Sunday, February 28, 2016

GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින්




මම 1995 - 2009 අතර කාලය තුල  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි.  මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි. 

මගේ අදහස අනුව GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ලංකාවේ තිබෙන බලවත් වෘත්තීය සමිතියකි. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ කේවල් කිරීමේ හැකියාව ඉහලය​. මේ බලය භාවිතා කල යුත්තේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙන්ම රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා  රෝගියා කේන්ද්‍ර කරගත් ක්‍රියා මාර්ගයකිනි. 

ලංකාව වැනි රටක උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැත​. එය කටුක සත්‍යයකි. අසීරුවෙන් ඉගනගෙන සමාජයට බුද්ධිමත් දායකත්වයක් දෙන වෘත්තිකයාට වඩා දේශපාලනයට අවතීර්ණ වූ නූගත් හරක් හොරුන් වරප්‍රසාද අතින් ඉහලින් සිටිති. දේශපාලනීකරණය දසත පැතිරී තිබේ. ලංකාව යනු නූගතුන් විසින් බුද්ධි මතුන්ව අඩන්තේට්ටම් කරමින් පාලනය කරන රටකි. එම නිසා බොහෝ වෘත්තිකයන්ට සිදුව ඇත්තේ රට හැර යාම හෝ අකමැත්තෙන් වූවද මජර ක්‍රමයට අනුගත වීම හෝ ඊට එරෙහිව පොදු ජනයා අතර ජනප්‍රිය නොවන ක්‍රම වේදයකින් තම වෘත්තීය සටන ගෙන යාමටය. 

අප සීමාවාසික සේවාව කල කාලයටත් වඩා රෝහල් අද දේශපාලනීකරණය වී තිබේ. අප සීමාවාසික සේවාව කල කාලයේ ඇලික් අළුවිහාරේ වැනි බලවත් මැර දේශපාලකයන්ට පවා රෝහල් වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමට අප ඉඩ නොදුන්නෙමු.  1994 මැතිවරණ කාලයේ  මම මාතලේ රෝහලේ ශල්‍ය වාට්ටුවේ රෝගීන් බලමින් සිටි අවස්ථාවක වාට්ටුවට ඇතුළු වීමට ගිය ඇලික් අළුවිහාරේ ගේ පුතෙකුද එළියට යැවූ අයුරු මට සිහිපත් වේ. නමුත් අද කාලයේ දේශපාලකයෙකු එන විට වෛද්‍යවරයා නලාවත් ගෙන ඔහුගේ දෙපතුල ලඟට යයි. ඔහු ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන නොසිටී. මේ හැර රෝහල් වල ගුණාත්මකභාවයන් ඉහල දැමීමට රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය නංවාලීමට  ප්‍රබල බාධකයක් ලෙස මෙම රෝහල් දේශපාලනීකරණය හඳුනාගත හැකිය​. 

ලංකාවේ සියළු වෘත්තිකයන් අතුරෙන් වෛද්‍යවරු ලංකාවට කැපී පෙනෙන සේවාවක් කොට තිබේ. එය නම් සංවර්ධිත රටවල් වල සෞඛ්‍යය  දර්ශකයන්ට ආසන්නයට යන අන්දමට අපගේ බොහෝ සෞඛ්‍යය දර්ශකයන් ඉහ නග්වා තිබේ. එසේම බෝවන රෝග ගනනාවක් ලංකාවෙන් තුරන් කොට තිබේ. මෙම සාර්ථකත්වය ලබා ගැනීමට සෞඛ්‍ය සේවයේ අනෙකුත්  පාර්ශවද උපකාරී වී තිබෙන බවද මෙහිදී කිව යුතුය​.

 රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට රජයක් දණ ගැස්සවීමට සමත් බලයක් තිබේ. මේ බලය භාවිතා කල යුත්තේ කෙසේද ? යම් කිසි රජයක් ප්‍රජාතාන්ත්‍රවාදී මාර්ගයක නොයමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එම රජය නිසි මගට ගැනීමේ ලා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට හැකියාවක් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය තම බලය භාවිතා කල යුත්තේ එවැනි අවශ්තා වලදීය​. එහෙත් සමහර විට පටු දේශපාලන අභිමතාර්ථයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය භාවිතා කිරීම අනුමත කල නොහැක​. 

අතීතයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වෙනුවෙන් අභීතව සටන් වැදුනු සෙන්පතියන් පසු කාලයක දේශපාලකයන් ගේ අවශ්‍යතා මත තම වෘත්තීය අභිමානය පාවා දුන් අයුරු තාජුඩීන් සිද්ධියේ දී අප දුටුවෙමු. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට තම ජීව ගුණයන් දිය කර නොගන්නා සහ ජීව ගුණයන් විකුණා නොදමන  නායකයන් අවශ්‍ය කෙරේ. මේ සඳහා ආත්මාර්ථකාමීත්වයෙන් තොර එලෝත්පාදක නායකත්වයක් සෑම කාලයකදීම තිබිය යුතුය​. 

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් අතීතයේදී දියත් කරන ලද සමහරක් වර්ජන අසාධාරන බව මම සිතමි. පුද්ගලික හේතූන් නිසා , වෘත්තීය කුහක භාවය මත ,පුද්ගල බ්ලැක්මේල් කිරීම් මත , සමහර දේශපාලකයන්ට කඩේ සඳහා  අාදී වශයෙන් රෝගීන් ගේ දිවි තර්ජනයට ලක් කිරීමෙන් කරන වර්ජන නොමනා බව මම තරයේ අදහමි. අතීතයේ මෙවැනි වර්ජන වලදී අපගේ රෝහල් වල හදිසි සේවා අප පවත්වාගෙන ගියෙමු. 

ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ. මේ නිසා සෞඛ්‍යය සේවයට ඉතා හිතකර වූ තීරණ ගනනාවක් හමස් පෙට්ටියට යැවීමට මෙම කුහක ඉරිසියා මානසිකත්වය සමත් වී ඇත​.  මේ කුහක මානසිකත්වයට එරෙහිව යාම වෙනුවට සමහර අවස්ථා වලදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් ඊට අනුගතවී තිබේ. එය සිදු නොවිය යුතු තත්වයකි. 

එසේම වෛද්‍ය සේවයේ වැරදි කරන ලද පුද්ගලයන් , පශ්චාත් උපාධි ආයතන වල තම හිතවතුන් , ඤාතීන් විභාග වලින් සමත් කරවන දූෂිත පුද්ගලයන් , විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන් , ස්ථාන මාරු කිරීම් වලදී අයථා ක්‍රියා කරන්නන් වැන්නවුන් ආරක්‍ෂා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් නොවිය යුතුය​. අතීතයේ මෙවැන්නවුන් ආරක්‍ෂා කිරීම සඳහා  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය  ඉදිරිපත් වූ අවස්ථා කීපයක් තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය යනු උගත් වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම් ලද සංගමයකි. එම නිසා එකී සංගමය විසින් ගන්නා තීරණ සදාචාරාත්මක මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදීද වීම වැදගත් වේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



45 comments:

  1. Only thing I do not agree in this is that, you seems to have judged that the previous JMO report is wrongly done on purpose. JMO's opinion could differ, but politically bias sensationalised media reports are not enough to prove JMO is wrong. We should wait for real fact to be proven beyond doubt.

    ReplyDelete
    Replies
    1. Pl read my article :ගුරුවරයෙකු එරෙහිව

      Delete
  2. Only thing I do not agree in this is that, you seems to have judged that the previous JMO report is wrongly done on purpose. JMO's opinion could differ, but politically bias sensationalised media reports are not enough to prove JMO is wrong. We should wait for real fact to be proven beyond doubt.

    ReplyDelete
    Replies
    1. Pl read my article :ගුරුවරයෙකු එරෙහිව

      Delete
  3. වෘත්තීය සමිතියක බලය මැනිය යුත්තේ ඔවුන්ට හාම්පුතුන්ට කෙතරම් බලපෑමක් කල හැකිද යන්න මත බව මම පිලිගනිමි. එම බලය ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාවක් මත නොවේ. දුප්පත් රටක වෛද්‍ය වරුන් පුහුණු කිරීමට යෙදවීමට ඇති සම්පත් වල දුලභතාව (ගොවියන් පුහුණු කරන්නට එතරම් වියදමක් නොයන බැවින් ඔවුන්ට මෙම වාසිය නැත ) වෛද්‍යවරුන්ට වෙදකම් කිරීමට සම්පූර්ණ බලය පවරමින් තිබෙන නීති (ගොවිතැන් කිරීමට ලයිසන් අවශ්‍ය නැත ), රෝගියෙකුගේ ජීවිතය නැතිවීමට ඇති අවදානම (ගොවි වැඩ වැරුමකදී බඩගින්නේ මියගිය හැකි ගණන සීමා වීම ), ආදේශක වෛද්‍යවරුන් ගෙන්වීමට වෛද්‍යවරුන්ම බාධා කිරීම (ගොවි වැඩ වැරුමකදී ආහාර ආනයනය කල හැක ) වැනි බාහිර හේතු නිසාය. ඒ අතින් බලන කල ව්‍යාපාරිකයෙකු, කලා කරුවකු, ක්‍රීඩකයෙකු, සූප වේදියකු, වැනි තම දක්ශතාවයෙන් හා හැකියාවෙන් තැනක් ලබා ගත්තවුන් උසස් වේ. දොස්තරවරුන්ට ඇත්තේ රෝගීන් උකසට තබා කේවල් කිරීමෙන් ලබාගත් කේවල් කිරීමේ හැකියාවකි. එම කේවල් කිරීම යොදවාගෙන තව වෘත්තිකයින් පුහුණු කිරීමේ අවස්ථා මඟ හැරවීමෙන් ලබාගත් කේවල් කිරීමේ හැකියාවකි.

    ඒ අතින් බලනකල තම වර්ගයා වැඩි කරගැනීමට ක්‍රියා කර ඇති එමෙන්ම රජයෙන් පත්වීමක් බලාපොරොත්තු නොවී රැකියා ලබාගෙන දියුණු වන ඉංජිනේරුවන්, ගණකාධීකාරීන්, ව්‍යාපාර කලමණාකරුවන්, වැනි වෘත්තීන් ඉදීරියෙන් සිටී.

    ReplyDelete
    Replies
    1. එකගයි. ඇත්ත වශයෙන්ම වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොව සියලු සෞක්‍ය වෘත්තිකයන් දැකීම පවා අප්‍රසන්න වන තත්වයට මිනිසුන් පත්කළේ ඔවුන් විසින්මයි. ඉතා සුළුතරයක්, බ්ලොග් අවකාශය සැලකුවහොත් වෛද්‍ය රුවන්, හෙද නිලධාරී මහේෂ් වැන්නවුන් ද පුද්ගලික අත්දකීම් සැලකුවහොත් තවත් කීපදෙනෙක්ද අපට ඇතිවී එකී අප්‍රසන්න හැගීම පහ කිරීමට වෙහෙසෙන අතර බහුතරයක් තව තවත් අපට ඔවුන් කෙරෙහි අපුල ඇතිකරවයි.
      කණගාටුව නම් වෛද්‍ය වරුන් සිතන්නේ මිනිසුන් මේ වෙනුවෙන් පෙනීසිටින්නේ ඔවුන්ට වෛද්‍යවරුන් වීමට නොහැකිවූ නිසාවෙන් ඇති ඊර්ෂාව නිසා බවයි.

      Delete
    2. /කණගාටුව නම් වෛද්‍යවරුන් සිතන්නේ මිනිසුන් මේ වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන්ට වෛද්‍යවරුන් වීමට නොහැකිවූ නිසා වෙන් ඇති ඊර්ෂාව නිසා බවයි./
      යහපත් වෛද්‍යවරුනි සමා වෙන්න, බොහෝ දෙනා වෛද්‍යවරුන් වී ඇත්තේ ද එක්තරා ආකාරයක ඊර්ෂ්‍යාවක් නිසා නොවේ ද? කෙල්ලෝ බූට් තියපු නිසා මෙඩිකල් ෆැකල්ටි ගිය අය තොග ගනන්.

      Delete
    3. ///ඒ අතින් බලනකල තම වර්ගයා වැඩි කරගැනීමට ක්‍රියා කර ඇති එමෙන්ම රජයෙන් පත්වීමක් බලාපොරොත්තු නොවී රැකියා ලබාගෙන දියුණු වන ඉංජිනේරුවන්, ගණකාධීකාරීන්, ව්‍යාපාර කලමණාකරුවන්, වැනි වෘත්තීන් ඉදීරියෙන් සිටී.///

      ලොව වීශාලතම වශයෙන් දුෂිත ව්‍යුහය ඉංජිනේරුවරුන්ගේ භූමිකාවයි. රටකට අවැසි ව්‍යාපෘති මොනවාද යන්න තීරණය කර ඉන් පසුව ඒවා බල ගැන්වීම දක්වාම ඇත්තේ ඉංජිනේරුවාගේ භූමිකාවයි...
      ලංකාවේදී එම භුමිකාවේ වාසිදායකම කොටස දේශපාළුවා අතික්‍රමණය කර ඇත. එනම් ඉංජිනේරුවාට සිදුවී ඇත්තේ දේශපාළුවා ගන්නා තීරණ අනුව ආරම්භ වන සහ ක්රියාත්ම වන ව්‍යාපෘති තුළ තවත් එක් ශ්‍රමිකයෙක් වශයෙන් ක්‍රියා කිරීම පමණකි...
      දෙස්පාළුවන් කුමන හෝ අන්දමේ වාසි තකා ආරම්භ කිරීමට යෙදෙන ව්‍යාපෘති වැඩි වීම අනුව ඉංජිනේරුවන් ප්‍රමාණයද ඉබේම වැඩි වූ බව මගේ අදහසයි...
      ඉංජන්ට රජයේ රැකියා අත්‍යවශ්‍ය නොවන්නේද මෙම පසුබිම නිසාමය...

      ඉංජිනේරුවන්ට ඔවුනට අදාළ නිසි තැන ලැබුණු දිනෙක ලංකාවේ දුෂිතම ව්‍යුහය ඉංජිනේරු ආයතන බවට පත්වනු ඇත... ;)
      එදාට රජයේ ඉංජිනේරු රැකියා ලබා ගැනීමට එකිනෙකා මරා ගත්තද පුදුම විය යුතු නැත...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළේ නැහැනෙ. ඒ වගේ ආයතන වලින් ඔබ වගේ සිවිල් ඉංජිනේරුවන් බිහි කරනවා. ඔවුන් අතින් වරදක් උණොත් බංගලා දේශයේ වගේ බිල්ඩිං කඩා වැටී දහස් ගාණක් එකවර මිය යන්න පුළුවන්. ඉතින් මහජනයාගේ ආරක්ශාවට කියල රජයේ විවි වල ඉංජිනේරු උපාධි අපේක්ශකයොයි , සුදුසුකම් ලත් ඉංජිනේරු වරුයි වැඩ වර්ජනය කලේ නැහැනෙ. තම වර්ගයා වැඩි වීම නොඉවසන එකම වර්ගය මේ දොස්තරවරු.

      Delete
    6. SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළේ නැහැ +++++++++++++++++++

      Delete
    7. ///ඔවුන් අතින් වරදක් උණොත් බංගලා දේශයේ වගේ බිල්ඩිං කඩා වැටී දහස් ගාණක් එකවර මිය යන්න පුළුවන්. ///
      පිටතට වැඩිය නොපෙනෙන ඉංජිනේරු මාෆියාවක් ලංකාවේ තියෙන නිසා මෙවැනි දෙයක් ලංකාවේ සිදුවෙන්න දැනට හැකියාවක් නැතිම තරම්,
      බිල්ඩින් ඩිසයින් කරන්න එවැනි අයට ලංකාවේදී තවම ඉඩක් ලැබෙන්නේ නැහැ,
      ඒ මට්ටමට එන්න දැනට ඔවුන් එන්න ඕනේ පාර මෙහෙමයි...
      01. IESL එකේ Associate Membership එක ගන්න ඕනේ
      02. ඒක ගන්න දැනට තියෙන ක්‍රමවේදය IESL එකේ Part ii, Part iii වල විෂයයන් කිහිපයක විභාග ලියල සමත්වෙන්න ඕනේ
      03. IESL එකේ Associate Member කෙනෙක් උනාට පස්සේ චාටර් එකට යන්න අවම වසර 4 ක පිළිගත් ඉදිකිරීමේ සමාගමක වැඩ කරලා පළපුරුද්ද තියෙන්නේ ඕනේ.
      04. ඒ අවුරුදු හතර ඇතුළත අවම මාස හයක් Design Office එකක වැඩ කරලා තියෙන්න ඕනේ
      (මේක අනිත් පැත්තටත් එහෙමයි, ඒ කියන්නේ Design තුනහමාරයි, Construction මාස 6 යි විදිහටත් පිළිගන්නවා)
      05. B Paper එක ලියල පාස් වෙන්න ඕනේ
      06. ඊට පස්සේ Desogn Report එක දෙන්න ඕනේ
      07. ඊට පස්සේ presentation සහ Viva
      08. අන්තිමට A Paper එක ලියල පාස් වෙන්න ඕනේ

      අංක 03 සිට 08 දක්වා තියෙන කරුණු හැමෝටම පොදුයි. ඔය මගුල් ටික ඔක්කොම කරගෙන චාටර් එක කරපු පලියට Structural Engineer කෙනෙක් විදිහට වැඩ කරන්න බැහැ, ඒකට කාලයක් තිස්සේ ලබන අත්දැකීම් හරහා පොහොසත් වෙන්න ඕනේ. එහෙම නැතුව ලංකාවේ වැඩක් බාර දෙන්නේ නැහැ චාටර් එක තිබ්බ පළියට. එතකොට මුල් කාලයේ කරන්න වෙන්නේ පිළිගත් සමාගමක වැඩ කරගෙන ඉන්න එක, ඕනෙම කෙනෙකුට සෑහෙන කාලයක් යනවා Structural Engineer කෙනෙක්ගේ මට්ටමට ඇවිත් වැඩ කරන්න.

      ඒ මට්ටමට එනකොට ඌ Slit නෙමෙයි මොකෙන් ආවත් හොඳ හැකියාවක් ඇති අයෙක් බවට පත්වෙලා ඉවරයි...

      ///ඉතින් මහජනයාගේ ආරක්ශාවට කියල රජයේ විවි වල ඉංජිනේරු උපාධි අපේක්ශකයොයි , සුදුසුකම් ලත් ඉංජිනේරු වරුයි වැඩ වර්ජනය කලේ නැහැනෙ.///
      එහෙම වැඩ වර්ජනය කලා කියල කවුරුවත් ගණන් ගන්නෙත් නැහැනේ. හෙහ් හෙහ්...
      අනික, ඒ වගේ පෞද්ගලික ආයතන හරහා එලියට එන අය ෆීල්ඩ් එකේදී අපිට තර්ජනයක් නැහැ, ඒකට හේතුව ෆීල්ඩ් එකේ හැමතැනම ඉන්න ඉහළ නිලධාරින් වැඩි ප්‍රමුඛතාවයක් රජයේ වී.වී. වලට ලබා දෙන නිසා සහ පෞද්ගලික ආයතන හරහා පැමිණි සිසුන් ඔවුන්ගේ අදක්ෂභාවයන් හරහා තත්ත්වය පහළ දමා ගැනීමක් පෙන්වා ඇති නිසා...

      Delete
    8. ///එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි. ///

      අපි අපේ ඉංජිනේරු මෙව්වා එකට (IESL එකට) හැම අවුරුද්දෙම රුපියල් 5,000/- ක් වගේ ගානක් ගෙවනවා අපිව මේ වගේ රැකබලා ගන්නවට...

      Delete
    9. ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අවස්ථාව. IESL එක එක්ක ගොඩක්ම සම්බන්ධ සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවෝ නේද? මගේ IESL ගැන දැණුම ඉතා සීමිතයි.

      ලොකු පුතා Structural Engineer කෙනෙක්ද? මම කැමතිම engineering stream එකක්. Structural Engineer කෙනෙක් වැඩ දාපු Prison Break TV series එක මතක් උනා :)

      Delete
    10. ///ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අවස්ථාව. /// ඒත් ඒක එහෙමට දරුණු එකක් නෙමෙයි, නමුත් ඒ වගේ එකක් තියෙන නිසා අවසානයට ලැබෙන ප්‍රතිපලය රටට හොඳක්...

      ///IESL එක එක්ක ගොඩක්ම සම්බන්ධ සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවෝ නේද?///
      බොහෝ දුරට එහෙමයි...

      ///ලොකු පුතා Structural Engineer කෙනෙක්ද? මම කැමතිම engineering stream එකක්. ///
      නැහැ නැහැ මම එහෙම කෙනෙක් නෙමෙයි. මම ඉගෙන ගත්තේ Material Engineering, හැබැයි රස්සාව පටන් ගත්තෙ Civil Engineering ෆීල්ඩ් එකේ කොලිටි (Quality Assurance & Quality Control) බලන එකෙන්, ඒ නිසා මට Civil Engineering (Building) ගැන සැළකිය යුතු දැනුමක් තියෙනවා. නමුත් මම චාටර් එක කලේ නැහැ, ඒ නිසා Structural Engineer කෙනෙක් වෙන්න ඕනේ කරන මුලික සුදුසුකම සපිරිලා නැහැ...
      අනිත් එක මම ඒකට කැමති නැහැ...

      ඒ වගේම ඉදි කිරීම කරගෙන යද්දී එක එක අවස්ථා වලදී එක එක වැඩ කරන්න අවශ්‍ය විදිහ සම්බන්ධව උපදෙස් දීලා ඒවා කලයුතු විදිහ ලියන්නේ මම...
      වැඩ කරගෙන යද්දී සිදුවෙන සහ සිදුවෙලා තියෙන වැරදි හොයන එක සහ ඒවා නිවැරදි කරවන එකත් මගේ අතින් කෙරෙනවා...
      එහෙම කිව්වට මීට අමතරව Construction වලදී අහුවෙන ඕනෙම වැඩක් කරනවා...

      Delete
  4. වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයට වඩා දෙශපලනියකරනයවී ඇත්තේ නීතිඥය සංගමයයි. මෙම හා පසුගිය ආණ්ඩු දෙක සිදුකල මානව හිමිකම් උල්ලාඝනය කිරීම් අතර ඔවුන්ගෙ හැසිරිම අහසට පොලව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දැන් දෙශපලනියකරනයවී

      Delete
  5. වෘත්තිකයන්ගේ ඇස අරවන අගනා ලිපියක්. සම-සෞක්‍ය උපාධි සම්බන්ධයෙන් GMOA පසුගිය කාලයේ හැසිරීම ගැන ඔබේ අදහස් කෙටියෙන් හෝ දැනගන්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. අපේ අත්දැකීම් සහිත යුධසෙබලුන් පැරා මෙඩික්ලා වශයෙන් පුහුණු කර යෝජිත ඇම්බ්යුලන්ස් සේවාවට ගන්න පුළුවනි, ඒත් ...

      Delete
    2. පුහුණු යුධ සෙබළුන් ගිලන් රථ වල එවැනි සේවාවල් වලට යොමු කරගැනීම ප්‍රයෝජනවත් මෙන්ම සෙබළුන්ගේ මනසික්ත්වයටද ඉතා යහපත් යෝජනාවක් මම හිතන්නේ. එත් සමහර පරිපූරක වෛද්‍ය සේවා, උදා. වශයෙන් භෞත චිකිත්සනය, වෛද්‍ය රසායනාගාර තාක්ෂණය, හෙද සේවය, විකිරණ වේදය වැනි අංශ වලට වෘත්තීයමය ශිල්පීන් සිටීම වැදගත් නිසයි ලෝක සෞක්‍ය සංවිධානය පවා ලංකාවට නිර්දේශ කර තිබෙන්නේ ඉහත කී සේවාවන් වලට ලබා දුන් ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහල නංවන ලෙස.
      (බයෝ ඇනලිසිස් සහ ඉන්ස්ට්‍රුමන්ටෙෂන් වලට කුඩා කාලයක් ප්‍රයෝගිකවම සම්බන්ධ වී මට ඇති අත්දැකීම් අනුව නම් බහුලවම භාවිත වන කෙමෙස්ට්‍රි ඇනලයිසර් සහ හිමටලොජි ඇනලයිසර් වල පවා අදාළ නිෂ්පාදකයාගේ සම්මතයන් සදහා ලබා දෙන අගය වෙනත් නිෂ්පදකයෙකුගේ සම්මතයන් වලට ලබාදෙන්නේ නැහැ. ඉතින් සැබෑ සාම්පල ගැන කවර කතාද ? සාම්පලයකින් මයික්‍රෝ ලීටරයක් පමණ යොදාගනිමින් මේ ලබාදෙන අගයන් වලින් රෝගියෙකුගේ ජීවිතය මරණය පවා තීරණය වෙනවා. ඉතින් පරිපූරක වෛද්‍ය ක්ෂේත්‍රයේත් උපාධිදාරී වෘත්තිකයන් ඉන්නවා නම් හොදයි. එත් ඉතින් උපාධි දාරියෝ ඇවිත් සංගම් අටවාගෙන වර්ජනය කරනවා නම් එකෙන් මිනිස්සුන්ට පල වෙන එකක් නැහැ.)

      එත් කියල නැවැත්තුවේ ඇයි ?

      Delete
  6. අද නම් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කියලා එකක් නෑ.. තියෙන්නේ රාජපක්ෂගේ වෛද්‍ය නිළධාරි සංගමය කියලා එකක්. ඒකේ ඉන්නේ මාෆියා කාරයෝ කිය්ලා ඔප්පු උනයින් පස්සෙ, කට්ටිය කොහේද කියලා නෑ. මේ අයට විරුද්ධව කතා කරන වෛද්‍යවරු අපේ රටේම ඉන්න එක ළොකු දෙයක්. එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්නේ රෝගීන්..

    මම නම් රජයේ වෛද්‍යවරුයි, වී ගොවියොයි අතරේ වෙනසක් නම් දකින්නේ නෑ.. දෙගොල්ලම ආන්ඩුවෙන් සියල්ල බලා පොරොත්තු වෙන උදවිය. මට බය තියෙන්නේ මේ දෙගොල්ලම තමන්ගේ විවාහ කටයුතු, දෘ ප්‍රසූති, මරණේ වගේ දේවලුත් ආන්ඩුවෙන්ම කරන්න ඕනා කියලා බලක්‍රයිද කියන බය.

    ReplyDelete
    Replies
    1. එතකොට නීතිඥ සංගමය, වික්‍රමසිංහ නීතිඥ සංගමය කියල වෙන්ස් කරනවද මෙයා?

      Delete
  7. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැත. :(

    ReplyDelete
  8. වෘත්තීය සංගමයක් අර්ථදැක්වීමෙන්ම ඉතින් තමගේ දේවල් ලබා ගැනීම, තමන්ගේ අය ගැන බලා ගැනීම ආදියට තියන එකක්නෙ.
    වෘත්තීය සංගමයකට විශාල බලයක් ලැබීම හානිදායකයි

    ReplyDelete
  9. //ලංකාව වැනි රටක උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැත​. එය කටුක සත්‍යයකි. අසීරුවෙන් ඉගනගෙන සමාජයට බුද්ධිමත් දායකත්වයක් දෙන වෘත්තිකයාට වඩා දේශපාලනයට අවතීර්ණ වූ නූගත් හරක් හොරුන් වරප්‍රසාද අතින් ඉහලින් සිටිති. //

    මෙහෙම දෙයක් ඇහුවමයි පවුලට දැන්ම කියන්න ඕනේ 5හෙ සිස්සත්වෙට ටියුසෝන් යවන්න එපයි කියලා පොඩි එකාටත් ඇනයක් වලානේ තියෙන්නේ එක. දොස්තර මහත්තයෝ මැර දෙශපාලනය උගන්වන ටියුසෝන් පන්ති කොහෙවත් නැතිද පොඩි එකාව එකට දහම් පාසල් යවන එක විතරක් මදිවෙයි මගේ හිතේ

