Friday, February 26, 2016

මාතලේ භීෂණ සමය





 2012 වසරේ නොවැම්බර් මස 23 දින ජීව වායු ඒකකයක්‌ ඉදිකිරීමට කළ කැණීමකදී මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියෙන් සමූහ මිනීවළක්‌  මතුවිය. මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන  පැවසූ අන්දමට මෙම සමූහ මිනීවලෙන් හිස් කබල්  150 කට ආසන්න  සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මෙම සමූහ මිනීවලේ සත්‍ය කතාව අප තවමත් නොදනිමු.  කෙසේ නමුත් මෙම මිනීවල 1986ට පෙර එකක් නොවන බවට මිනීවල සම්බන්ධයෙන් පර්‍යේෂණ සිදුකිරීමේ වගකීම පැවරුණු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්‍ය රාජ් සෝමදේව වෘත්තීය නිගමනයක් ලබාදී  තිබෙන බවද මෙහිදී සිහිපත් කල යුතුය​. 

1988/89 භීෂණ කාලයේ මාතලේ ප්‍රදේශයේ එවකට පැවති ආණ්ඩුවේ අනුග්‍රය යටතේ ක්‍රියාත්මක වූ ඝාතන කණ්ඩායම් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් යොදවා තිබූ ඝාතයන්ද තරඟයට මෙන් මිනී මැරූහ​. මේ ඝාතන සියැසින් දුටුවන් බොහෝ කාලයක් පුරා නිහඞව සිටියහ​. 1995 කාලයේ මම මාතලේ රෝහලේ සේවය කරන සමයේ මෙම ඝාතන පිළිබඳ යම් යම් තොරතුරු මට අසන්නට ලැබුණි. 

මාතලේ රෝහලේ වාට්ටු අංක 12  හෙදි සොහොයුරිය ලෙස සේවය කළ හෙදි සොහොයුරියක වූ අළුවිහාරේ මහත්මිය භීෂණ කාලයේ ශල්‍ය වාට්ටුවේ සේවය කළාය​. ඇය පවසන පරිදි ජූඩ් නම් ආණ්ඩුවේ අනුග්‍රය යටතේ ක්‍රියාත්මක වූ ඝාතන  කණ්ඩායමක සාමාජිකයෙක් කිහිප විටක්ම දඩයම් සොයමින් මාතලේ රෝහලට පැමිණ තිබේ. එසේම වරක් ඔහු අළුවිහාරේ මහත්මියටද තර්ජනය කොට තිබේ. ඒ ආයුධ සහිතව වාට්ටුවට නොපැමිනෙන්න යැයි කීම නිසාය​. මෙම ජූඩ් නම් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ  පුද්ගලයෙකු බවද පැවසේ. මෙම ඝාතන කණ්ඩායම් විසින් මරා දමන ලද පුද්ගලයන් ඕවිලිකන්ද , කූඹියන් ගොඩ යන ප්‍රදේශ වල වලලා දමන ලද බව දැක්වේ. එසේම මාතලේ තානායම (රෙස්ට් හවුස් කඳවුර​) මෙම කාලයේ හමුදාව සහ නිල නොවන ඝාතන කණ්ඩායම් භාරයේ තිබූ අතර අත් අඩංගුවට ගත් තරුණයන් නිදහස් කර ගැනීමට පැමිණි ඔවුන් ගේ පවුලේ සාමාජිකයන්ට විශේෂයෙන් සොහොයුරියන්ට  ලිංගික අල්ලස් දීමට සිදුවී ඇත​. 

මේ සමයේ දී මාතලේ විජය විද්‍යාලයේ හා  පෝසිලේන් කර්මාන්ත ශාලාවේ  වධකාගාර තිබුණි. මෙම වධකාගාර වල ශරීර අවයව තියුණු ආයුධ වලින් වෙන් කිරීම​, විදුලිසැර වැද්දවීම , වෙල්ඩින් යන්ත්‍ර මගින් පිලිස්සීම වැනි බිහිසුණු ක්‍රියා සිදු කරන ලද බවට තොරතුරු ලැබී තිබේ.  මාතලේ දී ගොඩගත් ඇටසැකිලි අතර එක් පා අස්ථියක රැඳී තිබූ ලෝහ වළල්ලක් හමුවී තිබේ. මෙම ලෝහ වළල්ල වින්දිතයාට විදුලිසැර වැද්දවීමට යොදා ගත්තේද යන සැකය මතු කරයි. 

මේ කාලයේදී සමහර එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලකයන් නම් ලයිස්තු දෙමින් ඝාතන කිරීමට අනුබල දී තිබේ. 

ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් විසින්  මාතලේ පලාපත්වල ප්‍රදේශයේ මංකොල්ලකෑම් බොහොමයක් සිදු කොට තිබේ. මෙවැනි එක් මංකොල්ලකෑමකදී නිවැසියන් සතු සියළුම ස්වර්ණාභරණ ලබා ගෙන තිබෙන්නේ ගෘහ මූලිකයා මරා දමන බවට ඔහුගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කිරීමෙනි. මේ හේතුවෙන් මෙම පුද්ගලයා පසුව මානසික රෝගියෙකු බවට පත් වී තිබේ. 

 මේ භීම කාලයේ මනුසත් බව  අතුරුදහන් විය​. මෙහි සඳහන් වන්නේ 1988/89 භීෂණ කාලයේ මාතලේ ප්‍රදේශයේ තිබූ අමානුෂික තත්වයෙන් බිඳක් පමණි. 

38 comments:

  1. ඔය භීෂණ සමයේ ජීවත් වූ අපියි ඒකෙ රසය දන්නෙ. සමහරුන්ට මේක නිකං ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ විතරයි.
    >> අත් අඩංගුවට ගත් තරුණයන් නිදහස් කර ගැනීමට පැමිණි ඔවුන් ගේ පවුලේ සාමාජිකයන්ට විශේෂයෙන් සොහොයුරියන්ට ලිංගික අල්ලස් දීමට සිදුවී ඇත​. <<
    මේක කාලකන්නි කමෙනුත් කාලකන්නිම කෑල්ල.

    ReplyDelete
    Replies
    1. මේක සුලබ සිදුවීමක් හෙන්‍රි

      Delete
  2. රත්නපුරයේ තිබුණ කාලතුවක්කු හමුදා අනු කන්ඩයකින් රත්නපුරය, ඇබිලිපිටිය පලාත්වල තරුණයන් අතුරුදහන් කරවීම ජයටම කරා, කොළ කොටි, කහ බළල්ලු ඔක්කම පැවතිරජයේ හෙන්චයියන්ගේ අණ මත මිනි මැරුවා.

    ReplyDelete
    Replies
    1. ලලිත් ඒ කාලේ ඔයා කොහෙද හිටියේ? රුවන්වැල්ලෙමද?

      Delete
    2. ලලිත් කොහේදෝ තැනක කියලා තිබුනා රුවන්වැල්ලේ කියලා අටම්.

      Delete
  3. අසා තිබෙනවා බිඳක් ඒ භීෂනය ගැන... දවසක් එක්තරා පොලිස් නිලධාරියෙකු (මිතුරෙකුගේ පියෙක්) ගේ බඩියා මා දක්වමින් විහිළුවෙන් පැවසුවේ..." මේ රතු කොඩිය අරගෙනම බඩෙන් එලියට ආ අය.. ඒ කාලෙ අහු උනා නම් ඉතින් මාලෙ තමයි" කියායි.
    71,83,88,89 කාලයේ අපෙන් උදුරාගත් ජීවිත වල වටිනාකම පසු පරම්පරාවන් විදිහට අපට දැනෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අහු උනා නම් ඉතින් මාලෙ තමයි ////// මිනිස් ජීවිත තක්සේරුව

      Delete
  4. //මේ කාලයේදී සමහර එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලකයන් නම් ලයිස්තු දෙමින් ඝාතන කිරීමට අනුබල දී තිබේ.

    ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් විසින් මාතලේ පලාපත්වල ප්‍රදේශයේ මංකොල්ලකෑම් බොහොමයක් සිදු කොට තිබේ. //

    යහපාලනය!
    :D

    ReplyDelete
    Replies
    1. දුර්වලකම් හදාගෙන වෙච්චි වැරදි වලට අදාළ පාර්ශවයන්ගෙන් සමා කරගෙන නැවතත් උත්සහ කිරීම තුලින් නැවතත් සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙයි. ඒත් මේ ක්‍රමයෙන් ඔබලාට කවදාවත් සාර්ථකත්වය කරා ගමන් කරන්න නොහැකියි.

      කොහේදෝ ලිපියක දැක්ක සරස තුමා බොහොම උගත් බුද්ධිමත් මනුස්සයෙක් කියනා වග. ඒ නිසයි මේ ටික මෙහෙම ලියන්න හිතුවේ. තමුන් අතේ දාහක් වැරදි තියෙද්දී අනෙකාගේ වැරදි පෙන්වීම හෝඩියේ පන්තියේ ක්‍රියාවක්. ඒ වගේම දේසපාලන වාසියක් ගන්න ලැබෙන ඕනෑම අවස්තාවක නිර්ලජ්ජිත විදිහට තමුන්ගේ දේශපාලන බංකොලොත්භාවය කියාපෑම තුලින් වෙන්නේ තවතවත් දේශපාලනය තුල අනාතවීම විතරයි. ලිපියේම කොටසක් කෝට් කරලා ඊට යටින් යහපාලනය කියා දැමීම තරයේ හෙලා දකිමි.

      මමත් ශ්‍රී ලංකා කාරයෙක්.. ඒත් දාහක් වැරදි තියාගෙන අනෙකාට ඇඟිල්ලක් දික්කිරීම කිසිසේත්ම අනුමතකල නොහැකියි..

      Delete
    2. //
      කොහේදෝ ලිපියක දැක්ක සරස තුමා බොහොම උගත් බුද්ධිමත් මනුස්සයෙක් කියනා වග. ඒ නිසයි මේ ටික මෙහෙම ලියන්න හිතුවේ. තමුන් අතේ දාහක් වැරදි තියෙද්දී අනෙකාගේ වැරදි පෙන්වීම හෝඩියේ පන්තියේ ක්‍රියාවක් //

      ස ර ස තුමා වනාහී ආත්මාර්තකාමී, රටේ උන්නතිය නොව තමා ගේ පැවැත්ම ගැන සිතනා, අනුන් හට උදවු නොකරන, තම්න් හට හරියනවානම් අනුන්ට කෙලවුනත් මොකොද, තමන් ගේ අහේ පොල් පරාල නොදැක එහෙත් අනුන් ගේ ඇහේ කබ දැක විවේචනය කිරීම යන උදාර සන්කල්ප මත හැදුනු වැඩුනු නූගත් හාදයෙක් මි.

      එතුමා ගේ දර්සනය අනුව එතුමා ලියූ එක පෝස්ටුවක් ව කොමෙන්ටුවක් වත් වැරදි නම් දන්වන්න.

      Delete
    3. // මමත් ශ්‍රී ලංකා කාරයෙක්.. ඒත් දාහක් වැරදි තියාගෙන අනෙකාට ඇඟිල්ලක් දික්කිරීම කිසිසේත්ම අනුමතකල නොහැකියි.. //

      ප ලි: ස ර ස තුම ස්‍රී ලන්කා පාක්ශිකයෙකු නොවේ....
      සිරි ලන්කා නිදහ්ස් පක්සයට, මහින්දට, නාමල් ට හෝ සිරිසේනට කිනම් මට්ටමකට කෙලවුනත් ස ර ස තුමා ට කිසිම අමාරුවක් නැත. ඔහෙලා ඔහෙලා ගේ පක්සය සමග ඕනැම දෙයක් කොරගත්තාට ස ර ස තුමාට කමක් නැථ.. එහෙත් එයට ස ර ස තුමා ගාවා නොගන්න.

      Delete
    4. සරස තුමා ... හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින්න පුරුදු වෙන්න .. යහපාලනයෙන් රටට වැඩකට ඇති යමක් සිද්දවෙන එකක් නැහැ කියන මතයේ තමයි මමත් ඉන්නේ. එත් ඊට කලින් ආණ්ඩු කරපු උදවිය කරපු වැරදි දේවලුත් රටට කරපු ලොකු හානිදායක දේවල්. මැදිහත් තැනක ඉඳන් විවේචනය කරන්න කියලයි මම කියන්නේ..
      අවස්තාවාදී විචාරය ඔබතුමා ගැන කෙරුණා වූ හැඳින්වීමට ගැලපෙන්නේ නැහැ. මම කිව්වේ මේ ඔබතුමා කරලා තියන හැඳින්වීමට නෙවෙයි.. ඊට කලින් වෙනත් බ්ලොග් පොස්ටුවක තිබ්බ හැඳින්වීමක් ගැන. මම ශ්‍රීලංකා කාරයෙක් කියල කිව්වේ මගෙත් පරම්පරාවේ ඉඳන් ඉන්නේ ශ්‍රී ලංකා කාරයෝ නිසාත් ලංකාවේ ඉන්නකම් චන්දය දුන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නිසාත්. ඒත් පහුගිය කාලේ රාජපක්ෂ පාලනය ඇතුලේ සිද්දවෙච්චි දේවල් බොහොම නිර්ලජ්ජිත දේවල්. පාක්ෂිකයෙක් උනත් මට පිටකොන්දක් තියනවා එහෙම කියන්න.

      Delete
    5. // හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින්න පුරුදු වෙන්න //

      රටේ නීතිය නොකඩනා තෙක් ඔබට හරි ලෙස පෙනෙන දේ වැරදි ලෙස දැකීමට මට ඇති අයිතිය ඔබට නැති කල නොහැකිය...

      ප්‍රජාතන්ත්‍රවාදයේ මූලදර්ම ඉගෙන ගන්න.. තමන් හරි ලෙස දකින දී බලාත්කාරෙන් අනුන් ගේ පිට පටවන්න උත්සාහ කරන්න එපා!

      මුලු ලෝකෙම හරි ලෙස අද දකින දේ හෙට වැරදි ලෙස පෙනී යා හැකි බව මතක තබාගන්න!

      නැවතත් කියන්නේ ඔබ, ඔබේ පරම්පරාව, මහින්ද, චන්ද්‍රිකා, නාමල් සහ සිරිසේන මොකා සිසි ලන්ක නිදහස් පක්සේ මොන දේ කොලත් ස ර ස තුමා ට කිසිම හිතේ අමාරුවක් හෝ කනගාටුවක් නැත!

      Delete
    6. මචං අම්බලන්ගොඩ .. ඔය සාරස එක්ක සකච්චාවට ගිහින් උඹේ වටිනා කාලේ නාස්ති කර ගන්න එපා. එයා තමයි තමන්ට තුමා කියමින් ලියා ගන්නා තමාට තියෙන BDS එකයි. PhD එකයි. තමන් රෝයල එකට ගියා කියන එකයි කියමින් ඒ එකකට වත් නොගැලපෙන විදිහේ වැඩ කරන්නේ සහ කතා ලියන්නේ.. එයා යන ඕනෑම තැනක බහුතරයට වඩා වෙනස් මතයක් කියලා පොර වෙන්න හදනවා. මනුස්සයගේ ඇත්ත තත්වේ ඕක නෙවෙයි.. තමන්ගේ වාසිය/ පොරත්වය ඇති කර ගැනීම සඳහා තම පවුල වුනත් විකුණන පහත ගනයේ පොරක්... ඔය හාදය 1989-90 තමන් එක්ක එකට විශ්ව විදය්ලේ හිටපු/ එහෙත් කලබල කාලේ මියගිය තවත් ඔහු වැනිම සිශ්යෙක් ගැන ලියලා තිබු මඩ ලිපිය දැක්ක නම් සරස මොනටහ්රම් පහත් "මිනිහෙක්ද" කියලා තේරෙනවා... කොහොමටත් මහින්දට ආවඩන ගොඩක් උන් ඔය වගේ තමයි.. හැබැයි උන් අත්රනුත් සාරස නමින් ලියන පේරාදෙණිය විශ්ව විද්‍යාලේ හිටපු කථිකාචාර්ය වරයා තරම් පහත් ගනයේ පොරක් මම නම් දැකලා නැහැ.. පොර වල්ලපට්ටා කියලා මොකක්ද බොරු මගඩියක් ප්‍රචාරය කරනවා.. ඒවත් හොඳ බොරුව රජ කරනා මහින්ද වර්ගයේ පාලනයන්ට තමයි.. ඔය මනුස්සයා මොලේ අමාරු කාරයෙක්.

      Delete
    7. //කොහොමටත් මහින්දට ආවඩන ගොඩක් උන් ඔය වගේ තමයි.. හැබැයි උන් අත්රනුත් සාරස නමින් ලියන පේරාදෙණිය විශ්ව විද්‍යාලේ හිටපු කථිකාචාර්ය වරයා තරම් පහත් ගනයේ පොරක් මම නම් දැකලා නැහැ.. //

      තැන්කූ!
      :D

      Delete
  5. එහෙව් අය දැන් ඩීල් එකේ සෙට් වෙලා එකගෙයි කනවා කියලා හිතද්දිත් ටිකක් අවුල් වගේ නේද??????

    ReplyDelete
  6. ඔය කාලයේ මාතලේ භාර හමුදා නිලධාරියා ගෝඨාභය රාජපක්ශ. මෙම ලැයිස්තු ආරක්ශක හමුදා වලට ලබාදුන්නේ පක්ෂ කීපයක මන්ත්‍රී වරුන් වන අතර බලයේ සිටියේ එක්සත් ජාතික පක්ශය නිසා ඔවුන්ගේ බැරට එය වැටුනා. උදාහරණයක් ලෙස එවකට මන්ත්‍රී මහින්ද රාජපක්ශ මහතා ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවේ කථා කරන විට විජේරත්න මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ නම් ලැයිස්තු දුන් ආරක්ශක අමාත්‍යාංශයට දුන් දකුණු පළාතේ මන්ත්‍රී කෙනෙක්ගේ නමක් හෙළි කිරීමට සූදානම් බවයි. මෙයින් බියවූ මහින්ද වහා වාඩිවී ඇත. මෙම සිද්ධිය හැන්සාඩ් ගතවී ඇතිබව මීට මාස කිහිපයකට පෙරදී පාර්ලිමේන්තුවේදීම හෙළිවිය.

    මෙම කාලයේ රජයේ තනතුරක් දැරූ පමණින් හෝ ඔවුන්ව විවේචනය කළ පමණින් කළා කරුවන්, භික්ෂූන්, නළුවන්, දේශපාලකයින්, පක්ශ ක්‍රියාකාරීන්, සහ සාමාන්‍ය මිනිසුන් ඝාතනය කල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශ සහ එම කැරැල්ල මර්ධනය කිරීමට රජයේ හමුදා යොදාගත් ක්‍රියා පිලිවෙලද දෙකම වැරදිය. එම කැරැල්ල මර්ධනය නොකලානම් රටේ දෙපැත්තේ කැරලි දෙකක් සමඟ අද රට තිබිය හැකි තත්ත්වය සිතා බලන්න.

    රට විනාශකාරී ලෙස පිටිපස්සට ඇදීගිය සිද්ධියක එක කොටසක් පමණක් ගෙන හුවා දැක්වීම කථාවක් ලස්සන කිරීමට හොඳ වුණත් ඇත්ත තත්ත්වය එය නොවේ. මෙය උතුරේ යුද්ධයටත් එසේම සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. එයා දෙපැත්තෙන්ම වැඩ ගත්තු කෙනෙක්නේ, ඒකාලේ බණ්ඩාර කියා දකුනේ මිනිස්සු ආදරය කළ කොමියුනිට් කාරයෙක් ජේවිපී එකෙන් මරාදැම්මා හිටියා එයා මහින්දගේ මාමා. බණ්ඩාර සැගවී සිටි තැන දැන සිටියේ මහින්දගේ මව පමණක්ලූ, මහින්ද ඒ තැන අහම්බෙන් දැනගෙන පැය 2 ඇතුළුත මැරයෝ බණ්ඩාරව සොයා පැමිණි නම කියා එළියට කතා කරාලු.

      Delete
    2. ඔය කාලයේම මධ්‍යම පලාත භාරව ප්‍රේමදාස උඩුගම්පොලත් සිටියා.

      දේශපාල්කයන්ගේ සම්බන්ධතා ගැන කියනවානම් ප්‍රේමදාස රජය විසින් (බොහෝ දුරට රන්ජන් විජේරත්නගේ අනුදැනුම මත . මේ එක strategy හැදුවේ කව්රුන්ද කියා පැහැදිලි නැහැ. සිසිල් වෛද්‍යරත්න වෙන්න පුලුවන් )JVP විරුද්ධව සිටි සියලු දේශපාලකයන්ට හා සංවිධාන වලට අවි ලබා දුන්නා. PRRA වැනි සංවිධාන බිහිවෙන්නේ ඒ අනුව. මෙවැනි සමහර සංවිධාන රජයේ අංශ සමඟ ඉතා සමීපව කටයුතු කලා.

      ඒ හැර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් තමන්ගේ කන්ඩායම් මඟින් (ආරක්ෂක අංශ සමඟ සහයෝගය ඇතිව ) මේ කටයුතු වල යෙදුනා. ඉතින් කව්රු කාව මරුවාද කියන එක ඇපැහැදිලි වීම පුදුමයක්ද?

      පරන කෝන්තර පිරිමසා ගැනීමත් විවිධ අපරාධ වගේම එක එක අහින්සකයනුත් මෙයින් මිය ගියා. විශේෂයෙන්ම කැරලි මර්ධනයට යොදා ගත් ක්‍රම (උදාහරනයක් විදිහට වධ දීම් මඟින් ලැබෙන කට උත්තර බොරු වීමට සෑහෙන ඉඩ කඩ තිබෙනවා ) ඉතාමත් විනාශකාරීයි.

      පරන කෝන්තර පිරිමසා ගැනීමත් විවිධ අපරාධ වගේම එක එක අහින්සකයනුත් මෙයින් මිය ගියා. විශේෂයෙන්ම කැරලි මර්ධනයට යොදා ගත් ක්‍රම (උදාහරනයක් විදිහට වධ දීම් මඟින් ලැබෙන කට උත්තර බොරු වීමට සෑහෙන ඉඩ කඩ තිබෙනවා ) ඉතාමත් විනාශකාරීයි.

      ඒ වගේම මෙය හමුදාව යොදා ගත් උපක්‍රම නොවේ. පොදුවේ රජය යොදාගත් උපක්‍රම.

      මේ හා සම්බන්ධ අයගේ නම් දැන ගන්න අවශ්‍යනම් Sri Lanka: Arrogance of Power – Myth, Decadence and Murder පොතේ "ප්‍රා ඝාතකයකුගේ දිනපොත" නම් කොටස කියවා බලන්න. අහලා පුරුදු බොහෝ නම් ඇති. බටලන්ද කොමිසම් වාර්ථාව, ඇඹිලිපිටිය වැනි නඩු විභාග වල වාර්ථා වැනි දේවල් හොඳ මූලාශ්‍ර. ඒ හැර මෑතකාලීනව ධර්මන් වික්‍රමරත්න මහතා ලිපි පෙලක් ලියනවා.

      https://www.colombotelegraph.com/index.php/the-prra-killers-diary-ranil-w-rajitha-r-and-the-left/







      Delete
    3. මැක්කා ගැන කතාව ඉයන් ගෙන් දැන ගන්න, ඔහුට අනුව සියල්ල කර ඇත්තේ මහින්ද සහ ගෝඨාය
      ඔහුගේ පොනිල් හරි හොඳය, සුදුය, කොළුකාරය, සැප දීමෙහි නොපසුබටය, ලොල් සහගතය ඒ නිසා මහින්ද සහ ගෝඨා කොහෙත්ම හොඳ නැතිය

      ඉයන් කියන කොළ කන උත්තමයා කියන පරිදි 88/89 සියලු ඝාතන සිදු කරන ලද්දේ මහින්ද සහ ගෝඨා බව ඔහු සැපයු සාධක අනුව පිළිගැනීමට මා සුදානම් බව ඉතා සතුටින් දැනුම් දෙමු

      එයිටාමතරව ඔසාමා බින් ලාඩම්, සදාන් හුසෙම්, වීරප්පන්, පුලං දේවි, කුඩු නුර්, බුරුස් ලී ගේ පුතා, ඔඩ්ඩුසුඩාන් ආදී මෙකි නොකී සියල්ලෝම මරා දමා ඇත්තේ මරා සහ ඔහුගේ මලයාය. ඒ බව සොයා ගත්තේ ඉයන් කොළ තුමාගේ ගෙදර තුබූ රහසිගත හෑන්ග්‍රයින්ඩරයක් ඇසුරෙනි

      කොළ ඉයන් මහතා අනුව සිතීමට පටන් ගත් පසු ජුලියස් සීසර් ගේ පිටට පිහියෙන් ඇන්නේද වෙනකෙකු නොව මහින්ද බවද, බොහෝ දුරට ලෝක යුද්ධ දෙකටද මොහුගේ සම්බන්ධයක් ඇති බවට මාගේ නාසය අග කිති කැවෙන්නට පටන් ගැනීම නිසා පිළිගන්නා මට්ටමට මා පත්වී ඇත
      සමහර විට ජේසුස් වහන්ගේ කුරුසියේ තබා ඇණ ගැසීමටද මහින්දගේ දායකත්වයක් නොතිබුණහොත් පුදුමයක් බව වැටහෙන්නට පටන් ගෙන ඇත
      තව බොහෝ දෑ කම්පනා වීමට ඉඩ ඇති බැවින් නවතිමි

      මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා
      ආ නෑ නෑ වැරදුනේ අඩේ, මහින්ද මිනීමරුවා ගෝඨා මිනීමරුවා 88/89 අහිංසක කුලාකයන් සයිබීරියාවට පිටුවහල් කරලා මැරෙන්න ඇරියා, මිනීමරු සාර් පාලනය බිඳ වැට්ටේව්වා
      අයියෝයෝයෝයෝ......
      මගේ ඔළුව...ආආආ..........

      Delete
  7. මේ කාලය ගැන විස්තරාත්මක සහ පැත්තක් නොගත් ලිපියක් කියවීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න.

    ReplyDelete
  8. මම හිතන්නේ "ආණ්ඩුවේ අනුග්‍රය යටතේ" කීම ටිකක් නොමගයවනසුලුයි. මොකද ඒ කාලයේ තිබූ PRRA, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි ඒවා ආන්ඩුව හිතවාදී ඒවා නොවේ. ඔවුන් වාමාංශිකයන්.

    ඒ වගේම ෆ්ලොරිඩාවේ පර්යේෂනාගාරයකින් ගත් වාර්ථාවට අනුව මේ ඇටකටු 1940 පෙර ඒවා. ඒ නිසා ඒ ගැන වැඩිපුර සොයාබැලීම කල යුතුයි. විශේෂයෙන්ම සුදුසුකම්ලත් forensic archaeologists වැනි ගෙන්වා සොයා බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. /ඒ කාලයේ තිබූ PRRA, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි ඒවා ආන්ඩුව හිතවාදී ඒවා නොවේ. ඔවුන් වාමාංශිකයන්. /
      ඒ වුනාට ඔවුනත තිබුනේ ආණ්ඩුවෙන් නිකුත්කළ ලයිසන් තුවක්කු , පිස්තෝල.

      Delete
    2. JVP විසින් ඔවුන්ව මරන්න පටන් ගත් නිසා ඔවුන් රජයේ සහය ගන්නා පැත්තට යොමු උනා. මම දන්නා තරමට ඔවුන් මුලින් යොමු උනේ උතුරේ සිටි ඊලාම් කන්ඩායම් වෙත (මතක තබා ගන්න මේ වාමාංශිකයන් ස්ව‍යංතීරනය, බලය බෙදීම වැනි දේ ගැන පෙනී සිටි බව ). නමුත් JRJ රජය එය නැවැත්වූවා.

      JVP විරුද්ධ සියලු දෙනාට අවි හා අනිත් පහසුකම් දීම ප්‍රේමදාස රජයේ (බොහෝ දුරට රන්ජන් විජේරත්නගේ අනුදැනුම මත . මේ එක strategy හැදුවේ කව්රුන්ද කියා පැහැදිලි නැහැ. සිසිල් වෛද්‍යරත්න වෙන්න පුලුවන්) strategyක්.

      Delete
    3. @ AnonymousFebruary 26, 2016 at 12:18 PM

      ගොන් කතා කියන්න එපා පිස්සෝ.උබ පොනියගේ ලොල්ලෙක්ද?යු.ඇ න් පී මිනීමරුවෝ තමයි හොදට තිබුණු පක්ෂ තහනම් කරලා 1987 ඉන්දුලංකා ගිවිසුම ගෙනල්ල රට කඩන්න හදලා ඒකට විරුද්දව සාමකාමීව උද්ගොශන ය කරපු 140ක් අමු අමුවේ මරලා වැඩ පටන්ගත්තේ .
      හුඇ න්පී පොන්නයන් එ දත් ඉන්දියාවට පු_ දුන්න අදත් දෙනවා.ඉන්දියාවට පු_දිලා අපේ රටේ කොල්ලෝ මරනවා හු ඇ න්පී ලොල්ලො

      Delete
    4. ඉතින් XXXගෙ පුතෝ උඹත් සක්කිලි මරාගේ ලොල්ලෙක් නේ.

      Delete
    5. UNP තිබූ එදා වේල ප්‍රතිපත්ති, අදූරදර්ශී හා කෘර ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසා තමා ප්‍රශ්න හැදුනේ හා පොඩියට තිබුනු ප්‍රශ්න මෙච්චර දුර දිග ගියේ.

      සමහරවිට ප්‍රා වැනි සංවිධාන වල සිටි අයව ඒ තැනට තල්ලු කරන්න ඇති JVP මඟින්.

      නමුත් එහෙම වූ පලියට මේ කිසි කෙනෙක් (JVP, UNP, PRRA,ISU, etc.) තොත්ත බබාල වෙන්නේ නෑ.

      විජේවිර්ටත් පනපිටින්ම පිච්චෙන්න උනාට ඔහුත් අහින්සකයෙක් නෙමේ.

      Delete
  9. පුදුමේ කියන්නේ ඔය කාලේදී හමුදාවට ගහන්න LTTE එකට යම්කිසි සැකයක් ඇතිවී තිබීමයි. ඔවුනුත් සටනට ආවානම්, එහි වාසිය JVP එකට ගන්න තිබුණා.

    ReplyDelete
  10. මේ කාලේ ගෝඨාභය මහත්තයා ඉන්න ඇත්තේ ඇමරිකාවේ වෙන්න ඇති නේද? එයා කොටි නැති කරලා රට දිනවන්න විතරනේ ආවේ... රිවිරේ එයා දීපු ඉන්ටෙර්විව් එකක් තියෙනවා කල්පනාවෙන් කියවන්න .. රන්ජන් ගොටගෙන් වැඩ ගත්ත හැටි.

    ReplyDelete
    Replies
    1. මෙකනෙ මෙයා, යුද්දෙ තනි ගෞරවය ෆොන්සේකට දෙන්න ඔනෙ වුනාම ඝොටා හිටියෙ ඇමරිකවෙ, 88/89 ඝාතනවල වගකීම දෙන්න ඔනෙවුනම ඝොටා මාතලේ අණදෙන නිලධාරි. එවගේම භීශනය තිබ්බෙ මාතලේ විතරයිනෙ!

      Delete
  11. https://www.youtube.com/watch?v=EwiP11GEvMg

    මේකේ ඉන්න පවුකාරයන් අතර ගෝඨා, රනිල් , ඒ කාලේ ජ.වී.පෙ. , ප්‍රා , ඇතුළු ඔක්කොම ඉන්නවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook