Monday, June 15, 2015

71 කැරැල්ල​ පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය

 


71 කැරැල්ලේ 13 වන විත්තිකරු රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 දින ඝාතනයට ලක් විය. ඔහුව අත්අඩංගුවට ගැනීමට ජානක පෙරේරා මහතා සමග උලපනේ නිවසට ගිය හමුදා නිලධාරියා අද විශ්‍රාමික ජෙනරාල්වරයෙකි. ඔහුගෙන් සම්මුඛ සාකඡාවක් ලබා ගැනීමට මම උත්සාහ කළ නමුදු, එය අසාර්ථක විය. තමා කිසිවෙකුට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බව කියා අපගේ ඉල්ලීම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලදි.

71 කැරැල්ලේ පුර්ව සමයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ කට උත්තරය පටිගත කරනු ලැබීය. පසුව මෙය ලේඛන ගත කරන ලද අතර පසුව එම විශාල කට උත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාරාංශගත කරන ලදි. අප්‍රේල් මහ නඩුවේදී යොදා ගන්නා ලද නෛතික ලිපි ලේඛන අතර මෙම කට උත්තරය වැදගත් තැනක් ගනියි. එම ලේඛනය ආරම්භ වන්නේ මේ අයුරිනි.

රෝහණ විජේවීර විසින් රජයේ අධිනීතීඥ අයි. එෆ්. බී. වික්‍රමනායක මහතා වෙත කරන ලදුව 1971 ජූලි මස 17 වෙනිදා සිට 24 වන දින දක්වා වාර්තා ගත කර ගන්නා ලද ප්‍රකාශයේ සාරාංශයයි.
 
1. ජ්‍යෙෂAඨ පාඨශාලා සහතික පත්‍ර පංතිය දක්වා ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගතිමි. ඊට පසුව ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි. (ලියමන ටයිප් කොට පිළියෙළ කරන ලද්දේ ඊලියන් නානායක්කාර විසිනි)

2. 1960 සැප්තැම්බරයේදී රුසියාවට ගොස් 1964 මාර්තු දක්වා එහි සිටියෙමි. රුසියන් භාෂාව මාස 7ක කාලයක් ඉගෙන ගතිමි.

3. වෛද්‍ය අංශයේ ඉගෙන ගතිමි. ප්‍රථම විභාග 3 සමත් වීමි. ස්පාඤ්ඤ භාෂාව මඳක් ඉගෙන ගතිමි. අසනීප වීම නිසා 1964 දී ලංකාවට ආපසු පැමිණියෙමි. දේශපාලන අර්ථ ශාස්ත්‍රය උගතිමි. ලංකාවෙන් ගිය හැම දෙනෙක්ම මේ දේශනවලට සහභාගි වූහ.

4. ලෙනින්වාදය සහ මාක්ස්වාදය පිළිබඳ පොත් මම කියවීමි. ලෙනින්ගේ zz..............ZZ නම් කෘති කියවීමි. එය කාණ්ඩ 30කින් යුක්තය. මම ඒවායින් සමහර කොටස් කියවීමි. මම විවේක නිවාඩු පිට ලංකාවට ආපසු පැමිණියෙමි.

5. කටුනායකට ගොඩ බැසීමෙන් පසුව මම නාවල පාරේ ප්‍රේමලාල් කුමාරසිරි මහතාගේ නිවසේ රාත්‍රිය ගත කළෙමි.

6. චීන-රුසියන් අරගලයේදී මගේ අදහස වූයේ චීන මතය හරි බවය. මොස්කව්වලදී වුව මගේ අදහස වූයේ එයයි. රුසියාව ධනවාදය කරා ආපසු යන බවක් දක්නට තිබිණ. සෝවියට් රුසියාවට යාම සඳහා මට වීසා බලපත්‍රයක් නිකුත් නොකරන ලද්දේ මේ හේතුව නිසා යයි මම අවසානයේදී සිතුවෙමි. රුසියානු තානාපති කාර්යාලය වීසා බලපත්‍රය
ප්‍රතික්ෂේප කොට මගේ පාස්පෝට් බලපත්‍රය ආපසු එවීය.

8. තම පක්ෂයට බැෙඳන ලෙස ෂන්මුගදාසන් මට කීය. 1965 දී මම එම පක්ෂයට (පීකිං පිල) බැඳුණෙමි. ඊට බැඳී ටික දිනකට පසු පක්ෂයේ පූර්ණකාල වැඩ කටයුතු සඳහා මා යොදවා ගන්නා ලදි. පළමු කොට මම පක්ෂ මූලස්ථානයේ පූර්ණකාල ලෙස වැඩ කළෙමි. එකල මට රු. 150/} ක පූර්ණකාල දීමනාවක් ගෙවන ලදි.

9. අප පක්ෂයේ වගකිවයුතු තනතුරු උසුලන බොහෝ දෙනෙක් චීන පිළෙන් ඉවත් වී පැමිණි අයයි. ඔවුන් නම් සනත්, කරුණාරත්න, අතුල, පියරත්න, මිල්ටන්, විිමලගුණේ, මදනායක, ඩී. ඒ. ගුණසේකර, ධනපාල සහ සයිමන් අබේගුණවර්ධන යන අයයි. ෂන්මුගදාසන් යටතේ වූ ඊනියා
චීන පිලේ ප්‍රතිපත්තියෙහි ඇතැම් වැරදි මූලධර්ම ඇති බව අපට පෙනී ගියේය. ඔහුගේ පක්ෂයෙහි වංචාවත්, දූෂණයත් රජ කළා. වෘත්තීය සංගම් අංශයේ කුලවීරසිංහම් වැනි අය මුදල් සියල්ලම වංචා කළා. පක්ෂ සාමාජිකයන් බොහෝ දෙනා කලකිරීමට පත් වුණා.

10. ෂන් මැද කොළඹ ආසනය දෙමළ ඡන්ද මගින් දිනා ගැනීමට උත්සාහ කළා. ඔහුත් බාලා තම්පෝත් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ දෙමළ ජනයා අතරයි. මේ නිසා අපි ඔහු ගැන කලකිරීමට පත් වුණා. ෂන් ගැන කලකිරීමටපත් වූ කොටස් ඔහු හැඳින්වූයේ බොරුකාරයෙක් සහ අභ්‍යන්තර ෆැසිස්ට්වාදියෙක් හැටියටයි.

12. එස්. ඩී. බණ්ඩාරනායක පීකිං පිලට බැඳුණේ 1965 අගදීය. ඔහු හයිඩ්පාක් පිට්ටනියේ රැස්වීමකදී කතාවක් පැවැත්වීමට පැමිණි විට මට මුණ ගැසුණා. ඉන්දියානු ජාතිකයන්ගේ තත්වය පිළිබඳව පැවැත්වූ දේශනයකදීද ඔහු මට මුණ ගැසුණා. මේ කාලයේදී ධර්මසේකර සිටියේ රුසියන් පිලේ. ඔහු වැඩ කළේ විද්‍යාලංකාරයේ ශිෂ්‍ය අංශයේ. 1966 අප්‍රේල් මාසයේදී මා පීකිං පිලෙන් නෙරපනු ලැබුවා.

13. කරුණාරත්න, සනත්, පියරත්න, ලොකු අතුල සහ ගුණසේකර යන මේ සියලූදෙනාම පීකිං පිලෙන් නෙරපනු ලැබුවා.

14. මා 8 වෙනි පන්තිය දක්වා ලංකා ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පසු මා විද්‍යා අධ්‍යාපනය පටන් ගත්තා. මා අනුරාධපුර හා පොලොන්නරුව යුග පිළිබඳ ඉතිහාස පොතුත් වාමාංශික ව්‍යාපාරය පිළිබඳ පොතුත් බොහෝ ගණනක් කියෙව්වා. ඒ දිනවල මේවා බොහෝ ගණනක් මට දෙන ලද්දේ ගුණසේකර විසිනි.

15. ඩී. ඒ. ගුණසේකර මා සමඟ නුගේගොඩ ශාඛාවේ හිටියා. ප්‍රේමලාලූත් නෙරපනු ලැබුවා. අප ගොවීන් අතර වැඩ කළයුතු බවට අදහසක් අප අතර තිබුණා. මෙය මාඕ සේතුංගේ න්‍යායන්ගෙන් එකකි.
ගොවියන් විප්ලවවාදීන් කිරීමේ න්‍යාය ලෙනින් විසින් පිළිගෙන තිබේ. මේ රටේ කොමියුනිස්ට් සහ සමසමාජ අදහස් ගම්වලට කාවැදී නොතිබුණේය. ඒ නිසා මේ බැරෑරුම් ප්‍රශ්නයට මුහුණ දීමට අපට සිදුවුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ මාර්ග ගැන අපි සිත යොමු කරමින් සිටියා.


16. විප්ලවයේ පෙරමුණ ගත යුත්තේ ඉන්දියානු වතු කම්කරුවන් බව ෂන් කිව්වා. 1966 ආරම්භයේදී මට හොඳමුනි හමුවුණා. 17. ඔහු මුණගැසීමට මා කැඳවාගෙන ගියේ නාවික හමුදාවේ තිලකරත්න විසින්. නාවික හමුදාවේ 5 දෙනෙක් හෝ 6 දෙනෙක් සඳහා මම පන්තියක් පැවැත්තුවා.

19/20. 1965 මම චීන පිලේ සිටියදී පන්තියක් පැවැත්වීම සඳහා ත්‍රිකුණාමලේ නැව් තටාක අංගනයට ගියා. මට උපාලි කුරේ සහ දෙල්ගොඩ රාජා හමුවුණා. මහින්ද පලිහවඩනත් මා සමඟ නැව් තටාක අංගනයට ගියා. එහි 6 දෙනෙක් හෝ 7 දෙනෙක් සිටියා.

23/24. තමන් විප්ලවීය අරගලයක් ගැන අදහස් කරන විට පාර්ලිමේන්තුවක් ගැන අදහස් නොකරන බවත් එසේ අදහස් නොකරන්නේ නම් එවැනි ආයතන තමන්ට නැති නිසා බවත් මාඕසේතුං තමාගේ පොතෙහි කියා ඇත.

26. මම මහින්ද විෙජ්සේකර හා තවත් අය සමඟ පේරාදෙණි ගියා. විමලගුණේත් ආවා. මහනුවර පක්ෂ කාර්යාලයේදී අපි සාකච්ඡා පැවැත්තුවා.

27. චීන පිලෙන් මා නෙරපනු ලැබූ පසු 1967 අග භාගයේදී අළුත් ව්‍යාපාරයක් පටන් ගැනීමට අපි සිතුවා. අපි කිරින්දේ ගොවිපලක් ඇරඹුවා. පියතිලකත් බැඳුණා.

28. අතුල, සනත් සහ වෙනත් අය සති අන්තවලදී එහි වැඩ කළා. මිල්ටන් ලිඳක් හෑරුවා. මේ ගොවිපොල මුහුදට කිට්ටුව පිහිටුවීමට මට විශෙAෂ හේතුවක් තිබුණේ නෑ.

30. පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා දහ පහලොස් දෙනෙක් අනුරාධපුරයට ගිය බව දෙවුන්දර අතුරු මැතිවරණයෙන් පසු සනත් මට ලියා දැන්නුවා. සනත් කලත්තෑවේ පිහිටි ඔහුගේ නිවසට පැමිණෙන ලෙස අපට ආරාධනා කළා. මමත් ගියා. පියතිලක සහ අතුලද එකතු වුණා. මා හිතන්නේ විමලගුණේත් ගියා.

31. අපි කලින් කල සනත්ගේ නිවසේදී මුණ ගැසුණා. පන්ති 5 ට පදනම් වූ මූලධර්ම පිළිබඳ එකඟත්වයකට අප පැමිනුණේ මේ සාකච්ඡා ලදීය.

33. 1967 අවසාන භාගය වන විට පක්ෂයක් පිහිටුවා ගත යුතු බව අපට ඒත්තු ගියා ධනවාදය, ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රතිෂ්ඨාපිත මාක්ස්වාදය යන මේ න්‍යායන්ට එරෙහිව දේශපාලන දර්ශනයක් පිළිබඳ වූ අරගලයක් පටන් ගැනීමට අපට සිදු විය. zzපන්ති සටනZZ යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

34. ඇල්බේනියාවේ සිට පෙරළා පැමිණි ගූණසේකර තමා දැරූ මත අපට පළ කළා. සනත් ගේත් මගේත් මතය වූයේ අප ගොවියන් හා සබඳකම් පැවැත්විය යුතු බවත් ඔවුන්ගේ ප්‍රශ්න සොයා දැන ගතයුතු බවත් ඔවුන් හා එකට ජීවත් විය යුතු බවත් යනාදියයි. මා 1967 දී යයි කීවද ඇත්ත වශයෙන්ම ඒ 1968යි. මේ කාලය වනවිට ධනපාල රුසියානු පිලේ සිට චීන පිලට ආවා. මම එවිට ඔහු දැන සිටියා. මම ඔහු මුණ ගැසීමට ඉඩම් සංවර්ධන කාර්යාලයට ගියා. එකල ඔහු කාසල් වීදියේ සංගමයේ භාණ්ඩාගාරික විය. ඔහු රුසියානු පිලේම රැඳී සිටිය යුතු බවත් අප දේශපාලන දර්ශනය පිළිබඳ අරගලයක් අරඹමින් සිටින බවත් මම ඔහුට කීවා. zzආර්ථීක අර්බුදයZZ යන මැයින් අප දේශනය පැවත්වූයේ මෙසේයි. ධනපාලත් මමත් නොයෙකුත් කාර්ය ස්ථානවල පන්ති පැවැත්වීම සඳහා මහියංගනය සහ අනුරාධපුරය වැනි තැන්වලට ගියා.

 
36. කාසල් වීදියේ පන්ති 5 ම පැවැත්තුවා. 37. ඊලඟට තිබුණේ zzලංකාවේ විප්ලවය ගතයුතු මඟZZ යන පාඩමයි. (5 වෙනි පාඩම)

38. මාක්ස්වාදය පැවති අවුරුදු 150 ක කාලය තුළ කිසිම විටෙක පාලක පංතියක් සිය කැමැත්තෙන්ම පාලන බලය අන් අයට පවරා දී නෑ. 39. ඔවුන් කිසිම විටෙක තම පන්තියේ අයිතිවාසිකම් අත් හරින්නේ නෑ. කිසිම විටෙක තම සුඛොපභෝගී ජීවිත අත් හරින්නේ නෑ. කොමියුනිස්ට් කණ්ඩායමට අයත් රටවල් 82 ක් තිඛෙනවා. සමාජවාදය කරා යා යුත්තේ එක්කෝ සාමයෙන් එසේත් නැත්නම් බලය පාවිච්චි කිරීමෙන් යන මතය හැම දෙනා විසින්ම පිළිගෙන තිඛෙන්නයි. එහෙත් මේ දෙකන් ගත යුත්තේ කවර මඟද යන්න තීරණය කෙරෙන්නේ රටේ පවතින තත්වය අනුවයි. කොමියුනිස්ට් මාක්ස්වාදියා මේ දෙකෙන් කවර මඟක් වුව ගැනීමට සූදානමින් සිටිය යුතුයි.

43. අද එන්.එම් පෙරේරා ආදී අය විප්ලවයට විරුද්ධයි. එහෙත් ටික කලකට ඉහත දී ඔහු ඊට පක්ෂව හිටියා. අපි එන්. එම්. පෙරෝරාගේ එක් දහස් නවසිය හතලිස් ගණන්වල අනුගාමිකයෝ. නිසි ගෞරවය ඇතිව ඇත්තම කියනවා නම් එන්. එම්. පෙරේරා ආදී අය අපත් සමඟම, අපටත් අඩියක් ඉස්සරහින් මිනීවල කරා යා යුතුයි. මා එසේ කියන්නේ ඒ කාලයේ මේ න්‍යායන් ඇති කළේ ඒ අය නිසයි. මේවා අප අසා ගත්තේ එහෙම නැත්නම් ඉගෙන ගත්තේ ඒ අයගෙනුයි. පසුව ඔවුන් අපව අත්හැර, තමන් දේශනා කළ දේ ක්‍රියාවට නැඟීමෙන් අපව වැලැක්කුවා. කලින් ඔවුන් කියා සිටියේ zzකම්කරු පංන්තිය පුබුදුවා රුසියානු විප්ලවයක් අපිත් ඇති කරමු.ZZ යනුයි. දෙවැනි ලෝක සංග්‍රාමය කාලයේදී ඔවුන් මේ ප්‍රතිපත්තිය අනුගමනය  කළා.. මුලදී ඔවුන් තම පක්ෂය හැඳින්වූයේ විප්ලවකාරී පක්ෂයක් ලෙසයි.

44. අතුල ආදීන් පොලිස් ස්ථානවලට පහර දීම සම්බන්ධයෙන් වැරදි අදහස් ප්‍රකාශ කර තිඛෙනවා.

45. පන්ති පහ 1968 හෝ 1969 අග හරියේදී අවසන් කළා. 46. මා මුදා හරිනු ලැබීමෙන් පුසව දේශපාලන තත්වය සම්බන්ධයෙන් ලක්ෂAමන් මාදුවගේ ගෙදරදී අපි සාකච්ඡා කළා.

47. මේ කාලය වනවිට මාඕ, මාක්ස්, ලෙනින්, චේගුවේරා, පිඩෙල් කස්ත්‍රෝ, කිම් ඉල් සුං ආදීන්ගේ සියලූම කෘති අප විසින් කියවා තිබුණා. යුදහමුදා ආණ්ඩුවකට හෝ යටත් කර ගැනීම සඳහා දැරෙන ප්‍රයත්නයකට හෝ එරෙහිව රට පුරා සෑම පෙරමුණකින්ම සතුරාට පහර දීමට අපි තීරණය කළා. මුලදී මෙය තිබුණේ සිද්ධාන්තමය ක්‍රමයක් වශයෙන් පමණයි. නමුත් පසුව මෙය ආයුධ පිලිබඳ ප්‍රශ්නයක් වුණා.

48. තත්වය උග්‍ර අතට හැරීගන යද්දී පමණයි මේ මිනිසුන් පුළුවන් හැම ආයුධයක්ම එකතු කිරීමට උත්සාහ කළේ. (ආයුධ එකතු කරන ලෙසවත් පොලිස් ස්ථානවලට පහර දෙන ලෙස වත් පක්ෂය ඉල්ලා නොසිටි බව  විෙජ්වීර කියයි.)

50. සතුරා වූයේ ධනපති පංතියත් එම පන්තිය ආරක්ෂා කළ සන්නද්ධ හමුදාවත්ය.  බෝම්බ අත්හදා බැලීමේදී සිදුවූ පිපිරීමකින් පොඩි අතුලට තුවාල සිදු විය. 1970 දෙසැම්බර් 15 වෙනිදා ඔහුගේ අත කපා වෙන්කරන ලදි. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුවත් ඔවුන් ආයුධ රැස් කිරීමට පටන් ගත්තා.

51. අතුල ආදී අය අත්හදා බැලීම් කරගෙන යන බව මට දැන ගන්නට ලැබුණේ හුඟ කලකට පසුවය. එවැනි අදහසකට අපි විරුද්ධ වුණා. ඉන්දුනීසියාවේ අයිඩිෂ්වරුන් මෙන් විනාශවී යනු වෙනුවට ඊට මුහුණ දිය යුතුය යන්න අප දැරූ අදහසයි. අප ඊට මුහුණ දීමට නම් අපට ආයුධ එකතු කිරීමට සිදුවනු ඇත. අවිආයුධ එකතු කිරීමට උත්සාහයක් තිබුණු බව මම පිළි ගන්නවා. එහෙත් ඒ කාලයේදී නොවේ. ඒ මෑතකදීය.

52. ජනවාරි මාසයේදී ලක්ෂ්මන් මහදුවගේ නිවසේදී අපි එකතු වුණා.

53. මා මුදා හැරීමෙන් පසු ඔස්මන්ගේ ලිපිනය මා විසින් පුවත්පත්වලට 
දුන් විට අපට බොහෝ නිර්නාමික ලියුම් ලැබුණා.

55. අපේ පන්තිවල පිටපතක් පීටර් කේනමන් මහතාට ලැබී එය කියවූ විට ඔහුට දාඩිය දමන්නට පටන් ගත්තා. (පොලිස්පති ඔහුගේ පොලිස් අධිකාරීන් සමඟ පැවැත්වූ විශෙAෂ සාකච්ඡාවක සටහනක් ගැන විෙජ්වීර ඊලඟට සඳහන් කළේය. ඒ සාකච්ඡා සටහනේ පිටපතක් රහසිගතව ව්‍යාපාරයට එවා ඇත) සමහර ප්‍රදේශවල නායකයන් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නැතිව ඔවුන් ප්‍රාදේශීය පොලිස් සථානවල රඳවා නොගත යුතු බවත් එහි සඳහන් වී ඇත.

56. හිරභාරයට ගනු ලැබූ හැම දෙනෙකුගේම ඡායාරූපත් ඇඟිලි සටහනුත් ගතයුතු බව සඳහන් වී තිබුණා. දිස්ත්‍රික්කවල සිදුවන සුළු සුළු සොරකම් වලට දේශපාලන සම්බන්ධකම් තිබේද යන බවත් කැලෑවල, විශේෂයෙන්ම ගොරිල්ලා කලාප පිහිටුවීමට නියම කරගෙන තිබුණු මහනුවර කඳුකර ප්‍රදේශයේ සහ සිංහරාජ අඩවියේ අවි ආයුධ සහ පතරොම් ගැන සොයා බැලිය යුතු බවත් සඳහන් වී තිබුණා. මට ලියුම් 15ක් 20ක් පමණ ලැබුණා. මෙය මට එවන ලද විශෙAෂ ලිපියකි. වැඩි කල් යන්නට පෙර ධර්මසේකර ආදී අය පොලිස් ස්ථානවලට පහර දී ඊට අප අසු කර පලා යන බව එහි සඳහන් විය. මේ සියල්ල ගැන අපට කල් තබා අනතුරු ඇඟවීමක් කර තිබුණා. මේ ලියුම් එවන ලද්දේ
ඔස්මන්ගේ ලිපිනයටයි.

57. ජවිපෙ පුවත්පතේ නායකයා වන සිසිල්චන්ද්‍ර ඔස්මන්ගේ ලිපිනය දුන්නා. 1968 වන විට පන්ති පහ අවසන් කළා. මුල් පාඩම වූයේ zzආර්ථීක අර්බුදයයිZZ දෙවැන්න zzනිදහසZZ පිළිබඳවයි. තුන්වැන්න zzඉන්දීය ව්‍යාප්තවාදයයිZZ  හතර වැන්න zzවාමාංශික ව්‍යාපාරයZZ යි. පස්වැන්න zzලංකාවේ   විප්ලවය කළ යුතු මඟZZ යි.

59. ඊට පසු සන්නද්ධ අරගලයක් පිළිබඳ ප්‍රශ්නය ගැන සලකා බලන විට අපට පෙනී ගියේ රුසියාවේ එය නගරයේ සිට ගම දක්වා කරගෙන ගිය බවය.

60. රටේ පැවති තත්වය අනුව මාඕ සේතුං විප්ලවය ගමේ සිට නගරය දක්වා කරගෙන ගොස් අවසානයේ ජය ලබා ගත්තා. චීන විප්ලවය අනුකරණය කිරීමට ඉන්දුනීසියාව ගත් උත්සාහය නිෂ්ඵල වුණා. ෂන්ගේ න්‍යාය වූයේ චීනයේ සිදු කලාක් මෙන් අප විසින් මධ්‍යම කඳවුරු, මූලස්ථාන ප්‍රදේශ ආදිය ඇති කොට ගම්වල සිට නගර දක්වා ප්‍රහාරය
සංවිධානය කළ යුතු බවය. වෙනත් වචනවලින් කියතොත් මාඕගේ න්‍යායයි. කියුබාවේ මෙය කරන ලද්දේ වෙනත් ක්‍රමයකටය. චේගුවේරා එය බොලිවියාවෙහි අනුකරණය කිරීමට ගත් උත්සාහය නිශ්ඵල වුණා. මේ නිසා එක් රටක් අනුගමනය කළ ක්‍රියා මාර්ගය තත් රටකට සුදුසු නොවන බව අපි පෙන්වා දුන්නා. මේ සියල්ලක්ම ර\ පවතින්නේ එ ඒ රටේ පවතින තත්වය උඩය. කම්කරු පන්තියත් ගොවියනුත් දීපව්‍යාප්ත පදනමක් යටතේ සාමූහික ප්‍රහාරයක් එල්ල කළ යුතු බව අපි කියා සිටියා.

61. වෘත්තීය සංගම් හා ගොවියන් එකට එකතු විය යුතුය.

69. 1968 දී මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොස් ධනපාල, සනත්, අතුල සහ පියතිලක සමඟ පන්ති පැවැත්තුවා. හතර පස් දෙනෙක් පමණ පන්ති පැවැත්තුවා. මුලදී ඔවුන් සඳහා කඳවුරු පැවැත්තුවේ මා විසින් පමණයි. මුලින්ම මේ පන්ති පැවත්වීමට අප පටන් ගත්තේ අක්මීමන කරුගේ නිවසේදීයි.

70. අක්මීමන දී 2 වැනි කඳවුර පවත්වන ලද්දේ පන්ති පැවැත්වීමට නියමව සිටි ගුරුවරුන් සඳහායි. පියතිලක වැනි කිහිප දෙනෙක් කඳවුරු දෙකකට පමණ පැමැණියා. මාතර සුසිල් (වික්‍රම) ද මේවා එකකට හෝ දෙකකට පැමිණ පසුව කඳවුරු පැවැත්තුවා. අක්මීමන කඳවුරට 20 දෙනෙක් පමණ දවස් 5 ක් පැමිණියා. මේ අවුරුද්දේ ජනවාරියෙන් පසු
වෙනත් ස්ථානවල විශෙAෂ පුහුණුවීමේ කඳවුරු තිබී ඇත.

71. (නාවික හමුදාවේ) තිලකරත්න කඳවුරුවල ශාරීරික අභ්‍යාස පන්ති පැවැත්තුවා. දේශන පැවැත්වූයේ මා පමණයි. වැඩිපුර කතා කිරීම නිසා මගේ කටේ දියබුබුළු නැගුණේය.

72. අක්මීමන කඳවුරෙන් පසු වෙනත් අය මාරුවෙන් මාරුවට පන්ති පැවැත්තුවා  2 වැනි කඳවුර පවත්වන ලද්දේත් අක්මීමන කරුගේ නිවසේදීයි. සනත්, මිල්ටන්, අතුල සහ සුසිල් වික්‍රමද 2 වැනි කඳවුරට ආවා.

73. උපාලි කුරේ සහ (නාවික හමුදාවේ) තිලකරත්න තනමල්විල කඳවුරට ආවා. බටපොල අතුලත් පැමැණියා. ඔවුන් රැගෙන ආවේ කොළඹ කට්ටියයි. එනම් ඔස්මන්ඩ්, ධනපාල සහ අනික් අයයි.

74. මීට ටික කලකට පසු මිල්ටන් කුරුණෑගල කඳවුර පැවැත්තුවා.
 
75. ඩී. ඒ. ගුණසේකර පන්ති පැවැත්තුවා. වාමාංශික ව්‍යාපාරය පිළිබඳ විශෙAෂඥයා වූයේ ඔහුයි. කොළඹ ප්‍රදේශයේ පන්ති පැැවත්වීම සඳහා බොහෝ දෙනෙක් ඔහු යොදා ගත්තා. මිල්ටන් සහ විමලගුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තා. දෙපාර්තමේන්තුවල සේවය කළ සමහර දෙනෙකු කාසල් වීිදයේ ඉඩම් සංවර්ධන සංගම් කාර්යාලයේ පන්තිවලට ගෙන එනු ලැබුවා. මදනායක සතොස, වෝකර්ස් ආදී තැන්වලින් මිනිසුන් ගෙනාවා. ජයකොඩි කොළඹ පන්ති පැවැත්වීමට ආවා. 77. 1969 දී අපි ධර්මසේකර සමඟ වැඩ පටන් ගත්තා. කොමියුනිස්ට් පක්ෂය අත හැර අපට එකතු වීමට ඔවුන් එකඟ වුණා.

78. රුසියානු පිල සමඟ වැඩ කිරීමට අප පටන් ගත්තේ ධර්මසේකර සහ ජයකොඩි මගිනුයි. තරුණයන් දිනා ගැනීම සඳහා අපි පන්ති විශාල ගණනක් පැවැත්තුවා. අප ගිය මුල්ම විශ්වවිද්‍යාලය විද්‍යාලංකාරයයි. ඊට පසුව පේරාදෙණියේ සරත් විෙජ්සිංහ සමඟ සම්බන්ධකම් ඇති කර ගැනීමට අපට පුලූවන්වුණා. මාවනැල්ලේ වීරරත්න නම් යහළුවෙක් අතුලට හිටියා. ඔහුගේ මගින් අපට කෑගල්ලේ සරත් හඳුනාගන්නට ලැබුණා. ඊට පසු සරත් විෙජ්සිංහ, සිරිවර්ධන සහ පොඩි දිසා පන්ති පැවැත්වීමට පටන් ගත්තා.

79. සනත් අනුරාධපුරයේ පන්ති පැවැත්තුවා. ඊට පසු ඔහු ගාල්ලට මාරු කරනු ලැබුවා. අතුල කොළඹ, වේයන්ගොඩ ආදී තැන්වල පන්ති පැවැත්තුවා. සරත් කෑගල්ලේත්, පේරාදෙණියේත් පන්ති පැවැත්තුවා.

80. ධර්මසේකර කළුතරත් ජයකොඩි කුරුණෑගලත්, චන්ද්‍රසිරි පුත්තලමේත් පන්ති පැවැත්තුවා.මම කුරුණෑගල අටලූගම රාජපක්ෂගේ නිවසට ගොස් පන්ති පැවැත්තුවා. මේ අන්දමට අපි බොහෝ ප්‍රදේශවල නිතර ගොස් වැඩ කිරීමට පටන් ගත්තා. මට මහින්ද විෙජ්සේකර හඳුනා ගැනීමට ලැබුණේ ධර්මසේකර මගින්. ඉරවුර්හි පන්තියක් පැවැත්වීමට මහින්ද මා සමඟ ගියා.

81. ගුණසේකරත්, ධර්මසේකරත් විද්‍යෝදයේ පන්ති පැවැත්තුවා. ජයකොඩි විද්‍යාලංකාරයේ වැඩ කරමින් කඳවුරු පැවැත්තුවා. මුල් කාලයේදී පියතිලක පන්ති පැවැත්වීමට ජයකොඩි සමඟ ගියා. ඔහු ජයකොඩිගේ අඹ යාළුවෙක්. 1970 මැද හරියේදී අපි පක්ෂයක් පිහිටුවීමට
සාකච්ඡා කළා.

82. 1970 දී අපි පන්ති පැවැත්වීම සඳහා පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමකින් සංවිධානය කළා.

83. නොයෙකුත් පුද්ගලයන්ට දිස්ත්‍රික්ක භාර දෙනු ලැබුවා. ධර්මසේකරට භාර දෙන ලද්දේ කලූතරයි. ජයසේකරට හා පරාක්‍රමට රත්නපුරය බාර දුන්නා. සමරතුංගට සහ ප්‍රනාන්දු ට කුලියාපිටිය හා කුරුණෑගල බාර දුන්නා. කෑගල්ල හා පේරාදෙණිය බාරව සිටියේ සරත්. විද්‍යෝදය බාරව සිටියේ ගුණසේකර. සුසිල් වික්‍රමට මාතරත්, අතුලට මහනුවරත් බාර වී තිබුණා

84. නන්දන මාරසිංහ සහ ලක්ෂAමන් මුණසිංහට බාරව තිබුණේ අනුරාධපුරයයි. චන්ද්‍රසිරි හේරත්ට බාරව තිබුණේ හලාවත සහ පුත්තලමයි. සිරිවර්ධනට නුවරඑළිය බාරව තිබුණා. ඔහු හිර බාරයට ගැනීම නිසා නුවරඑළියේ වැඩ කටයුතු කඩාකප්පල් වුණා.

85. ශිෂ්‍යාධාර මුදල් වලින් අපට බොහෝ මුදල් ලැබුණා. අපට හොර රහසේ නොෙමිලේ කෑම බීම ලැබුණා. විජයවර්ධන ශාලාවේදී අපට හොඳ හැටි කන්ට බොන්ට ලැබුණා.

86. 1970 දී මාර්තු හෝ අප්‍රේල් අවසානය හරියේදී ධර්මසේකර අයින් වුණා.
 
87. ධර්මසේකරට නායකයා වීමට වුවමනා වුණා. ජාත්‍යන්තර ව්‍යාපාරයේ ට්‍රොට්ස්කිවරුන් සැලකෙන්නේ zzනායකත්වයෙන් තොරZZ අය හැටියටයි.

97. අපි ඛෙන්තර, මහරගම, කුරුණෑගල සහ මිද්දෙනිය යන තැන්වලත් 1968 දී කතරගම සිරිපාල අබේගුණවර්ධන ගේ ගෙදරත් කඳවුරු පැවැත්තුවා.   පැලවත්ත ඇල්පිටිය යන ස්ථානවලත් කඳවුරු සංවිධානය කළා.

101. අපි ගෙවල්වලත් පංති පැවැත්තුවා. ඩී. ඒ.  ගුණසේකරගේ ගෙදර . ධර්මසේකර ඉවත්ව ගිය පසු ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ පොදු වැඩ සටහනට අනුව දිස්ත්‍රික්ක සංවිධානය කිරීමට තීරණය කරගත් අපි රහස් කණ්ඩායම්  ඇති කිරීමට පටන් ගත්තා. මේ එක් කණ්ඩායමකට 6
දෙනෙක් ඇතුළත් වුණා. කන්ඩායමකට ඇතුළත් වූ වැඩම ගණන 10 යි.
ගම් කමිටු සෑදුණේ මේ කණ්ඩායම් කිහිපයකින්. ගම් කමිටුවලට ඉහළින් ප්‍රාදේශ කමිටුත් ඒ දෙකටම ඉහළින් දිස්ති්‍රක්ක කමිටුත් විය.

102. දිස්ත්‍රික්ක ලේකම් කෙනෙක් හිටියා. අපි කොළඹ දිස්ත්‍රික්කය 5කට ඛෙදුවා. මැද කොළඹට පත් කරන ලද්දේ පොඩි විෙජ්යි. සුජී ප්‍රේමලාල් උතුරු කොළඹට. පළමුව උයන්ගොඩත් පසුව ප්‍රේමසිරිත් නුවරපාර භාරව සිටියා. නිමල් මහරගේ කැළණිය භාරව සිටියා. වසන්ත කනකරත්න මොරටුව දක්වා දකුණු කොළඹ බාරව සිටියා. ඒවා පොදු දිස්ත්‍රික්කයි. මේ සියල්ලම භාරව සිටියේ මමයි. මා පොලිසිය මඟ හැරීමට පටන් ගන්නා තෙක් සාමාන්‍යයෙන් සංවිධාන කටයුතු කළේ මායි.

103. මා හිර භාරයට ගනු ලැබීමෙන් පසු ඒ වැඩ කටයුතු කළේ සමන්, අතුල සහ කරු යන අයයි. නිමල් සමරතුංගත් ජයකොඩිත් කුරුණෑගලට පත් කරනු ලැබුවා. කුලරත්න  පෙරේරා සහ නන්දසිංහ රත්නපුරේ වැඩ පටන් ගත්තා. (ධර්මසේකර ඉවත් වීමෙන් පසු) නයනානන්ද කලූතරට
පත් කරනු ලැබුවා.

104. පළමුකොට අපි සංවිධානය වුණේ දිස්ත්‍රික්ක කමිටු මට්ටමෙනුයි. සාමූහික ගිවිසුමට අනුව සංවිධානය කිරීමේ කාර්ය පැවරී තිබුණේ සනත්ට සහ අතුලටය. මාත් එහි සිටියා නම් මා විසින් වුවත් වැඩ කරන්නට තිබුණා.

105. zzඅධිරාජ්‍යවාදීන්ගේ විනාශය පොදු ජනතා විමුක්තියයිZZ යන සටන් පාඨය නිර්මාණය කරන ලද්දේ මා විසිනුයි. මා රිමාන්ඩ් බාරයේ සිටියදී මගේ නඩුව සඳහා වැඩ කිරීමට, එනම් මා නිදහස් කර ගැනීමට සියලූම දිස්ත්‍රික්ක ලේකම්වරු අතුලගේ නිවසට රැස්ව තිඛෙනවා.

106. මා රිමාන්ඩ් බාරයේ සිට ආපසු පැමිණි විට දිස්ත්‍රික්ක කමිටු ලේකම්වරුන් රැස්කොට සාකච්ඡා පවත්වා පන්ති පැැත්තුවා. කාර්යක්ෂම සාමාජිකයෝ වැඩ පටන් ගත්තා. ඉන් පසු අපි පක්ෂ සම්මේලනයක් පැවැත්තුවා. දිස්ත්‍රික්ක ලේකම්වරුන් එක්කම ඊට ඉහළින් අපට නායකයන්ගේ කමිටු තිබුණා. දිස්ත්‍රික්ක කමිටු මට්ටමෙන් ඉහළ තීරණයක් ගත යුතුව ඇති විට, අපට සම්මේලන පැවැත්වීමට සිදුවුණා.
ප්‍රධාන ලේකම් ලේකම් වූයේ මමයි.

107. එය මා විසින්ම කර ගන්නා ලද පත්කිරීමක්. ප්‍රචාරක, අධ්‍යාපනික හා සංවිධානය යන වශයෙන් අංශ 3ක් තිබුණා. ප්‍රචාරක අංශයේ වැඩ කළේ මා පමණයි. අතුලට සහ සනත්ට ප්‍රධාන කොටම භාරව තිබුණේ සංවිධාන කටයුතුයි. පියතිලක සිටියේ අධ්‍යාපන අශයේයි. ඔහු ටික කලක් ශිෂ්‍ය අංශය භාරව සිටියා. සියලූම තීරණ ගන්නා ලද්දේ පියතිලක, කරු, සනත් සහ අතුල යන අය විසිනුයි. මා රිමාන්ඩ් භාරයට පත් වන විට, නාවික හමුදාව සමඟ සම්බන්ධකම් තිබුණා. කරු නාවික හමුදාවේ තිලකරත්න හඳුනාගෙන තිබුණා.

108. පසුව නාවික හමුදාව සමඟ සම්බන්ධකම් කරුගෙන් zzඌZZ මහතා (උයන්ගොඩ) බාර ගත්තා. රැස්වීම්, දේශන, දැන්වීම්, පොත්පත්, ලිපි මේ ආදී ප්‍රචාරය හා සම්බන්ධ සෑම දෙයක්ම පැවතියේ මගේ පාලනය යටතේයි. පත්‍රිකා පළකොට ඛෙදා හැරීම පවා සිදු වූයේ මගේ පාලනය යටතේයි.

109. සෑම ගහක්, ගලක් පාසාම අපි දැන්වීම් ඇලෙව්වා. එවිට විරාජ් කියා සිටියේ රැස්වීම්වලින් වත් දැන්වීම්වලින් වත් පළක් නොවන බවය.

110. මම වැඩ කටයුතු අතුල යටතේ මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණැගල යනුවෙන් ඛෙදා හැරියා. සනත්ට භාරව තිබුණේ උඩරට ප්‍රදේශයයි. එස්. ඩී. බණ්ඩාරනායක අපේ පක්ෂයේ සිටි බව මම පිළි ගන්නවා. මාරසිංහ වැඩ කළේ අනුරාධපුරයේ. ගරුසිංහ ත්‍රිකුණාමලයේත් නිශAශංක විෙජ්වර්ධන අම්පාරේත් වැඩ කළා. ඔහුට පසුව සිටියේ ඩැනිස්ටර් ගුණසේකරයි.

111. zzවිමුක්ති සඟරාවZZ නමින් ජවිපෙ සඟරාවක් පළ කිරීමට අපි තීරණය කළා. පංති 5ද සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් පළ කිරීමට අපි තීරණය කළා.

113. zzහිංසාකාරී පොලිස් මර්දනය ධනවාදයේ මරලතෝනියයිZZ යන දැන්වීම් අපි ඇලෙව්වා.

114. අපේ හිතවතුන් ඔබට ඇති තරම් බොරු කිව්වා. කිසියම් ක්‍රියාවක් එළි වූ විට ඔවුන් සෑම විටම වරද පැටෙව්වේ කලින් චෝදනා ලැබ සිටි තැනැත්තකු පිටයි. මා විසින් එදා බොරු නම  වගයක් දුන්නේ ඒ නිසයි.
 සනත් විසින් දී ඇති සංඛ්‍යා ලේඛන අනුව අපට සාමජිකයන් අට දහසක් පමණ සිටියා. විරාජ් ධනපතියන් හැඳින්වූයේ zzබාල්දි කාරයෝZZ යනුවෙනි.

116. දැන්වීම් ඇලවීමේ සියලූම කටයුතු කළේ මා විසිනුයි. මේ වැඩවලින් වැඩි හරියක් මා කළේ ටී. ඩී. ගේ ස්ථානයේ දී දැන්වීම් මුද්‍රණය කිරීමට මම ඔවුන්ට කිහිප වතාවක්ම භාර දුන්නා.

117. දිග යටි රැවුළකින් යුත්, වැරහැලි හැඳගත් තරුණයෙකුත් ඔහු පස්සේ එළවමින් සපා කෑමට තැත් කරන ලොකු බල්ලෙකුත් ඒ බල්ලා අල්ලාගෙන සිටි වළළු පැළඳි ගැහැණු අතකුත් දැක්වෙන දැන්වීමක් අපි ඇන්දා. ගැහැණු අතින් පෙන්නුම් කළේ ආණ්ඩුවය.............. මැතිනිගේ ආණ්ඩුව ලංකාදීප විකට චිත්‍රවලින් දැක්වෙන ආකාරයටයි. වැරහැලි ඇඳගත් මිනිසාගෙන් දැක්වූයේ රක්ෂා නැති උපාධිධාරිනුයි. zzලොකු බල්ලාZZ ගෙන් දැක්වූයේ ඔහුව මැ~ පැවැත්වීමට තැත් කරන ආණ්ඩුව යොදාගත් හමුදාවයි. මේ දැන්වීම් තබා තිබුණේ ඔස්මන්ඩ්ගේ නිවසේයි. එහෙත් ටී. ඩී. සිය කැමැත්තෙන්ම සනත්ගෙන් නායකත්වය බාර ගෙන තිබුණා. අප අතර මතභේද ඇතිවීමට කලින් මා දැන්වීම් දෙන්නේ ටී.ඩී. ටයි. නොයෙකුත් දිස්ත්‍රික්කවලට ඒවා තැපැල් කළේ ඔහුයි. දිවයින පුරාම එකම දවසේදී ඒාව ඇලවීමට හැකි වන පරිදි ඒවාට ඉදිරි දාතම් යොදන ලදි.

127. සීදූවේදී හිර භාරයට ගනු ලැබූ අය සංවිධායකයන්ගේ නම් හෙළි කිරීමට අකමැති වූයේ පක්ෂ කටයුතු කඩාකප්පල් වී යන නිසාය. වුවමනාවෙන්ම බොරු කියා මිනිස්සු රිමාන්ඩ් බාරයට ගියා. මා එය හොඳහැටි දන්නවා. මෙය සෑම දෙනා විසින්ම සිය කැමැත්තෙන්ම ඇති කර ගත් ගිවිසුමක්.

129. අපි බොරු කියා අනෙක් අය ආරක්ෂා කර ගත්තේ ඒ නිසයි. එහෙම නැත්නම් අපට ඔවුන්ගේ නම් හෙළි කරන්නට තිබුණා. හොඳයි අපි සිතමු මම අහු වුණා කියා. එවිට මා හිතන්නට පුලූවන් ඇයි අතුල ගැනත් හෙළි නොකළ යුත්තේ කියා. නමුත් අපේ අරමුණ වූයේ හැකිතාක් දුරට ඔවුන් වසන් කර ගැනීමටයි. - මුලින්ම මැයි 12 වැනිදා මා හිර බාරයට ගත් විට මා සනත් බොරළුකැටිය හඳුනනවාදැයි මගෙන් ප්‍රශ්න කළා. මම නොහඳුනන බව කීවා. එවිට ඔය මහත්වරු කියා සිටියා
ඔහුට උඩු රැවුලක් තිඛෙන බවත් ඔහු හික්කඩුවේ කෙනෙකු බවත්. එවිට මට ඇත්තටම පෙනී ගියා ඔහු තවදුරටත් වසන් කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන බව. අප්‍රේල් 5 වෙනිදා ගැන මට කියන්නට තිඛෙන්නේ ඔවුන් ගත් තීරණ මොනවාදැයි මම නොදන්නා බවයි. ඒ ගැන දන්නේ පියතිලක, අතුල සහ අනෙක් පිරිස පමණයි. මා
කලින්ම දැනගෙන සිටියා පක්ෂයට මර්දනකාරී වැඩ පිළිවෙළකට මුහුණ දීමට පුළුවන්කමක් නැති බව. ඒ නිසයි මා සුසිල් ආදීන්ට කීවේ එවැන්නක් සිදු වුණොත් පසුබසින්නට කියා.

132. සන්නද්ධ හමුදා 3ත් රජයේ දෙපාර්තමේන්තුත් සම්පූර්ණයෙන්ම බාර වී තිබුණේ ඌ (උයන්ගොඩ) මහතාටයි. නාවික හමුදාවේ කටයුතු කළේ මායි. ඊට පසුව ඒ කටයුතු කරූට පැවරුවා. පසුව ඔහු එම කටයුතු ඌ මහතාට (උයන්ගොඩ) පැවරුවා.

133. විශෙAෂ ශාඛාවට අයත් මෝටර් රථවල නොම්මර ලියා ගනිද්දී නන්දසිරිව හිර බාරයට ගත්තා.

134. පොලිසිය මා හිර භාරයට ගන්නා විට මා ලඟ .22 කේ රිවෝල්වරයකුත් පතරොම් වගයකුත් තිබුණා. සිරිපාල අබේගුණවර්ධන එය මට දුන්නේ ඊට ටික දිනකට කලිනුයි. තමා එය සිරිපාලට දුන් බව පොඩි අතුල මා සමඟ කිව්වා.

135. ඊට කලින් මා කතරගම සිටියදී සුසිල් මට නොම්මර 10යේ පතරොම් තුවක්කුවක් දුන්නා. සුසිල් විසින් දෙන ලද පතරොම් 4ක් හෝ 5ක් තිබුණා.

136. ලොකු අතුල තනමල්විල කඳවුරට තුවක්කුවක් ගෙන ගියා. ඔවුන් මස් සඳහා වඳුරන් මැරුවා. මැයි 12 වැනිදා මා හිර බාරයට ගන්නා විට රිවෝල්වරය මා වාඩි ව සිටි කුටියේ මා ලඟ තිබුණා. පතරොම් තිබුණේ මගේ කලිසම් සාක්කුවේ කවරයකයි. එස්. ඩී. බණ්ඩාරනායක ඉන්දුනීසියාවේ සිට පෙරළා පැමිණි පසු මට දෙතුන් වතාවක් මුණ ගැසුණා.

137. මට ඔහු මුල් වතාවට මුණ ගැසුණේ රතු කුරුස ශාලාවේදීයි. ඒ කාලයේ මම තරුණ සංගමයේ වැඩ කටයුතු කරමින් සිටියා. 2 වැනි වතාවට මුණ ගැසුණේ හයිඩ්පාක් හි පැවැත්වුණු ෂන්ගේ රැස්වීමකදීය. ඔහු කීවා මා ගොවියන් අතර හුඟක් වැඩ කළ යුතු බව. 3 වෙනි වතාවට ඔහු මුණ ගැසුණේ බදුල්ලේ රිමාන්ඩ් භාරයෙන් මා මුදා හැරීමෙන් පසුව චීන පිලේදීයි.

138. ලක්ෂ්මන් මහදුවගේත්, ටී. ඩී.ත්, මදනායකත් මමත් කලින් වේලාවක් නියම කරගෙන එස්. ඩී. සහ ලස්සන කාන්තාවක් මුණ ගැසුණා. අපි චීන පිල අත්හැරියේ ඇයි දැයි එස්. ඩී. අපෙන් ඇසුවා. අපි ෂන්මුගදාසන් ගේ ක්‍රියා කලාපය සාකච්ඡා කළා.

140. සමාජ සංවිධානය ආදිය පිළිබඳ මාඕ ගේ න්‍යායවල සෑම අංශ= මාත්‍රයක්ම තමා පිළිගන්නා බව එස්. ඩී. කීවා.

141. අපි විරාජ් සමඟ සාකච්ඡා කළා. ඔහු සමඟ සාකච්ඡා කිරීම සඳහා අපි ප්‍රේමලාල් යැව්වා.

142. සනත්, අතුල, කමල්, ටී. ඩී. යන මේ හැම දෙනා 1970 අගෝස්තු 10 වෙනි දින පැවැත්වුණු හයිඩ්පාක් රැස්වීමට සහභාගි වුණා.
 
143. එස්. ඩී. බණ්ඩාරනායක අපේ කඳවුරුවලටත් රැස්වීම්වලටත් සහභාගි වුණා. ගම්පහ ප්‍රදේශයේ කටයුතු කිරීමට තමාට පුළුවන් බව ඔහු කීවා. ඔහුට වැඩිම සම්බන්ධකම් තිබුණු ප්‍රදේශය ඔහුට පැවරීම අපේ අදහස වුණා.

144. පූර්ණකාල පක්ෂ සමාජිකයකු වශයෙන් වැඩ කිරීමට එස්. ඩී. එකඟ වුණා. පොඩි අතුල වෘත්තීය සංගම් අංශයේ කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ඔහු එස්. ඩී. සමඟ සම්බන්ධකම් පැවැත්තුවා. මම වෘත්තීය සංගම් අංශය පොඩි අතුලට පවරා තිබුණා. මදනායක සහ ටී. ඩී. යන අයත්, එනම් වාත්තීය සංගම් අංශයේ කටයුතු කළ කොටසත්, එස්. ඩී. සමඟ සම්බන්ධකම් පැවැත්තුවා.

150 මැතිවරණවලින් පසුව, අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය කිසිවක් එකතු නොකරන ලෙස අපි ඔවුන්ට උපදෙස් දුන්නා. එසේ වුවත් අප ලඟ ඒ වන විටත් තිබුණු ඒවා විනාශ කරන ලෙස අපි ඔවුන්ට කීවේ නෑ.

151. අපි කොමියුනිස්ට්වාදියෝ. පක්ෂයක් වශයෙන් බලන විට අපේ පක්ෂය සමසමාජ පක්ෂයට වඩා ඛෙහෙවින් ිවශාලයි. මෙයින් මා අදහස් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් හැරුණු විට දේශපාලන පක්ෂයක් වශයෙන් අපට 3 වෙනි තැන ලැබී තිුබණ බවයි.

154. මා ආණ්ඩුවට තරමක් දැඩි ලෙස පහර දුන්නේ එක් වරක් පමණයි. ආණ්ඩුව අපව මැඩලීමට අදහස් කරන බව අපට සැළවුණා. මේ ආරංචිය එවූයේ ඔස්මන්ඩ් ගේ නිවසේ අපේ පක්ෂ මූලස්ථානයටයි.

160. ධනපාලත් වෘත්තීය සංගම් අංශයේ සිටි අනෙක් සෑම දෙනාත් zzරතු ලංකාZZ පළ කිරීමට තීරණය කළා  නමුත් අතුල මෙහි වෙන යමක් දුටුවා. සිසිල්චන්ද්‍ර අතුලගේ යහළුවෙක්. මෙය පටන් ගන්නා ලද්දේ කම්කරු පන්තියේ ප්‍රශ්න පෙන්වා දීමේ අරමුණ ඇතිවයි. අප ශිෂ්‍යයින් අතර බලය තහවුරු කරගෙන සිටියත් වැඩ කරන පන්ති අතර එසේ කරගෙන නැති බව අවසාන රැස්වීමේදි මහින්ද විෙජ්සේකර කිව්වා. 

161. මා ඉගෙන ගෙන ඇති හැටියට ගොරිල්ලා සටන් ක්‍රම අනුගමනය කළ යුත්තේ දුබල ප්‍රතිවාදියෙකු ප්‍රබල සතුරාට විරුද්ධව එම සතුරා දුර්වල තත්වයක සිටින විට හෝ ඔහු පසු බසිමින් සිටින විටය. zzඌZZ (උයන්ගොඩ) මහතා සන්නද්ධ හමුදා වල යම්කිසි වැඩ වගයක් කර තිඛෙන බවත් නමුත් එයින් නිශ්චිත ප්‍රතිඵල කිසිවක් ලබා නැති බවත් මම හොඳින් දැන සිටියෙමි.

162. එස්. ඒ. දිසානායක (ජාතික ආරක්ෂක) ස්ථීර ලේකම් වශයෙන් පත් කරන ලද බව මට දැන ගන්නට ලැබුණු විට මා දැන ගත්තා පක්ෂය ඉවර බව. මේ කාලය වන විට ඔවුන් ලිපි එකතු කරන්නට පටන් ගෙන තිබුණා. ඔවුන් විශාල වශයෙන් අවි ආයුධ එකතු කළේ පෙබරවාරියේදීයි. මුලදී මම එකඟ වුණේ නැහැ. එහෙත් අවසාන හරියේදී මම එකඟ වුණා. ඔක්කම්පිටියේ (බැංකුවෙන්) (සොරකම් කළ) මුදල්වලට සිදුවුණේ කුමක්දැයි මම මේ දක්වාත් දන්නේ නැහැ. අතුල රුපියල් දහ පහලොස් දහසක් එකතු කරගෙන තිබුණ බව මම කිසිසේත් දැන සිටියේ නැහැ.

163. ඔවුන් කොටුවේ බැංකුවෙන් මුදල් ගත් බව එසේ කර ටික දවසකට පසු පියතිලක මා සමඟ කීවා. zzඒ කාලයේ අපට මුදල් අවශ්‍යව තිබුණා.ZZ අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය එකතු කිරීම දැඩි උනන්දුවකින් කටයුතු කළේ පෙබරවාරියේදීයි. පක්ෂය තුළ අප අතර ලොකු මතභේද තිබුණා. එය තුනකට හො හතරකට ඛෙදී තිබුණා. අතුලත් සනතුත් එකමුතුව සිටියේ නැහැ. ටී. ඩී. ත් කුමානායකත් එකමුතුව සිටියා. සනත් හිටියේ අතුලටත් මටත් අතර සනත් ආදින් අතර න්‍යාය මතභේද තිුබණා.

164. මගේ පෞද්ගලික ආරකෂාව ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ සිසිල් සහ සරත් යන අයයි. ඔවුන් එය (රිවොල්වරය) ගෙනැවිත් මගේ ආත්මාරක්ෂාවට යයි කියා මට දුන්නා. ඔවුන් දුන් දේ මම තියා ගත්තා. එය ක්‍රියා කරවිය හැකි තත්වයේ තිබුණා. හුඟක්ම හොඳ එකක් නොවෙයි. එය මේ රටේ සාදන ලද්දක්. සිරිපාලත් මට එකක් දුන්නා. යුද හමුදා ආණ්ඩුවකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් අප ජීවත් වූ නිසා පොඩි අතුල ලඟ ආයුධ තිබුණා.

165. 1970 දෙසැම්බර් 15 වැනිදා බෝම්බ පිපිරීමකින් පොඩි අතුල ගේ අත තුවාල වුණා. මම පොඩි අතුලගෙන් ඇසුවා. තමා කිසියම් දෙයක් අත්හදා බලමින් සිටින විට තම අත කැඩී ගිය බව ඔහු කීවා. මා රිමාන්ඩ් බාරයේ සිටින විට එය පටන් ගෙන තිබුණේ සනත් සහ අතුලයි. ඒ ගැන මම කිසිම දෙයක් දැන ගෙන සිටියේ නැහැ. මේ සියල්ල ගැන මට සම්පූර්ණයෙන් දැන ගන්නට ලැබුණේ පෙබරවාරියේදී කියා මා හිතනවා. පාප් වහන්සේගේ පැමිණීමට ටික දිනකට කලින් 1970 දෙසැම්බරයේදී උපසේන ආදීන් කහටගස්දිගිලියේ බැංකුව මංකොල්ල කෑමට අනුරාධපුරයට ගියා. පසුව ලොකු අතුල ඇවිත් කීවේ තමා ජීවිතය බේරා ගැනීමට පලා ගොස් බේරුණු බවත් අනෙක් හැම දෙනාම අසු වූ බවත්ය.
 
166. ලොකු අතුල සමහර වෙලාවට වැඩ කළේ මෝඩයකු වගේ. ඔහු වැඩ කරන්නේ අමුතු ක්‍රමයකට. එහෙත් සනත් වැනි අය මොන දෙයක් කළත් ඉතා සියුම් අන්දමින් කරනවා. උදාහරණයක් වශයෙන් කියතොත් ඔක්කම්පිටියේ වැඩේ ඉතාමත් බුද්ධිමත් අන්දමින් ඉටු කර තිබුණා. පසුව මට පෙනී ගියා බොහෝ දෙනෙකුම ඉතා දක්ෂ අන්දමින් අල්ලා ගෙන තිඛෙන බව. මේ මෝඩ දේවල් නොකරන ලෙස මම අතුලට උපදෙස් දුන්නා. මේ වාගේ කටයුතුවලට බෝම්බ සහ පිස්තෝල පාවිච්චි කළ බව මම හොඳින් දැන සිටියා. මුල් කාලයේ ඒ දිනවල පොලිස් නිලධාරීන් පිළිබඳ ලැයිස්තු අපි ලොකු උනන්දුවකින් සූදානම් කළා. සෑම දෙනෙකු සෑම තැනකම එය කළා. ඊට පසු පෙබරවාරි වන විට ඔවුන් බෝම්බ සාදන්නට පටන් ගත්තා. පක්ෂයේ සෑම දෙනෙක්ම බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමට පටන් ගත්තා. පෙබරවාරි නොවේ මා හිතන්නේ දෙසැම්බර් හරියේදි කියා. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ අපොස විභාගය පැවැත්වෙමින් තිබියදී බෝම්බ සාදමින් සිටි ශිෂ්‍යයන් දෙදෙනකු බෝම්බ පිපිරී  තුවාලව තිබුණා. මේ බව පුවත්පත්වල පළවුණා. මර්දනකාරී කටයුතුවලට විරුද්ධව තමා වැඩ කරන බව බදුලලේ දී එළිපිටම ප්‍රකාශ කොට තිුබණා. මා අතුලගේ කණ්ඩායමට නුරුස්සන බව මට පෙනී ගියා. පළමු කොටම මම වැලිමඩ  ගියා. ඒවා (බෝම්බ ද්‍රව්‍ය) එකතු කොට තිබුණේ අමුතු පිළිවෙළකට බව අපට පෙනී ගියා.

168. අප මුණ ගැසීමට බොහෝ කලකට පෙර ලයනල්, සිරිවර්ධන සහ අතුල ආකාශ ගුණ්ඩු හැදුවා. ඉතින් ඔවුන් කලින් කළාක් මෙන් පසුවත් මේවා දිගටම සෑදුවා. ඔවුන් සෑදූ දේවල් මට පෙනුණේ සෙල්ලම් බඩු වාගෙයි. නිමල් මහරගේයි මමයි එහි ගිය විට ඒවා පේරාදෙණියේදී දැක්කා. ඔවුන් බෝම්බ රොකට්වල හැඩයට ඛෙලෙක් තහඩු කැබැල්ලකින් ආවරණය කොට තිබුණා.

169. 1969 සිට සියලූම නායකයෝ පොලිස් ස්ථානවල ඇති අවි ආයුධ පිළිබඳ ලැයිස්තුවක් සමඟ පොලිස් ස්ථානවල සිතියම් එකතු කරමින් සිටියා. මේ වාගේ බොහෝ දේවල් පොඩි අතුලගේ කණ්ඩායම එකතු කරමින් සිටියා.

170. මගේ දැනීම ඇතිව ඒවා කෙරුණේ 1971 පෙබරවාරි සහ මාර්තුවලදී.
1971 දී පක්ෂයේ සෑම සාමාජිකයෙක්ම අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය ඇති තැන් සොයා ගැනීම සඳහා කි්‍රයාකාරී වුණා.

173. ගොරිල්ලා සටන් ක්‍රම ගැන හැම දෙයක්ම ඔවුන් කියවා තිබුණා. ඔවුන් හුඟක් පොතපත කියවා තිබුණා. අපට වැඩි හරියක් තැන්වල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් සම්භ වුණා. නායකයන් බොහෝ දෙනෙක් භූගෝල විද්‍යාව හදාරා තිබුණා. ඒවායේ උපකාරය ඇතිව පොලිස් ස්ථානවලට පහර දෙන ලෙස ඔවුන්ට නියම කළා. හමුදාවේ ඇතැම් අයත් සිය කැමැත්තෙන්ම අපේ පන්තිවලට සහභාගි වුණා.

174. 1971 දී ඔවුන් බූට් සපත්තු එකතු කරමින් සිටි බව මම දැන සිටියා. ගොරිල්ලා භටයෙකු තුවක්කුවක් නොතිබුණත් බූට් සපත්තු කට්ටලයක් නැතිවම බැරි යයි චේගුවෙරා කියා ඇති බව කවුදෝ මට කීවා. 1971 පෙබරවාරි හරියේදී ප්‍රථමාධාර ද්‍රව්‍ය, ඖෂධ ආදිය එකතු කළා. පිටගැස්ම නිවාරණ ඛෙහෙත් විඳ ගැනීමටත් ඔවුන් පටන් ගත්තා.

175. දෙවෙනි ඛෙහෙත් රවුම විදීමට පෙර මම අසු වුණා මට ඛෙහෙත් විද්දේ අම්බලන්ගොඩ දොස්තර රාජපක්ෂ මහතායි. මා ඔහු ලඟට ගෙන ගියේ සුභසීල කොඩිකාරයි. ජනවාරි හෝ පෙබරවාරි අග හරිය වන විට පක්ෂයේ හැම දෙනෙක්ම සාමූහිකව මේවා (අවි ආයුධ) ලබා ගත්තා. අප පක්ෂ තීරණයක් අරගෙන පක්ෂයේ සියලූම සාමාජිකයන්ට දැනුම් දුන්නා. ඔවුන් සමඟ මමත් ඒ තීරණය ගත්තා.

176. මගේ දැනුම ඇතිවත් මම සහභාගි වෙමිනුත් මුළු පක්ෂයම එකතු කළා.

177. සනත්, ටී. ඩී. ව කොළඹට පත් කර තිබුණා. ඉන් පසු මම ටී. ඩී. ව ලේකම් පදවියෙන් ඉවත් කළ. අපි තාවකාලිකව ඔස්මන්ඩ් යොදා ගත්තා. වසන්ත කනකරත්න දිගටම දකුණු කොළඹ වැඩ කළා.

178. 1971 දී මම දිස්ත්‍රික්ක නායකයන්ට අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය එකතු කරන ලෙස උපදෙස් දුන්නා. zzයා යුතු මඟZZ නම් වූ පන්තිවල දී, එම තත්වයන් යටතේ විපල්වයක් කළ යුතු බව මම විස්තර කර දුන් බව මම පිලිගන්නවා.

179. මාක්ස්වාදී මූලධර්ම අනුව මගේ විප්ලවය කළ හැකිව තිබුණා. 

180. ප්‍රජාත්නත්‍රවාදී ක්‍රම මගින් බලය ලබා ගත නොහැකි නම් ඊලඟට ඇති අනෙක් ක්‍රියා මාර්ගය වන්නේ විප්ලවයයි. විප්ලවය යනු සන්නද්ධ අරගලයකි. මෙහි තීරණාත්මක සාධකය වන්නේ පාලක පන්තිය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයයි.

183. අපි ඇමක් දමා තම්පෝගේ මිනිසුන් අල්ලා ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔහු අපව බලවේගයක් වශයෙන් යොදා ගෙන අප අතරට කා වැදීමට උත්සාහ කළා. මර්දනකාරී වැඩ පිළිවෙළක් ඇති වුවහොත් ඔහුගේ ලංවෙසං කෙරෙහි අපට විශ්වාසය තබා සිටීමට නොහැකි බව එවිට අපට අවබෝධ වුණා. එහෙත් හැකි නම් අප විසින් මහා වැඩ වර්ජනයක් ඇති කරවිය යුතු බව මගේ අදහස වුණා. එසේ වුවහොත් රජය අමාරු තත්වයකට පත් වෙනවා. මම මහා වැඩ වර්ජනයක් ඇති කරවීමට සූදානම් වෙමින් සිටි බව අවංකවම කියා සිටිනවා. ඉඩම් දෙපාර්තමේන්තුවේ ධනපාල, ගුණසේකර ආදීන්ගේ ඒකාන්ත පිළිගැනීම වූයේ මර්දනකාරී වැඩ පිළිවෙළට මුහුණ දීමේ හොඳම ක්‍රමය වැඩ කරන පන්ති නැඟී සිටීමට පොළඹවාලීම බවය. මහා වැඩ වර්ජනයක් සිදුවී නම් ආනයන හා අපනයන කටයුතු අඩපණ විය හැකිව තිුබණා. එවිට
මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව ජනතාවද නැගී සිටිනවා ඇත. වෘත්තී සංගම් දේශපාලනය හසුරුවනු ලබන්නේ බලය, දූෂණය, වංචාව ආදියෙන් බව අපට ඒත්තු ගියා. බදුල්ලේ කට්ටිය, ගාල්ලේ ජනක සහ තවත් සමහර අය කියා සිටියේ මර්දනාරී වැඩ පිළිවෙළට මුහුණ දීමට හැකි එකම ක්‍රමය නම් කැලෑ වැදී අරගලය ආරම්භ කිරීම බවයි. සනත් ආදීන්ගේ අදහස වූය් අපේ කටයුතු ඉක්මන් කළ යුතු බවයි. මගේ අදහස වූයේත් එයයි. එහෙත් ජනවාරියෙන් පසු අපේ ඒකමතික අදහස වූයේ මර්දනකාරී වැඩ පිලිවෙළට මුහුණ දීම සඳහා අප සන්නද්ධ විය යුතු බවයි. අපි පක්ෂය ශක්තිමත් කොට සන්නද්ධ වී සිටිය යුතුයි.

184. තුවක්කු හා අවි ආයුධ සූදානම් කොට ගතයුතුයි. එය දීප ව්‍යාප්ත පදනමක් යටතේ සංවිධානය කළ යුතුය. නොයෙකුත් පෙරමුණු වලින් පහර දිය යුතුය. ලංකාවේ ගොරිල්ලා සටන් ක්‍රම පමණක් ප්‍රමාණවත් නොවන බව මගේ අදහස විය. පුළුල් විප්ලවයක් යන්නෙන් මා අදහස් කළේ දිස්ත්‍රික්ක 22කේම ආධාරයත් සහභාගිත්වයත් ඊට ලැබිය යුතුය යන්නය. එක විටම ප්‍රහාර එල්ල කිරීමට අපට සිදුවී තිබුණා. සටන හැම තැනකම කරගෙන යා යුතුව තිබුණා.

185. (1971 මාර්තු) 13 වෙනිදා මා හිර භාරයට ගනු ලැබුවා. 

188. (පොලිස් ස්ථානවලට පහර දීම තමා විසින් සැලසුම් නොකළ බව විෙජ්වීර කියයි.)

189. අපි විප්ලවය පටන් ගනිමින් සිටියා නම් සන්නද්ධ අරගලයක් කිරීමට අප විසින් තීරණය කරන්නට තිබුණා. මර්දනකාරී වැඩ පිළිවෙළ නිසා හෝ වේවා යුද හමුදා ආණ්ඩුවක් පිහිටුවීම නිසා හෝ වේවා සන්නද්ධ අරගලය පටන් ගත යුතු වූවා නම් අපේ පක්ෂය පොලිසියටත්
සන්නද්ධ හමුදා 3 ටත් මුළු රාජ්‍ය යන්ත්‍රයටත් පහර දීමට සූදානමින් සිටියා.

190. අපේ පක්ෂය විප්ලවකාරී පක්ෂයක් නිසා මා පමණක් නොව අප හැම දෙනාම නාගරික ගොරිල්ලා සටන් ක්‍රම පිළිබඳ අත්පොත් පිංච කියවා තියෙනවා. එය පරිවර්තනය කොට තිඛෙනවා. මේවා කියවූ අපේ හිතවතුන් කිසියම් අවස්ථාවකදී ගතයුතු නියම ක්‍රියාමාර්ගය කුමක්දැයි දැන සිටියා.

191. ප්‍රායෝගික අංශයෙන් බලා, විප්ලවය සාර්ථක කර ගැනීමට පිටුබලයක් වශයෙන් මහා වැඩ වර්ජන ආදිය ඇති කිරීමට මම යෝජනා කළා.

193. කවුරු හරි විසින් ධර්මසේකරත් රොසෙන්ටලූත් මරා දැමිය යුතුව තිබුණා.

200. (ලංකාවේ ආර්ථීක අර්බුදය පිළිබඳ තම න්‍යායන් විෙජ්වීර විස්තර කරයි.)

234. ටී. ඩී. ගේ නිවසේ සිට තමා වෙත දේශපාලන කොකු නොව පුද්ගලික කොකු ගසන බව කුමානායක මා සමඟ කීවා. මා මෙයින් අදහස් කරන්නේ මේ ගෑණු ළමයි හොඳ චරිත  ඇති අය නොවන බවයි. ඊට පසු ටී. ඩී. ගේ භාර්යාව පන්ති පැවැත්වීම ගැන මට සැකයක් ඇති වුණා. ඒ මන්ද කියනවා නම් ඈට අපේ දේශපාලන පක්ෂය පිළිබඳ මොනම අදහසක්වත් අරමුණක්වත් නොතිබුණු හින්දයි.

235. ඉතින් නිසැකයෙන්ම මෙවැනි ගැහැණුන්ට පුද්ගලික හේතු තිඛෙන්නට පුළුවන්. මෙවැනි ධනවාදී සමාජයක දුවක් දෑවැද්දක් නැතිව මිනිහෙකුගේ ඇෙඟ් ගසන්නට පුළුවන් වීම විශාල දෙයක් බව ඔබ හිතන්නේ නැද්ද? ඈත් සිතන්නට ඇත්තේ ඒ අන්දමටයි. කුමානායක කීවේ සම්පූර්ණ ඇත්ත බව මට ඒත්තු ගියා. එදා සිට මා ගියේ ඔස්මන්ඩ්ගේ ගෙදරටයි. ඔස්මන්ඩ්ගේ ගෙදර නිදා ගැනීමට තැනක් නෑ. එතන ගැහැණු ළමයි හුඟ දෙනෙක් සිටියා. ඉතින් බොහෝ දිනවල මගේ කොළඹ වැඩ කටයුතු ඉවර වූ පසු මම රුහුණු කුමාරි කෝච්චියෙන්
අම්බලන්ගොඩ ගියා. මේ කාලය වන විට ටී. ඩී. ගේ වැඩිමල් දුව අතුල සමඟ සම්බන්ධකම් ඇති කරගෙන සිටියා. මට ඒ බව දැන ගන්නට ලැබුණේ zzඌZZ මහතාත් පියතිලකත් මගිනුයි. කුමානායක අල්ලා ගන්නට බැරිවූ විට ඔවුන් අතුල අල්ලා ගෙන ඇති බව මම එවිට දැන ගත්තා. මේ සම්බන්ධකම් නවත්වන ලෙස අපි  අතුල ට කීවා. ධනපති පවුල්වලට අයත් තවත් හත් අට දෙනෙකු සමඟ ඔහුගේ සම්බන්ධකම් තිබුණා. එය කුපාඩි කමම මිස වෙන දෙයක් නොවේ.

238. zzඌZZ මහතාත් ටී. ඩී. ගේ නිවසට යන්නට පටන් ගත්තා. ඔවුන් නිදහසට කියා සිටියේ ටී. ඩී. ඔවුන් එහි ගෙන්නා ගන්නා බවය. zzඌZZ එහි නැවතී සිටීම නිසා සැකයක් ඇති වුණා. ටී. ඩී. හැම දේකටම ඇඟිලි ගැහුවා. ඔහු ක්‍රමයෙන් සනත්ගේ වැඩ සියල්ලම තම අතට අරගෙන සිටියා.

238. මේ කාලයේදී මේ කුස්සියේ කාමර දෙක ඉදි කළ බව අපට පෙනී ගියා. එය ඉදිරියට ගෙන්වා ගෙන තිබුණේ ගාමිණී බාස්වයි. එම අදහසට මුල් වී ඇත්තේ කුස්සියක් සෑදීම නොව සියලූම රැස්වීම් හා සාකච්ඡා පැවැත්වීමට රහස් කාමරයක් සෑදීම බව අතුල අපට කීවා. එය ගොඩනැගීමේ අදහස අත් හරින්නට යයි අපි නියම කළත්, කුස්සි කාමරයක් ගොඩනැගුවා. එවිට සනතුත් මමත් කිසිම සැකයක් නැතිව පිලිගත්තා අතුල සියලූම නීති රීති නොසලකා මුදල් පිලිබඳ තරමක දූෂණයක යෙදී ඇති බව. ටී. ඩී. ට සෑම මාසයකම රු. 500/} ක් දෙන ලද බව අතුල කිහිප දෙනෙකුටම කියා තිබුණා. මෙය කළේ අපේ දැනුම
ඇතිව නොවෙයි. අපි එයත් තහනම් කොට තවදුරටත් සාකච්ඡා සඳහා එහි නොයන ලෙස ඔහුට කීවා. එහෙත් ඊට පසුවත් ඔහු දිගටම එහි ගියා.

මේ සියලූම කරුණු වලදී ටී. ඩී. සෑම විටම ගත්තේ ඔහුගේ බිරිඳගේ පැත්තයි. ඔහු බිරිඳට වාල්වී ජීවත් වූ කෙනෙක්. ටී. ඩී. තම්පෝගේ අතකොලූවක් වී සිටීම නිසා පොඩි විෙජ්ත්, වසන්ත කනකරත්නත් ටී. ඩී. ට විරුද්ධ වුණා............ ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ ලංවෙසේසං මහා සභා රැස්වීමක් ඇමතීමට මා යොදා ගැනීමට තම්පෝ උත්සාහ කළා. ටී. ඩී. තනතුරෙන් ඉවත් කිරීමට මට සිදු විය.

239. මා රිමාන්ඩ් බාරයේ සිට ආපසු පැමිණි පසු මගේ  අංගාරක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් මහදුවගේ පත් කරනු ලැබුවා. මිනිහා දක්ෂයා. එහෙත් මගේ අංගාරක්ෂකයා වශයෙන් ඔහු කළේ මා ලඟට වී නිදා වැටීමයි. ඒ දිනවල ඔහු හරිම කම්මැලියකු වී සිටියා.

241. මම රිමාන්ඩ් බාරයට පත් වන තෙක්ම කිසිම කෙල්ලක සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තේ නෑ. මම මගේ තාත්තාට ලොකු බයකිනුයි හිටියේ. දේශපාලනයට බැසීමට මා පෙළඹවූයේත් ඒ හේතුවයි. 

243. අපේ හිතවතුන් අපේ පක්ෂයට බැෙඳන්නටත් කලින්ම ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන තිබුණ ඇතැම් අවස්ථාවලදී අප ඊට අනුමතය ප්‍රකාශ කළේ ප්‍රේම සම්බන්ධකම් විප්ලවය හා ප්‍රතිවිප්ලවය පදනම අනුව වර්ග කරමිනුයි. මීට හේතුව නම් ප්‍රගතිශීලී ධනපති පන්තියට අයත් ගැහැණු ළමයි - නිදර්ශනයක් වශයෙන් බටහිර පන්නයට හැඩ ගැසුණු සංකර යූ. ඇන්. පී. කෙල්ලන් - දේශපාලනය ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. අප ඔවුන් හඳුන්වන්නේ නටන බෝනික්කන් කියායි. අපේ හිතවතුන් එවැනි අය සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තොත් අපි විනාශයි.

කෙල්ලන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මුල් කාලයේ සිටම මම ඔවුන්ගෙන් ඈත්ව සිටියා. මම වරක් චන්ද්‍රා අක්කා ආදීන් සඳහා පන්තියක් පැවැත්වීඹට විද්‍යෝදයට ගිය විට මම ඔවුනට දේශනය පැවැත්වූයේ මෙසේ බිම බලාගෙන. කොච්චරටද කිව්වොත් සමහර සොහොයුරියෝ මාව නැවත නොඑවන ලෙස ඔවුන්ට කියා තිඛෙනවා.

245. යසෝමාගේ හැසිරීම ගැන මම විමසිල්ලෙන් සිටි බවත් ඈ ගැන මා හුඟක්ම පැහැදී සිටින බවත් මා කරුට කීවා. යසෝමා ගේ සහෝදර සිසිල්චන්ද්‍ර විරෝධය දැක්වූවා. මේ ආරංචිය මා විසින් පක්ෂයට පළ කරන බව මම කීවා. මගේ අම්මා මට දැක්වූයේ මහත් පිලිකුලක්. ඊට පසු ටී. ඩී. ආදීන් මගේ කාරණය ඔවුන්ට වැදුන පහරක් ලෙස සැලකුවා. මා පක්ෂයේ වැඩ කිසිවක් නොකොට තැන තැන නටා ගහන බවට චෝදනා කිරීමට ඔවුන් පටන් ගත්තා.

252. මගේ ප්‍රචාරක කටයුතුවලදී මහින්ද විෙජ්සේකර මට උදව් වුණා. 

254. අතුලට කීවේ කැමිලෝ කියායි. කැමිලෝ කියුබාවේ චේගුවේරාගේ යහළුවෙක්ව සිටියා.

257. (මාර්තු) 7 වෙනිදා අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීමට සූදානමක් තිඛෙන බව දකුණු කොළඹ තම යහළුවෙකුගෙන් කෙනෙක් කී බව වසන්ත කනකරත්න දැන්වූවා.

258. මේ පහර දීම මෙහෙයවන්නේ වාසුදේව නානායක්කාර හා ධර්මසේකර බව කියා තිබුණා. මාර්තු 6 වෙනිදා දිස්ත්‍රික්ක ලේකම්වරුන් ඔස්මන්ඩ් ගේ නිවසට කැඳවනු ලැබුවා. ඔවුන් කැඳවා තිබුණේ අතුලයි.
ඊට පසු අතුල පොලිසියට ඔත්තුව දෙමින් හැම කෙනෙකුම කැඳවා තිබුණා.

259. පොලිසිය මේ නිවසට කඩා පැන්නා. ඔස්මන්ඩ් හා වසන්ත හැරෙන්නට සියලූ දෙනාම බේරී පලා ගියා.

262. (මාර්තු) 13 වැනි දා මා හිර බාරයට ගනු ලැබුවා. 

263. මහින්ද විෙජ්සේකර හිර බාරයට ගෙන ඇති බව මිණිපේ සෝභිත දැන්නුවා. ඊට පසු මම මාතලේටත් ගියා. ඊට කලින් මාතලේ ලංකාතිලක ගේ නිවස අසල ආයුධ එකතු කොට තිබුණා. ඔවුන් එක තුවක්කුවක් අතුලට දී තිබුණා. මා එහි යන විට ඔවුන් ලඟ තුවක්කු 3 ක් තිබුණා. රාක්කයක් සාදා ඒවා (ආයුධ) එහි තබා තිබුණා. එකක් කානු දෙකේ තුවක්කුවක්. අනික් 2 තනි කානුවේ ඒවා. මා හිතන්නේ එකක් රයිෆලයක්. තමා එය යුරෝපීය ජාතිකයෙකුගෙන් සොරකම් කර ගත් බව ඔවුන් කීවා. පියතිලකත් මමත් මාතලේ ගියා.

265. කෑගල්ලේ බෝම්බ පිපිරීමක් සිදු වී ඇති බව (මාර්තු) 10 වෙනි දා හරියේදී කරූ දැන්නුවා. සමහර දෙනෙක් මැරී තිබුණා. සමහරෙක් තුවාල වී ස්පිරිතාලයට ඇතුල් කර තිබුණා. අවමංගල්‍ය කටයුතු ගැන විස්තර දැන ගන්නට යයි මම ඔහුට කීවා. පොලොන්නරුවට සහ අම්පාරට යාම අපේ වැඩ සටහනට ඇතුළත්ව තිබුණා. අප එහි ගියා.

266. කෙලී සේනානායකත් පියතිලකත් මමත් පොලොන්නරු ගියා. නිශAශංක විෙජ්වර්ධනත් ගියා. පියතිලක අඳුනන අය පොලොන්නරුවේ සිටියා.

267. ඊට පසු බක්මීවැව හමුවීමට අපි උහනට ගියා. එහිදී පොලිසිය අපව හිර බාරයට ගත්තා. 

268. කෙලී සේනානායක, නිශAශංක, ප්‍රේමරත්න හා මම හිර බාරයට ගනු ලැබුවා.

281. (තමා නීත්‍යානුකූල මාර්ගයෙන් නිදහස් කර ගැනීමට බැරි නම් අනෙක් සමාජිකයන් සමඟ සාකච්ඡා කොට සටන පටන් ගන්නා ලෙසත් දීප ව්‍යාප්ත සටනක් සඳහා දිනයක් නියම කර ගන්නා ලෙසත් තමා නිදහස් කර ගැනීමට ජවිපෙ සාමාජිකයන් 500 ක් පමණ යාපනයට එවන ලෙසත් තමා පියතිලකට නොකී බව විෙජ්වීර කියයි.)

282. (ඉහත කී ඉල්ලීම අතුලට ප්‍රේමරත්නට හා පියතිලකට කරන ලෙස තමා සිරිල්ට නොකී බව විෙජ්වීර කියයි.)

283. මා විරාජ් ප්‍රනාන්දු හඳුනනවා. මට ඔහු මුණ ගැසුණේ ලක්ෂ්මන් මුණසිංහ මගින්. මට ඔහු මුණ ගැසුණේ දෙවතාවක් පමණයි. ඒ බදුල්ලේ රිමාන්ඩ් බාරයෙන් මා පැමිණ ටික දවසකට පසුයි. අපි මුණ ගැසුණේ විමලගුණේගේ නිවසේදීයි.

284. 2 වෙනි වතාවට මට ඔහු මුණ ගැසුණේ ටී. ඩී. ගේ නිවසේදීය. එවිට ඔහු ලන්ඩනයට යාමට සූදානමින් සිටියා. කලින් ඔහු මට හඳුන්වා දී තිබුණේ ලන්ඩනයේ ශිෂ්‍යයෙක් හැටියටයි. අප වෙුනවෙන් ලන්ඩනයේ කණ්ඩායමක් සංවිධානය කිරීමටත් අපේ දැන්වීම් එහි ඇලවීමටත් මාට පුළුවන් බව ඔහු කීවා. 4 වෙනි ජාත්‍යන්තරයෙන් පසු කැඩී වෙන්වුණු ට්‍රොට්ස්කිඅයිට්වරුන් වන ප්‍රංශය, ඉතාලිය, කියුබාව වැනි අනිකුත් රටවල් සමඟ අපට සම්බන්ධකම් ඇති කර ගැනීමට කටයුතු යෙදීම ආදිය තමාට පුළුවන් බව ඔහු කීවා. එහි ගොස් ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ඔහු පොරොන්දු වුණා. ඔහු අපේ පක්ෂයට හිතවත් බවක්
පෙන්නුවා. මගේ එකම අරමුණ වූයේ විරාජ් මගින් ලන්ඩනයේ පදනමක් පිහිටුවා ගැනීමය. (තමා අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය ලබා දෙන ලෙස විරාජ්ට නොකී බව විෙජ්වීර කියයි.)

286. විරාජ් 1969 දී ගියා. 1971 දී ඔහු එන විට ලියුම් ගෙනාවා. ලන්ඩනයේ කණ්ඩායමක් ඇති කිරීමට හිතරක තත්වයක් ඇති බව ඔහු කීවා. ඔහු ප්‍රංශයේදී ට්‍රොට්ස්කිඅයිට් වරුන් මුණ ගැසී ඇති බව පෙනෙන්නට තිබුණා. ඔවුන් තම්පෝට දන්වා තිබුණා. එබඳු මිනිසෙක් ඔවුන් මුණ ගැසීමට ආ බව................ ඉන් පසු තම සහයෝගය අපට දෙන බවට දකුණු යේමනයේ ජාතික විමුක්ති පෙරමුණෙන් ඔහු (විරාජ්)
අපට ලිපියක් ගෙනාවා. ඒ ලිපිය කරූ ලඟ ඇති. මා කලින් අම්බලන්ගොඩදී තම්පෝ මගින් වර්ගියට් මුණ ගැසී ඇති බව ඔහු (විරාජ්) දැන සිටියා. ටී. ඩී., කරු සහ තම්පෝ සිසිල්චන්ද්‍රගේ නිවසට ආවා. රැස්වීම අමතන විට ඔවුන් මගේ ඡායාරූප දෙකක් ගෙන තිබුණා. කෙසේ හෝ අපව 4 වෙනි ජාත්‍යන්තරයට ඇද ගැනීමට ඔවුන්ට වුවමනා වුණා.

287. කලින් මම තම්පෝගේ නිවසේදී දේශපාලන කරුණු සාකච්ඡා කළා.

288. කතරගමදී මා හිර බාරයට ගැනීමට ටික දිනකට කලින් මට සුසිල් සිරිවර්ධන මුණ ගැසුණා. ටී. ඩී. විසින් මේ සුසිල්ව සිරිපාල අබේගුණවර්ධනගේ ගෙදරට කැඳවාගෙන ගොස් තිබුණා. ඔහු මා සමඟ කතා කළ මොහොතේම මට ඔහු ගැන සැක ඇති වුණා. ඔහු ශිෂ්‍යත්වයක් පිට ඇමරිකාවට ගොස් තිඛෙන බව ටී. ඩී. මා සමඟ කී නිසා ඔහු සීඅයිඒ නියෝජිතයෙක්දැයි මට සැකයක් ඇති වුණා. මේකත් හාවඩ් විශ්වවිද්‍යාලයට දෙන සීඅයිඒ ශිෂ්‍යත්වවලින් එකක් යයි මම නිකම්ම සිතා ගත්තා. ඔහු ඒ කාලයේ කෙනල් සමාජයේ සභාපතිව සිට තිඛෙනවාලූ.

289. (ඔහුට ජයන්ත යයි කීවේ සුසිල් සීඅයිඒ නියෝජිතයෙකැයි තමා සැක කළ නිසා බව විෙජ්වීර සුසිල්ට කීය.) ඉතින් මම, ඔහු කරන්නේ බාල්දි එහා මෙහා ගෙන යන එක පමණකැයි කියමින්, ඔහු කැඳවා ගෙන ඒම ගැන ටී. ඩී. චෝදනා කළා. අපි විරාජ් සමඟ පන්ති ගැන සාකච්ඡා කළ දවසේ මට ඔහු මුණ ගැසුණා. එදා ලක්ෂ්මන් මුණසිංහ, විරාජ්, සුසිල් සිරිවර්ධන සහ තවත් අයෙක් විමලගුණේගේ නිවසේ සිටියා. (විරාජ් වනාතමුල්ලට ගොස් නියම බෝම්බයක් සෑදීමට පාවිච්චි කළ යුත්තේ මොන ද්‍රව්‍යදැයි පෙන්වා දී තිබුණා.

290. ලොකු අතුල මට බෝම්බත්, තුවක්කුත් ස්වයංක්‍රිය තුවක්කුත්, ග්‍රවුන්ඩ් රිපීටරයකුත් දුන්නා. මට අම්බලන්ගොඩදී එය දීම සඳහා අතුල එය සිසිල්චන්ද්‍ර ගේ ගෙදරට බාරදී තිබුණා.යම් විදියකින් මා හිර බාරයට නොගත්තොත් සටනට එකතු වීමට මටත් අදහස ඇතිවුණා. එසේ වී නම් නිසැකවම මට එය අවශ්‍ය වෙන්නට තිබුණා.

291. පෙබරවාරි වන විට අපේ පක්ෂය අවි ආයුධ එකතු කිරීමට පටන් ගෙන තිබුණු බව මම පිළිගෙන තිඛෙනවා. රැස්වීම්වලදී එකතු වූ මුදල රු. 2600/} මම ලොකු අතුලට දුන්නා. 

292. පක්ෂයේ මිල මුදල් පිළිබඳ කටයුතු මම කළේ නෑ. මුදල් එකතු කළ යුතුව ඇති බව නම් මම කීවා............ කුමානායකට   මුදල් වංචා කිරීම ගැන කතා බහක් තිබුණා.

293. ඔක්කම්පිටියෙන් මුදල් මංකොල්ල කෑවේ උපසේනයි. කහටගස්දිගිලියේ බැංකු සොරකම ගැන ලොකු අතුල මා සමඟ කීවා. හැම දෙනාම අසු වූ බවත් තමා පමණක් බේරුණු බවත් ඔහු කීවා. මම ඔහුට බැන වැදුණා. ඊට පසු කොටුවේ බැංකුවෙන් මුදල් ලබා ගත්තා. මෙය මා සමඟ කීවේ පියතිලකයි. (එදාම සංඝාරාමයේදී පියතිලක මුණ ගැසී එම මුදල් ඛෙදා ගන්නා සැටි ඔහු සමඟ සාකච්ඡා නොකළ බව විෙජ්වීර කියයි.)

අවි ආයුධ එකතු කිරීමේ කටයුතු කළේ අතුල. ඔහු පිට පළාත්වල මේවා ඛෙදා දුන්නා. මුලදී ඒවා කළේ ඔහුට වුවමනා විදියටයි. මාතර හිතවතුන්ට මුදල් අමාරුකම් තිබුණ නිසා මම සුසිල්ට (වික්‍රමට) රු. 5000/}ක් දුන්නා.

294. (බැංකුවෙන් සොරකම් කළ මුදල්වලින්) කිසියම් මුදලක් තමා පොඩි අතුලට දුන් බව (පියතිලක) කීවා. රු. 5000/} ක් ගෙන සුසිල්ට දුන්නා. එය මා පිලිගන්නවා. (කොටුවේ බැංකුවෙන්) රු. 57,000/} ක් සොරකම් කිරීමෙන් පසු එම මුදල් චන්ද්‍ර අක්කාගේ ගෙදරට ගෙන ගොස් (විද්‍යෝදයේ) සංඝාරාමයට ගෙන ගිය බව පියතිලක කීවා. කපිලට රු. 10,000/} කුත් අනුරට රු. 2000/} කුත් දෙන ලෙස තමා ඔවුන්ට කී බව දැන් විෙජ්වීර පිළිගනී.

295. (තමාගේ සහෝදරයකු වන පර්සිට රු. 5000/} ක් දෙන ලෙස පියතිලකට තමා නොකී බව විෙජ්වීර කියයි.) මම එය මාතර සුසිල්ට දෙන ලෙස ඔහුට (පියතිලකට) කීවා. ඒ මුදල් සියල්ලම පක්ෂය විසින් පාවිච්චි කළේ පුවත්පත්, පත්‍රිකා ආදිය පළ කිරීමටත් අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය මිලයට ගැනීමටත් ය. ලොකු අතුල තමන්ට පක්ෂපාත අය අතර පොත් හා අවි ආයුධ ඛෙදා දෙන බව මම මාර්තු මාසය වන විට දැන සිටියා. අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය එකතු කිරීම හා සෑදීම ඉක්මන් කිරීමෙන් හා පුළුල් කිරීමෙන් නොපමාව පක්ෂය ශක්තිමත් කරන්නටයි මම ඔහුට (පොඩි අතුලට) කියා තිඛෙන්නට පුළුවනි.

296. ඔහු (පොඩි අතුල) (බෝම්බ) සෑදීමේ නියුක්තව සිටි බව මම දැන සිටියා. ඒවා සාදන්ට යයි මම ඔහුට කීවා..........................ඒ දිනවල ඔහු ඒවා සාදමින් සිටි බව මම දැන සිටියා. ඔහුත් ඒ බව මා සමඟ කීවා. (බෝම්බ සාදන්නකු වූ විෙජ්පාල තමා නොහඳුනන බව විෙජ්වීර කියයි.)

297. මම කවදාවත් බෝම්බයක් දැක නෑ. (1970 දී රොසෙන්ටල්  වාත්තු මඩුවකදී සෑදූ පාත්‍රයක් බඳු (ඊයම් බෝල) සැම්පල් බෝම්බයක් ජයකොඩි තමාට පෙන්නූ බව විෙජ්වීර ඊට පසු පිළිගනියි.

298. මම අතුල සමඟ නෙළුන්දෙණි ගොස් තිඛෙනවා. (විප්ලවය අසාර්ථක වුවහොත් නොයෙකුත් තැන්වලට තමන්ට පසු   බැසීමට සිදුවන බවත් තමා නොකී බව විෙජ්වීර කියයි.)

300. (මාර්තු 6 දා) ලොකු අතුල රහසිගතව දිස්ත්‍රික්ක ලේකම්වරුන් කැෙඳව්වා. ඔහු මා පමණක් නොව මාතර සුසිලූත් මේ රැස්වීමට නොකැඳවා අත් හැරියා.

301. මා උසාවියට යන විට මා වෙුනවෙන් පෙනී සිටීමට නීතීඥයෙකු යොදා ගැනීමට මා අදහස් කරන්නේ නෑ. මගේ පක්ෂයේ සාමාජිකයන් ලොකු ලොකු සොරකම් කරගෙන යමින් සිටි බව මම දැන සිටියා.

305.   සම්පතී ඇගේ දෙමව්පියන් විසින් මගේ දෙමව්පියන්ගේ ගෙදරින් ආපසු කැඳවා ගෙන ආවා. කමනී ද මහින්ද විෙජ්සේකර ගේ ගෙදරට කැඳවාගෙන ගියා. ඇගේ දෙමව්පියන්ට ඊට විරුද්ධ වීම නිසා ඈ ආපසු
ගෙදර කැඳවාගෙන ආවා.

306. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන් වැඩ කරනවාටත් විරුද්ධ බව මම දැන සිටියා. 

310. මම සුනන්දුට රු. 500/} ක් දුන්නා. තුවක්කු මිලදී ගන්ට විය හැකියි. හොඳයි, තුවක්කු මිලදී ගන්නට බව මා කියනවා. දේශපාලන මණ්ඩලයක් (පොලිට් බියුරෝවක්) වශයෙන් පැවති සාකච්ඡා වැඩි හරියකට පැමිණි අයගේ නම් මේවාය: සනත්, ලොකු අතුල, කරූ, ධනපාල, ටී. ඩී., ගුණසේකර. මේ අය සාකච්ඡාවලට ආවා. උයන්ගොඩ සහ කුමානායක අන්තිම හරියේදී ආවා.

311. සිසිල්චන්ද්‍ර වාගේම සුනන්දත් ආවා. ඔවුන් කැඳවන ලද්දේ බදුල්ලේ ප්‍රශ්නය ගැනයි මගේ අංගාරක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් මා සමඟ ගියා. අනුර එහි සිටියා. 313. (විෙජ්වීර ගම් කමිටු ගැනත් දිස්ත්‍රික් කමිටු ගැනත් සඳහන් කරයි.)

314. කොළඹ කොටස් 5 කට ඛෙදා තිබුණා. මැද කොළඹ දිස්ත්‍රික් ලේකම් වූයේ විෙජ්රත්නයි. (පොඩි විෙජ්). උතුරු කොළඹ දිස්ති්‍රක් ලේකම් වූයේ චුක්කියි (ප්‍රේමරත්න). ටී. ඩී. (සිල්වා) මැද කොළඹ දිස්ත්‍රික් ලේකම්. ලොකු අතුල වැඩ කළේ නුවරපාරේ. ඔහු මුළු උඩරටම වැඩ කිරීමට පටන් ගත් පසු ඔහු නුවර පාර zzඌZZ මහත්තයාට භාර දුන්නා. ඊට පසුව ප්‍රේමසිරි කියා කෙනෙක් සිටියා. නිමල් මහරගේ ට භාරව තිබුණේ කෝට්ටේයි.

315. වසන්ත කනකරත්න සිටියේ දකුණු කොළඹ. පොඩි විෙජ්ට කලින් එහි ඔස්මන්ඩ් සිටියා. මේ අය නිතර නිතර මාරු වුණා. ඒකාබද්ධ වූ මේ 5ම බාරව සිටියේ ටි. ඩී. යි. පසුව ටී. ඩී. ගේ තැන ඔස්මන්ඩ්ට දුන්නා. ධනපාල කටයුතු කළේ වෘත්තීය සංගම් අංශයේ. මදනායක හා පොඩි අතුල ඔහුට මෙන්ම ටී. ඩී. ටත් ඩී. ඒ. ගුණසේකරටත් උදව් වුණා. පියතිලක වැඩ කළේ ශිෂ්‍ය අංශයේ. නිමල් වසන්තට පවරා තිබුණේ විද්‍යාලංකාරයයි.

316. විද්‍යෝදය විශ්වවිද්‍යාලය භාරව සිටියේ මහින්ද විෙජ්සේකරත් පූජ්‍ය දේවසිරිත් අනෙක් අයත්ය. කොළඹ විශ්වවිද්‍යාලය භාරව සිටියේ සුනිල් රත්නසිරිය. මුළු ප්‍රචාරක අංශයම මෙහෙයවූයේ මමයි. ඉන්පසු මහින්ද විෙජ්සේකර හොඳ කථීකයෙක් නිසා මම ඔහු ගත්තා. මම ඩී. ඒ. ගුණසේකරත්, කොටවිල දේවසිරිත් ගත්තා. පත්‍රයේ කටයුතුවලට පොඩි ලකී උදව් වුණා. මම විෙජ්වර්ධනත් ගත්තා.

317. zzඌZZ (උයන්ගොඩ) මහතා ලිපි සම්පාදනය කළා. මෙරිල් ජයසිරි වෘත්තීය සංගම් අංශයේ කටයුතු කළා. මුලදී සනත් ගාල්ලේ වැඩ කළා. සුසිල් මාතර සිටි බව මම දැන සිටියා.

318. පැන්ටිස් අයියා සිටියේ හම්බන්තොට. ගරුසිංහ සිටියේ ත්‍රිකුණාමලයේ. සුසිල් ලියනගේ සිටියේ පොලොන්නරුවේ. වීරකෝන් බණ්ඩා සිටියේ නුවරඑළියේ.

319. නන්දන මාරසිංහ පන්තිත් කඳවුරුත් පැවැත්තුවා. ඔහු ප්‍රචාරක අංශයේ සිටියා. ෙජ්මිස් සමරතුංග මෙන්ම ජයකොඩිත් සිටියේ කුරුණෑගල. සරත් විෙජ්සිංහ සිටියේ කෑගල්ලේ. කමල්ද සිල්වා සිටියේ පුත්තලමේ. කුලරත්න පෙරේරා සිටියේ රත්නපුරයේ.

320. මුලදී නුවරපාර භාරව තිබුණේ උයන්ගොඩටයි. පන්ති පැවැත්වීමට ඔහු ඉතා දක්ෂයි. ඔහුට නාවික හමුදාවේ කටයුතු බාරදුන්නා. ඊට පසු මේ වැඩ කටයුතු කළේ කරුයි. සන්නද්ධ හමුදා 3 සඳහා පන්ති පැවැත්තුවේ ප්‍රේමපාලයි. කඳවුරු පැවැත්වීමෙහි ලා මහත් කාර්යක්ෂමතාවක් ඔහු පෙන්නුම් කළා.

332. කොරියානු තානාපති කාර්යාලය කිම් ඉල් සුං පිළිබඳ පොත් බහුලව ඛෙදා හැරියා. අපේ හිතවතුන් සමහරෙකු ලඟ මේ පොත් බහුල ලෙස තිබුණා. ධනපාල ලඟ මේවා විශාල ගණනක් තිබුණා.

333. මා චීන පිලේ සිටියදී ගොරිල්ලා සටන් ක්‍රම පිළිබඳ චිත්‍රපට ගණනාවක් මම දැක්කා.

338. ෂන්මුගදාසන් මේ රටේ විප්ලවකාරී පක්ෂයට ලොකුම හානිය සිදු කර ඇතිතැනැත්තෙකි.

341. තරුණයන් හරියට උදේ 9.00 ට හෝ 10.00 ට දක්නට ඇති හිරු එළිය වාගේ යයි මාඕ සේතුං කියා ඇත.


(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග)


Saturday, June 13, 2015

Posttraumatic Embitterment Disorder




Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003.  PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.

Embitterment is a persistent feeling of being let down or insulted, or feeling revengeful but helpless. The feeling of bitterness is always associated with a burning sense of unfairness or injustice, a protesting feeling of having been wronged without cause. It signifies an aggressive protest against a felt and perceived injustice, and is a goad to desperate, sometimes reckless, efforts to gain redress.

Dr.  Linden recognized embitterment as a unique human emotional experience. Feeling embittered is a prolonged emotional state of hate and anger caused by the belief that one has been treated unfairly. Dr.  Linden states that similar to anxiety or depression, embitterment must be understood as a dimensional phenomenon, which becomes pathological when reaching greater intensities, when it is associated with additional symptoms, and when daily role performance is impaired

PTED is a reaction to unjust or humiliating life events, including embitterment and impairment of mood, somatoform complaints, and reduction in drive, withdrawal from social contacts, and even suicide and murder suicide.

PTED is frequently seen in patients who have had to cope with events of personal injustice, humiliation, frustration, and helplessness. Emotional embitterment exists in a dimension similar to depression and anxiety, and therefore, when it is most intense, it can become pathological and lead to devastating personal, social, and occupational impairment.

This clinical syndrome is described as ‘post-traumatic’, because its onset must follow a single precipitating life stressor, which inevitably causes the patients to feel they have been treated unfairly. Unlike the life-threatening events leading to PTSD (Posttraumatic stress disorder) the events leading to Post traumatic Embitterment Disorder are exceptional but usual life events that do not cause a threat to one’s physical integrity but instead cause a violation of basic beliefs, which can be experienced as traumatic.

Dr. Linden states that PTSD is caused by a physical threat to one’s life; in PTED it is hypothesized to come from a threat to one's basic belief system. PTED is thus, like PTSD, not characterized by a particular type of stressful events, but by a distinct psychological process (experiences of injustice and humiliation) and by a highly specific psychopathological profile (embitterment). Elevated rates of PTED may occur in times of major social changes that force people to reorganize their personal biographies.

The PTED patients are suffering from severe, multiform, and disabling symptoms. The trigger event in PTED is an exceptional, though normal negative life event that is experienced as a violation of basic beliefs and values. The predominant emotion in PTED is embitterment.

Core criteria of Post traumatic Embitterment Disorder are: (1) a single exceptional negative life event precipitates the onset of the illness; (2) the present negative state developed in the direct context of this event; (3) the emotional response is embitterment and feelings of injustice; (4) repeated intrusive memories of the event; (5) emotional modulation is unimpaired, patients can even smile when engaged in thoughts of revenge, and (6) no obvious other mental disorder that can explain the reaction. Additional symptoms are feelings of helplessness, self-blame, rejection of help, suicidal ideation, dysphoria, aggression, down-heartedness, seemingly melancholic depression, unspecific somatic complaints, loss of appetite, sleep disturbances, reduced drive pain, phobic symptoms in respect to the place or to persons related to the event.

The diagnosis of PTED can lead to specific therapeutic interventions. PTED can be discriminated from PTSD, depression, anxiety disorders, and other adjustment disorders. In contrast to other adjustment disorders the symptomatology found in PTED does not show a tendency of spontaneous remission. On the contrary, patients tend to actively keep memories of the event alive. In Depression, the specific causal connection between the trigger event and symptomatology in Posttraumatic Embitterment Disorder cannot be found. Although PTED is similar to Post-traumatic Stress Disorder (PTSD) the trigger event is not life threatening.

This disorder was initially described in immigrants from East Germany following the fall of the Berlin Wall and which does not exactly match the diagnostic criteria of adjustment disorder or PTSD.  Immigrants frequently report a depressive state in which physical symptoms are in the foreground accompanied by social withdrawal and diminished energy. Negative life events, which are not life threatening and are not experienced every day, can impair mental health so that the above state may worsen and an immigrant may have a reduction in his performance at work. This state, which is accompanied by such symptoms as embitterment, feelings of injustice, repeated intrusive memories of critical events (injustice at work place, loss of a job, discrimination in a public office, etc.), phobic symptoms, and avoidance behavior towards the place or persons related to the event.

Posttraumatic Embitterment Disorder may occur in times of major social changes that force people to reorganize their personal biographies. According to Professor Harald Ege Post-Traumatic Embitterment Disorder is the most appropriate psychological diagnosis for victims of workplace conflicts, particularly bullying.  

Dr Linden proposes "wisdom therapy" as an approach to treat PTED. Wisdom therapy is a form of cognitive therapy based on recent developments in the field of wisdom psychology. Treatment involves presenting the patient with case vignettes of unsolvable life problems and teaching patients to attain a change of perspective, distance from oneself, empathy with the aggressor, acceptance of unwanted emotions, emotional serenity, contextualism, value relativism, relativism of aspirations, and long-term perspectives.

Although PTED so far has no official status and is not listed in the Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) or The International Classification of Diseases (ICD) it deserves more scientific and clinical attention.



Dr. Ruwan M Jayatunge M.D.



References

Ege, H. (2010) Different typologies of workplace conflict and their connections with post traumatic embitterment disorder (PTED). Health, 2, 234-236.

Hasanoğlu, A. (2008).Suggestion of a new diagnostic category: posttraumatic embitterment disorder.Turk Psikiyatri Derg. ;19(1):94-100.

Linden, M. (2003). "Posttraumatic embitterment disorder". Psychother Psychosom 72 (4): 195–202.

Linden, M., Baumann, K., Lieberei, B., Rotter, M. (2009). The Post-Traumatic Embitterment Disorder Self-Rating Scale (PTED Scale). Clinical Psychology & Psychotherapy,16, 139–147.

Linden, M.1., Baumann, K., Lieberei, B., Lorenz, C., Rotter, M.(2011).Treatment of posttraumatic embitterment disorder with cognitive behaviour therapy based on wisdom psychology and hedonia strategies. Psychother Psychosom.  ;80(4):199-205.

Rotter, M.(2009). Reactive Embitterment Conceptualization, Relevancy and Differentiation.

Shin, C., Han, C., Linden, M., Chae, J.H., Ko, Y.H., Kim, Y.K., Kim, S.H., Joe, S.H., Jung, I.K. (2012). Standardization of the korean version of the posttraumatic embitterment disorder self-rating scale. Psychiatry Investig.  ;9(4):368-72.

Wong,M. J.S. (2007). Posttraumatic Embitterment Disorder: Definition, Evidence, Diagnosis, Treatment. Hong Kong J Psychiatry; 17:103-4.





Friday, June 12, 2015

යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්‍රැකියුලා මිය යයි




ක්‍රිස්ටෝෆර් ලී අපට මුණ  ගැසෙන්නේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවෙනි. 70 ගනන් වලදී එම්පයර් එකේ, පැරණි මැජෙස්ටික් එකේ , රීගල් එකේ අප බියෙන් ගැහෙමින් ක්‍රිස්ටෝෆර් ලී ගේ චිත්‍රපට නැරඹුවෙමු.  අප දැන් DVD You Tube  යුගයට පැමිණ සිටියත් ක්‍රිස්ටෝෆර් ලී  හ​ට අපව බිය ගැන් වීමට හැකි විය​. 

ක්‍රිස්ටෝෆර් ලී ,බෙලා ලුගෝසි , ෆ්‍රෑන්ක් ලැංගිලා වැනි අති ප්‍රකට ඩ්‍රැකියුලා නළුවන්ටත් වඩා ප්‍රතිභාවක්  පෙන්විය​. ඩ්‍රැකියුලා  චරිතය පමණක් නොව මෑන් විත් ද ගෝල්ඩන් ගන් හි ෆ්‍රැන්සිස්කෝ ස්කැරමැංග ලෝඩ් ඔෆ් ද රිඞ්ස් හි   සරුමාන් වැනි චරිත මගින් ද ඔහු අමරණීය විය​. 

ක්‍රිස්ටෝෆර් ලී ගේ  Dracula (1958 )  චිත්‍රපටය රූපාවාහිනිය ලංකාවට පැමිණි කාලයේ එනම් 1979 ජාතික රූපාවාහිනිය මගින් පෙන්වීය​. කළු සුදු රූපාවාහිනී බහුලව තිබූ  තාක්‍ෂණයද නොදියුණු   ඒ කාලයේ අප ඩ්‍රැකියුලා වෙනුවට දුටුවේ අඳුරු සෙවනැලිය​. 

Dracula: Prince of Darkness චිත්‍රපටය දැකීමට පෙර 1975 පමණ කාලයේ එම චිත්‍රපටය ඇසුරෙන් ලියන ලද සිංහල චිත්‍ර කතාවක් කියවූවා මතකය.  ක්‍රිස්ටෝෆර් ලී රඟපෑ Scars of Dracula බැලීමට පෙර ඒ අනුසාරයෙන් ඩීමන් ආනන්ද ලියන ලද ඩ්‍රැකියුලා සිටුවරයා පොත පාසලේදී ගුරුවරුන්ට හොරෙන් කියවූයෙමි. 

Dracula Has Risen from the Grave චිත්‍රපටය 1987 දී   ලන්ඩනයේ අඳුරු රාත්‍රියක ඥාතියෙකුගේ නිවසේ සිට රූපාවාහිනියෙන් තනිවම  නැරඹුවෙමි. චිත්‍රපටය අවසානයේදී මා නින්දට ගියේ ධම්මපදය පොත කොට්ටය යට තබාගෙනය​.  

Dracula A.D.1972 නරඹන ලද්දේ විඩියෝ කැසට් ලංකාවට පැමිණි මුල් කාලයේදීය​. එසේම  In Search of Dracula වාර්තාමය චිත්‍රපටය (මෙහි හඞ ක්‍රිස්ටෝෆර් ලී ගේය​) ද මෙහිදී මතකයට නැගේ. Taste the Blood of Draculaචිත්‍රපටය ගැන වෛද්‍ය කීත් චැප්මන් නිතර කතා කලේය​. ඔහු කාලයක් හලාවත රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා විය​. වෛද්‍ය කීත් චැප්මන් ගේ විස්තර කතාවෙන් පසු මම එම චිත්‍රපටයද නැරඹුවෙමි .තවද The Satanic Rites of Dracula You Tube මගින්  නැරඹුවෙමි  

මෙලෙස ක්‍රිස්ටෝෆර් ලී ගේ සියළුම ඩ්‍රැකියුලා චිත්‍රපට නැරඹීම පිළිබඳ අතුරු කතා තිබේ. නමුත් මේ සියළු චිත්‍රපට වලට පොදු සාධකය වූ "බිය " නොඅඩුව අපට ලැබුණි. පසු කාලයක Friday the 13th , A Nightmare on Elm Street, Child's Play ( Chucky), Halloween (Michael Myers) වැනි චිත්‍රපට බලන කිසිදු බියක් නොදැනුනත් ක්‍රිස්ටෝෆර් ලී දකින වාරයක් පාසා ගත සීතල වූ බව කිව යුතුය​.  

අන්ධකාරයේ කුමාරයානෙනි ඔබට සුභ රාත්‍රියක් 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook