Wednesday, February 17, 2016

කිශානි ජයසිංහ ට ගඩොල් බාගෙකින් ගැසීම




මාධ්‍යවේදියෙක් යනු ආචාර ධර්ම සමග වැඩ කළයුතු උගත්, දැනුවත්, කුසලතා හා හර පද්ධතියක් තිබිය යුතු  පුද්ගලයෙකි. දෙරණ රූපවාහිනී නිවේදකයෙක්  වූ සංඛ අමරජිත් නම් පුද්ගලයාට මේ එකක්වත් තිබෙන බව පෙනෙන්නට නැත​. නිදහස් දින සංස්කෘතික සංදර්ශනයේදි කිශානි ජයසිංහ නම් ගායිකාව "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා" ගීතය ගායනා කිරීම   මහ රෑ ඇහෙන බළල් මොරගෑමකට සම කරන මේ පුද්ගලයා  ඇයට ගඩොල් බාගෙකින් ගැසීමට යෝජනා කරයි. ලිංගික පීඩනය ලිංගික කුහකකම සහ සංස්කෘතික පසුගාමීත්වයෙන් පෙලෙන මෙම පුද්ගලයාගේ යෝජනාව මහත් සහාසික එකකි. එහි කාන්තා හිංසනය මෙන්ම සත්ව හිංසනයද සාමාන්‍යකරණය කරයි. ඇල් සුබ්‍රමනියම්, ශාම් සෙල්වදොරේ වැනි පුද්ගලයන්ට ගඩොල් භාග ගසා පන්නා ගත් මිනිසුන් සිටින රටක කිශානි ජයසිංහ ට ගඩොල් බාගෙකින් ගැසීමට යෝජනා කිරීම එක අතක​ට පුදුමයක කරුණක් නොවේ. 


30 comments:

  1. ඔහු සපයන්නේ ඉල්ලුමක් ඇති දෙයකි. මේ ඉල්ලුම පවතින තුරු තවත් සංඛලා බිහිවීම වැළැක්විය නොහැකිය. සැපයුම බලහත්කාරයෙන් නැවැත්විය හැකි වුවත් ඉල්ලුම බලහත්කාරයෙන් නැති කිරීමටද නොහැකිය.

    ReplyDelete
    Replies
    1. මේ ඉල්ලුම කලාව ප්‍රවර්ධනය සඳහා නොවේ

      Delete
  2. සංඛ අමරජිත් වැනි පසුගාමී ගෝත්‍රිකයෙකුගේ ප්‍රකාශය හෙලා දැකීම සඳහා ලංකාවේ මිනිසුන් මිලියන ගණනක් ගත් උත්සාහය ගැනත් සතුටු වියයුතුය.

    ReplyDelete
    Replies
    1. ඔව්. මිනිස්සු හැමෝම ඉන්නේ එකතැන නෙමෙයි.

      Delete
    2. විශිෂඨයෙකු හෙලා දැකීමෙන් ඔහුටද විශිෂඨයෙකු විය නොහැකියි

      Delete
  3. මුලින්ම කියන්න ඕනේ සංක කරපු වැඩේ වැරදි වගෙමේ දෙරණ ඔහුව බිල්ලට දීමත් වැරදියි මොකද මේ සිදුවීමට දෙරණ සම්බන්ධ නිසා,
    අනෙක් වැදගත්ම කරුණ නම් මේ ගීය ගායනය මට හිතෙනවා අවදානය වෙනස් කිරීමට සන්විදායකයන් කල දෙයක්, කිශානි මේ සිදුවීමේදී බිල්ලට දීමයි සිදුකරලා තියෙන්නේ, ඇය ඇත්තටම දක්ෂ ශිල්පිනියක් මෙවැනි ගීතයක් ශ්‍රී ලංකාවටම නිදහස් දිනයේ බලෙන් ඇසීමට සැලැස්වීමෙන් සිදුවෙන්නේ ජාතික ගිය දෙමලෙන් ගායනා කිරීමේ නිසා ඇතිවන පීඩනය අවම කිසිමයි.
    මටනම් හිටින්නේ මේ ආණ්ඩුවත් ගේම් ගැසීමෙන් ජනතාව අන්දවන්න තමයි යන්නේ, මහින්දගේ කාලේ මර්වින් සිල්වා කලෙත් මේවා තමයි

    ReplyDelete
    Replies
    1. "...මටනම් හිටින්නේ මේ ආණ්ඩුවත් ගේම් ගැසීමෙන් ජනතාව අන්දවන්න තමයි යන්නේ, මහින්දගේ කාලේ මර්වින් සිල්වා කලෙත් මේවා තමයි ..."++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. උපහාසය වගෙ දේවල් අපේ පසුගාමී සමාජයට ගැලපෙන්නෙ නෑ. ඇමරිකාවෙ යුරෝපයෙ වාගෙ නම් මාධ්‍යවේදියෙකුගෙ කතාවකට පාලකයො ඔහොම කිපෙන්නෙ නෑ.