    ReplyDelete
  10. ඔබ කියන පරිදි මේ දොස්තර මහත්වරු රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා හෝ රෝගීන්ට උදව්වීම සඳහා මේ වෘත්තීය සමිති බලය පාවිච්චි කල අවස්තාවක් ගැන කියන්න පුලුවන්ද?කිසිම දවසක අසා නැත.හැබැයි නර්ස්ලාගේ විවේක කාමරය ත්මන්ගේ එකට වඩා පහසුකම් සහිත වීම ගැනනම් වර්ජන කරති.අනෙක් සුව සේවා වෘත්තිකයින් තම දැනීම ඉහල නංවා ගැනීමට ගන්නා උත්සාහයනට විරුද්දව වර්ජන කරති. පැරා මෙඩික් සේවාවක් කිසිම දිනක ලංකාවේ ආරම්බ කිරීමට උත්සාහ කලහොත් එයට විරුද්දව වර්ජන කරන බවට සහතිකයි. මන්ද පැරා මෙඩික්ලාට උපාධියක් ගන්නට කිසිම දවසක මේ අය ඉඩ දෙන්නේ නැත පිටරටක නම් ගිලන් රතයක එන්නේ පැරා මෙඩික්ලා දෙන්නෙකි.රියදුරෙක් නැත.ඔවුන් එම විශය පිලිබඳ උපාදිදාරීන්ය.සම සවුක්ය උපාදිය අවුරුදු තුන දක්වා අඩු කරන ලෙස ඉල්ලා මේ අය කල වර්ජනය මේ අයගේ හෙලුව පෙන්වයි.තමන්ට සමාන දැනුමක් වෙන කෙනෙක් ලබාගන්නවාට ඉරිසියා කරන ලංකාවෙ එකම වෘත්තිකයන් දොස්තරලාය

    ReplyDelete
    Replies
    1. බොහෝ රටවල පැරාමෙඩික්ලට (අවුරුදු 4 ) උපාධි අවශ්‍ය නෑ.

      ලංකාවේ පැරාමෙඩික්ලට උපාධි දුන්නත් ඔවුන් ඒ ඇමරිකාවේ පැරාමෙඩික්ලා කරන රාජකාරිය කරන්නෙත් නෑ . ලෙඩ්ඩු උස්සන් එන්න වෙනම ඇටෙන්ඩන්ඩ්ලා යවන්න වෙයි.

      Delete
    2. ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ.

      Delete
  11. GMOA එක සැබෑ අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවාදැයි දැන් නම් සැකයි. ලංකාවේ උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැති එක ඇත්ත. දේශපාලකයෙක්ගෙන් ලියුමක් අරන් පත්වීමක් ගන්න බැරි ඉතා සීමිත වෘත්තීන් අතරින් වෛද්‍ය වෘත්තිය ඉදිරියෙන්ම තියෙනවා. හැබැයි එය වෙනස් වන දිනය වැඩි ඈතක වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එය වෙනස් වන දිනය වැඩි ඈතක වෙන්න බෑ ++++++++

      Delete
  12. ලංකාවේ වෛද්‍යවරු කොතරම් ආත්මාර්ථය පදනම්ව සිය වෘත්තියේ නියැලෙන්නන් ද යන වග බටහිර රටකට ගිය විට දැනේ....බටහිර රටක වසර කිහිපයක අද්දැකීම් ඇති මට මෙරට වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම හා වෘත්තීය වගකීම් පිළිබඳ ඇත්තේ බලවත් කණගාටුවකි...මෙරට දුගී දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා සිය වෘත්තිය අරඹන මෙම පිරිස වෙනම සමාජ පන්තියක ස්ථානගත වෙයි....මේ පිරිසේ ප්‍රමුඛ ඉලක්කය රජයේ රෝහල් නොව පුද්ගලික රෝහල්ය....ඇතැම්විට රජයේ රෝහලට පැමිණෙන්නේ තම "නම හදාගන්නා තුරු" පමණි....එතැන් සිට පුද්ගලික රෝහල් කඩවල රැයක් දවාලක් නොමැතිව ව්‍යාපාරය කරගෙන යන විශේෂඥයෝ බවට පත්වෙති...ඇතැම් වෛද්‍යවරුන්ට රෝගියාගේ මූණ බලා කතා කරන්නට වෙලාවක් නැත...මන්ද දවසේ වැඩිම ආදායම වෙනුවෙන් වැඩියෙන් රෝගීන් බැලීමේ තරඟයකි...මම විදෙස්ගතව සිටිය දී පුද්ගලික වෛද්‍ය ආයතන කිහිපයකින් ප්‍රතිකාර ලැබුවෙමි...බොහෝකොට කාමරයේ දොර හරින්නේ ද වෛද්‍යවරයාම වන අතර ඔහු සිය අසුනෙහි හිඳගන්නේ රෝගියා හිඳගත් පසුව ය....එතැන් සිට රෝගියා "ඉක්මනට එලවා ගැනීමට නොව" හැකි තරම් ඇහුම්කම් දීමට,රෝග නිරීක්ෂණයට ප්‍රමුඛතාව දෙති....වෘර්තිමය මමංකාරය රෝගියා හමුවේ ප්‍රදර්ශනය නොකරන ඒ වෙදැඳුරන් ඉතා සරල හා මිත්‍රශීලී වෘත්තිකයකුගේ පෞරුෂය ප්‍රකට කරයි...අපේ වෛද්‍ය වෘත්තිය යනු "මමංකාරයෙන් පිරුන" වෙනස්ම වූ පන්තිමය සවරූපයක් ආරූඪ කරගත්තකි....පොලවේ පයගසා ඇවිදින වෛද්‍යවරුන් සෙවීම පහසු නැත....විශේෂඥ වද්‍යවරු වෙලාවට පැමිනෙන්නේ ඉතා කලාතුරකිනි...අවම වශයෙන් "පැයක්" පමා වීම සිරිතකි....ඒ පිළිබඳ ඔවුනට පශ්චාත්තාපයක් නැත....රෝගීන් "ණයට ප්‍රතිකාර ගන්නන්" සේ වෛද්‍යවරයාගේ අධිකාරයට යටත් විය යුතුය....ප්‍රශ්න කළ නොහැකිය.රජයේ රෝහලක රස්තියාදු වීමට බැරී රෝගීහු ඒ "පුද්ගලික රෝහල්වල කට්ට" සැප යයි කල්පානා කරති...රෝගියාට අයිතිවාසිකම් නැත.එහෙත් බටහිර රටක වෛද්‍යවරයා ඉතා වගකීම් සහගත පුද්ගලයෙකි...එක් පසෙකින් දියුණු නෛතික රාමුවකට සිය වෘත්තිය බැඳී පවතින අතර වෘත්තීය ආචාරධර්ම ඉතා ඉහළ මට්ටමක පවතී....බෝධිසත්වයන් සදිසි වෙදැඳුරන් සිටි අපේ රට දොස්තර මුදලාලිලාගෙන් පිරී යන විට බටහිර ලෝකය තව තවත් වෘත්තීය ආචාරධර්ම වැඩිදියුණු කර ගනිති...නයිටින්ගේල් ප්‍රතිඥාව දී පැමිණෙන හෙදියන් කතාකරන රෝගීන්ගේ ලෙඩ වැඩි කරන "භාෂාව" පිළිබඳ ද අමුතුවෙන් කිවයුතු නැත....ආචාරධර්ම,වගකීම් හා ආකල්ප විකල්ව ගිය සෞඛ්‍ය සේවයේ තත්වය මෙයයි...මෝටර් රථ අවසරපත පිළිබඳ ප්‍රලය වී දොඩන වෛද්‍යවරු කිසිදු ජාතික වැදගත්කමක් ඇති ඉසව්වක් වෙනුවෙන් අදහස් පලකරන්නේ නැත...මෝටර් රථයක් ගැනීම(දැනටමත් මෝටර් රථ තිබෙන)එතරම් දුෂ්කර ඉලක්කයක් නොවන වෛද්‍ය වෘත්තිකයන් ඒ වෙනුවෙන් වෘත්තීය සටන් වල නිරතවීම විහිළුවකි.(මේ සටහන සියලුම වෛද්‍යවරුන් පිළිබඳ නොවේ.තවමත් ඉඳහිට උසස් මිනිස්කම් සහිත ජීවකයන් අප අතර සිටී)

    රවී සිරිවර්ධන

    ReplyDelete
  13. සම-සෞක්‍ය උපාධි සම්බන්ධයෙන් GMOA පසුගිය කාලයේ හැසිරීම/////////////// ඉතා පහත්

    ReplyDelete
  14. ඔබතුමාගේ බුද්ධි මට්ටමේ වුර්තිකයින් හිටියානම් දේශපාලනයට මේ තරම් සෘජුව වුර්තීන්ට, ආයතන වලට බලය පතුරුවන්න බැරි වෙන්න තිබුන. උසස් මට්ටමෙන් විභාග සමත් වෙලා ලෝකයේ ඉහලයි සම්මත වුර්තීයන්වල නියැලෙන ලංකාවේ විර්තිකයින් පහ වසර සමත් ඇමතිට කඩේ යනව දැක්කාම ඇතිවෙන කලකිරීම වචනෙන් කියන්න බැහැ. වර්තමානය් වෙද්දී ඔය කොයි වුර්තීය සමිතියත් ඉටුකරන්නේ කාගේ හෝ දේශපාලන අභ්මතාර්ථ පමණක් වෙලා. කිසිම වුර්තීය සමිතියකින් ඒ සේවාව ලබන මහජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් ඉදිරිපත් වුනා කියල මෑත කාලීනව අපිට අහන්න ලැබිල නැහැ. දකින්න ලැබෙන එකම දේ නම් පුද්ගලික කුහකත්වය එළිපිට ප්‍රකාශ කිරීමයි. තමුන්ගේ පුද්ගලික සුඛවිහරණය සඳහා සහ දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක්ම හැමදෙනාම ඉල්ලීම් ඉල්ලමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පහ වසර සමත් ඇමතිට කඩේ යනව දැක්කාම වමනේ යනවා

      Delete
  15. මොන ජාතියකින් හරි තවත් වෘත්තීය සමිතියක් වෛද්‍ය සේවය වෙනුවෙන් ඇතිකලොත් සෑහෙන වෙනසක් සිදුවෙනවා.

    ReplyDelete
  16. //විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන්

    විශ්ව විද්‍යාල ඇතුලේ වෛද්‍ය සංගමයට බලයක් තියෙනව කියල ඇහුවමයි. කුහකත්වයෙන් ලියනකොට නොදැනීම බොරු කියවෙනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook