Thursday, December 31, 2015

ඔටෝ ජිල්බාවා





නාලන්ද විද්‍යාලයේ  ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර ලොකු විතාන සර් ප්‍රධාන වේ. හත වසරේදී ඔහු අපගේ ගණිත ගුරුවරයා විය​. වරක් විතාන සර් ත්‍රිකෝණමිතිය පාඩමක් උගන්වමින් සිටියදී  මම ඉදිරි පේලියේ සිටි නයනප්‍රිය රත්නායකගේ පිටට  වරින් වර කවකට්ට තබා තද කලෙමි. නයනප්‍රිය ත්‍රිකෝණමිතිය පාඩමට කන් දෙන ගමන් වරින් වර පිටට ඇනෙන උල නිසා අපහසුවෙන් නලියමින් සිටියේය​. ලොකු විතාන සර්ගේ දෑස් ඉදිරි පෙළට යොමුවී තිබෙන නිසා ඔහුට පසුපස හැරී පිටට කව කට්ටෙන් අනින්නේ මොකාදැයි  බැලීමට අවකාශයක් නොවීය​.  

පිටට ඇනෙන වාරයක් පාසා ඔහු ගැස්සුනේය. මෙය මටත් මංගල දිසානායකටත් කදිම සෙල්ලමක් විය​. අපද පාඩමට ඇහුම්කන් දෙන බව පෙන්වමින් නයනප්‍රියව නැටවූයෙමි. එහෙත් හිටි හැටියේ කවකටුව තදින් පිටේ ඇනීම නිසා නයනප්‍රිය "උග්" ගෑවේය . ඒ සමගින් බඩුත් සමග හොරු හසු විය​. ලොකු විතාන සර්ගේ උකුසු ඇසට මා අත තිබූ කවකටුව හසු විය​. මෙහෙ වර ඔටෝ ජිල්බාවා ලොකු විතාන සර් මට සිතාසියක් නිකුත් කලේය​. මම කවකටුව මේසය මත තබා සෙමෙන් සෙමෙන් ලොකු විතාන සර් වෙත ගියෙමි. උගන්නන එක තේරුනාද ඔහු ඇසුවේය​. මම හිස සලා ඔව් කීවෙමි. මොනවද උඹට තේරුනේ ඔහු දුස්‍ රාවක් මා වෙත එවීය​. මම නිරුත්තර උනෙමි. මොනවද  තේරුනේ ඔහු යලිත් ඇසීය​. සර් උගන්නපු එක මම හීන් හඞින් කීවෙමි. මොකක්ද මම ඉගැන්නුවේ ඔහු  ඇසුවේය​. ෆ්ලැට් නියායෙන් බේරෙන්නට හැදුවත් එයට අවසරයක් නොවීය​. මට ටොක්කක් ලැබුණි. ගුටි ලැබුනද කොල්ලන් ගෙන් ඔටෝ ජිල්බාවා යන නම මට රෙජිස්තර නොවීම ගැන මා සතුටු වූයෙමි. 

Wednesday, December 30, 2015

ගුරුවරයෙකුට එරෙහිව



විශේෂඥ අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා 1994 වසරේදී කොලඹ ෆ්‍රැරැන්සිස් පාරේ මෘතශරීරාගාරයේ ශ්‍රවණාගාරයේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව  අපට දේශනා  පවත්වා තිබේ. එසේම මරණ පරීක්‍ෂණ සිදු කරන අන්දම ද උගන්වා තිබේ. ඒ නයින් ඔහු මගේ ගුරුවරයෙකි. එසේම වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා මා මෙන් ආදී නාලන්දීයෙකි. නමුත් තාජුඞීන් ඝාතන සිද්ධියේදී ඔහු විසින් සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර තිබෙන්නේ   එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයට බවට නැගෙන චෝදනාව බරපතලය​. සමරසේකර මහතා මාගේ ගුරුවරයෙකු හෝ ආදී නාලන්දීයෙකු වීම නිසා ඔහුගේ ක්‍රියාව ශුද්ධ කිරීමට මට අවශ්‍ය නැත​. තාජුඞීන් ගේ මරණ පරීක්‍ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා සචේතනිකව විකෘති කලේ නම් මගේ අප්‍රසාදය ඔහු වෙත පළ කිරීමට මම පසුබට නොවෙමි.      

රාවය පුවත්පතේ වික්ටර් අයිවන් විසින් ලියන ලද පහත ලිපිය ශ්‍රී ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා විද්වත් වෘත්තිකයන් විසින් දෙන ලද දායකත්වය ගැන කරුණු අනාවරනය කරයි. මෙවැනි ක්‍රියාවක් දෙවැනි වන්නේ නට්සිවාදය පෝෂණය කොට මිලියන ගනන් මිනිසුන් මරා දැමීමට හිට්ලර්ට සහය වූ  වෛද්‍යවරුන් ගේ භූමිකාවට පමණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


අධිකරණ වෛද්‍යවරයකුට කලිසමේ චූ යෑම - වික්ටර් අයිවන්

තාජුඞීන් ඝාතන සිද්ධිය රටක් වශයෙන් ලංකාවේ පැවති අශීලාචාර තත්ත්වය පිළිබිඹු කරන බලවත්ම සිද්ධිය ලෙස සැලකිය හැකිය. තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැළිගොඩ හා රවිරාජ් මෙන් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු නොවීය. ඔහුට එල්ටීටීඊ ලේබල් ඇලවීමේ හැකියාවක්ද නැත. ඔහු අහිංසක රගර් ක‍්‍රීඩකයෙක් පමණක් විය. ඔහුගේ පිළිස්සුණු මළ සිරුර සහිත මෝටර් රථය සොයාගන්නා ලද්දේ 2012 වසරේ මැයි 17 වැනි දින උදේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල තිබියදීය. ඔහුගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවල නිගමනය වූයේ එය රිය අනතුරකින් සිදුවූ මරණයක් වන බවය. ඒ මරණය ගැන විවිධ කටකතා තිබුණද පරීක්ෂණවලින් ප‍්‍රකාශිත නිගමනය කිසිවකුත් අභියෝගයට ලක් කළේ නැත. ආණ්ඩු බලය වෙනස්වීමත් සමග සියල්ල කනපිට පෙරලූණි. පොලිස්පතිගේ නියමයෙන් එම මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවත් මනුෂ්‍ය ඝාතනයක් බව පෙනෙන්නට තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. 

තාජුඞීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළිය ආගරපතනින් සොයාගනු ලැබීය. ඉන්පසු දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක්ද පැවැත්වීය. තාජුඞීන්ගේ වළලන ලද සිරුර යළි ගොඩගන්නට සිදුවිය. දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලද්දේ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජින් පෙරේරා හා අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී. හේවගේ යන අය විසිනි. ඔවුන්ගේ නිගමනය මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර නිගමනයට මුළුමනින්ම වෙනස් විය. ආනන්ද සමරසේකරගේ නිගමනය වී තිබුණේ තාජුඞීන්ගේ මරණය කෙරෙහි බලපා තිබෙන ආසන්නතම හේතුව සිහිනැතිවීම, අවයව ක‍්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඞ් ආඝ‍්‍රාණය වීමය. 

එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයේ නිගමන ඊට මුළුමනින් වෙනස් විය. ඔවුන් පළකර තිබෙන නිගමන අතර එක් නිගමනයක් වනුයේ තාජුඞීන්ගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවා නැති බවය. තාජුඞීන්ට පහරදීමෙන් දුර්වල කිරීමෙන් පසුව අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. ඔහුගේ මරණය කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුකර තිබෙන පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා සිදුවී තිබෙන බවය. ඔවුන්ගේ නිගමනය අනුව ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලයේදීය. මරණකරුගේ කලව අස්ථියේ පහළ කොටසේ පහළින් තිරස්ව තිබෙන භග්නය රිය අනතුරින් සිදුවීමට පුළුවන්කමක් නැති බවත් එය මොට ආයුධයකින් පහරදීමක් නිසා ඇතිවී තිබෙන්නක් බවත් පපුවේ හා බෙල්ලේ තිබෙන තුවාලද පහරදීම් නිසා සිදුවූවක් බවත් ඔවුන්ගේ නිගමනය වී තිබේ. 

තාජුඞීන්ගේ මරණය පිළිබඳව මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය හා පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය අහසට පොළොව මෙන් වෙනස්ය. මුල් පරීක්ෂණය අනුව තාජුඞීන්ගේ මරණය සිදුවී තිබෙන්නේ රිය අනතුරකිනි. දෙවැනි පරීක්ෂණය අනුව එය සියුම් ලෙස සැලසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි. 

මුල් අධිකරණ වෛද්‍ය පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය සමරසේකර තමන්ගේ සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සිදුවී තිබුණු එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයටය. 

මළ සිරුර යළි ගොඩගන්නා ලද අවස්ථාවේදී සිරුරේ කලවා අස්ථි දෙකද ඇතුළත් සමහර වැදගත් කොටස් අතුරුදන් වී තිබුණි. ඒ ගැන ආනන්ද සමරසේකර කියන්නේ එම අස්ථි වෛද්‍ය හා විෂවේද ආයතනයේ ශීතකරණයේ තබන ලෙස තමන් උපදෙස් දුන් බවය. එහෙත් ඒවා ඔහු කියන ශීතකරණයේද නොතිබුණි. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මතය වී තිබෙන්නේ එම අස්ථි කොටස් ආරක්ෂා කිරීම පිණිස විධිමත් ලෙස ක‍්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය. අවසානයේදී අධිකරණයට මෙම අස්ථි කොටස් නැතිවූයේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනද සොයා බලා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට සිදුවිය. ඒ නිසා ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඔහුගෙන් ප‍්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. 

එම කටඋත්තරය සටහන් කරගැනීම අවසන් කිරීමෙන් පසුව තමාගේ ප‍්‍රශ්නය මෙම කටඋත්තරයෙන් අවසන් වන්නේදැයි වෛද්‍ය ආනන්ද සමරසේකර කටඋත්තර ලබාගත් නිලධාරියාගෙන් අසා තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී බාහිර බලපෑම් ඇතිවීද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය සමරසේකරගේ දුරකතන වාර්තාද පරීක්ෂා කිරීමට සිදුවන බව කටඋත්තරය ගත් නිලධාරියා දී තිබෙන පිළිතුර වී තිබේ. එම පිළිතුරත් සමග වෛද්‍යවරයාගේ මුහුණ මැළවී තමන්ට ටොයිලට් එක තිබෙන තැන කියන්නැයි එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. ටොයිලට් ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ චූ පෙරාගෙනය. -  ( අපරාධකාරයන්ගේ රාජ්‍යය-රාවය     Sunday,27 Dec 2015  වික්ටර් අයිවන් )  

Tuesday, December 29, 2015

The True face of Horror




What is Horror?
The word that often echoed by Colonel Walter E. Kurtz
The word that has thousand meanings
The word that stops beating your heart

Remember Cruella de Vil who wanted to kill innocent Dalmatians
Norman Bates who is expecting guests at the Bates Motel
Freddy Krueger the disfigured, dream stalker who returned in our dreams
Halloween killer Michael Myers who showed no mercy

Could you imagine the sharpness of Jason Voorhees Sword?
If not think of the sharp smile of Dr Hannibal Lector

What is real horror?
Have you questioned your self for a moment?
Is it the fearful eyes of Transylvanian Nosferatu ?
Or the Villainous smile of Bela Lugosi

May be you were terrified by seeing   Phantom of the Opera
Played by Lon Chaney the Man of a Thousand Faces,"
If not Mary Shelley's Frankenstein
Immortalized by Boris Karloff

Why fear for fictional and factitious horror?
When you are sounded by real horror 
The horrors of day-to-day life
Horrors that dictates our lives

Did you hear the political persecutions?
The ugly cousin of political extremism
Going hand in hand with the religious fundamentalism 
That kills the human growth and obstructs human freedom

For one moment, did you think about racism?
Which clouds human dignity and respect
Mad wars for racial supremacy
When all of us share the same DNA 

When you are surrounded by the real horrors
You are empowered and left without answerers
You become a living Zombie 
A man without moral consciousness

You can fight the horrors
By believe in your self
By believe in humanity and justice
You can defeat the horror
Until it is no more

Dr Ruwan M Jayatunge 

Monday, December 28, 2015

කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට




කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට
තමන්ගේ ආගම උසස් බවත්
අනෙකාගේ ආගම පහත් බවත්
අප සම්‍යයක් ද්‍රෘෂ්ටි බවත්
අනෙකා මිථ්‍යා ද්‍රෘෂ්ටි බවත්
නොවරදවාම උගන්වමු

උගන්වමු ඔවුන්ට ආගමේ නාමයෙන් බෙදී සිටින්නට
උගන්වමු ආගම් භේදයෙන් ඔළුව පළාගන්නට
නොවරදවාම උගන්වමු ආගම් ඇත්තේ තම විමුක්තියට නොව
භේදභින්නව එකම ලෝතලයේ කුලල් කා ගන්නට බව

Sunday, December 27, 2015

71 මහ නඩුවේ 16 වන විත්තිකරු : සුනිල් රත්නසිරි ද සිල්වා






71 මහ නඩුවේ 16 වන විත්තිකරුවූ සුනිල් රත්නසිරි ද සිල්වා මට හමු වූයේ ඔහුගෙ නිවසේදීය. සාදරයෙන් මා පිළිගත් ඔහු අතීත කථා පුවත දිග ඇරියේ මේ අයුරිනි. 

1968 දී මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ 2 වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී බොගා සමරේ   හා නිමල් මහරගේ නිතරම විශ්වවිද්‍යාලයට පැමිණියා මා හමුවීමට. මම ඔවුන් සමග සංවාදයේ යෙදෙනවා. ඔවුන්ගෙන් මට  දැනගැනීමට ලැබුණු වමට බර ව්‍යාපාරයක් පිළිබඳව. මේ සංවිධානය තුළ කථාබහට වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් තිඛෙන බව මට වැටහුණා. ඒ නිසා 1968 අග වෙනකොට මම පූර්ණකාලීනයෙකු ලෙසට මයියංගන දිස්ත්‍රික්කයට ගියා.

කෙටි කාලයක් තුළදී විශ්විද්‍යාල අධ්‍යාපනය අත්හැර දමා පූර්ණකාලිකයකු වීමට නොයෙකුත් හේතුන් මට බලපවත්වන්නට ඇති. මට සමාජ විද්‍යාව උගැන්වූයේ ආචාර්ය නිවුටන් මුණසිංහ මහතා. එතුමා තුළ වාමාංශික අදහස් තිබුණා. වරක් මම එතුමාගේ මාර්ගෝපදේශය අනුව දෙමළ වතුකම්කරුවන් පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයට මම දියතලාව, හපුතලේ ප්‍රදේශයේ වතුවලට ගියා. දෙමළ වතුජනයා ඉන්දියාවට යැවීම පිළිබඳව සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ඒ වෙන කොට මතුවෙලා තිබුණා. සමාජ විද්‍යාත්මකව එය ඔවුන්ට බලපෑ ආකාරය අධ්‍යයනය කිරීමටයි අපට අවශ්‍ය උනේ. මම කම්කරුවන් 100 කට අධික ප්‍රමාණයක් සමග දීර්ඝ වශයෙන් කථා කළා. ඔවුන්ගේ අදහස්
උදහස් දැනගත්තා. යළි ඉන්දියාවට යාම පිළිබඳව ඔවුන දැරූ අදහස් මම අධ්‍යයනයට එකතු කළා.

ඒ වගේම පන්ති පහ  මා තුළ යම් ආකර්ශණයක් ඇති කරන්නට ඇති බව මම අද හිතනවා. ප්‍රේමපාල තමයි අපට පන්ති කළේ. දෙල්මෑල්ල කියන ප්‍රදේශයේදී  රෙජිනෝල්ඩ් කුරේ, දෙනියායෙA දයාරත්න, එහෙම මේ පන්තියට පැමිණි බව මට මතකයි. රෝහණ විෙජ්වීරත් බෝගහපැලැස්සේ කතරගම, පන්ති කළා. මේ පන්තියේ දී විෙජ්වීර වතු කම්කරුන් ප්‍රතිගාමී බලවේගයක් ලෙසට තමයි හැදින්වූයේ. මම ඊට කලින් වතු කම්කරුවන් ගැන අධ්‍යයනයක් කර තිබූ නිසා මම යමක් ඔවුන් ගැන දැන හිටියා. ඒ නිසා මට විෙජ්වීර ගෙන් ඕනෑකමින්ම ඇසුවා වතු කම්කරුවන් පිළිබඳව ව්‍යාපාරය තුළ තිබූ ස්ථාවරය. එහිදී විෙජ්වීර මට කිව්වා ඉන්දීය මානසිකත්වය එක්ක ඉන්න අය සමග අපට ගමනක් යන්න බැරිබව. ඒ පිළිතුර සමග මම නිහ~ උනා.

පූර්ණකාලිනයෙකු ලෙස 1968 අගදී මයියංගනයට ගිහිල්ලා මම ඉඩම් සංවර්ධන වෘත්තීය සමිතියේ වැඩ කළා. එA කාලේ ගොයම් කැපූ පසු කානිවල්, තොරොම්බල්කාරයෝ මයියංගනයේ පිරිලා. ඒ කාලෙට අපි කුලී වැඩක් කරනවා. වරක් කානිවල් එකක් සඳහා ගොයම් කැපූ කුඹුරක වතුර ඉහින්න මම බාරගත්තා. මේ කුඹුරේ දණක් මට්ටමට වතුර. වතුර ඉහිනAන සුමාන දෙකක්වත් යනවා. මම ගණිත දැනුම භාවිතා කරලා ලියදි අතර කානු කපලා කුඹුරේ වතුර පිටතට ගලාගෙන යන්න සැලැස්සුවා. හවස වෙනකොට කුඹුරේ වතුර හිස්. සංවිධායකයින්ටත් පුදුමයි.

මම මයියංගනයේ හිටියා 1969 අප්‍රේල් දක්වා. ඊට පස්සේ පියතිලක හා පියසිරි කුලරත්න සමග ශිෂ්‍ය අංශයේ වැඩ කලා. මේ යුගයේදී මහින්ද විෙජ්සේකර ක්‍රියාශීලී ශිෂ්‍ය නායකයෙක්. වරක් ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ තීරණය කළා මහාචාර්ය හෙට්ටිආරච්චි අඩස්සියට පත් කරලා ඉල්ලීම් ලබාගැනීමට. මේක මම අනුමත කළේ නැහැ. ශිෂ්‍යයන් එදා මහචාර්ය හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගන්න යන විට පොලිසිය රැකවල් දාලා ආපු අයට හොදටම පහර දුන්නා. මේ සිද්ධියෙන් පසු මහින්ද මා සමග හිත නොරොක් උනා.

අපි රැස්වීම් සංවිධානය කළා. සාමාජිකයෝ හඳුනාගන්නේ සාක්කුවේ නැත්නම් කොළර් එකේ ගහපු ඇල්පෙනෙත්තකින්. ඒ වගේම රහස් වචන තිබුණා. නොදන්නා සාමාජිකයෝ දෙදෙනෙක් හමුවුනාම එක් අයෙක් අහනවා zඅද පාරේ හරියට ට්‍රැෆික් නේද?Z කියලා. එතකොට අනෙක් කෙනා උත්තර දෙනවා zනියෙඟට ඔහොම තමයි කියලාZ දැන් දෙදෙනාටම තේරෙනවා තමුන් ව්‍යාපාරේ බව.

පහරදීම සඳහා සංඝාරාමයේ රැස්වීම තිබුණේ මිනිපේ සෝභිත හාමුදුරුවන්ගේ කාමරේ. මට පියතිලක මගින් ප්‍රහාරය ගැන ආරංචි උනා. ශිෂ්‍ය අංශය මගින් ප්‍රාහාර කීපයක් සංවිධානය කරලා තිබුණා. පනාගොඩ හමුදා කඳවුරට පහර දීමට, යාපනය හිරගෙදර කඩා විෙජ්වීර බේරා ගැනීමට. අගමැතිනිය (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව) අත් අඩංගුවට ගැනීමට යනාදී වශයෙන්.

සිරිමාවෝ මැතිණියගේ ආරක්ෂකයෙක් හිටියා සාජන්ට් පෙරේරා කියල ආමි එකේ. ඔහු අපට එකතුවෙලා හිටියේ. 1971 අප්‍රේල් 4 වෙනිදා රාත්‍රි වැඩ මුරයට ඔහු නම දාගෙන, ශිෂ්‍ය අංශයේ පිරිස බලාපොරොත්තුව ඉඳලා තියෙනවා. පනාගොඩ කෑම්ප් එකේ සැලැස්ම කැප්ට්න් කුලරත්න හරහා එයාගේ මල්ලී චන්ද්‍රනාත් ලබා දුන්නා. කැප්ටන් කුලරත්න අප්‍රේල් 4 කාර් එකක කිරුළපන පාලම ළඟ හිටියා. යාපනයට යාමට පියතිලක ප්‍රමුඛ කරාටේ සැම්සන්, පියසේන, වනිග බන්දු ක්‍රියා කළා.

මට පැවරී තිබුණේ තුම්මුල්ල හන්දියේ යුද හමුදාපති නිල නිවසට ගිහිල්ලා යුද හමුදාපති සේපාල ආටිගලව අත් අඩංගුවට ගැනීමට. මේ සඳහා 25 ක පමණ පිරිසක් හිටියා. අපට පිස්තෝල චීනච්චට්ටි බෝම්බ 20 තිබුණා. මේ ප්‍රහාරයට බමුණුසිංහ, කේ. ජයසේන, අනුරාධපුරයේ පොඩි සෙනෙවි, රුවන්වැල්ලේ විලියම්, එහෙම යාමට නියමිතව සිටියා.

අප්‍රේල් 5 වෙනිදා හවස 6 ට විතර මට මතක හැටියට ඔස්මන්ගෙන් පණිවිඩයක් ලැබුණා. ප්‍රහාරය නවත්වන්න කියලා. ඒ නිසා නියමිත ප්‍රහාරය සිදු කළේ නැහැ. කොළඹ හොඳට මුර. අපි සංඝාරාමයේ හිටියේ. කට්ටිය ආපසු යැවීමත් ප්‍රශ්නයක්. ඒ අයට දැනුම් දුන්නා තම තමන්ගේ ගම් වලට ගිහිල්ලා සටන්වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව පිරිස විසිරුනා. පොඩි සෙනෙවි අනුරාධපුරයට ගියා. මම සංඝාරාමයේ නතර උනා.

අප්‍රේල් 8 දින මුළු දවසම ඇදිරි නීතිය. එදා තමයි කටුනායකට ගුවන් මගින් ආයුධ ආවේ. මම ඇතුළු පාරවල්. ගුරුපාරවල් ඔස්සේ ඇඹුල්දෙණියට ගියා. මහරගම පැත්තේ ගෙදරක නැවතිලා ඉදලා 71 මැයි මාසයේ මුල් සතියේ දී දිවුලපිටියට ගියා. දිවුලපිටියේ මේ වෙනකොට රහසිගත කඳවුරක් තිබුණා. මේ කඳවුරේ අපගේ සාමාජිකයන් 50 විතර සන්නද්ධව හිටියා. චුකී ප්‍රේමරත්න, උයන්ගොඩ  ගාන්ධි, එහෙම හිටියා මතකයි. 

අපි සැලසුම් කළා දිවුලපිටිය පොලිසියට පහරදෙන්න. මේ අවස්ථාවේදී වයසක මිනිහෙක් ඔත්තු බලන්න ආවා. ගාන්ධි මේ මිනිහා අත් අඩංගුවට අරගෙන පහර දුන්නා. අපි මැදිහත් වෙලා ඔහුව නිදහස් කළා. පසුව මේ පුද්ගලයා පොලිසියට කඳවුර පිළිබඳ තතු කියලා තියෙනවා. 

මැයි 10 වෙනිදා විතර කඳවුර වටකරලා පොලිසිය, ගුවන් හමුදාව, පහර දුන්නා. අපේ පිරිස සී සී කඩ විසිරිලා ගියා. පලා යන සාමාජිකයන් ගම්මු අල්ලලා ගස් බැඳලා පොලිසියට බාර දෙනවා. මම පස්දෙනෙකු සමග පොල්වත්තක් හරහා දිව ගියා. එතකොට ගැමියන් අපිව අල්ලා ගැනීමට පැන්නා. මේ අවස්ථාවේ දී මගේ අතේ තුවක්කුවක් හා චීනච්චටිටි බෝම්බයක් තිබුණා. මම ඒක පෙන්නලා ගැමියන් බියට පත් කෙරෙව්වා.

ගම්මුන්ගෙන් මිදුණු අපි රෑ ගත කළේ පොල්වත්තක. උදේ තුවක්කුව සඟවලා හුණුමුල්ල සෙන්ට්‍රල් එක ළගට ඇවිත් බස් එකක නැගලා ජා ඇලට ගියා. මැයි 16 මම අම්බලන්ගොඩ මගේ නිවස බලා පිටත් උනා.
කඳවුරේ හිටපු අනිත් අය ගැන තොරතුරු ලැබුනේ පසුව. චූකී විල්පත්තු ගිහි්ල්ලා. ගාන්ධි කඳවුරේ හිටපු එකම කාන්තා සාමාජිකාව එක්ක වෙස්වෙළාගෙන ගිහිල්ලා තියෙනවා. ඔහුගේ බිරිඳගේ නිවසට. අතරමගදී තේ බොන්න කඩයකට ගොඩ වැදුණු විට කඩේ මුදලාලිට සැක හිතිලා තියෙනවා. ගෑණු සාමාජිකයා කලිසමක් ඇඳගෙන. ඊට උඩින් සාරිය ඇඳගන. ඉඳලා තියෙන්නේ. තේ බොන්න වාඩි උනාම සාරියට යටින් කලිසම මුදලාලි දැකලා තියෙනවා. මුදලාලිගේ ඔත්තුවට පොලිසිය ගාන්ධිව අත් අඩංගුවට අරගන මීගමුව පොලිසියට ගෙනල්ලා මරාදාලා තියෙනවා. 

(මෙම කාන්තා සාමාජිකාව මීගමු ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරක 1971 දී සිටි බව චූකී ප්‍රේමරත්න මහතා මා සමග 9.2.09 දින දුරකතන සංවාදයේදී ප්‍රේමරත්න මහතා මා සමග පැවසීය  මේ අනුව ඇය තවමත් ජීවතුන් අතර සිටිනවා විය හැක. ඇයගේ නම ලීලාවතීය. පන්නල විසු ගාන්ධිගේ බිරිඳගේ නිවසේ ඇය නැවැත්වීමට යන විට ගාන්ධිව අත් අඩංගුවට ගෙන තිබේ. ගාන්ධි දිවුලපිටියේ පදිංචි රජයේ රැකියාවක් කළ අයෙකු බව චූකී ප්‍රේමරත්න මහතා පවසයි. ඇය පිළිබඳව පියසිරි කුලරත්න මහතාගේ zතක්සලාවක් වූ සිපිරිගෙයZ කෘතියේදී සඳහන්වන අතර පැපොල සැදී අසනීපයෙන් දිවුලපිටිය පොල්වත්තක තිබූ කඳවුරේ සිටි සාමාජිකයන්ට කොත්තමල්ලි තම්බා දීමෙන්ද, ආහාර පිසීමෙන්ද, ඇය සහය වූවාය. කත_ෘ )

මම අම්බලන්ගොඩ ගියේ 1971 අප්‍රේල් 16 දින. ඉන් දින දෙකකට පසුව අප්‍රේල් 18 දින මාව අත්අඩංගුවට ගත්තා. කෙලින්ම ගෙන ගියේ අම්බලන්ගොඩ පොලිසියට. කිසි පහර දීමක් කළේ නැහැ. අප්්‍රල් 20 දා මාව සී.අයි.ඩී. එකේ 4 වෙනි තට්ටුවට ගෙන යනු ලැබුවා. ප්‍රශ්න කළේ එච්, වයි. ද සිල්වා මහතා. ඔහු ධර්මාශෝක විදුහලේ හිටපු ගුරුවරයෙක්. නිසා තරුණයන්ගේ සිතිවිලි තේරුම්ගත් කෙනෙක්. 71 අපේ සාමාජිකයන් පොලීසිය හා සී අයි ඩී පහරදීම් පිළිබදව අතිශයෝක්තියෙන් කරුණු කියනවා. ඒ වගේ පහරදීම සිදුවුවානම්  මිනිසෙක් ජිවත් වෙයිද කියන එකක් සැකයක්. වීරත්වය ආරෝපණයට, ආරක්ෂක අංශවල කෘෘරත්වය හුවා දැක්වීමට, තමන් පරහදීම් වලදී බිඳ නොවැටුණු බව පෙන්වීමට, ඇතැමෙකු ප්‍රබන්ධ කරනයේ යෙදෙනවා. එහෙත් සත්‍ය මිසක ඇයි අපි ව්‍යාජය හුවා දක්වන්නේ.

මම රහස් පොලිසියට යනකොට මිනිපේ සෝභිත, භද්දිය සාදු. පොල්වත්තේ රාහුල, ප්‍රකාශ දීලා තිබුණේ. ඒ ප්‍රකාශවල මා ගැන හෙළි දරව් කරලා. ඒ නිසා සී අයි ඩී එක මගේ ක්‍රියා ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. මාව මාස 1 සීඅයිඩී එකේ රඳවාගන හිටියා. ඊට පස්සේ මැගසින් බන්ධනාගාරයට ගෙනාවා. නඩුවේදී මට අවුරුදු 7ක සිර දඩුවමක් ලැබුණා. මම නිදහස් උනේ 1977 දී. මම විවාහ උනේ හිරේ ඉන්න කොටදී. ඒ 1976 දෙසැම්බර් 30 මම පියසිරි කුලරත්න, නයනානන්ද විෙජ්තිලතිලක එක දවසේ බන්ධනාගාරයේදී විවාහ උනා. අපි හිරේ ඉන්නකොට අපගේ තරුණ වයස ගෙවී ගන යනවා. නිකමට වගේ අපි ඉල්ලීමක් කලා රජයෙන්, අපට විවාහ වීමට ඉඩදෙන්න කියලා. අපගේ පුනරුත්ථාපනය සාර්ථක බව පෙන්නන්නත් එක්ක රජය මීට එකඟතාව දෙන්න ඇති. විවාහය සීමා උනේ අත්සනට විතරයි. මධු සමයක් තිබුණේ නැහැ. කෙටි සංකේතාත්මක උත්සවයකින් පසු යලිත් අපි තිදෙනා සෙල්වලට ගියා.

1974 දෙසැම්බර් වෙනකොට මම ව්‍යාපාරයෙන් වෙන්වෙලා. ඒක සිදු උනේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් උඩ, විෙජ්වීර මට කිව්වේ පොඩි පුතා කියලා. ඔහු තුල විශ්වාසයක් තිබුණා යළි මම ඔහුට එකතු වෙයි කියලා. ඒත් එ දේ සිදු උනේ නෑ. නිදහස් වෙලා ඇවිල්ලා මම සර්වෝදයේ වැඩ කලා. අපි හිරේ ඉන්න කොට සර්වෝදය විසින් විවිධ වැඩ සටහන් කරනු ලැබුවා. මම හිරේ ඉන්න කොට මගේ උපාධියේ වැඩ අවසන් කරලයි තිබුණේ. ඒ නිසා මම අධ්‍යාත්මික වශයෙන් වැටුණේ නැහැ. 1980 මාර්තු දක්වා සර්වෝදයේ මම හිටියා. ඊට පස්සේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක වැඩ කළා. දැන් මහාහාර්ග අමාත්‍යාංශයේ සේවය කරනවා. 

71 අරගල අසාර්ථක වීමට විශේෂ හේතු බලපෑවා. මොරාල් එක විතරයි තිබ්බේ. වෘත්තීය පුහුණුවක් තිබුණේ නැහැ. සාමාජිකයන් තුළ තිබූ ඌන දැනුමත් එක හේතුවක්. උදාහරණයක් ලෙස ඛෙන්තර හෝටලය ඇමෙරිකානු යුද මධ්‍යස්ථානයක් කියල කියපු සාවද්‍ය අදහස සාමාජිකයෝ පැකිලීමක් නැතිව විශ්වාසය කළා. ඒ අනුව හිතන්න පුළුවන් ඔවුන්ගේ විචාර බුද්ධියේ සවභාවය. ව්‍යාපාරය තුළ ජාතිවාදී පැත්තක්, විදේශිකයන්ට බිය තත්වයන්ද, නොතිබුනා නොවේ. ඒ වගේම භද්දියලා වගේ අති ධාවනකාරි කෘෘර චරිතත් හිටියා. හිරේදී මතවාදයන්ට එකඟ නොවන චරිත 71 අරගලය දින්නා නම් උඩට ඒමේ සම්භාවිතාව තිබුණු බව අමතක නොකළ යුතුයි. ඒක හරියට සෝවියට් විප්ලවයේන් පසු බේර්යා වගේ බිහිසුණු වධකයන් ඉස්මතුවීම වගේ දෙයක්. මේ අනුව පොල්පොට්වාදී ක්‍රමයක් බිහිවෙන්න ඉඩ කඩ තිබුණා.

මම භද්දිය ගැන කිව්වේ ඔහුව හෙළා දකින්න නොවෙයි. ඔහු තුල හොඳ ගතිගුණත් තිබුණා. ඒ වගේම වධකයෙකුත් ඔහු තුළ හිටියා. මට මතකයි 1970 විතර සමගි පෙරමූණ ජය ලැබුවාහම මිනිස්සු ලේක් හවුස් එක වට කළා. භද්දිය සිවුර පිටින් ලේක් හවුස් ගොඩනැගිල්ලේ යකඩ බටයකින් බිමට බහිනවා. මේ වගේ දුර දිග නොබලා ආවේගයට මුල් තැන දීපු ක්‍රියා කරපු චරිත 71 දී ව්‍යාපාරය තුළ සිටියා. ඒ නිසා එවැනි පූද්ගලයන් සමග සන්නද්ධ අරගලයකට අවතීර්ණ වීමේදී පාළනයක් නැහැ. අයාලේ යාමක් තමයි දකින්නට තියෙන්නේ. එය විනාශයේ කෙළවර දක්වා දිග්ගැසිය හැකියි. ඒ වගේම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටළු බලන්න. ඩලස් අලහප්පෙරුම යුක්ති ගරුක, සදාචාරාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට බැස්සා. ඔහුගේ ක්‍රමය සමාජගත වීමට ඔහුගේ පක්ෂයේ නායකයන් පවා දිරිදුන්නේ නැහැ. මනාප ක්‍රමය තුල ආයුද, මුදල්, මැරබලය සංසරණය වෙනවා. මෙයට ප්‍රජාතන්ත්‍රවාදී කියාගන්නා දේශපාලකයන්ද ආශිර්වාද කරනවා. මේ නිසා වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනය මට විපරිතයක්.







Saturday, December 26, 2015

රතිඤා ගුටි



සාමාන්‍ය පෙළ විභාගය තිබූ 1982 වසර දෙසැම්බරයේ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා එලියට බසින විට රතිඤා  පත්තු කොට විභාග ශාලාවට විසි කරමු යැයි ලාල් රූපතුංග යෝජනා කලේය​. ලියනපතිරණ එම යෝජනාව ස්ථිර කල අතර අවසාන විභාගට පෙර රතිඤා  හා බට්ටන් කීපයක් සාක්කු වල දමාගෙන ඔවුන් විභාග ශාලාවට ගියහ​. 

බැලූ බැලිමට මෙය සහාසික ත්‍රස්තවාදී ක්‍රියාවකි. නමුත් එකල කොල්ලන්ට මෙය මහා ආතල් එකක් විය​. රතිඤා  ක්‍රියාදාමයට මම මඳක් බිය වූවද එය අමුතු අත්දැකීමක් වන නිසා නිහඞව කොල්ලන් කරන්නේ කුමක්දැයි බලා සිටියෙමි. 

අවසාන දිනයේ අවසාන විභාග ප්‍රශ්න පත්තරයට උත්තර ලියා අප සමූහයක් වශයෙන් එලියට බැස්සෙමු. අපගේ විභාගය තිබුනේ ක්‍රිකට් ලකුණු පුවරුව අසල දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේය​. ලාල් රූපතුංග රතිඥාවක් පත්තු කිරීමට උත්සහ දරන විට ලියනපතිරණ රතිඤාවක් පත්තු කොට පහත මාලයට විසි කලේය​. එය බෝම්බයක්  මෙන් මහ හඬක් නගා පිපුරුනේය​.  

පිපුරුම් හඞත් සමගම විභාග අවසානයත් සමග කොල්ලන් කුමන මදාවි වැඩක් කරත් දැයි බැලීම සඳහා කලින්ම පැමිණ සිටි ජයවර්ධන සර් පහත මාලයේ සිට ඉහල මාලයට යන තරප්පු පේලිය අසලට පැමිනියේය​. ඒ අතරවාරයේ රතිඤා ව පත්තු කිරීමට පහත් වී සිටි ලාල් වහාම රතිඤාව මේසය අස්සේ ගසාගෙන අහිංසකයෙකු මෙන් අනේ සර් තව පොඩ්ඩෙන් මගේ කලිසමත් පිච්චෙනවා කියා කලිසම් වාටිය ගසා දැමුවේය​. 

මම සිටියේ ලාල්ට පසුපසිනි. ඒ නිසා රතිඤාකරු මා යැයි සැක කල ජයවර්ධන සර් මාව කන් කෙටියෙන් අල්ලාගෙන ගොස් විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාට භාර දුන්නේය​. විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා සිටියේ කෝපයෙනි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ නාලන්දේ නම්බුව කෑවා කියා හොඳ පොල් ටොක්කක් ඇන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා විද්‍යාගාරයේ තෙවන මහලේ පිහිටි විදුහල්පති කාර්‍යාලයට මා රැගෙන ගියේය​. ඒ අතර මාව විදුහලෙන් අස් කරන බවටද කීවේය​.  

ගුටි වලින් සහ බියෙන් තෝන්තුවී සිටි මා රතිඤාව දැම්මේ මා නොවේ යැයි කීවෙමි. නමුත් ඒ බවට කන් නොදුන් ධර්ම ගුණසිංහ මහතා පියාගේ සහ මවගේ රැකියාවන් මොනවාද කියා ඇසීය​. මගේ මව විදුහල්පතිනියකි.  ධර්ම ගුණසිංහ මහතා ඇයව දන්නේය​. මම මවගේ නම කියූ විට ධර්ම ගුණසිංහ මහතා මඳක් සන්සුන් වී මගේ කතාවට සවන් දුන්නේය​. මා රතිඤාව නොදැමූ බව කීවත් එය දැමුවේ ලියනපතිරණ කියා පාවා නොදුන්නෙමි. නමුත් මේ ගාලගෝට්ටිය අව්අස්සේ විදුහල්පති කාර්‍යාලට පැමිණි අපගේ පන්තියේ සිසුවෙකු වූ සමන් ධම්මික නොහොත් මොරේ  රතිඤාව දැමුවේ මම නොව ලියනපතිරණ බව කීවේය​. මේ නිසා මට ඇප ලැබුණි. එසේම පාවා දෙන්නාගේ භූමිකාවෙන් ද මම මිදී ගියේය​. 

මේ අතර ලියනපතිරණ ස්ථානයෙන් මිදී පළා ගොස් තිබුණි. එ ම නිසා ලබන වාරයේ නඩුව අසන බව විදුහල්පතිතුමා පොරොන්දු විය​. එහෙත් අපොස සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසු  ප්‍රතිඑල එනතෙක් සිටින මාස දෙක තුනෙන් පසු යළිත් උසස් පෙළ කිරීම සඳහා පාසලට ගියද නඩුව යළි විභාග වූයේ නැත​.  මම ජීව විද්‍යා අංශයට ගිය අතර ලියනපතිරණ වානිජ අංශයට ගියේය​. ඒනිසා අප දෙදෙනා මුණ ගැසුනේම නැත​. පාසල් අධ්‍යාපනයෙන් පසු ලියනපතිරණ පොලිසියට බැඳුනි. 2006 දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී මට ලියනපතිරණ හමු විය​. ඔහු වෙනුවෙන් මම ගුටිකෑම ගැන ලියනපතිරණ මට කණගාටුව ප්‍රකාශ කලේය​. වසර 24 පසුව ලියනපතිරණ ගේ සමාව මම භාරගතිමි. 

Friday, December 25, 2015

කොනක්කැපූ බණ්ඩාර



අද මෙන් එදා මුස්ලිම් සිංහල භේදයක්, නොතිබූ අතර මුස්ලිම් වෛද්‍යවරු සහ අප ඉතා සහෝදරත්වයෙන් කටයුතු කලෙමු. හලාවත රෝහලේ වෛද්‍යවරයෙකු වූ රිස්වි සැමදෙනාගේම මිතුරෙකි. නමුත් ඉඳ හිට අප රිස්විව බයිට් කලෙමු. නමුත් ඔහු ඒ ගැන උරණ වූයේ නැත​. 

වරක් නිර්වින්දන වෛද්‍යවරියක් වූ නන්දනී පුස්තකාලයෙන්  පොතක් ගෙනවිත් තිබුණි. එහි නම කොනප්පු බණ්ඩාරය​. මෙම පොත වෛද්‍ය ජගත් අරගෙන ගියේය​. මම ජගත් ගෙන් එය ඉල්ලාගත්තෙමි. මගෙන් එය වෛද්‍ය ඈපා ගත්තේය.මෙසේ පොත අතින් අත ගියේය.  පොත පුස්ථකාලයට දීමට ප්‍රමාද වන නිසා එය වහා ගෙනත් දෙන ලෙස නන්දනී ජගත්ට කීවේය​. ජගත් එය මගෙන් ඉල්ලීය මම එය  ඈපාගෙන් ඉල්ලුවෙමි ඈපා එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​, ඔහු එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​. මෙසේ පොත මහා රවුමක් ගොස් අවසානයේදී   රිස්විගේ අතින් පොත මතු විය​.

මේ ගැන වරක් අප ශල්‍යාගාරයේදී කතා කලෙමු.  කොනප්පු බණ්ඩාර පොත ගිය දුර ගැන කථා කරමින් සිටියදී ඈපා රිස්විව  කොනක්කැපූ බණ්ඩාර  ලෙස නම් කලේය​. රිස්විව ඊට කෝප ගත්තේ නැත​. එදා සිට රිස්වි කොනක්කැපූ බණ්ඩාර විය​. 

රිස්වි විවාහ විය ඔහු අප සියළුදෙනාට ආරාධනා කලේය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා සමග අප රිස්විගේ මගුලට ගියෙමු. එය  අප බොහෝ දෙනාගේ මුස්ලිම් විවහා මගුලකට ගිය ප්‍රථම අවස්ථාව විය​. ඉතා හොඳ යාලුවෙකු වූ රිස්වි පසු කාලයක ජයවර්ධනපුර රෝහලට මාරුවී ගියේය​. 

Wednesday, December 23, 2015

අප්පා උඹේ හොර දෙටුවා




අප්පා උඹේ හොර දෙටුවා 
පිස්තෝලෙන් වැඩ කෙරුවා 
කප්පම් ටික ගහ ගත්තා 
කොලොන්නාවම  කෑවා 

අම්මා හරිම කුණකටුවා
ගෙදර ඉඳන් බත් ඉව්වා 
ජනාධිපති උපදේශිකා කියා 
මරා ඉතින් පත් කෙරුවා 
ඒ හින්දා දුවේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි......

කන්ද උඩින් මම යන්නේ
ඩිෆෙන්ඩරෙන් ගෙනියන්නේ 
පැහැරගෙනයි මේ යන්නේ 
මේසෙ උඩයි නඩු ඇහුවේ 

යහ පාලන මිනිසුන්නේ
බලාපියව් මේ කරුමේ 
මඟ බලමින් අර ඉන්නේ 
මාමා උඹේ බලපන්නේ.....

බැංකුවක් කැඩුවෙමි

 





මෙය පාපෝච්චාරණයක් නොවේ. එහෙත් මම සත්‍ය නොවලහා ප්‍රකාශ කල යුතුය​.මම සිටියේ ඉතා දුෂ්කර තත්වයකය​. එම නිසා මට වෙනත් විකල්පයක් නොවීය​. මම බැංකුව  කැඩුවෙමි. බැංකුවක් කැඩීම බරපතළ වරදකි.බැංකුවක් කඩා වසර දහයකට සිපිරිගෙට ගිය අයෙකු ගැන මා දනිමි. මම බැංකුව කැඩුවේ මාගේ පුද්ගලික අවශ්‍යාතාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් එය එසේ සාදාරනීකරණය කළ හැකිදැයි මම නොදනිමි. 

මේ කතාව අසා ඔබට මා වරදකරුවෙක්ද යන්න නිගමනය කල හැක​. මෙම සිද්ධිය අතීතයේ වූ සිදුවීමක් නිසා මම පොලිසියට බිය නොවෙමි.  මට නීති මගින් ක්‍රියා කිරීමට ඇති හැකියාවද අවමය. නමුත් මම සත්‍ය පවසමි. බැංකුව කැඩුවේ මාය​. ඒ මගේ අතින් සිදු වූ ප්‍රථම සහ අවසාන බැංකු කැඩීමයි. 

වේලාව අළුයම තුනට පමණ විය​. මුළු නගරයම සුවසේ නිදයි. අඳුර නිසා කිසිවෙකු දකින්නට නැත​. මගේ සහායකයා විදුළි පන් දමක් අල්ලාගෙන සිටියි. එම එළියෙන් මට බැංකුවේ දොරට දමා තිබෙන යකඩ ඉබ්බා පෙනෙයි. මම අතේ තිබූ යකඩයෙන්  ඉබ්බාට වේගවත් පහරක් දුන්නෙමි. රාත්‍රී නිහඞතාව බිඳ ගෙන විශාල ශබ්දයක් උත්පාදනය විය​. ආරක්‍ෂක නිලධාරීන් පෙනෙනෙ තෙක් මානයක නැත​. ඔවුන් නිදාගෙන හෝ නැතහොත් තම නිවෙස් වලට ගොස් තිබෙනවා විය හැකිය​. කිසිවෙකු පැමිනියේ නැත​. එම නිසා මට මානසික ඒකාග්‍රතාව තබා ගැනීමට හැකි විය​. 

මම යළිත් වරක් ඉබ්බාට වැරයේ පහර දුන්නෙමි. යලිත් වරක් අර දෝංකාර නාදය ආවේය​. පෙනෙන තෙක් මානයක කිසිවෙකු දකින්නට නැත​. මුළු මාතලේ නගරයම තද නින්දක ගැලී සිටියි. එම නිසා මම වැරයේ තවත් පහරවල් නොකඩවා එල්ල කලෙමි. අවසානයේදී ඉබ්බා කැඩී ගියේය​. මම සෙමෙන් සෙමෙන් බැංකුවේ දොර ඇරියෙමි.  මම බැංකුවේ බිත්තියක තිබූ ස්විචය ක්‍රියාත්මක කොට විදුළි බුබුල දැල්වූයෙමි. බැංකුව ආලෝකමත් විය​. 

මම බැංකුව පීරා මට අවශ්‍ය දේ සෙව්වෙමි. අවසානයේදී එය මට සමු විය​. ඉතා අනර්ඝ ඕ නෙගටිව් රුධිර ෆ්ලැකෝනය මා ඉදිරියේ විය මම එය අතට ගත්තෙමි.  රුධිර ෆ්ලැකෝනය අතට ගත් මා එක එල්ලයේම ශල්‍යාගාරයට දිව ගියේ අසාධ්‍ය රෝගියාට රුධිර පාරවිලනය කිරීමටයි. මගේ වෑයම නිසා රෝගියාගේ දිවි ගැලවුනේය​.

 ( 1994 වසරේ මාතලේ රෝහලේ ලේ බැංකුව භාර නිලධාරියා ලේ බැංකුවේ යතුර අමතක වීමක් නිසා ගෙදර ගෙන යන ලදි. රාත්‍රියේ රෝගියෙකුට රුධිරය අවශ්‍ය වූ අතර ලේ බැංකුවේ යතුර නොමැති නිසා ලේ බැංකුවේ දොර කඩා අවශ්‍ය රුධිර වර්ගය ලබා ගන්නා ලෙසට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා මට උපදෙස් දුන්නේය​)

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, December 22, 2015

තාත්තාගේ රස්සාව මොකක්ද ?




අපේ කාලයේ ගුරුවරු සමහරක්  ළමයෙකුට දඞුවම් වශයෙන් පහර දීමට පෙර තාත්තාගේ රස්සාව මොකක්ද ? කියා විමසූහ​. පියාගේ රැකියාව මත ගුටි වල තීව‍්‍රතාව රඳා පැවතුනි. 

නිතරම වැරදි වලට අසු වන සකලසූරියගෙන් පියාගේ රැකියාව කුමක්ද යැයි විමසූ විට ඔහු සුපයිසර් කීවේය​. සකලසූරියගේ පියා සේවය කලේ වරායේය​. ඔහු වරායේ සුපවයිසර්වරයෙකි.  වරක් නිශාන්ත නම් සිසුවාගෙන් පියාගේ රැකියාව ගැන විමසූ විට ඔහු කීවේ තාත්තා කොන්ත්‍රත් අල්ලනවා කියාය​. මෙම කියමන කොල්ලන්ට මහත් විනෝදයක් විය​. සමහරු කොන්ත්‍රත් එකේ කොතනින් ද උඹලගේ තාත්තා අල්ලන්නේ කියා විමසූ විට නිශාන්ත කෝප ගත්තේය​.   

පියාගේ රැකියාව ගුරු වෘත්තිය වැනි අහිංසක රැකියාවක් නම් ගුටි මුරයක්ම ලැබුණි. මුණසිංහගේ පියාගේ රැකියාව විමසූ විට තාත්තා බොරැල්ලේ හෝටලයක් කරනවා කියා කියූ නිසා උක්ත ගුරුවරයා මුණසිංහට ගුටි නොදී තරවටුවක් කොට වාඩි වෙන ලෙස කීවේය​. ඇත්ත වශයෙන්ම මුණසිංහගේ පියා බොරැල්ලේ හෝටලයක් කලේය​. හතර වසරේ සිටියදී මුණසිංහ දවල් කෑමට මාව පියාගේ හෝටලයට ගෙන ගියේය​. එදා අප දෙදෙනා කහ බත් , එළු මස් සමග අනුභව කොට අතුරුපසට ලොකු අයිස්ක්‍රීම් එකක්ද කෑවෙමු.   

පියාගේ රැකියාව පොලිසියේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් ගුටි ලැබීම සාපේක්‍ෂ වශයෙන් අඩු බව අපට වැටහුණි. කාවින්ද ගේ පියාත් මවත් දොස්තරලාය​. නමුත් කාවින්ද කලේ මැරෑටි වැඩය​. මේ නිසා මනෝජ් නීලාංග කාවින්දට කවියක් කීවේය​. එය මෙසේය ; අම්මත් දොස්තර තාත්තත් දොස්තර පුකේ පැලැස්තර ..... මේ කවිය ඇසූ කාවින්ද මනෝජ් නීලාංග පස්සේ පැන්නුවේය​. (පසු කාලයක නීතීඥයෙකු වූ මනෝජ් නීලාංග එක්සත් ජාතික පක්‍ෂයෙන් බොරැල්ල ආසනයට ඉල්ලුවේය​. වර්තමානයේ ඔහු ඕස්ටෙ‍්‍රලියාවේ ජීවත් වෙයි). 

වරක් එක් අහිංසක පහේ කොළුවෙක් වරදකට අසු විය​. කොළුවාට වේවැල් පාර දීමට පෙර තාත්තාගේ රස්සාව මොකක්ද ? කියා ගුරුවරයා ඇසීය​. අහිංසක වූවද කපටියෙකු වූ කොල්ලා තාත්තා පංචිකාවත්තේ කාර් පාට්ස් විකුණනවා කීවේය​. ගුරුවරයාට සැකයක් ආවේය. කොල්ලාගේ පෙනුම අනුව ඔහුට පංචිකාවත්තේ ලක්‍ෂණ නොතිබුණි. ඔහුගේ පියා මධ්‍ය මහා විද්‍යාලයක  ගුරුවරයෙකි. ගුරුවරයා කෝපවී උඹලා අපිව බය කරන්න හදනව නේද කියා තව වැඩිපුර වේවැල් පාර හත අටක් කොළුවාට දුන්නේය​. 

Monday, December 21, 2015

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ?





පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ? 

(සංවාදයට විවෘතයි )























Saturday, December 19, 2015

71 කැරැල්ල : මහනඩුවේ 14 වන විත්තිකරු වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර





71 මහනඩුවේ 14 වන විත්තිකරු  වූ සිසිල්චන්ද්‍ර 2006 වසරේ දීි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු රෝහණ විජේවීර​ගේ කායාරක්ෂකයකු ලෙසටද කටයුතු කළේය. ඔහු විසින් 1971 ජූනි මස 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කට උත්තරය සමන්විත වන්නේ මේ ආකාරයටය.

71.6.10 සිට 71.6.13 දක්වා වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර විසින් රාජ නීතිඥ අයි.එෆ්. බී. වික්‍රමනායක මහතාට කරන ලද ප්‍රකාශයේ සාරාංශය.

වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර අවුරුදු 25 යි. රක්ෂාවක් කරන්නේ නැත. පදිංචිය අම්බලන්ගොඩ දූවේ යි. අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙන් 1964 දී අ.පො.ස. (උසස් පෙළ) සමත් වුණා. 1965 දී පාසලින් අස් වුණා. 1964 දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ පෙරමුණේ (මොස්කව් පිළේ) අම්බලන්ගොඩ ශාඛාවට බැඳුණා. එහි භාණ්ඩාගාරික වශයෙන් මා තෝරා ගනු ලැබුවා. විජේවීර​ගියේත් එම පාසලටමයි. චන්ද්‍රසේන (කලූ ලකී) ගියේ එම පාසලටමයි. 1968 සැප්තැම්බරයේදී චන්ද්‍රසේනත් මේ රටේ වාමාංශික ව්‍යාපාරය ගැන මා සමඟ කතා කොට, ඔවුන් දේශනා කරන ප්‍රතිපත්ති අවංකව ක්‍රියාත්මක නොකරන බව කීවා.

පසුව චන්ද්‍රසේන ඔහුගේ නිවසේ පැවැත්වුණු පංතියකට පැමිණෙන්නැයි මට ඇරයුම් කළා. තේමිස් (බටපොල අතුල) සහ තවත් අය ඇතුළු දහදෙනෙක් පමණ ඊට පැමිණ සිටියා. චන්ද්‍රසේනගේ ගෙදර දේශන 5කට අපි ගියා. චන්ද්‍රසේන පළමුවෙන් ආර්ථීක තත්වය ගැන දේශනයක් පැවැත්තුවා. නිදහස සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ජනක කතා කළා. චන්ද්‍රසේන හතරවැනි සහ පස්වැනි දේශන පැවැත්වූයේ වාමාංශික ව්‍යාපාරයත් ලංකාවේ විප්ලවය සංවිධානය කළ යුතු අන්දමත්
ගැනයි. 

ඒ කාලයේ තේමිස් කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිලේ) සාමාජිකයෙක්ව හිටියා. ඔහු යුද හමුදාවේ සේවය කර තිබුණා. ලංකාවේ විප්ලවය වෙන රටවල විප්ලවයන්ට වඩා වෙනස් බව චන්ද්‍රසේන කීවා. යුද හමුදාව සමඟ දිගින් දිගට සටන් කිරීමට හැකියාවක් අපට නැති නිසා මේ රටේ විප්ලවය සුළු කාලයකින් කළ යුත්තක් බව කිව්වා. මාස දෙකකට පමණ පසු තේමිස්ගේ ගෙදර සාකච්ඡාවකට මා කැෙඳව්වා. මට සනත් හඳුනා ගන්නට ලැබුණේ මෙහිදීයි. ඔහු සාකච්ඡාව මෙහෙයවූවා.

ප්‍රදේශයේ නායකයා සනත් බව පෙනුණා. තවත් වැඩි වැඩියෙන් සාමාජිකයන් බඳවා ගෙන පස්දෙනා බැගින් වූ කාණ්ඩ ඇති කිරීමට උත්සාහ කළ යුතු යයි ඔහු කියා සිටියා. සුබසීල කොඩිකාර සහ තව කිහිප දෙනෙක් මම පළමුවෙන් බඳවා ගත්තා. සුනන්ද දේශප්‍රියත් බඳවා ගත්තා. අලූත් සාමාජිකයන්ට පංති පැවැත්වූයේ සුනන්දගේ ගෙදරයි. මේ පන්තියේදී සුනන්ද එක්කර ගෙන ආ අනුර කුරුකුලසූරිය මට හමුවුණා. සනත් මේ කණ්ඩායමට දේශන පැවැත්වූවා. 

1969 ආරම්භයේදී තේමිස් සිය නිවසේ සාකච්ඡාවක් පැවැත්වීමට විධිවිධාන යෙදුවා. මෙරිල් ජයසිරි ඇතුළු 20 දෙනෙක් පමණ ඊට සහභාගි වුණා. මට පළමුවැනි වරට විෙජ්වීර හමුවුණේ මෙහිදීයි. ඔහු තම නම සඳහන් කළේ රෝහණ යනුවෙනුයි. ඔහුට උඩු රැවුලක් තිබුණා. අප බඳවා ගන්නා අය ගැන අප ඉතා පරිස්සම් විය යුතු බව ඔහු මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. අපේ සාමාජික සංඛ්‍යාව වැඩි කර ගෙන පස්දෙනා බැගින් වූ කාණ්ඩ ඇති කරගත යුතුයි. පුහුණු කිරිමේ කඳවුරක් නුදුරු අනාගතයේදී අප සඳහා පවත්වන බව විෙජ්වීර කීවා. මේ සාකච්ඡාවෙන් පසු සාමාජික සංඛ්‍යාව වැඩිකර ගැනීමටත් දේශන පැවැත්වීමටත් අප පටන් ගත්තා.

ගාල්ලේ කඳවුරක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇති බවත් රු. 5 ක්ද රැගෙන ගාල්ලේ බස් නැවතුම්පොලට අවුත් ඔහු හමුවන ලෙසත් අප්‍රේල් මාසයේදී තේමිස් මට කීවා. සුනන්දත් ආවා. තේමිස් අපව බස් රියෙන් අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්නගේ ගෙදරට එක්කරගෙන ගියා. පසුව ජ.වි.පෙ. භාණ්ඩාගාරික වූයේ ඔහුයි.

එදා රෑ සනත්, ඔස්මන්ඩ්, ටී. ඩී. සිල්වා සහ විමලගුණේ යන අය සමඟ විෙජ්වීර පැමිණියා. තැන් තැන්වල නොගොස් දින පහක් එහි අප නැවතී සිටිය යුතු බව විෙජ්වීර කීවා. විෙජ්වීර නොයෙක් විෂයයන් ගැන දේශන පැවැත්වූවා. අන්තිම දේශනය පැවැත්වූයේ විප්ලවය සඳහා සූදානම් විය යුත්තේ කෙසේද යන්න ගැනයි. විෙජ්වීර අසනීප වූ නිසා දේශනය කෙටි කළා.

කඹ දිගේ ඉහළට නැගීම, පොලූවලින් පැනීම ඇතුළු ශාරීරික අභ්‍යාස උදේ කාලයේ පැවැත්වූවා. ඒවා පවත්වන ලද්දේ උපාලි විසින්. තේමිස් සහ විමලගුණේ කරාටේ පාඩම් ඉගැන්නුවා. බෝපගේ ලයනල්ද පැමිණ සිටියා. තුවක්කු වශයෙන් කෝටු තබාගෙන ගමනේ යාමටද ඉගැන්නුවා.

මේ කඳවුරෙන් පසු කීප වාරයක් සුනන්දගේ ගෙදරදී මට විෙජ්වීර හමුවුණා. රටේ නොයෙක් පළාත්වල පන්ති පැවැත්වීම සඳහා යන අතරතුර එහාට ගොඩවී යාමටද ඔහු පුරුදුව සිටියා. බඳවා ගත යුතු වූ පුද්ගලයන්ගේ ලිපිනයන් ඔහු දුන්නා. ලොකු අතුල මහනුවර කටයුතු සංවිධානය කරන බවත් ඔහු කීවා. තමා තනමල්විල කඳවුරක් පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව 1969 අගොස්තුවේදී මට දැන්වූ විෙජ්වීර, අම්බලන්ගොඩින් පුද්ගලයන් පස් දෙනෙක්ද රැගෙන එහි එන ලෙස මගෙන් ඉල්ලා සිටියා. සුබසීල කොඩිකාර හා ආරියදාස සමඟ මා එහි ගියා.

පාරේ සිට සැතපුම් 1/3 ක් පමණ ඈත කැලෑව තුළට අප කැඳවාගෙන ගියා. 100 දෙනෙක් පමණ එහි පැමිණ සිටියා. ඒ අය අතර ඔස්මන්ඩ්, ලොකු අතුල, සෝමසිරි කුමානායක, ප්‍රැන්සිස් අබේවික්‍රම, කලූ ලකී, මිල්ටන්, පියතිලක, චුක්කි ප්‍රේමරත්න, සුසිල් වික්‍රම, අනුර කුරුකුලසූරිය, පොඩි ලකී, බටපොල තේමිස්, චන්ද්‍රසේන, ධනපාල, සනත් සහ තවත් අය සිටියා. මුල් කඳවුරේදී මෙන්ම අප ව්‍යායාම්වලද නිරත වූවා. ලොකු අතුල සහ බටපොල තේමිස් අපේ කරාටේ පන්ති පැවත්තුවා.

අතුල තුවක්කුවකින් වෙඩි තබා වඳුරන් මැරුවා. අපි ඒ මස් ඉවුවා. දෙවෙනි දින රෑ මැදිවියේ පුද්ගලයෙක් මලයාවේ ගරිල්ලා සටන් ක්‍රම ගැන තමා ලත් අත්දැකීම් ගැන දේශනයක් පැවැත්තුවා. වසන්ත කනකරත්න සිල්වා සිටියේත් මේ කඳවුරේ යි. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ කටයුතු භාරව සිටියා.

නයනානන්ද විෙජ්කුලතිලකට මා හඳුන්වා දෙන ලදුව ඔහුගේ නිවසේදී පන්ති පැවැත්තුවා. මා සනත් සමඟ   ගොස් නිමල් මහරගේ, සුසිල් වික්‍රම, චන්ද්‍රසේන, බටපොල තේමිස්, කලූ ලකී, ධනපාල සහ තවත් අය හමුවුණා. ධනපාල බස් රියෙන් ඔහුගේ ගෙදරට අප එක්කරගෙන ගියා.   එහිදී පියතිලක, ලොකු අතුල, මිල්ටන්, ඔස්මන්ඩ් ටී. ඩී. සිල්වා, පොඩි අතුල, ලක්ෂ්මන් මුණසිංහ, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, ප්‍රේමසිරි සිරිවර්ධන ආදී පුද්ගලයන් 30 දෙනෙකු පමණ අපට හමුවුණා. විෙජ්වීරද එහි සිටියා. අප සෑහෙන තරම් මහන්සි වී වැඩ කරන්නේ නැතැයි ඔහු අප විවේචනය කළා. 

පත්‍රවලට ලිපි ලිවිය හැක්කාවූත් පන්ති පැවැත්විය හැක්කාවූත් අයගේ නම් ඔහු ඉල්ලා සිටියා. කණ්ඩායමට විරුද්ධව ධර්මසේකර කටයුතු කරන බවට පැමිණිල්ලක් දැදිගම නමැත්තෙක් ඉදිරිපත් කළා. අප මහන්සි වී පූර්ණකාලීනව වැඩ කරන 250 දෙනකු පමණ බන්දවා ගෙන
අපේ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 2500 ක් පමණ දක්වා වැඩි කර ගත යුතු බව විෙජ්වීර කිව්වා. චිත්‍රපටි බැලීමෙන් සහ දුම් බීමෙන් සාමාජිකයන් වළක්වාගෙන, හැකි කවර මුදලක් හෝ ඉතිරි කර ගැනීමට ඔවුන් පෙළඹවිය යුතුයැයි ද ඔහු කීවා.

නොයෙකුත් සාමාජිකයන්ට දිස්ත්‍රික්ක වෙන්කර දී තිබුණා. ලොකු අතුල නුවර සහ බදුල්ල භාරව සිටියා. සනත්ට ගාල්ල. සුසිල් වික්‍රමට මාතර සහ හම්බන්තෙ.ාටයි. නිස්සංකට අම්පාරේය. නිමල් මහරගේට සහ ප්‍රේමපාලට කෝට්ටේය. ඔස්මන්ඩ්, ධනපාල, පියතිලක, ටී. ඩී. සිල්වා, වසන්ත යන අයට කොළඹ වැඩ කිරීමට නියම වුණා. සරත් ගුණරත්න සහ පොඩි ලකී අනුරාධපුරයේ වැඩ කළා. ධර්මස්කරට කලූතරයි. ජයසේකරට රත්නපුරය. ජයකොඩිට කුරුණෑගලය. චන්ද්‍රසිරි හේරත්ට හලාවතය. ප්‍රේමසිරි සිරිවර්ධනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ව්‍යාපාරය පුළුල් වී යත්ම පසු අවස්ථාවක මෙම වෙන් කිරීම් වෙනස් කළා.

මේ කාලයේදී විෙජ්වීර ඛෙහෙවින්ම අවධානය යොමු කළේ පක්ෂය ගොඩනගා ගැනීම කෙරෙහිය. 1969 සැප්තැම්බර් මාසයේ නැත්නම් ඔක්තෝබර් මාසයේ විෙජ්වීර, සුනන්දගේ ගෙදරදී මා හමු වී මට කීවා නන්දසිරි එම්.අයි.එෆ්. 5 භූමි භාගයේ මෝටර් රථවල අංක ලියා ගනිමින් සිටියදී එම්.අයි.එෆ්. 5 විසින් ඔහු අත් අඩංගුවට ගන්න ලද බව.

ධර්මසේකර සමඟ පැවති මතභේද සමථයකට පත් කර ගැනීම පිණිස ඉහළ පෙළේ නායකයන්ගේ සාකච්ඡාවක් මාතරදී පැවැත්වූණා. (ධර්මසේකර ස්වකීය ප්‍රදේශයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තු භාර දීමට අකමැත්තක් දැක්වූවා. ජයකොඩිත් කුරුණෑගලදී එයම කළා. 

විෙජ්වීර පූර්ණකාල සාමාජිකයන් වැඩියෙන් බඳවා ගත්තා. 1969 මාර්තු මාසයේදී සනත්, අම්බලන්ගොඩ සාමාජිකයන් කැඳවා එක් එක් පුද්ගලයා විසින් එකතු කළ යුතු දේවල ලැයිස්තුවක් අපට දුන්නා. එම දේවල් නම් තුවක්කුවක්, පතරොම් පෙට්ටි හයක්, නිල ඇඳුම්, පිහියක් පොරවක්, වතුර බෝතලයක්, හැවර් සැක් සපත්තු ආදියයි. බල්බ්, ටින්, කටුකම්බි, වෙඩි ඛෙහෙත් සහ ඇසිඩ් යනාදියත් අප විසින් එකතු කර ගත යුතු බවද ඔහු කීවා. එකතු කරගත් පුපුරන ද්‍රව්‍ය බටපොල අතුලට දිය යුතුව තිබුණා. 

ඒ ඒ ප්‍රදේශවල තිබුණු පාරවල්, පාලම්, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, රජයේ නිලධාරීන්ගේ ගෙවල්, පොලිස් ස්ථාන ආදිය දැක්වෙන කටු සිතියම්ද අප විසින් සූදානම් කරගත යුතුව තිබුණා. තුවක්කු අයිතිකරුවන්ගේ ද එ.ජා.ප. යට අධාර කරන්නන්ගේද වෙනත් පක්ෂවලට ආධාර කරන්නන්ගේද නම් ලැයිස්තුවක් පිළියෙල කර ගන්නට නියම වී තිබුණා. ජගත් ප්‍රදේශයේ සිතියමක් පිළියෙළ කළා. අමරදාස ප්‍රා.ආ.නි. කාර්යාලයේ සිටි තම යාළුවකුගෙන් තුවක්කු අයිතිකරුවන්ගේ නම් ලැයිස්තුවක් ලබාගත්තා. ටී. ඩී. සිල්වාගේ තුවක්කු බලපත්‍රය පාවිච්චි කර අමරදාසත් මාත් පතුරොම් පෙට්ටි හතරක් මිලදී ගත්තා. අපි මනෝසීල රාත්තල් 10 ක් මිලදී ගෙන ඒවා බටපොල අතුලට දුන්නා. බල්බ් සහ ටින් ද අපි එකතු කර ගත්තා.

මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී සනත් අපට කීවා ධර්මසේකර සහ ඔහුගේ කණ්ඩායම ඉවත් කරනු ලැබූ නමුත් ජයකොඩි තමා කළ වැරදිවලට සමාව ගෙන නැවතත් විෙජ්වීරට එකතු වූ බව, 

70.5.12. වැනි දින හම්බන්තොටදී විෙජ්වීර අත්අඩංගුවට ගනු ලැබුවා. ලක්ෂ්මන් මහදුවගේත් සෝමසිරි කුමානායකත් මාත් බදුල්ලේ බන්ධනාගාරයට ගියා. විෙජ්වීරව නුවරඑළියේ උසාවියට ඉදිරිපත් කරනු ලැබූ වාර හතරේදීම මා එහි ගියා. විෙජ්වීර නිදහස් කරන ලෙස බලකර සිටීමේ පෝස්ටර් දැන්වීම් පාඨ සනත් දුන්නා. 70.7.9 වැනි දින විෙජ්වීර නිදහස් කරන ලදින් තංගල්ලට ගියා. 70.7.14 වැනි දින විද්‍යෝදයේ දී මට මහින්ද විෙජ්සේකර මුණ ගැසුණා. ජවිපෙ සඳහා මුදල් එකතුකළා. දෙල්ගොඩ රාජා රු. 1000 ක් දුන්නා. මා රු. 300 ක් දුන්නා. මා ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රකාශකයා වූ නමුත් ප්‍රකාශන කටයුතු කළේ සුබසීල, මහින්ද විෙජ්සේකර, ලක්ෂAමන් මුණසිංහ, මිල්ටන්, උයන්ගොඩ සහ සෝමසිරි කුමානායක යන අයයි. ලක්ෂAමන් මුණසිංහ සහ ඔස්මන්ඩ් පත්‍රය ඛෙදා හැරීමත්, මුදල් එකතු කිරීමත් කළා.

පිටරට ගොස් ඇත්තාවූද, සුසිල් සිරිවර්ධන සමඟ පැමිණීමට නියමිත වූද විරාජ් නමැති පුද්ගලයකු හමුවීමට තමා බලාපොරොත්තු වන බව විෙජ්වීර 1970 ජූලි මාසයේදී ටී. ඩී. ගේ ගෙදරදී කීවා. අපි පොඩි ලකීත් සමඟ විමලගුණේගේ ගෙදරදී ඔහු මුණ ගැසුණා. සුසිල් සිරිවර්ධන සහ පියල් සෝමරත්නත් එහි සිටියා. නොයෙක් විදියේ විප්ලවකාරයන් සමඟ තමාගේ ඇති සම්බන්ධකම් ගැන විරාජ් විස්තර කළා. තමා කියුබානු සමාජවාදී ක්‍රමය අගය කරන බව ඔහු කීවා. සිංහල සාහිත්‍යයේත් ඉතිහාසයේත් විප්ලවකාරී අංශය ගෙනහැර පාන පොත් ලිවීමෙන් තමාට සහාය විය හැකි බව සුසිල් සිරිවර්ධන කීවා. ජ.වි.පෙ. පත්‍රයේ දෙවෙනි මුද්‍රණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තමා සුසිල් සිරිවර්ධනගෙන් රු. 1000 ක ණයක් ලබා ගත් බව පොඩි ලකී පසු අවස්ථාවක කීවා.

විෙජ්වීර හමුවීමට විරාජ් දෙවෙනි වරට පැමිණියේ අගෝස්තු මාසයේදී පැවැත්වුණු අපේ ප්‍රසිද්ධ රැස්වීමෙන් පසුව ටී. ඩී. සිල්වාගේ ගෙදරටය. 14 අපගේ ව්‍යාපාරය සහ පිටරටවල වෙනත් විප්ලවකාරී ව්‍යාපාර සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට විරාජ් ප්‍රයෝජනවත් විය හැකි බව, විරාජ් යන්ට ගිය පසු විෙජ්වීර කීවා. අපට පිටරටවලින් ආධාර ලබාගැනීම සඳහා විරාජ් පිටරටවලට යනු ඇතැයිද ඔහු කීවා.

අගෝස්තු මාසයේදී පවත්වන ලද අපගේ පළමුවැනි රැස්වීමට කලින්, (නායකයන්ගේ) රැස්වීමක් විෙජ්වීර විසින් කැඳවන ලදුව මධ්‍යම කාරක සභාවක් පත්කර ගැනීමට තීරණය කළා. නැවතත් ඔක්තෝබර් මාසයේදී, සනත්, කරුණාරත්න, ලොකු අතුල, ලක්ෂAමන් මහදුවගේ, ධනපාල, ටී. ඩී. සිල්වා, සුනන්ද, අනුර සහ මා විෙජ්වීර විසින් කැඳවනු ලැබුවා. උද්‍යෝගිමත් පූර්ණකාලීන සාමාජිකයන් පක්ෂයට තව තවත් අවශ්‍ය බව විෙජ්වීර කීවා. විප්ලවයට සූදානම් වීමේ කටයුතු දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවය ගැනද විෙජ්වීර කතා කළා. 

විෙජ්පාල, ඇලඩින් සහ පොඩි අතුල සමඟ තමා ගරාජයක අත් බෝම්බ (ගෙඩි) සාදමින් සිටි බව ලොකු අතුල කීවා. එක බෝම්බයක් සෑදීමට රු 5 ක් වැයවන බව ඔහු කීවා. බෝම්බ සෑදීමේ වියදම අඩු කිරීමට උත්සාහ ගත යුතු බව විෙජ්වීර ඔහුට කීවා. නොයෙක් දිස්ති්‍රක්කවලින් ද්‍රව්‍ය එකතු කිරීම සහ බෝම්බ සෑදීම සංවිධානය කිරීම සහ ඛෙදාහැරීම අතුලට භාර වී තිබුණු අතර, බෝම්බ සෑදීම ප්‍රධාන වශයෙන්ම භාරවී තිබුණේ පොඩි අතුලට බව සම්මේලනයේදී මට දැනගන්නට ලැබුණා.

නොවැම්බර් මාසයේදී සනත් මට රු. 5000 ක් බාරදී බෝම්බ සෑදීම සඳහා පුපුරන  ද්‍රව්‍ය මිලට ගැනීමට එය ලොකු අතුලට දෙන්නැයි කීවා. මේ මාසයේදීම ලොකු අතුලට දීම සඳහා ඔහු මට රු. 4000 ක් සහ රු. 3000 ක් දුන්නා. එසේ දුන්නේ මොණරාගල බැංකුවෙන් උපසේන ලබාගත් මුදල් බව සනත් මට කීවා.

අම්බලන්ගොඩ පදිංචි ගැහැණු ළමයින් දෙදෙනෙකු වූ, සුනන්දගේ සහෝදරියක වන කමනී සහ සම්පතී ව්‍යාපාරයට වැඩ කිරීමට අගෝස්තු මාසයේදී පොරොන්දු වී සිටියා. සිරගෙදරින් ආ පසු පැමිණි විෙජ්වීර නිතර නිතර මගේ ගෙදරට පැමිණ නැවතීමට පුරුදුව සිටියා. රැස්වීමකට දවසකට පසු, පූර්ණකාලීනව වැඩ කිරීම සඳහා කමනී සහ සම්පතී විෙජ්වීර විසින් තම නැන්දා සමඟ තංගල්ලට යැව්වා. පසුවදා මේ බව දැනගත් ගැහැණු ළමයින්ගේ දෙමව්පියෝ පොලිසියට යන බවට තර්ජනය කළා. ගැහැණු ළමයින් විෙජ්වීරගේ ගෙදරින් ආපසු කැඳවාගෙන ආවා. සම්පතී ආ නමුත් කමනී පැමිනීම ප්‍රතික්ෂේප කළා.

විෙජ්වීර නිතරම මගේ ගෙදරට ඒමට පටන් ගත්තා. ඔහු මගේ සහෝදරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි මම සැක කළා. විෙජ්වීර මගේ සොහොයුරිය වන යසෝමා සිප ගන්නවා තමා දුටු බව මගේ වැඩිමල් සහෝදරිය වන කුසුමාවතී මට කීවා. මම ඒ ගැන සනත්ට, කරුණාරත්නට සහ ලක්ෂAමන් මහදුවගේට කීවා. ගැහැණුන් ගෙන් වෙන්ව සිටින ලෙසත්, ගැහැණුන් නිසා අපේ වැඩවලට බාධා සිදුවීමට ඉඩ නොතබන ලෙසත් විෙජ්වීර අපට කියා තිබුණ නමුත් ඔහු, ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කළ බව මම ඔවුන්ට කීවා.

සනත් ඒ ගැන විෙජ්වීරගෙන් ප්‍රශ්න කළා. ඉන්පසු ඔහු අපේ ගෙදරට පැමිණියේ මා ගෙදර නොසිටි වේලාවලයි. පසුව, විෙජ්වීර මගේ සහෝදරියට ලියන ලද ලියුම් තුනක් මට හමු වුණා. ඔහු ඇය සමඟ රහසින් පැන යන බව එක ලියුමක ඔහු සඳහන් කර තිබුණා. මම මේ ගැන ලොකු අතුලට කීවා. අතුල පෙබරවාරි මාසයේදී ඔහුගේ ගෙදර (දේලගොඩ රාජාගේ ගෙදර) සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. විෙජ්වීරද පැමිණ සිටියා. අපද ගැහැණුන් සමඟ සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණු බව ඔප්පු කිරීමට උත්සාහ කළ විෙජ්වීර අපට එකමුතු වී සිටීමට නොහැකි වුවහොත් පෙබරවාරි 27 වෙනිදායින් පසුව තමා අස්වන බවද කීවා.

මාර්තු මස 6 වැනි දින විෙජ්වීර නැවතත් (නායකයන්ගේ) සම්මේලනයක් කැඳවා, පක්ෂයේ ඛෙදීමක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන ලොකු අතුලටද, රු. 1000 ක් වංචා කිරීම ගැන කුමානායටද චෝදනා කළා. තමාගේ වැඩවලට ඇඟිලි ගැසීමටත්, තමාට නොදන්වා පුපුරන ද්‍රව්‍ය ඛෙදා හැරීමටත් පොඩි අතුල යොදා ගැනීම ගැන ලොකු
අතුල විෙජ්වීරට චෝදනා කළා.

සාකච්ඡාව පවත්වන ලද්දේ ඔස්මන්ඩ්ගේ ගෙදරයි. ගෙය වැටලු පොලිසිය, වසන්ත සහ ඔස්මන්ඩ් සිර භාරයට ගත්තා. අනෙක් අය පැන ගියා. සාමාජිකයන් හමුවෙමින්, නිල ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍ය එක් රැස් කිරීමට ඔවුන් යුහුසුළු කරවමින් විෙජ්වීර තනියම දිවයින පුරා ගියේ මීට පසුවයි. විෙජ්වීර, තම්පෝ සහ ප්‍රංශ ට්‍රොට්ස්කිවාදියකු අතර රැස්වීමක් සඳහා 1970 සැප්තැම්බර් මාසයේදී හෝ ඔක්තෝබර් මාසයේදී ටී. ඩී. සිල්වා වැඩ කටයුතු පිළියෙළ කළා.

1970 ඔක්තෝබර් මාසයේ දිනකදී බෝම්බ අත්හදා බලමින් සිටියදී පොඩි අතුල හදිසි අනතුරකට භාජන වී ඔහුග් අත් දෙක කැඩී විසිවී ගියා. ඔහුගේ රෝහල් වියදම් සඳහා සනත් රු. 2000ක් දුන්නා. ලොකු අතුල සහ මම රු. 500 ක් දුන්නා.

1971 මාර්තු වල අම්පාරේදී විෙජ්වීරව සිර භාරයට ගත්තා. සිර ගෙදරදී මා හමුවීමට විෙජ්වීර කැමැත්ත පළ කළ බව කොළඹදී මා හමුවූ පොඩි ලකී මට කීවා. මම කුමානායක සහ ඔස්මන්ඩ් සමඟ ගොස් විෙජ්වීර මුණගැසුණා. මතභේද අමතක කර දමා එකමුතුව වැඩ කරන ලෙස විෙජ්වීර අපට කීවා. පක්ෂය පවත්වාගෙන යාමේ කාර්යය භාර ගන්නා ලෙසත්, පියතිලක සහ අතුල සමඟ කටයුතු කරන ලෙසත් සනත්ට දන්වන ලෙස ඔහු අපට කීවා.

සනත් මාර්තු මාසයේ 25 වැනිදා හෝ 26 වැනිදා දෙහිවල සත්තු වත්තේදී ලක්ෂAමන් මහදුවගේ, කරුණාරත්න, කුමානායක, ලොකු අතුල සහ මා මුණ ගැසුණා. අපි එදා පැවති තත්වය සාකච්ඡා කළා. බෝම්බ විශාල ප්‍රමාණයක් අසුවී ඇති බවත්, සටනක් ආරම්භ කිරීමට අපට තත්වයක් නැති බවත් සනත් කීවා. සනත්, කරුණාරත්න සහ ලොකු අතුල ඔවුන්ගේ ප්‍රදේශවලට ගොස් තත්වය සොයා දැනගෙන, තීරණයක් ගැනීම සඳහා නැවත 3 වැනිදා හමුවිය යුතු යයි අපි එකඟ වුණා.

කටයුතු ප්‍රමාද කිරීමට අප තීරණය කළ බව මම සුනන්දට කිව්වා. ඔහු අපගේ අදහසට එකඟ උනේ නැහැ. තවදුරටත් ප්‍රමාද නොවී පහරදීම ආරම්භ කළ යුතුයයි ඔහු කීවා. 71.4.4 වැනි දින අම්බලන්ගොඩදී මට මහින්ද හමුවුණා. අප 5 වැනි දින පහරදීම ආරම්භ කරනවාදැයි ඔහු මගෙන් ඇසුවා. මම බියවී සනත් සොයාගෙන ගියා. මම කොලඹ ගිය විට ඔහු ගෙදර සිටියේ නැහැ. ඒ 71.4.5 වැනි දින උදෑසනය. ටී. ඩී. සිල්වා හමුවූ මම, 5 වැනි දින පහරදීම ආරම්භ කිරීමට තීරණය කර ඇත්දැයි ඔහුගෙන් ඇසුවා. ආරංචිය තමාට ලැබී ඇති නමුත් අනෙක් අය තමාට ඒ ගැන කියා නැති බව ඔහු කීවා. පසුව මම අම්බලන්ගොඩට ආපසු පැමිණ බටපොල තේමිස් හමුවුනා.

 71.4.5 වැනි දින පහරදීමට කර ඇති තීරණය ගැන ඔහු මට කීවා. තේමිස්, සනත් හමුවීමට මා කැඳවාගෙන ගියා. පියතිලක, අනුර, සුසිල් වික්‍රම, ලකී මුණසිංහ, ලයනල් බෝපගේ, සුනන්ද, කරුණාරත්න, ලොකු අතුල යන අය සාකච්ඡා කළ බවත්, 5 වැනිදා පහරදීම ගැන වැඩි දෙනෙකු කැමති වූ බවත් සනත් මට කීවා. පහරදීමට මා විරුද්ධ නමුත් දැනටමත් තීරණයත් කර ඇති නිසා මාද ඊට සහභාගි වන බව මම සනත්ට කීවා. එදා රාත්‍රී 11.30 ට අම්බලන්ගොඩ පොලිසියට මා විසින් පහර දිය යුතු බව සනත් මට කීවා. (එදා රාත්‍රි මාදම්පේ පන්සලේ කණ්ඩායමකට සිසිල් චන්ද්‍ර එක්වුණා. ඒ කණ්ඩායම ළඟ තුවක්කු සහ බෝම්බ තිබිනි) අම්බලන්ගොඩ පොලිස් ස්ථානය පැත්තෙන් බෝම්බ පිපිරෙන හ~ක් අපට ඇසුණා.

තමන් ගිය බස් එකට පොලිසිය වෙඩි තැබූ නිසා මීටියාගොඩ පොලිසියට පහරදීම අසාර්ථක වූ බව තේමිස් අපට කීවා. අපි බටපොල කඳවුරක් පිහිටුවා ගත්තා. එය භාරව සිටියේ සනත්. අපි ගස් කපා දමා, යුද හමුදාව සහ පොලිසිය පැමිණීම වැලැක්වීම සඳහා පාරවල් අවහිර කළා. ප්‍රදේශයේ පාලනය ජ.වි.පෙ. අතට ගෙන ඇති බව ඩග්ලස් සහ ප්‍රේමතිලක විසින් ශබ්දවාහිනී යන්ත්‍රයකින් ප්‍රකාශ කළා. එහි සාමාජිකයෝ 100 ක් පමණ සිටියා. පසුව අපි කඳවුරු 3 කට ඛෙදුනා. එකක් නින්දානේද, එකක් කහටපිටියේද අනෙක ඉඳිකැටියේද පිහිටුවා ගත්තා.

නින්දාන චන්දසේනටද, කහටපිටිය අතුලටද, ඉඳිකැටිය ලක්ෂ්මන්ටද භාරව තිබුණා. එක් අවස්ථාවකදී අපි කහටපිටියේදී යුද හමුදාව සමඟ මුහුණට මුහුණලා වෙඩි තබා ගත්තා. 71.5.23 වැනි දින ඉඳිකැටියේදී කීප දෙනෙකු සිරභාරයට ගත්තා. අපි බටපොල නැවතී සිටි කාලය තුළදී ගම පුරා ගොස් ගම්මුන්ගේ තුවක්කු එකතු කර ගත්තා. අප ළඟ තුවක්කු 60ක් තිබුණා. ඌරගහ පොලිසියෙන් ගන්නා ලද රයිෆල් දෙකක්ද අපට ලැබුණා. ජනක ඒවා ගෙැනවිත් එක්කෙනාට උණ්ඩ 50 ක්ද සමඟ අතුලට සහ ලක්ෂAමන්ට දුන්නා. සනත් මුදල් ගෙන ආවා. ඒ ඇල්පිටියේ බැංකුවෙන් ගත් මුදල් බව ඔහු කීවා. ඔහු සුබසීලට රු. 27000 ක් දුන්නා. 23 වැනිදා අපි සිංහරාජ කැලයට පසු බැස්සා.

71.5.6 වැනි දින මම යටත්වීමට තීරණය කළා. අපේ සාමාජිකයන් බොහෝ දෙනෙක් අප අත්හැර යන නිසා, තේමිස් ඊට විරුද්ධ උනේ නැහැ. මා ළඟ තබා ගැනීමට සුබසීල දුන් මුදල් බාරදී ගොස් ආරකඩේ ග්‍රාමසේවකට භාර උනා. ඉවත්ව යාමට පෙර අපේ තුවක්කු අතුලට (තේමිස්) දුන්නා. මා අන්තිම වරට සනත් දැක්කේ අප්‍රෙA්ල් මස 22 වැනිදායි. සිංහරාජ කැලයේ තත්වය සොයා බැලීමට යන බව ඒ අවස්ථාවේදී ඔහු මට කීවා. ඔහු ආපසු පැමිණියේ නැහැ.

සන්නද්ධ සේවාවල අයට අපේ අදහස් කාවද්දා ඔවුන් නම්මවා ගැනීම භාරව තිබුණේ උයන්ගොඩටයි. රැස්වීම්වලදී එකතු කරනු ලදුව විෙජ්වීර විසින් මගේ සහෝදරියට දී තිබුණ මුදල්වලින් පිට පිට වෙඩි වදින තුවක්කුවක් රු. 950 කට ගන්නා ලදි. එය මිලට ගත්තේ පොඩි අතුලය. (සිසිල් චන්ද්‍ර දිස්ත්‍රික් ලේකම්ලාගේ නම් සඳහන් කරයි.)

අප්‍රේල් මස 16 වැනි දින පමණ උයන්ගොඩ සහ මෙරිල් ජයසිරි ඉඳිකැටිය කඳවුරට පැමිණ එදාම ආපසු ගියා. කොළඹදී කිසිවක් කළ නොහැකි වූ බව ඔවුන් කීවා. කොළඹ ප්‍රදේශයේ සංවිධාන කටයුතු කිරීමට යන බව කියමින් ඔවුන් ආපසු ගියා. මා මේ ප්‍රකාශය කළේ මගේම කැමැත්තෙන්.


(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්   කෘතිය ඇසුරෙනි)



Find Us On Facebook