      Delete
    3. දෙමෙලෙන් ජාතික ගීය කීමේ කිසි වරදක් නෑ. සමාජයේ බහුතරය ඒකට විරුද්ධත් නෑ. නමුත් ඒකට ලොකු විරෝධයක් තියනව කියල උපකල්පනය කල ආන්ඩුව අවධානය වෙනස් කරන්න කියල කරපු තකතිරු වැඩෙන් අනවශ්‍ය ගැටළුවක් ඇතිවුනා.

      Delete
  4. ගඩොල් බාග කතාව නොකියා මේ ගීත ගායනය විවේචනය කලානම් වඩාත් හොඳයි. ඔහුව සේවයෙන් ඉවත් කරන්නට තරඟ බලවත් වරදක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර සීරියස් එකක් නෙමෙයි. ඔහොම කතා මාධ්‍යවේදීන් කියනව මම අහල තියනව. කිශාලිගෙ පන්තිය ගැන ප්‍රශ්නයක් මතුවුනේ.
      සංඛ කිශාලිගෙ ගායනය බැළලියකගේ හඩක් ලෙස උපහාසාත්මකව කිව්ව. උපහාසය අපහාසය වෙන් කරගන්න දේශපාලකයො දක්ෂ විය යුතුයි. දියුණු රටවල දේශපාලකයනුත් සරදමට ලක් වෙනව. මෙහෙ එහෙම වුනොත් මොකකින් මොකක් වෙයිද දන්නෙ නෑ

      Delete
  5. පුරවැසි මාධ්ය කරුවෙකු හැටියට ඔබගේ මෙම ආකල්පය පිලිඹදව කණගාටුයි!

    ReplyDelete
    Replies
    1. කරුණාකර තව ටිකක් පැහැදිලි කර දෙන්න.

      Delete
  6. මේ මෝඩ රැල සංකට විතරක් බැන බැන ඉන්නේ හරියට මේ වැඩසටහන් නිෂ්පාදක, අද්‍යක්ෂ, ශබ්ද පරිපාලක, කැමරා ශිල්පී, විකාෂනාගාරවල නිලධාරීන් සහ දෙරන ලොකු පුටුවල ඉන්නේ සංක කියල හිතාගෙන වෙන්නැති. මතක තියාගන්න, සංක නිවේදක විතරයි. ඔහුට දෙරනෙන් කියන දේ විතරයි කියන්න පුලුවන්. සංක මේ කතාව ඔහුගේ උවමනාවෙන්ම කිව්වානම් බාගෙට කියාගෙන එනකොට (මොනවද ඕයි ඔය කියවන්නේ) කියල අහන්න නිෂ්පාදකට බලය, හැකියාව තියෙනව. එතකොට සංක ද? දෙරන ද වැරදි??

    ReplyDelete
  7. BBC Sinhala

    සංඛ, රනිල් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    'අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු එයට පාදක වූ ප්‍රකාශය කළ මාධ්‍යවේදී සංඛ අමරජිත් වැඩ තහනමට ලක් වීම සැකයට තුඩු දෙන්නක් වන අතර එය සුලු කොට තැකිය හැකි දෙයක් නොවේ'
    නිදහස් දිනය වෙනුවෙන් පැවති සංස්කෘතික උළෙලේදී ඔපෙරා තාලයට 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයූ ගායිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේ 'නිවේදකයකු' විසින් බැළලියක ලෙස හඳුන්වනු ලැබීම හෙලා දකිමින් අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
    එක් ආයතනයක් ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විද්‍යුත් මාධ්‍ය ආයතන බිය ගන්වන සුළු ප්‍රකාශයක් සිදු කොට ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    ''අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු එයට පාදක වූ ප්‍රකාශය කළ මාධ්‍යවේදී සංඛ අමරජිත් වැඩ තහනමට ලක් වීම සැකයට තුඩු දෙන්නක් වන අතර එය සුලු කොට තැකිය හැකි දෙයක් නොවේ''
    ඉහත කී රූපවාහිනී නාලිකාවේ නිවේදකයකු විසින් කළ එම ප්‍රකාශය තම සංවිධානය අනුමත නොකරන නමුත් ජනමාධ්‍යය ප්‍රමිතීන් ඉහළ තලයකට ගෙන ඒම සඳහා මැදිහත් විය යුත්තේ අගමැතිවරයා නොව මාධ්‍යය ප්‍රජාව බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියේය.
    'කළ යුත්තේ එක් සිදුවීමක් හෝ එක් නාලිකාවක් හෝ එක් පුවත්පතක් හෝ ඉලක්ක කොට ගෙන බැන වැදීම හෝ තර්ජනය කිරීම නොව මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡා කොට එය විසඳා ගැනීමට කටයුතු කිරීම' නිවේදනයේ සඳහන්.
    ස්වයං වාරණයක්
    කාන්තාවන්ට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් කළ රූපවාහිනී ආයතනයට බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන බවට කළ අනතුරු හැඟවීම මාධ්‍යය ආයතනවලට ස්වයං වාරණයක් කර ගැනීමට කළ බලපෑමක් ලෙස සැලකිය හැකි බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවසීය.
    ''එවැනි සිදුවීම්වලින් වන්නේ පසුගිය පාලන කාලයේ 'ජාතික ආරක්‍ෂාව, ත‍්‍රස්තවාදය' මුවාවෙන් දැඩි මාධ්‍ය මර්දනයක් දියත් කළා සේ, නව රජයත් 'අයිතිවාසිකම්වලට' මුවා වී විරුද්ධ මත දරන මාධ්‍ය මර්දනය කරන්නට උත්සාහ ගන්නා බවට චෝදනාවන්ට ලක් වීමයි''
    'සීමිත මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා ලබා දීම සිදු වී ඇත්තේ කිසිඳු ප්‍රමිතියකින්, විනිවිදභාවයකින් තොරව බලයේ සිටි දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත බව සත්‍යයක් වන බවත්' නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනයේ සඳහන් කොට ඇත.
    විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් මාධ්‍ය ප්‍රජාව අතුරින් බිහි නොවීම අඩුපාඩුවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
    'මෙම ගැටලු විසඳා ගැනීම හා මාධ්‍ය නිදහසට බාධාකාරී අණ පනත් ඉවත් කර ගැනීම ආදී කරුණු වෙනුවෙන් කටයුතු කිරීමට ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ඉල්ලා ඇති අතර එසේ කරන බවට පොරොන්දුවක් දී ඇති බවත්' එම නිවේදනයේ දැක්වෙයි.

    ReplyDelete
  8. මෙතැන රුවන් කාන්තාවන්ට එරෙහි සාහසිකත්වය හා සතුන් ට හිංසා කිරීම සාමාන්‍ය කරණය කිරීමට අමතරව තවත් නියම ගොන් පාර්ට් එකක් තියනවා. එනම් මොනවාද තමන් කියන්නේ යන්න, තමන්ටම නොතේරෙන එක. එය නම් අපේ අධ්‍යාපනයේ ද වරදක්. හිකි හිකි ගගා "උතුම් වූ බොදු" ගීයක් ආරක්ෂා කරන්න, මනුෂ්‍යයෙකුට, ගඩොල් බාග වලින් ගහමු යයි යෝජනා කිරීමේ පරස්පර කම ඒ මහතාට තේරෙන්නෙත් නැහැ, බෙලි කපා හෝ බුද්ධාගම "ආරක්ෂා" කරමු කියන ඥාන-අසාර අනික් මිනිසුන්ට තේරෙන්නේ ත් නැහැ. ඒවාට හුරේ දමන කට්ටියට තේරෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩෝ බුද්ධාගමට අපහාස කරන්න එපා ඩෝ, අඟල් හයක් බස්සනවා, හාඩ් එකටම!

      Delete
  9. මේ යකා පිස්සෙක්.
    "දන්නෝ බුදුන්ගේ" බුදු ගුණ ගීයක් නොවෙයි. එය නාට්‍ය ගීයක් මෙන්ම පුරවර වර්ණනා ගීයක්.
    දිමිත්‍රි කිව්වා වගේ, මේ කට්ටියට අනුව නම් "බුදු තාත්තේ බොන්න එපා" පිය ගුණ ගීයක් වෙන්න ඕනේ.

    ReplyDelete
  10. මේ කතිකාව නිසා මගෙ අදහස් තවත් ඉහළ තලයකට ආවා. ඒ ගැන ස්තූතියි...

    ReplyDelete
  11. කලාකාරියක් ලෙස කිශානිට අපේ රටේ ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන්නට හැකි වූවාද යන ප්‍රශ්නය මට නැගේ. ඇය දක්ෂයි ඒ පිළිබඳව කතා දෙකක් නැහැ. නමුත් දන්නෝ බුදුන්ගේ ගීතයේදී ඇය අසමත් වූවා යන්න මගේ හැඟීමයි. නමුත් අපහාස කිරීම් නම් තරයේම හෙළා දකිමි. ඔපෙරා නිර්මාණ හරහා ඇය මිනිසුන් අතරට පැමිණෙන දිනය බලා හිඳිමි.

    ReplyDelete
    Replies
    1. අපහාස කිරීම් නම් තරයේම හෙළා දකිමි. +++++

      Delete
  12. මෙතනදී සංඛ ගායිකාවට ගල් ගහන්න කීවෙ නෑ. එයා කිව්වේ ඔහොම සිංදු කිව්වොත් ගල් වදියි කියලා. ඔහුගේ ප්‍රකාශයේ එකම වරද ඒ සිංදුව බොදු බැති ගීයක් ලෙස හැඳින්වීම විතරයි. එයින් අපහාසයක් වුනා නම්ි ඇයට හෝ ප්‍රසංග සංවිධායකයන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකියි.
    මෙතනදී රනිල්ගේ හැසිරීම ඊටවඩා අන්තයි ඔහු හැසිරුනේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ක්‍රමයට.

    ReplyDelete
  13. බෙලි කපා හෝ බුද්ධාගම "ආරක්ෂා" කරමු //////// well said

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook