියසිරි කුලරත්න සමග ශිෂ්‍ය අංශයේ වැඩ කලා. මේ යුගයේදී මහින්ද විෙජ්සේකර ක්‍රියාශීලී ශිෂ්‍ය නායකයෙක්. වරක් ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ තීරණය කළා මහාචාර්ය හෙට්ටිආරච්චි අඩස්සියට පත් කරලා ඉල්ලීම් ලබාගැනීමට. මේක මම අනුමත කළේ නැහැ. ශිෂ්‍යයන් එදා මහචාර්ය හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගන්න යන විට පොලිසිය රැකවල් දාලා ආපු අයට හොදටම පහර දුන්නා. මේ සිද්ධියෙන් පසු මහින්ද මා සමග හිත නොරොක් උනා.

අපි රැස්වීම් සංවිධානය කළා. සාමාජිකයෝ හඳුනාගන්නේ සාක්කුවේ නැත්නම් කොළර් එකේ ගහපු ඇල්පෙනෙත්තකින්. ඒ වගේම රහස් වචන තිබුණා. නොදන්නා සාමාජිකයෝ දෙදෙනෙක් හමුවුනාම එක් අයෙක් අහනවා zඅද පාරේ හරියට ට්‍රැෆික් නේද?Z කියලා. එතකොට අනෙක් කෙනා උත්තර දෙනවා zනියෙඟට ඔහොම තමයි කියලාZ දැන් දෙදෙනාටම තේරෙනවා තමුන් ව්‍යාපාරේ බව.

පහරදීම සඳහා සංඝාරාමයේ රැස්වීම තිබුණේ මිනිපේ සෝභිත හාමුදුරුවන්ගේ කාමරේ. මට පියතිලක මගින් ප්‍රහාරය ගැන ආරංචි උනා. ශිෂ්‍ය අංශය මගින් ප්‍රාහාර කීපයක් සංවිධානය කරලා තිබුණා. පනාගොඩ හමුදා කඳවුරට පහර දීමට, යාපනය හිරගෙදර කඩා විෙජ්වීර බේරා ගැනීමට. අගමැතිනිය (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව) අත් අඩංගුවට ගැනීමට යනාදී වශයෙන්.

සිරිමාවෝ මැතිණියගේ ආරක්ෂකයෙක් හිටියා සාජන්ට් පෙරේරා කියල ආමි එකේ. ඔහු අපට එකතුවෙලා හිටියේ. 1971 අප්‍රේල් 4 වෙනිදා රාත්‍රි වැඩ මුරයට ඔහු නම දාගෙන, ශිෂ්‍ය අංශයේ පිරිස බලාපොරොත්තුව ඉඳලා තියෙනවා. පනාගොඩ කෑම්ප් එකේ සැලැස්ම කැප්ට්න් කුලරත්න හරහා එයාගේ මල්ලී චන්ද්‍රනාත් ලබා දුන්නා. කැප්ටන් කුලරත්න අප්‍රේල් 4 කාර් එකක කිරුළපන පාලම ළඟ හිටියා. යාපනයට යාමට පියතිලක ප්‍රමුඛ කරාටේ සැම්සන්, පියසේන, වනිග බන්දු ක්‍රියා කළා.

මට පැවරී තිබුණේ තුම්මුල්ල හන්දියේ යුද හමුදාපති නිල නිවසට ගිහිල්ලා යුද හමුදාපති සේපාල ආටිගලව අත් අඩංගුවට ගැනීමට. මේ සඳහා 25 ක පමණ පිරිසක් හිටියා. අපට පිස්තෝල චීනච්චට්ටි බෝම්බ 20 තිබුණා. මේ ප්‍රහාරයට බමුණුසිංහ, කේ. ජයසේන, අනුරාධපුරයේ පොඩි සෙනෙවි, රුවන්වැල්ලේ විලියම්, එහෙම යාමට නියමිතව සිටියා.

අප්‍රේල් 5 වෙනිදා හවස 6 ට විතර මට මතක හැටියට ඔස්මන්ගෙන් පණිවිඩයක් ලැබුණා. ප්‍රහාරය නවත්වන්න කියලා. ඒ නිසා නියමිත ප්‍රහාරය සිදු කළේ නැහැ. කොළඹ හොඳට මුර. අපි සංඝාරාමයේ හිටියේ. කට්ටිය ආපසු යැවීමත් ප්‍රශ්නයක්. ඒ අයට දැනුම් දුන්නා තම තමන්ගේ ගම් වලට ගිහිල්ලා සටන්වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව පිරිස විසිරුනා. පොඩි සෙනෙවි අනුරාධපුරයට ගියා. මම සංඝාරාමයේ නතර උනා.

අප්‍රේල් 8 දින මුළු දවසම ඇදිරි නීතිය. එදා තමයි කටුනායකට ගුවන් මගින් ආයුධ ආවේ. මම ඇතුළු පාරවල්. ගුරුපාරවල් ඔස්සේ ඇඹුල්දෙණියට ගියා. මහරගම පැත්තේ ගෙදරක නැවතිලා ඉදලා 71 මැයි මාසයේ මුල් සතියේ දී දිවුලපිටියට ගියා. දිවුලපිටියේ මේ වෙනකොට රහසිගත කඳවුරක් තිබුණා. මේ කඳවුරේ අපගේ සාමාජිකයන් 50 විතර සන්නද්ධව හිටියා. චුකී ප්‍රේමරත්න, උයන්ගොඩ  ගාන්ධි, එහෙම හිටියා මතකයි. 

අපි සැලසුම් කළා දිවුලපිටිය පොලිසියට පහරදෙන්න. මේ අවස්ථාවේදී වයසක මිනිහෙක් ඔත්තු බලන්න ආවා. ගාන්ධි මේ මිනිහා අත් අඩංගුවට අරගෙන පහර දුන්නා. අපි මැදිහත් වෙලා ඔහුව නිදහස් කළා. පසුව මේ පුද්ගලයා පොලිසියට කඳවුර පිළිබඳ තතු කියලා තියෙනවා. 

මැයි 10 වෙනිදා විතර කඳවුර වටකරලා පොලිසිය, ගුවන් හමුදාව, පහර දුන්නා. අපේ පිරිස සී සී කඩ විසිරිලා ගියා. පලා යන සාමාජිකයන් ගම්මු අල්ලලා ගස් බැඳලා පොලිසියට බාර දෙනවා. මම පස්දෙනෙකු සමග පොල්වත්තක් හරහා දිව ගියා. එතකොට ගැමියන් අපිව අල්ලා ගැනීමට පැන්නා. මේ අවස්ථාවේ දී මගේ අතේ තුවක්කුවක් හා චීනච්චටිටි බෝම්බයක් තිබුණා. මම ඒක පෙන්නලා ගැමියන් බියට පත් කෙරෙව්වා.

ගම්මුන්ගෙන් මිදුණු අපි රෑ ගත කළේ පොල්වත්තක. උදේ තුවක්කුව සඟවලා හුණුමුල්ල සෙන්ට්‍රල් එක ළගට ඇවිත් බස් එකක නැගලා ජා ඇලට ගියා. මැයි 16 මම අම්බලන්ගොඩ මගේ නිවස බලා පිටත් උනා.
කඳවුරේ හිටපු අනිත් අය ගැන තොරතුරු ලැබුනේ පසුව. චූකී විල්පත්තු ගිහි්ල්ලා. ගාන්ධි කඳවුරේ හිටපු එකම කාන්තා සාමාජිකාව එක්ක වෙස්වෙළාගෙන ගිහිල්ලා තියෙනවා. ඔහුගේ බිරිඳගේ නිවසට. අතරමගදී තේ බොන්න කඩයකට ගොඩ වැදුණු විට කඩේ මුදලාලිට සැක හිතිලා තියෙනවා. ගෑණු සාමාජිකයා කලිසමක් ඇඳගෙන. ඊට උඩින් සාරිය ඇඳගන. ඉඳලා තියෙන්නේ. තේ බොන්න වාඩි උනාම සාරියට යටින් කලිසම මුදලාලි දැකලා තියෙනවා. මුදලාලිගේ ඔත්තුවට පොලිසිය ගාන්ධිව අත් අඩංගුවට අරගන මීගමුව පොලිසියට ගෙනල්ලා මරාදාලා තියෙනවා. 

(මෙම කාන්තා සාමාජිකාව මීගමු ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරක 1971 දී සිටි බව චූකී ප්‍රේමරත්න මහතා මා සමග 9.2.09 දින දුරකතන සංවාදයේදී ප්‍රේමරත්න මහතා මා සමග පැවසීය  මේ අනුව ඇය තවමත් ජීවතුන් අතර සිටිනවා විය හැක. ඇයගේ නම ලීලාවතීය. පන්නල විසු ගාන්ධිගේ බිරිඳගේ නිවසේ ඇය නැවැත්වීමට යන විට ගාන්ධිව අත් අඩංගුවට ගෙන තිබේ. ගාන්ධි දිවුලපිටියේ පදිංචි රජයේ රැකියාවක් කළ අයෙකු බව චූකී ප්‍රේමරත්න මහතා පවසයි. ඇය පිළිබඳව පියසිරි කුලරත්න මහතාගේ zතක්සලාවක් වූ සිපිරිගෙයZ කෘතියේදී සඳහන්වන අතර පැපොල සැදී අසනීපයෙන් දිවුලපිටිය පොල්වත්තක තිබූ කඳවුරේ සිටි සාමාජිකයන්ට කොත්තමල්ලි තම්බා දීමෙන්ද, ආහාර පිසීමෙන්ද, ඇය සහය වූවාය. කත_ෘ )

මම අම්බලන්ගොඩ ගියේ 1971 අප්‍රේල් 16 දින. ඉන් දින දෙකකට පසුව අප්‍රේල් 18 දින මාව අත්අඩංගුවට ගත්තා. කෙලින්ම ගෙන ගියේ අම්බලන්ගොඩ පොලිසියට. කිසි පහර දීමක් කළේ නැහැ. අප්්‍රල් 20 දා මාව සී.අයි.ඩී. එකේ 4 වෙනි තට්ටුවට ගෙන යනු ලැබුවා. ප්‍රශ්න කළේ එච්, වයි. ද සිල්වා මහතා. ඔහු ධර්මාශෝක විදුහලේ හිටපු ගුරුවරයෙක්. නිසා තරුණයන්ගේ සිතිවිලි තේරුම්ගත් කෙනෙක්. 71 අපේ සාමාජිකයන් පොලීසිය හා සී අයි ඩී පහරදීම් පිළිබදව අතිශයෝක්තියෙන් කරුණු කියනවා. ඒ වගේ පහරදීම සිදුවුවානම්  මිනිසෙක් ජිවත් වෙයිද කියන එකක් සැකයක්. වීරත්වය ආරෝපණයට, ආරක්ෂක අංශවල කෘෘරත්වය හුවා දැක්වීමට, තමන් පරහදීම් වලදී බිඳ නොවැටුණු බව පෙන්වීමට, ඇතැමෙකු ප්‍රබන්ධ කරනයේ යෙදෙනවා. එහෙත් සත්‍ය මිසක ඇයි අපි ව්‍යාජය හුවා දක්වන්නේ.

මම රහස් පොලිසියට යනකොට මිනිපේ සෝභිත, භද්දිය සාදු. පොල්වත්තේ රාහුල, ප්‍රකාශ දීලා තිබුණේ. ඒ ප්‍රකාශවල මා ගැන හෙළි දරව් කරලා. ඒ නිසා සී අයි ඩී එක මගේ ක්‍රියා ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. මාව මාස 1 සීඅයිඩී එකේ රඳවාගන හිටියා. ඊට පස්සේ මැගසින් බන්ධනාගාරයට ගෙනාවා. නඩුවේදී මට අවුරුදු 7ක සිර දඩුවමක් ලැබුණා. මම නිදහස් උනේ 1977 දී. මම විවාහ උනේ හිරේ ඉන්න කොටදී. ඒ 1976 දෙසැම්බර් 30 මම පියසිරි කුලරත්න, නයනානන්ද විෙජ්තිලතිලක එක දවසේ බන්ධනාගාරයේදී විවාහ උනා. අපි හිරේ ඉන්නකොට අපගේ තරුණ වයස ගෙවී ගන යනවා. නිකමට වගේ අපි ඉල්ලීමක් කලා රජයෙන්, අපට විවාහ වීමට ඉඩදෙන්න කියලා. අපගේ පුනරුත්ථාපනය සාර්ථක බව පෙන්නන්නත් එක්ක රජය මීට එකඟතාව දෙන්න ඇති. විවාහය සීමා උනේ අත්සනට විතරයි. මධු සමයක් තිබුණේ නැහැ. කෙටි සංකේතාත්මක උත්සවයකින් පසු යලිත් අපි තිදෙනා සෙල්වලට ගියා.

1974 දෙසැම්බර් වෙනකොට මම ව්‍යාපාරයෙන් වෙන්වෙලා. ඒක සිදු උනේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් උඩ, විෙජ්වීර මට කිව්වේ පොඩි පුතා කියලා. ඔහු තුල විශ්වාසයක් තිබුණා යළි මම ඔහුට එකතු වෙයි කියලා. ඒත් එ දේ සිදු උනේ නෑ. නිදහස් වෙලා ඇවිල්ලා මම සර්වෝදයේ වැඩ කලා. අපි හිරේ ඉන්න කොට සර්වෝදය විසින් විවිධ වැඩ සටහන් කරනු ලැබුවා. මම හිරේ ඉන්න කොට මගේ උපාධියේ වැඩ අවසන් කරලයි තිබුණේ. ඒ නිසා මම අධ්‍යාත්මික වශයෙන් වැටුණේ නැහැ. 1980 මාර්තු දක්වා සර්වෝදයේ මම හිටියා. ඊට පස්සේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක වැඩ කළා. දැන් මහාහාර්ග අමාත්‍යාංශයේ සේවය කරනවා. 

71 අරගල අසාර්ථක වීමට විශේෂ හේතු බලපෑවා. මොරාල් එක විතරයි තිබ්බේ. වෘත්තීය පුහුණුවක් තිබුණේ නැහැ. සාමාජිකයන් තුළ තිබූ ඌන දැනුමත් එක හේතුවක්. උදාහරණයක් ලෙස ඛෙන්තර හෝටලය ඇමෙරිකානු යුද මධ්‍යස්ථානයක් කියල කියපු සාවද්‍ය අදහස සාමාජිකයෝ පැකිලීමක් නැතිව විශ්වාසය කළා. ඒ අනුව හිතන්න පුළුවන් ඔවුන්ගේ විචාර බුද්ධියේ සවභාවය. ව්‍යාපාරය තුළ ජාතිවාදී පැත්තක්, විදේශිකයන්ට බිය තත්වයන්ද, නොතිබුනා නොවේ. ඒ වගේම භද්දියලා වගේ අති ධාවනකාරි කෘෘර චරිතත් හිටියා. හිරේදී මතවාදයන්ට එකඟ නොවන චරිත 71 අරගලය දින්නා නම් උඩට ඒමේ සම්භාවිතාව තිබුණු බව අමතක නොකළ යුතුයි. ඒක හරියට සෝවියට් විප්ලවයේන් පසු බේර්යා වගේ බිහිසුණු වධකයන් ඉස්මතුවීම වගේ දෙයක්. මේ අනුව පොල්පොට්වාදී ක්‍රමයක් බිහිවෙන්න ඉඩ කඩ තිබුණා.

මම භද්දිය ගැන කිව්වේ ඔහුව හෙළා දකින්න නොවෙයි. ඔහු තුල හොඳ ගතිගුණත් තිබුණා. ඒ වගේම වධකයෙකුත් ඔහු තුළ හිටියා. මට මතකයි 1970 විතර සමගි පෙරමූණ ජය ලැබුවාහම මිනිස්සු ලේක් හවුස් එක වට කළා. භද්දිය සිවුර පිටින් ලේක් හවුස් ගොඩනැගිල්ලේ යකඩ බටයකින් බිමට බහිනවා. මේ වගේ දුර දිග නොබලා ආවේගයට මුල් තැන දීපු ක්‍රියා කරපු චරිත 71 දී ව්‍යාපාරය තුළ සිටියා. ඒ නිසා එවැනි පූද්ගලයන් සමග සන්නද්ධ අරගලයකට අවතීර්ණ වීමේදී පාළනයක් නැහැ. අයාලේ යාමක් තමයි දකින්නට තියෙන්නේ. එය විනාශයේ කෙළවර දක්වා දිග්ගැසිය හැකියි. ඒ වගේම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටළු බලන්න. ඩලස් අලහප්පෙරුම යුක්ති ගරුක, සදාචාරාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට බැස්සා. ඔහුගේ ක්‍රමය සමාජගත වීමට ඔහුගේ පක්ෂයේ නායකයන් පවා දිරිදුන්නේ නැහැ. මනාප ක්‍රමය තුල ආයුද, මුදල්, මැරබලය සංසරණය වෙනවා. මෙයට ප්‍රජාතන්ත්‍රවාදී කියාගන්නා දේශපාලකයන්ද ආශිර්වාද කරනවා. මේ නිසා වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනය මට විපරිතයක්.







Saturday, December 26, 2015

රතිඤා ගුටි



සාමාන්‍ය පෙළ විභාගය තිබූ 1982 වසර දෙසැම්බරයේ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා එලියට බසින විට රතිඤා  පත්තු කොට විභාග ශාලාවට විසි කරමු යැයි ලාල් රූපතුංග යෝජනා කලේය​. ලියනපතිරණ එම යෝජනාව ස්ථිර කල අතර අවසාන විභාගට පෙර රතිඤා  හා බට්ටන් කීපයක් සාක්කු වල දමාගෙන ඔවුන් විභාග ශාලාවට ගියහ​. 

බැලූ බැලිමට මෙය සහාසික ත්‍රස්තවාදී ක්‍රියාවකි. නමුත් එකල කොල්ලන්ට මෙය මහා ආතල් එකක් විය​. රතිඤා  ක්‍රියාදාමයට මම මඳක් බිය වූවද එය අමුතු අත්දැකීමක් වන නිසා නිහඞව කොල්ලන් කරන්නේ කුමක්දැයි බලා සිටියෙමි. 

අවසාන දිනයේ අවසාන විභාග ප්‍රශ්න පත්තරයට උත්තර ලියා අප සමූහයක් වශයෙන් එලියට බැස්සෙමු. අපගේ විභාගය තිබුනේ ක්‍රිකට් ලකුණු පුවරුව අසල දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේය​. ලාල් රූපතුංග රතිඥාවක් පත්තු කිරීමට උත්සහ දරන විට ලියනපතිරණ රතිඤාවක් පත්තු කොට පහත මාලයට විසි කලේය​. එය බෝම්බයක්  මෙන් මහ හඬක් නගා පිපුරුනේය​.  

පිපුරුම් හඞත් සමගම විභාග අවසානයත් සමග කොල්ලන් කුමන මදාවි වැඩක් කරත් දැයි බැලීම සඳහා කලින්ම පැමිණ සිටි ජයවර්ධන සර් පහත මාලයේ සිට ඉහල මාලයට යන තරප්පු පේලිය අසලට පැමිනියේය​. ඒ අතරවාරයේ රතිඤා ව පත්තු කිරීමට පහත් වී සිටි ලාල් වහාම රතිඤාව මේසය අස්සේ ගසාගෙන අහිංසකයෙකු මෙන් අනේ සර් තව පොඩ්ඩෙන් මගේ කලිසමත් පිච්චෙනවා කියා කලිසම් වාටිය ගසා දැමුවේය​. 

මම සිටියේ ලාල්ට පසුපසිනි. ඒ නිසා රතිඤාකරු මා යැයි සැක කල ජයවර්ධන සර් මාව කන් කෙටියෙන් අල්ලාගෙන ගොස් විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාට භාර දුන්නේය​. විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා සිටියේ කෝපයෙනි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ නාලන්දේ නම්බුව කෑවා කියා හොඳ පොල් ටොක්කක් ඇන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා විද්‍යාගාරයේ තෙවන මහලේ පිහිටි විදුහල්පති කාර්‍යාලයට මා රැගෙන ගියේය​. ඒ අතර මාව විදුහලෙන් අස් කරන බවටද කීවේය​.  

ගුටි වලින් සහ බියෙන් තෝන්තුවී සිටි මා රතිඤාව දැම්මේ මා නොවේ යැයි කීවෙමි. නමුත් ඒ බවට කන් නොදුන් ධර්ම ගුණසිංහ මහතා පියාගේ සහ මවගේ රැකියාවන් මොනවාද කියා ඇසීය​. මගේ මව විදුහල්පතිනියකි.  ධර්ම ගුණසිංහ මහතා ඇයව දන්නේය​. මම මවගේ නම කියූ විට ධර්ම ගුණසිංහ මහතා මඳක් සන්සුන් වී මගේ කතාවට සවන් දුන්නේය​. මා රතිඤාව නොදැමූ බව කීවත් එය දැමුවේ ලියනපතිරණ කියා පාවා නොදුන්නෙමි. නමුත් මේ ගාලගෝට්ටිය අව්අස්සේ විදුහල්පති කාර්‍යාලට පැමිණි අපගේ පන්තියේ සිසුවෙකු වූ සමන් ධම්මික නොහොත් මොරේ  රතිඤාව දැමුවේ මම නොව ලියනපතිරණ බව කීවේය​. මේ නිසා මට ඇප ලැබුණි. එසේම පාවා දෙන්නාගේ භූමිකාවෙන් ද මම මිදී ගියේය​. 

මේ අතර ලියනපතිරණ ස්ථානයෙන් මිදී පළා ගොස් තිබුණි. එ ම නිසා ලබන වාරයේ නඩුව අසන බව විදුහල්පතිතුමා පොරොන්දු විය​. එහෙත් අපොස සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසු  ප්‍රතිඑල එනතෙක් සිටින මාස දෙක තුනෙන් පසු යළිත් උසස් පෙළ කිරීම සඳහා පාසලට ගියද නඩුව යළි විභාග වූයේ නැත​.  මම ජීව විද්‍යා අංශයට ගිය අතර ලියනපතිරණ වානිජ අංශයට ගියේය​. ඒනිසා අප දෙදෙනා මුණ ගැසුනේම නැත​. පාසල් අධ්‍යාපනයෙන් පසු ලියනපතිරණ පොලිසියට බැඳුනි. 2006 දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී මට ලියනපතිරණ හමු විය​. ඔහු වෙනුවෙන් මම ගුටිකෑම ගැන ලියනපතිරණ මට කණගාටුව ප්‍රකාශ කලේය​. වසර 24 පසුව ලියනපතිරණ ගේ සමාව මම භාරගතිමි. 

Friday, December 25, 2015

කොනක්කැපූ බණ්ඩාර



අද මෙන් එදා මුස්ලිම් සිංහල භේදයක්, නොතිබූ අතර මුස්ලිම් වෛද්‍යවරු සහ අප ඉතා සහෝදරත්වයෙන් කටයුතු කලෙමු. හලාවත රෝහලේ වෛද්‍යවරයෙකු වූ රිස්වි සැමදෙනාගේම මිතුරෙකි. නමුත් ඉඳ හිට අප රිස්විව බයිට් කලෙමු. නමුත් ඔහු ඒ ගැන උරණ වූයේ නැත​. 

වරක් නිර්වින්දන වෛද්‍යවරියක් වූ නන්දනී පුස්තකාලයෙන්  පොතක් ගෙනවිත් තිබුණි. එහි නම කොනප්පු බණ්ඩාරය​. මෙම පොත වෛද්‍ය ජගත් අරගෙන ගියේය​. මම ජගත් ගෙන් එය ඉල්ලාගත්තෙමි. මගෙන් එය වෛද්‍ය ඈපා ගත්තේය.මෙසේ පොත අතින් අත ගියේය.  පොත පුස්ථකාලයට දීමට ප්‍රමාද වන නිසා එය වහා ගෙනත් දෙන ලෙස නන්දනී ජගත්ට කීවේය​. ජගත් එය මගෙන් ඉල්ලීය මම එය  ඈපාගෙන් ඉල්ලුවෙමි ඈපා එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​, ඔහු එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​. මෙසේ පොත මහා රවුමක් ගොස් අවසානයේදී   රිස්විගේ අතින් පොත මතු විය​.

මේ ගැන වරක් අප ශල්‍යාගාරයේදී කතා කලෙමු.  කොනප්පු බණ්ඩාර පොත ගිය දුර ගැන කථා කරමින් සිටියදී ඈපා රිස්විව  කොනක්කැපූ බණ්ඩාර  ලෙස නම් කලේය​. රිස්විව ඊට කෝප ගත්තේ නැත​. එදා සිට රිස්වි කොනක්කැපූ බණ්ඩාර විය​. 

රිස්වි විවාහ විය ඔහු අප සියළුදෙනාට ආරාධනා කලේය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා සමග අප රිස්විගේ මගුලට ගියෙමු. එය  අප බොහෝ දෙනාගේ මුස්ලිම් විවහා මගුලකට ගිය ප්‍රථම අවස්ථාව විය​. ඉතා හොඳ යාලුවෙකු වූ රිස්වි පසු කාලයක ජයවර්ධනපුර රෝහලට මාරුවී ගියේය​. 

Find Us On Facebook