Wednesday, February 24, 2016

අරුසියා

 


බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තරුණියක් හයේ වාට්ටුවට ගෙනත් තිබෙන බව සිස්ටර් රණසිංහ ඉන්ටකොම් හුවමාරුව හරහා මා අමතමින් කියා සිටියාය​. මම වහ වහා වාට්ටුවට ගියෙමි. ඇය මුස්ලිම් තරුණියකි. ශරීරයෙන් 65 % වඩා පිළිස්සී තිබේ. ඇයගේ තත්වය බරපතළය​. මම ඉක්මනින් ඇයට පිට ගැස්මට එන්නතක් මෙන්ම වේදනා නාශක පෙතඩීන් මාත්‍රාවක් ද දුන්නෙමි. එසේම සේලයින් ශිරා ගත කිරීම ආරම්භ කලෙමි. ඇයගේ ශිරා ඇකිලී තිබූ හෙයින් ශිරාවක් පාදා ගැනීම අසීරු විය​. අවසානයේදී මම පාදයේ ශිරාවක් පාදා ගෙන එයට කැනුලාවක් දැමුවෙමි. 

මුලින්ම ඇයව රෝහලට ගෙන ආ ඤාති සහෝදරයා මට කීවේ කෑම උයන විට භූමිතෙල් ලිප පෙරලී ඇය පිලිස්සුන බවයි . එහෙත් මම එම කතාව විශ්වාස නොකලෙමි. ඇයගේ ශරීරය පිලිස්සී තිබූ අයුරින් මෙය ගිනි තබා ගැනීමක් විය හැකි බව මම සිතුවෙමි. කෙසේ නමුත් රෝගියා ගැන රෝහල් පොලිසියටද දැන්වූයෙමි. 

රෝගී තරුණියගේ තත්වය බරපතළ නිසා මම වාට්ටුවේම රැඳී සිටියෙමි. ඇය වයස දහ හතක් පමණ වූ රූමත් තරුණියකි.  පිළිස්සුම් තුවාල බොහෝ වේදනා සහගතය​. සමහර විට වේදනාව , ආසාදනය සහ විජලනය මරණය ඉක්මන් කල හැකිය​. මම ඇයට ප්‍රතිජීවක දුනිමි. මධ්‍යම රාත්‍රිය වන විට ඇය මා ඇමතුවාය​. 

" ඩොක්ටර් මම ගිනි තියාගත්තා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන කෙනෙක් එක්ක යාළු වෙච්ච නිසා. මම කලේ මෝඩ වැඩක්. අනේ ඩොක්ටර් මට මැරෙන්න දෙන්න එපා මගේ ජීවිතය බේරගන්න " ඇය ඉතා අසරණ හඞකින් කීවාය​.

 මම හැකි උපරිමය කරන බවට ඇයට පොරොන්දු වූයෙමි.  

මම බොහෝ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් දැක තිබේ. ඔවුන් නොමැරී බේරුනේ කළාතුරකිනි. බොහෝ රෝගීහු සති දෙක තුනක් යාමට පෙර මිය යති. වරක් ඉතා දරුණු පිළිස්සුම්  ලැබූ පුද්ගලයෙකු ජීවත් වූයේ පැය විසි හතරකටත් වඩා අඩු කාලයකි. මානසික රෝගියෙකු වූ ඔහු බූමිතෙල් හිස වත් කොට තමන්ටම ගිනි තියාගන්නා ලදි. රෝහලට ගෙනෙන විට ඔහුට හුස්ම වැටෙමින් තිබුනද ඔහුගේ පුරුෂ ලිංගයෙන් භාගයක් පමණ පිලිස්සී කරවී තිබුණි. තවද වරක් රත්තොට පැත්තේ වත්තකින් ගිනි තියා ගන්නා ලද කාන්තාවක් ගෙන එන විට ඇයගේ මුළු ඇඟ පුරා ගොම ගා තිබුණි. මෙය ඔවුන්ට අනුව ප්‍රථමාධාරයකි. එහෙත් පිටගැස්ම අවධානම මෙන්ම ආසාධනය තීව්‍ර කරන මෙම අනුවන ප්‍රථමාධාරය නිසා රෝගියාට බෙහෙත් කිරීමට ප්‍රථම හෙදියන්ට රෝගියා මුලින්ම නැහැවීමට සිදු විය​. 

තරුණිය වේදනාවෙන් අඞන්නට වූ නිසා ඇයට යළිත් වේදනා නාශක දීමට සිදු විය​. ඇයගේ නම අරුසියාය​. වේදනා නාශක දීමෙන් පසු ඇය නිදා ගත්තාය​. පසු දින ඇයගේ පියා ආවේය​. තම දියණියගේ තත්වය දුටු පියා බොහෝ වේලාවක් ඇඞුවේය​. අරුසියාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය සියළුමදේ අප කලෙමු. අපගේ ඉල්ලීම පිට ඔවුන් මදුරු දැලක් ද ගෙන ආවේ මැස්සන් ඇඟ මත වැසීම වැලැක්වීමටය​. 

දින දෙකක් පමණ යන විට ඇයගේ පිළිස්සුන සම දුඹුරුවන්ව යන ලදි. අර රූමත් තරුණිය වෙනුවට ඇඳ මත ඉන්නේ ආසාදනය වීම නිසා ගඳ ගසන විරූපව ගිය මනුෂ්‍ය ශරීර කූඩුවකි. අනිත්‍යතාව අප ඇස් ඉදිරියේම විද්‍යාමාන විය​. එහෙත් අප සැම වෙනසකින් තොරව ඇයට වෙද හෙදකම් කලෙමු. අරුසියාගේ ජීවිතය අවධානම් බව අප තේරුම් ගතිමු. එහෙත් දෛවය කුමන මාර්ගයක් ගනීද යන්න අප නොදන්නෙමු. එම නිසා අරුසියාගේ තත්වය ගැන අපෙන් නිතර අසන පියාට අප දුන්නේ අස්පෂ්ට පිළිතුරුය​. 

අරුසියා දැන් කතා කරන්නේ ඉතා අඩුවෙනි. වේදනා නාශක නිසා ඇය බොහෝ වේලාවක් නිදාගනී. තම ශරීරය ජාරාවට පත්ව යනවා ඇය දකින්නීය​. අරුසියා ආහාර ගැනීමද අඩු කොට තිබෙන බවද හෙදිය කීවාය​. එම නිසා සේලයින් සහ ඩෙක්ස්ට්‍රෝස් දියරය ඇයට ලබා දෙන ලදි. 

අරුසියා රෝහල් ගත කිරීමෙන් දින දහයකට පසුව මට සවස් වරුවක ඇය සිටි වාට්ටුවෙන් ඇමතුමක් ආවේය​. කතා කලේ හෙදියකි. අරුසියා මිය ගොසිනි. මම වාට්ටුවට ගියෙමි. ඇය ඇඳ මත නිසලව වැතිර සිටියාය​. ඇයගේ දෙනෙත් මඳක් ඇරී තිබේ. මම විදුළි පන්දම ඇයගේ දෙනෙත් වෙත යොමු කලෙමි. අරුසියාගේ කණිනිකාව ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැත​. ඇයගේ හෘධය ස්පන්ධනය නොවේ. ඇය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නැත​. මම අරුසියාගේ ඇඳ ඉහපත ගෙන ඇයගේ මරණය ස්ථිර කොට තව පැය දෙකක් මෘත ශරීරය වාට්ටුවේ තබාගෙන ඉන් පසුව මෝචරියට ගෙන යන ලෙසට හෙදියට විධාන කලෙමි. එක් ඇටෙන්ඩන්වරියක් ඉස්කිරිමක් ඇද ඉන් පසුව අරුසියාගේ නිසල ශරීරය බෙඩ් ශීට් එකකින් වැසුවාය​.  

මම පිරිමි වාට්ටුවට ගියේ මරණය විසින් ඇති කරන නලංගුව පහ කර ගැනීම සඳහාය​. වේදනාව සහ මරණය වෛද්‍යවරයෙකුගේ රෝහල් ජීවිතයේ අනිවාර්‍ය දසුන් වෙති. 

අරුසියාගේ මරණින් මාස අටකට පමණ පසු මම මාතලේ ටවුම වෙත යමින් සිටියෙමි. හදිසියෙන්ම මගේ මෝටර් රථයේ ටයරයක හුලං ගියේය​. මම පාර අද්දර වූ ටයර් කඩයකට ගියෙමි. ටයර් කඩයේ සිටි තරුණයා ජැක්කුව ගසා ටයරය මාරු කරන තෙක් මම කඩයේ තිබූ පුටුවක වාඩිව සිටියෙමි. කඩය ඇතුලේ සිට මධ්‍යම වයසේ පුරුෂයෙකු අවේය​. ඔහු මා සමග සිනාසී " සර්ට මාව අඳුනගන්න පුලුවන්ද කියා ඇසුවේය​. මට ඔහු ගැන නිච්චියක් නොවීය​. 

" සර් මම තමයි අරුසියාගේ තාත්තා " ඔහු කීවේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

50 comments:

  1. ඉස්සර වතු කරයේ දෙමළ අය ජීවිතය නැතිකර ගැනීමට තෝරාගත් පහසු ක්‍රමයක් මේ ගිණි තියා ගැනීම. පස්සේ ඒක ට්‍රෙන්ඩ් එකක් උනා නේද? නුවර නගරයේ හාමුදුරුකෙනෙක් ගිනිතියා ගත්තා වගේ.

    ReplyDelete
  2. //අස්පෂ්ට පිළිතුරු// නලංගුව// මේ වචන අදමයි ඇහුවේ..

    සංවේදී කතාවක්..

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ටුව කෙටුවෙ ඇයි...! හැබෑට..!

      Delete
    2. මාත් ආවේ ඒක අහන්ඩ

      Delete
    3. melancholy, vague වගේ අදහස් සිතට එන්නේ මුලින් ඇසූ ඉංගිලිසි වචනය වදියට වුනාම ඒවා එලෙසම ලියන්නට අකමැති නම් ශබ්දකෝෂයේ පිහිට පතන්න වෙනවා.

      ඉස්සර මලලසේකර! දැන් මධුර යාමේ.
      http://maduraonline.com/?find=vague

      Delete
    4. වදියට

      Delete
    5. අස්පෂ්ට පිළිතුරු// vague answers
      නලංගුව/melancholy

      Delete
  3. ප්‍රථමාධාර ගැන අපේ මිනිසුන්ට තියෙන්නේ අඩු අවබෝධයක් හා වැරදි විශ්වාසයන්

    ReplyDelete
  4. පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව ගැන හිරිගඩු පිපෙන කථාවක් කිව්වා මේ ලඟදි කෙනෙක්....ඇත්තද මන්දා...අරිසියාගේ කථාවට ඒකත් ගොඩාක් කිට්ටුයි...!

      Delete
    2. ඔය සිංදුවේ කියන්නේ දුම්රියට පැන දිවි නසා ගැනීම තමයි.

      Delete
    3. දුම්රිය මොහොතක් නතර වුනේ

      Delete
  5. // අරුසියා ආහාර ගැනීමද අඩු කොට තිබෙන බවද හෙදිය කීවාය​//

    පෙනුමේ විකෘතිතාවය නිසා ඇය ජීවිතය අවසන කරන්න හිතාගෙන මෙසේ කලාද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ආසාදනය , වගේ හේතූන් නිසා වෙන්න ඕනේ

      Delete
  6. සමහර පිලිස්සුම් රෝගීන් ඉන්නවා සිරුරෙන් 80-90% ක් පමන පිලිස්සුම් තුවාල තියෙද්දිත් හොඳට කතාකරනවා.ඒක වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කථන ඉන් ද්‍රියන් හානි වී නැත්නම් කතා කල හැකියි.

      Delete
  7. ඔය ලගින් යන අත්දැකීමක් මට තියනවා , එක ලස්සන ළමයෙක් ගිනිතියාගත්තා බොහොම සුළු දෙයකට , මං ඉස්පිරිතාලෙට බලන්න ගියහම ලග හිටපු අම්මටයි තව කෙනෙකුටයි කියුවා මට දෙන්න තියන මුදලක් ( සුළු මුදලක් ) මට දෙන්න කියල , ටික වෙලාවකින් ඒ ළමයා මැරුනා

    ReplyDelete
    Replies
    1. http://atampahura.blogspot.com/2013/11/blog-post.html
      මේ ඒක වෙන්න ඇති

      Delete
    2. දුක හිතෙන කතාවක්

      Delete
  8. දෑවැදි ප්‍රශ්න නිසා ගිනි තබා මරණයට පත් කරන කාන්තාවන් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. සමහර විට ඇසිඩ් ගහනවා. පකිස්ඨානයේ නම් මරලාම දානවා ඒ දැවැදි නිසා නොවේ ගෝත්‍රයෙන් පිට පෙම් සබඳතා නිසා.

    ReplyDelete
  9. ඉතාම සංවේදී කතාවක්. තාම මෙතනට සිංහල ජාතිය බේරගන්න වීරයෝ ටික ඇවිල්ල ඇයි මේ ජාතියේ කෙනෙකුට බෙහෙත් කලේ කියල ඇහුවේ නැති එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඒක මටත් හිතුනා

      Delete
    2. මම දැකපු අන්තවාදීම කොමෙන්ට් එක

      Delete
  10. සංවේදී කතාවක්. මෙවැනිම ක්ෂණික තීරණයක් නිසා ගිනි තබාගෙන එයින් ඇතිවූ තුවාල කැළැල් නිසා මුළු ජීවිතකාලයම තැවෙන තරුණියක් මම දන්නවා.

    ReplyDelete
  11. ගිණී තියාගෙන යම් වේලාවක් ගත වුණු පසු ස්නායු මියයාම නිසා වේදනාවක් දැනෙන්නෙ නැති තත්ත්වයකට පත් වෙනවා කියල මම කියවා තිබෙනවා. ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ගිණී තියාගත් විට වේදනාව අධිකයි , නමුත් ක්‍රමක් ක්‍රමයෙන් වේදනාව අඩු වෙලා යනවා. ඉන්පසු ආසදනය විජලනය් වගේ දේවල් මතු වෙනවා

      Delete
  12. අල්ලා අරුසියාව මවා ඇත්තේ අල්ලාට වැඳීමට සහ වඳින්නන් බෝ කිරීමට. ඇය ඒ වගකීම පැහැර හැරියා. ඒ අනුව හමුදාවෙන් පලාගිය සෙබලෙක්ට මෙන් ඇයටත් විනයානුකූලව පියවර ගැනෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයගේ කතාවත් අල්ලා ඇසිය යුතුයි

      Delete
  13. ඇත්තට ම මට කරන්න නොලැබුණ රස්සා දෙකක් ගැන මං සතුටු වෙනවා.

    1. නීතීඥ වෘත්තිය
    2. වෛද්‍ය වෘත්තිය

    සාපේක්ෂව දැන් වෘත්තිය හොදයි කියලා මට හිතෙන වාර අනන්තයි. හැබැයි මෙහෙම කිව්වේ ඒ දෙකට ම අගෞරවයක් කරන්න නෙමෙයි. ඒ වෘත්තීන් දෙක සහ ගුරුවෘත්තිය කියන්නේ රස්සාව කරන ගමන් පිං ලැබෙන රස්සා. මොනවා වුණත් මං කිව්වේ හිතට දැනෙන දේ විතරයි.

    ReplyDelete
    Replies
    1. . වෛද්‍ය වෘත්තිය කරන ගමන් පිං ලැබෙ

      Delete
    2. 1. නීතීඥ වෘත්තිය - කෙනෙකුට අවශ්‍ය වන්නේ අමාරැවේ වැටුන විටයි
      2. වෛද්‍ය වෘත්තිය - කෙනෙකුට අවශ්‍ය වන්නේ ලෙඩවූ වැටුන විටයි
      දෙකෙන්ම කරන්නේ ඒකම දෙයයි, මිනිසුන් හෝ සතුන් දුකින් නිදහස් කිරීමයි

      Delete
  14. //පැය දෙකක් මෘත ශරීරය වාට්ටුවේ තබාගෙන //

    මේක සම්ප්‍රදයක්ද නැත්නම් ක්‍රමවේදයක්ද ? (රෝගියෙක් මියගිය විට මෙහෙම තියන්නේ වෙරදීමකින් හෝ ඔහුට නෙවත සිහිය එයි කියලද ?)

    පිළිස්සුම් තුවාලයකට කලයුතු ප්‍රතමධාරය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. සිසිල් කරන්න පිරිසිදු වතුරෙන්.. ඇසිඩ් වගේ දෙයකට පිළිස්සුනා නම් පරිස්සමින් කරන්න ඕන ගලායන වතුරෙන් නැවත ඒ ජලය රෝගියාගේ (කාගෙවත්) ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න. රෝගියා සිහියෙන් ඉන්නවනම් ඔහුට මානසිකව ශක්තිමත් වෙන්න ඔහු සමඟ කතා කරන්න. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. තත්කාලී ටුත් පේස්ට්, ගොම වගේ කිසි දෙයක් ගාන්න එපා. අනවශ්‍ය අසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

      Delete
    2. පැය දෙකක් මෘත ශරීරය වාට්ටුවේ තබාගෙන -මේක සම්ප්‍රදයක්

      Delete
    3. Lazarus syndrome වගේ දේවල් නිසාද?

      https://en.wikipedia.org/wiki/Lazarus_syndrome

      Delete
  15. ගිනිතබාගෙන සියදිවි නසාගැනීම වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ලාංකික ද්‍රවිඩ ජනතාව වෙසෙන වතු ජනාවාසවලයි. හින්දු ආගමේ තිබෙන යම් යම් ආගමික වෘතාන්ත සහ විශ්වාස ඒ කෙරෙහි බලපෑමක් ඇතැයි සිතෙනවා.

    ගින්දරෙන්, තාපයෙන්, රසායනික ද්‍රව්‍ය වලින්, පිළිස්සීම නිසා, පුද්ගලයකු විඳින දුක බලන්නට බැරි තරම් භයානකයි.

    කුමන ක්‍රමයකින් හෝ සියදිවි නසාගන්නට තැත් කරන අයගෙන් බහුතරය, ඇත්තටම රඟපෑමක් කර බේරෙන්න හැදුවත්, එය වැරදී යනවා. මේ තරුණිය, තමා බේරාගන්නා ලෙස ආයාචනය කලේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. සුදු පොස්ෆරස් ආටිලරි ප්‍රහාරයක් නිසා පිලිස්සුම් තුවාල ලැබූ සොල්දාදුවෙකු මම දැකලා තියනවා

      Delete
  16. පෙතිඩීන්.... නින්දට අමතරව පොඩි 'කික්' එකකුත් තියෙන ශෝයි වේදනා නාශකේ..
    ගස්ලබ්බාගේ සොයුරියක් ඉන්නවා හෙදියක්.ඇයව නිතර යෙදවෙන්නෙ මේ වගේ රෝගීන් ගේ කටයුතු සඳහා.ඔවුන් වෙනුවෙන් රජය කොතරම් වියදමක්,මහන්සියක් දරනවාද? විශේශ ආහාර,බෙහෙත්,ප්‍රතිකාර ක්‍රම.. වේදනාකාරී වුවත් ලබාදෙන ව්‍යායාම.. බොහෝවිට මිය යන බව දැන දැනත් නොමිලේ මෙසේ උපකාර කිරීම් පිලිබඳ අපි සතුටු විය යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන්ට නව ප්‍රතිකාර ක්‍රම තියනවා

      Delete
  17. Oh had some what similar incidents at idp camps.but went to surgical wards for.psy referals...it ws a.depressive sight.

    ReplyDelete
  18. සොඳුරුතම වෙදැදුරා
    අරුසියා දුක් කඳුලු අතරම හිනැහිලා
    පැරදිලා ඇති බැඳුනු ආදරේ ගිලිහිලා
    අරුමයක් නැති සෙයක් සිතේම ඇතිවෙලා
    ගිනිතියා ගත් හිතක් කොහෙදෝ අමතලා

    ගිනි දැල්ල ඇඟ ඇලුන දුක් රටා හින්දා
    හිත හදිසි යෙන් අවදි වී ඇසුව නින්දා
    බිඳ ලන්න ගත දිරිය වඩ වලා කැන්දා
    ගොම රිටක් මුලු ගතම උලා ගති ලන්දා

    රෝහලේ වෙද ඇදුරු නියම කල හින්දා
    නේවාසි කව සිටම ඔසු ලැබුනෙ කැන්දා
    ආදරය ඇති ලොවක තනිව උන් ලන්දා
    වාසනා ගෙන හෙටත් සිටීවිද මන්දා

    දිනෙන් දින සුවය පෙන්වා දිරා යනවා
    ටිකෙන් ටික අහර රස නොබලා සිටිනවා
    මිටෙන් මිට දිවය තොරවන ඇයුරු දනවා
    ඇසෙන් ඇස කඳුලු බිඳු එකින් එක දෙනවා

    සිත රිදුන පියා නිතරම ඇවිත් පෙනිලා
    ඇය කෙලෙස දැයිකියා හැම විටම අසලා
    ඔහු සිතත් තව තලනු නොහැකි බැව දැනිලා
    සැන සෙන්න වගගුගක් ඔහු අසල තියලා

    සංවේදි වෙදැදුරුත් නිතරම ඇවිල්ලා
    සැමගෙ ලෙඩ විමසලා අරුසියත් බලලා
    දිනෙන් දින මරණයට සිනහවෙනු දැකලා
    සඟවන්න බැරි දුකක් හදතුලම රැඳිලා

    රාස්සිගෙ අව්ව දිලෙනා සැඳෑ දවසේ
    වාට්ටුවෙ දුරකතනෙ නාද දුනි එකසේ
    ආදරෙන් රැදෙන්නම බැරි නිසා දුකසේ
    කාලයේ කඩදොරින් අරුසියා ගියසේ

    සොඳුරුතම වෙදැදුරා විගසින්ම ලියලා
    මරණය මෙනෙහි කර සටහනත් තියලා
    අහවරක් කල හැකිද මෙලෙසින්ම කියලා
    සිත දැනුන වේදනා පොත පතක ලියලා

    ReplyDelete
  19. හදිසියේ හිතට ඇතිවෙන ආවේගය නිසා ගිනි තබා ගැනීම, වස පානය වැනි දේ කරන්න පෙළඹුනත් අන්තිමේ ජීවිතේ බේරගත්තට පස්සෙ විඳින්න වෙන වේදනාව සුලුපටු නෑ.

    සංවේදී කතාවක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook